Wednesday, July 19, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 56



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


56.

මම උදේ ඇහැරෙනකොට හොඳටම දවල් වෙලා.

කළින් දවසේ සිද්ධ වුන දේවල් එක්ක ඇතිවුන මහන්සිය නිසා හොඳටම නින්ද ගියා. සචියා පේන්න නෑ. මම කෑම කාමරේට යනකොට ඌ කළින් නැගිටලා, දීප නැන්ද හදන සරුසාර උදේ කෑම එක කනවා.

ආ කාවා.... මම උඹට ඇහැරෙව්වේ නෑ. මට උදේම බඩගින්නක් ආවා. ඉතින් මම පහළට බහිනකොටම දීප ආන්ටි දෙයියෝ බැලුව වගේ ආවා. මොනව වුනත් දීප ආන්ටිගේ කෑම නම් සුපිරි ආ...”

මූ නම් මහ බඩජහරියෙක්. මට මෙච්චර ප්‍රශ්ණයක් වෙලා තියෙනවා... මූ ඒව ගාණක්වත් නැතුව උදේම ගිලිනවා.

යකෝ.... හෙමින් කාපන් හිර වෙයි.”

වරෙන් කාවා... මොනව හරි කාල හිටපං.”

බෑ බං.... මට බඩගිනි නෑ....”

මම කියපු එකට උත්තර දුන්නේ සචියා නෙවෙයි, දීප නැන්දා.

ඔන්න බබා... අදත් නොකා ඉන්නද හදන්නේ.? දැන් දවස් ගාණකින් හරි හමන් කෑමක් නෑ.... මම මොනව හදල දුන්නත් කටවල් හතර පහකට වඩා කෑවේ නෑ. මොකද බබා කරන්නේ...?”

දීප නැන්ද කියන එක ඇත්ත. පහුගිය දවස් ටිකේම කන්න කිසිම පිරියක් තිබුණේ නෑ. දිලිනිගේ ප්‍රශ්ණෙ නිසා කෑම විතරක් නෙවෙයි මගේ අනිත් හැම වැඩක්මත් අතපසු වුනා.

කාවා මේ.... මොනව කරන්නත් කාලා හිටපං...”

තව ටික වෙලාවක් මෙතන හිටියොත් මුගේ බ්‍රේක් නැති කටින් මොනව කියයිද දන්නෑ.

සචියා... උඹ කාල වරෙන්... මම යනවා නාගන්න.”

එහෙම කියලා මම පැත්තකට වුනා.

ටවල් එකත් ඇඳගෙන බාත් රූම් එකට යන්න හදන කොටම දිලිනි මගේ මොබයිල් එකට කෝල් කළා.

කාවින්ද!”

හලෝ සුදූ කොහොමද?”

හරි නරකයි.....”

ඒ මොකද අප්පා උදේ පාන්දර... ඇයි මම නරක් වුනේ..?”

ඊයේ මම බලාගෙන හිටියා ඔයා කෝල් කරයි කියලා. දවල් වෙලාවේ කෝල් කළේ නැත්තේ නම් ඔයා වැඩ නිසා කියලා දන්නවා. ඒත් රෑටවත් කතා කළේ නෑ. මාව අමතක වෙලා වෙන්න ඇති නේද?”

ඉතින් ඔයාට කෝල් කරලා බලන්න තිබුනානේ.”

ඔයාට වැඩ ඇති කියලා ඩිස්ටර්බ් කරන්න හිතුනේ නෑ කාවින්ද... මම රෑ එකොළහ විතර වෙනකම් බලාගෙන හිටියා. අන්තිමට ෆෝන් එක අතේ තියාගෙනම නින්ද ගිහිල්ලා.”

සොරි දිලිනි... මම කෝල් කරන්න තමා හිටියේ.. ඒත් පොඩි අප්සෙට් එකක් වුනා.”

ඇයි.... අනේ මොකක්ද?”

නෑ නෑ... පොඩි දෙයක්...”

ඒ වුනාට මාව බය කරන්නේ නැතුව කියන්න කාවින්ද.”

මේකයි දිලිනි... මම හවස ටවුමට යනකොට ගිහාන් හම්බවුනා. මිනිහට මාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා අපි දෙන්නා  තැනකට ගියා.. මිනිහා කෙලින්ම ඇහුවා මගෙන් ඔයා කෝ කියලා.”

ඔය දෙන්නා රණ්ඩු වුනේ නෑ නේද?”

