Friday, July 21, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 59



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



59.

මුන්ට කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ....... 

සචියා තලවකැලේ ඉඳලා ඇවිල්ලා දිලිනි‍ගේ පාස්පෝට් එක ගන්න ඕනේ කියලා කිව්වට පස්සේ හැම එකාම සෙට් වෙන්නේ ගෙදරට හොරෙන් පැනලා පාස්පෝට් එක උස්සන්න.

අමිල තමයි ප්ලෑන් කරන්නේ... හැබැයි උගේ ප්ලෑන් වල කොනක හරි හින්දි ෆිල්ම් එකක කෑල්ලක් තියෙනවා. මූට කොච්චර කිව්වත් තේ‍රුම් ගන්නෑ ඔය හින්දි ෆිල්ම් වල තියෙන සීන් හැබෑ ලෝකේ දාන්න ගියොත් අම්බානක කන්න වෙනවා කියලා.

අමිල ප්ලෑන් එක කියවනවා.

කාවා උඹත් අහගනින්... වැඩේ සරලයි, සූටියි සිම්පල්...

මගුල තමයි උඹේ ප්ලෑන් වලට ගිහින් කන්න වෙන්නේ අම්බානක.

ඉස්සෙල්ල අහගනින්කෝ බං...

හා කියපංකෝ....

මෙහෙමයි... අපි පැණියව යවනවා දවල් කාලේ ඔත්තු බලන්න. පොර දිනූෂිත් එක්ක ලව් කරන ගමන් දෙන්නා ගේ පැත්තේ කැරකිලා ගෙදර මිනිස්සුන්ගේ යන එන සිස්ටම් එක ස්ටඩි කරනවා. අම්මයි තාත්තයි එලියට යන වෙලාවයි, ඇතුලට එන වෙලාවයි, වැඩ කාරයෝ මොකද කරන්නේ කියන එකයි උන් දෙන්නට බලාගන්න කියමු.

ඊට පස්සේ...මේ ගොන් හරක් සචියත් ඌට උඩගෙඩි දෙනවා.

ඊට පස්සේ... චතුරයයි, සචියයි රෑට ඔත්තු බලනවා. ගෙදර උන් රෑට මොනවටද එළියට යන්නේ... එන්නේ කීයටද, අනිතිමට ලයිට් නිවලා නිදාගන්නේ කීයටද කියලා බලන්න වෙනවා.

උන් ලයිට් නිවුවට නිදාගත්තේ නැත්නම්...

චතුරයා නියම ප්‍රශ්ණේ ඇහුවා

දැන් දීපංකෝ උත්තර
.
යකෝ හිනා වෙන්න එපා... මම ඇත්තටම ඇහුවේ... දැන් බලපං අපි ගෙදර නිදාගන්න කියලා ලයිට් නිව්වට නිදාගන්නවද නෑනේ.... යකෝ අපි ක්ලබ් යන්න අවසර නැති වුනාම ගෙදරන් හොරෙන් පනින්නෙත් ලයිට් නිවනකම් ඉඳලනේ.

යකෝ... රට හරකෝ.... දැන් උඹ හිතුවද දිලිනිගේ අම්මයි තාත්තයි දෙන්නත් ක්ලබ් යන්න ලයිට් නිවලා ගෙදරයි හොරෙන් පනිනවා කියලා.. ගස් ගෙම්බා ...තෝ නම් මොකෙක්ද?

නෑ බං මම කිව්වේ කියන්න බෑනේ...

වඳින්නම් චතුරයා කට  වහපං මම ප්ලෑන් එක කියනකං

අමිල ට මල පැනලා.

දැන් අපි ඔය විදිහට හැම මූව්මන්ට් එකක්ම බලාගෙන වැඩේට ප්ලෑන් කරන දවසේ හවස් වරුවේ ඒ ගේ ළඟ කොහේ හරි හැංගෙනවා. නැත්නම් හයට විතර පාරේ ගේ ඉස්සරහ කඩේකට වෙලා ලගා පාරක් ගහනවා.

ඒ අතරේ කාවාගේ පස්සෙන් ගිහානයා එන නිසා ඌ මේ පැත්ත පලාතක එන්නේ නැතුව ගිහානයාව රවට්ටන්න වෙන කොහේ හරි යනවා.ඊට පස්සේ ගෙදර උන් සෙට්ල් වෙලා නිදාගන්න ගියාම ගේමට බහිනවා.

කොහොමද?

දිලිනි මිස් කිව්ව පාර මතක තියාගෙන කාටවත් නොදැනෙන්න ඇතුල් වෙනවා. ඒ අතරේ සචියා බයික් එක තියාගෙන ඉන්නවා පාර අයිනේ. හෙමීට සද්ද නැතුව ඇතුල් වෙලා බඩු අරගත්තහම ආයෙත් ගිය පාරෙන්ම එලියට එනවා. නැංගා බයික් එකට, ආවා ගෙදර... කව්රුවත් දන්නෑ සීන් එක, චැප්ටර් ක්ලෝස්..

