Recent Post

Tuesday, July 11, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 46




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



46.

ප්‍රතිපල ඇවිල්ලා දවසක්ම අපි පිස්සු නැටුවා. බදාදා තමයි ආයෙත් ගරාජ් එකට ගියේ.

තවත් සතියක් යනකොට වාහනේ සම්පූර්ණයෙන්ම ගොඩ දාගන්න අපිට පුළුවන් වුනා.

මම මුලින්ම ‍කළේ, ධනුෂ්ක අයියට වාහනේ දුන්න එක.

මිනිහා රවුමක් ගිහිල්ලා ආවා.

“කාවින්ද මල්ලි. උඹ දන්නවද මම මේ වාහනේ කී දෙනෙකුට හදල ගන්න කිව්වද කියලා. මේ ගරාජ් එකේම හිටපු තුෂාරටත් මම කිව්වා. එකෙක්වත් අතවත් තිබ්බේ නෑ. ඒ හැම එකාම බලන් හිටියේ කව්රු හරි මේක හදල ගොඩගන්නකං. කාටවත් ඕනේ වුනේ නෑ කට්ටක් කාලා මේක ගොඩ දාගන්න.”

“පුදුමයි.”

“එහෙම තමයි බං මිනිස්සු. උඹ මේකට අත තියනකොට මම හිතුවේ නෑ උඹ මේක ඉවර කරයි කියලා. මම දැක්ක උඹල දෙන්න කාපු කට්ට. සමහර දවස් වල රෑ එලි වෙනකං උඹලා වැඩ කළා. මේක මට එපා බං. උඹට මම ට්‍රාන්සර් පේපර්ස් දෙන්නම් වාහනේ උඹට ට්‍රාන්සර් කරගනින්.”

“තෑන්ක්ස් අයියේ..... ඒත් මේ තරම් වටින දෙයක් මට නිකම්ම දෙනවද?”

“මම එකපාරක් කිව්වනේ බං. මට වාහන තියෙනවා. අයිතිකාරයටත් මේක එපා.”

ධනුෂ්ක අයියට තෑන්ක්ස කරලා, එදා දවසට නිවාඩුවකුත් දාලා, අපි දෙන්නා වාහනේ අරගෙන ගෙදර ගියා.
මට ඕනේ වුනේ මුලින්ම අම්මව රවුමක් එක්ක යන්න.

අම්ම වාහනේ දැක්ක ගමන් පුදුම වුනා.

“අනේ අම්මේ.... මොකක්ද පුතා මේ? ගරාජ් එකේ වාහනයකුත් අරන් ආවේ ඇයි.?”

“ඉස්සෙල්ල අම්ම නගින්නකෝ වාහනේට.”

“මම ඒ මොකටද?”

“කට වහගෙන පන්ඩිතයා වෙන්නේ නැතුව නගින්න.”

මම කිව්වා.

“මේකට නගින්න ඉනිමගක් ඕනෙනේ ළමයෝ.”

මම අම්මව උස්සලා තිබ්බා.

“අලුත් එකක් වගේ. කාගෙද පුතා.”

“මගේ.”

“ඔයාට කොහෙන්ද වාහනයක්. මාස දෙකක් ගරාජ් එකක වැඩකරලා වාහනයක් ගන්න පුළුවන් රටක් මම නම් දන්නේ නෑ.”

“යමුකෝ රවුමක්.”

මම වාහනේ ස්ටාර්ට් කරගත්තා.

අම්මවත් දාගෙන, මම කටුගස්තොට ටවුන් එක පැත්තට මම ආවා.

“ආන්ටි, කොහොමද වාහනේ?”

සචිත්‍ර පිටිපස්සේ ඉඳලා ඇහුවා.

“හොඳයි... ගරාජ් එකට ආපු එකක්ද?”

“නෑ අම්මා, මේකයි කතාව.”

මම ඩ්‍රයිව් කරන ගමන් සම්පූර්ණ කතාවම කිව්වා.

“මට ගොඩක් සතුටුයි. ඒත් කරන හැම දේම පරිස්සමින් කරන්න. ඔය වයසට වාහනයක් ගන්න අපිට නම් හිතන්නවත් බෑ. ඒත් ඔය ඒ දේ කළා. මට ගොඩක් සතුටුයි පුතා. මම දැනගෙන හිටියා මොන දේ කළත් ඔයා ඒ වැඩේ හරියටම කරනවා කියලා.”

මම අම්මව ගෙදරින් දැම්මා.

“කාවා, දැන් නිවාඩුවකුත් දැම්ම එකේ අපේ එවුන සෙට් එකත් දාගෙන යමුද ට්‍රිප් එකක්?”

“මේ දැන්, උඹට පිස්සුද? උඹට ඕනේ නම් රවුමක් පලයං.”

“අම්මෝ මට නම් එපා. ඕක එලවන්න මට පුරුදු නෑ. හදපු ගමන් කොහේ හරි ඇනගන්න තමයි වෙන්නේ.”

“එහෙනම් වරෙන් යමු ටවුන් එක පැත්තේ.”

“කාවා. උඹ පලයං... යන ගමන් මාව ගෙදරින් දාගෙන පලයං.”

“ඇයි බං උඹට අප්සෙට් වුනාද?”

“නෑ යකෝ. මම කිව්වේ අද රෑට වෙඩින් එකක් තියෙනවා. ගෙදර ඔක්කොම බලාගෙන ඉන්නේ යන්න. මම පරක්කු වුනොත් අදනම් අහගන්න වෙනවා.”

“මගුලක් කියවන්න එපා ඩෝ. මම නිවාඩුවකුත් දැම්මා උඹත් එක්ක අනිත් එවුනුතත් දාගෙන කොහේ හරි යන්න. උඹ ගියාම මම මොනවද බං කරන්නේ. බලු වැඩ කරන්න එපා බං.”

“අඩේ සොරි බං. මට උදේ උඹට කියන්න බැරිවුනා.”

“බලපං බං උඹ මාව නැති කරානේ බූරු‍වා. මගුල් ගෙදර ගිහිල්ලා බීලා වැඩිවෙලා මැරියං. කන ඒවා බඩම පලයං.”

“යකෝ  ඔහොම හෙන ගහන කතා කියන්න එපා.”

“පලයං යන්න. එන්න එපා ආයෙත් උඹේ යාළුකම කියාගෙන. කැත වැඩනේ බං. එකට ඉඳලා කරන්නේ.”

අනේ ඩාලිං මට යන්නම වෙනවා. නැත්තං ආයෙත් මම ගෙදර ගිහිල්ලා හමාරයි. අපි හෙට හොඳ රස්තියාදුවක් ගහමු.”

ඌ ඒක කියපු විදිහට මට දුක හිතුනා.

“හරි හරි, වරෙන් යමු.”

මම සචියවත් දාලා එන ගමන් කල්පනා කළේ නිවාඩුවකුත් දාපු එකේ මොනවද කරන්නේ කියලා. දැන් ඉතින් ආයෙත් ගරාජ් එකට යන්නත් බෑ.

මම චතුරට අමිලට කෝල් එකක් ගත්තා.

“සොරි කාවා, අද මම නුවර යන්න හදන්නේ දැන් අම්මලත් එක්ක.”

ඊට පස්සේ චතුරට ගත්තා.

“කාවා, අපි අනිවා හෙට සෙට්වෙමු. අදනම් බෑ බං, ‍තාත්තා පොඩි වැඩක් බාර දුන්නා.”

අන්තිමම මට කෝල් කරන්න ඉතුරු වුනේ එක්කෙනයි.

බලමු මෙයා මොනවද කරන්නේ කියලා.

මම දිලිනිට කෝල් එකක් ගත්තා.

“හලෝ...”

“හලෝ කාවින්ද, කොහොමද?”

“හොඳයි.”

“මොකද මාව මතක් වුනේ?”

“විශේෂයෙන් මතක් වීමක් වුනේ නෑ. කොහොමත් ඔයාව මට මතක් වෙනවා.”

“අනේ ඇත්තද? මට හරි ආසයි.”

“ආසයි, මොකටද?”

“ඔයාට මාව මතක් වෙනවට.”

“ඔන්න ආයෙත් පිස්සු කියවන්න ගත්තා. මේ දිලිනි ඇත්තටම ඔයාට උපතින් පොඩි අප්සෙට් එකක් තියෙනවද?”

“ඇයි?”

“නෑ කියවන්න ගියාම ඔහේ කියවනවා. මොනවා කියනවද කියල දන්නේ නෑ.”

“හරි හරි ඔන්න මම කට වහගත්තා. ඉතින් කියන්න මාව මතක් වුනේ ඇයි කියලා.”

“ඔයාව බලන්න හිතුනා.”

“මේ දැන්?”

“ඔව්... ඇයි ඔයා බිසීද?”

“ඔව්.”

“ගිහාන් එනවා කිව්වද ඔයාව බලන්න.”

“කාවින්ද මම ළඟ හිටියනම් ගහනවා කටට. මට ඒ බූරුවා පිළිගන්න අමාරුවක් නෑ.”

“එහෙනම් මට එන්න එපා කියන්නේ?”

“මට ඔයාව බලන්නේ ඕනේ නැති නිසා.”

“ඇයි ඒ?”

“කාවින්ද මම එදත් කිව්වා. මට බෑ ඔයාව අමාරුවේ දාන්න. අනිත් එක මට බෑ මගේ හිතට හැමදාම බොරු කරන්න.”

“ඇයි ඔයා ඔයාගේම හිතට බොරු කරන්නේ?”

“අනේ... මේ මොඩයාට මේක තේරෙන්නේ නැති හැටි.”

“මෝඩයා කව්ද?”

“ඔයා .... වෙන කව්ද.”

“හරි හරි මෝඩයාගේ වැඩ බලන්නවත් එන්න බැරිද?”

“බෑ කිව්වොත් බෑ.”

“හරි. එහෙනම් බායි. මම එයි පස්සෙන්. මගේ පස්සෙන් කෙල්ලෝ පෝලිමට එද්දි මම මොකටද ඔයාගේ පස්සෙන් එන්නේ?”

“ඇය දන්නවද කාවින්ද ඒ?”

“නෑ.”

අනිත් කෙල්ලෝ ඔයාගේ පස්සෙන් ආවට මම ඔයාගේ පස්සෙන් එන්නේ නෑ. ඒ නිසා ඔයා මගේ පස්සෙන්ආවට පාඩු වෙන්නේ නෑ.”

“වැඩේමයි. ඔයාගේ පස්සෙන් එයි මම.”

“බායි.”

මම ෆෝන් එක තිබ්බා.

අදනම් මම මාර අප්සෙට් වෙලාවක නැගිටලා තියෙන්නේ. එකෙක්වත් මාත් එක්ක ඉන්නේ නෑ. මුලින් සචියා, ඊට පස්සේ අමිලයි චතුරයි, ඊට පස්සේ මෙයා.

මම ටිකක් වෙලා කල්පනා කළා මොකක්ද කරන්නේ කියලා.

ටිකකින් ‍දිලිනි මට කෝල කළා.

“හලෝ.”

“කාවින්ද මම...”

“දන්නවා. ඇයි?”

“මේ ඔයා තරහ වුනාද?”

“මොකටද මම තරහ වෙන්නේ?”

“මම එන්න බෑ කිව්වට.”

“මට වෙන වැඩ තියෙනවා. ඔයා බෑ කිව්වනම් මම ඒ වැඩක් කරනවා.”

“අන්න බොරු කියනවා. ඒක නෙවෙයි කාවින්ද මොක්කද ඔයා මට පෙන්වන්න තියෙනවා කිව්වේ.”

“දැන් බලන්න ඕනේ නෑ කිව්වනම් ඇයි අහන්නේ?”

“අනේ ප්ලීස්. ගණන් උස්සන්නේ නැතුව කියන්නකෝ.”

“බෑ.”

“අනේ. එහෙනම් මම එනවා.”

“දැන් එපා.”

“මොකක්ද අනේ. මම තරහම තරහයි.”

“කාවින්ද, මම කියන දේ අහන්නකෝ.මම ඔයාව හම්බවෙන්න බෑ කිව්වේ ඔයාගෙම හොඳටම තමයි. මට ඔයා ළඟ ඉන්නකොට දැනෙන සතුට වෙන කිසිම වෙලාවක දැනෙන්නේ නෑ. ඒක ඇත්ත. ඒත් එහෙමයි කියලා මට බෑ අපි දෙන්නගේ මේ නමක් නැති සම්බන්ධය නිසා ඔයාට ප්‍රශ්ණ ඇති කරන්න.”

“එහෙනම් දැන් එන්නම් කිව්වේ?”

“කාවින්ද, තේරුම් ගන්න. මට ආසයි ඔයාව බලන්න. ඔයා එක්ක ටිකක් කතා කරන්න. ඉතින් ඔයා කොහොමහරි එන්න කිව්වහම මට එන්නම හිතෙනවා.”

“හරි එහෙනම් එන්න. හතරට ඒ කියන්නේ තව පැය බාගෙකින්  මම ඔයාගේ ගේ ළඟට එනවා.”

මම මජං කිට් එක පිටින්ම වාහනේ අරගෙන දිලිනිගේ ගේ ළඟට ගියා.

මම යනකොට දිලිනි බලාගෙන හිටියා. ඒත් මම එන්නේ ජීප් එකේ කියලා දන්නේ නැති නිසා එයා මාව දැක්කේ නෑ. කෙල්ල මගේ බයික් එක හොයනවා ඇති.

 මම හෝන් එක ගැහුවා. කෙල්ලට තාම අඳුරගන්න බැරිවුනා.

මම තවත් පාරක් හෝන් එක ගැහුවා.

ඒ පාර නම් දැක්කා වගේ. දිලිනි දුවගෙන ආවා. ගේට්ටුවත් ඇරලා දාලා.

“අනේ කාවින්ද, ඔයාට කොහෙන්ද මේක? ගත්තද?”

“නෑ. මතක නැද්ද දවසක් මම ආවේ. ඔයා කිව්වේ හදලා ඉවර වෙලා ඔයාව රවුමක් එක්ක යන්න කියලා. ඉතින් ඔන්න මම ආවා.”

“මේක අර තිබ්බ එකද? හම්මෝ අඳුරගන්නත් බෑ... දැන් මේක  ඔයාගෙමද?”

“ඔව් ඔව්. මමයි සචිත්‍රයි එකතු වෙලා හදලා ගත්තා.යං.”

දිලිනි දුවල ඇවිල්ල වාහනේට නැග්ගා.

“අපෝ.. මෙයා ගරාජ් කිට් එක පිටින් ඇවිල්ල තියෙන්නේ.”

“ඇයි ලැජ්ජද මාත් එක්ක යන්න. එහෙනම් පිටිපස්සේ සීට් එකට යන්න.”

“මට ඔයා කොහොම හිටියත් ලැජ්ජාවක් නෑ කාවින්ද. මම ඒක නිකං කිව්වේ. අපි යමු.”

“කොහේද?”

“දැන් ඔයා මට මොනවද පෙන්වන්න ඕනේ කිව්වේ.”

“ඒ මේ වාහනේ.”

“ආ ඒකද, අයියෝ ඔයා නම් හරි නරකයි. මම හිතුවා එදා වගේ ලස්සන තැනකට යන්න කියලා.”

“ඔයාට ඕනෙනම් අපි යමු පොඩි සාදු බලන්න.”

“දැන්?”

“ඔව්. අවුලක් නෑ. එදා ඔයාගේ කේන්දරේ හැදුවට බලලා හැම දේම කිව්වේ නෑනේ.”

“යමු එහෙනම්. මට ආසයි මගේ කේන්දරේ තියෙන දේ දැනගන්න.”

3 comments:

  1. කතාව දිග වැඩි වෙනවද මන්දා...

    ReplyDelete
  2. හම්මේ මතක් කළා විතරයි.. ඉන්න කියෝලා එන්නම්

    ReplyDelete
    Replies
    1. කාවා ගැන තිබ්බ පැහැදීම දැන් මගේ නැහැ. කාවා.... මම හිතන්නේ මම ඔයාව දන්නවා..... බලමුකෝ තව ඉස්සරහට යනකොට

      Delete