Recent Post

Kool Tempo

Kool Tempo Blog!

Kool Tempo

Kool Tempo Blog!

Kool Tempo

Kool Tempo Blog!

Kool Tempo

Kool Tempo Blog!

Kool Tempo

Kool Tempo Blog!

Wednesday, August 23, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 81



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


81.

පහුවෙනිදා අපි ෆිල්ම් එකක් බලන්න ගියා.

බැල්කනි ටිකට් දෙකක් අරගෙන අපි ඉඳගත්තා.

දිලිනි මට තදින් තුරුල් වෙලා හිනා වෙනවා. ඒ තරුකැට වගේ ඇස් කළුවරේත් දිලිසෙනවා.

“සුදූ.. තාත්තා ඔයාට දාලා තියෙන නම නම් නියමෙට ගැලපෙනවා. දිලිනි තාරුකා.... ඔයාගේ ඇස් කළුවරේත් තරු කැට වගේ දිලිසෙනවා.“

“ඔයා මගේ ඇස් වලට ඔච්චර ආදරේ මොකද?“

“ඔයාගේ ඇස් තමා සුදූ මාව මුලින්ම අතරම කළේ. පළවෙනි දවසේ දැක්කට පස්සේ මට ඔය ඇස් වලින් කවදාවත්ම ගැලවෙන්න බැරි වුනා.

“ඔයා හරි හොඳයි කාවින්ද... ඔයාට මගේ හැම දෙයක්ම අළුත්. වැරදීමකින් හරි මම ගිහාන් එක්ක ඉන්න කාලේ එයා කළේ හැම වෙලාවකම මගේ හිත රිද්දන එක. එයා හිතාගෙම හිටියේ කෙල්ලෙක් වුනාම මම හැම වෙලාවෙම එයා කැමති විදිහට අඳින්නයි, ඉන්නයි ඕනේ කියලා.“

“මම එහෙම නැද්ද?“

“නෑ... කවදාවත්ම ඔයා මගේ හිත නරක විදිහට රිද්දලා නෑ. අනිත් එක ඔයා හැම වෙලාවෙම වැඩ කරන්නේ මටත් පෞද්ගලිකත්වයක් තියෙනවා කියලා හිතලා. දැන් එහෙම හිතන කොල්ලෝ හරි අඩුයි කාවින්ද. ඒ අතින් මම හරිම වාසනාවන්තයි, ආඩම්බරයි.

“මම කිසිම දවසක කාටවත් කිසිම දෙයක් එපා කියන්නෑ. කෙනෙකුට තමන්ම හිතලා තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දේ තමන්ට හොඳයිද නරකයිද කියලා දන්නේ තමන්මයි. ඔයා වුනත් හැම දෙයක්ම මගෙන් අහන්න අවශ්‍ය නෑ.. තමන්ට සුදුසු දේ කරන්න. හරි දේ... ඒකට මගෙන් තහනමක් නෑ.“

“මම ඒක කිව්වහම දිලිනි මගේ දිහා බැලුවේ ලොකු ආදරයකින්.

“ඔයා නම් මහ පුදුම කෙනෙක් කාවින්ද. පසුගිය කාලේ මට ඔයා නැතිවෙයි කියලා මම හිටියේ ගිනි ගොඩක. ඇත්තටම මට ඔයා නැතිවුනා නම් මොනව වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. මට පිස්සු හැදෙයි.“

“ඇත්තටම ඇයි ඔයා මට ආදරේ කළෙ සුදූ?“

“එකක් කියලා කියන්න නෑ බබා. ඔයා සම්බන්ද වුන හැම දෙයක්ම. දවසක්ම මට ලස්සන හීනයක් වගේ. හේතු නම් ගණන් කරන්න බැරි තරම්. ඔයා වෙනස්... ඒක තමයි මගේ හිතට වැදුන ලොකුම දේ. ඔයාව මුලින්ම අදුරගත්ත වෙලාවෙම මම ඒ වෙනස දැක්කා. අපි දෙන්නා අතර තිබුණ නොගැලපීම් කිසි දෙයක් මායිම් නොකර මම ඔයාට නොදැනුවත්වම ලංවුනේ ඒ නිසා."

මේ වෙනකොට ෆිල්ම් එක පටන් අරන්.

සතියේ දවසක් නිසාත් දවල් වරුවක් නිසාත් බැල්කනි එකේ ලොකු සෙනගක් නෑ. අපිට පිටිපස්සේ ආසන පේලි දෙකක් තිබුණත් ඒ හැම එකක්ම හිස්.

“කාවින්ද, මට ඔයාගේ ළඟට එන්න ඕනේ කාවින්ද.“

“ඉතින් එන්න.“

“මට ඔයාට කිස් එකක් දෙන්නත් ඕනේ... ඒත් මෙතන බෑනේ අනේ.“

“අපෝ මෙතන නම් බෑ සුදූ... අනිත් අයට පේනවා.“

“ඒකනේ බබා... මොන කෙහෙල්මලකට අපි මේකට ආවද මන් දන්නෑ. ෆිල්ම් එකත් කිසි වැඩක් නෑ.“

“වෙන යන්න තැනක් නෑනේ සුදූ.“

“තියෙනවා.“ එහෙම කියලා දිලිනි මගේ පපුවට තුරුල් වෙලා ලස්සන ඇස් වලින් කෙලින්ම මගේ මූණ දිහා බැලුවා. ඒ දෙතොල් ආදරෙන් වෙව්ලනවා.

මට තවත් බලා ඉන්න බැරි වුනා. ආරාධනාවක් නැතුවම මම ඒ දෙතොල් එක වතාවක් නෙවෙයි සිය වතාවක් විතර සිප ගත්තා.

දිලිනි මගේ කොන්ඩේ අතරේ එයාගේ ඇඟිලි යවලා මාව තදින් අල්ලගත්තා. ටික වෙලාවකින් එපා සම්පූර්ණයෙන් පණ නැති වෙලා වගේ මගේ අත් වලට වැටුනා.

“මට මෙහෙම ඉන්න බෑ.. මාව ලංකරගන්න රත්තරන්.... මාව පිච්චෙනවා වගේ. . මට ඔයාව ඕනේ...“

“ඉතින් මේ ඉන්නේ.“

“එහෙම බෑ බබා. මට ඕනේ ඔයාගේ ඔඩොක්කුවට පැනලා නැලවෙන්න. ඔයාගේ වෙන්න..... නවත්තන්නේ නැතුව ඔයාව කිස් කරන්න.“

මම තවත් දිලිනිව තද කර ගත්තා.

“අපි යමු රත්තරන් වෙන තැනකට. මට ඕනේ නිදහසේ ඔයාට තුරුල් වෙලා ඉන්න.“

“ඔයා දැන් මාවත් අවුස්සනවා. කොහේ යන්නද දැන්?“

“අපි යමු මගේ අපාර්ට්මන්ට එකට.“

“ඔයා දැන් එතන නෑනේ.“

“ඒ වුනාට මම තාම ඒ තැන තියාගෙන ඉන්නේ... අපි යමු.“

“අපි සිංගප්පූරුවේ වුන දෙයින් පස්සේ අපිටම පොරොන්දු වුනා නේද බඳිනකං ඒ වගේ නරක වැඩ කරන්නේ නෑ කියලා අයෙත්?“

“ඔව්.... ඒත් දැන්නම් මට ඔයාව ඕනේ... අනේ මාව අරන් යන්න රත්තරං...“

දිලිනි විතරක් නෙවෙයි මමත් මත් වෙලා වගේ හිටියේ. වෙන කිසිම කෙනෙක් නැති තැනක අපි දෙන්නා විතරක් තනි වෙන්න මටත් ඕනේ වෙලා තිබුණා.

ඒ නිසා ඉන්ටවල් එක එනවත් එක්කම අපි දෙන්නා එළියට පැන ගත්තා.

දිලිනි මට කාර් එකේ යතුර දුන්නා.

“කොහාටම මැඩම්?“

“ලෝකේ අනිත් කොනට හරි කමක් නෑ අපි දෙන්නා ඇරෙන්න කව්රුවත් නැති තැනකට මාව අරන් යන්න.“

“එච්චර දුර යන්න නම් පෙට්‍රල් මදි වෙයි.“ මම හිනා වුනා.

“මාව විහිළුවකට ගත්තද... ඉන්නවකෝ මම හපනවා ඒකට නම්.

දිලිනි මගේ අත අල්ලගෙන රිදෙන්නම හැපුවා.

“ස්..... අප්ප..... රිදෙනවා... කෑල්ලක් නෑ වගේ... කොටි දෙනක්ද මන්ද?“

“එන්න එපා මට හිනා වෙන්න. ගහනවා ඊළඟ පාර රිදෙන්නම.“

“හරි හරි සුදූ... දැන් කියන්නකෝ ඔයාගේ එපාර්ට්මන්ට එක තියෙන තැන.“

“දොඩන්වල හවුසින් ස්කීම් එකට.“

මම වාහනේ පේරාදෙනිය පාරට දැම්මා. විනාඩි පහළවකදී අපි එතන. හවුසින් කම්ප්ලෙක්ස් එකේ තිබුණ තුන්වෙනි ගෙදර ට දිලිනි අත දික් කළා.

මම වාහනේ පෝටිකෝ එක යටට දාලා බැස්සා.

“යමු කාවින්ද.“

දිලිනි දොර ඇරලා මාව ඇතුලට තල්ලු කළා.

මම සාලේ තිබුණ සෝෆා එකේ ඉඳගන්නකොටම දිලිනි මගේ ඇඟට පැන්නා. මම එයාව අල්ලගෙන ආයෙත් වතාවක් නොනවත්වා සිප ගත්තා“

“මාව කවදාවත් දාලා යන් එපා රත්තරන්. ඔයා නැතුව මම මැරෙයි.“

දිලිනි කොදුරලා කිව්වා.

“මම ඔයාව දාලා යන්නේ නෑ සුදූ.“

“මාව ඔයාගේ කරගන්න කාවින්ද.... මගේ මුළු ඇඟම පිච්චෙනවා වගේ... මට ඉන්න බෑ....“

දිලිනි ආශාවන් වලින් මත් වෙලා කියනවා.

මම දිලිනිව වඩාගෙන ගිහින් කාමරේ තිබුණ ලොකු ඇඳෙන් තිබ්බා. එයා මාව ඇදලා අරන් මට හෙල්ලෙන්නවත් නොදී තදින් බදා ගත්තා.

නැවතත් වතාවක් අපි දෙන්නා අතොරක් නැතිව සිප ගත්තා.

තවත් වතාවක් අපි දෙන්නගෙ ආශාවන් උතුරලා ගියා. මොන තරම් දෙන්නට දෙන්නා පොරොන්දු වෙලා තිබුණත් හැඟීම් එක්ක ඒ පොරොන්දු විහිළුවක් වෙලා ගියා.

උමතුවක් වගේ පෙනුන විනාඩි ගාණකට පස්සේ අපි දෙන්නා ඇඳේ ලොකු බෙඩ් ෂීට් එක යටට වෙලා හිටියා.

“අනේ... මට ඔයාගේ මූණ බලන්නත් ලැජ්ජයි කාවින්ද. මේ දවස් ටිකට මම මහා වල් කෙල්ලෙක් වෙලා.“

“ඔයා විතරක් නෙවෙයි සුදූ.. මට මාවත් කන්ට්‍රෝල් කරගන්න බෑ.“

“ඔයා මට සමාව දෙනව නේද.“ දිලිනි ඇහුවා.

“මොකටද?“

“දැන දැනම වැරදි වැඩක් කරනවට.“

“ඒක වැරදි වැඩක්ද?“

“අපි මැරි කරලා නැති නිසා කව්රු හරි දැක්කොත් ඒක වැරදි වැඩක් තමයි කාවින්ද.“

“පිස්සු කෝච්චිය...“

මම දිලිනිව ආදරෙන් තුරුල් කර ගත්තා.

“මතක තියාගන්න කාවින්ද... මම දැන් ඔයාට විතරයි අයිති. වෙන කිසිම කෙනෙකුට මගේ ඇඟට අතක්වත් තියන්න අයිතියක් නෑ. මම ඉඩ දෙන්නෙත් නෑ.”

“මම දන්නවා සුදූ...”

“ඉතින් දැන් ඔයාත් මගේම විතරක් වෙන්න. මං ගැන විතරක් හිතන්න.”

“ඒ කියන්නේ?”

“ඉස්සර වගේ දකින දකින ගෑණු ළමයට උදව් කරන්න යන්න එපා. ඒක හොඳ වැඩක් තමයි.... ඒත් මට දුකයි....”

“මොකටද දුක.”

“ඔයා වෙන ගෑණු ළමයි එක්ක ලං වෙනවට.”

“ගොඩක්...?”

“ඔයා මගේ විතරයි. ඔන්න වෙන කෙල්ලෝ එක්ක යාළු වෙලා තිබුනොත් එහෙම මම ඔයාව මරණවා.”

“මාව මරලා... ඊට පස්සේ...?”

“ඊට පස්සේ ඉතින් මටත් මැරෙන්න තමයි වෙන්නේ.... ඇයි ඉතින් මටත් ඔයා නැතුව ඉන්න බෑනේ.”

“ඊට වඩා හොඳ නැද්ද මාව මරන්නේ නැතුව හිටියනම්. එතකොට මම ටිකක් හරි ඔයා‍ගේ වෙයිනේ...”

“අන්න කිව්වා කට කැඩිච්ච කතාවක්. ඇත්තටම මම දැන් හපනවා.”

“අපෝ මේ හපන්න එපා. දැන් එක පාරක් අතේ කෑල්ලක්ම හපලා කෑවා. අද ගෙදර යනකොට තව මොනව කාලා දායිද දන්නෑ.”

අපි දෙන්නා කතාවෙන් කතාවෙන් සෑහෙන වෙලාවක් ගත කළා.

“ඔයාට ප්‍රැක්ටිස් වලට යන්න දැන් වෙලාව හරි බබා.”

“ඒ සී එකත් තියෙන එකේ මම තව ටිකක් නිදාගෙනම යන්නම්. කම්මැලියි අප්පා.”

“දිගටම ඉන්න මාත් ආසයි. දිගටම නෙවෙයි හැමදාටම මෙහෙම ඉන්න මම ආසයි. ඒත් දැන්ම බෑ... දැන් ඔයා යන්න ඕනේ.. නෝටි වෙන්න එපා. වොෂ් එකක් දාගෙන ටවුන් එකෙන් ලයිට් ලන්ච් එකක් අරගෙන යමු. මම ඔයාව දාලා එන්නම්.”

“අපෝ ඒ පාර මෙයා අම්මටත් අන්ත වෙලානේ.”

“හා හා නැගිටිනවා. දැන් ඔයාව බලාගන්නේ මම තමා.”

“මෙහෙම නැගිටින්න බෑ ලැජ්ජයි.”

මම එහෙම කිව්වහම දිලිනි හිනා වුනා.

“මොකද හිකි හිකි ගාන්නේ... ඇත්තටම මට ඇඳුමක් නෑ...”

“අයියෝ... අර කබඩ් එකේ ටවල් ඇති. ගන්න... මම ඇස් වහගන්නම්.”

අපි දෙන්නා වොෂ් එකක් අරගෙන කාර් එකට නැගලා ටවුන් එකට ආවා. ඊට පස්සේ ඩෙවොන් එකට ගිහින් කෑම කෑවා.

අපි දෙන්නා සැහැල්ලුවෙන් හිනා වෙවී වාහනේ ආවා මිසක් වටපිටාව ගැන අවධානයක් තිබුණේ නැහැ.

ඒ නිසා අපි දෙන්නම නොදැන ෆිල්ම් හෝල් එකේ ඉඳලා දිලිනිගේ එපාර්ට්මන්ට් එකටත් එතන ඉඳලා නුවරට එනකනුත් තවත් කෙනෙකුගේ ඇස් අපේ පස්සෙන් ආව බවක් දැනුනේ නෑ.

Tuesday, August 22, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 80




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


80.

දවස් තුනකට පස්සේ මම නොහිතපු වෙලාවක සමාධි කතා කළා.
“කාවින්ද, ඔයා දැන් අපිත් එක්ක තරහ වෙල වගේ නේද?”
“නෑ සමාධි... ඇයි.... මම මෙහේ හිටපු නැති නිසා ක්ලාස් එන්න බැරිවුනා. එච්චරයි.”
“එච්චරමද?”
“ඔව් ඇයි?”
“නෑ.... දිලිනි කියල නැද්ද අපිත් එක්ක කතා කරන්නවත් එපා කියලා.”
“දිලිනි....?”
“බොරු කරන්න එපා අයියේ.... ඔයා වගේ හොඳ අය බොරු කරනකොට කැතයි.”
“මොකක්ද බොරුව?”
“දිලිනි ඔයාට එහෙම කිව්ව නේද?”
“සමාධි... මොකද ඔයාට වෙලා තියෙන්නේ? මාත් එක්ක රණ්ඩුවට වගේ කතා කරන්නේ. ඔයාලා මොනවා විශ්වාස කරත් මට කරන්න දෙයක් නෑ. දිලිනි කවදාවත් මට එහෙම දෙයක් කියලා නෑ. අදත් කියන්නේ එයා නිසා මගේ පරණ යාළුවෝ අමතක කරන්න එපා කියලා.”
“ඒ කියන්නේ දෙන්නා දැන් නිතර හම්බවෙනවා?”
“ඔව්... ඇයි.....?”
“නෑ නිකං.... ඔයා අපි කියන දේවල් අහන්නේ නැහැනේ.... ඒ නිසා කිව්වට වැඩක් නෑ. කවදාහරි ඔයාට තේරෙයි දිලිනි කරන්නේ ‍බොරුවක් කියලා. එදාට ඔයා පරක්කු වැඩි වෙයි.”
“මම හිතන්නෙ නෑ සමාධි. දිලිනි ‍බොරුවක් කරලා මගෙන් මොනව ගන්නද? ඔන්න මම එයාට බොරුවක් කරනවා කිව්වනම් පිළිගන්න තිබුණා. එයාගේ සල්ලි නිසා කියලා.”
“ඔයාට ඒ තරමට විශ්වාසද?”
“ඔව් සමාධි.... පලවෙනි දේ මට මාව විශ්වාසයි. ඒ නිසා මම කරන දේ විශ්වාසයි. ඒ කියන්නේ මම විශ්වාස කරන අය මට ඇත්තටම විශ්වාසයි.”
“කොහොමහරි කමක් නෑ අයියේ... මොනව වුනත් පරිස්සමින්.”
“මම පරිස්සමින් තමයි නංගි ඉන්නේ.”
“බලාගෙන ඔයාට ආයෙත් කරදරයක් වෙන්න ඉඩ තියෙනවා.”
“මම හිතන්නෑ.”
මම ‍එහෙම කිව්වට සමාධිගේ අනාවැකිය ඇත්ත වෙන්න ගියේ පැය කීපයක් විතරයි.
මම ප්‍රැක්ටිස් ඉවර වෙලා දිලිනිව හම්බවෙන්න නුවරට ආවා. අපි දෙන්නා වැව රවුමේ සෙනග නැති පැත්තක බංකුවක වාඩි වෙලා කතා කර කර හිටියා.
මේ හරියේ චිල්රන්ස් පාක් එකට ඇවිත් තිබුණ අය‍ගේ වාහන කීපයක් ඇරුණාම වෙන වාහනයක්වත් මනුස්සයෙක්වත් හිටියේ නැහැ. නිස්කලංක වෙලාවක්.
ටික වෙලාවකින් අපි හිටපු තැනට කිට්ටුව වාහනයක් ඇවිත් නැවැත්තුවා.
“කාවින්ද.... ගිහාන්....”
මම ඒ පැත්ත බලනකොට ගිහාන් වාහනයෙන් බැහැලා තවත් යාළුවෙක් එක්ක අපි ළඟට එනවා.
“අනේ කාවින්ද.... මම කියන නිසා රණ්ඩුවට යන්න එපා. ඔයාට මොනව කිව්වත් සද්ද නැතුව ඉන්න. අපිට ප්‍රශ්ණ දාගන්න බැහැ.”
මම දිලිනි දිහා බැලුවා. එයාගේ මූනේ ඇඳිලා තිබුණේ තරහක්.
“ආ..... කුරුලු ජෝඩුව ලව් කරනවා වගේ?”
ගිහාන් කිව්වා.
“ගිහාන් මම ඔයාට කොච්චර කියල තියනවද මට කරදර කරන්න එපා කියලා.... ඇයි අපේ පස්සෙන් එන්නේ.” දිලිනි කිව්වා.
“මට උඹත් එක්ක කතාවක් නෑ... මේක මගෙයි කාවින්දගෙයි කතාවක්.” ගිහාන් කෙලින්ම කියලා දැම්මා.
“ඇයි... ගිහාන් ... මොකක්ද උඹට මගෙත් එක්ක තියෙන කතාව.”
“ලැජ්ජ නැද්ද ඩෝ.... අනුන්ගේ ගෑණුන්ට බැල්ම දාන්නේ. මේ ලෝකේ මෙච්චර කෙල්ලෝ ඉද්දි.”
ඌ ඒක කියනකොටම දිලිනි කතා කළා.
“ගිහාන් කරුණාකරලා යන්න.... මම ඔයාට අයිති දෙයක් නෙවෙයි.”
“මේ උඹ හිටපං... අපි දෙන්නා ඒක බේරගන්නම්.”
“ගිහාන් මේ.... අපිට කරදර කරන්න එපා. දිලිනි උඹට අයිති නෑ... ඒක එයාගේ කටින්ම අහගත්තනේ.. දැන් පලයං.”
“ඇයි ගියේ නැත්තං මොනව කරන්නද?”
එහෙම කියනකොට ගිහාන්ගේ යාළුවා මගේ ටී ෂර්ට් එකෙන් ඇදලා ගත්තා. එතකොටම පටාස් ගාලා ගිහාන් මගේ කම්මුලට සැර පාරක් ගැහුවා.
තත්පරයක් යන්න කලින් දිලිනි මැද්දට පැනලා ගිහාන්ව තල්ලු කළා.
“ගිහාන්..... මාව යකා කරගන්න එපා... දන්නවනේ මගේ හැටි. කාවින්ද මෙච්චර ඉවසුවේ මම කියපු නිසා නැත්නම් තමුසෙලා දෙන්නගේ කෑලිත් නෑ....”
දිලිනි ඒක කියපු විදිහට මමත් ගැස්සිලා ගියා.
“ගිහාන් තමුසේ තව එක විනාඩියක් මෙතන හිටියොත් මම තමුසෙයි යාළුවයි දෙන්නම මරණවා.”
මම එහෙම කියලා ගිහාන්ගේ යාළුවාගෙ අතින් අල්ලලා ඌව වැව පැත්ත‍ට තල්ලු කළා. ගිහාන් ගේ බෙල්ලෙන් අල්ලලා උගේ මූණ ළඟටම අත ගෙනාවා, ඒත් ගැහුවේ නෑ.
“යන්න දෙන්න කාවින්ද...” දිලිනි මගේ අතේ එල්ලුනා.
උන් දෙන්නා ගියාට පස්සේ දිලිනි මගේ අතින් අල්ලගෙන මගේ මූණ කෙලින් බැලුවා.
“ඉවසන්න කිව්වට ගුටි කන්න කියලා මම කිව්වේ නෑ කාවින්ද.”
තරහ පැත්තකින් තියලා මට හිනා ගියා.
“එහෙනම් ඔයා මොනවද කරන්න කිව්වේ?”
“මම දන්නෑ කාවින්ද... ඒත් ඔයා ගුටි කනවා බලාගෙන ඉන්න මට බෑ. මම නිසා ඔයා ඔය තරම් ඉවසන්න එපා... මට දුකයි.”
“අයියෝ ප්‍රශ්ණයක් කරගන්න එපා. මම අන්තිම වතාවට මේ ඉවසුවේ. ආයෙත් සැරයක් ඌ ආවොත් මම බලාගෙන ඉන්නේ නෑ. එක්කෝ ඌ නැත්නම් මම.“
“අනේ ඔයාට තුවාල නෑ නේද“ දිලිනි මගේ මුළු ඇඟම අතගගා බලනවා. ඒ මදිවට ඇස් වල කඳුළු.
කෙල්ලෙක් මෙහෙම ආදරේ කරනවනම් එක පාරක් නෙවෙයි දහ පාරක් හරි ගුටිකන්නම්කෝ. මට හිතුනා.

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 79




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


79.

මම ලංකාවට ඇවිල්ලා දවස් පහකදි විතර පුහුණුවීම් පටන් ගත්තා. තවම කැම්පස් වලට ඇතුල් කරගන්න දිනයක් නැති නිසා දෙමව්පියන් වුනත් අකමැති වුනේ නෑ.
මම සතියට දවස් හතරක් උදේට ඉස්කෝලේට ගිහිල්ලා ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් නැත්නම් අපේ වචන වලින් ෆිසිකල් ෆිට්නස් වලට  පුහුණුවීම් කරනවා.
ඊට පස්සේ ටවුමට ඇවිල්ලා යාළුවෝ ටිකත් එක්ක ඉඳලා ගෙදර යනවා. ආයෙත් හවස දෙකට ෆීසියෝතෙරපි වලට ගිහින් තුන හමාරට ඉස්කෝලෙට ගිහින් සර් එක්ක එයාගේ උපදෙස් පිට දිවිම් පුහුණුවෙනවා. හවස හය හමාරට විතර ගෙදර එනවා. නැත්නම් ටවුන් එක පැත්තේ ගිහින් තේකක් බීලා සචියා එක්ක ගෙදර එනවා.
සතියේ ඉතුරු දවස් තුන මම ගරාජ් එකේ වැඩට යනවා. සමහර වෙලාවට සතියට දවස් හතරක් වැඩට යන වෙලාවලුත් තිබුණා.
මේ හැම දවසකම මම නොවරදවා කරපු තව දෙයක් තිබුණා.
දිලිනිව හම්බවෙන එක. පුහුණුවීම් වලට යන දවස් වල සමහර වෙලාවට මම උදේ පුහුණුවීම් ඉවර වෙලා පේරාදෙනිය ටවුන් එකේදි දිලිනිව හම්බ වෙනවා. හැබැයි බොහොම රහසින්. කාටවත් පේන්නේ නැති වෙන්න එයාගේ වාහනේ ට ගොඩ වෙලා අපි දෙන්නා කොහේ හරි යනවා.
උදේට මුණ ගැහෙන්න බැරි වුනොත් හවස පුහුණුවීම් ඉවර වෙලා හම්බවෙනවා. එහෙම මුණ ගැහුණු දාට අපි දෙන්නා අනිවාර්යයෙන්ම ඩිනර් එකත් අරගෙන තමයි යන්නේ.
ගරාජ් එකේ වැඩ කරන දවස් වලත් වැඩ ඉවර වෙලා අපි දෙන්නා මුණ ගැහෙන්න පුරුදු වුනා.
ගරාජ් එකේ වැඩ ගොඩක් රෑ වෙනකම් තිබුණ දවසක නැත්නම් ධනුෂ්ක අයියා එක්ක වාහනයක් බලන්න ගිය දවසක එහෙමත් නැත්නම් ගෙදර මොකක් හරි දෙයක් නිසා ගෙදර ඉන්න හෝ එලියට යන්න වුන දවසක් ඇරෙන්න අනිත් හැම දවසකම අපි මුණ ගැහුණා. දෙන්නට දෙන්නා දකින්නේ නැතුව එක දවසක් වත් ඉන්න බැරි වෙන තරමට අපේ සම්බන්ධය දුර දිග ගියා කිව්වොත් හරි.
අපි දෙන්නා හරිම සුන්දර කාලයක් ගත කළා. ඒ හැම දවසකම දිලිනි මට කිව්වේ මොනව හරි තව ඉගෙනගන්න කියලා. ඩිග්රි එකක් ගන්න කියලා. ඒ වගේම ක්‍රීඩා වලින් තව ඉස්සරහට යන්නත් එයා මාව උනන්දු කළා.
දිලිනිගේ කීමට මම කොළඹ  NIBM එකේ මැනේජ්මන්ට් කෝස් එකකටත් බැඳුනා. හැම සති අන්තයකම ඉරිදා මම කොළඹ ගියා. දිලිනි මය එයාගේ කාර් එක දුන්නා. BMW කාර් එකක ක්ලාස් එකට යන මට ලොකු අවධානයක් ලැබුණා. ක්ලාස් එකේ ගෑණු ළමයි මං දිහා බැලුවේ කොයි වෙලාවේ මම ඒ අයට කතා කරයිද කියලා වගේ. ඒත් වැඩක් වුනේ නෑ, සතියක් ඇර සතියක් වගේ දිලිනිත් මාත් එක්ක ක්ලාස් එක ළඟටම ආවා. එයා මාව ක්ලාස් එකෙන් දාලා මට ක්ලාස් ඉවර වෙනකං කොළඹට වෙලා ඉඳලා හවස මාත් එක්කම නුවර ගියා.
ඒ ක්ලාස් එකෙත් මට යාළුවෝ ගොඩ දෙනෙක් ඇති වුනා. කොළඹ උන් කියලා වෙනසක් තිබුණේ නැහැ. නුවර අපේ සෙට් එක වගේම පිස්සෝ ටිකක් තමයි හිටියේ.
මම ක්ලාස් එකට යන සමහර දවස් වල කළින් ආවහම මම පුරුද්දකට වගේ SSC පිට්ටනිය ළඟ කාර් එක නවත්තලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනවා බලාගෙන ඉන්නවා. මමත් ඉස්කෝලේ ක්‍රිකට් ගහල තිබුණ නිසා මට ඒකට ආසයි.
ඔය විදිහට දවසක් බලාගෙන ඉන්න අතරේ නොහිතපු විදිහට මගේ පන්තියේ හිටපු යාළුවෙක් පිට්ටනියේ ඉන්නවා මම දැක්කා. ඌ තමයි අපේ අවුරුද්දේ ඉස්කෝලේ ක්‍රිකට් කැප්ටන්. තාරක.
“යකෝ කාවා..... උඹ කොහෙද මෙහේ?”
“ක්ලාස් ආවා බං... NIBM එකේ....”
“පට්ට කාර් එකක් නේ යකෝ.... ගත්තද?”
“අපිට කොහෙද බැදපු මාළු පූසෝ..... නෑ බං.... යාළුවෙකුගේ....”
“ඒක නෙවෙයි, සචියා කිව්වා උඹ සිංගප්පූරු ගිහින් කකුල හොඳ කර ගත්තා කියලා.”
“ඔව් බං.... දැන් සිරාවටම හොඳයි....”
“මේ එක නෙවෙයි, උඹට පහුගිය කාලේ සිරාවටම බර බර කෑල්ලක් සෙට් වෙලා වගේ නේද.... බෙහෙත් ගන්න සිංගප්පූරු, දැන් මේ කාර් එක....?”
මම හිනා වුනා.
ඒක නෙවෙයි කාවා, මොකද අර සීන් එකට වුනේ... දිලිනි මිස්.....”
“හ්ම්..... අවුලක් නෑ......”
“ඒ කියන්නේ ඇත්ත...?”
“මොකක්ද?”
“උඹල දෙන්න යාළුයි කියලා....”
“ඔව්......”
“එල  එල.... උඹල දෙන්නට හොඳනම් අපිට මොකද බං... අනිත් එක මොනව වුනත් බර කෑල්ලක් කියලා පේනවා. කාර් එක කෙල්ලගෙද?”
“ඔව් බං.....”
“ඉතින් වරෙන් ප්‍රැක්ටිස් කරමු. උඹ දැන් කොහොමත් කොළඹ එන එකේ සතියට දවස් හතරක් මේකට වරෙන්..”
“මම, SSC ප්‍රැක්ටිස්.... මාව ගන්නෙ කව්ද බං... මම ෆර්ස්ට් ඉලෙවන් ගහල තියෙන්නේ මැච් දෙකයි....”
“ඒක අදාල නෑ මචං, මටත් කම්මැලි එකේ වරෙන්... මම පැණියටත් එන්න කිව්වා. ඌ වගේ බෝලර් කෙනෙක් ඕනේ වෙලා තිබ්බ නිසා. කොහෙද ඒ ගොනාට කෙල්ලගෙන්  තොර ලෝකයක් නෑනේ.”
“නෑ තාරා.... මට ඕක බැරි වැඩක් බං.... අනිත් එක ඇත්තටම මම සෑහෙන කාලෙකින් සෙල්ලම් කරලා නෑ....”
“කමක් නෑ... වරෙන්කෝ..... අපිට සෙකන්ඩ් ඩිවිෂන් ගහන්න පුළුවන්. මාත් තාම සෙකන්ඩ් ඩිවිෂන්....”
“හැබැයි ඒකත් හොඳයි.... හිටපංකෝ මම කල්පනා කරලා බලන්න.”
තාරකගේ යෝජනාවත් නරකම නෑ කියලා මට හිතුනා. මීටර් හාරසීය ඉවෙන්ට් එක කරන්න පටන් ගත්ත ගමන් ගිහාන් නිසා ඒ වැඩේ නැවතුනා. දැන් කොහොමටත් කාලයක් නැ.ති වෙයි  ආයෙත් පටන් ගන්න. මේ තියෙන්නේ සාෆ් එකට තෝරගන්න තරඟාවලියක්. ඒකට ඉන්න බැරිවුනා කියන්නේ ආයෙත් චාන්ස් එකක් එන්නේ නෑ.
රගර් සෙල්ලම් කරන්න තරම් තාම හිතට ෆිට් එකක් නෑ. කකුල සම්පූර්ණයෙන්ම හොඳ වුනත් අඩිය තියන වාරයක් ගාණේ හිතට බයයි. ඒ නිසා රගර් වගේ ක්‍රීඩාවක් කරන්න හිත‍ට බයයි. මම කරපු ක්‍රීඩා වලින් ඉතුරු වෙලා තිබුණේ ක්‍රිකට් විතරයි කරන්න පුළුවන් දේකට.
තාරකගේ යොජනාව දිලිනිට කිව්ව ගමන් එයා හොඳටම සතුටු වුනා.
“කාවින්ද ඔයා පටන් ගන්න... ඕනෙම උදව්වක් මම කරන්නම්. ඔයාට ඕන තරම් සල්ලි මම දෙන්නම්... පුළුවන් තරම් හොඳින් කරන්න.”
“තාම මම තීරණය කරලා නෑ... බලමු.”
“මොනවද කාවින්ද බල බල ඉන්නේ. ඔයාගේ කාලේ ගතවෙනවා. දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දකට කිට්ටුයි. තාම කැම්පස් යන්න ආවෙත් නෑ. කිසිම කෝස් එකක්වත් ඔයා කම්ප්ලීට් කරල නෑ. සාෆ් සිලෙක්ෂන් වලටත් යන්න බැරිලු. දැන් මේකවත් කරන්න.”
“මම හිතුවේ ආයෙත් ප්‍රැක්ටිස් ගිහින් සාෆ් සිලෙක්ෂන් වලට තරඟ කරන්න. කල් ඇතිවෙයි මගෙ හිතේ.
“අනේ මම දන්නේ නෑ කාවින්ද... ඔයා එක එක වෙලාවට කතාව වෙනස් කරනවා. හරි එහෙනම් 400 එක ප්‍රැක්ටිස් කරන්න. අදම සර්ට කතා කරලා දවස් දාගන්න.”
එහෙම කියලා දිලිනි මගේ ෆෝන් එක අරගෙන සර්ගේ අංකයට කෝල් එකක් ගත්තා.
මේ කෙල්ල පුදුම කෙල්ලෙක්.... මට ඉන්න දෙන්නෙම නෑ....
“හලෝ සර්.....”
මම කතා කළා.
“කාවින්ද... මොකද? දැන් හොඳයි නේද?”
“ඔව් සර්....”
“ග්‍රවුන්ඩ් එක පැත්තේ එනවද? මම හිතන්නේ තාම කල් ඇති. වැඩේ පටන් ගමු.”
“සර්... මට පුළුවන් වෙයිද?”
“අයිසේ ගොඩ ඉඳලා පීනන්න බෑ... එනවා.. ඇවිල්ලා බලනවා. මය නම් ෂුවර් කාවින්දට පුළුවන්.”
“හරි සර් .... මම අද හවස එන්නම්.”
“හොඳ කොල්ලා...... මම කාවින්ද ගැන අවුරුදු ගාණක් බලාපොරොත්තු තියාගන හිටියා. මගේ ගෝලයෙක් සාෆ් යවනවනම් ඒ කාවින්ද තමයි කියලා මම දැනගෙන හිටියා.”
“ඕකේ සර්.... බායි....”
කතා වුන විදිහට මම එදා හවසම ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඊට කලින් දිලිනිගේ වදේ නිසා සිංගප්පූරුවේ මම බෙහෙත් ගත්ත ඩොක්ටර් ට කතා කලා. මේ කෙල්ල මිනිහගේ මොබයිල් ෆෝන් නම්බර් එකම ඉල්ලගෙන.
එයා කියපු විදිහට කරන්න මම හිතා ගත්තා. ඒත් ප්‍රැක්ටිස් පටන අරන් මාසයකින් ආයෙත් මාව බලන්න ඕනේ කිව්වා.
“කමක් නෑ කාවින්ද... මම ඔයාට ටිකට් හදල දෙන්නම්. මේ සැරේ අපි ‍ඒ වැඩේ ඉවර වෙලා මැලේෂියාවටත් ගිහින් එමු. එන ගමන් මෝල්ඩිව්ස් ටච් කරලා එමු.”
“මම නම දන්නෑ ඕවා. ඔච්චර සල්ලි නාස්ති කරන්න එපා..”
“සල්ලි තියෙන්නේ වියදම් කරන්න කාවින්ද... මේවා තනිකරම මගේ සල්ලි නෙවෙයි. ඉතුරු කළා කියලා අපි දෙන්නට ලැබෙන්නේ නෑ.”
“ඒ වුනාට තාත්තා බලන්නේ නැද්ද. දෙන්නෙකුට ටිකට් ගන්නවා කිව්වහම සැක හිතන්නේ නැද්ද?”
“නෑ... එයා ඔය තරම් ඩීටේල් බලන්නේ නෑ. අනික මම ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන නිසා අවුලක් නෑ... එයාට හොයන්න බෑ.”
“ඒ වුනාට මගේ හිත කියනවා ඒක හරි නෑ කියලා.”
“පිස්සු කියවන්න එපා... හා හා... දැන් හොඳ ළමය වගේ ප්‍රැක්ටිස් යන්න.. මම හැමදාම එනවා බලන්න.”
“ඒ මොකද?”
“ඇයි මෙයා... ප්‍රැක්ටිස් කියලා මාව බලන්න ආවා වගේ තව තව අය බලන්න යනවද දන්නෑනේ....”
“ඔව් යනවා... මොකද?”
“ඒවට නම් එන්න එපා.... දැන් ඔයා මගේ විතරයි....”
“අප්පා මේ කෙල්ලෝ මෙච්චර ආත්මාර්ථකාමී වෙන්නේ කොහොමද?”
“ඇයි....?”
“අපි දෙන්නා දැනගත්තෙත් මම ඔයා ගැන හොයල බලන්න ආව නිසානේ...”
“ඒ මං ගැන නේ... අනිත් එක දැන් මාව අයිති කරගෙන ඉවරනේ.”
“හරි හරි... ඔයත් එක්ක මේක කතා කරන්න බෑ.. ඔන්න මම ගියා.”
මම ආපු එක ගැන සර්ට ඇත්තටම සතුටුයි.
“කාවින්ද.... නියම වැඩේ.... අපි දැන් ඉඳලා බහිමු ගේමට.... සුගත් තිලකරත්නලා හිටියා කියලා බය වෙන්න එපා. අපි ‍අපේ හොඳම ගේම දෙමු.”
“හරි සර්....”
“ඒක නෙවෙයි, සිංගප්පූරු යන්න කව්ද ස්පොන්සර් කළේ...?”
“ඇයි සර්...?”
“මට ආරංචියි මිස් දිලිනි කියලා.”
“ඔව් සර්.....”
“තමුසේ කෙල්ල නිසා නේද ඒ කියන්නේ ගුටි කෑවේ...”
මම හිනා වුනා...
“තමුසෙල නම් අයිසේ අදහන්න වටින මිනිස්සු.... කෙල්ල නිසා තමුසේ කෙල්ලගේ කලින් කොල්ලගෙන් ගුටි කාලා කකුල කඩා ගත්තා. කෙල්ල ඒකට හිලව්වට එයාගේ වියදමින් තමුසේ පිටරට යවලා බෙහෙත් කළා. මාර පොරවල් අයිසේ තමුසෙලා...”
“සර්... මේක අපේ ගෙදර අයටනම් කියන්න එපා...”
“ඇයි?”
“ඒ අය දන්නේ නෑ...”
“හරි හරි අයිසේ... මම ඕව කියන්න යන්නෑ.... හැබැයි පුදුමයි තමුසෙගේ තාත්තා ඕක නොදැන හිටියා කියන එක.”
“තාම දන්නෑ සර්... ප්ලිස්...”
“හරි හරි....”