හරි දැන් කව්ද ගෙට රිංගන්නේ.... පැණියයි මායි ඔත්තු බලනවා, සචියා බයික් එකේ... කාවාට බෑ මොකද ඌව ගිහාන් ෆලෝ කරනවා. දැන් ඉතුරු වෙන්නෙ උඹ විතරයි. ඒ කියන්නේ උඹ පනිනවා ගෙට, ගේම ගහලා සල්මන් කාන් වගේ එනවා වීරයා.

චතුර ඇහුවා.

පිස්සුද යකෝ.. මම තමයි මාස්ටර් ප්ලෑනර්. අනිත් එක.... මගේ අම්මේ මට නම් බෑ ඕක කරන්න... මට බෑ යකෝ ගුටි කන්න...

එතකොට උඹ මේ මාස්ටර් ප්ලෑන් එක ගහන්නේ ගුටි කන්නද?

නෑ බං.... ඒ වුනාට ෂර්ලොක් හෝම්ස්ගේ ප්ලෑනුත් අප්සෙට් යන එකේ... අවදානමක් ගන්න බෑනේ බං.

එහෙනම් උඹේ ප්ලෑන් එක තියාගනින් හොදට රෝල් කරලා...

චතුර කිව්වා.

කාවා... මෙන්න මෙහේ වරෙන් යන්න... මූ එක්ක හිටියොත් අපිට පිස්සු හැදෙනවා. මොන හින්දි ෆිල්ම් එකේද යකෝ ඕක තිබුණේ?”

ඔව් කාවා... මුගේ භූත ප්ලෑන් එපා. උඹ කිව්ව විදිහට දවසක දිලිනිව එක්ක වරෙන්... හැබැයි උඹ එන්න එපා‍... සචියා එක්ක එවපං. උඹ වෙනද වගේ හිටපං වෙනසක් නැතුව. අපි රෑ එක විතර වෙනකම් ඉඳලා දිලිනි මිස් කියන විදිහට ගෙට පනින්නම්... ඊට පස්සේ වැඩේ ගොඩ... හදිස්සියක් වෙලා අපි මාට්ටු වුනොත් දිලිනි මිස් ඉන්න නිසා එයාම කියන විදිහට එයා ඉදිරිපත් වෙලා අපිව බේරයි.”

චතුර කිව්වා.

සිරා කතාව.. ඒක නම් මුගේ පණ යන මාස්ටර් ප්ලෑන් වලට  වඩා හොඳයි.”

මම කිව්වා.

අමිල ෆුල් අප්සෙට් එකේ ඉන්නවා.

මොකද බං මූඩ් ගහලා....”

නෑ බං උඹල වැඩක් කරන්න ගියොත් මගේ ප්ලෑන් වලට එන්නෙම නෑ... ඇයි බං.... මටත් චාන්ස් එකක් දියන්කෝ...”

අපෝ මේ... මතකනේ එක වතාවක් උඹේ ප්ලෑන් වලට වැඩ කරලා පොඩි පන්තිවල උන්ගෙන් ඉල්‍ලගෙන කෑවා ජල ගුටි.” සචිත්‍ර කිව්වා.

......... මේ...... හිතපු නැති දෙයක්නේ... කව්ද හිතුවේ බන් උන් දෙතුන් දෙනා වෙනුවට හතලිහක විතර සෙට් එකක් එයි කියලා.”

කොහොමහරි වටේ පිටේ හිටපු කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් හූ කියද්දී පණ එපා කියලා දිව්වනේ. යකෝ අවුරුද්දක් වුනා තාම රෙද්දක් ඇඳගෙන ගුඩ් ෂෙඩ් එක පැත්තේ යන්න බෑනේ...”

ඒ වුනාට උන් ගහද්දි කාවා ගොනා වගේ උන් එක්ක කෙලගන්න යද්දි බේරෙන්න නම් කරන්න තියෙන්නේ දුවන එක කියලා, දුවන ප්ලෑන් එක කිව්වේ මම නේ ඩෝ...”

අනේ පලයං බං යන්න. හතලිහක් විතර වටකරගෙන හතර දෙනෙකුට ගහද්දි දුවන්න කියල කවුරුවත් කියන්න ඕනේ නෑ.... නිකම්ම දිවවුනා. ඒක වෙන්න ඇති මුලින්ම උඹ බුදු අම්මෝ ගහන්න එපෝ කියලා අපි ඔක්කොටම කලින් දිව්වේ..”

නෑ බං ඒක තමා ප්ලෑන් එක. මම මුලින් දිව්වහම උඹලා මගේ පස්සේ දුවගෙන එනවනේ... නැත්තං එදා කාවා වගේ උන්ට ගහන්න ගියානං ගුටිකාලා තාමත් ඉස්පිරිතාලේ.”

