සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය!
මේ ආදරයයි!
139.
සනුජගේ තාත්තා සමාජයේ ඉහල තැනක ඉන්න කෙනෙක් නිසා එදා රෑම
පොලිසියට අරන් ගිය අපේ හැමෝවම ගෙදර අරන් එන්න පුළුවන් වුනා. ඒත් තව දුරටත් මීගමුවේ
ඉන්න එක ආරක්ෂාකාරී නැති නිසා සනුජගේ ගෙදර හැමෝම ඒ අයගේ කොළඹ ගෙදරට ගියා.
මාවත් මීගමුව
රෝහලේ ඉඳලා කොළඹ නවලෝක එකට ගෙනාවා.
මොනව වුනත් පිහි
ඇණුම් කේස් එක නිසා පොලිසියට මාව සැකකාරයෙක් වෙලා තිබුණා. සනුජගේ තාත්තගෙ ඉහළ
සම්බන්ධ කම් නිසා මාව අත්අඩංගුවට නොගත්තත්, මගෙන් පිහි පාර කාපු මනුස්සයා ගේ තත්වය
එච්චර හොඳ නෑ කියලා පොලිසිය කියලා තිබුණා. ඒ නිසා මට විරුද්ධව පැමිණිල්ලක් පොලිස්
පොතේ ලියවිලා තිබුණා.
උදේම සනුජ ආවා
මාව බලන්න.
“උඹ බයවෙන්න එපා
කාවා. මාව බේරගන්න ගිහිල්ලනෙ උඹට ඔය සීන් එක වුනේ. මම මොනව කරලා හරි උඹව බේරගන්නවා
නඩු යන්න දෙන්නේ නැතුව.”
“අමතක කරපං...
යාළුවෙකුට අපි එහෙම තමා...”
“උඹේ අත කොහොමද
බං..”
“පේන්න නම්
අවුලක් නෑ.”
“අපේ තාත්තා
උඹලගෙ තාත්තට කතා කළා. බය වෙන්න එපා, අපේ තාත්තා ඔක්කොම බලාගනී. මොනව වුනත් උඹ දෙන
එක නම් දුන්නා යකෝ... උන්ට ගම කියලා අමතක වෙලා දුවන්න.” සනුජයා හිනා වෙලා කිව්වා.
ටික වෙලාවක්
අපි කතා කර කර ඉන්න අතරේ සනුජගේ තාත්තා ආවා.
“පුතා... කොහොමද
දැන්?”
“අමාරුවක් නෑ
අංකල්...”
“ඔයා බය වෙලාද?”
අංකල් ඇහුවා. “බය වෙන්න එපා, මේ රත්නවීර ඉන්නකං ඔයාලට කිසිම කරදරයක් වෙන්නෑ.”
“ඒ වුනාට මගේ
වැරැද්ද අංකල්. උන් එක්ක කතාවට නොයා ඉන්නයි තිබුණේ.”
“එහෙම එකක් නෑ.
උන් ඔයාටයි අර දරුවටයි කරදර කරල තියෙනවනේ. මගේ ළඟ සී.සී.ටී.වී. තියෙනවා. ඒක හොඳට පැහැදිලියි.
බය වෙන්න එපා උසාවි නොයා මේක බේරගන්න විදිහ මම දන්නවා. අනිත් එක ඔයා ඒ පිහි පාර
නැවැත්තුවේ නැත්නම් මගේ පුතා අද ජීවතුන් අතර නැති වෙන්නත් ඉඩ තිබුණා. ඔයා කරපු දේට
වැලියු එකක් දෙන්න බෑ. ඒක පුතා ගෙවල ඉවර කරන්න බැරි ණයක් වගේ. කෙනෙකුගේ ජීවිතේ
බේරන්න තවත් කෙනෙක් තමන් ගැන නොහිතා ඉදිරිපත් වෙන්නේ නෑ මේ කාලේ. ඔයා කළේ ඒ වගේ
දෙයක්.”
අංකල් කිව්වා.
“ඔව් කාවා. ඒ
පාර මට වැදුනනම් හරියටම බෙල්ලට... එහෙම වුනා නම් මම පෙට්ටියේ තමා ගෙදර යන්නේ.”
සනුජ කිව්වා.
“මචං... පිහි
පාර වැදුන එකා ට මොකද?” මම සනුජගෙන් ඇහුවත් ඒකට උත්තර දුන්නේ සනුජගේ තාත්තා.
“පුතා ඒ ගැන හිත
කලබල කරගන්න එපා. ඒකත් මම බලාගන්නම්... ඌට ලොකු අමාරුවක් නෑ. පොලිසිය තද කරලා ඔයාව
ඇතුළට ගන්න ඕනේ නිසා අමාරුවක් මවලා පෙන්වනවා.”
“ඒ වුනාට අංකල්
හොස්පිට්ල් රෙකෝඩ් එක සීරියස් වුනොත්.”
“නෑ.. එහෙම
කරන්න නම් උන්ට ඩොක්ට කෙනෙක්ව අල්ලන්න වෙනවා. මීගමුවේ ලොක්කා මගේ යාළුවෙක්. මම
එයාට කිව්වා බොරුවක් නැතුව ඒ ලෙඩාගේ ඇත්තම තත්වේ රිපෝර්ට් වලට දාන්න කියලා. ඒක
ඔයාට කොහොමත් ප්‍රශ්ණයක් කරගන්න එපා. ඔයා අපිට කරපු උදව්ව මෙහෙම හිලව් කරන්න බෑ
පුතා.”
“අනේ අංකල්...
එහෙම දෙයක් හිතේ තියා ගන්න එපා. ඔයාල මට ණය නෑ... මම කළේ යාළුවෙක් විදිහට තවත්
යාළුවෙක්ව බේරගන්න එක. ඒත එතනින් ඉවරයි. පුළුවන් නම අංකල් අපේ අම්මවයි තාත්තවයි
ටිකක් සන්සුන් කරන්න...”
“ඒ දෙන්නා දැන්
මෙහෙ එනවා. මම ඉඳලා කතා කරලා යන්නම්. දෙන්නටම අද අපේ ගෙදර නවතින්න ලෑස්ති කරලා
තියෙන්නේ... මම කතා කරන්නම්... බය වෙන්න එපා.”
සනුජගේ තාත්තා
මගේ හිත සෑහෙන්න හදලා ගියා.
“හිරේ ගියත්
කමක් නෑ අම්මයි තාත්තයි අවුල් නොවී. ඒ දෙන්නා දුක් වෙනවා මට බලාගෙන ඉන්න බෑ.” මම
සනුජට කිව්වා.
“කව්ද යකෝ උඹට
හිරේ යන්න දෙන්නේ...? එහෙම වුනොත් අපේ තාත්තගේ අවුරුදු ගානක සම්බන්ධකම් නිකං හිස්
වෙනවා. අනික මම කොහොමටවත් උඹට හිරේ යන්න දෙන්නෑ. බැරිම වුනොත් උඹ අරන් ඇමරිකාවට හරි පනිනවා. උඹ බය වෙන්න එපා යකෝ...”
“බය නෑ බං....
හිත පොඩ්ඩක් කලබලයි. අපරාදේ ඒ වෙලාවේ තව ටිකක් ඉවසන්න තිබුණා.”
“දැන් ඔය මගුල්
හිතල වැඩක් නෑ... අන්න අර කෙල්ල ඊයෙ රෑ ඉඳලා අඬනවා, එයාව බේරගන්න ගිහින් උඹට ඔහොම
වුනා කියලා. ටිකක් කතා කරලා හිත හදපං.”
“මොන කෙල්ලද?”
“සයුරි...”
“අම්මට හුඩු.
අමතකම වුනා යකෝ... කෙල්ලට මොකද වැදුන පාරට.”
“අවුලක් නෑ...
බය වෙලා විතරයි... මම කෙල්ලව එවන්නද?”
“ඇයි, උඹත්
හිටපං.”
“නෑ කෙල්ලට උඹත්
එක්ක ප්‍රයිවට් කතා කරන්න දෙයක් තිබුනොත්... එයාව බේරගත්ත එක වෙනුවෙන් උඹට උම්ම
එක්ක දෙන්න හිතුනොත්, මම ඉන්න එක හොඳ නෑනේ.” සනුජයා හිනා වෙලා කිව්වා.
“පල යකෝ යන්න...
මම මේ එක කෙල්ලෙක් නිසා කාපු කට්ටක් උඹ දන්නවනේ... තවත් නම් කෙල්ලෝ එපා.”
