Monday, May 22, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 27


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


27.

අපි දෙන්නා දිලිනිගේ ගෙදර ළඟට එනකොට වෙලාව රෑ දොලහ හමාරට විතර ඇති.

මම ගේට්ටුවට ටිකක් ඈතින් බයික් එක නැවැත්තුවා..

“දිලිනි ඔයාට යන්න පුළුවන්ද?”

“කාවින්ද... ඔයා යන්න එපා... එන්න මාත් එක්ක...”

“පිස්සුද දිලිනි... මට එන්න බෑ.... ඔයාගේ අම්මට හරි තාත්තට හරි මාට්ටු වුනොත් මොනවා වෙයිද?

“කාවින්ද ඔයා දැන් මාව දාල ගියොත් එළිවෙනකම් පාරේ තමයි ඉන්න වෙන්නේ. ගෙදර යන්නත් බැරිලුනේ... මට මේ තරම් උදව් කරාට පස්සෙත්... මාව කියන කියන තැන්වල එක්ක ගියාට පස්සේ මට බෑ ඔයාට පාරේ ඉන්න දෙන්න...”

“ඒ වුනාට.....”

“බය වෙන්න එපා කාවින්ද... මට අද නිදාගන්න හිතක් නැහැ. අනේ අපි යමු මගේ කාමරේට... අම්මයි තාත්තයි නිදාගන්නේ පහල තට්ටුවේ... මම ඉන්නෙ උඩ තට්ටුවේ කොනේම‍‍‍... ඒ නිසා ඒ දෙන්නට කොහොමවත් ඇහෙන්නේ නැහැ.... අනිත් එක ඒ අයගේ රූම් එකේ ඒ සී එක දාලා නිසා වෙන සද්ද ඇහෙන්නේ නැහැ... අපි යමු කාවින්ද... මට අද ඔයා ළඟටම වෙලා ඉන්න ඕනේ... ප්ලීස්...”

දිලිනි මොනවා කියවනවද කියල මට හිතාගන්න බැරිවුනා... ‍දිලිනිගේ කාමරේ මේ රෑ දෙගො‍ඩහරියේ ඉන්න.... මට ෂුවර් මේක අතේ මාට්ටු වෙන වැඩක්...

“මොනවද කාවින්ද කල්පනා කරන්නේ... හෙට උදේ පාන්දරම අම්මයි තාත්තයි දඹුල්ලේ යනවා.... ඒ නිසා බය වෙන්න එපා”

කෙල්ලෙක් වෙලා දිලිනි මේ තරම් බය නැත්නම් මම මොකටද පස්ස ගහන්නේ.... ඒත් දිලිනි කියන්නේ මගේ ගර්ල් නෙවෙයි... එතකොට මේ කරන වැඩේ තේරුම මොකක්ද?

“කාවින්ද යමු...”‍

“දිලිනි බයික් එකට මොකද කරන්නේ......?”

“අපි යන්නේ ගේ පිටිපස්සෙන්... මම කියන්නම් බයික් එක දාන තැනක්...”

අපි දිලිනිගේ ගෙදර පිටිපස්සේ ගේට්ටුවෙන් ඇතුල් වුනා.... ඒක ලොක් කරල තිබ්බේ නැහැ... ඒ ළඟම තිබුනා පොඩි කාමරයක්... අපි බයික් එක තල්ලු කරගෙන ඇවිල්ලා ඒක ඇතුලේ දැම්මා...

ඊට පස්සේ දිලිනි මාවත් ඒ කාමරේ ට දැම්මා...

“හොඳ බබා වගේ විනාඩි පහක් ඔතන ඉන්න... මම ඔයාව ඇතුලට ගන්නම්..”

එහෙම කියලා දිලිනි ගේ ඉස්සරහ පැත්තට ගියා... මගේ පපුව ගැහෙනවා පුදුම වේගයකින්.... මේ කෙල්ල මාව දාලා මොන ලෝකේ ගියාද....?

මම මේ විදිහට විනාඩි දහයක් විතර හිටියා...

කෙල්ල තාමත් නෑ‍‍‍‍...

විනාඩි විස්සක් ගතවුනා... මෙයාට මාව අමතක වෙලාද.....?

එතකොටම දිලිනි දොරෙන් එබුනා...‍

“සොරි කාවින්ද.... මම එනකම් අප්පු ඇහැරලා ඉඳලා... එයා නිදාගන්න යනකම් ඉන්න වුනා.”

“නෝ ප්‍රොබ්ලම්..”

“කාවින්ද ඔයා සද්ද නැතුව මගේ පස්සෙන් එන්න.... මම සයිඩ් එන්ට්‍රන්ස් එක ඇරලා තමයි එලියට ආවේ.. අපි එතනින්ම යමු ඇතුලට... සර්වන්ට්ගේ කාමරේ තියෙන්නේ එතන නිසා කිසිම සද්දයක් කරන්න එපා.”

“දිලිනි මේ... මම කියන්නද... මම දැන් යන්නම්.... මේක හොඳ වැඩක් නෙවෙයි.‍‍‍‍”

“අයියෝ චන්ඩියා බල වෙලාද....? මාත් ‍මීට කලින් මේ වගේ වැඩක් කරලා නැහැ... ඒ වුනාට බය නැතුව එන්න..”

කොයි වෙලාවේ මාට්ටු වෙලා පොලිසි යන්න වෙයිද කියල බයෙන් ගැහෙද්දි දිලිනි මාවත් අතින් ඇදගෙන ගේ ඇතුලට ගියා.

දොරෙන් ඇතුල් වෙලා... පඩිපෙල නැගලා උඩ තට්ටුවට ආවා.... එතන ඉඳලා අපි දෙන්නම දිලිනිගේ කාමරේට ගියේ අඩියෙන් අඩිය තියලා... නැත්නම් පහලට අඩි සද්ද ඇහුනොත් ඉවරයි‍.

දිලිනි මාව කාමරේ ඇතුලට අරන් දොර ලොක් කළා.

මම එයා දිහා බැලුවා. හරියට පොඩි කෙල්ලෙක් කාටවත් අහු නොවෙන්න දඟකාර කමක් කරලා හිනාවෙනවා වගේ හිනාවක් එයාගේ මූණේ තිබු‍ණා.‍

“මොකද හලෝ කන්න වගේ බලාගෙන ඉන්නේ?”

මම ඇහුවා.

“මම රහසක් කියන්නද කාවින්ද?”

“ආයෙත් රහසක් ද? හා කියන්නකෝ...”

“ඔයාව බදාගන්න හිතෙනවා අනේ....”

“මොකක් පිස්සුද?”

“කාවින්ද.... ඔයා සද්ද නොකර ඔහොම ඉන්න... මම අම්මලාට කතා කරලා එන්නම්.”

“මේ දිලිනි පිස්සු කරන්න එපා.. ඔයා යන්නේ ඒ අය ඇහැරවන්නද....?”

“නැත්නම් වෙන්නේ ‍දෙන්නා‍ කොයිවෙලේ හරි මගේ කාමරේට එයි මම ආවද බලන්න. දැන් කතාකරලා මම කියනවා මට උදේට ඇහැරවන්න එපා පරක්කු වුන නිසා කියලා‍. එතකොට දෙන්නා සද්දයක් නැතුව හෙට උදේම මට ඩිස්ටර්බ් නොකර කෙලින්ම දඹුල්ලේ යයි...”

මෙයාටත් හොර වැඩ කරන්න හොඳ මොලයක් තමයි තියෙන්නේ.. ඉස්කෝලෙ යනකාලේ මම වගේම මගෝඩි වැඩ කරන්න සෙට් එකෙන් ප්ලෑන් කරන්නේ මෙයා වෙන්න ඇති.

දිලිනි මාව එයාගේ කාමරේ තනිකරලා ගියා‍.

මම කෙල්ලෙකුගේ කාම‍රේක ගතකරන දෙවෙනි වතාව. මුලින් දිනිගේ කාමරේ... ඒක වුනේ නොහිතපු වෙලාවක... දැන් දිලිනිගේ කාමරේ... ඒකත් නොහිතපු වෙලාවක...

මම වට පිට බැලුවා... දිලිනි ලොකු ලයිට් එක ඔෆ් කරලා ලස්සන ලා නිල් පාට ඩිම් ලයිට් එකක් විතරක් දාලා තමයි ගියේ...

කාමරේ පුදුම ලස්සනයි... පිළිවෙලයි.... මේක සාමාන්‍ය ගේක කාමරයක් වගේ නෙවෙයි.... සෑහෙන්න ලොකුයි... අමුතුම විදිහක්... කාමරේ තිබුනේ ඇඳයි... ලස්සන පොඩි මේසෙකුයි... කුෂන් කරපු පුටුවකුයි පොඩි සෝෆා එකකුයි බිත්තියටම අල්ලපු කබඩ් එකකුයි විතරයි.... ඒ නිසා කාමරේ ලොකු ඉඩක් ඉතුරු වෙලා... කාමරේ පැත්තකින් ලොකු ඕපන් එකකින් තව කාමරේකට යනවා...‍

මම හෙමිහිට එබිල බැලුවා... ඒ කෑල්ලේ තමයි ඩ්‍රෙසින් ටේබල් එකයි... ඇඳුම් එල්ලන රැක් දෙකකුයි දාලා තියෙන්නේ.... ඒක මේන් බෙඩ් රූම් එකෙන් වෙන් වෙලා නිසා හරිම ලස්සනක් තමයි බෙඩ් රූම් එකට ලැබිලා තිබුනේ..

අපේ ගෙවල් වල නිදන කාමර එක්ක බලපුවාම මේක නිකං දිවිය ලෝකේ ගියා වගේ...

අපේ කාමර වල පොතුයි.... පත්තරයි.. ඇදුමුයි... කණ්නාඩියි.‍‍‍‍... මේස පුටු‍‍‍... හැමදේම එක ගොඩේ.... පිස්සුවක් වගේ... මේක නිකං අර ඉංග්ලිෂ් මූවී එකක වගේ...

මම කල්පනා කර කර ඉන්නකොට දිලිනි ආවා...

“කාවින්ද ඇයි ඔයා තාම හිටගෙන....?”

“කාමරේ ලස්සන දැක්කහම ඉඳගන්නත් අමතක වුනා දිලිනි...”

“අනේ.... පිස්සු මෙයාට.. ඒක නෙවෙයි කාවින්ද... ඔයා වොෂ් එකක් දාගන්න...”

එහෙම කියලා දිලිනි කබඩ් එක ඇරලා සුදුපාට ලොකු ටවල් එකක් මට විසි කළා.

“හැබැයි මතක තියා ගන්න එලියට එනකොට ෂවර් එක ඇරලාම එන්න... නැත්නම් ඊට පස්සේ මම ගියාම ආයෙත් සද්ද වෙනවා...”

මම ටවල් එකත් අ‍තේ තියාගෙන බලාගෙන හිටියා...

“අනේ කාවින්ද ඉක්මන් කරන්න.. අර ඩ්‍රෙසින් ඒරියා එකට ගිහින් චේන්ජ් කරලා ටවල් එක ඇඳ‍ගෙන බාත්රූම් එකට යන්න ළමයෝ... මම අහක බලාගන්නම්...”

දිලිනි හිනා වෙවී කිව්වා...

මමත් පොඩි එකෙක් වගේ එයා කියන විදිහට කළා. ඒත් වොෂ් එකක් දාලා ආවාත් ඇඳගන්න තිබ්බේ කලින් ඇඳගෙන හිටපු එකම තමයි.‍‍... ඒ නිසා මම ඩෙනිම දා‍ගෙන ස්කිනි එක විතරක් දාගත්තා‍‍‍....

“ඔයා ඔහොම ඉන්න කාවින්ද... මමත් වොෂ් එකක් දාගෙන එන්නම්”

දිලිනි තවත් ලොකු සුදුපා‍ට ටවල් එකක් අරන් ඇතුලට ගියා. මම ආයෙත් තනි වුනා.... හිතට මහ නුහුරු හැඟිමක් තමයි දැනෙන්නේ... මම දිනිගේ කාමරේ හිටියේ මෙහෙම නෙවෙයි.. එදා නැගිටගන්න බැරිවෙන්න බීලා... කරන්නේ මොනවද කියල නොදැන නිදාගත්තා.. .ඒත් අද වෙනස්...

ටිකකින් දිලිනි බාත් රූම් එකේ දොර බාගෙට ඇරලා රහසින් කතා කලා...

“කාවින්ද... ඔයා අනිත් පැත්ත හැරිලා ඇස් වහගන්න.... මම එලියට එනවා.. ටවල් එක විතරක් ඇඳගෙන මම ඉන්නේ... ඇඳුම් අරන් යන්න අමතක වුනා... ප්ලීස් මම කියනකම් ඇස් අරින්න එපා හරිද?”

“හරි දිලිනි... ෂුවර්...”

මම අනිත් පැත්ත හැරිලා ඇස් දෙක ඇත්තටම වහ ගත්තා.

මට දිලිනි එලියට ආව සද්දේ ඇහුනා.. හිත කියන්නෙම ඇස් දෙක ඇරලා බලන්න කියලයි.. ලස්සනම ලස්සන කෙල්ලෙක් ටවල් එකක් විතරක් ඇඳ‍ගෙන‍‍‍ මට අඩි දෙක තුනක් දුරින් ඉද්දි මොන හිතකින් ඇස් වහගෙන ඉන්නද...?

“ඔන්න තවම නෑ... ඇස් අරින්න නම් එපා..”

“හරි හරි... ඉක්මනට ඇඳුමක් දාගන්න... නැත්නම් මම ඇස් අරිනවා...”

“අයියෝ.... පොඩ්ඩක් ඉන්න...”

මම බොහොම අමාරුවෙන් හිත පාලනය කර ගත්තා‍‍‍.

“හරි දැන් ඇස් අරින්න..”

මගේ කන ළඟටම වෙලා ගෑවි නොගෑවී දිලිනි කතා කළා.

මම ඇස් ඇරියා...

අර ලස්සන නිල් පාට තරුකැට වගේ ඇස් දිලිසෙනවා මගේ ළඟින්ම...

එයා ලස්සන ස්කිනි එකක් ඇඳලා ලූස් කොට්න් ට්‍රවුසර් එකකුත් එක්ක... ලස්සන සුරංගනාවියක් වගේ.

දිලිනි මගේ ඇ‍ඟේ ගෑවී නොගෑවීගෙන ඇ‍ඳේ ඉඳගත්තා.... ඒ ඇස් දිලිසෙනවා හිතාගන්න බැරි තරම්.. දිලිනි ළඟින් ආව සුවඳත් එක්ක මට තවදුරටත් මගේ හැඟිම් පාලනය කරගන්න බැරිවෙයි කියල බයක් ආවා...

මම නැගිටලා සෝෆා එකට ගිහින් ඉඳ ගත්තා‍‍‍..

“ඇයි කාවින්ද....? මගේ ළඟ ඉන්න කැමති නැද්ද?”

“කැමති නෑ නෙවෙයි බයයි... මට මොනවා හිතෙයිද කියලා බයයි....”

“කාවින්ද.... එහෙනම් ඔයා මේ ඇ‍ඳෙන් නිදාගන්න... මම ඔතන නිදියන්නම්...”

“නෑ මම මෙතන ඉන්නම්..”

දිලිනි මගේ ළඟට ආවා...

“ඔයානේ ගෙස්ට් ... ඔයා ඇඳට යන්න.. ප්ලීස්... නැත්නම් ඔන්න මමත් මෙතන ඉන්නවා...”

මම අකමැත්තෙන් ඇඳට ආවා.... දිලිනි සද්ද නැතිවෙන්න සෝෆා එකත් ඇඳ ළඟට ඇදගෙන ආවා.

“ඒ පාර මොකක්ද කරන්නේ...?”

“මට ටිකක් ඔයා එක්ක කතා‍ කර කර ඉන්න ඕනේ... අතන ඉඳලා කතා කරනකොට සද්දේ වැඩියි.”

“මෙයාටනම් හොඳටම පිස්සු වගේ... හවස පහේ ඉඳලා මගෙත් එක්ක කතා කර කර හිටියා. දැන් කියනවා තවත් කතා කරන්න ඕනෙලු මේ පාන්දර එකට‍‍‍..”

“හරි හරි... එහෙනම් නිදාගන්න අප්පා මෙයාගේ ගණන්...”

මම නිදාගන්න ගියත් නින්දක් ආවේ නැහැ... එකක් නුපුරුදු තැනක් අනිත් එක එහා පැත්තේ සෝෆා එකේ ලස්සන කෙල්ලෙක්.... එහෙම තියෙද්දි කොල්ලෙකුට නින්ද යයිද?

මම ඔළුව උස්සලා දිලිනි දිහා බැලුවා... එයත් නිදි නැතුව මගේ දිහා බලාගෙන ඉන්නවා..

“මොකද හලෝ නිදි නැතුව කරන්නේ?” මම ඇහුවා.

“මම නෙවෙයි ඔයා මොකද ඇහැරගෙන කරන්නේ...?”

“මට නින්ද යන්නෑ දිලිනි...”

“ඔයාට නින්ද යනකම් මම ඔළුව අතගාන්නද?”

“අපෝ එපා... එතකොට කොහොමත් නින්ද යන එකක් නැහැ‍”

“ඒ මොකද මම ළඟට එනවට කැමති නැද්ද?”

“අකමැත්තක් නෙවෙයි.... ඒත් ඒක ඇඟට අගුනයි...”

මට නින්ද යාගෙන එනකොට මට දැනුනා‍ දිලිනි ඇ‍ඳේ පැත්තකින් ඉඳගන්නවා වගේ...

එයා මගේ කණට කරලා රහසින් කතා කළා...

“කාවින්ද... මම ඔයා ළඟට එන්නද... මට නින්ද යන්නෑ කාවින්ද....”‍

මම කිසිම දෙයක් කියන්න කලින් දිලිනි මගේ ළඟට ඇවිල්ලා මට තුරුලු වුනා....

මම හිතන්නේ මටත් ඕනවෙලා තිබුනේ ඒක..

මම එයාර් කන්ඩිෂන් එකෙන් එන සීතල සුලඟ නැතිවෙන්නත් එක්ක අපි දෙන්නම වැහෙන්න විශාල බෙඩ් ෂිට් එක දැම්මා..

දිලිනිත් කිසිම කතාවක් නැතුව මට තවත් තුරුලු වෙලා ඇස් දෙක පියාගත්තා.‍

මම කෙල්ලෙකුට මේ තරම් සමීප වුන පලමු වතාව. දිලිනිගේ පිට මගේ ඇඟට තදවෙලා...  එයාගේ කොන්ඩේ මගේ මූණේ ගෑවෙනවා.....‍

මම එයාගේ ඇඟ උඩින් අතක් දාලා අල්ලගත්තා. දිලිනිත් මගේ අත අල්ලගෙන ඉන්නවා. මට එයාගේ ඇ‍ඟේ උණුසුම තදින්ම දැනෙනවා. සිනිදු අත්වල ස්පර්ශය දැනෙනවා....

හිත ආශාවෙන් පිරිලා... කෙල්ලෙක් ළඟ ඉද්දි මොනතරම් ලස්සනද, මොනතරම් උණුසුමක් හිතටත් ගතටත් දෙකටම දැනෙනවද‍‍... ඒක පුදුම හැඟිමක්.

මම තවත් තදින් එයාව අල්ල ගත්තා.

“දැන් හොඳ බබා වගේ කරදර කරන්නේ නැතුව නිදාගන්න... ගුඩ් නයිට් කාවින්ද”

“ගුඩ් නයිට් ඩාලිං.”

මම කිව්වා‍...


එදා රෑ අපි දෙන්නම නොහිතපු විදිහට ගතවුනේ එහෙමයි....

5 comments:

  1. කියවන කවුරුත් ඉන්ටරෙස්ට් එක නැති කරගන්න එපා. තවම කතාව ඉවර නෑ. කතාවෙන් බාගයක්වත් ඉවර නෑ.

    ReplyDelete
  2. හම්මෙ ස්පීඩ් මදි වගේ දැංනම්

    ReplyDelete
  3. හම්මෙ ස්පීඩ් මදි වගේ දැංනම්

    ReplyDelete
  4. දවසට පෝස්ට් හතර පහ දදා හිටපු මනුස්සයට මොනා උනාද මන්දා

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා. මේ දවස් වල ඉන්ටර්නෙට් පොඩ්ඩක් අවුල්. දැනට ‍ෆෝන් එකේ ඩේටා යූස් කරන නිසා ඉක්මනට දාන්න බෑ.

      Delete