සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
69.
පහුවෙනිදා මට ඇහැරෙනකොට දවල් එකොළහට ඇති.
ඇඳ ළඟ අම්මයි මල්ලියි...
“පුතේ මොකද මේ?”
මම හිනා වුනා.
“මොකුත් නෑ අම්මේ. දැන් ඒක ඉවරයි. පොඩි රණ්ඩුවක් වුනා.”
“හොඳ පොඩි.... පොලිසියෙන් ආවේ නැද්ද?”
“පොලිසි යන්න දෙයක් නෑ....”
“අනේ මම දන්නෙ නෑ. චූටි කිව්වා ලොකු අමාරුවක් නෑ කියලා. හොඳ වෙලාවට එයා හොස්පිට්ල් එකේ ඉඳලා
තියෙන්නේ, නැත්නම්
ඔයාව මේ ප්‍රයිවට් හොස්පිට්ල් වල බාර ගන්නෙත් නෑ. සචිත්‍ර පුතා චූටි අක්කට කෝල් එකක් දීල
තමයි අරන් ඇවිත් තියෙන්නේ.”
එහෙනම් මූ මොලේ කල්පනා කරලා පොලිසි නොයන
විදිහට වැඩේ බේරගෙන තියෙනවා. ආන්ඩුවේ ඉස්පිරිතාලේ ගියානම් අනිවාර්යයෙන්
පොලිසියෙන් එනවා කට උත්තර ගන්න.
“මම රෑට මල්ලි නවත්තන්නද පුතේ?”
“එපා එපා... මට ප්‍රශ්ණයක් නෑ....”
“මම චූටිට කතා කරලා යන්නම්. අම්මා එහෙම කියලා ගියා.”
හොඳ වෙලාවට චූටි අක්කා හිටියේ. ඒ නිසා අම්මට බයක් නෑ. නැත්නම් මෙතන මොනවා වෙයිද දන්නෑ.
අම්මා ගිහිල්ල ටිකකින් නර්ස් ආවා කාමරේට.
“මට අමතක වුනා කියන්න. ඔයාව බලන්න ලස්සනම ලස්සන ගර්ල් කෙනෙක් ආවා
උදේ.
ඔයා නිදි නිසා එයා පැයක් විතර ඇඳ ළඟ ඉඳගෙන
ඉඳලා ගියා.”
මොකක්. කව්ද ඒ....?
“කව්ද මිස්. නම කිව්වද?”
“මට නම නම් කිව්වේ නෑ. ඔයාගේ හොඳම යාළුවෙක් කිව්වා. ආයෙත් හවසට එන්නම් කිව්වා. කව්ද ඒ...? ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද?”
“මට එහෙම කෙනෙක් නෑ මිස්. ඔයාට තිබුණනේ කව්ද කියලා අහගන්න.”
“වෙන්න බෑ. ඔයා බොරු කියන්නේ. එයා ඔයාගේ ගර්ල් නෙවෙයි නම් මොකටද එහෙම
හැසිරුණේ.”
“කොහොමද?”
“එයා හිටියේ දුකින්. මම බලාගෙන ඔයාගේ අත අල්ලගෙන අඬනවා. ඔයාට තරහකාරයෝ ඉන්න නිසා මම හැම වෙලාවෙම
බලාගෙන හිටියේ. එයා ගියේ
ඔයාට කිස් එකකුත් දීල.”
“මොකක්... කව්ද ඒ?”
“වෙන කව්ද, ඔයාගේ ගර්ල් තමයි. බය වෙන්න එපා මම ඩොක්ටර්ට කියන්නේ නෑ.”
මට මේක ලොකු ප්‍රශ්ණයක් වුනා. දිනි ලංකාවේ නෑ... ලයාංගිත් නෑ. ඉන්නේ සමාධි විතරයි. එයා දුකෙන් ඉන්න පුළුවන්, ඒත් අඬන්නයි, මට කිස් කරන්නයි... වෙන්න බෑ. ඒ කියන්නේ ආයෙත් හොල්මනක් වගේ ඇති වෙලා නැති
වෙලා යන්න දිලිනි ආවද?