“මොකක් හරි කමක්
නෑ... ටිකක් කතා කරපංකෝ. උඹට බලෙන් කෙල්ලෙක් සෙට් කරන්න මට උවමනාවක් නෑ...” එහෙම
කියලා සනුජ එළියට ගියා.
ටික වෙලාවකින්
සයුරි මගේ කාමරේට ආවා. කෙල්ල ආවේ ලස්සන මල් පොකුරකුත් අරගෙන.
“ගුඩ් මෝනින්
කාවින්ද අයියා.” කෙල්ල ටිකක් අමුතු විදිහට කිව්වා.
“ගුඩ්
මෝනින්.... ඔයාට කොහොමද?”
“හොදින් ඉන්නවා.”
සයුරි කිව්වා.
“ඔයාටත් එකක්
වැදුනා නේද?” මම ඇහුවා. “ඒක අමාරුවක් නැද්ද?”
“නෑ... ඒ වෙලාවේ
ටිකක් හුස්ම ගන්න අමාරු වගේ දැනුනා. ටිකකින් හරි ගියා.” සයුරි කිව්වා. “ඒක නෙවෙයි,
ඔයා නම් පුදුම කෙනෙක් කාවින්ද අයියේ... ගහනවා කියලා ඔහොමත් මිනිස්සුන්ට ගහනවද?”
“ඒ වෙලාවේ වෙන
කරන්න දෙයක් තිබුණේ නෑ සයුරි. මම උන්ට ගැහුවේ නැත්නම් උන් අපිට ගහනවා.”
“ඒ වුනාට මට
දුකයි...” සයුරි කිව්වා. “මම නිසා තමා ඒක වුනේ.”
“ඔයා නිසා මොනවද
වුනේ... ඌනේ ඔයාට කරදර කළේ.”
“ඒ වුනාට.... ඒ
වෙලාවේ ඒ මිනිහා මට කරදර කරපු නිසානේ ඔයා පැටලුනේ..”
“දැන් ඕක අමතක
කරල දාන්න සයුරි. කතාවක් ඇති වුනා, රණ්ඩුවක් ඇති උනා, දෙගොල්ල ඇතිවෙන්න ගහගත්තා...
ඒක අමතක කරල දාන්න.” මම කිව්වා.
“අමතක කරන්න නම්
පුළුවන්... ඒත් ඔයාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවලු.”
“ආ... ඒක අවුලක්
නෑ.... සනුජගේ තාත්තා ඒක බලා ගනී. අනිත් එක දැන් අපේ තාත්තත් එනවනේ... එයත් ඕනෙ
දේකට රෙඩි කෙනෙක්.”
“කොහොම වුනත්
ඔයා මහ පුදුම කෙනෙක් කාවින්ද... අපි දෙන්නා අඳුරගත්තේ ඊයේමයි. කතා කරලා පැය දෙක
තුනක් නෑ. එහෙම කෙනෙක් වෙනුවෙන් ඔයා ඔය තරම් දෙයක් කරනවා කියන්නේ හිතා ගන්න බැරි
දෙයක්.” සයුරි කිව්වා. “සනුජ අයියා කිව්ව හරි. ඔයා කාටවත්ම බය නැද්ද?”
“මම චන්ඩියෙක්
නම් නෙවෙයි... ඒත් පොඩි කාලෙ ඉඳලම මට කැත වැඩ පේන්න බෑ. එහෙම වෙලාවට කව්ද කියලා මට
පේන්නේ නෑ. මොකාට වුනත් විරුද්ධ වෙනවා.”
“ඒක නෙවෙයි
කාවින්ද, ඔයා එන්ගේජ් වෙලා ඉන්න ගර්ල් දැන් එනවලු නේද? එයාට මේක දැක්කහම දුක
හිතෙයි, ගොඩක් තරහ යයි මාව දැක්කහම.”
“ඒ ඇයි?”
“ඇයි ඉතින් මම
නිසානේ මේක වුනේ...!” සයුරි ආයෙත් කිව්වා.
“මේ මැට්ටි...
ඔය වගේ ගොන් කතා නොකිය ඉන්නවද? එයා ආවට කමක නෑ, ඒත් ඔයාට මොනවත් කියන්න ඕනෙ නෑනේ.
ඔයාට නෙවෙයි කාට වුනත් මම උදව් කරනවා.” මම කිව්වා. “අනිත් එක සනුජගේ යාළුවෙක්
කියන්නේ මගෙත් යාළුවෙක් වගේ තමයි. ඒ නිසා බය නැතුව ඉන්න. මාලිකා ආවොත් එයා මාත්
එක්ක කතා කරලා යයි. ඔයා ඒකට අප්සෙට් වෙන්න එපා.”
“එයාගේ නම
මාලිකාද?” සයුරි ඇහුවා. “ලෝයර් කෙනෙක්ලු නේද?”
“ඔව්... ඒක
නෙවෙයි සයුරි, මට අහන්න බැරි වුනානේ... ඔයා මොකද කරන්නේ?”
“මමද.... මම
ඉතින් මොනවත් කරන්නෑ කාවින්ද අයියේ...”
“මොනවත් කරන්නෑ
කියන්නේ...? ඔයා ඉගෙන ගන්නවද, ජොබ් එකක් කරනවද?”
“ඔය දෙකම නෑ. මම
ඕස්ට්‍රේලියා වල ටේෆ් කොලෙජ් එකක ඩිප්ලෝමා එකක් කළා. දැන් ලංකාවට වෙලා ඉන්නවා.”
“ඉතින් ඔයා
ඔස්ට්‍රේලියා ගිය එකේ ඩිග්රි එකත් කරන්න තිබුණනේ.”
“ඇත්තම කිව්වොත්
අයියේ මම අකමැතිම වැඩක් තමයි ඉගෙන ගන්න එක. ඒක මට කරන්න බෑ. මම ටික දවසක් ඉඳලා
තාත්තිගේ බිස්නස් වලට එකතු වෙන්න තමයි හිතාගෙන ඉන්නේ... ඒත් තාත්ති කියන්නෙත් ඔයා
කියන එකම තමා. බිස්නස් වලට අත ගහන්න කළින් ඩිග්රි එක කරලා එන්න කියලා.”
“ඒක තමා. තාත්තට
සල්ලිත් තියෙන එකේ, ඔයාට තිබුණා ඒක කරන්න.” මම කිව්වා. “එනිවේ... එතකොට ඔයා මොනවද
දැන් කරන්න හිතාගෙන ඉන්නේ?”
“මොනව කරන්නද
කාවින්ද... තාත්තිගේ සල්ලි වියදම් කර කර ඉන්න එක තමා. කව්රු හරි කසාද බඳින්න හොඳ
කෙනෙක් හම්බ වුනොත් කසාද බදිනවා. වෙන මොනව කරන්නද?”
“පිස්සු
කෙල්ලෙක්නේ... මිනිස්සුන්ට ඔයිට වඩා කොච්චර දේවල් තියෙනවද කරන්න. අඩු ගාණේ පොඩි
ජොබ් එකක් හරි කරන්න.. සල්ලිම නෙවෙයි... ඒකෙන් මිනිස්සු අඳුරගන්න පුළුවන්. අළුත්
යාළුවෝ හම්බ වෙනවා. ලයිෆ් එක බෝරිං වෙන එක නැවතිලා ඉන්ටරෙස්ටින් වෙනවා.”
“මටත් ආසයි එහෙම
කරන්න... ඒත් බයයි.”
“ඔයාගේ
තාත්තගෙන් බිස්නස් එක බාරගන්න ඉල්ලන්නෙ නැතුව, ඒ කම්පැනි එකේම ජොබ් එකක් ඉල්ලගන්න.
තාත්තා කැමති වෙයි. අනිත් එක එහෙම පොඩි තැනක වැඩ කරලා ආවහම පස්සෙ කාලෙක බිස්නස් එක
බාරගන්නකොට ලේසියි. හැම ඒරියා එකකම එක්පිරියන්ස් තියෙන නිසා.”
“ඒකත් හොඳ
අදහසක් තමයි කාවින්ද අයියේ... මම හෙටම තාත්තිට කියනවා. එයා උඩින්ම කැමති වෙයි. ඔයා
නම් මහ පුදුම කෙනෙක්... මට ඔච්චර යාළුවෝ ඉන්නවා... එකෙක් දුන්නේ නෑනේ ඔය වගේ බ්‍රයිට්
අයිඩියා එකක්.”
“එක තමයි
කියන්නේ තමන් වටේ ඉන්න හැමෝම යාළුවෝ නෙවෙයි කියලා.” මම කිව්වා.
