Monday, August 28, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 85



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



85.

පොඩි ගැටයක් ගහන්න මම කල්පනා කළා.
“නංගා... මෙහේ මොනවා ෂොපින් කරන්නද? දැන් ඔයා හෙට කොළඹ යනවනේ... එතකොට අපි ෂොපින් කරමු. නුවර ඇති දෙයක් නෑනේ... මේ දවස් වල මම හැම වීක් එන්ඩ් එකේම කොලඹ යන නිසා ගොඩක් තැන් දැකලා තියෙනවා.“
“ඒකනම් ඇත්ත අයියේ... මම ඔයාට ඒ වැඩේට කතා කළේ නැත්තේ කොළඹ ගිහිල්ලා මගේ පාස්පෝට් වැඩයි ඕවයි දෙකම කරන්න වෙලා නැති වෙයි කියල හිතලා.“
“නෑ... අපි උදෙන්ම යමු පාස්පෝට් වැඩේට... අපේ මාමගේ යාළුවෙක් ඉන්නවා එතන වැඩ කරන. අපි මෑන්ට සෙට් කරගෙනය යමු. වැඩේ උදෙන්ම බාර දීලා අපි ෂොපින් කරමු. අද මට ගරාජ් එකට යන්නත් තියෙනවා.“
“හරි... හැබැයි ඔන්න හැන්දෑවේ හතරට එන්න ඕනේ මාව ගන්න. මට අපේ ලොකු අම්ම බලන්න යන්න ඕනේ...“
මේ කෙල්ල ඒ පාර තව එකක් සෙට් කළා.
“අනේ අයියේ... ඔහොම බලන්න එපා.... මාව එක්ක යන්න කෙනෙක් නෑනේ... මං වෙනුවෙන් මේ දවස් දෙක තුනවත් වෙන් කරන්න...“
ඒ කියන්නේ මට කොහොමත් දිලිනි ව හම්බ වෙන්න බැරි වෙනවා....
“හරි නංගා... මම එන්නම්....“
“මගේ හොඳ කාවින්ද අයියා....“
මම ගරාජ් යාම පැත්තක තියලා ගියා අමිලයා හම්බ වෙන්න. එදා ප්‍රශ්ණෙන් පස්සේ සචියා මට අද වෙනකං කතා කළේ නෑ.... ඒකත් මට සෑහෙන පාඩුවක්... මම හිතුවෙම ඌට ඕක දවස් දෙක තුනෙන් අමතක වෙයි කියලා.. ඒත් මේ සැරේ එහෙම නෑ වගේ...
“මොකද කාවා... උඹ අස්සයා අකාලේ මැරිච්ච කව්බෝයි වගේ....?“
“යකෝ... එහෙම නම් ඒක හොඳයි... මේක ඊට වඩා කේස් එකක්...“
“ඒ පාර මොකක්ද?“
“දිනි කියනවා අදයි හෙටයි දෙකම එයා එක්ක ගමන් කීපයක් යන්න එන්නලු.“
“ඉතින් පලයං... උඹලා දෙන්නා ඉස්කෝලේ යන කාලේ හැම ගොන් වැඩකදීම කෙල්ල උඹව ෂේප් කරපු එකේ.. මේක බෑ කියන්න එපා...“
“යන එක නෙවෙයි බං සීන් එක.... අද හවස මම දිලිනිව බලන්න යන්න හිටියේ..“
“හරි ඉතින් ඒකිට දවසක් ඉවසන්න බැරි නෑනේ....“
“ඒ වුනාට බං. කෙල්ල අප්සෙට් යයි මම දිනි එක්ක යනවා කියලා දැනගත්තහම.“
“ඉතින් නොකියා වෙන බොරුවක් කියපං...“
“ඒක මාට්ටු වෙනවා බං....“
“මං දන්නෑ කාවා.. උඹ වෙනදට ඔය වැඩ කළේ සචියා එක්කනේ... ඌ තමයි උඹට අයිඩියා දුන්නේ... මට ඕව පුරුදු නෑ බං...“
“ඒ කියන්නේ දැන් උඹත් පස්ස ගහනවා. මොනවද යකෝ උඹල හැමෝටම වෙලා තියෙන්නේ. මම කෙල්ලෙක් එක්ක යාළු වුන එකට උඹලා ඇයි මාත් එක්ක අවුල්... කමක් නෑ... මම ම බලාගන්නම්... මං යනවා...“
එහෙම කියලා මම පස්සවත් හැරිලා බලන්නේ නැතුව බයික් එක සාටාර්ට් කරගෙන ගරාජ් එකට ගියා.
