Monday, May 08, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 7


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


7.
මම එදා උදේම ඇහැරුනා අම්මා කතා කරපු නිසා.

අදවත් ඉස්කෝලෙ යන්නේ නැද්ද?”

මම හෙමිහිට ලෑස්ති වුනා. ඒත් එක්කම ගෙදරට කෝල් එකක් ආවා. මම ඉක්මනට දිව්වා ෆෝන් එකට, මොකද මේ වෙන දේවල් වල හැටියට කවුරු කතා කරලා මොනවා කියයිද දන්නෑ.

එහා පැත්තේ හිටියේ මම දන්නේ නැති කෙල්ලෙක්.

කාවින්ද, මගේ නම වින්ද්‍යා, ලයාංගිගේ යාළුවෙක්”

ඔව් කියන්න”

ලයාංගි ඔයාට විස්තර කියන්න ඇතිනේ, අද ඉස්කෝලෙ ඇරිල හතරට ලේක් ෆ්‍රරන්ට් එකේදි මාව මුණගැහෙන්න, එයා ඔයාට දෙන්න කියලා ලියුමක් දුන්නා”

හරි. මම ඉන්නම්”

පහුවෙනිදත් ඉස්කෝලෙ ඇරෙනකම් මට ඉවසුමක් තිබ්බේ නැහැ. හරියටම දෙක හමාරට ඉස්කෝලේ ඇරුණ ගමන් මම සචිත්‍රවත් ඇදගෙන ගියා නුවර.

මම යනකොට එතන ඉස්කෝල යුනිෆෝම් එක ඇඳලා හිටියේ එකම එක කෙල්ලෙක් විතරයි. මම කෙලින්ම ගියා එයා ළඟට.
එයා හිනා වෙලා කතා කළා.

මම ලියුමත් අරගෙන ආවා වැවරවුමට, අපි දෙන්නම ඉදගත්තා බංකුවක් උඩ. යුනිෆෝම් එකෙන් මෙහෙම ඉන්න එකනම් හොඳම නැහැ. ඇරත් ඉස්කෝලෙ බැඩ්ජ් එකත් ගහගෙන. ඒත් මොනව කරන්නද තනිකරම වයසේ වැරැද්ද.

මම ලියුම කැඩුවා.

සචිත්ර නැගිට්ටා.

ඇයි උඹට බලන්න ඕන නැද්ද?”

උඹට පර්සනලි දුන්න දෙයක්නේ?”

අනේ මේ පිස්සු නැතුව වරෙන්, උඹයි මායි ආයෙ මොන රහස්ද, බොක්ක කියන්නේ ඒකනේ”

ඒක හරි නෑ බං, උඹ කියවලා පස්සේ මට පෙන්නපං”

