Wednesday, May 24, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 29


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


29.

මම එදා දිලිනිව හම්බ වෙන්න වෙලා ඉතුරු වෙලා තිබ්බ නිසා මම කොල්ලෝ සෙට් එකත් එක්කම නුවර ටවුන් එකට ගියා.

අපි ලේක් ෆ්‍රන්ට් එකට වෙලා තේකක් ඕඩර් කළා. සිගරට් ගේන්න මම පහල තියෙන කඩේකට ගියා. මම පඩිපෙල බහිනවත් එක්කම නොහිතපු විදිහට කොල්ලෝ පස් දෙනෙක් මාව වට කළා.

“උඹ චන්ඩියෙක් වෙලා කියලා ආරන්චියි. ඒත් එක්කම ඇඹලයෙකුත් වෙලා. අනුන්ගේ ගෑණුන්ට පැණි හලලා හොම්බ තලා ගන්න එපා යකෝ.”

“කව්ද යකෝ අනුන්ගේ ගෑණුන්ට පැණි හැලුවේ. අනිත් එක අයිතිකාරයෙක් ඉන්නවනම් ඌට ගෑණිව තියාගන්න බැරි එකට මම පළිද?”

“උඹේ කට වැඩී හරී.... උඹ දන්නවද අපි කව්ද කියලා?”

“උඹලා කව්රු වුනත් මට වැඩක් නෑ.. මම  බයත් නෑ. ඒක මතක තියා ගනින්.”

“අපි උඹට ආයේ කියන්නෑ, අර දිලිනි කියන කෙල්ල එක්ක තියෙන සම්බන්දේ අදම නවත්තපං. එක දවසක් හරි උඹල දෙන්න එකට ඉන්නවා දැක්කොත් අපි නරකයි කියන්න එපා.”

“මට කරන්න ඕනේ දේවල් කියන්න උඹ මගේ තාත්තද? මම කරන දේවල් නවත්තන උඹට බෑ. දැන් මට වද නොදී පලයං.”

“අපි ආවේ නිකං යන්න නෙවෙයි මෙන්න මෙහෙම කරලා යන්න”

ඒක කියනවත් එක්කම එකෙක් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා. වට පිටාවේ මිනිස්සු ඉන්න නිසා මම ටිකක් ඉවසුවා.

එතකොටම අපේ සෙට් එක දුවගෙන ආවා.

“අඩෝ මේ මේ.. කව්ද ඩෝ මේ නුවර අපේ එකෙක්ට පාට් දාන්නේ.”

අමිල ඉස්සරහින්ම.

අපේ අනිත් එවුනුත් අට දෙනෙක් විතර උන්ව වට කරගත්තා.

“දැක්කනේ අපේ කට්ටිය වැඩී. නිකං ඉල්ලං කන්නේ නැතුව යන දේවාලෙක යනවා. දන්නවනේ...”

අමිලයා උගේ අත මිට මොලවලා පෙන්නුවා.

අපේ සෙට් එකේ අට දෙනෙක් ඉන්නවා දැක්කහම උන් ටිකක් පස්සට වුනා.

මගේ කොලර් එකෙන් අල්ලගෙන හිටපු එකාව මම තල්ලු කළා.

එතකොටම අමිල ඌට කණ පුරවලා එකක් දුන්නා.

“යකෝ ගහගන්න එපා.”

මම එහෙම කිව්වත් වැඩක් වුනේ නැහැ. අපේ එවුන් කරාටේ පන්තිය පටන් අරන් තිබුණා. මොන කරාටේද තනිකරම පොල් අඩි!

ඒත් එක්කම අපේ සපෝට් එකට එතන හිටපු තව කොල්ලෝ පස් දෙනෙකුත් ගේමට බැස්ස. මම හිතන්නේ උන් අජාගේ සෙට් එක.

උන් පස් දෙනෙක් තනි මට ගහන්න ආවට අන්තිමට උන්ට වුනේ දහතුන් දෙනෙකුගෙන් ගුටිකන්න.

මේ හිතපු නැති ඇටෑක් එක නිසා උන් පණ එපා කියලා දිව්වා.

ඒත් එක්කම සචියා අජාගේ සෙට් එකේ එකෙක්ගේ බෙල්ලෙන් අල්ලගෙන.

“සචියා අතෑරපං බං. උන් ආවේ අපේ ‍ෆිට් එකට.”

“නෑ කාවා. උන්ට අපිි එන්න කිව්වේ නෑනේ. උන් මොකද මෙතන කරන්නේ?”

“හරි හරි අතෑරපං බං.”

එත් එක්කම අජා දුවගෙන ආවා.

“අඩෝ අජා. අපි ඇග්‍රිමන්ට එකකට ආවා නේද උඹගේ සෙට් එක මේ ඒරියා එකේ බහින්නේ නෑ කියලා.”

සචියා වලියටම යනවා. ඌව නවත්තන්න බෑ.

“යකෝ සචියා. පොඩ්ඩක් පැත්තකට වෙයං බං.”

“උඹ පනින්නැතුව හිටපං කාවා. උඹේ ධර්මේ නිසා තමයි ගිය සැරෙත් නෝන්ඩි වුනේ.”

යකෝ මූව නවත්තන්න බෑනේ.

“මේ සචියා කියන එක අහපංකෝ, පොඩ්ඩක් කූල් වෙයං.”.

මම සචියව අල්ල ගත්තා. ඊට පස්සේ අපි අයෙත් උඩට ආවා.

“මොකක්ද බං සචියා කරන්නේ අජාගේ සෙට් එක ආවේ මගේ උදව්වට. මේ වෙලාවේ හතුරගෙන් හරි උදව් ඕනේ වෙලාවක් යකෝ මේක.”

“එහෙම වුනා කියලා බෑ බං. උන්ට කරේ නගින්න දුන්නොත් අපි පීචං වෙනවා. දන්නවනේ අජාගේ සෙට් එකේ හැටි.”

අමිලයත් කතාව පටන් ගත්තා.

“නෑ සචියා, කාවා කියන එක හරි. මේ වෙලාවේ පානි‍ව ෂේප් එකේ තියාගෙන මේ අළුත් ගේම් කාරයෝ මොක්කුද කියලා හොයන එක තමයි වෙන්න ඕනේ.”

“කව්ද කාවා උන්?”

“මං දන්නෑ බං. දිලිනි එකක් තියෙන සම්බන්දේ නවත්තන්නලු.”

“මම උඹට කිව්වා. ඔය පටන් ගත්තා විතරයි කාවා. දැන් දිගටම ආරක්ෂක පියවර ගන්න වෙනවා.”

ඒත් එක්කම අජා මගේ ළඟට ආවා.

“සොරි අජා. දන්නැද්ද අපේ උන්.”

“නෑ අවුලක් නෑ බං. ඒක නෙවෙයි උඹට අවුලක්ද?”

අජා කොහොමත් එදා ඉඳලම අපේ සෙට් එකත් එක්ක වලි දාගත්ත එකෙක්. නුවර මේ ඒරියා එකේ කොන්ට්‍රෝල් එක ගන්න උන් සෙට් එකයි අපියි සදාකාලිකවම හැප්පුනා.

“නෑ අජා. පරණ දේවල් මොනව වුනත් තෑන්ක්ස් හෙල්ප් එකට.”

“පරණ දෙවල් අමතක කරපං බං. මොනව වුනත් තරහකාරයෙක් වුනත් දන්න කියන කොල්ලෙකුට පිට එකෙක් ඇවිත් වලි දානකොට ඒ තරහා අපි අතෑරලා දානවා.”

“ඒක හොඳයි. එහෙමවත් උඹලගේ සෙට් එක ඔය මෙලෝ රහක් නැති වලි නවත්තගත්තොත් ලොකු දෙයක්.”
“ඒක හරි කාවා. උඹට මේ වගේ උදව්වක් ආයේ ඕනේ වුනත් කියපං. අපේ උන් ඇති එතන.”

“ඕකේ අජා.”

ඒකෙන් අන්තිමට වුනේ සදාකාලික තරහකාරයෝ සහ තරඟකාරයෝ වුන අපි දෙගොල්ල එකතු වුන එක.
“කාවා. අජා මොකද කියන්නේ.”

“මොකුත් නෑ බං.... මොනව වුනත් හොඳ එකා. ආයෙ අපිත් එක්ක වලියට එන්නේ නෑ කිව්වා. උදව්වක් ඕනේ නම් කියපං කිව්වා.”

“ඒකත් එහෙනම් ජය සිරි මංගලම් කිව්වලු.”

“මොකක්ද බං.”

“නෑ වෙනදා මාසෙකට සැරයක් දාගන්න සුපුරුදු වලිය නැතුව ඉන්න පුළුවන්.”

“ඒකෙන් වැඩක් නෑ බං. හොයන්න වෙනවා මුන් කව්ද කියලා. ගිහාන්ගේ යාළුවෝද නැත්නම් සල්ලි වලට ගත්ත උන්ද කියලා.”

“මම නම් හිතන්නේ කාවා උන් අරූගේ යාළුවෝ. මොකද කුලියට ගේම දෙන උන් ඔයිට වඩා ලෑස්ති වෙලා එන්නේ.”

“මටත් හිතෙනවා. කොහොම උනත් මුන් දැන් ගුටි කාගෙන ගිහානයා ළඟට ගියාම ආතල් තියෙයි.”

“කාවා දැන් වෙලාව දෙක හමාරයි. උඹ යනවද දිලිනි එන්න කියපු එකට.”

“නැතුව. දැන් වලි දාගෙන දූවිලි පෙරාගෙන මෙහෙම යන්න බෑ. මම ඉක්මනට ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇදුමකුත් දාගෙන යනවා.”


“ඕකනේ කිව්වේ බං. උඹ හරකා වගේ හිතුන එකම කරනවා. කොච්චර කිව්වත් අඩු ගාණේ ගුටි කෑවත් උඹව නවත්තන්න බෑ. පලයං ඕනේ මලදානෙක පලයං හැබැයි පරෙස්සමෙන් පුතෝ.”

3 comments:

  1. Replies
    1. ඔන්න කියපු විදිහට අද දෙකක්ම දැම්මා

      Delete