සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
127
මගේ තීරණය අහලා හැමෝම සතුටු වුනා.
අම්මා නැගිටලා ඇවිල්ලා මාව බදා ගත්තා.
“එතකොට පුතේ... ඉතිරි වැඩ කටයුතු ගැන මොනව හරි අදහසක්
තියෙනවද?”
අම්මා ඇහුවා.
“එක දෙයක්.... වෙඩින් එකක් ගන්නවනම් මේ අවුරුද්දේ බෑ...
ලබන අවුරුද්දේ මාර්තු විතර ගමු. ඒ කියන්නේ තව මාස නවයක් තියෙනවා.”
“ඒක ප්‍රශ්ණයක් නෑ... ඒත් පුතා ඇයි කිව්වේ වෙඩින් එකක්
ගන්නවනම් කියලා. එහෙම එකක් කරන්න ඔයා කැමති නැද්ද?” මාලිකාගේ තාත්තා ඇහුවා.
“අකමැත්තක් නෑ... ඒත් අංකල් මගේ මතයට කරනවා නම් මම ඒක
කරන්නේ නෑ.”
“අපි ලොකුවට නැතුව ටිකක් සිම්පල් විදිහට කරමු පුතා.
නැත්නම් ඒක හරි නෑ.”
“ආන්ටි කැමති විදිහක්. මගේ අකමැත්තක නෑ.”
ඒ උත්තරේ දීලා මම එළියට ආවා.
මාලිකා මගේ පස්සෙන දුවගෙන ඇවිත් මගේ අත් දෙක යටින් එයාගේ
අත්දෙක දාලා මාව බදා ගත්තා.
“මම ඔයාට ආදරෙයි කාවින්ද..... අයි ලව් යූ..”
මම මාලිකාගේ අත් දෙකෙන් අල්ල ගන්න අතරේ එයා තවත් මට ලං
වුනා.
“බලාගෙන, මේ ගෙදර...” මම කිව්වා.
“කමක් නෑ..... දැන් ඔයා මගේ... කව්රු දැක්කත් මට වැඩක්
නෑ.”
එතකොටම මාලිකා ගේ නංගි ඇවිත් මට කතා කළා.
“අයියේ සුභ පැතුම්.......... ඔයා වගේ අයියා කෙනෙක් මගේ
මස්සිනා වෙන එක කොච්චර හොඳද...”
“තෑන්ක්ස් නංගා.”
“මේ අපි දෙන්නට ටිකක් ඉන්න දීලා යනවකෝ...” මාලිකා නංගිව
එලවගත්තා.
“අනේ කාවින්ද... මට සතුට කියලා ඉවර කරන්න බෑ..... ඔයා ඔය
තීරණය කියනකම්ම මම මාසයක් මොන තරම් ගිනි ගොඩකද හිටියේ.”
“දැන් හරිනේ ඩාලිං....”
“ඔව්... මම මගේ යාළුවෝ හැමෝටම ඔයාව පෙන්වනවා.... උන්
ඉරිසියාවේ පැලෙයි. ඔයා වගේ කෙනෙක් මට ලැබුනා කිව්වහම උන්ට නම් ඉවසගෙන ඉන්නම බැරි
වෙයි...”
“අනේ මේ... මාව නිකං ඩිස්ප්ලේ දාලා වගේ නම් කරන්න එපා.
යාළුවෙකුට අඳුන්වලා දෙන එක වෙනම දෙයක්...”
“සොරි කාවින්ද... මට සතුට දරාගන්න බැරි නිසා එහෙම
කියවුනේ.”
“ඇයි ඉතින් මොකක්ද මගේ තියෙන විශේෂත්වය..”
“ඔයා වගේ කෙනෙක් ලබාගන්න කෙල්ලෙක් ඕනේ දෙයක් කරයි
කාවින්ද...! ඔයා කොච්චර හොඳද, බොරුවට රඟපාන්නේ නෑ වෙන කොල්ලෝ වගේ... ඔයා අවංකයි...
ගෑණු ළමයෙකුට කොහොමද සලකන්න ඕනේ කියන එක ඔයා හොඳට දන්නවා. ඉතින් එහෙම කෙනෙක්
ලබාගන්න මට නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්.”
මාලිකා එහෙම කිව්වහම මම ගැස්සුනා. දිලිනිගේම වචන.
මමයි දිලිනියි මුලින්ම හම්බවෙලා කතා කර කර ඉන්නකොට එයා
කිව්ව වචන ඒ විදිහටම මාලිකා අද කියනවා. ‘ ඔයා කව්ද මාලිකා...? මගේ හිත ඇහුවා.
අපි ගෙදර එනකොට සචියයි අමිලයි දෙන්නා ඇවිල්ලා. දීපා
නැන්දව අන්දගෙන හොඳ කෑම එකක් හදාගෙන වැඩේ දෙනවා.
“ආ පුතාලා ඇවිල්ලා...!” අම්මා කිව්වා.
“ඔව් ආන්ටි.... අපි අද ආවේ ආන්ටිලා ගිය ගමනේ ප්‍රතිපල
දැනගන්න.”
“ආ... ඒක යාළුවාගෙන්ම අහගන්න....” අම්මා එහෙම කියලා ගේ
ඇතුලට ගියා.
අපි තුන්දෙනා මගේ කාමරේට ආවා.
“කාවා... මොකද සීන් එක?”
“මොන සීන් එකද?”
“මාලිකාගේ සීන් එක?”
“මොකුත් නෑ... මම මාලිකාව මැරි කරනවා.”
මම ඒක කිව්ව ගමන් සචියා කෑ ගහන්න පටන් ගත්තා.
“නියමයි මචං... අන්න අද තමා උඹ අවුරුදු ගාණකට පස්සේ
වැදගත් තීරණයක් ගත්තේ. මාලිකා තමයි මචං කෙල්ල..... උඹට ගැලපෙන වෙන කෙල්ලෙක් නෑ
කියලා අපි මුල ඉඳලම දැනගෙන හිටියා. එල එල....”
“ඔව් කාවා... බැචෙලර් පාටි එකක් පුළුවන් ඉක්මනට ඕනේ...
මම අපේ සෙට් එකේ හැමෝටම කියනවා.... දවසක් දාලා වැඩේ ඇරෙන්ජ් කරමු. අයියගේ
රෙස්ටොරන්ට් එකේ කරමු. කොස්ට් එකට වැඩේ කරගන්න පුළුවන්.”
අමිල කිව්වා.
එදා දවස ඉවර වුනේ ගෙදර හැමෝම එක්ක සචියයි අමිලයි එකතු
වෙලා ඩිනර් එක ලොකු පාටි එකක් කරගෙන.
*****************************************************************
ඊළඟ දවසේ මම හොටෙල් එකේ වැඩ ටිකක් තිබුණ නිසා වැඩට ගියා. සචියත් එක්ක කතා කරලා හොටෙල් එකේ අළුතින් කරපු වෙනස් කම් ටික හරිගස්සලා මිදුලට ගිහින් ප්ලේන් ටි එකක් බොන්න ගත්තා.
ඒත් එක්කම වගේ මාලිකා කොල් කළා.
“කාවින්ද...... ඔයා වැඩද?”
“ඔව් අප්පා. ෆුල් බිසී...”
“අපෝ හරි නරකයි... මම ඔයාව හම්බවෙන්න එයි කියලා හිතලද
ගත්ත ගමන් අහන්නත් කලින් බිසී කියලා කිව්වේ?”
“නෑ බබෝ... ඇත්තටම ටිකක් වැඩ.... හැබැයි දෙක තුන වෙනකොට
නම් වැඩ ඉවරයි.”
“මටත් ඒ වෙලාව වෙනකොට උසාවියේ වැඩ ඉවරයි... එන්නද මං?”
“කොහෙටද?”
“ඔයාව බලන්න.. ඔයා කැමති තැනකට.”
“එපා... මම තුනට උසාවිය ළඟට එන්නම්.”
“අනේ.... හරිම හොඳයි....” මාලිකා ලස්සනට කිව්වා.
“මට මොනවද දෙන්නේ....?”
“ඔයා ආවොත් මම ඔයා ඉල්ලන ඕනෙම දෙයක් අරන් දෙනවා.”
“මම ඉල්ලන්නේ ඔයා ළඟ දැනටම තියෙන දෙයක්... දෙනවද?”
“ඔයාට දෙන්න බැරි දෙයක් මගේ ළඟ නෑ කාවින්ද... කියන්න!”
“දැන් එපා... මම ඇවිත්ම කියන්නම්.”
“හරි... මම තුනට ලෑස්ති වෙලා ඉන්නවා.”
මම ෆෝන් එක තියනකොට සචියා ආවා.
“කාවා.. මට ඇත්තටම සතුටුයි උඹ ගැන... අන්තිමේදිවත් උඹ
හරි දෙයක් කරන්න පටන් ගත්තා.”
“මොකක්ද?”
“යකෝ... උඹ දැන් බඳින්න කාලෙ හරි... මෙච්චර කල් ඇද ඇද
හිටියත් උඹ ඊයේ ගත්ත තීරණය හරි. අපෙ අම්මත් දැන් මට යෝජනා ගේනවා. ලඟදිම එකක්
හරියයි. අමිලටනම් දැනටම එකක් කතා කරලා. ඒ කියන්නේ අපි තුන් දෙනාම එකම කාලේ සෙට්ල්
වෙයි.”
“මම කල්පනා කළේ සචියා... අපිට වෙච්ච දෙයක්...”
“ඇයි....”
“ඇයි බං... ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා කෙල්ලන්ට ට්‍රයි කරලා,
පැල් බැඳගෙන ලව් කරලා.... අනංගයා වගේ ඉඳලා අන්තිමට අම්මලා ගේන යෝජනාවකින් කසාද බඳිනවා.
ලැජ්ජයි යකෝ.....” මම කිව්වා.
“ඒක නම් ඇත්ත බං.... උඹම බලහං... උඹ කෙල්ලෝ කී දෙනෙක්
එක්ක යාළුවෙලා හිටියද? ඒත් අන්තිමට..... අපේ අනිත් උන් දැනගත්ත දාට රෙද්දක් ඇඳන්
යන්න බැරි වෙනවා.”
“පිස්සු වගේ තමා බං.... මොනව කරන්නද? ඒක නෙවෙයි සචියා...
උඹ මොකද හිතන්නේ අපි දෙන්න ගැන?”
“මම? මම හිතන එක උඹට වැඩක් නෑනේ....”
“නැත්තේ මොකද යකෝ... දිලිනි ගැනත් මම මේ වගේම උඹෙන්
ඇහුවා... උඹ කිව්වා ඉවරයක් නැති වලි සෙට්වෙන.... ලේසියෙන් ගොඩ යන්න බැරි වැඩක්
කියලා.... ඒක ඒ විදිහටම වුනානේ... කියපංකෝ බලන්න මාලිකායි මමයි ගැනත්.”
“උඹලා දෙන්නා ගැලපෙනවා..... දිලිනියි උඹයි තරම්ම නම්
නැහැ..... ඒත් අවුලක් නෑ... අනික කෙල්ල හොඳ උගත්.... ලෝයර් කෙනෙක්..... හැම
පැත්තෙන්ම කට්ටිය කැමතියි... උඹට මැරි කරලා අවුලක් නැතුව ලස්සනට ඉන්න පුළුවන්
වෙයි.”
“ඔක්කොම හොඳයි සචියා... ඒත් උඹ අර මුලින්ම කතාවක් කිව්වේ
ඇයි?”
“මොකක්ද... දිලිනි තරම් ගැලපෙන්නෑ කියපු එකද?”
“ඒක තමයි...”
“කාවා... තිත්ත වුනත් ඇත්ත කියන්න ඕනෙනේ.... දිලිනි ට
මොනව වුනාද කින්ද මන්ද අපි දන්නෑ.... ඒ වුනත් උඹලා දෙන්නා තරම් ගැලපෙන කපල් එකක්
මම දැකලම නෑ.... සිරාවට මචං... වෙන වෙනම ගත්තත්, උඹට දිලිනි තරම් වෙන කිසිම
කෙල්ලෙක් පෙනුමෙන් ගැලපෙන්නේ නෑ.... දිලිනිටත් උඹ තරම් වෙන එකෙක්වත් මැච් වෙන්නේ
නෑ... කට කැපුවත් ඒක කියන්න ඕනේ බං.”
“උඹ තමා සචියා අතිජාත කියන්නේ... සිරාවටම... උඹට විතරයි
ඒ ඇත්ත කියන්න කොන්දක් තිබුණේ.. අඩුම තරමේ මමත් ඒක පිළිගන්න බය වුනා. පෙනුමෙන්
විතරක් නෙවෙයි ගතිගුණ, සිතුම් පැතුම් වලිනුත් අපි දෙන්නා සියයට සියයක්ම ගැලපෙනවා.
ඒත් මොන කරුමෙකටද දන්නෑ අපිට එකතු වෙන්න බෑ.”
“සමාවෙයං මචං පරණ කුණු ඇද්දට.. උඹ ඇහුව නිසා කිව්වේ..
දැන් ඕක අමතක කරලා දාලා මාලිකා ගැන බලපං... සමහර විට දිලිනි උඹට මොන තරම් ගැලපෙනවා කිව්වත් කසාද බැඳලා ජීවිතේ
ගතවෙන කොට මාලිකා උඹට හොඳම වයිෆ් වෙන්න බැරි නෑ.”
“මටත් වෙලාවකට එහෙම හිතෙනවා සචියා.... බලමු..... තව ටික
කාලයක් තියෙනවානේ වෙඩින් එකට!”
සචියත් එක්ක කතාව දාගෙන හිටපු නිසා මම මාලිකාව ගන්න
උසාවිය ලඟට යනකොට වෙලාව පහුවෙලා.
මම එනකං කෙල්ල උසාවියේ ගේට්ටුව ලඟට වෙලා ඉන්නවා මම ඈතදීම
දැක්කා. බලාගෙන යනකොට දිලිනි තරම් නොවුනත් කෙල්ල මාර ලස්සනයි. සුදු පාට සාරියක්
ඇඳලා, ලස්සන ජුවලරි දාලා, කෝට් එකකුත් අතේ අරන් ඉන්නකොට කෙල්ල මාර වැදගත් පෙනුමයි.
උසාවියට ආපු සමහර සාමාන්‍ය මිනිස්සු එතනින් යද්දි
හිනාවෙලා කෙල්ල එක්ක කතා කරනවා. සමහර වයසක මිනිස්සු බොහොම ගෞරවයෙන් ඔළුව නමලා
කෙල්ලට කතා කරනවා... මට නම් ඕවා හිනාවට කාරණයක් වුනාට කෙල්ලට ඒවා ලොකු දෙයක් වගේ
පේනවා.
මාව දැකපු ගමන් කෙල්ලට ලස්සන හිනාවක් ගියා. ඒ වුනාට තරහ
මූණක් හදාගෙන ඇවිත් කාර් එකේ ඉඳගත්තා.
“මොකද ගෑස්...” මම ඇහුවා.
“හරි නරකයි අනේ... විනාඩි විස්සක් පරක්කුයි. මම අර අව්වේ
හිටගෙන බෙල්ල රිදෙනකං බලාගෙන හිටියා.”
“මොකටද අව්වේ හිටියේ.... ඇතුලට වෙලා හිටියනම් මම ඇවිත්
කතා කරනවානේ?”
“මම බලාගෙන හිටියේ මම අඳුරන අය කීප දෙනෙකුට ඔයාව
අඳුන්වලා දෙන්න... කොහෙද ඔයා එනකොට ඒ අය ගිහින්... හැමෝම අහනවා යන්නේ නැද්ද
කියලා... මට තරහේ බෑ...”
“අනේ මේ.... මම බය නෑ ඔයාගේ තරහවට....” මම කිව්වා.
මම කාර් එක ස්ටාට් කරන්න යනකොටම වයසක අම්මා කෙනෙක් ඇවිත්
මාලිකා ඉන්න පැත්තෙන් කතා කළා.
මාලිකා වීදුරුව පාත් කළා.
“අනේ සුදු නෝනේ..... මගේ පුතාගේ නඩු ෆයිල් එක.....”
“ආ... ඒක මගේ ලඟ අම්මේ... මම කියපු විදිහට විසි දෙවෙනිදා
උදේ එන්න... එදාට නඩුව කතා කරයි.... ෆයිල් එක මගේ ලඟ තිබුණ දෙන්...”
“අනේ නෝනේ.... ලබන සැරේ වත් රස්තියාදුවක් නැතුව කොල්ලව
එළියට ගන්න පුළුවන් වෙයිද?”
“අපි උපරිම උත්සහ කරමු අම්මේ..... මේ වගේ කේස් වලට ඇප
ගන්න ටිකක් අමාරුයි... ඒත් පුතා ඇත්තටම වැරැද්දක් කරලා නැති නිසා අපිට බැරිවෙන
එකක් නෑ.. අම්මා බය නොවී ඉන්න... මම පුළුවන් උපරිම දේ කරනවා.....”
“සුදු නෝනේ.... නෝනා අපිට නෑදෑයෙක්වත් නොකරන උදව්
කරන්නේ...”
“ඒක ලොකු දෙයක් නෙවෙයි අම්මේ.. විසි දෙවෙනිදා එන්නකෝ...”
මාලිකා එහෙම කියලා වීදුරුව වහන්න යනකොටම ඒ වයසක අම්මා
රුපියල් දාහක් අතේ ගුලි කරලා මාලිකාට දුන්නා.
“සුදු නෝනේ.... මේ සතියේවත් ගාස්තුව ගන්න...”
ඒ අම්මා කිව්වා.
“එපා අම්මේ.... නඩුව කතා කළාට පස්සේ අපි සල්ලි ගැන බලමු.
අදත් නඩුව කල් ගියා විතරනේ.... මට සල්ලි
එපා....”
“අනේ නෝනේ... මේ උසාවියේ එහෙම කවුරුවත් කරන්නේ නෑනේ....
මේ සල්ලි ගන්න නෝනේ.. නඩුව කතා කළාට පස්සේ මම ඒ ගාස්තුවත් කොහොම හරි ගෙවන්නම්.”
“මට එපා අම්මා... අම්මා දැන් යන්න... බස් එකේද යන්නේ?”
“ඔව් රත්තරන් සුදු නෝනේ... දැන් ඉතින් උඩුදුම්බරටම යන්න
එපැයි.”
“අම්මා පරිස්සමින් යන්න... පුතාව බේරගන්න අපි බලමු.”
මාලිකා එහෙම කියලා වීදුරුව වැහුවා. මම කාර් එක ස්ටාට්
කරගෙන පාරට දැම්මා.
“ඔයා නොමිලේත් නඩු කතා කරනවද?” මම ඇහුවා.
“ඇයි කාවින්ද?”
“නෑ... මම නම් දැකලා තියෙන විදිහට නඩුව කල් දැම්මත්
ලෝයර් ගාස්තුව ගන්නවා. ඔයා ඇයි සල්ලි ගන්නේ නැත්තේ?”
“මම සල්ලි ගන්නවා කාවින්ද... සල්ලි තියෙන
මිනිස්සුන්ගෙන්... ඒ වගේ දුප්පත් අම්මා කෙනෙකුගෙන් පුළුවන්ද නඩු වාරය කල් දැම්මා
කියලා සල්ලි ගන්න.... සමහර විට ඒ මනුස්සයා මොන දුකක් විඳින්න ඇද්ද ඔය රුපියල් දාහ
හොයන්න... මනුස්සයා මැරිලා, දුව බැඳලා දැන් සත පහක උදව්වක් නෑ.. ඒකම පුතා
රස්තියාදු කාරයෙක් වෙලා, පිස්සු නටලා දැන් ලොකු හොරකමකට සැකකාරයෙක් වෙලා. අනිත් එක
ඒ අම්මගේ හිත හදන්න ඇප ගන්න බලමු කිව්වට, මට සැකයි ඒක පුළුවන්ද කියලා. ඒ නිසා මට
බෑ ඒ වගේ අයගෙන් සල්ලි ගන්න... ඔය රුපියල් දාහ නැතිවුනා කියලා අපිට කන්න බොන්න
නැති වෙන්නේ නෑනේ කාවින්ද.. ඒ වුනාට සමහර විට ඔය අම්මට ඒක සතියක වියදම වෙන්න
පුළුවන්.”
“ඔයා ටිකක් අමුතුයි...” මම කිව්වා.
“ඇයි කාවින්ද? මොකක්ද මගේ අමුත්ත?
”
”
“හරි ඔයා මනුස්ස කමට ඔහොම කරනවා කියමු... ඒත් අනිත්
ලොයර්ස්ලා ඔයාට ප්‍රශ්ණ දාන්නේ නැද්ද...? ඔයා ඔහොම කරන කොට ඒ අයට පාඩුයිනේ...”
“ප්‍රශ්න කීපයක් ආවා. මම බය නෑ කාවින්ද.... සල්ලි ගන්නවද
නැද්ද කියන එක තීරණය කරන්නේ මම...”
“කව්රුහරි කිව්වොත් ඔයා අළුත් නිසා නඩු අල්ලගෙන ෆේමස්
වෙන්න තමා ඔහොම කරන්නේ කියලා...”
“කියපුදෙන්.. මගේ හිත දන්නවා මම කරන දේ... මම හිතක්
පපුවක් තියෙන කෙල්ලෙක්.... මට බෑ ගිනි කන ලෝයර් කෙනෙක් වෙන්න....”
“එතකොට ඔයා දැන් තනියම නඩු කතා කරනවා?”
“ඔව් කාවින්ද.... හැමදාම ඇසිස්ටන් වැඩේ කරලා හරියන්නේ
නෑ... දිනන්න හරි පරදින්න හරි මම නඩු කතා කරනවා. එකම දේ මට ක්ලයන්ට්ස්ලා ගොඩක්
නෑ... මම අළුත් නිසා. අනිත් එක මට තාම මේක හොඳටම පුරුදු නෑ. මගේ යාළුවෙක් ඉන්නවා,
මට වඩා අවුරුදු හයක් විතර සීනියර්. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ එකතු වෙලා ලෝ ෆර්ම්
එකක් පටන් ගන්න. පොඩි ඔෆිස් එකක් ඇරලා වැඩේ කරගෙන යනවා.”
“ඔයාට තනියම කතා කරන්න කම්ෆිඩන්ස් තියෙනවද?”
“තාම නෑ... ඒකයි මම යාළුවාව එකතු කරගන්නේ....? දැනට මම
එන නඩු බාරගන්නේ ගාස්තු බලලා නෙවෙයි. මට සල්ලි වලින් ලොකු ප්‍රශ්ණයක් නෑ දැනට... ඒ
නිසා මම ආසයි දුප්පත් මිනිස්සුන්ට උදව්වක් විදිහට බොහොම අඩු මුදලකට නඩු කතා
කරන්න...”
“ඔයා ඒ විදිහේ කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නෑනේ.....”
“ඒවා කිය කිය ඉන්න ඕනේ දේවල් නෙවෙයි කාවින්ද..... මම
හැමදාම ඒ වගේ තමයි. ඒක නෙවෙයි කාවින්ද... අපි මේ කොහෙද යන්නේ....?”
“අයිඩියා එකක් නෑ.... පාක් එකකට වත් යන්න බෑ.. ඔයා උසාවි
අඳින ඇඳුම ඇඳලා නේ.”
“ඔව් අනේ.... මෙහෙම නම් ඒ වැඩ කරන්න බෑ. කාවින්ද අපිට
ගිහින් ටිකක් කතා කර කර ඉඳලා හතට විතර ඩිනර් ගන්න හොඳ තැනක් නැද්ද?”
“ම්.... අපි යන ගමන් කල්පනා කරමු.... හොඳයි කියලා හිතෙන
තැනකට යමු.”
“යමු...”