Monday, May 08, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 8


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


8.
ඊළග සදුදා මෙඩිකල් එකකුත් අරගෙන ඉස්කෝලෙට ගියා.

විදුහල්පතිතුමා ලගට ගිහිල්ලා පන්තියට යනකොට නවයට විතර ඇති.

මම පන්තියට ඇතුල් වෙනකොටම වෙනුර දොර හරස් කළා.

පොඩ්ඩක් හිටපං”

ඊට පස්සේ ඌ කොහෙන්ද මන් දන්නේ නැහැ බුලත් කොලයක් අරන් මගේ ඉස්සරහ දන ගැහුවා.

වඩින්න දෙවියනි, ඔබ නම් අති ශ්‍රේෂ්ඨයි“

අනිත් එවුන් බඩ අල්ලගෙන හිනා වෙනවා.

උඹට මඤ්ඤංද?”

නෑ දෙවියනි. මා මඤඤං වී නැත. අති සුන්දර බාලිකාවියන් දෙදෙනෙකුගේ ආදරය ලැබීයෙන් පසුවත් ඒ සියල්ල අලුයම ලූ කෙළ පිඩක් මෙන් ඉවත ලා ඉගෙන ගැනීමට ගත් තීරණය නිසා ඔබ ශ්රේෂ්ඨයි.”

සචියා මේ ටිකට ගින්දර දීල වගේ

දෙවියනි, ඔබ ගේ මේ ශ්රේෂ්ඨ ක්‍රියාව මේ ............ කොලෙජ් එකේ රන් අකුරින් ලියවෙනු ඇත”

යකෝ බුල් නැතුව යන්න දීපං”

දෙවියනි තව එකම ප්‍රශ්ණයක් ඉතිරි වී ඇත. ඔබ මේ තීරණය ගත්තේ ඔබ අවුරුදු ගණනක් පෙරීමෙන් පසුවත් කෙල්ලෙක් අල්ලාගත නොහැකි වූ අප වැනි නර පණුවන්ට පෙන්වීමටද නැතහොත් ඔබ ‘ගේ’ නිසාද”

මටත් හිනාව නවත්ත ගන්න බැරි වුනා. වෙනුර තමයි අපේ පන්තිවල හිටපු හොඳම නළුවා. ඉස්කෝලෙ මොනම නාට්‍යයක් තිබ්බත් ඌ තමයි ප්‍රධාන නළුවා. ඌ ඒක ඕනෙම තැනකදි ලස්සනට ප්‍රයෝජනයට ගන්නවා

පන්තියේ උන් තාම බඩ අල්ලගෙන හිනාවෙනවා. වෙනුර තාම දණ ගහගෙන

එකපාරටම පන්තියේ කොරිඩෝ එකට තියෙන ජනේලය ලගින් සද්දයක් ආවා.

කව්ද යකෝ හූ තියන්නේ, අනිත් පන්තිවල උන් ඉගෙනගන්නව කියල දන්නේ නැද්ද?”

අපේ ඉස්කෝලෙ උසස් පෙළ කරන සර්.

මම හිටපු තැනම ගල් වුනා. චතුර බිම මොනවදෝ හොයනවා වගේ ඉන්නවා.

තෝ මොකද නැගිටලා යකෝ, පන්තියේ කව්රුත් නැත්නම් ඉඳගෙන ඉන්න දන්නේ නැද්ද?”

කවදාවත් වචන නැති නොවෙන මගේ කටට වචන ආවෙ නැහැ.

තෝ මොකද දනගහගෙන, මුගේ අරක හොයනවද?”

මීයට පිම්බා වගේ තිබුණ පන්තියම එක පාරටම හයියෙන් හිනා වෙන්න ගත්තා. එහා පන්තියේ එවුනුත් එළියට ඇවිල්ලා. මට නිකං ඔක්කොම ඉස්සරහ කලිසම ගැලෙව්වා වගේ දැනුනා.

නවත්ත ගනින් සද්දේ, තොපේ කන පලනවා තව වචනයක් හරි කිව්වොත්. කාවින්ද, චතුර වරෙන් මාත් එක්ක යන්න.”
ඇයි සර් අරක හොයල දෙන්නද?”