මේ අමිල වඳින්නම්.... කට වහගනින්. එදා කොහොම හරි කාවයි, දිලිපුයි දෙන්නෙක්ගේ අතකුයි කකුලකුයි. නහයකුයි කඩපු නිසා කාඩ් එක බේරගත්තා... නැත්තං අපි කලිසමක් ඇඳගෙන නුවර එනවා බොරු. යකෝ දෙකේ පන්තියේ පොඩි උනුත් අපිට හූ කියයි.”

අපි කට්ටියම සෑහෙන කාලෙකින් හම්බවුනේ නැති නිසා අද මේ කතාව සෑහෙන වෙලාවක යයි. අපි හම්බවුනාම කොහොමත් මේ වගේ පරණ කතා කියලා එක එකාව බයිට් කරනවා. එක දවසකට එකෙක් අහුවෙනවා. අද අමිලගේ දවස.

මුන් මේ වැඩේ සැහැල්ලුවකට අරන් තිබුණට මේ හොරෙන් ගෙට පනින වැඩේ නම් මගෙ හිතට ඇල්ලුවේම නැහැ. වෙන වෙලාවකනම් මම මේ වැඩේට කෙලින්ම සම්භන්ධ වෙනවා. ඒත් මේක මට ඒ තරම් විශ්වාසයක් තිබුණේ නෑ.

මීට වඩා හොඳයි දිලිනිගේ නැන්දට කියලා ඒ මාර්ගයෙන් පාස්පෝට් එක ගෙන්න ගන්න බලන එක. ඒත් දිලිනිත් මෝඩයෙක් වගේ සචිත්‍රගේ අදහස අනුමත කළ නිසා දැන් මුන්ව නවත්තන්න බෑ.

මේ කතා අතරේ මම පැත්තකට වෙලා දිලිනිට කෝල් එකක් ගත්තා.

දිලිනි, ඔයා එදා සචිත්‍රට අර පාස්පෝට් එක ගන්න වැඩේට හා කියලා අන්න ඌ අපේ සෙට් එකත් එක්ක ප්ලෑන් ගහනවා. ඔයා හිතනවද ඕක ලේසි වැඩක් කියලා.”

කාවින්ද.. මමත් මුලින් කැමති වුනේ නෑ... ඒත් අපේ ගෙදර ඔය වැඩේ කරන්න අමාරු නෑ. මතකනේ එදා හැමෝම ඉද්දි මම ඔයාව අරන් ගියා. ඔයා පහුවෙනිදා වෙනකම් හිටියා... කව්රුවත් දැනගත්තද. මම ඔයා ආපහු එළියට එක්ක ගියේ ඉස්සරහ දොරින්... ඒත් කවුරුවත් දැක්කේ නෑ. මම ඉන්න තැනයි, කරන්න යන දේයි නැන්දටවත් නොකියා මේක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. සචිත්‍ර ඔච්චර කම්ෆිඩන්ස් එකේ ඉන්න නිසා කරලා බලන්න කියමු.”

ඒත්....”

මෙහෙමයි කාවින්ද... මගේ පාස්පෝට් එක තියෙන තැන මට හොඳට මතකයි.... අම්මා හරි තාත්තා හරි ඒක අරගෙන නැත්නම් ඒක එතන තියෙන්නම ඕනේ. අපි සචිත්‍රට කියමු ඒ තැන බලලා ඒක එතන නැත්නම් කලබලයක් නොකර එන්න කියලා. මොකද කවුරු හරි ගත්තනම් අපිට බෑ ඒක හොයන්න. ඒ නිසා ගිහිල්ලා විනාඩියෙන් වැඩේ කරලා එන්න කියන්න. යන දවසට මට කියන්න. මමත් එන්නම්.”

හරි ඔයා කියනවනම් ට්‍රයි කරලා බලමු. ඔයා එන එක හොඳද කියලා මට තාම ෂුවර් නෑ.”

බෑ කාවින්ද.... මම නිසා ඔයාගේ යාළුවෝ අමාරුවේ දාන්න බෑ... මම ඉන්නම ඕනේ. වැරදිලා හරි අහුවුනොත් මට පුළුවන් බේරගන්න.”

හරි එහෙනම් මම අරුණ අයියට දවස කියන්නම් ඔයාව එක්ක ඇවිල්ලා සචිත්‍රට බාර දෙන්න කියලා. එදාට මම වෙනසක් නැතුව සාමාන්‍ය වැඩ. මොකද ගිහාන් මං ගැන ඇහැ ගහගෙන හිටියොත් අපේ වැ‍ඩ අහු වෙනවා.”

හරි කාවින්ද. පරක්කු කරන්නේ නැතුව කරන දෙයක් ඉක්මනට.” 

4 comments: