සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
74.
මාසයක් ගතවෙන අතරේ මගේ කකුල සෑහෙන්න හොඳ
වුනා. ඒත් ආයෙත් මලල ක්‍රීඩා කරන්න තරම් පුළුවන් කමක් තිබුණේ නැහැ.
ඩොක්ටර්ස්ල කිව්වේ දුවන්න පනින්න ව්‍යායාම
කරන්න නම් මාස හයක්වත් යන්න ඕනේ කියලා. ඒ නිසා ඒ ගැන තියෙන ආසාව මම අතහැරගත්තා.
ඒත් දිලිනිට ඕනේ වුනේ මම ඒ දේවල් කොහොමහරි
කරනවා බලන්න. ඒ නිසා එයා මාව සිංගප්පූරුවේ රෝහලකට ගෙනියන්න සූදානම් කළා.
ගෙදරින් කළින් තරම් තහනම් දාලා නැති නිසා
අපි දෙන්නට සතියකට වතාවක් හම්බවෙන්න අමාරු වුනේ නෑ. ඒත් අපි වෙනදා වගේ කොහේවත්
නොයා ඒ හැම දවසකම එරංග අයියගේ රෙස්ටොරන්ට් එකේදි විතරයි හම්බවුනේ.
“කාවින්ද... ඔයා නරක ළමයෙක් නොවී
සිංගප්පූරුවේ යන්න ලෑස්ති වෙන්න. ඒ හොස්පිට්ල් එකට මම කතා කළා. මම විතරක් නෙවෙයි,
මගේ යාළුවෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක්.. එයා කතා කළා. ඔයාගේ වගේ කේසස් ඒ තැන්වල පොඩි
දෙයක්. ඔයාට මාසයකින් ඕනේ දෙයක් කරන්න පුළුවන්.”
“එපා සුදූ... එකක් මම මොනව කියලද යන්නේ.
අම්මා, තාත්තා අහයි කොහෙන්ද සල්ලි කියලා. ඔයා දුන්නා කියන්න බෑනේ.”
“අනේ කාවින්ද... මොනව හරි කියල බලන්න.”
“මොනවද කියන්නේ... මොනව කළත් මේ තරම් පොඩි
කාළෙකදි මට මේ තරම් සල්ලි හොයාගන්න බෑ කියලා ඕනේ කෙනෙක් දන්නවා.”
“එක දෙයක් පුළුවන් කාවින්ද... ඔයා මීටර්
හාරසීය ප්ලේස් කරනවනේ.. ඒ නිසා මම යාළුවෙක් දාලා කෝච් ට කතා කරලා ස්පොන්සර් කෙනෙක්
වියදම් කරන්න කැමතියි කියලා වැඩේ සෙට් කරන්නම්.”
“තියරි එකනම් හරි.... ඒත් අපි වගේ ඉස්කෝලේ
විතරක් දුවපු අයට කවුද ස්පොන්සර් කරන්නේ. ඉතිහාසේ කොහේවත් එහෙම වෙලා නෑ. අනිත් එක
නෑෂනල් ඇත්ලීට්ස්ලටත් ස්පොන්සර්ස් ලා නැතුව ඉද්දි මට කව්රු හරි ඉදිරිපත් වුනා
කිව්වහම සැක හිතයි.”
“සැක හිතයි... ඒත් ඒ මම කියලා දැනගන්න
බෑ.”
දිලිනි කියන්නේ එසේ මෙසේ කෙල්ලෙක් නෙවෙයි
කියන එක මට තේරුණේ ඒ සිද්ධියෙන් පස්සේ.
හරියටම සතියක් ඇතුලත එයා යාළුවෙක් ලවා
කෝච්ට කතා කරලා... එයා බලාගෙන හිටියේ මේ සැරේ නැෂනල් මීට් එකේ මම පර්ෆෝර්ම් කරනවා
බලලා දිගටම මට ස්පොන්සර්ෂිප් එකක් දෙන්න කියලා. කෝච් ගෙන් අහලා මට මොකද වුනේ
කියලා.
කෝච් විස්තර කිව්වට පස්සේ ආයෙත් දවසකට
පස්සේ කතා කරලා කියල තියෙනවා මාව සිංගප්පූරු අරන් ගිහින් කකුල හොඳ කරන්න සල්ලි
වියදම් කරන්න කැමතියි කියලා. අපේ තාත්තගේ විස්තර අහගෙන එදාම තාත්තට විස්තරේ කියලා.
තාත්තා මුලින් විශ්වාස නොකළත්, වැදගත්
පෙනුමක් තියෙන අවුරුදු හතලිහක විතර පිරිමි කෙනෙක් අපේ ගෙදරටම ඇවිල්ලා තාත්තා එක්ක
කතා කරලා, එයාව අදුන්වලා දීලා ප්‍රොක්සිමා ගෘප් එකේ ඩිරෙක්ටර් කෙනෙක් කියලා. ප්‍රොක්සිමා
ගෘප් එක මේ අවුරුද්දේ ඉඳලා ඉස්කෝල වලින් අවුට් වෙන හැකියාව තියෙන ඇත්ලීට්ස්ලට උදව්
කරන්න තීරණය කළා කියලා, මුලින්ම තෝරගත්තේ
මාව කියලා කිව්වට පස්සේ ටිකක් විතර හරි ගියා.
ඒ ආපු කෙනා තාත්තට කිව්වා මාව
සිංගප්පූරුවට අරන් යන්න සම්පූර්ණ වියදම් දෙනවා කියලා. හැබැයි ඊට අවුරුද්දක් යනකං
මම ප්‍රොක්සිමා ගෘප් එක නියෝජනය කරලා මීට් වලට ඉන්න ඕනේ කිව්වා. මිනිහා මටත් කතා
කළා. මේක දිලිනිගේ වැඩක් කියලා දන්න නිසා මම කැමතිවුනා එකෙන්ම.
එදාම රෑ දිලිනි මට කතා කළා.
“කාවින්ද හරි නේද වැඩේ?”
“ඔයා කොහෙන් ඔය වැඩ ඉගෙනගත්තද දිලිනි.
කව්ද ඒ ආපු කෙනා?”
“එයා මගේ හොඳම හිතවත් ලෝයර් කෙනෙක්.”
“එතකොට මොකක්ද ප්‍රොක්සිමා ගෘප් එක.”
“ඒක මගේ බිස්නස් තියෙන ගෘප් එක. ප්‍රොක්සිමා
නම දැම්මේ මමයි. පොළවට ළඟින්ම තියෙන තරු දෙකෙන් එකක් ප්‍රොක්සිමා සෙන්චුරි. මම ඒකට
ආස නිසා මම ඒ නම දැම්මා. ඒ මම එව්වේ ඇත්තටම ගෘප් එකේ ලීගල් ඇඩ්වයිසර්.”
“ඉතින් ළමයෝ ඔයාගේ තාත්තා දැන ගනීනේ.”
“නෑ.... තාත්තා දැනගන්නේ නෑ. තාත්තත් මේකෙ
ඩිරෙක්ටර් කෙනෙක් වුනාට එයා කරන්නේ ඔනැක් ගෘප් එකේ වැඩ. මේක මගේ නිසා එයා අතදාන්නේ
නෑ. ඔය ආව මිස්ටර් හර්ෂ ෆර්නෑන්ඩෝ මගේ යාළුවෙකුගේ හස්බන්ඩ්... එයා කවදාවත් කාටවත්
මේ ගැන කියන්නෑ. එයා මට හොඳටම හිතවත්.”
“ඒ වුනාට මට ස්පොන්සර් කළා කියලා කම්පැනි
එකේ තියෙනවනේ.”
“අනේ බය වෙන්න එපා. ඔයාගේ නම දාන්නෑ. පිස්සු
නැතුව ලබන සතියේ යන්න ලෑස්ති වෙන්න. මටත් ලෑස්ති වෙන්න තියෙනවා.”
“මොකක්... ඔයාත් මාත් එක්ක එනවද?”
“ඔව් ඇයි... ඔයාව යවන්න බෑ තනියම.. එහේ
ඉන්න කෙල්ලෙක් එක්ක යාළු වුනොත්?”
“ඔයා වගේ කෙනෙක් ඉන්නකොට මට වෙන කෙනෙක්
ඕනේ නෑ සුදූ...”
“ඇත්තද? ඇයි මං ඒ තරම් හොඳද?”
“ඒක නෙවෙයි.. ඔයා ආවත් වැඩක් නෑනේ... මම යන්නේ බාප්පත් එක්ක.
එයා ඉන්නකොට ඔයා ආවොත් වැඩේ අහුවෙනවා.”
“ඒක තමයි කාවින්ද... ඒ වුනාට ඔයාගේ
බාප්පාට අපි එපාර්ට්මන්ට් එකක් ලෑස්ති කරලනේ තියෙන්නේ. එයා හැම වෙලාවෙම ඔයා ළඟ
ඉන්නේ නෑනේ. ඒ වෙලාවට මට පුළුවන් හොස්පිට්ල් එකට ඇවිල්ලා ඔයාව බලන්න.”
“ඒ වුනාට දිලිනි ඒ වගේ දේකට ඔච්චර වියදම්
කරගෙන ඔයත් එන්න එපා. අනික ඔයා මටත් කොච්චර වියදම් කරනවද?”
“මම එදත් කිව්වනේ කාවින්ද... මේක මගේ
වගකීම. ඔයාට ඔහොම වුනේ මම නිසා. ඒක හරිගස්සන්න ඕනෙත් මම. ඔයා ලංකාවේ හිටියොත්
කවදාවත් හරියට ඇවිදින්න බැරි වෙයි. දන්නවනේ මෙහේ ට්‍රීට්මන්ට්ස් වල තත්වේ.”
“ඒකනම් එහෙම තමයි. හොස්පිට්ල් එකෙන්
සම්පූර්ණ හොඳවෙලා මට දුවන්න පනින්න පුළුවන් වෙයිද කියල ඇහුවහම කිව්වේ සාමාන්‍ය
විදිහට ඇවිදින්න පුළුවන් කියලා. ඔයා ස්පෝර්ට්ස් කරලා ඔලිම්පික් වගේ යන්න හිතාගෙන
නෑ නේද කියලා ඇහුවා.”
“ඔයාව සම්පූර්ණයෙන්ම හොඳ කරන එක මගේ
යුතුකම. තාත්ති දැනගත්තත් මම එයාටත් ඒකම කියනවා. මට ඕනේ ඔයා ඔය ගමන් ගිහින් ඇවිත්,
ආයෙත් ප්‍රැක්ටිස් කරලා අගෝස්තු වල තියෙන මීට් එකට දුවන්න.”
“පුළුවන් වෙයිද?”
“ඔයාට පුළුවන් කාවින්ද? මට ෂුවර්.”
“ඔයාට ෂුවර් නම් මටත් ෂුවර්.”
දිලිනි මට තුරුල් වුනා.
“කාවින්ද.... මට ඔයත් එක්ක තනියම ඉන්න
ඕනේ....”
“ඉතින් මේ ඉන්නේ....”
“එහෙම බෑ.... අර එදා මිල්ටන්ගේ ෂෝ එක බලපු
දවසේ වගේ...”
“අපෝ.... ඒ කැලේ....”
“නෑ අනේ... මගේ කාමරේ......”
“දිලිනි අපි යමුද ඔයාගේ එපාර්ට්මන්ට්
එකට?”
දිලිනි ටිකක් වෙලා මගේ මූණ දිහා බලාගෙන
හිටියා.
“බෑ කාවින්ද.... එහෙම ගියොත් අපි දෙන්නටම
කන්ට්‍රෝල් නැතුව යයි. මට මාවවත් විශ්වාස නෑ... මට ඕනේ නෑ ජීවිතේ ඒ ලස්සන දවස මේ
වගේ නාස්ති කර ගන්න. මට ඕනේ ඔයාව බැඳලා, වෙඩින් එකක් අරන් හනිමූන් යන්න.”
“මගෙ අම්මේ, හිතාගන ඉන්න දේවල්.”
“මම කෙල්ලෙක් කාවින්ද... කෙල්ලෝ කොහොමත් ඒ
වගේ දේවල් වලට ආසයි. මට ඕනේ හැමෝම ඉස්සරහ ඔයාගේ මනමාලි වෙන්න.”
“පුළුවන් වෙයිද?”
“අපි ඒක පුළුවන් වෙන තැනට වැඩ කරමු.”
ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා මම අම්මගේ
මල්ලිත් එක්ක සිංගප්පූරුවට ගියා. ඒ සති තුනක ප්‍රතිකාර වලට.
අපි සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපලට
එනකොටම ඒ රටේ කෙනෙක් ඇවිත් අපි දෙන්නව එක්කගෙන හොටෙල් එකකට අරන් ගියා.
අපි හවස තේ බීලා ටිකක් ඇවිදින්න ගියා. අපි
දෙන්නගේම පලවෙනි පිටරට ගමන. ඉතින් අපි කිසිම දෙයක් නොදන්න අන්ධයෝ වගේ ඔහේ ඇවිද්දා.
කොහේ යනවද, මොනව කරන්නද කියලා නොදැන ඇවිද්දා.
අන්තිමට හිටපු හොටෙල් එකට යන්න පාර
හොයාගන්න බැරි වුනාම ටැක්සි එකක් නවත්තලා හොටෙල් එකේ නම කිව්වහම අපිව හරි තැනට
ගිහින් දැම්මා.
අපි
හොටෙල් එකට ඇතුල් වෙලා යතුර ගන්නකොට පිළිගැනීමේ කවුන්ටරයේ හිටපු ගර්ල් කතා කලා.
“මිස්ටර් කවින්ද?”
“යර්ස්...”
“දෙයා ඉස් ඒ විසිටර් ෆෝ යූ.”
මම බාප්පට ඉන්න කියලා, එයත් එක්ක ලොබි එකේ
කොනට ගියා.
එතන තිබුණ සෝෆා එකේ දිලිනි වාඩිවෙලා
හිටියා.
“දිලිනි... ඔයා...?”
“ඉඳගන්න කාවින්ද?”
“බාප්පා ඉන්නවා ඉස්සරහ.”
“කමක් නෑ.... ඔයා ඉඳගන්න.”
මම ඉඳගත්තා. “ඉතින්”
“සොරි.. මට ඔයා බලන්නේ නැතුව ඉන්න
බැරිවුනා.”
“ඒකට කමක් නෑ සුදූ. මටත් ඔයා නැතුව පාළුවේ
හිටියේ. ඒක නෙවෙයි, ඉන්න මම බාප්පට කතා කරන්නම්.”
“කාවින්ද, මට බයයි.”
“නෑ... ඉන්නකෝ... මම කියන්නම් ඔයා මගේ
යාළුවෙක් කියලා. ඉන්නේ මෙහේ කියලා කියන්නම්.”
“එයා සැක කරන එකක් නැද්ද?”
“හේතුවක් නෑනේ. මම මෙහේ එනවා කියලා මම
ඔයාට කිව්ව නිසා බලන්න ආවා කියන්න.”
මම බාප්පට කතා කළා.
“සිසිර බාප්පේ... මේ ඉන්නේ මගේ යාළුවෙක්.
මෙහේ ඉන්නේ. නම තාරුකා.”
මම දිලිනිව දෙවෙනි නමෙන් අඳුන්වලා දුන්නා.
“හලෝ...”
“හලෝ.... අඳුරගන්න ලැබීම සතුටක්.” දිලිනි
කිව්වා.
“ඉතින් දෙන්නා ඇවිදින්න ගියාද?” දිලිනි
ආයෙත් ඇහුවා.
“ගියා නම් තමා. ඒත් අපි දෙන්නා පාරක්
තොටක් දන්නැතුව අතරමං වෙලා තමා ආවේ.”
“අපරාදේ. කාවින්ද කළින්ම කිව්වනම් මම එක්ක
යනවනේ.”
“ඒක තමයි. මෙයා සිංගප්පූරුවේ යාළුවෙක්
ඉන්න කතාවක් කළින් කිව්වේ නෑනේ.”
“එහෙනම් මම කියන්නද කාවින්ද... අද රෑට අපි
ඩිනර් එක පිටින් ගමු. මගේ ගාණේ.” දිලිනි කිව්වා.
“නෑ ළමයෝ... මෙයා මෙහේ ආවේ බෙහෙත්
කරන්නනේ. අපිට ස්පොන්සර්ෂිප් එකක් හම්බවුනා. ඒ හැම වියදමක්ම ලැබෙනවා.”
“ඒකට කමක් නෑ අංකල්.... මම අද ඩිනර් අරන්
දෙන්නම්.”
“එහෙනම් මම රූම් එකට යනවා. ඔය දෙන්නා කතා
කරලා එන්න. කාවින්ද ලිෆ්ට් එකේ එන්න අමාරුනම් කාමරේට කෝල් එකක් දෙන්න. මම පල්ලෙහාට
එන්නම්.”
බාප්පා ගිය ගමන් දිලිනි මගේ අතින් අල්ල
ගත්තා.
“සුදූ... ඔයත් ඉන්නේ මෙහේද?”
“නෑ, නෑ... මම ඉන්නේ හිල්ටන් එකේ.”
“ඒ කොහෙද? හිල්ටන් තියෙන්නේ ලංකාවෙනේ.”
“නෑ බබෝ... මෙහේ තියෙන ලොකුම හොටෙල් වලින්
එකක් හිල්ටන්. තාත්තිට කම්ප්ලිමන්ට්ස් තියෙනවා ඒකේ. ඒ නිසා මම ඒකේ නැවතුනා. මම
දවස් හතරකින් යනවා.”
“එතකොට අපි දිගටම ඉන්නේ මෙහේද?”
“නෑ... ඔයා දෙන්නට එපාර්ට්මන්ට එකක්
ලෑස්ති කරලා තියෙනවා. මම වාහනයක් ලෑස්ති කරලා තියෙන්නේ... එයා හෙට ඇවිල්ලා ඔයා
දෙන්නව එතෙන්ට එක්කගෙන යයි. හොටෙල් එකකට වඩා එතන ලේසියි කාවින්ද.”
“ඔයා කොහොමද දිලිනි මේ හැම දෙයක්ම කරන්න
දන්නේ?”
“මම දන්න දෙයක් නෑ කාවින්ද... මේ හැම
දෙයක්ම මම ට්‍රැවල් ඒජන්ට්ලට කියලා ලෑස්ති කරන්නේ. අපේ කම්පැනි එකේ ඉන්නවා ට්‍රැවලින්
වලට මැනේජර් කෙනෙක්. එයාට කියන්න විතරයි තියෙන්නේ.”
“මාර කම්පැනි එකක්නේ ඒක.”
“ඒක වැඩක් නෑ කාවින්ද. අපි යමුද මම ඉන්න
තැනට.”
“බාප්පට මොකද කියන්නේ? එයත් ආස ඇති ටිකක්
ඇවිදින්න. බාප්පා වුනාට ඌත් මට වඩා අවුරුදු දොළහක් විතරනේ වයස වැඩි.”
“ඇත්තටම කව්ද කාවින්ද ඒ?”
“අම්මගේ පුංචි අම්මගේ පුතා. පොර මට මචං
තමයි කියන්නේ. ඔයා කළින් මෑන්ට අංකල් කිව්වහම මාර අවුල් වුනා.”
“අනේ සොරි... ඔයා කළින් කිව්වේ නෑනේ.
එතකොට මම එයාට මොකක්ද කියන්නේ?”
“අයියා කියන්න.”
“කමක් නෑද්ද?”
“නෑ කිසි අවුලක් නෑ...”
“එහෙනම් කාවින්ද මම ගිහිල්ලා එන්නම්.
එයාර්පෝට් එකෙන් බැස්ස ගමන් මම බෑග් ටික යවලා ඔයාව බලන්න ආවේ. මම වොෂ් එකක් දාලා
හවස හයට ඔයාව ගන්න එන්නම්.”
“අපි කොහොමද යන්නේ? පාරක් තොටක් දන්නේ
නෑනේ.”
“අපෝ.... මම දන්නවා. මම මෙහේ අවුරුද්දක්
ඉඳලා තියෙනවා. අනික මම දහ දොලොස් වතාවකට වඩා ලංකාවේ ඉඳලා මෙහෙට ඇවිල්ල තියෙනවා.
reading
ReplyDeleteI DO NOT like Dilini..........................
DeleteWhy, you keep saying this
Delete@ ලිඛිතා - Irisiyawa thama ithin
Deleteඉවාන්: අනේ මෙහ්... දුප් කිවේ.. ආව මෙතැන
Deleteදිලිනි ටිකක් ස්පීඩ් වැඩියි වගේ
ReplyDeleteඇත්ත. දිලිනි කියන්නේ මාරම කැරැක්ටර් එකක්. එයාට හරියි කියල හිතන දේ කොහොමහරි කරනවා. අනිත් එක දෙයක් පටන්ගත්තට පස්සේ අතගගා ඉන්නේ නෑ.
Deleteවෙලාවකට එයාගේ වැඩ ස්පීඩ් වැඩී තමා. කෙල්ලෙකුට ඒක ගැලපෙන්නේ නෑ වගේ පේනවා. ඒත් අවුරුදු තුනේ ඉඳලා අම්මා තාත්තා නැතුව අවුරුදු විස්සක් විතර හිටපු කෙනෙකුට ඒක සධාරණයි කියලා හිතෙනවා. පොඩි කාලේ අපිට දෙමව්පියන්ගෙන් ලැබුණ උදව් එයාට නෑ... නැන්ද හිටිය තමයි ඒත් අම්මා තාත්තා වගේ නෑ.
කෙල්ලෙක්ගේ ස්වාධිනකමට වැඩියෙන්ම අකමැති තවත් කෙල්ලෙක්ම තමයි නේද? ඒ හින්දද මන්ද මටත් එයාගේ මේ ස්වාධීනකම, ෆාස්ට් ගතිය අල්ලන්නේ නැත්තේ.
DeleteKool: දැන් ඔයා ඔකද දැන් මේ කාවා වෙනුවෙන් දිලිනිව සුද්ද කරන්නේ? හි හි හි... මේ දිලිනි කියන නම ඇත්තද?