මම කියවන්න පටන් ගත්තා

අකුරු නම් ලස්සනම ලස්සනයි

“ආදරණිය කාවින්ද
මම ඔයාට මේ විදිහට ආදරණිය කාවින්ද කියනවට මුලින්ම මට සමාවෙන්න.
දවස් කීපයක් විතරක් දැකලා, දවස් දෙකක් විතරක් කතා කරපු කෙල්ලෙක් ඔයාට ආදරණිය කියල කතා කරනකොට තරහ යන එක සාධාරණයි. ඒත් මම හිතුවා මගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම විස්තර කරන්න තියෙන හොඳම වචනය මේකයි කියල.
මම කියන්න යන දේ සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදිහට කෙල්ලෙක් කොල්ලෙකුට කියන දෙයක් නෙවෙයි. ඒත් මම දන්නවා මට වැඩි කාලයක් ඉතුරුවෙන එකක් නැහැ මේක ඔයාට කියන්න. ඒ නිසා මම හිතුවා සම්ප්‍රදාය බිඳලා දාලා මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න.
ඔයා මාව දන්නේ බොහොම ටික කාළෙක ඉඳල වුනත් මම ඔයාව අවුරුද්දකට වැඩි කාලයක් තිස්සෙ දන්නවා. මම ඔයාව මුලින්ම දැක්කේ ගිය අවුරුද්දේ අගෝස්තු වල තිබුණ මීට් එකේදි.
මම ඔයා දිහා බැලුවේ අනිත් අය දිහා බලනවට වඩා කිසිම විශේෂ විදිහකට නෙවෙයි. ඒත් මම දන්නේ නැහැ ඒ දවස් දෙක ඇතුලත මටම නොදැනී මම සිය වාරයක් ඔයා දිහා බලන්න ඇති.
පස්සේ විස්තර හොයල බලනකොට මගේ යාළුවෝ කිව්වා ඔයා මහ ආඩම්බර කාරයෙක්, කිසිම කෙල්ලෙක් දිහා බලන්නේ නැහැ වලව්වක මැණිකේ කෙනෙක් නම් ඔන්න යන්තම් බලයි කියලා. මටත් ඕන වුනේ ඔය තරම් ආඩම්බරයි කියපු ඔයාව මගේ ඉස්සරහ නම්මගන්න.
ඒත් මම කීප වතාවක්ම ඔයාට කතා කරන්න හැදුවත් කවදාවක් ඔයා මං දිහා බැලුවේ නැහැ. ඒකෙන් මගේ හිත රිදෙනවා වෙනුවට වුනේ හිතේ සන්තෝෂය වැඩිවෙන එක. මටත් ඕන වුනේ ඔයා වගේ කෙනෙක්. කිසිම දේකට නැමෙන්නේ නැති, තමන්ගේ වැඩ ගැන විතරක් වශ්වාසය තියල ඉන්න ඔයා ට මගේ හිත තව තවත් ඇදිලා ගියා.
ඔයා මගේ දිහා නිකමටවත් හැරිලා නොබලනකොට, වචනයක් වත් කතා කරයි කියලා හිතා ගන්න බැරි වෙනකොට, මම ඒ ගැන හිතලා බලාපොරොත්තු අතහැරගන්න ඕනෙ අවස්ථාවකදී වුනත් දවසින්  දවස මගේ හිත ඔයාට ඇදිලා ගියා. හීනෙන් මම කී වතාවක් ඔයාට කතා කරන්න ඇද්ද. ඔයාට ආදරෙයි කියන්න ඇද්ද. ඒත් සැබෑ ලෝකෙදි මට එහෙම කරන්න බැහැ. කෙල්ලෙක් කොල්ලෙකුට එහෙම කිව්වොත් හැමෝම කියයි ඒ කෙල්ල වල් කෙල්ලෙක් කියලා.
ඔයාට විශ්වාස කරන්න බැරි වුනත් මතක තියා ගන්න බැරි තරම් වාර ගාණක් ඔයා නුවර එන වෙලාවලදි මමත් ඇවිල්ලා ඔයා එනකම් බලාගෙන ඉඳලා තියෙනවා. ඔයා මාව දැක්කත් මාව දන්නේ නැති නිසා දැන් මතක නැතුව ඇති. ඒ හැම වෙලාවකදිම මගේ හිත මට කිව්වා ඔයාට කතා කරන්න කියලා. ඒත් මම මොකද කළේ, ඔයා දිහා බලාගෙන ඉඳලා හීන මවන එකයි.