වෙනුරගේ කට තමා කට

චටාස්

මම දැක්කේ වෙනුර නිකං කපා දාපු ගහක් වගේ වැනෙනවා. තත්පරයක් ඇතුලත ඌ බිම.

වරෙව් යන්න”

සර් අපි දෙන්නව ඇදගෙන ගියා එළීයට

පන්තියේ අනිත් එවුන් හොල්මන් වෙලා වගේ ඉන්නවා මම දැක්කා.

අපි දෙන්නා බලු පැටව් දෙන්නා වගේ සර්ගේ පස්සෙන් ගියා. වෙනුර තාම කම්මුල අතගානවා.

උඹට රිදුනද?”

නෑ ෆුල් ආතල්, පුදුම සනීපයක් තියෙන්නේ”

මට හිනා ගියා

කාවින්ද තමුසෙට මෙච්චර දෙයක් කියලත් සද්ද නැතුව ඉන්න බැහැ නේද?”

සර් ඇහුවා

මම කට තදකරගත්තා.

සර් කෙළින්ම අපි දෙන්නව එක්කරගෙන ගියේ ස්ටාෆ් රූම් එකට. සර්ගේ මේසේ ඉස්සරහ අපිට හිටගන්න කිව්වා.

මම වටපිට බැලුවා. හොඳ වෙලාවට වෙන ගුරුවරු පේන්න නැහැ. නැත්නම් නෝන්ඩිය ඩබල්.

සර් ඉඳගෙන මොනවදෝ ෆයිල් වගයක් පෙරළනවා. අපි ඉන්නවද කියලවත් ගාණක් නැහැ.

වෙනුර හෙමීට ඇහෙන් මට සර්ගේ මේසේ එක කොනක් පෙන්නුවා. සිගරට් එකක් තියෙනවා මේසෙ උඩ.

මම හෙමීට ඒ පැත්තට ළං වුනා. සර්ගේ මේසෙ උඩ තිබුණ රූල සර්ට නොපෙනෙන්න ගත්තා.

සර් මෙලෝ සිහියක් නැතුව ෆයිල් එක පෙරලනවා.

මම රූලෙන් හෙමිහිට තල්ලු කරලා අර සිගරට් එක මගේ පැත්තට ගත්තා. ඒක බිම දානවත් එක්කම චතුර නැමිලා අහුල ගත්තා.

දාගනින් යකෝ කලිසම් සාක්කුවට.”

ඌ ඉක්මනට වැඩේ කළා”

මට හිතෙන විදිහට අපි විනාඩි දහයක් විතර ඉන්න ඇති. පීරියඩ් එකකුත් ඉවර වුනා. ඔය අත‍රේ අපේ මලල ක්‍රීඩා භාර සර් ආවා ස්ටාෆ් රූම් එකට

මොකද ඔතන, ඇයි?”

සර් මට කතා කළා

මම හෙමිහිට ඒ පැත්තට හැරුණා.

සර්, රුවන් සර් කතා තරනවා”

යනවා, සර් ෆයිල් එකෙන් ඔලුව නොඋස්සාම කිව්වා”

මම චතුරවත් ඇදගෙන රුවන් සර් ළගට ගියා

ඇයි මොකද මෙහේ?”

අර ඉස්කෝලෙ ආවෙ නැතුවට ලියාගෙන ආපු ලියුම කව්රුත් අනුමත කරලා නැහැ. විදුහල්පතිතුමා කිව්වා සර්ට කියල සීල් කරගන්න කියල”

මම ඇහෙන නෑහෙන ගානට කිව්වා.

තමුසේ”

රුවන් සර් චතුරගෙන් ඇහුවා

මාත් එමමයි” ඌ කිව්වා.

සර් වැඩනම් මම මේ වැඩේ බලන්නද?”

රුවන් සර් සිංහල සර්ගෙන් ඇහුවා

හරි හරි ඕකුන් දෙන්නා මොනව කරයි ද දන්නෑග පරිස්සමින්, ගල් ආ‍‍ඳෝ දෙන්නෙක්”

දෙයියෝ දුන්නා වගේ. රුවන් සර් අපේ ඇත්ලටික් සර් නිසා අපිත් එක්ක බුදු ෆිට්. වැඩේ ගො‍ඩ. අපි දෙන්නවත් අරගෙන අනිත් පැත්තේ තිබුණ එයාගේ මේසෙට ගියා.

කෝ ලියුම් දෙක?”

සර්, ඒක පන්තියේ”

එහෙනම් යකෝ ආවේ මගුලටද, දුවපං, ඉක්මණට අරගෙන වරෙන්”

මම චතුරගේ මූණ බැලුවා

වරෙන් යකෝ, කකුල් දෙකට පින් දීල දුවපං”

චතුරයා කිව්වා

අපි දෙන්නා කෙළින්ම ගිහිල්ලා නැවතුනේ පන්තියේ.

මොකද යකෝ හති දාන්නේ සර් කාරයා උඹලව පන්නනවද ගහන්න?”

නෑ බං ඌට මඤඤංද කොහෙදෝ, අපි දෙන්නා පැන ගත්තා”

මොකද වුනේ?”

මොකුත් නෑ බං, ඌ අපිව ස්ටාෆ් රූම් එක්කගෙන ගිහිල්ලා හිටගෙන ඉන්න කියල උගේ වැඩ පටන් ගත්තා, අපි දෙන්නා රුවන් සර්ට පින්සිද්ද වෙන්න පැන ගත්තා”

අපි දෙන්නටම හිනා වුන දේ ගැන.

වැඩි වෙලාවක් ගියේ නැහැ සිංහල සර් ආවා අපේ පන්තියට.

තොපි දෙන්නගෙන් කව්ද මගේ මේසේ උඩ තිබුණ දේවල් හොරකං කළේ?”

සර් කෙළින්ම අපි දෙන්නගෙන් ඇහුවා

මොනවද සර්?”

මම කිසිම දෙයක් දන්නෑ වගේ ඇහුවා

මොනවද වරෙන්කෝ කියල දෙන්න.

සර් චතුරව අල්ල ගත්තා. මගේ ඇඟම බයෙන් ගැහෙනවා. දැන් සර් සාක්කු බැලුවොත් නම් අපි දෙන්නට සෑහෙන දඩුවමක් හම්බවෙනවා.

මූත් කිසි ගානක් නෑ වගේ සර් ළගට ගියා. පන්තියේ අනිත් එවුන් ආයෙත් උඩ බිම බලනවා.

යකෝ අරක විසි කරපන්”

මම ඇහෙන නෑහෙන ගානට කිව්වා.

සාක්කු එළියට දාපං දෙන්නම”

මම සාක්කු දෙක දැම්මා එළියට. චතුර ටිකක් අදිමදි කළා. මගේ ඇට දාඩියත් දාලා.

ඌ එකපාරටම සාක්කු දෙක එළියට ඇද්දා

සාක්කු දෙකම හිස්. මම හෙමිහිට උඩ සාක්කුව බැලුවා. ඒකත් හිස්. ගලවපං සපත්තු මේස්.

අපි ඒවත් ගැලෙව්වා. ම්හ්..... මොකුත් නැහැ. අනිත් එවුනුත් පෙන්නපං සාක්කු.

පන්තියේ අනිත් උන් හොල්මන් වෙලා. එක එකා සාක්කු එළීයට අදින්න පටන් ගත්තා. මොකුත් නැහැ

ඩෙස්ක් වල ලාච්චු බිමට හරවපං.

අපි ඒකත් කළා. ඒත් මොනවත් නැහැ.

අදට බේරුණා කියල හිතා ගනින්”

සර් යන්න ගියා.

මොකද යකෝ වුනේ?”

නෑ බං අපි දෙන්නා උගේ මේසෙ උඩ තිබුණ සිගරට් ඉස්සුවා”

යකෝ තොපිනම් අපිත් ගස් යන වැඩ කරන්නේ” අමිල කියනවා

ඒක නෙවෙයි බං කෝ  බඩු?”

මම ඇහුවා

බඩු තිබේ.” ඌ හෙමිහිට පන්තියේ ගුරු මේසෙ ලාච්චුව ඇරියා

මූ මේ ටිකට අර සිගරට් දෙක මේක ඇතුලට දාලා.

මේ සිදුවීම්වලින් පස්සේ සාමාන්ය විදිහට ගෙවුණ පළමු දවස තමයි එදා. පන්තියේ උන්ගේ පිස්සු නිසා මට ප්‍රශ්ණ ටික අමතක කරලා ඉන්න පුළුවන් වුනා.කොහොම වුනත් සචිත්රයි චතුරයි පන්තියේ හිටපු හැමෝටම මගේ ආදර කතාව කියලා තිබුණා. ඒ හැබැයි තරහකටනම් නෙවෙයි. ඒ අපේ හැමොගෙම හැටි. අපි අතර රහස් නැහැ.

ඔය විදිහට දවස් කීපයක්ම ගතවෙලා ගියා. සිකුරාදා හවස් වෙනකොට සචිත්ර මට කතා කළා.

“මොකද හෙට ක්ලාස් එනවද?”

නෑ බං, මම ක්ලාස් යන එක නවත්තන්න හිතුවා.”

යකෝ එතකොට?”

මම ටික දවසක් ක්ලාස් නොයා ඉන්නවා බං, කොහොමත් ඇන ගන්න එකේ ක්ලාස් ගියා කියල ලොකු වෙනසක් වෙන්නේ නැහැ.”

පිස්සු නැතුව වරෙන්. කෙල්ලෙක් නිසා ජිවිතේම අවුල් කරගන්න එපා බං. ඕව මොනවද නගුට පිටින් අලි මැරෙනකොට”

මූට හැම එකක්ම පිස්සු විකාරයක්. මමනේ දන්නේ මම හිතෙන් මොන තරම් අමාරුවෙන්ද මේ දේවල් අමතක කරල ඉන්නේ කියල.

නෑ බං, දැන් ක්ලාස් ගියොත් දිනි හම්බවෙනවා. ඊට පස්සේ ඒකිට කතා කරන්න වෙනවා. ඊට පස්සේ ඉතින් උඹ දන්නවනේ.”

මමනම් දන්නේ නැහැ, උඹට ඕනෙ දෙයක්”

මම ඒ සතියේ ක්ලාස් ගියේ නැහැ. මම හිතන්නේ අවුරුදු ගාණකින් තමයි මම සෙනසුරාදා දවසක දිනිව හිතලම නොදැක හිටියේ. අනිත් හැම දාකම මම ක්ලාස් ගියොත් දිනි මම එනකම්ම ඉන්නවා. එයාගේ ක්ලාස් එක පරක්කු වෙනවා නම් මම ඉඳල කතා කරලම තමා යන්නේ. ඒත් එදා මම හිතලම එයාව මගහැරියා.

මම ඒත් ක්ලාස් ඉවර වෙන වෙලාවට ඒ ළගට ගියා. ඒ සචිත්‍ර හම්බවෙන්න. මොනව වුනත් යාළුවෝ ටික හම්බවෙලා සිගරට් එකක් ඇදලා ගියේ නැත්නම් හිතට හොඳ නැහැනේ.

මම ක්ලාස් එකට ටිකක් ඈතින් තමා හිටියේ. මොකද දිනිගෙ ක්ලාස් එකත් ඉවර වෙන්නේ අපේ ක්ලාස් ඉවර වෙන වෙලාවටම තමයි.

මම හොඳට බලාගෙන හිටියේ දිනි එළියට ආවොත් නෙපෙනෙන්න ඉන්න.

ඒත් එයා ආවෙ නැහැ. සචිත්රයි අනිත් අයයි එළියට ආවා. උන් මාව දැකලා ළගට එන්න පටන් ගත්තා. ඒත් එක්කම මගේ පිටිපස්සෙන් කෙනෙක් කතා කළා.

අයියේ”

මම උඩ ගිහිල්ලා බිම වැටුනා වගේ

එරන්දිකා

දිනිගේ හොඳම යාළුවා.

ආ එරන්දි, ඔයා මොකද මෙහේ?”

මම හිටියේ ඔයාව පොඩ්ඩක් හම්බවෙන්න”

මට පේනවා මගේ යාළුවෝ ටික ගල් ගිලලා වගේ බලාගෙන එහෙමම නැවතුනා.

ඇයි නංගි?”

තරහ වෙන්න එපා මම මෙහෙම කියනවට, ඒත් දිනි කිව්වා ඔයාව හම්බවෙලා පනිවිඩයක් කියන්න කියලා”

මොන හෙන ගෙඩියක් පාත්වෙන්න යනවද කියලා නොදැන මම මොකක්ද?” කියලා ඇහුවා.

දිනි අද ක්ලාස් ආවෙ නැහැ. ඒත් එයා කිව්වා ඔයාට ක්ලාස් යන එක නවත්තන්න එපා කියලා. එයා ආයෙත් මේ ක්ලාස් එකට එන්නේ නැහැ කිව්වා”

ඇයි ඒ?”

ඒකනම් මම දන්නේ නැහැ අයියේ”

හරි තෑන්ක්ස් නංගි”

එරන්දිකා යන්න ගියා.

ඒත් එක්කම මගේ යාළුවෝ ටික දුවගෙන ආවා. එරන්දිකාව දන්නේ සචිත්‍රයි, අමිලයි, චතුරයි විතරක් නිසා අනිත් උන් හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා.

කව්ද බං ඒ පට්ට පාර, ඒ පාර තව එකක්ද, උඹට නම් මහ බඹා මාර ලව් එකක් තියෙන්නේ බං”

පිස්සුද යකෝ ඒ මගේ යාළුවෙක්”

උඹේ කෑල්ල නෙවෙයිද?”

විකාර”

මචෝ, එහෙනම් මට සෙට් කරල දියන්කෝ, මම උඹව මැරෙනකම්ම අමතක කරන්නේ නැහැ.”

මුන් ටික වටවෙලා විකාර කියවනවා. මගේ හිත ගිනි අරගෙන.

දිනි ඇයි මේ වගේ තීරණයක් ගත්තේ. එයාට ආදරේ නොකළත් එයාව ආශ්‍රය කරන එක නවත්තන්න එපා කියපු දිනි ඇයි එකපාරටම මාව මග අරින්න හිතුවේ.

වෙනද වගේම අනිත් එවුන් එක්ක සිගරට් එකක් ගහලා ටිකකින් එකා එකා යන්න ගියා. සුපුරුදු විදිහට සචිත්‍රයි, චතුරයි ඉතුරු වුනා.
දැන් කියපං ඒ පාර මොකද කියල?”

මම දන්නෑ බං”

මොනවද අරකි කියන්නේ?”

දිනි ආයෙ ක්ලාස් එන්නෑලු. මට ඒ නිසා බය නැතුව එන්නලු”

ඒ මොකද?”

ඒක තමා සීන් එක බං, මාව නොබල ඉන්න බෑ කියපු කෙල්ල මොකද එකපාරටම මේ මාව මගහරින්නේ?”

ඒකෙන් කමක් නැහැ, උඹට ඕනෙ වුනෙත් ඒකනේ, දැන් හරිනේ?”

ඒ වුනාට මට මේ ඇයි කියලා දැනගන්න ඕනේ?”

ඔන්න ඕක තමයි තියන්නේ නානවා කියලා. උඹට ඕන ඒකිව නොදැක ඉන්නනේ. දැන් හරිනේ. ආයෙත් උඹ මේ ඇයි කියල හොයන්න ගියොත් වෙන්නේ නාන්න”

ඒ වුනාට”

යකෝ තෝ වගේ රට හරක් හදන්න බැහැ”


ඒ මොනවා වුනත් මම හිතාගත්තා ආයෙත් සැරයක් දිනිව ගිහිල්ලා බලනවා කියල......

0 comments:

Post a Comment