සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
79.
මම ලංකාවට
ඇවිල්ලා දවස් පහකදි විතර පුහුණුවීම් පටන් ගත්තා. තවම කැම්පස් වලට ඇතුල් කරගන්න
දිනයක් නැති නිසා දෙමව්පියන් වුනත් අකමැති වුනේ නෑ.
මම සතියට දවස්
හතරක් උදේට ඉස්කෝලේට ගිහිල්ලා ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් නැත්නම් අපේ වචන වලින්
ෆිසිකල් ෆිට්නස් වලට පුහුණුවීම් කරනවා.
ඊට පස්සේ ටවුමට
ඇවිල්ලා යාළුවෝ ටිකත් එක්ක ඉඳලා ගෙදර යනවා. ආයෙත් හවස දෙකට ෆීසියෝතෙරපි වලට ගිහින්
තුන හමාරට ඉස්කෝලෙට ගිහින් සර් එක්ක එයාගේ උපදෙස් පිට දිවිම් පුහුණුවෙනවා. හවස හය
හමාරට විතර ගෙදර එනවා. නැත්නම් ටවුන් එක පැත්තේ ගිහින් තේකක් බීලා සචියා එක්ක ගෙදර
එනවා.
සතියේ ඉතුරු
දවස් තුන මම ගරාජ් එකේ වැඩට යනවා. සමහර වෙලාවට සතියට දවස් හතරක් වැඩට යන වෙලාවලුත්
තිබුණා.
මේ හැම දවසකම
මම නොවරදවා කරපු තව දෙයක් තිබුණා.
දිලිනිව
හම්බවෙන එක. පුහුණුවීම් වලට යන දවස් වල සමහර වෙලාවට මම උදේ පුහුණුවීම් ඉවර වෙලා
පේරාදෙනිය ටවුන් එකේදි දිලිනිව හම්බ වෙනවා. හැබැයි බොහොම රහසින්. කාටවත් පේන්නේ
නැති වෙන්න එයාගේ වාහනේ ට ගොඩ වෙලා අපි දෙන්නා කොහේ හරි යනවා.
උදේට මුණ
ගැහෙන්න බැරි වුනොත් හවස පුහුණුවීම් ඉවර වෙලා හම්බවෙනවා. එහෙම මුණ ගැහුණු දාට අපි
දෙන්නා අනිවාර්යයෙන්ම ඩිනර් එකත් අරගෙන තමයි යන්නේ.
ගරාජ් එකේ වැඩ
කරන දවස් වලත් වැඩ ඉවර වෙලා අපි දෙන්නා මුණ ගැහෙන්න පුරුදු වුනා.
ගරාජ් එකේ වැඩ
ගොඩක් රෑ වෙනකම් තිබුණ දවසක නැත්නම් ධනුෂ්ක අයියා එක්ක වාහනයක් බලන්න ගිය දවසක
එහෙමත් නැත්නම් ගෙදර මොකක් හරි දෙයක් නිසා ගෙදර ඉන්න හෝ එලියට යන්න වුන දවසක්
ඇරෙන්න අනිත් හැම දවසකම අපි මුණ ගැහුණා. දෙන්නට දෙන්නා දකින්නේ නැතුව එක දවසක් වත්
ඉන්න බැරි වෙන තරමට අපේ සම්බන්ධය දුර දිග ගියා කිව්වොත් හරි.
අපි දෙන්නා
හරිම සුන්දර කාලයක් ගත කළා. ඒ හැම දවසකම දිලිනි මට කිව්වේ මොනව හරි තව ඉගෙනගන්න
කියලා. ඩිග්රි එකක් ගන්න කියලා. ඒ වගේම ක්‍රීඩා වලින් තව ඉස්සරහට යන්නත් එයා මාව
උනන්දු කළා.
දිලිනිගේ කීමට
මම කොළඹ NIBM එකේ මැනේජ්මන්ට් කෝස් එකකටත්
බැඳුනා. හැම සති අන්තයකම ඉරිදා මම කොළඹ ගියා. දිලිනි මය එයාගේ කාර් එක දුන්නා. BMW කාර් එකක ක්ලාස් එකට යන මට ලොකු අවධානයක් ලැබුණා. ක්ලාස් එකේ ගෑණු
ළමයි මං දිහා බැලුවේ කොයි වෙලාවේ මම ඒ අයට කතා කරයිද කියලා වගේ. ඒත් වැඩක් වුනේ
නෑ, සතියක් ඇර සතියක් වගේ දිලිනිත් මාත් එක්ක ක්ලාස් එක ළඟටම ආවා. එයා මාව ක්ලාස්
එකෙන් දාලා මට ක්ලාස් ඉවර වෙනකං කොළඹට වෙලා ඉඳලා හවස මාත් එක්කම නුවර ගියා.
ඒ ක්ලාස් එකෙත්
මට යාළුවෝ ගොඩ දෙනෙක් ඇති වුනා. කොළඹ උන් කියලා වෙනසක් තිබුණේ නැහැ. නුවර අපේ සෙට්
එක වගේම පිස්සෝ ටිකක් තමයි හිටියේ.
මම ක්ලාස් එකට
යන සමහර දවස් වල කළින් ආවහම මම පුරුද්දකට වගේ SSC පිට්ටනිය ළඟ කාර් එක නවත්තලා ක්‍රිකට්
ප්‍රැක්ටිස් කරනවා බලාගෙන ඉන්නවා. මමත් ඉස්කෝලේ ක්‍රිකට් ගහල තිබුණ නිසා මට ඒකට
ආසයි.
ඔය විදිහට
දවසක් බලාගෙන ඉන්න අතරේ නොහිතපු විදිහට මගේ පන්තියේ හිටපු යාළුවෙක් පිට්ටනියේ
ඉන්නවා මම දැක්කා. ඌ තමයි අපේ අවුරුද්දේ ඉස්කෝලේ ක්‍රිකට් කැප්ටන්. තාරක.
“යකෝ කාවා.....
උඹ කොහෙද මෙහේ?”
“ක්ලාස් ආවා
බං... NIBM එකේ....”
“පට්ට කාර්
එකක් නේ යකෝ.... ගත්තද?”
“අපිට කොහෙද
බැදපු මාළු පූසෝ..... නෑ බං.... යාළුවෙකුගේ....”
“ඒක නෙවෙයි,
සචියා කිව්වා උඹ සිංගප්පූරු ගිහින් කකුල හොඳ කර ගත්තා කියලා.”
“ඔව් බං....
දැන් සිරාවටම හොඳයි....”
“මේ එක නෙවෙයි,
උඹට පහුගිය කාලේ සිරාවටම බර බර කෑල්ලක් සෙට් වෙලා වගේ නේද.... බෙහෙත් ගන්න
සිංගප්පූරු, දැන් මේ කාර් එක....?”
මම හිනා වුනා.
ඒක නෙවෙයි
කාවා, මොකද අර සීන් එකට වුනේ... දිලිනි මිස්.....”
“හ්ම්.....
අවුලක් නෑ......”
“ඒ කියන්නේ
ඇත්ත...?”
“මොකක්ද?”
“උඹල දෙන්න
යාළුයි කියලා....”
“ඔව්......”
“එල එල.... උඹල දෙන්නට හොඳනම් අපිට මොකද බං...
අනිත් එක මොනව වුනත් බර කෑල්ලක් කියලා පේනවා. කාර් එක කෙල්ලගෙද?”
“ඔව් බං.....”
“ඉතින් වරෙන්
ප්‍රැක්ටිස් කරමු. උඹ දැන් කොහොමත් කොළඹ එන එකේ සතියට දවස් හතරක් මේකට වරෙන්..”
“මම, SSC ප්‍රැක්ටිස්.... මාව
ගන්නෙ කව්ද බං... මම ෆර්ස්ට් ඉලෙවන් ගහල තියෙන්නේ මැච් දෙකයි....”
“ඒක අදාල නෑ
මචං, මටත් කම්මැලි එකේ වරෙන්... මම පැණියටත් එන්න කිව්වා. ඌ වගේ බෝලර් කෙනෙක් ඕනේ
වෙලා තිබ්බ නිසා. කොහෙද ඒ ගොනාට කෙල්ලගෙන්
තොර ලෝකයක් නෑනේ.”
“නෑ තාරා....
මට ඕක බැරි වැඩක් බං.... අනිත් එක ඇත්තටම මම සෑහෙන කාලෙකින් සෙල්ලම් කරලා නෑ....”
“කමක් නෑ...
වරෙන්කෝ..... අපිට සෙකන්ඩ් ඩිවිෂන් ගහන්න පුළුවන්. මාත් තාම සෙකන්ඩ් ඩිවිෂන්....”
“හැබැයි ඒකත්
හොඳයි.... හිටපංකෝ මම කල්පනා කරලා බලන්න.”
තාරකගේ
යෝජනාවත් නරකම නෑ කියලා මට හිතුනා. මීටර් හාරසීය ඉවෙන්ට් එක කරන්න පටන් ගත්ත ගමන්
ගිහාන් නිසා ඒ වැඩේ නැවතුනා. දැන් කොහොමටත් කාලයක් නැ.ති වෙයි ආයෙත් පටන් ගන්න. මේ තියෙන්නේ සාෆ් එකට තෝරගන්න
තරඟාවලියක්. ඒකට ඉන්න බැරිවුනා කියන්නේ ආයෙත් චාන්ස් එකක් එන්නේ නෑ.
රගර් සෙල්ලම්
කරන්න තරම් තාම හිතට ෆිට් එකක් නෑ. කකුල සම්පූර්ණයෙන්ම හොඳ වුනත් අඩිය තියන වාරයක්
ගාණේ හිතට බයයි. ඒ නිසා රගර් වගේ ක්‍රීඩාවක් කරන්න හිතට බයයි. මම කරපු ක්‍රීඩා
වලින් ඉතුරු වෙලා තිබුණේ ක්‍රිකට් විතරයි කරන්න පුළුවන් දේකට.
තාරකගේ යොජනාව
දිලිනිට කිව්ව ගමන් එයා හොඳටම සතුටු වුනා.
“කාවින්ද ඔයා
පටන් ගන්න... ඕනෙම උදව්වක් මම කරන්නම්. ඔයාට ඕන තරම් සල්ලි මම දෙන්නම්... පුළුවන්
තරම් හොඳින් කරන්න.”
“තාම මම තීරණය
කරලා නෑ... බලමු.”
“මොනවද කාවින්ද
බල බල ඉන්නේ. ඔයාගේ කාලේ ගතවෙනවා. දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දකට කිට්ටුයි.
තාම කැම්පස් යන්න ආවෙත් නෑ. කිසිම කෝස් එකක්වත් ඔයා කම්ප්ලීට් කරල නෑ. සාෆ්
සිලෙක්ෂන් වලටත් යන්න බැරිලු. දැන් මේකවත් කරන්න.”
“මම හිතුවේ
ආයෙත් ප්‍රැක්ටිස් ගිහින් සාෆ් සිලෙක්ෂන් වලට තරඟ කරන්න. කල් ඇතිවෙයි මගෙ හිතේ.
“අනේ මම දන්නේ
නෑ කාවින්ද... ඔයා එක එක වෙලාවට කතාව වෙනස් කරනවා. හරි එහෙනම් 400 එක ප්‍රැක්ටිස්
කරන්න. අදම සර්ට කතා කරලා දවස් දාගන්න.”
එහෙම කියලා
දිලිනි මගේ ෆෝන් එක අරගෙන සර්ගේ අංකයට කෝල් එකක් ගත්තා.
මේ කෙල්ල පුදුම
කෙල්ලෙක්.... මට ඉන්න දෙන්නෙම නෑ....
“හලෝ සර්.....”
මම කතා කළා.
“කාවින්ද...
මොකද? දැන් හොඳයි නේද?”
“ඔව් සර්....”
“ග්‍රවුන්ඩ් එක
පැත්තේ එනවද? මම හිතන්නේ තාම කල් ඇති. වැඩේ පටන් ගමු.”
“සර්... මට
පුළුවන් වෙයිද?”
“අයිසේ ගොඩ
ඉඳලා පීනන්න බෑ... එනවා.. ඇවිල්ලා බලනවා. මය නම් ෂුවර් කාවින්දට පුළුවන්.”
“හරි සර් ....
මම අද හවස එන්නම්.”
“හොඳ
කොල්ලා...... මම කාවින්ද ගැන අවුරුදු ගාණක් බලාපොරොත්තු තියාගන හිටියා. මගේ
ගෝලයෙක් සාෆ් යවනවනම් ඒ කාවින්ද තමයි කියලා මම දැනගෙන හිටියා.”
“ඕකේ සර්....
බායි....”
කතා වුන විදිහට
මම එදා හවසම ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඊට කලින් දිලිනිගේ වදේ නිසා සිංගප්පූරුවේ මම
බෙහෙත් ගත්ත ඩොක්ටර් ට කතා කලා. මේ කෙල්ල මිනිහගේ මොබයිල් ෆෝන් නම්බර් එකම
ඉල්ලගෙන.
එයා කියපු
විදිහට කරන්න මම හිතා ගත්තා. ඒත් ප්‍රැක්ටිස් පටන අරන් මාසයකින් ආයෙත් මාව බලන්න
ඕනේ කිව්වා.
“කමක් නෑ
කාවින්ද... මම ඔයාට ටිකට් හදල දෙන්නම්. මේ සැරේ අපි ඒ වැඩේ ඉවර වෙලා මැලේෂියාවටත්
ගිහින් එමු. එන ගමන් මෝල්ඩිව්ස් ටච් කරලා එමු.”
“මම නම දන්නෑ
ඕවා. ඔච්චර සල්ලි නාස්ති කරන්න එපා..”
“සල්ලි
තියෙන්නේ වියදම් කරන්න කාවින්ද... මේවා තනිකරම මගේ සල්ලි නෙවෙයි. ඉතුරු කළා කියලා
අපි දෙන්නට ලැබෙන්නේ නෑ.”
“ඒ වුනාට
තාත්තා බලන්නේ නැද්ද. දෙන්නෙකුට ටිකට් ගන්නවා කිව්වහම සැක හිතන්නේ නැද්ද?”
“නෑ... එයා ඔය
තරම් ඩීටේල් බලන්නේ නෑ. අනික මම ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන නිසා අවුලක්
නෑ... එයාට හොයන්න බෑ.”
“ඒ වුනාට මගේ
හිත කියනවා ඒක හරි නෑ කියලා.”
“පිස්සු
කියවන්න එපා... හා හා... දැන් හොඳ ළමය වගේ ප්‍රැක්ටිස් යන්න.. මම හැමදාම එනවා
බලන්න.”
“ඒ මොකද?”
“ඇයි මෙයා...
ප්‍රැක්ටිස් කියලා මාව බලන්න ආවා වගේ තව තව අය බලන්න යනවද දන්නෑනේ....”
“ඔව් යනවා...
මොකද?”
“ඒවට නම් එන්න
එපා.... දැන් ඔයා මගේ විතරයි....”
“අප්පා මේ
කෙල්ලෝ මෙච්චර ආත්මාර්ථකාමී වෙන්නේ කොහොමද?”
“ඇයි....?”
“අපි දෙන්නා
දැනගත්තෙත් මම ඔයා ගැන හොයල බලන්න ආව නිසානේ...”
“ඒ මං ගැන
නේ... අනිත් එක දැන් මාව අයිති කරගෙන ඉවරනේ.”
“හරි හරි...
ඔයත් එක්ක මේක කතා කරන්න බෑ.. ඔන්න මම ගියා.”
මම ආපු එක ගැන
සර්ට ඇත්තටම සතුටුයි.
“කාවින්ද....
නියම වැඩේ.... අපි දැන් ඉඳලා බහිමු ගේමට.... සුගත් තිලකරත්නලා හිටියා කියලා බය
වෙන්න එපා. අපි අපේ හොඳම ගේම දෙමු.”
“හරි සර්....”
“ඒක නෙවෙයි,
සිංගප්පූරු යන්න කව්ද ස්පොන්සර් කළේ...?”
“ඇයි සර්...?”
“මට ආරංචියි
මිස් දිලිනි කියලා.”
“ඔව් සර්.....”
“තමුසේ කෙල්ල
නිසා නේද ඒ කියන්නේ ගුටි කෑවේ...”
මම හිනා
වුනා...
“තමුසෙල නම්
අයිසේ අදහන්න වටින මිනිස්සු.... කෙල්ල නිසා තමුසේ කෙල්ලගේ කලින් කොල්ලගෙන් ගුටි
කාලා කකුල කඩා ගත්තා. කෙල්ල ඒකට හිලව්වට එයාගේ වියදමින් තමුසේ පිටරට යවලා බෙහෙත්
කළා. මාර පොරවල් අයිසේ තමුසෙලා...”
“සර්... මේක
අපේ ගෙදර අයටනම් කියන්න එපා...”
“ඇයි?”
“ඒ අය දන්නේ
නෑ...”
“හරි හරි
අයිසේ... මම ඕව කියන්න යන්නෑ.... හැබැයි පුදුමයි තමුසෙගේ තාත්තා ඕක නොදැන හිටියා
කියන එක.”
“තාම දන්නෑ
සර්... ප්ලිස්...”
“හරි හරි....”
Comments Please!!!!!!!!!
ReplyDeleteread
ReplyDelete