Wednesday, August 23, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 81



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


81.

පහුවෙනිදා අපි ෆිල්ම් එකක් බලන්න ගියා.

බැල්කනි ටිකට් දෙකක් අරගෙන අපි ඉඳගත්තා.

දිලිනි මට තදින් තුරුල් වෙලා හිනා වෙනවා. ඒ තරුකැට වගේ ඇස් කළුවරේත් දිලිසෙනවා.

“සුදූ.. තාත්තා ඔයාට දාලා තියෙන නම නම් නියමෙට ගැලපෙනවා. දිලිනි තාරුකා.... ඔයාගේ ඇස් කළුවරේත් තරු කැට වගේ දිලිසෙනවා.“

“ඔයා මගේ ඇස් වලට ඔච්චර ආදරේ මොකද?“

“ඔයාගේ ඇස් තමා සුදූ මාව මුලින්ම අතරම කළේ. පළවෙනි දවසේ දැක්කට පස්සේ මට ඔය ඇස් වලින් කවදාවත්ම ගැලවෙන්න බැරි වුනා.

“ඔයා හරි හොඳයි කාවින්ද... ඔයාට මගේ හැම දෙයක්ම අළුත්. වැරදීමකින් හරි මම ගිහාන් එක්ක ඉන්න කාලේ එයා කළේ හැම වෙලාවකම මගේ හිත රිද්දන එක. එයා හිතාගෙම හිටියේ කෙල්ලෙක් වුනාම මම හැම වෙලාවෙම එයා කැමති විදිහට අඳින්නයි, ඉන්නයි ඕනේ කියලා.“

“මම එහෙම නැද්ද?“

“නෑ... කවදාවත්ම ඔයා මගේ හිත නරක විදිහට රිද්දලා නෑ. අනිත් එක ඔයා හැම වෙලාවෙම වැඩ කරන්නේ මටත් පෞද්ගලිකත්වයක් තියෙනවා කියලා හිතලා. දැන් එහෙම හිතන කොල්ලෝ හරි අඩුයි කාවින්ද. ඒ අතින් මම හරිම වාසනාවන්තයි, ආඩම්බරයි.

“මම කිසිම දවසක කාටවත් කිසිම දෙයක් එපා කියන්නෑ. කෙනෙකුට තමන්ම හිතලා තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දේ තමන්ට හොඳයිද නරකයිද කියලා දන්නේ තමන්මයි. ඔයා වුනත් හැම දෙයක්ම මගෙන් අහන්න අවශ්‍ය නෑ.. තමන්ට සුදුසු දේ කරන්න. හරි දේ... ඒකට මගෙන් තහනමක් නෑ.“

“මම ඒක කිව්වහම දිලිනි මගේ දිහා බැලුවේ ලොකු ආදරයකින්.

“ඔයා නම් මහ පුදුම කෙනෙක් කාවින්ද. පසුගිය කාලේ මට ඔයා නැතිවෙයි කියලා මම හිටියේ ගිනි ගොඩක. ඇත්තටම මට ඔයා නැතිවුනා නම් මොනව වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. මට පිස්සු හැදෙයි.“

“ඇත්තටම ඇයි ඔයා මට ආදරේ කළෙ සුදූ?“

“එකක් කියලා කියන්න නෑ බබා. ඔයා සම්බන්ද වුන හැම දෙයක්ම. දවසක්ම මට ලස්සන හීනයක් වගේ. හේතු නම් ගණන් කරන්න බැරි තරම්. ඔයා වෙනස්... ඒක තමයි මගේ හිතට වැදුන ලොකුම දේ. ඔයාව මුලින්ම අදුරගත්ත වෙලාවෙම මම ඒ වෙනස දැක්කා. අපි දෙන්නා අතර තිබුණ නොගැලපීම් කිසි දෙයක් මායිම් නොකර මම ඔයාට නොදැනුවත්වම ලංවුනේ ඒ නිසා."

මේ වෙනකොට ෆිල්ම් එක පටන් අරන්.

සතියේ දවසක් නිසාත් දවල් වරුවක් නිසාත් බැල්කනි එකේ ලොකු සෙනගක් නෑ. අපිට පිටිපස්සේ ආසන පේලි දෙකක් තිබුණත් ඒ හැම එකක්ම හිස්.

“කාවින්ද, මට ඔයාගේ ළඟට එන්න ඕනේ කාවින්ද.“

“ඉතින් එන්න.“

“මට ඔයාට කිස් එකක් දෙන්නත් ඕනේ... ඒත් මෙතන බෑනේ අනේ.“

“අපෝ මෙතන නම් බෑ සුදූ... අනිත් අයට පේනවා.“

“ඒකනේ බබා... මොන කෙහෙල්මලකට අපි මේකට ආවද මන් දන්නෑ. ෆිල්ම් එකත් කිසි වැඩක් නෑ.“

“වෙන යන්න තැනක් නෑනේ සුදූ.“

“තියෙනවා.“ එහෙම කියලා දිලිනි මගේ පපුවට තුරුල් වෙලා ලස්සන ඇස් වලින් කෙලින්ම මගේ මූණ දිහා බැලුවා. ඒ දෙතොල් ආදරෙන් වෙව්ලනවා.

මට තවත් බලා ඉන්න බැරි වුනා. ආරාධනාවක් නැතුවම මම ඒ දෙතොල් එක වතාවක් නෙවෙයි සිය වතාවක් විතර සිප ගත්තා.

දිලිනි මගේ කොන්ඩේ අතරේ එයාගේ ඇඟිලි යවලා මාව තදින් අල්ලගත්තා. ටික වෙලාවකින් එපා සම්පූර්ණයෙන් පණ නැති වෙලා වගේ මගේ අත් වලට වැටුනා.

“මට මෙහෙම ඉන්න බෑ.. මාව ලංකරගන්න රත්තරන්.... මාව පිච්චෙනවා වගේ. . මට ඔයාව ඕනේ...“

“ඉතින් මේ ඉන්නේ.“

“එහෙම බෑ බබා. මට ඕනේ ඔයාගේ ඔඩොක්කුවට පැනලා නැලවෙන්න. ඔයාගේ වෙන්න..... නවත්තන්නේ නැතුව ඔයාව කිස් කරන්න.“

මම තවත් දිලිනිව තද කර ගත්තා.

“අපි යමු රත්තරන් වෙන තැනකට. මට ඕනේ නිදහසේ ඔයාට තුරුල් වෙලා ඉන්න.“

“ඔයා දැන් මාවත් අවුස්සනවා. කොහේ යන්නද දැන්?“

“අපි යමු මගේ අපාර්ට්මන්ට එකට.“

“ඔයා දැන් එතන නෑනේ.“

“ඒ වුනාට මම තාම ඒ තැන තියාගෙන ඉන්නේ... අපි යමු.“

“අපි සිංගප්පූරුවේ වුන දෙයින් පස්සේ අපිටම පොරොන්දු වුනා නේද බඳිනකං ඒ වගේ නරක වැඩ කරන්නේ නෑ කියලා අයෙත්?“

“ඔව්.... ඒත් දැන්නම් මට ඔයාව ඕනේ... අනේ මාව අරන් යන්න රත්තරං...“

දිලිනි විතරක් නෙවෙයි මමත් මත් වෙලා වගේ හිටියේ. වෙන කිසිම කෙනෙක් නැති තැනක අපි දෙන්නා විතරක් තනි වෙන්න මටත් ඕනේ වෙලා තිබුණා.

ඒ නිසා ඉන්ටවල් එක එනවත් එක්කම අපි දෙන්නා එළියට පැන ගත්තා.

දිලිනි මට කාර් එකේ යතුර දුන්නා.

“කොහාටම මැඩම්?“

“ලෝකේ අනිත් කොනට හරි කමක් නෑ අපි දෙන්නා ඇරෙන්න කව්රුවත් නැති තැනකට මාව අරන් යන්න.“

“එච්චර දුර යන්න නම් පෙට්‍රල් මදි වෙයි.“ මම හිනා වුනා.

“මාව විහිළුවකට ගත්තද... ඉන්නවකෝ මම හපනවා ඒකට නම්.

දිලිනි මගේ අත අල්ලගෙන රිදෙන්නම හැපුවා.

“ස්..... අප්ප..... රිදෙනවා... කෑල්ලක් නෑ වගේ... කොටි දෙනක්ද මන්ද?“

“එන්න එපා මට හිනා වෙන්න. ගහනවා ඊළඟ පාර රිදෙන්නම.“

“හරි හරි සුදූ... දැන් කියන්නකෝ ඔයාගේ එපාර්ට්මන්ට එක තියෙන තැන.“

“දොඩන්වල හවුසින් ස්කීම් එකට.“

මම වාහනේ පේරාදෙනිය පාරට දැම්මා. විනාඩි පහළවකදී අපි එතන. හවුසින් කම්ප්ලෙක්ස් එකේ තිබුණ තුන්වෙනි ගෙදර ට දිලිනි අත දික් කළා.

මම වාහනේ පෝටිකෝ එක යටට දාලා බැස්සා.

“යමු කාවින්ද.“

දිලිනි දොර ඇරලා මාව ඇතුලට තල්ලු කළා.

මම සාලේ තිබුණ සෝෆා එකේ ඉඳගන්නකොටම දිලිනි මගේ ඇඟට පැන්නා. මම එයාව අල්ලගෙන ආයෙත් වතාවක් නොනවත්වා සිප ගත්තා“

“මාව කවදාවත් දාලා යන් එපා රත්තරන්. ඔයා නැතුව මම මැරෙයි.“

දිලිනි කොදුරලා කිව්වා.

“මම ඔයාව දාලා යන්නේ නෑ සුදූ.“

“මාව ඔයාගේ කරගන්න කාවින්ද.... මගේ මුළු ඇඟම පිච්චෙනවා වගේ... මට ඉන්න බෑ....“

දිලිනි ආශාවන් වලින් මත් වෙලා කියනවා.

මම දිලිනිව වඩාගෙන ගිහින් කාමරේ තිබුණ ලොකු ඇඳෙන් තිබ්බා. එයා මාව ඇදලා අරන් මට හෙල්ලෙන්නවත් නොදී තදින් බදා ගත්තා.

නැවතත් වතාවක් අපි දෙන්නා අතොරක් නැතිව සිප ගත්තා.

තවත් වතාවක් අපි දෙන්නගෙ ආශාවන් උතුරලා ගියා. මොන තරම් දෙන්නට දෙන්නා පොරොන්දු වෙලා තිබුණත් හැඟීම් එක්ක ඒ පොරොන්දු විහිළුවක් වෙලා ගියා.

උමතුවක් වගේ පෙනුන විනාඩි ගාණකට පස්සේ අපි දෙන්නා ඇඳේ ලොකු බෙඩ් ෂීට් එක යටට වෙලා හිටියා.

“අනේ... මට ඔයාගේ මූණ බලන්නත් ලැජ්ජයි කාවින්ද. මේ දවස් ටිකට මම මහා වල් කෙල්ලෙක් වෙලා.“

“ඔයා විතරක් නෙවෙයි සුදූ.. මට මාවත් කන්ට්‍රෝල් කරගන්න බෑ.“

“ඔයා මට සමාව දෙනව නේද.“ දිලිනි ඇහුවා.

“මොකටද?“

“දැන දැනම වැරදි වැඩක් කරනවට.“

“ඒක වැරදි වැඩක්ද?“

“අපි මැරි කරලා නැති නිසා කව්රු හරි දැක්කොත් ඒක වැරදි වැඩක් තමයි කාවින්ද.“

“පිස්සු කෝච්චිය...“

මම දිලිනිව ආදරෙන් තුරුල් කර ගත්තා.

“මතක තියාගන්න කාවින්ද... මම දැන් ඔයාට විතරයි අයිති. වෙන කිසිම කෙනෙකුට මගේ ඇඟට අතක්වත් තියන්න අයිතියක් නෑ. මම ඉඩ දෙන්නෙත් නෑ.”

“මම දන්නවා සුදූ...”

“ඉතින් දැන් ඔයාත් මගේම විතරක් වෙන්න. මං ගැන විතරක් හිතන්න.”

“ඒ කියන්නේ?”

“ඉස්සර වගේ දකින දකින ගෑණු ළමයට උදව් කරන්න යන්න එපා. ඒක හොඳ වැඩක් තමයි.... ඒත් මට දුකයි....”

“මොකටද දුක.”

“ඔයා වෙන ගෑණු ළමයි එක්ක ලං වෙනවට.”

“ගොඩක්...?”

“ඔයා මගේ විතරයි. ඔන්න වෙන කෙල්ලෝ එක්ක යාළු වෙලා තිබුනොත් එහෙම මම ඔයාව මරණවා.”

“මාව මරලා... ඊට පස්සේ...?”

“ඊට පස්සේ ඉතින් මටත් මැරෙන්න තමයි වෙන්නේ.... ඇයි ඉතින් මටත් ඔයා නැතුව ඉන්න බෑනේ.”

“ඊට වඩා හොඳ නැද්ද මාව මරන්නේ නැතුව හිටියනම්. එතකොට මම ටිකක් හරි ඔයා‍ගේ වෙයිනේ...”

“අන්න කිව්වා කට කැඩිච්ච කතාවක්. ඇත්තටම මම දැන් හපනවා.”

“අපෝ මේ හපන්න එපා. දැන් එක පාරක් අතේ කෑල්ලක්ම හපලා කෑවා. අද ගෙදර යනකොට තව මොනව කාලා දායිද දන්නෑ.”

අපි දෙන්නා කතාවෙන් කතාවෙන් සෑහෙන වෙලාවක් ගත කළා.

“ඔයාට ප්‍රැක්ටිස් වලට යන්න දැන් වෙලාව හරි බබා.”

“ඒ සී එකත් තියෙන එකේ මම තව ටිකක් නිදාගෙනම යන්නම්. කම්මැලියි අප්පා.”

“දිගටම ඉන්න මාත් ආසයි. දිගටම නෙවෙයි හැමදාටම මෙහෙම ඉන්න මම ආසයි. ඒත් දැන්ම බෑ... දැන් ඔයා යන්න ඕනේ.. නෝටි වෙන්න එපා. වොෂ් එකක් දාගෙන ටවුන් එකෙන් ලයිට් ලන්ච් එකක් අරගෙන යමු. මම ඔයාව දාලා එන්නම්.”

“අපෝ ඒ පාර මෙයා අම්මටත් අන්ත වෙලානේ.”

“හා හා නැගිටිනවා. දැන් ඔයාව බලාගන්නේ මම තමා.”

“මෙහෙම නැගිටින්න බෑ ලැජ්ජයි.”

මම එහෙම කිව්වහම දිලිනි හිනා වුනා.

“මොකද හිකි හිකි ගාන්නේ... ඇත්තටම මට ඇඳුමක් නෑ...”

“අයියෝ... අර කබඩ් එකේ ටවල් ඇති. ගන්න... මම ඇස් වහගන්නම්.”

අපි දෙන්නා වොෂ් එකක් අරගෙන කාර් එකට නැගලා ටවුන් එකට ආවා. ඊට පස්සේ ඩෙවොන් එකට ගිහින් කෑම කෑවා.

අපි දෙන්නා සැහැල්ලුවෙන් හිනා වෙවී වාහනේ ආවා මිසක් වටපිටාව ගැන අවධානයක් තිබුණේ නැහැ.

ඒ නිසා අපි දෙන්නම නොදැන ෆිල්ම් හෝල් එකේ ඉඳලා දිලිනිගේ එපාර්ට්මන්ට් එකටත් එතන ඉඳලා නුවරට එනකනුත් තවත් කෙනෙකුගේ ඇස් අපේ පස්සෙන් ආව බවක් දැනුනේ නෑ.

3 comments:

  1. කලින් පෝස්ට් එකටත් 40 දෙනෙක් විතර ඇවිත් තියෙනවා. ඒත් කමෙන්ට්ස් තුනයි....

    ReplyDelete