අපි කතා කර කර
ඉන්න අතරේ මගේ තාත්තා ආවා සනුජගේ තාත්තත් එක්ක.
“එහෙනම් මම
යන්නම් කාවින්ද අයියේ.” එහෙම කියාගෙන සයුරි එළියට ගියා.
මම දැක්කේ
තාත්තා විතරයි. අම්මා ආවෙ නැද්ද? මම කල්පනා කළා.
“ලොකු පුතා.
අමාරුවක් නැද්ද?” තාත්තා ඇහුවා.
“නෑ.... මේක
පොඩි තුවාලයක්.” මම කිව්වා.
“ඔව් මිස්ටර්
බණ්ඩාර.... මේක පොඩි දෙයක්... අද දවල් වෝඩ් රවුන්ඩ් එකේදි ඩිස්චාර්ජ් කරනවා
කිව්වා. මම දැන් මේ ඩොක්ටර්ටත් කතා කරල එන ගමන්.”
“එහෙනම් මිස්ටර්
අශෝක මෙයාව ටික දවසකට මෙහෙම තියාගන්න. අර මනුස්සයා දැනගත්තොත් හැපිල මැරෙයි.”
තාත්තා කිව්වා.
ඒ කියන්නේ
තාත්තා මේක අම්මට කියලා නෑ. ඒකත් එක අතකට හොඳයි.
“තමුසේ තුවාල
හොඳ වෙනකං මෙහේ ඉඳලා එනවා. අම්මට මම කිව්වෙ නෑ... පැමිණිල්ල ගැන මම බලාගන්නම්.”
“තාත්තා, මට
සමාවෙන්න... අයෙත් පාරක් මම හිතලා රණ්ඩුවකට පැටලුනා නෙවෙයි.”
“මම එක්
දන්නවා... කොහොමත් තමුසෙට දැන් අවුරුදු ගාණක ඉඳලා අපලයක්වත් ඇති, යන යන තැන ප්‍රශ්ණයක්
හදාගන්නවා. මේ ටිකේවත් පරිස්සමින් ඉන්නවා.”
මම සද්දයක්
නැතුව හිටියා.
“අනිත් එක මේ ප්‍රශ්ණ
ටික විසඳගත්ත ගමන් ලෑස්ති වෙනවා ආපහු හිටපු රටටම යන්න. තමුසෙට ලංකාව හරියන්නේ නෑ.
මෙහෙ හිටියොත් තමුසේ එක්කෝ කාගෙන් හරි මැරුම් කනවා, නැත්නම් පාතාලෙට සෙට් වෙනවා. ඒ
නිසා කරුණාකරලා යන්න ලෑස්ති වෙනවා.” වචන දෙකක් නැතුව තාත්තා කිව්වා.
“හොඳයි තාත්තා.”
මම කිව්වා.
“අනිත් එක අර
ළමයට කෝල් එකක් දෙනවා. දැන් දැනගත්ත වෙලාවේ ඉඳලා එන්න දැඟලුවා, මම අමාරුවෙන්
නවත්තලා ආවේ. කතා කරලා මොනව හරි කියනවා.” තාත්තා මාලිකා ගැන කිව්වා.
“හරි තාත්තා මම
කෝල් කරන්නම්.”
“එහෙනම් මිස්ටර්
බණ්ඩාර අපි යමු ගෙදර... අපේ පුතා ඉන්නවනේ... තව ටිකකින් ඩොක්ටර් ආවහම මෙයාව එක්ක
එයි.” සනුජගේ තාත්තා කිව්ව.
“යමු.” එහෙම
කියලා දෙන්නා එලියට ගියා.
**********************
එදා දවල්ම අපිට
ගෙදර යන්න පුළුවන් වුනා.
ගිය ගමන් මම
මාලිකාට කෝල් එකක් දුන්නා.
“අනේ කාවින්ද...
ඔයාට මොකද වුනේ...?”
“මොකුත් නෑ...
මේ පොඩි තුවාලයක්.”
“තුවාලෙ පොඩි
ඇති... ඒත් ඔයාට දැන් තවත් පැමිණිල්ලක් තියෙනවා පොලිසියේ. දැන් පරණ කේස් එකට
උසාවියේ පෙනී ඉන්න දවසේ මේ පැමිණිල්ලත් ඇදිලා ආවොත් ඔයාට මොකද වෙන්නේ?”
“ඇයි?”
