Monday, August 28, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 84



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



84.

උදේ හය හමාරට ප්‍රැක්ටිස් නිසා මම හය වෙනකොට පිට්ටනියට ගියා.
මම ඇඳුම් ඇඳ‍ගන්න කොට දිලිනි කතා කළා.
“මට කම්මැලියි කාවින්ද..එන්නද ප්‍රැක්ටිස් කරනවා බලන්න?”
දැන් මෙයා ආවොත් දිනිත් ඉන්න වෙලාවේ වැඩේ දෙල් වෙනවා.
“එපා සුදූ... මට අද ටිකක් කලින් යන්න වෙනවා තවත් වැඩකට.”
“දිනි එන්න කිව්වද?” දිලිනි කනට ගහනවා වගේ ඇහුවා.
මේ කෙල්ලොනම් මේවා කොහොම ගෙස් කරනවද මන්දා. ඉව තියෙනවද කොහෙදෝ...
“ඇයි කතා නැත්තේ....?”
“ඔයා කැමති නැද්ද මම දිනිව බලන්න යනවට?”
“ඉස්සරනම් මම කිසිම අකමැත්තක් තිබුණේ නෑ ඔයා කාව ආශ්‍රය කළත්... ඒත් දැන්නම් දිනිව ආශ්‍රය කරන එකට මම බයයි කාවින්ද?”
“ඔයා හිතනවද දිනිගේ කීම අහලා මම ඔයාව ඩම්ප් කරයි කියලා?”
“නෑ.... මට ඔයාව සැක නෑ... ඒත් මට දිනිව ෂුවර් නෑ කාවින්ද.....”
“ඔයාට මාව ෂුවර් නම් බය නැතුව ඉන්න... මට දිනි එන්න කිව්වා. පිටරට ඉඳලා ඇවිල්ලා කතා කළාම බෑ කියන්න බෑ සුදූ.. බය වෙන්න එපා...”
“අනේ මට දුකයි...”
“මේ විකාර කරන්න එපා..... ඔයා දන්නවනේ මම දිනි ගැන හිතන විදිහ.”
“හරි හරි... ඔන්න හවස මාව බලන්න එන්න ඕනේ...”
“හරි.... මට කෝල් කරන්න... මම එන්නම්.”
හරියටම දහයට ප්‍රැක්ටිස් ඉවර කරලා මම දහයයි කාලට ගලහ හන්දියට ආවා. මම එනකොටත් දිනි ඇවිල්ලා බස් හෝල්ට් එකට වෙලා තනියම ඉන්නවා.
මාව දැක්ක ගමන් එයා දුවගෙන ආවා.
“ඔයා තනියමද ආවේ?”
“සමාධි මාව දාලා ගියා.”
“යමු.” මම හෙල්මට් එක අතට දුන්නා.
මම දිනිව අරගෙන පේරාදෙනිය රෙස්ට් හවුස් එකට ආවා.
අපි උදේ කෑම ඕඩර් කරලා වැරැන්ඩා එකේ ‍මේසයක ඉඳ ගත්තා.
“ඉතින් දිනි, නංගි මොකද මේ හදිස්සියේ ලංකාවට ආවේ?”
“හදිස්සියක් නෑ... මට අයියව බලන්න හිතුනා.”
“මේ මාව බලන්නමද ආවේ...?”
“ඔව් ඇයි....?”
“නෑ ප්‍රශ්ණයක් නෑ. ඔයා තාමත් ඒ තරම් මං ගැන බලනවා කියන එක ලොකු දෙයක් මට.”
“මම කවදත් එහෙම නේද කාවින්ද අයියේ. ඔයා නේද හැමදාම මාව බලන එක අමතක කළේ?”
“ඒක හින්ට් එකක්ද, කම්ප්ලේන් එකක්ද?”
“කැමති දෙයක් හිතා ගන්න. ඔයා තමයි අළුත් අය හම්බවෙනකොට පරණ සම්බන්ධකම් අමතක කළේ.”
“ඔන්න නංගා ඔයා ආයෙත් වැරදි ටොපික් එකට එනවා. අපි දෙන්නා අතරේ ප්‍රශ්ණයක් නෑනේ.”
“නෑ තමා අයියේ. ඒත් ඔයා වැරදි පාරක යන්නේ...”
“අනේ මේ නංගා.... ඕක නවත්තගන්න. මට ඔය කතාව අහලා ඇති වෙලා...... අපි ඒ ගැන කතා නොකර ඉමු. ඒක මගේ ජීවිතේ... වැරදුනොත් මට...”
“එහෙම කොහොමද වෙන්නේ.... ඔයාගේ ජීවිතේ අපිත් ඉන්නවා... ඔයාගේ අම්මා, තාත්තා, මල්ලි, නෑදෑයෝ.. යාළුවෝ... ඇයි මම..... එතකොට ඔයාට වැරදුනොත් අපි හැමෝටමත් වැරදුනා වගේ තමා.”
“අනේ ප්ලීස් නංගා... ඔළුව අවුල් වෙන කතා කියන්න එපා. ඔයාල හැමෝම මගේ ළගම අය තමා... ඒත් මටත් තනි තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ....”
“අයියෝ අයියේ... ඔයා නම් හදන්න බෑ..... පොඩි කාලේ ඉඳලා ළඟ හිටපු මේ දිනිව ඔයාට වැඩක් නැද්ද...”
“වැඩක් තියෙනවා. නංගි කෙනෙක් නැති මට ඔයා මගේම නංගි. ඔයා වෙනුවෙන් මම පණ වුනත් දෙනවා.... මගේ අම්මට තාත්තට මල්ලිට වගේම මම ඔයාටත් ආදරෙයි....”
“එච්චරද?” දිනි ඇහුවා...
“තව මොනවද?”
“කාවින්ද අයියේ... ඔයාට ඇයි තේරුනේ නැත්තේ මම ඔයාට ආදරේ කරනවා කියලා.. මම ඔයාට ඒක කිව්වා.... ගොඩක් කලින්... ඒත් ඔයා කන් ඇහෙන්නෑ වගේ හිටියා.. මම ඔයාගේ නංගි නෙවෙයි... ඔයා ඒක දන්නවා... ඔයා මගේ කාවින්ද අයියේ.... පොඩි කාලේ ඉඳලා මම ඔයාටයි ආදරේ කලේ... අපි අටේ නවයේ පන්ති වල ඉන්නකොටත් යාළුවෝ මට විහිළු කළා ඔයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. මම ලැජ්ජා වුනේ නෑ... ආඩම්බර වුනා..... දිගටම මගේ යාළුවෝ හිතාගෙන හිටියේ එහෙමයි... මමත් එහෙමයි.... මම කොහොමද ඒ හැම දෙයක්ම අමතක කරන්නේ.”
“අනේ ඩාලින්...මම ඔයාට කිව්වනේ.... මට ඔයා ගැන එහෙම හිතෙන්නේ නෑ..... ප්ලීස් තේරුම් ගන්න....”
“මම දන්නවා අයියේ... ඔයා මට අකමැත්තක් නෑ.. මේ දිලිනි නිසා තමයි ඔයාගේ හිත වෙනස් වුනේ...”
“ඔයා මොලේ තියෙන කෙනෙක් නේද... කැමැත්තයි ආදරයයි කියන්නේ වෙනස් දේවල් කියලා ඔයා දන්නවා නේද?”
“දන්නවා... ඒත් ඔයා යන වැරදි පාර තේරුම් ගත්ත දවසට මගේ ළඟට එනවා කියලා මම දන්නවා. ඒත් එතකං බලාගෙන ඉඳලා ඔයාව විනාශ වෙන්න දෙන්න මට බෑ...”
“මට තේරෙන්නෑ නංගා.. දැන් මොකක්ද මම කරන්න ඕනේ... දිලිනිව ඩම්ප් කරලා ඔයාට ආදරේ කරන්නද....?”
වැල් වටාරම් නැතුව මම කෙලින්ම ඇහුවා... ඇයි අප්පා මේ කෙල්ලෝ එක්ක කතා කරලා දෙයක් තේරුම් කරලා දෙන්නම බෑනේ..... එකම දේ වටේ යනවා... කොච්චර කිව්වත් වැඩක් නෑ.
“නෑ... මම එහෙම කියන්නෑ... ඔයාගේ ආදරේ බලෙන් ගන්න මට බෑ.. ඒත් දිලිනි ව තේරුම් ගන්න බලන්න. එතකොට ඔයාට එයාව ඩම්ප් කරන්න ඕනේ නෑ... එයාට තේරෙනකොට ඔයා එයාව අඳුරගත්තා කියලා එයා ඔයාව ඩම්ප් කරයි...”
“බලමු.... මම තේරුම් ගන්න උත්සහ කරන්නම්කෝ....”
“ඒත් ඔයා දිලිනි කියන හැම දේම විශ්වාස කරනවා. ඒකයි ප්‍රශ්ණේ.. එතකොට එයාගේ නියම ස්වරූපය ඔයාට පේන්නේ නෑ.”
“ඉතින්...”
“මම ඔයාට ඒක කරන්න උදව් කරන්නම්... දිලිනිව ඒ තත්වෙට ගේන්න මට පුළුවන්... එයාගේ ඇත්ත මුණ ලෝකෙට පේන්න රිවීල් කරන්න මට පුළුවන්..”
“මේ.... ඔයා මොනවද කරන්න යන්නේ.... ඒ කෙල්ලට බොරු කතා නම් හදන්න එපා...”
“බොරු... එයාගැන බොරු හදලා කියන්න ඕනේ නෑ අයියේ... මිනිස්සු නොදන්න ඇත්ත එලියට දාපුවාම ඇති.”
දිනි මේ තරම් විශ්වාසෙන් කියන මේ දිලිනිගේ ඇත්ත මූණ මොකක්ද...? දිලිනි කියන විදිහටනම් එයාගේ කිසිම රහසක් නෑ... ඒත් දිනි කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඇත්තටම මටත් ඒක බලාගන්න උවමනා වුනා. ඒ නිසා දිනි කරන්න යන දේවල් මම වලක්වන්න උත්සහ කළේ නෑ....
අපි දෙන්නා කෑම කන අතරේ දිලිනි මට කෝල් කළා. මම ෆෝන් එක අරන් පැත්තකට ගියා.
“කාවින්ද... ඔයා දිනි එක්කද?”
“ඔව්... අපි  බ්‍රෙක්ෆස්ට් ගන්නවා.”
“හ්ම්...”
“මොකද?”
“මට ඔයා එක්ක ‍බ්‍රෙක්ෆස්ට් ගන්න තිබුණනම්.... අපේම ගෙදරක...”
“මොකක්...?”
“නෑ අනේ... මම හීන බලනවා.. ඒක නෙවෙයි කාවින්ද, මොනවද දිනි මං ගැන කියන්නේ... බොරු ගොඩක් කියනවා ඇති නේද?”
“නෑ... එහෙමත් නෑ....”
“ඔයාට එයාව විශ්වාසද?”
“මේ... එයා මට ඔයා ගැන මොනවත් කිව්වේ නෑ... අපි නිකං කතා කළා... එච්චරයි...”
“හම්... කමක් නෑ....හවස මාව හම්බවෙනවා නේද?”
“ඔව්....”
මම කෝල් එක අරන් ඉවර වෙලා ආයෙත් දිනි ලඟට ගියා.
“දිලිනිද?”
“හම්....”
දිනි හිනා වුනා..
“ඇයි හලෝ...”
“නෑ.. ඔයාට පැයක්වත් ඉන්න දෙන්නේ නෑ නේද එයා නැතුව.”
‍මේ කෙල්ලොන්ට අහු වුනාම නම් කොටි වලිගයකට අහුවුනා වගේ තමා. අතාරින්නම බෑ... දෙන්නා දෙපැත්තේ ඉඳලා මාරුවෙන් මාරුවට පිස්සු කෙලිනවා. මම මැදට වෙලා ෆුල් හන්තර් වෙනවා. ඇයි අප්පා මුන්ට උත්තර දෙන්න ඕනේ සෑහෙන්න කට පරිස්සම් කරගෙනනේ. එක වැරදි වචනයක් ඇති වැඩේ ජෝන් බාස්ට යන්න.
මුන් දෙන්නා මැදට වෙලා මට ෆුල් ටෙන්ෂන්. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි නැති නිසා හොඳයි නැත්නම් හයි ප්‍රෙෂර් ඇවිල්ලා මැරිලා.
“නංගා දැන් එකොළහ හමාරත් වෙලා.... මොකද කරන්නේ යමුද?”
“අද මාත් එක්ක ඉන්න හවස් වෙනකං. මට ෂොපින් යන්න ඕනේ.... මාත් එක්ක යමු. හැන්දෑ වෙලා අපි ඩිනර් එකත් අරගෙනම යමු..”
මාර වැඩේ.... ඒ කියන්නේ අද දවසම මෙයා එක්ක ඉන්න වෙනවා. එහෙම වුනොත් හවසට දිලිනිගේ ඇපොයින්මන්ට් එක ඉවරයි. ඊට පස්සේ ඉතින් අඬනවා. එයාව නලවන්න පහුවෙනිදා දවසම යයි.
“අයියේ මොකද කියන්නේ... ඔයා බෑ කියන්න නම් එපා. අනිත් එක හෙට මාත් එක්ක කොළඹ යන්න එන්න ඕනේ... යන්න කළින් මට වැඩ ගොඩක් තියෙනවා කරගන්න. පාස්පොට් ඔ‍ෆිස් එකට යන්නත් ඕනේ. මාව එක්කන් යන්න ඉස්සර වගේම වෙන කෙනෙක් නෑ... ඔයා මට මේ උදව් කරනවා නේද... සමාධි කාර් එක දෙන්නම් කිව්වා.”
ඒ කියන්නේ මෙයා මාව නියමෙටම කොටු කළා. මමත් ගොනා සේ අහුවුනා. බලාගෙන යනකොට සමාධිත් මේ ගේම් එකේ ලොකු වැඩ කොටසක් කරනවා වගේ.
දැන් කොහොමද බෑ කියන්නේ.
“අයියේ එනවා නේද?”
“හරි... ඔයාට මේ උදව් නොකර බෑනේ.. ඔයා මගේ නංගිනේ... අපි යමු....”
මොනවා වුනත් එදා ඉඳලම දිනිට මේ වගේ දේවල් වලට හිටියේ මම විතරයි. අනිත් එක මගේ හැම දේකටම දිනි මොන වැඩේ තිබුණත් ඒවා කල් දාලා ආවා. ඉතින් මට යන්න වෙනවා. දිලිනිට මොකද කියන්නේ. බොරු නොකියා ඇත්තම කියනවද? නැත්නම් මොනවත් ලොකුවට නොකියා ගමන යනවද?
ප්‍රශ්ණයක්!!!!!

7 comments:

  1. ඔන්න තවත් එකක් දැම්මා. කමෙන්ට්ස් නම් මදි
    ....

    ReplyDelete
  2. prashnayak nennam, diliniwath ekkagenama giyanam ptta , thawa ekak danna

    ReplyDelete
  3. Replies
    1. Any predictions on what will happen next or any ideas

      Delete
    2. කාවා ඉල්ලන් කාවා තමයි..... මොනවහරි වෙනකල් බලාගෙන ඉන්නේ ඇයි කියලයි මගේ ප්‍රශ්නේ. වටේ ඉන්න උන්ට ඕනේ හැටියටනේ කාවාගේ සිද්ධි පෙළ ගැහෙන්නේ

      Delete
  4. කාවින්ද ඒ ගත්ත මූව් එක නම් අන්තිම නරකයි.

    ReplyDelete