ටික කාළෙකදි මම දැනගත්තා ඔයා දිනි ව බලන්න නිතර යන එන බව. ඒ වගේම ඉස්කෝලෙදි වුනත් ඔයා එයාව බලන්න එනබව. ඔයාට හිතාගන්න පුළුවන් නේද මගේ හිත කඩා වැටුන තරම. දිනි ට මම කොලේජ් එක ඇතුළෙදි කරන්න පුළුවන් හැම වෙනස් කමක්ම කළා. මට එයාව දැක්කොත් පුදුම තරහක් ආවා. ඒත් මම මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවුනා. ඒත් පස්සේ දැනගත්තා ඔය දෙන්නා කසීන් ලා බව.
අන්තිමට මීට මාසයකට විතර කළින් දවසක මම තීරණය කළා මේක තවදුරටත් හිතේ තියාගෙන ඉන්න බැරි නිසා මොන මාර්ගයෙන් හරි ඔයාට කියන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ගිය මාසේ මීට් එක වෙලාවේ ඔයාගේ යාළුවාට කතා කළා. එයාට මම කිව්වා ඔයාව හම්බවෙන්න ආසයි කියලා.
ඒත් එදා ඹයා මට කතා කරන වෙලාවේ මගේ යාළුවෝ හිටපු නිසා මම මගහැරල ගියා. මම දහස් වාරයක් අඬන්න ඇති ඒ නිසා.ඒත් දැන් සචිත්ර මාව දන්න නිසා මට ආයෙත් අවස්ථාවක් එන බව හිතලා මම ඉවසගෙන හිටියා. ඒත් ගිය සතියේ අපේ තාත්තිට පෝස්ටින් එකක් ලැබුනා. එයා කැමතිවුනේ නැහැ අම්මවත් මාවත් දාලා තනියම යන්න. මටත් හොද ඉස්කෝලයක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ කියල අපි දෙන්නටත් එන්න කිව්වා.
ඔයා ට හිතාගන්න පුළුවන්ද මට ඇතිවුණ හැඟීම. මගේ ජීවිතේ ට මුලින්ම ආදරෙ කියන එක දැනෙන්න පටන් ගත්තේ ඔයා නිසා. මගේ හිත කුළුදුලේම ආදරය කළේ ඔයාට. ඒ ආදරෙ ඔයාට කියාගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඒ අවස්ථාව මට ජීවිත කාලයටම අහිමිවෙන්න යනවා. ඉතින් මම කොහොමද හිත හදාගෙන ඉන්නේ. ‍ඒ නිසා සඳුදා රැ මම තීරණය කළා මොන විදිහකින් හරි ඔයාට කතා කරනවා කියලා. මගේ උත්සහය හරි ගියා. මම රෑ එළිවෙනකම් නින්දක් නැතුව කල්පනා කළේ මම මොනවද ඔයාට කියන්නේ කියලා. ඒත් ඔයාගේ මූණ බලාගෙන මේ ටික කියන්න බැරි බව මට දැනුන නිසා මම තීරණය කළා මේ විදිහට ඔයාට ලියන්න.
මම හිතන්නේ ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් ඇති.
සම්මතය බිඳල ඔයාට ආදරෙයි කියල කිව්වට මම වල් කෙල්ලෙක් නෙවෙයි කාවින්ද. ඔයාට ආදරේ නිසා ඒ ආදරේ නොලැබී ජීවත් වෙන්න බැහැ කියල හිතන කෙල්ලෙක් විතරයි. ඒ ආදරේ තව දුරටත් මගේ හිතේ විතරක් හිරකරලා තියාගෙන ඉන්න බැරි තරමට බර වැඩිවෙලා තියෙන නිසයි මම මේක ඔයාට කිව්වේ.
මගේ ආදරේ නිකම්ම ප්‍රතික්ෂේප කරන්න එපා කාවින්ද. ඔයා මට ආදරේ නැතත් එක දවසක් හරි මා දිහා ආදරෙන් බලලා හිනාවෙලා කතා කරන්න. ඔයා මට ආදරේ නැතත් ඒ ටික මට ජීවිත කාලයටම ඇති මගේ හිත හදාගන්න.
මම අද ගියාට පස්සේ ආයෙත් කවදා එන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ.
මම ඔයාට තව සතියකින් ඔයාට කෝල එකක් දෙන්නම්. අනේ මට ආදරෙයි නොකිව්වත් මේ ලියුම කියෙව්වට පස්සේ වුනත් ආදරෙන් එක වචනයක් කතා කරන්න.
ලයාංගි”

මම සෑහෙන වෙලාවක් ලියුම දිහා බලාගෙන හිටියා. මගේ ඔලුවට කිසිම දෙයක් ආවේ නැහැ. හිත නිකං අතරමං වෙලා වගේ.

මොකද බං, හොල්මනක් දැක්කා වගේ”

මම කතාවක් නැතුව සචිත්රට ලියුම දික් කළා.

මම බැලුවට කමක් නැද්ද?”

මගුලක් කතා කරනවා, උඹනේ වැඩේ සෙට් කළේ.... දැන් අහනවා කියවන්නද කියලා. බලපිය මොකද වෙලා තියෙන්නේ කියල”

සචිත්‍ර විනාඩි පහක් විතරම ලියුම කියෙව්වා.

යකෝ..... මේක මළ කෙළියක්නේ. ගිය මාසෙ වෙනකම් උඹ කෙල්ලෙක් දිහා බැලුවෙවත් නැහැ. උන් උඹ දිහා බැලුවෙත් නැහැ. මේ දවස් දෙක තුනට මුන්ට පිස්සු වැහිලද, නැත්තං ලංකාවේ වෙන කොල්ලෝ නෑ කියල හිතලද උඹට පැනි හලන්නේ?”

මේ උඹ පිස්සු කියවන්න එපා. මම මේ කරකවල අතෑරියා වගේ ඉන්නවා. උඹ බයිල කියනවා”

බයිල නෙවෙයි බං, උඹේ කෙන්දරේ බලවගනිං”

කුණුහරප කියන්න එපා, මගුල් කේන්දර”

හරි කාවා, කියපං උඹ මොකද කරන්නේ?”

මචං සචියා, උඹ තමා මං ගැන හොඳටම දන්නේ. උඹ දන්නවනේ මම කවදාවත් කෙල්ලන්ගේ පස්සේ ගිය නැති බව, මට දැන් හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා. වෙලාවකට හිතෙනවා මේ දෙකම අතහැරලා දාලා ඉස්සර හිටියා වගේ ඉන්න, ඒත් දැන් ඒ වගේ හිත කොන්ට්‍රෝල් කරගන්න අමාරුයි බං”

කෙල්ලෙක්ගේ ආදරේ කියන එක එහෙම තමයි බං, නොදැනම ඉන්න කොට කිසි අවුලක් නෑ, ඒත් එක සැරයක් හරි ඒක දැනුනොත් ආයේ අම්ම මුත්ත කිව්වත් ඒක නැතුව ඉන්න බෑ”

යකෝ උඹ දන්න දේවල්”

මම කිව්වට විශ්වාස කරන්න එපා, මෙතනට අත තියල අහපං මොකද කරන්න ඕනේ කියලා”

සචිත්‍ර මගේ ඔළුවට අත තියලා කිව්වා

නෑ බං. මේ වගේ වෙලාවට කරන්න ඕනේ මෙතන කියන දේ නෙවෙයි, මෙතන කියන දේ”

මම මගේ හදවතට අත තියල කිව්වා.

“ෆලෝ යුව හාර්ට්.”

ඒකත් ඇත්ත, මේ වගේ වෙලාවට මොලේ කියන දේ කරන්න ගියොත් වෙන්නේ අනාත සාගරේ, අපි හදවත කියන දේ කරමු”

ඒකම නෙවෙයි සචියා, මට හැම වෙලාවෙම, හැම වැඩකදිම මාව විශ්වාස වුනා. ඒ නිසා තමයි මම කිසිම දවසක ආගමක්වත් අදහන්න හිතුවේ නැත්තේ. කිසිම දේවාලයකින් පිහිට ඉල්ලුවේ නැත්තේ. උඹ දන්නවනේ මගේ කේන්දරෙත් මම ඉරල විසි කළ බව, ඒත් බං ජීවිතේ පළවෙනි වතාවට මට මාව විශ්වාස නැති වුනේ මේ ප්‍රශ්නෙදි?”

මට උඹව තේරෙනවා බං”

මම සාමාන්‍යයෙන් මොලෙන් කල්පනා කරලා තීරණ ගන්න බැරි වෙලාවට කරන්නේ හිත කියන දේ, එහෙම කරලත් මට කවදාවත් වැරදිලා නැහැ”

හරි කියපංකෝ එහෙනම් උඹේ හිත මොනවද කියන්නේ කියලා දැන්?”

දැන් නම් හිත කියන්නේ ඉවසපන් කියලා, හදිස්සි වෙන්න එපා කියලා, මගේ ඉරණම්කාරි තාම හරියටම අඳුරගත්තේ නැහැ කියලා”

ඒ මොන කුණුහරපයක්ද බං, කෙල්ලෝ දෙන්නෙක් ගෙඩි පිටින් උඹට ලව් කරනවා කියලා කිව්වා, ලස්සන, ගතිගුණ, බර මේ හැම අතින්ම උන් එකෙකුට එකෙක් දෙවෙනි නෑ, උඹ කියනවා ඉරනම් කාරියෙක් ගැන, පුතේ උඹ ඔය කරගන්න හදන්නේ දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනකොට ඒකට පයින් ගහල ඌව ඔරොප්පු කරගන්න”

නෑ බං මම හැමදාම කළේ මගේ හිත කියන දේ, වැරදිලා නැහැ කවදාවත්.”

උඹට ඕනෙ මගුලක් කර ගනින්,ඒත් කෙල්ලො නිසා මූඩ් ගහල, පිස්සු කෙළල අනාගතේ අනාත කරගන්න එපා, උඹගේ අම්මයි තාත්තයි හිතාගෙන ඉන්නේ උඹ කවදහරි හොඳ තැනකට එයි කියල”

මං දන්නවා බං, ඒ දෙන්නා මට කවදාවත් ෆෝස් කරල නෑ අරක කරන්න මේක කරන්න කියලා. පාඩම් කරන එක වුනත් නොකරම හිටියොත් විතරයි ටිකක් කෑ ගහන්නේ. කවදාවත් කිව්වේ නැහැ අනිත් එකාට වඩා ලකුණු ගනින් කියලා. ඔයා හොඳට හිටියොත් ඒ අපිට ඇති කියල තමා කිව්වේ. ඉතිං උඹ හිතනවද කවදාවත් මම ඒ නිදහස නරක විදිහට ප්‍රයෝජනයට ගනී කියලා.”

උඹ බණ මට තේරෙන්නේ නැහැ. ඒත් උඹගේ අම්මයි තාත්තයි ලොකුවට උඹට බල කරන්නෑ කියල මම දන්නවා”

මටත් තියෙන බය ඒකම තමයි බං, අම්ම කවදාවත් හිතන්නේ නැහැ මම මේ කාලෙදි කෙල්ලෙක් එක්ක යාළු වෙයි කියල. ඒ නිසා තමයි කවදාවත් මම යන තැන් පන්නන්නේ නැත්තේ, මේ සීන් ආරංචි වුනොත් මට මාර නෝන්ඩිය වෙන්නේ”

කාවා, මට දැන් ඇත්ත කියපං. උඹ මොකක්ද කරන්න යන්නේ. දෙන්නගෙන් කාත් එක්ක හරි එෆෙයාර් එකක් පටන් ගන්නවද?”
නේ අයිඩියා මචං, සිරාවටම හිත කියනවා ‘නෝ හරී’ කියලා”

ඒකත් එහෙමද?”

මම හිතාගත්තා මේ සීන් එක නිසා ඔලුව අවුල් නොකරගෙන ඉස්සරහට එන මීට් එකට ලෑස්ති වෙන්න, විභාගෙ ෆේල් වුනොත් අඩු ගානේ ඉස්කෝලෙ ගිහිල්ල ඒකවත් හරියට කළා කියලා කියන්න පුළුවන්නේ”

ඒකත් එළ අයිඩියා එක තමයි, කෙල්ලං වහ කඳුරං කියල අපි ඉමු අපේ පාඩුවේ”

මේ සචියා මට ඇත්ත කියපං, උඹට ඉරිසියයි නේද?”

“‍නෑ යකෝ, මම සිරාවටම නෑ, එකට ඉන්න උඹට හරියනවා කියන්නේ මට හරිගියා වගේ තමයි, ඒත් මට උඹව තේරුම් ගන්න බෑ බං”

උත්සහ කරන්නත් එපා, අපේ ෆිට් එක ඒ විදිහටම තිබුනොත් ඒ ඇති”

මොනව කියනවද, ඒක නැතිවෙන්නේ නැහැ බං, උඹට ඕනේ දෙයක් කියපං මම හෙල්ප් කරන්නම් බෙල්ල කඩාගෙන හරි”

අන්න එහෙම වරෙන්, ෆිට් තමා”

මටම හිතාගන්න බැරි වුනා මම කොහොමද ඒ විදිහට ඉක්මනට වෙනස් වුනේ කියලා. සමහර විට මගේ තියෙන මේ හැකියාව නිසා මම අමාරුවේ වැටිලත් තියෙනවා. ඒත් ඒ වෙලාවේ මම කල්පනා කළේ ඔලුව අවුල් කරගන්නේ නැතුව මේ ප්‍රශ්නෙ විසඳගන්න විදිහක්.

මම තීරණය කළා ටික දවසකට දිනිව මගහරින්නත්, ලයාංගි කෝල කළොත් ඒකත් මග හරින්න. දෙවෙනි තීරණය හරිද කියල සැකයක් මට ඇති වුනත් ඒක ඔප්පු වුනේ ටික කාලයක් ගිහිල්ල.


ඊළග දවස් දෙකත් මම ඉස්කෝලෙ ගියේ නැහැ. කොළඹ අයියගේ ගෙදර ගිහිල්ල හිටියා.

3 comments:

  1. කියවන අය "මම කියවනවා" කියලවත් කොමෙන්ට් එකක් ද‍ාගෙන යනවනම් ගොඩක් ලොකු දෙයක්.

    ReplyDelete
  2. කියවනවෝ... නොදා ඉන්නෙ එහෙම නෑ හරිද

    ReplyDelete