“කොයි වගේ කෙනෙක්ද මිස් ආවේ?”
“ලස්සනම ලස්සන කෙනෙක්. උසයි ඔයාට වඩා වැඩිම වුනොත් අඟලක් කොට
ඇති.
හීනි දිග ඇස්, දිග කොන්ඩේ... සුදුයි.. සුදුවටත් වඩා අයිවරි ස්කින් ටෝන් එකක් තමා
තිබුණේ.”
ම්..... මම කල්පනා කළා. ඇත්තටම දිලිනි ආවද?
ඒ කියපු විස්තර වලට ගැලපෙන්නේ දිලිනි... ඒත් එයා ඉන්න තැනක් අපි කවුරුත් නොදන්න
එකේ මෙච්චර ඉක්මනට එයාට මේක ආරංචි වෙන්න බෑ.
“බොරුවට ගර්ල් කෙනෙක් නෑ කිව්වට දැන්
කල්පනා කරනවා නේද අපරාදේ ඇහැරලා නොහිටියේ කියලා.”
නර්ස් කිව්වා.
මොනව වුනත් මට ඒ ගැන ලොකු ප්‍රශ්ණයක්
තිබුණා. ඒ ආවේ
දිලිනි නම් එයා කොහොමද මෙච්චර ඉක්මනට මේක දැනගත්තේ. එයා ඉන්න තැනක් නැති වුනාට හැම මොහොතකම
එයා මම ඉන්න තැන දන්නවා වගේ.
“අනේ මිස් මට ලොකු උදව්වක් කරන්න.”
“ඇයි..?”
“එයා ආයෙත් ආවොත් නම අහගන්නේ නැතුව යන්න
දෙන්න එපා. පුළුවන්
නම් මට කතා කරන්න.”
“හොඳයි මම එහෙම කරන්නම්කෝ.”
හවස් වෙනකොට මගේ ඇඟේ අමාරු සෑහෙන්න හොඳ
වුනා. කකුලේ
වේදනාව කමයි අමාරුවකට තිබුණේ.
හතරට විතර කොල්ලෝ සෙට් එකම ඇවිත් සෑහෙන
වෙලාවක් කියව කියව හිටියා.
“කාවා... මේක තමයි ටර්නින් පොයින්ට් එක. ගිහාන් කාරයාට අපි කව්ද කියලා පෙන්වන්න
හොඳම වෙලාව. මේක කරපු
උන් හොයලා හොඳම රිටර්න් එකක් දෙමු.”
“මෙච්චර කල් අපි ලොකු වලියකට සෙට් වෙලා නෑ. ඒ වුනත් උන් කාවට ගැහුවේ ඉවරම කරන්න. අපිත් ඒකම කරමු.”
හවස හයට විතර අපේ උන් ගිහින් සචියා විතරක්
නැවතුනා.
“සචියා.... කන්න දෙයක් ගෙනෙන් බං.”
“ඇයි බං හොස්පිට්ල් එකෙන් කන්න දෙන්නෙ
නැද්ද. ඒකටත්
එක්ක තමයි උන් බිල දාන්නේ.”
“අපෝ ඒව මෙලෝ රහක් නෑ බං.”
“යකෝ ලෙඩ්ඩුන්ට දෙන්නේ ඒව තමා. නැතුව බුරියානි දෙන්නේ නෑ.”
“ඒ වුනාට ඒව කන්න බෑ බං. මේ උඹ හොඳ එකා වගේ ගිහින් හොඳ හිල තියෙන
වඩේ දහයක් දොළහක් ගෙනෙන් බං.”
“හිටපං කෝ මොනව හරි කරන්න.”
එහෙම කියල ඌ එළියට ගියා. ගියත් එක්කම ඊට වඩා වේගෙන් ඌ ආපහු ආවා.
“මොකද බං?”
“අරකි කොහොමද දැන ගත්තේ උඹ මෙහේ කියලා?”
“කව්ද?”
“කව්ද.... අර බැල්ලි... දිලිනි.”
“ඇයි....”
“අන්න ඇවිල්ලා උඩ දාගෙන.. පල්ලෙහා ඉන්නවා නර්ස් එක්ක කතා කර කර.”
“මෙච්චර දෙයක් කරලා ලැජ්ජා නැතුව උඹව බලන්න
එන්නේ කොහොමද බං ඒකි?”
“මම දන්නෑ බං. මොනව වුනත් උඹ මොනවත් කියන්න එපා.”
“බම්බුව තමයි. උඹට නම් පිස්සු බං. මම යනවා..”
සචියා යන්න ගියා.
ටිකකින් දිලිනි නර්ස් ගේ අතින් අල්ලගෙනම
කාමරේට ඇතුල් වුනා.
ලස්සන මල් පොකුරක් අරගෙන ආපු දිලිනි
වෙනදටත් වැඩිය ලස්සනයි. මල් පොකුරේ හැම මලකටම වඩා එයා ලස්සනයි.
“ඔන්න මේ සැරේ නම් ඔයාගේ ඉල්ලීම නිසා මෙයාට
යන්න දුන්නේ නෑ. යාළුවෝ
ඉන්නවා කියලා මේ මලුයි කාඩ් එකකුයි මගේ අතේ එවලා මාරුවෙන්යි ලෑස්ති වුනේ. මම ඇදගෙනම ආවා.”
දිලිනි මගේ ළඟට ආවේ හීනෙන් වගේ.
එයා කිසිම කතාවක් නැතුව මගේ අත අල්ලගෙන
අඬන්න පටන් ගත්තා.
මම අහක බලා ගත්තා. මෙච්චර කාලයක් මම ඉන්නවද කියලවත් නොබලපු, එදා ඒ තරම් කුරිරු විදිහට මාව එපා කියලා
ගිය කෙල්ල දැන් මාව අල්ලගෙන අඬනවා.
“ඇයි දෙයියනේ කාවින්ද ඔයා මට මෙහෙම කරන්නේ. අනේ... මගේ දිහා බලන්න කාවින්ද?”
ඒත් මම කතා කළේ නැහැ. තරහටත් වඩා මට තිබුනේ පුදුමයක්. මොනවද මේ කෙල්ල කරන්නේ. අනිත් එක මට වුන දේ මේ තරම් ඉක්මනට මෙයා
දැන ගත්තේ කොහොමද?”
“ඔයාට ඕනේ නම් මට බනින්න.. මරලා දාන්න... ඒත් එක සැරයක් මගේ මූණ බලලා කතා කරන්න.”
“මට බැනලා... මම මෝඩයෙක් කියලා ගිය ඔයා... ඇයි දැන් මේ අඬන්නේ?”
“මට දුකයි කාවින්ද. මැරෙන්න තරමට දුකයි. ඔයාගේ හිත පෑරෙව්වට එක මොහොතක්වක් මට
නිවනක් තිබුණේ නෑ... මම
පිච්චි පිච්චි හිටියේ.”
“එදා මම ඔයාට බැන්නේ හිතකින් නෙවෙයි. ඒත් මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. තාත්තියි ගිහානුයි එකතු වෙලා ඔයාව නැතිම
කරලා දාන්න ප්ලෑන් කරනවා කියලා මම දැනගෙන හිටියා. ඒ වෙලාවේ මම ඒක ඔයාට කිව්වනම් ඔයා මම කියන
දේ අහල පරෙස්සම් වෙන්නේ නෑ. ඒ නිසා මට ඕනේ වුනා ඔයා මගෙන් ඈත් කරන්න. ඒක කරන්න තිබුණ එකම විදිහ ඇත්තටම මම ඔයාට
කැමති නැහැ කියලා කියන එක. දෙයියනේ ඒක කියපු දවසේ ඉඳලා මම හිටියේ
ගිනි ගොඩක.”
“බොරු...”
“නෑ නෑ... දෙයියනේ .. මාව විශ්වාස කරන්න කාවින්ද.... මට පුළුවන් නම් මම මගේ ජීවිතේ දීලා ඔයාව
බේරගන්නවා.”
“එහෙනම් ඇයි දැන් ආවේ. ඔයා ආව කියලා දැනගත්තොත් දැන් වුනත් එයාල
මට මොනව හරි කරයිනේ.”
“කරන්න දෙයක් නෑ කාවින්ද... මට බෑ තව දුරටත් මාවම රවට්ට ගන්න... එන දේකට මමත් ඔයත් එක්කම මූණ දෙනවා. ඔයාට මොනව හරි කරනවනම් අද ඉඳලා එයාලට මටත්
මොනව හරි කරන්න වෙනවා.”
“ඔයා කරන කිසි දෙයක් ඇයි දිලිනි මට කියන්නේ
නැත්තේ?”
“ඒ ඔයාගෙම හොඳට රත්තරන්.... ඔයා දන්නෙ නෑ ඔයා හැප්පෙන්නේ මොන වගේ
මිනිස්සු එක්කද කියලා. ඒත් මම
හොඳට දන්නවා. මම උදේ
ආවා.
ඔයා නිදි.. දවල් ආවා.. අම්මා ඇවිල්ලා.... ඉතින් මම හැංගිලා බලාගෙන හිටියා. මට මැරෙණ තරමට දුකයි කාවින්ද......”
“එයා උදේ ඉඳල මෙතන ඉද්දි ඔයාගේ ගෙදර අය
හොයන්නේ නැද්ද?”
“මම දැන් ගෙදර නෙවෙයි ඉන්නේ කාවින්ද. මම ඉන්නේ එපාර්ට්මන්ට් එකක තනියම.”
“මොකක්... ඔයාට ආරක්ෂාවක් කෝ?”
“මම කාටවත් බය නෑ. කාටවත් බෑ මට මොනවත් කරන්න. මට සිකියුරිටි ඉන්නවා.”
“සිකියුරිටි...”
“ඔව්... ඔයා ඒ ගැන බය වෙන්න එපා. ඔයා පරිස්සම් වෙන්න. ඔයාට කරදරයක් වුනොත් මටත් ජීවත් වෙලා
වැඩක් නෑ කාවින්ද.”
දිලිනි කියාගෙන යනවා. නර්ස් හොල්මන් වෙලා වගේ බලාගෙගන ඉන්නවා.
“ඔයා දැන් මේ රෑ වෙලා යන්නේ කොහොමද?”
“මම අද ආවේ යන්න නෙවෙයි කාවින්ද. මම එළිවෙනකම් ඔයාලඟ වැටිලා ඉන්නම්. අනේ මට යන්න කියන්න එපා.”
දිලිනි එහෙම කියලා මගේ පපුවට ඔළුව තියාගෙන
අඬන්න පටන් ගත්තා. මම
දැක්කා නර්ස් දොර වහගෙන එළියට යනවා.
ඔන්න ආවා.....
ReplyDeletehmm read
ReplyDeleteඉස්සර වගේ එක පාර කොටස් දෙක තුනක් දාන්න. කතාව ලස්සන හින්දනෙ අපි මෙච්චර ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නෙ.
ReplyDeleteමේ දවස් වල වැඩ..... මේක කරන්නෙත් බොහොම අමාරුවෙන්. වාහනේ කොහේ හරි පොඩ්ඩක් නවත්තපු වෙලාවක නැත්නම් කෑම කන වෙලාවට ටැබ් එකෙන් කොටලා තමා දාන්නේ. කී බෝඩ් මවුස් නැතුව අතින් ටච් කර කර වැඩේ ෆුල් අමාරුයි.
ReplyDelete