නෑ... නෑ.... රණ්ඩු වුනේ නෑ. ඒත් ඌ මගේ ඉස්සරහ ඇඬුවා... ඔයාට පොඩි කාළේ ඉඳන් ආදරේ කරාලු... ඒත් ඔයා අද වෙනකං එයාව ගණන් ගත්තේ නෑලු.”

වෙන මොනවද කිව්වේ?”

මොනව වුනත් ඔයා එයාගේ වෙන්න ඕනෙලු. මිනිහා දිගටම ඇහුවේ ඔයාව හංගගෙන ඉන්නේ කොහේද කියලා... මම කිව්වා මම දන්නෑ කියලා.”

ඉතින් විශ්වාස කළාද?”

මට ෂුවර් නෑ දිලිනි. ඒත් මම කිව්වේ මම දන්නේම නෑ කියලා. ඊට පස්සේ ඌ යන්න ගියා.”

ඇති යන්තම්.... ඔයාට කරදරයක් නෑ නේද?”

නෑ නෑ... ඒත් ඊට පස්සේ තමයි හොඳම දේ වුනේ...”

ඒ මොකක්ද?”

ගිහාන් යනකොටම ඔයාගේ මාමා ආවා.”

මාමා... මොන මාමද?”

මමත් දන්නෑ.. එයා මට කිව්වා එයා ඔයාගේ මාමා කියලා. අර අපි බලන්න ගිය නැන්දගේ කලින් හස්බන්ඩ් කියලා.”

මම ‍එහෙම කිව්වහම දිලිනි මොනවත් කිව්වේ නෑ.

දිලිනි.... ඇයි කතා නැත්තේ... ඔයා මට එයා ගැන කියලා තිබ්බේ නෑ නේද?”

එයා ගැන කිව්වේ නැත්තේ ඒ ගැන කියලා වැඩක් නැති නිසා කාවින්ද. ඔයා එයා කියන දේවල් හරියටම විශ්වාස කරන්න එපා.”

ඇයි... එයා කිව්වා එයා ඔයාව හදා ගත්තා කියලා. ඔයා එයාගේ දුව වගේ කියලා. පුළුවන්නම්  ඔයාට කෝල් එකක් දෙන්නත් කිව්වා. මට පරිස්සම් වෙන්නත් කිව්වා. එයා හැමදාම වගේ අදත් ඔයාගේ පැත්තේ කිව්වා.”

කාවින්ද... ඒ ගැන මම පස්සේ කියන්නම්. ඒක දිග කතාවක්... ඒත් ඔයා එයා කියන හැමදේම විශ්වාස කරන්න එපා. එයා නෑදෑකමට වඩා තාත්තිගේ බිස්නස් පාට්නර් කෙනෙක් විදිහට ක්ලෝස්.... ඒ නිසා එයා අපිට බොරුවක් කරනවා වෙන්න පුළුවන්.”

දිලිනි මේ කියපු දේ නිසා මට තේරුණේ, දිලිනිගේ මාමා දිලිනිට කොච්චර ආදරෙයි කිව්වත් දිලිනි එයාව විශ්වස නොකරන බව.

ඒක නෙවෙයි කාවින්ද... ඔයාට බැරිද වීක් එන්ඩ් එකේ මාව බලන්න එන්න. මට හරිම පාළුයි කාවින්ද......”

පුළුවන්... ඒත් මට බයයි ගිහාන් මගේ පස්සෙන් කාව හරි දාලද කියලා. එහෙම වුනොත් අපි දෙන්නම අහු වෙනවා.”

අනේ..... ඒ කියන්නේ අපි දෙන්නට දිගටම මෙහෙම ඉන්න වෙයිද?”

දන්නෑ... ඇත්තටම දිලිනි ඊයේ වුන දේ නිසා මම ටිකක් හිතුවා. අපි දැන් මොනවද කරන්නේ කියලා හිතන්න වෙනවා. ඔයාට දිගටම ඔහොම ඉන්නත් බෑ.”

ඔයා පුළුවන් නම් එන්න බලන්න කාවින්ද... මට ඔයා එක්ක ඒ ගැනත් කතා කරන්න තියෙනවා.”

හරි... මම සිකුරාදා රෑ එන්නම්. ගරාජ් එකේ ඉඳලා හොඳටම රෑ වෙලා පිටත් වෙන්නම්... ගිහාන් මොකෙක් හරි මගේ පස්සෙන් දාලා හිටියත් රෑ දොලහ වෙනකම් මොකෙක් වත් ඉන්න එකක් නෑ.”