වැඩක් කරන්න හිතක් තිබුණේ නැති නිසා ධනුෂ්ක අයියගෙන් නිවාඩුවකුත් ඉල්ලගෙන ගෙදර ගියා.
බාත් රූම් එකට ගිහින් මුලින්ම මම හොඳ උණු වතුරෙන් පැයක් විතර නෑවා. එහෙමවත් මේ ප්‍රශ්ණ හේදිලා යනවනම් කියලා හිතුනා. ඒත් මට වෙලා තියෙන දේවල් වතුරෙන් හෝදලා යවන්න බෑ.
ටවල් එක ඇඳගෙන එළියට ආපු මම ඇඳුමක් දාගන්නෙවත් නැතුව දිලිනිට කෝල් එකක් ගත්තා.
“බබා... මොකද මාව මතක් වුනාද?“ දිලිනි ඇහුවා.
“නෑ සුදූ..... ඔයා මොකද කරන්නේ...?“
“මේ වෙලාවෙනම්  ඔෆිස් එකේ කාවින්ද.... ලොකු ෂිප්මන්ට් එකක් යවන්න තියෙනවා.. ඒකේ වැඩ වගයක් හිරවෙලා.. බයවෙන්න එපා මම හවස කියපු වෙලාවට එනවා මොන වැඩ තිබුණත්.“
මම ඕනේ වුනේ දිලිනිව දැන් හම්බවෙන්න... ඒත් එයා වැඩ..
“ඔයාගේ වැඩේ ඉවර කරගන්න සුදූ... මම ගත්තේ පොඩි දෙයක් කියන්න...“
“කියන්න කාවින්ද, මම අහගෙන ඉන්නේ...“
“මේකයි සුදූ... මම හවස එන්න බැරිවෙයි වගේ... අම්මා ගමනක් යන්න එන්න කිව්වා... බෑ කියන්න බැරි ගමනක්..“
“අනේ..................“ දිලිනි දුකෙන් කිව්වා...
“ප්ලීස් අන්ඩර්ස්ටෑන්ඩ් මී සුදූ....“
“හරි කමක් නෑ කාවින්ද..... අම්මගේ දේකට බෑ කියන්න එපා... ඔයා රෑ වෙලා හරි කමක් නෑ පුළුවන්නම් මාව බලලා යන්න විනාඩියකට හරි එන්න... මම අද ඉන්නේ එපාර්ට්මන්ට් එකේ.. ගෙදර යන්නේ නෑ...“
“බලමු... පුළුවන් වුනොත් මම කොහොමහරි එනවා.“
“ඕකේ... බායි කාවින්ද...“
දිලිනි ෆෝන් එක තිබ්බා.
කරන්න වෙන වැඩක් නැති නිසා මම දීප නැන්දත් එක්ක ඔපාදූපයක් කියන්න සෙට් වුනා.
“දීප නැන්දේ... මට දෙයක් දැනගන්න තියෙනවා.“
මම ඒක කිව්ව විතරයි දීප නැන්දා හොල්මනකට බයවෙලා වගේ මගේ දිහා බැලුවා.
“මොකද දීප නැන්දේ... මම බයවෙන දෙයක් කිව්වද?“
“නෑ නෑ බබා... කියන්නකෝ...“
“අපේ පවුලේ අයයි දිනිගේ පවුලේ අයයි අතරේ අළුතින් ඇතිවෙලා තියෙන ප්‍රශ්ණේ මොකක්ද?“
“මම දන්නෑ බබා... එහෙම ලොකු ප්‍රශ්ණයක් තියෙනවා කියලා මම හිතන්නෙත් නෑ...“
“දීප නැන්දා නොහිතුවාට එහෙම එකක් තියෙනවා....  මෙතන මට නොතේරෙන මොකක් හරි තියෙනවා...“
“මම නම් දන්නේ මෙච්චරයි... බබාගේ අම්මයි තාත්තයි බයයි බබා දිනි පුංචි නෝනා එක්ක යාළු වෙයි කියලා.“
“ඉතින් ඇයි ඒ... දිනිගේ මොකක්ද තියෙනා අඩුව.“
“අඩුව නම් මම දන්නෑ.. ඒත් එහෙම දෙයක් වුනොත් ඒක නොගැලපෙන කසාදයක් කියලා විතරක් මම දන්නවා.“
“ඉතින් මගේ එහෙම එකක් නැත්නම්..“
“ඒ වුනාට දෙමව්පියෝ බය ඇති. අනික ඕව මගෙන් අහන්න එපා...“
අපි ටික වෙලාවක් කතා නොකර හිටියා.
“බබාට නෙස්කැෆේ එකක් හදල දෙන්නද.. කිරි නැතුව.“
“හා...“
“ඒක නෙවෙයි බබා.. මමත් දෙයක් අහන්නද?“
“හරි...“
“බබා දිනි පුංචි නෝනා එක්ක යාළු වෙලා නෑ කියලා මම නම් දන්නවා.“
“ඒ කොහොමද...“
“මම මාකට් එකට ගිය දවසක දැක්කා, බබා ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ ගෑණු ළමයෙක් එක්ක යනවා. එයා එක්කද බබා යාළු වෙලා ඉන්නේ...“
මලා.... මෙයා අපි දෙන්නව දැකලද..?
“ම්..... ටිකක් ඒ වගේ තමයි දීප නැන්දේ... ඒත් අපි දෙන්න තාම යාළු වෙලා නෑ.. මුලින් අපි යාළු වෙලා පස්සේ ගෙවල් වල අය අකමැති වුනොත්...“
“මම ඔට්ටු තියලා කියන්නම් බබාගේ අම්මයි තාත්තයි නම් ඒ ළමයට කවදාවත් අකමැති වෙන්නේ නෑ. දිනි නෝනත් ලස්සනයි තමා.... ඒත් ඒ වගේද මම දැකපු කෙනා, පුදුම ලස්සනක්නේ තියෙන්නේ... අනිත් එක හරි අහංසක පාටයි... කාවින්ද බබාට හරියන්නේ ඒ වගේ කෙනෙක්ම විතරයි. මම නම් උඩින්ම කැමතියි.“
“අපේ අම්මයි තාත්තයි දෙන්නත් කැමති වෙයි කියලා දීප නැන්දා හිතනවද?“
“ඇයි දෙයියනේ අකමැති වෙන්නේ...? ඒ වගේ බබාට ගැලපෙන කෙනෙක් මම කවදාවත් දැකලා නැහැ.“
“දීප නැන්දා කැමතිද එයාට...“
“නැතුව, මට එදාම දුවලා ඇවිත් කතා කරන්න හිතුනා. ඒ දරුවගේ අතින් අල්ලන්න හිතුනා. පුදුම සීදේවි කමක් නේ තිබුණේ.. නොඉඳුල් රෝස මලක් වගේ...“
ඒ කියන්නේ දීප නැන්දා කියන විදිහට දිලිනි මට ගැලපෙනවා. වයස කේස් එක නැත්නම් අම්මයි , තාත්තයි වුනත් කැමති වෙන්න තිබුණා.
“ඒ වුනාට ඒක හරියන්නේ නෑ දීප නැන්දේ....“
“ඒ මොකද?“
“එයා වෙන කෙනෙකුට බන්දන්න තීරණය කරලා....“
“හත් දෙයියනේ... එතකොට වෙන කෙනෙකුගේ ගෑණු ළමයෙක් එක්කද බබා ඇවිදින්නේ..... අපෝ... ඒක හොඳ වැඩක් නෙවෙයි. කසාදයක් තීන්දු කළාට පස්සේ වෙන කොල්ලෙක් එක්ක ඇවිදින කෙල්ල විශ්වාස කරන්න බෑ.“
“ඒ වුනාට දීප නැන්දේ එයාගේ ඒකට කිසිම කැමැත්තක් නෑ.“
“ඒ වුනාට දෙමව්පියෝ හොයල දෙන කෙනෙකුට කැමති වෙන එක දරුවෙකුගේ යුතුකම.“
“ඒක මාර වැඩක්නේ දීප නැන්දේ... මගේ ගෑණී එක්ක ජීවත් වෙන්නේ අපේ අම්ම, තාත්ත නෙවෙයිනේ... එතකොට ඒ අය කැමති කෙනෙක් අරගෙන හරියනවද? මම කැමති කෙනෙක් නේ  ගන්න ඕනේ...“
“ඒ වුනාට දරුවෝ දෙමව්පියන්ට කීකරු වෙන්න ඕනේ. බබාගේ දෙමවිපියෝ අකමැති වෙන කෙනෙක් බබා බඳිනවද?“
“මම කැමතිනම් අනිවා බඳිනවා නැන්දේ....“
“අප්පෝ.... හරිම මුරණ්ඩු කෙනෙක්නේ බබා...... අම්මා දැනගත්තොත් හැපෙයි...“
“හෝව් හෝව් දීප නැන්දේ... මම තාම එහෙම කෙනෙක්ව බැන්දේ නෑ.... දැන්ම කේලම කියන්න එපා.“
“මම කියන කේලමක් නෑ බබා. මට ඕනේ මොන දේ වෙලා හරි බබාට හරියනවා දකින්න.“
“එහෙනම් මම කැමති දේ කරනකොට සද්ද නැතුව ඉන්න...“
‘අනේ අම්මෝ... මට නම් බෑ ඕවා... මේං මං ගියා.“
දීප නැන්දත් යන්න ගියා.
මම ටිකක් නිදාගෙන තුනට විතර නැගිටලා ආයෙත් නාලා දිනිව ගන්න යන්න පිටත් වුනා.
ඒ අතරේ දිලිනි කෝල් කළා. මම අම්මගේ වැඩේට යන ගමන්වත් විනාඩියකට එයාව බලල යන්න එනවද අහන්න. තවදුරටත් බොරු කියන්න මට හිත දුන්නේ නෑ... මම දිලිනිට ඇත්තම කිව්වා. දිනිගේ වැඩකට යන බව කිව්වහම එයා හොඳටම දුක් වුනා. ඒත් එපා කිව්වේ නෑ....
දිනිගේ ලොකු අම්මව බලල එන අතරේ මම දිනිට කිව්වා මට නුවර හරහා එන්න ඕනේ කියලා.
“ඇයි...“
“මට පොඩ්ඩක් දිලිනිව බලන්න ඕනේ නංගා.“
මම කෙලින්ම කියලා දැම්මා. මට ඕනේ වුනේ මම ආදරේ කරන්නේ දිලිනිට විතරයි කියලා දිනිට දැනෙන්න අරින්න. ඒත් මම කියපු දේ මම කියපු මෝඩම කතාවකි වෙයි කියල නම් මම හිතුවේ නැහැ.
මම බයික් එක නුවර පැත්තට දානකොටත් දිනි මොනවත් කිව්වේ නෑ.
දිලිනි මේ වෙලාවේ එයාගේ ඔෆිස් එකේ ඉන්නවා කියලා මම දන්නවා. ඒ නිසා මම එයාට කෝල් එකක් දීලා වැව රවුමේ ලේක් සයිඩ් එක ළඟට එන්න කිව්වා. මම තනියම එයාව බලන්න එනවා කියලා හිතලා කෙල්ල සතුටින් උඩ පැන්නා. ඒත් මම දිනි එක්ක එන බව එයාට කිව්වේ නෑ...
මම ලේක් සයිඩ් එක ළඟ නවත්තනකොටම දිලිනි දුවගෙන ආවා. ඒත් පිටිපස්සේ දිනි ඉන්නවා දැකලා එයා නැවතුනා. ඒත් දිනි නැවතුනේ නෑ... එයා කෙලින්ම ගියේ දිලිනි ලඟට. මම පිටිපස්සෙන් ආවා. ඇයි අප්පා මුන් දෙන්නා ගහ ගත්තොත් එහෙම.
“හලෝ.... දිනි......“ දිලිනි කිව්වා.
“හලෝ..... ඔයාව හම්බවුන එක හොඳයි... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.“ දිනි වන් ෂොට් කියලා දැම්මා.
“මොක්කද?“
“කරුණාකරලා මගේ අයියව රවට්ටන එක නවත්තන්න. ඔයාගේ ඇත්ත තත්වේ මම දන්නෑ කියල නම් හිතන්න එපා. ඔයාට කාවින්ද අයියව රවට්ටන්න පුළුවන් වුනාට මාව බෑ. ඒ නිසා කරුණාකරලා කාවින්ද අයිය ගැන හිතේ තියෙන දේවල් අයින් කරගන්න. එයා ඔයාට අයිති නෑ.“
“දිනි... මොනවද මේ කියවන්නේ...“ එහෙම කියාගෙම මම මැදට පැන්නා.
“නෑ කාවින්ද එයාට කියන්න දෙන්න...“ දිලිනි කිව්වා.
“ඔව් මම කියනවා තමයි. කාවින්ද අයියා ඔයාට අහුවෙලා නාස්ති වෙනවා බලන්න මම කැමති නෑ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නෑ. හොඳින් බැරිනම් නරකින් හරි අපි ඒක කරනවා. මතක තියා ගන්න, මේ ළඟදි කාවින්ද අයියව අඳුරගත්ත ඔයාට බෑ අවුරුදු ගාණක් දන්න කියන අපිව එයාගෙන් ඈත් කරන්න.“
දිනි මේ තරම් දේවල් කියනකම් දිලිනි වචනයක්වත් කිව්වේ නෑ.
“මොකද ඔයා කට වහගෙන... කිව්ව දේ  තේරුණා නේද?“ දිනි ආයෙත් ඇහුවා.
මේ කෙල්ල මේ තරම් නපුරු වුනේ කොහොමද?
ඒ වෙලාවේ පලවෙනි වතාවට දිලිනි කතා කළා.
“දිනි නංගි.... ඔයා කියන දේවල් වලින් තේරෙන්නේ එක දෙයයි...“
“ඒ මොකක්ද.?“
“ඔයා නියම ආදරේ කියන්නේ මොකක්ද කියලා තාම දන්නේ නෑ... හැබැයි මම දන්නවා කාගෙවත් ආදරයක් බොරු කරලා, රවට්ටලා, නැත්නම් බලෙන් ගන්න බෑ කියලා. ගත්තත් ඒක තාවකාලිකයි. මට තාවකාලික ආදරේකින් වැඩක් නෑ. එච්චරයි...“
ඒ ටික කියලා, දිනි හොල්මන් වෙලා බලාගෙන ඉද්දි දිලිනි කාර් එකට නැගලා යන්න ගියා.
මේ දෙන්නව එකට මුණගස්වලා මම කරපු මෝඩ වැඩේ තරම මට තේරුණේ එතකොටයි. මම දැන් කොහොමද දිලිනිට මූණ දෙන්නේ?
දිනිව ගෙදරින් දාපු ගමන් මම දිලිනිට කතා කළා. දිලිනි වචනයක්වත් නොකියා අඬන්න පටන් ගත්තා.
“සුදූ කොහෙවත් යන්න එපා ඔෆිස් එකේම ඉන්න... මම දැන් එනවා.“
“එපා එන්න...“
“ඇයි...?“
“ඇයි කාවින්ද ඔයා මට එහෙම කළේ...? දිනි ඉස්සරහ මම ලැජ්ජා වෙනවා බලන්නද ඔයා එහෙම කළේ...?“
“සොරි සුදූ.... මම කළේ මෝඩ වැඩක්..“
“ඔව්... මෝඩ තමයි... දිනි මට කොච්චර බැන්නද? ඔයා ඒක දැන දැනත් ඇයි එයා එක්ක ආවේ.? මට කියාගන්න දෙයක් නැතිවුනා. මම ආදරේ කරන ඔයා වෙන කෙල්ලෙක් බයික් එකේ දාගෙන මාවම බලන්න ආවා. අන්තිමට මට දිනි ගෙන් බැණුම් අහන්න වුනා.“
“ඒ වුනාට සුදූ ඔයා අන්තිමට කිව්ව දේ නම් වැදුනා කෙල්ලට.“
“මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ කාවින්ද... සොරි මම එහෙම කතා කළාට. ඒත් මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා.“
“නෑ නෑ... ඔයා කියපු දේ වැරදි නෑ සුදූ. ඉන්ෆැක්ට් ඉට්ස් සුපර්බ්...“

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 84



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



84.

උදේ හය හමාරට ප්‍රැක්ටිස් නිසා මම හය වෙනකොට පිට්ටනියට ගියා.
මම ඇඳුම් ඇඳ‍ගන්න කොට දිලිනි කතා කළා.
“මට කම්මැලියි කාවින්ද..එන්නද ප්‍රැක්ටිස් කරනවා බලන්න?”
දැන් මෙයා ආවොත් දිනිත් ඉන්න වෙලාවේ වැඩේ දෙල් වෙනවා.
“එපා සුදූ... මට අද ටිකක් කලින් යන්න වෙනවා තවත් වැඩකට.”
“දිනි එන්න කිව්වද?” දිලිනි කනට ගහනවා වගේ ඇහුවා.
මේ කෙල්ලොනම් මේවා කොහොම ගෙස් කරනවද මන්දා. ඉව තියෙනවද කොහෙදෝ...
“ඇයි කතා නැත්තේ....?”
“ඔයා කැමති නැද්ද මම දිනිව බලන්න යනවට?”
“ඉස්සරනම් මම කිසිම අකමැත්තක් තිබුණේ නෑ ඔයා කාව ආශ්‍රය කළත්... ඒත් දැන්නම් දිනිව ආශ්‍රය කරන එකට මම බයයි කාවින්ද?”
“ඔයා හිතනවද දිනිගේ කීම අහලා මම ඔයාව ඩම්ප් කරයි කියලා?”
“නෑ.... මට ඔයාව සැක නෑ... ඒත් මට දිනිව ෂුවර් නෑ කාවින්ද.....”
“ඔයාට මාව ෂුවර් නම් බය නැතුව ඉන්න... මට දිනි එන්න කිව්වා. පිටරට ඉඳලා ඇවිල්ලා කතා කළාම බෑ කියන්න බෑ සුදූ.. බය වෙන්න එපා...”
“අනේ මට දුකයි...”
“මේ විකාර කරන්න එපා..... ඔයා දන්නවනේ මම දිනි ගැන හිතන විදිහ.”
“හරි හරි... ඔන්න හවස මාව බලන්න එන්න ඕනේ...”
“හරි.... මට කෝල් කරන්න... මම එන්නම්.”
හරියටම දහයට ප්‍රැක්ටිස් ඉවර කරලා මම දහයයි කාලට ගලහ හන්දියට ආවා. මම එනකොටත් දිනි ඇවිල්ලා බස් හෝල්ට් එකට වෙලා තනියම ඉන්නවා.
මාව දැක්ක ගමන් එයා දුවගෙන ආවා.
“ඔයා තනියමද ආවේ?”
“සමාධි මාව දාලා ගියා.”
“යමු.” මම හෙල්මට් එක අතට දුන්නා.
මම දිනිව අරගෙන පේරාදෙනිය රෙස්ට් හවුස් එකට ආවා.
අපි උදේ කෑම ඕඩර් කරලා වැරැන්ඩා එකේ ‍මේසයක ඉඳ ගත්තා.
“ඉතින් දිනි, නංගි මොකද මේ හදිස්සියේ ලංකාවට ආවේ?”
“හදිස්සියක් නෑ... මට අයියව බලන්න හිතුනා.”
“මේ මාව බලන්නමද ආවේ...?”
“ඔව් ඇයි....?”
“නෑ ප්‍රශ්ණයක් නෑ. ඔයා තාමත් ඒ තරම් මං ගැන බලනවා කියන එක ලොකු දෙයක් මට.”
“මම කවදත් එහෙම නේද කාවින්ද අයියේ. ඔයා නේද හැමදාම මාව බලන එක අමතක කළේ?”
“ඒක හින්ට් එකක්ද, කම්ප්ලේන් එකක්ද?”
“කැමති දෙයක් හිතා ගන්න. ඔයා තමයි අළුත් අය හම්බවෙනකොට පරණ සම්බන්ධකම් අමතක කළේ.”
“ඔන්න නංගා ඔයා ආයෙත් වැරදි ටොපික් එකට එනවා. අපි දෙන්නා අතරේ ප්‍රශ්ණයක් නෑනේ.”
“නෑ තමා අයියේ. ඒත් ඔයා වැරදි පාරක යන්නේ...”
“අනේ මේ නංගා.... ඕක නවත්තගන්න. මට ඔය කතාව අහලා ඇති වෙලා...... අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒක මගේ ජීවිතේ... වැරදුනොත් මට...”
“එහෙම කොහොමද වෙන්නේ.... ඔයාගේ ජීවිතේ අපිත් ඉන්නවා... ඔයාගේ අම්මා, තාත්තා, මල්ලි, නෑදෑයෝ.. යාළුවෝ... ඇයි මම..... එතකොට ඔයාට වැරදුනොත් අපි හැමෝටමත් වැරදුනා වගේ තමා.”
“අනේ ප්ලීස් නංගා... ඔළුව අවුල් වෙන කතා කියන්න එපා. ඔයාල හැමෝම මගේ ළගම අය තමා... ඒත් මටත් තනි තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ....”
“අයියෝ අයියේ... ඔයා නම් හදන්න බෑ..... පොඩි කාලේ ඉඳලා ළඟ හිටපු මේ දිනිව ඔයාට වැඩක් නැද්ද...”
“වැඩක් තියෙනවා. නංගි කෙනෙක් නැති මට ඔයා මගේම නංගි. ඔයා වෙනුවෙන් මම පණ වුනත් දෙනවා.... මගේ අම්මට තාත්තට මල්ලිට වගේම මම ඔයාටත් ආදරෙයි....”
“එච්චරද?” දිනි ඇහුවා...
“තව මොනවද?”
“කාවින්ද අයියේ... ඔයාට ඇයි තේරුනේ නැත්තේ මම ඔයාට ආදරේ කරනවා කියලා.. මම ඔයාට ඒක කිව්වා.... ගොඩක් කලින්... ඒත් ඔයා කන් ඇහෙන්නෑ වගේ හිටියා.. මම ඔයාගේ නංගි නෙවෙයි... ඔයා ඒක දන්නවා... ඔයා මගේ කාවින්ද අයියේ.... පොඩි කාලේ ඉඳලා මම ඔයාටයි ආදරේ කලේ... අපි අටේ නවයේ පන්ති වල ඉන්නකොටත් යාළුවෝ මට විහිළු කළා ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. මම ලැජ්ජා වුනේ නෑ... ආඩම්බර වුනා..... දිගටම මගේ යාළුවෝ හිතාගෙන හිටියේ එහෙමයි... මමත් එහෙමයි.... මම කොහොමද ඒ හැම දෙයක්ම අමතක කරන්නේ.”
“අනේ ඩාලින්...මම ඔයාට කිව්වනේ.... මට ඔයා ගැන එහෙම හිතෙන්නේ නෑ..... ප්ලීස් තේරුම් ගන්න....”
“මම දන්නවා අයියේ... ඔයා මට අකමැත්තක් නෑ.. මේ දිලිනි නිසා තමයි ඔයාගේ හිත වෙනස් වුනේ...”
“ඔයා මොලේ තියෙන කෙනෙක් නේද... කැමැත්තයි ආදරයයි කියන්නේ වෙනස් දේවල් කියලා ඔයා දන්නවා නේද?”
“දන්නවා... ඒත් ඔයා යන වැරදි පාර තේරුම් ගත්ත දවසට මගේ ළඟට එනවා කියලා මම දන්නවා. ඒත් එතකං බලාගෙන ඉඳලා ඔයාව විනාශ වෙන්න දෙන්න මට බෑ...”
“මට තේරෙන්නෑ නංගා.. දැන් මොකක්ද මම කරන්න ඕනේ... දිලිනිව ඩම්ප් කරලා ඔයාට ආදරේ කරන්නද....?”
වැල් වටාරම් නැතුව මම කෙලින්ම ඇහුවා... ඇයි අප්පා මේ කෙල්ලෝ එක්ක කතා කරලා දෙයක් තේරුම් කරලා දෙන්නම බෑනේ..... එකම දේ වටේ යනවා... කොච්චර කිව්වත් වැඩක් නෑ.
“නෑ... මම එහෙම කියන්නෑ... ඔයාගේ ආදරේ බලෙන් ගන්න මට බෑ.. ඒත් දිලිනි ව තේරුම් ගන්න බලන්න. එතකොට ඔයාට එයාව ඩම්ප් කරන්න ඕනේ නෑ... එයාට තේරෙනකොට ඔයා එයාව අඳුරගත්තා කියලා එයා ඔයාව ඩම්ප් කරයි...”
“බලමු.... මම තේරුම් ගන්න උත්සහ කරන්නම්කෝ....”
“ඒත් ඔයා දිලිනි කියන හැම දේම විශ්වාස කරනවා. ඒකයි ප්‍රශ්ණේ.. එතකොට එයාගේ නියම ස්වරූපය ඔයාට පේන්නේ නෑ.”
“ඉතින්...”
“මම ඔයාට ඒක කරන්න උදව් කරන්නම්... දිලිනිව ඒ තත්වෙට ගේන්න මට පුළුවන්... එයාගේ ඇත්ත මුණ ලෝකෙට පේන්න රිවීල් කරන්න මට පුළුවන්..”
“මේ.... ඔයා මොනවද කරන්න යන්නේ.... ඒ කෙල්ලට බොරු කතා නම් හදන්න එපා...”
“බොරු... එයාගැන බොරු හදලා කියන්න ඕනේ නෑ අයියේ... මිනිස්සු නොදන්න ඇත්ත එලියට දාපුවාම ඇති.”
දිනි මේ තරම් විශ්වාසෙන් කියන මේ දිලිනිගේ ඇත්ත මූණ මොකක්ද...? දිලිනි කියන විදිහටනම් එයාගේ කිසිම රහසක් නෑ... ඒත් දිනි කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඇත්තටම මටත් ඒක බලාගන්න උවමනා වුනා. ඒ නිසා දිනි කරන්න යන දේවල් මම වලක්වන්න උත්සහ කළේ නෑ....
අපි දෙන්නා කෑම කන අතරේ දිලිනි මට කෝල් කළා. මම ෆෝන් එක අරන් පැත්තකට ගියා.
“කාවින්ද... ඔයා දිනි එක්කද?”
“ඔව්... අපි  බ්‍රෙක්ෆස්ට් ගන්නවා.”
“හ්ම්...”
“මොකද?”
“මට ඔයා එක්ක ‍බ්‍රෙක්ෆස්ට් ගන්න තිබුණනම්.... අපේම ගෙදරක...”
“මොකක්...?”
“නෑ අනේ... මම හීන බලනවා.. ඒක නෙවෙයි කාවින්ද, මොනවද දිනි මං ගැන කියන්නේ... බොරු ගොඩක් කියනවා ඇති නේද?”
“නෑ... එහෙමත් නෑ....”
“ඔයාට එයාව විශ්වාසද?”
“මේ... එයා මට ඔයා ගැන මොනවත් කිව්වේ නෑ... අපි නිකං කතා කළා... එච්චරයි...”
“හම්... කමක් නෑ....හවස මාව හම්බවෙනවා නේද?”
“ඔව්....”
මම කෝල් එක අරන් ඉවර වෙලා ආයෙත් දිනි ලඟට ගියා.
“දිලිනිද?”
“හම්....”
දිනි හිනා වුනා..
“ඇයි හලෝ...”
“නෑ.. ඔයාට පැයක්වත් ඉන්න දෙන්නේ නෑ නේද එයා නැතුව.”
‍මේ කෙල්ලොන්ට අහු වුනාම නම් කොටි වලිගයකට අහුවුනා වගේ තමා. අතාරින්නම බෑ... දෙන්නා දෙපැත්තේ ඉඳලා මාරුවෙන් මාරුවට පිස්සු කෙලිනවා. මම මැදට වෙලා ෆුල් හන්තර් වෙනවා. ඇයි අප්පා මුන්ට උත්තර දෙන්න ඕනේ සෑහෙන්න කට පරිස්සම් කරගෙනනේ. එක වැරදි වචනයක් ඇති වැඩේ ජෝන් බාස්ට යන්න.
මුන් දෙන්නා මැදට වෙලා මට ෆුල් ටෙන්ෂන්. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි නැති නිසා හොඳයි නැත්නම් හයි ප්‍රෙෂර් ඇවිල්ලා මැරිලා.
“නංගා දැන් එකොළහ හමාරත් වෙලා.... මොකද කරන්නේ යමුද?”
“අද මාත් එක්ක ඉන්න හවස් වෙනකං. මට ෂොපින් යන්න ඕනේ.... මාත් එක්ක යමු. හැන්දෑ වෙලා අපි ඩිනර් එකත් අරගෙනම යමු..”
මාර වැඩේ.... ඒ කියන්නේ අද දවසම මෙයා එක්ක ඉන්න වෙනවා. එහෙම වුනොත් හවසට දිලිනිගේ ඇපොයින්මන්ට් එක ඉවරයි. ඊට පස්සේ ඉතින් අඬනවා. එයාව නලවන්න පහුවෙනිදා දවසම යයි.
“අයියේ මොකද කියන්නේ... ඔයා බෑ කියන්න නම් එපා. අනිත් එක හෙට මාත් එක්ක කොළඹ යන්න එන්න ඕනේ... යන්න කළින් මට වැඩ ගොඩක් තියෙනවා කරගන්න. පාස්පොට් ඔ‍ෆිස් එකට යන්නත් ඕනේ. මාව එක්කන් යන්න ඉස්සර වගේම වෙන කෙනෙක් නෑ... ඔයා මට මේ උදව් කරනවා නේද... සමාධි කාර් එක දෙන්නම් කිව්වා.”
ඒ කියන්නේ මෙයා මාව නියමෙටම කොටු කළා. මමත් ගොනා සේ අහුවුනා. බලාගෙන යනකොට සමාධිත් මේ ගේම් එකේ ලොකු වැඩ කොටසක් කරනවා වගේ.
දැන් කොහොමද බෑ කියන්නේ.
“අයියේ එනවා නේද?”
“හරි... ඔයාට මේ උදව් නොකර බෑනේ.. ඔයා මගේ නංගිනේ... අපි යමු....”
මොනවා වුනත් එදා ඉඳලම දිනිට මේ වගේ දේවල් වලට හිටියේ මම විතරයි. අනිත් එක මගේ හැම දේකටම දිනි මොන වැඩේ තිබුණත් ඒවා කල් දාලා ආවා. ඉතින් මට යන්න වෙනවා. දිලිනිට මොකද කියන්නේ. බොරු නොකියා ඇත්තම කියනවද? නැත්නම් මොනවත් ලොකුවට නොකියා ගමන යනවද?
ප්‍රශ්ණයක්!!!!!