“ඇයි කියන්නේ
කාවින්ද... දැන් උසාවියේ තියෙන නඩුව තියෙන්නෙත් ඔයා කෙනෙකුට ගහලා දරුණු තුවාල
ඇතිකරලා කියලා. අපි දැන් ඒක නෑ කියලා ඔප්පු කරන්න හදන අතරේ දෙවෙනි පැමිණිල්ලත්
ආවහම ඔයා තව කෙනෙකුට පිහියෙන් ඇනලා කියලා.... වෙන්නේ මොකද කියලා මම කියන්න ඕනේ
නෑනේ. ඔයාව හිරේ නොගිහින් බේරගන්න සෑහෙන ෆයිට් එකක් දෙන්න වෙනවා.”
ඒකත් එහෙමද? ඒ
කියන්නේ මට හිරෙත් යන්න වෙයි....” මම කිව්වා.
“මෙහෙම ගියොත්
නම් වෙයි තමා. බලන්න කාවින්ද අඩු ගාණේ ඔයාට මං ගැනවත් අනුකම්පාවක් නැද්ද...? අර
සිද්ධියෙන් පස්සේ බොහොම අමාරුවෙන් මගේ අම්මලා ෂේප් කරගත්තා. දැන් මේකත් දැනගත්තහම
නම් මට ඔයාට කෝල් එකක් වත් දෙන එක තහනම් කරයි.” මාලිකා කිව්වා.
“ඉතින් අපි
අම්මලාට හොරෙන් කතා කරමු.” මම කිව්වා.
“අනේ කාවින්ද
පොඩි ළමයෙක් වගේ කතා කරන්න එපා.... මේක විහිළුවක් නෙවෙයි. ඔයා දැන් ඉස්කෝලෙ යන
පොඩි කොල්ලෙක් නෙවෙයි යන යන තැන ගහගන්න... ටිකක් කල්පනා කරල වැඩ කරන්න.”
මාලිකා එහෙම
කිව්වහම මට තදවුනා. ඇයි යකෝ මේකි කියන්නේ හරියට මම වලියක් හොයාගෙන ගිහින් පැටලුනා
වගේනේ.
“මේ...
මාලිකා... නහයෙන අඬන එක නවත්තන්න මුලින්ම... අනිත් එක මම හොයාගෙන ගිහින් වලියක්
දාගත්තා නෙවෙයි... අපිත් එක්ක හිටපු ගෑණු ළමයෙකුට ඌ කරදර කළා. එපා කියනකොට මටත්
පාට් එකක් දැම්මා. ඒ කෙල්ලට කරදර කරද්දි මට බලා ඉන්න බෑ.. ඔයාට එහෙම වුනානම් මම
මොකද කරන්නේ කියල හිතන්න.. බලාගෙන ඉන්නවද? නෑනේ... ඒ වගේම තමා එදත් වුනේ...” මම
කිව්වා.
“මට සමාවෙන්න
කාවින්ද... මට ඒක නිකම්ම කියවුනා. ඔයාට කරදරයක් වෙයි කියලා බයෙන් මම හිටියේ... ඒ
නිසයි මම කලබල වුනේ....” මාලිකා කිව්වා. “කාවින්ද මම ඔයාව බලන්න එන්නම්.”
“එපා මාලිකා...
මම තව දවස් දෙක තුනකින් නුවර එනවා. ආපු ගමන් මම ඔයාව හම්බවෙන්නම්.”
“ඇයි මං එනවට
අකමැති ද? අර රණ්ඩුව වුන ගෑණු ළමයා ගැන බලන්නත් එපැයි නේද?”
මාලිකා හෙමින්
සැරේ මට හින්ට් එකක් පාස් කළා.
“ඔව් ඔව්... මට
යන යන තැන ගෑණු ළමයි යාළු වෙනවනේ... ඔයා ආවොත් මට එයත් එක්ක ඉන්න බැරි වෙනවා. ඒ
නිසා එන්න එපා.” මම කිව්වා.
“හරි නරකයි
කාවින්ද ඔයා... ඔයා එහෙම කරන්නෙ නෑ කියලා මම දන්නවා. ඒ වුනාට විහිළුවටවත් එහෙම කියන්න
එපා. මට ඉරිසියාවයි.” මාලිකා කිව්වා.
“ඉතින් මමද දැන්
කොහෙවත් ඉන්න ගෑණු ළමයෙක් ගැන කතාවක් ඇදලා ගත්තේ?” මම ඇහුවා.
“හරි හරි... ඔයා
එනකං මම ඉන්නම්කෝ...”
මාලකා ෆෝන් එක
තිබ්බා.
මොන දේවල්
තිබුණත්, මාලිකා දිලිනිගෙන් වෙනස් වෙන්නේ මේ වගේ දේවල් නිසා තමයි. දිලිනි කවදාවත්
මාව වෙනස් කරන්න උත්සහ කළේ නෑ. මම වෙන කවුරු ගැන උනන්දු වුනත් එයා කලබල වුනේ නෑ.
එයා මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කළා. ඒ නිසාමයි එයා කෙල්ලෙක් විදිහට හැම දෙයක්ම මට
දුන්නේ... ඒත් මාලිකා එහෙම නෑ. මම මොනවහරි දෙයක් කරන්න ගියොත් එයා ටිකක් කලබල
වෙනවා. මාව හොඳටම විශ්වාස නෑ. මම කොච්චර මාලිකාට ලංවෙන්න හැදුවත් එයාගේ මේ වෙනස්
කම් නිසා මාව නිකම්ම දිලිනි ගේ පැත්තට ඇදිලා යනවා.
මට ඕන වුනේ ටික
කාලෙකට මේ දේවල් වලින් ඈත් වෙන්න. ඒත් එක නඩුවක් උසාවියේ තියෙන නිසා මට ඇමරිකාවට
යන්න පුළුවන් වුනේ නෑ.
දවස් කීපයක්
සනුජගේ ගෙදර ඉඳලා මම සති අන්තයේ නුවර පිටත් වුනා.
මාලිකාට
පොරොන්දු වුන විදිහට මම එයාව බලන්න ගියේ නෑ. ගෙදර ගිහින් අම්මට කතා කරලා මම ඇඳුම්
ටිකකුත් දාගෙන ආපහු පිටත් වුනා. අම්මට කිව්වා මට මෙහේ ඉන්න බැරි නිසා ටික දවසකට
යාළුවෙකුගේ ගෙදර යනවා කියලා. ප්‍රශ්ණ ගොඩක හිටපු නිසා අම්මත් කැමති වුනා.
මම කෙලින්ම ආවේ
දොඩංවල මගේ නවාතැනට. ඇතුලට ඇවිත් මම ඇඳේ ඉඳගත්තා. දිලිනි හැංගිලා ගිය දවසේ ඉඳලා මට
මේ ගෙදර ඉන්න එකත් එපා වෙලා තිබුණේ. වෙන යන්න තැනකුත් නෑ... මම දැන් මොකද
කරන්නේ..? ඇඳේ ඉඳගෙනම මම කල්පනා කළා.
ආපහු හොටෙල් එකට
යන්න මට බෑ. අඩුගාණේ සචියටයි අමිලටයි මූණ දෙන්න වත් මගේ කැමැත්තක් තිබුණේ නෑ. මට
ඕන වුනේ මම දන්න කියන හැම කෙනෙකුගෙන්ම ඈත් වෙලා තනිවෙන්න.
This comment has been removed by the author.
ReplyDeleteKathwa digetama danna nawththanna epa
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteDude...keep writing. Don't stop. I need to what will happen next. Seems it's a real story. But to make interesting you have added some stories. The main role guy is a stupid person. He acted like a blind guy. He had so many other ways to find her. But he seems doesn't care about them. Such an idiot
ReplyDeleteKool tempo mee kathawa liyanne nadda bn.Dan masas ganak balan hitiya.Liyana eja nawaththanna epa bn.eka mevhchara kalayak kathawa kiyawapu unata karana asadaranayakne.eka hinda digatama kathawa danna.
ReplyDeletewaiting.........
ReplyDeleteදැන් මාස ගානක් බලාගෙන ඉන්නවා ලියපන්කො
ReplyDeleteMeka dannema nadda dan
ReplyDeleteදැන් මාස ගානක් බලාගෙන ඉන්නවා ලියපන්කො
ReplyDelete?????????????????????????????????????????????????????????????????????
ReplyDelete+-/-/@#$%%%%^^ ලියපන්කො
ReplyDeletekoban thuru kotasa
ReplyDeleteliyapan yako
ReplyDelete/?????????????????????????????
ReplyDelete