ඔව් කාවින්ද... ඒක හොඳයි... ඒත් රෑ ඩ්‍රයිව් කරන කොට පරිස්සමින්. පුළුවන් නම් සචිත්‍රවත් එක්ක එන්න... ඒක පරිස්සමට හොඳයි.”

සිකුරාදා රෑ මම වැඩ ඉවර වෙලා සචිත්‍රවත් ගෙන්න ගත්තා.
මොකද කාවා කරන්න යන්නේ.. මට වැඩිපුර ඇඳුමකුත් දාගෙන එන්න කිව්වේ මේ රෑ මොනව කරන්නද?”

මම උඹට එන්න කිව්වේ තලවකැලේ යන්න. මට දිලිනිව හම්බවෙන්න තියෙනවා.”

යකෝ මේ රෑ... උඹට පිස්සුද?”

නෑ මේ ‍වෙලාවේ නෙවෙයි... තව රෑ වෙලා.”

යකෝ හෙට උදේ යමං.... මේ රෑ ජීප් එකේ ගිහින්... පිස්සුද උඹට?”

මචං මේ නෑ බෑ නොකියා වරෙන්. මට ෂුවර් ගිහානයා මගේ පස්සේ කාව හරි දාලා ඇති. ඒ නිසා දවල් කාලේ කොහෙවත් යන්න බෑ. දැන් අපි මෙහෙම ටිකක් ඇලට් එකක් දාලා රෑ දොළහට කිට්ටු වෙලා පිටත් වෙමු. ටිකක් දුර යනකං උඹ වාහනේ ගනිං. අනික අපි දෙන්නා මේ වෙලාවේ මෙතන බොන සීන් එකක් ඇට් කරමු. එතකොය මොකා හරි ඔත්තු බලන එකා හිතන්නෑ අපි බීල, ඔය වගේ ගමනක් යයි කියලා.”

බොනව වගේ බොරුවට ඇට් කරන්න තමා අමාරු..”

ඔව් ඔව් මම දන්නවනේ උඹේ හැටි. ඉඳා....”

මම කලින් ගෙනත් තිබ්බ බියර් කෑන් එකක් ඌට දික් කළා.

ෂා... උඹනම් සිරා පොරක් බං.....”

අපි දෙන්නා කෑම කාලා.... දවයට විතර නිදා ගත්තා. හදන්න ගෙනත් තිබුණ වාහ‍න තමා අපේ ඇඳ වුනේ.

මම හරියටම රෑ එකොළහ හමාරට ඇහැරුනා.

ඒයි සචියා නැගිටපං......”

ඇයි බං....?”

යකෝ... එළි වෙනකම් නිදාගන්න බෑ... යමං...”

අපෝ... මොන කරදරයක්ද බං....”

ඌ එහෙම කිය කියා නැගිට්ටා.

පාරේ කවුරුවත් පේන්න නෑ. අපි දෙන්නා වාහනේ දැම්මා පාරට... මම හැම පැත්තම බල බල ගියේ. මොකෙක් හරි වාහනේකින් අපිව ෆලෝ කරනවද කියලා බලන්න.

ඒත් මේ දඹ රෑ මොකෙක්වත් හිටියේ නෑ.

අපි දෙන්නා ගමන පටන් ගත්තේ දොළහට... තලවකැලේ ට එනකොට පාන්දර එක හමාරයි.

ඩයගම පාරට හරවලා මම දිලිනිට කෝල් කරලා අපි එනවා කියලා හෂිනි අක්කට කිව්වා.

අපි ගෙදරට යනකොට තුන්දෙනාම ඇහැරලා.

දිලිනි දුවගෙන ඇවිල්ලා මගේ බෙල්ල බදාගත්තා.

කාවින්ද මම බයෙන් හිටියේ..”

එයා එහෙම කියලා සචියටත් හග් එකක් දුන්නා.

තෑන්ක්ස සචිත්‍ර.... කාවින්ද නිසා ඔයත් කරදර ‍වෙනවා.”

නෑ මි..... දිලිනි....”

ඌ මිස් කියන්න ගිහිල්ලා යන්තම් ගිලගත්තා.

නෑ දිලිනි මම කොහොමත් කාවා පස්සේ ඉන්නවා. මම විතරක් නෙවෙයි අපේ සෙට් එකේ හැම එකෙක්ම කරදරයක් වුන කෙනාට උදව් කරනවා.”

හෂිනි අක්කයි අයියයි ඇවිල්ලා අපිව ඇතුලට එක්කරගෙන ගියා.

මල්ලි... ඔයා මේ කරන වැඩේ අවදානම් වැඩක්. ඔයාම කියන විදිහට ඔය ගිහාන් කියන කෙනා ඔයාව සැක කරනවනම්... මේ විදිහට යන එන එකෙන් මෙයා ඉන්න තැන දැනගන්න පුළුවන් වෙයි.”

අක්කා බය වෙන්න එපා... ඒ අයට මාව ගෙනියන්න බෑ. මම වැඩිහිටියෙක්... මට කැමති තැනක කැමති කෙනෙක් එක්ක ඉන්න පුළුවන්. කාටවත් බෑ මට බල කරන්න. ඔයා දෙන්නා මාව බලෙන් ති‍යාගෙන ඉන්නවා කියන්න කාටවත් බෑ.”

මල්ලි ඔය දෙන්නා නිදා ගන්න. එදා කාමරේම ලෑස්ති කරලා ඇති. දෙන්නට ඇඳන් දෙකක් දාලා ඇති.”

මටත් ඒ වෙනකොට මාරාන්තික නින්දක් තිබුණා.

මල්ලි කාලා නැත්නම් මොනව හරි කමු.”

නෑ අක්කේ අපි දෙන්නා කාලා ආවේ.”

එහෙනම් දෙන්නා වොෂ් එකක් දාගන්න, මම විනාඩියෙන් තේ එකක් හදන්නම් සීතල යන්න.”

අක්කා එහෙම කියලා කුස්සියට ගියා.

සචියා බාත් රූම් එකට ගියා. මමත් ටවල් එකත් අරගෙන දිලිනිගේ කාමරේ බාත් රූම් එකට යන්න හිතාගෙන ඇතුලට ගියා.

දිලිනි මගේ පස්සෙන් ඇවිල්ලා දොර වැහුවා.

ඊට පස්සේ එයා කිසිම කතාවක් නැතුව මාව බදාගෙන අඬන්න පටන් ගත්තා.

මොකද දිලිනි...?”

මට ඔයා නැතුව පාළුයි.”

ඉතින් මම ආවනේ ... ඇයි අඬන්නේ?”

සතුටට....”

පිස්සුද මන්දා... සතුටට ඔය වගේ හොටු පෙරාගෙන අඬනවනම් මම දැක්කමයි.”

අනේ කාවින්ද ආයෙ කවදාවත් මාව දාලා යන්න එපා... මම පාළුවෙන් මැරෙයි...”

මේ කෙල්ලට පිස්සුද මන්දා. තාමත් දිලිනි මාව බදාගෙන

කාවින්ද...”

ම්....”

යන්න් වොෂ් එකක් දාගන්න.. අද රෑ ඉතුරු ටික මගේ කාමරේ ඉන්න...”

පිස්සුද... අද නම් බෑ.. සචියා ඉන්නවා...”

අනේ.... එයා මොනව හිතන්නද... අපි දෙන්නා නරක දෙයක් කරන්නේ නෑනේ..”

කියන්න බෑනේ.. මේ රෑ..... සීතලේ..... නරක දෙයක් කරන්න හිතුනොත්...”

මේ මිස්ටර් කාවින්ද... ඒවනම් කරන්න හම්බවෙන්නේ නෑ හරිද.....!”

ඇත්තද......? එහෙනම් ඉතින් වැඩකුත් නෑනේ... මම මොකට ඉන්නවද ඔයා එක්ක.. මම යනවා නිදා ගන්න.”

අනේ......! මට පාළුයි... මාව මේ පාළු පැත්තට ගෙනල්ලා දවස් ගාණක් එන්නෙවත් නැතුව ඉඳලා, ආවට පස්සෙත් මාව දාලා යනවා. මම තරහම තරහයි. ඔයා ගියොත් ඔන්න මම හොරෙන් ඔයාගේ කාමරේට එනවා.”

ඒක හරියන්නේ නෑ මැඩම්.. සචියා ඉන්නවා.”

මට මොකද....! ඔයා එන්නේ නැත්නම් කවුරු හිටියත් මම එනවා.”

අම්මෝ... මෙයා ඒකත් කරන්න බැරි කෙනෙක් නෙවෙයි...”

යන්න කාවින්ද නිදා ගන්න. ඔන්න උදේම නැගිටලා එන්න.”

තිබුණ සීතලයි මහන්සියයි එක්ක හෂිනි අක්ක දුන්න තේ එක බීල ඇඳට වැටුන ගමන් මට නින්ද ගියා.

1 comment: