සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
101.
ටිකට් එක ගත්ත දවසේ කොල්ලෝ සෙට් එකම ගෙදර ආවා.
“උඹ නැතිවෙන එක අපිට මාර පාඩුවක් කාවා. අපි සෙට් එක
අවුරුදු දහටක් විතර එකටම හිටියා. දැන් උඹ යන්න යනවා.” අමිල කිව්වා.
“නෑ බං උඹ යන එක හොඳයි. මෙහෙට වෙලා චාටර් වෙනවට වඩා
යන්න පුළුවන් වෙලාවේ ගිහින් වැඩක් කරගනින්.”
“ඔව් ඔව්.... උඹ ගිහින් සෙට්ල් වුනොත් උඹ අපිවත්
ගෙන්න ගනින්. අපිට නිව්යෝක් හන්දියේ මේ වගේම සෙට් වෙලා ටවුම රන් කරන්න පුළුවන් නේ.
අර නිව්යෝක් හන්දියේ දකුණු පැත්තේ පෙට්ටි
කඩෙන් ප්ලේන්ටියයි සිගරට් එකයි ගහලා, නිව්යෝක් වැව ඉවුරේ සෙට් වෙලා....”
අමිල ආයෙත් කිව්වා.
“අනේ මේ පලයං බං..... උඹ හිතාගෙන ඉන්නේ උඹ ඇමරිකාවේ
ගිහින් ගැන්සි බහින්නද. උන් වෙඩි තියල දායි මීයෙකුට වගේ තොට.”
“මට නම් කිසිම දුකක් නැ බං.”
මම එහෙම කිව්වහම උන් සෙට් එකම කන්න වගේ මගේ දිහා
බලාගෙන හිටියා.
“උඹට අපිව දාල යන්න දුක නෑ?”
“මට මෙහේ ඉඳලා කරන්න දෙයක් ඔළුවට එන්නේ නෑ. මට
ඇමරිකාවේ ගිහින් කරන්න ලොකු දේකුත් නෑ. මම මේ ගමන යන්නේ අම්මයි, සමාධියි නිසා.
දිලිනිත් හොල්මනක් නැති වුනා වගේ අතුරුදහන් වෙලා. ඉතින් මට ලංකාවෙන් යනවා
කියන එක දුකක් නෙවෙයි.”
දිලිනිගෙයි මගෙයි ප්ලෑන් එකේ අන්තිම ටිකත් මම කියලා
දැම්මා.
“ඔව් කාවා... මේ යන විදිහට උඹ යන එක හොඳයි. උඹ
කොච්චර අවුලා වෙලාද කියලා උඹ දැන් කියපු කතාවෙන්ම පේනවා. උඹ කවදාවත් අපි ගැන ඔහොම
හිතලා නෑ. උඹ උළුමනාවෙන් හිතන්නෙත් නෑ. උඹ හිතාගන්න බැරි තරම් අවුල් වෙලා. පලයං...
මොනව හරි කරගෙනම වරෙන්. එන්න හිත හදාගන්න බැරිනම් එහේම වුනත් සෙට්ල් වෙයං. උඹ
හොඳින් ඉන්නයි අපිට ඕනේ”
“මම ඒක දන්නවා බං. මම කිව්වේ ජීවිතේ ඉස්සරහට මට
බලාපොරොත්තු නෑ කියලා. උඹලා ඉන්න බව දන්නවා. ඒත් තව අවුරුදු කීපයකින් උඹලා හැම
එකාම පවුල් වෙලා වගකීම් එනකොට මේ ඉන්නවා වගේ ඉන්න බෑ. අන්න ඒකයි මම කිව්වේ.”
“කාවා මේ එක බූට් එකට දාර්ශණිකයෙක් වෙලානේ... යකෝ
අපේ පැණියා එහෙම නෑනේ.” අමිල කිව්වා.
“ඒකට බූට් කන්න ඕනේ නෑ බං.... තමන්ගේ හිතට එකඟව වැඩ
කරපං. එච්චරයි. මම යනවා. කාත් එක්කවත් තරහින් නෙවෙයි... මගේ හිත හදාගන්න පුළුවන්ද
බලන්න. මට උඹලා කවදාවත් අමතක වෙන්නෑ. ජීවිතේ අමාරුම වෙලාවේ ළගින් හිටියේ උඹලා. ඒක
අමතක වෙන්නෑ කවදාවත්.” මම කිව්වා.
මටම පුදුමයි මගේ රඟපෑම ගැන. මුන් කවදාහරි දැන ගනී මේ
මම කළේ බොරුවක් කියලා. එදාට මුන් මාව නැති කරයි. ඒත් කරන්න දෙයක් නෑ.... ප්ලෑන් එක
වැඩ කරන්න නම් කොහෙවත් දුර්වල තැනක් තියන්න බෑ.
“ඒක නෙවෙයි කාවා, උඹ දැන් ගිහිල්ලා කැසිනෝ පාරක්
දාලා, රෑට පොඩි ෂොට් එකකුත් දාලා, නිකං මයිකල් ජැක්සන් වගේ ඉඳියි නේද, ආ මේ මචං...
සිරාවට උඹ කොහොම හරි මයිකල් ජැක්සන්ව හම්බවෙයන් හරිද. උඹේ කැමතිම ගායකයනේ. ආ අනිත්
එක ජූලියා....”
“කව්ද බං ජූලියා..”
“ඇයි යකෝ... උඹට ජූලියා අමතකද? ජූලියා රොබට්ස්... උඹ
ටී වී එකෙන් ලව් කරන්නේ ඒකිටනේ.”
අමිල නොන්ස්ටොප් කියවනවා.
“යකෝ... කැසිනෝ තියෙන්නේ වේගාස් වල. එහේ ගිහින්
කැසිනෝ ගහන්න සල්ලි තියෙනවනම් ඒ සල්ලි වලින් මෙහේ රජෙක් වගේ ඉන්නවනේ. අනික මයිකල්
ජැක්සන්, ජූලියා රොබට්ස් හම්බවෙන්න මම කව්ද. උන් ඉන්නේ හොලිවුඩ් වල, මම යන්නේ
මොන්ටානා වලට. වියදම් අඩු පැත්තකට.”
“ඒකත් එහෙමද, මම හිතුවේ උඹ වොෂින්ටන් හරි නිව්යොර්ක්
හරි හොලිවුඩ් හරි යයි කියලා.” අමිල සෑහෙන දුක් මූනක් දාගෙන කිව්වා.
“හැබැයි කාවා, උඹ නිකමට හොලිවුඩ් පැත්තේ පලයං.
උඹ උසත් තියෙනවා, පොඩි හැන්ඩි ලුක් එකකුත් තියෙන එකේ නිකමට හරි උඹට ටෙලියකටවත් කතා
කළොත්, ජීවිතේම ගොඩ....”
“මේ යකෝ... පිස්සු කියවන්න එපා බං. උඹ හිතුවද අර
ඉන්දියාවේ වගේ නළු නිළියන්ගේ ගෙවල් ගාව ඇමරිකාවේ මිනිස්සුත් දවස් ගණන් ඉන්නවා
කියලා උන්ව බලන්න, නැත්තං රඟපාන්න ඉල්ලන්න.”
“ඇයි නැද්ද?”
“ඒ ඉන්දියාවේ ගොං හැත්ත බං.”
“අපරාදේ.....” අමිල කිව්වා.
“ඇයි බං....?”
“නෑ මං හිතං හිටියේ කවදා හරි ඇමරිකාවේ ගිහින්, සෙට්
එකට තේ ඇදලා, ලයිට් අල්ලලා හරි රඟපාන්න පොඩි කෑල්ලක් ඉල්ලගන්න.” අමිල කිව්වා.
“ඇයි බං, උඹ හින්දිත් දන්න එකේ නරකද ඉන්දියාවට
ගිහිල්ලා ෂාරුක් ඛාන්ගේ ගෙදර වැඩ කරන්න සෙට් වුනොත්.”
ඔය විදිහට එදා දවස වල්පල කියව කියව ගෙවුනා.
හවස් වෙලා මට දිලිනිව හම්බවෙන්න යන්න ප්ලෑන් කරගෙන
තිබුණ නිසා යාළුවෝ ටික ගියාට පස්සේ මම එයාට කෝල් කලා.
“කාවින්ද.... ඔයා හයට එන්න...“
“පුරුදු තැනටනේ.... අවුලක් නෑ.... මම සචියගේ ගෙදර
යනවා කියලා එන්නම්.“
“පුරුදු තැනට නෙවෙයි කාවින්ද.... මට අද ඔයා එක්ක
නිදහසේ පැය දෙක තුනක් ඉන්න ඕනේ... ඔයා යන්න කළීන් මට ආයෙත් ඔයාව දකින්න බැරි
වෙයි.“
“ඔයා හිල්ටොප් එකට එන්න. කෙලින්ම රූම් නම්බර් 63 එකට
එන්න. මම ඒක බුක් කරලා තියෙන්නේ.“
“කව්රුවත් දැක්කොත්...“
“නෑ බබා... මම උදේ ඉඳලා එතන ඉන්නේ... කව්රුවත්
දන්නෑ...“
හරි මම එන්නම්....
මම ඇඳගෙන ඉවර වෙලා දිලිනිව බලන්න යන්න කළීන් යන්න
අවශ්‍ය තැනක් තිබුණා. සචිත්‍රගේ ගෙදර. මොනව වුනත් ඌටයි අමිලටයි බොරු කියලා යන්න
බෑ. මේ හැම ප්‍රශ්ණයක්ම මැද්දේ උන් දෙන්න මං වෙනුවෙන් හිටියා. අන්තිම මොහොතේ හරි
ඇත්ත කියලා යන්න වෙනවා. මම දන්නවා මේ වෙනකොට අමිල ඉන්නෙත් සචිත්‍රෙග් ගෙදර කියලා.
මම යනකොට උන් දෙන්නා පුදුම වෙලා බලාගෙන හිටියා.
“කාවා...!“
“මට උඹලට පොඩි දෙයක් කියන්න තියෙනවා.“
“ඇයි බං.. අපි උදේ ඉඳලා උඹලා ගෙදර ඉඳලා මේ ආවා
විතරයි. උඹ අනිත් පයින් මේ ගෙදර. මොකක්ද සීන් එක.“
“වරෙන්කෝ එළියට යන්න... බිත්ති වලටත් කන් තියෙනවා.“
“යකෝ... මොකක්ද රහස.... ගේමක්ද.... මූවි එකක් වගේනේ
බං මේක?“
අමිල සුපුරුදු ටෝන් එකෙන් ඇහුවා.
අපි තුන්දෙන් මිදුලේ තිබුණ නෙල්ලි ගහ යටට ආවා.
“මොකක්ද කාවා සීන් එක?“ සචිත්‍ර ඇහුවා.
“මම මේක කිව්වට පස්සේ උඹලා දෙන්නා මාත් එක්ක සිරාවටම
තරහවෙයි කියලා මට බයයි.“
“කියපං බං...“
“මචං.... දිලිනි මාව දාලා ගිහින් නෑ... මම දැන්
යන්නෙත් එයාව හම්බවෙන්න.“
මම ඒක කිව්වා විතරයි උන් දෙන්නා මූනට මූන බලා ගත්තා.
“මම කිව්වනේ... මේක මම කළේ පොඩි ප්ලෑන් එකක් අනුව.“
‘එතකොට උඹ අපි දෙන්නව ඇන්දුව එකත් ප්ලෑන් එකක්ද?“
“කියන දේ අහපංකෝ.. උඹලා දෙන්නා මුලින් මේක දැනගෙන
හිටියනම් උඹලා මම ගැන දුකෙන් සිරාවටම ඉන්නේ නෑ. ඒ වෙනස අපේ අම්මලාට වුනත් පේන්න
තිබුණා. එහෙම වුනානම් සැක හිතනවා. අපිට ඕනේ වුනේ උඹලා දෙන්නත් ඇත්තටම හිතන්න මම
දිලිනිගෙන් වෙන් වෙලා අප්සෙට් එකේ ඉන්නවා කියලා. එතකොට උඹලා ඇත්තටම දුක් වෙනවා. ඒක
දකින අපේ අම්මලා වුනත් බින්දුවක් වත් සැක කරන්නේ නෑ.“
“අපි කිව්වේ... එතකොට මේ ගොන් ප්ලෑන් එක උඹේ විතරක්
නෙවෙයිද?“
“නෑ... දිලිනිගේ වැඩක්...“
“ඔය දිලිනි නම් යකෝ දවසක උඹව දානවා නියම අමාරුවක.
යකෝ උඹේ ළඟින්ම හිටපු අපි දෙන්නවත් කඩේ යැව්වනේ... බලු වැඩ බං...“
“අහපංකෝ.... උඹල දෙන්න නියමෙට වැඩේ කළා.“
“හරි... දැන් මොකක්ද තොපි දෙන්නගේ ප්ලෑන් එක.“
“කියන්නම්... ඊට කළින් පොරොන්දු වෙයං මේ ගැන තව
අවුරුදු පහකටවත් කිසිම කෙනෙකුට කියන්නෑ කියලා. අපිට ඕනේ අපි දෙන්නා වෙන් වෙලා කියන
එක දිගටම පෙන්වන්න.“
“අපි කියන්නෑ යකෝ...“
“මේකයි ප්ලෑන් එක....“
මම සම්පූර්ණ ප්ලෑන් එක කිව්වා.
“යකෝ මේ කෙල්ලෝ තමයි කෙල්ලෝ... උන් උන්ට ඕනේ දේ ගන්න
නොකරන දෙයක් නෑ බං... මොනවා වුනත් දිලිනි කියන්නේ පට්ට කෙලින් වැඩ කරන අවංක
කෙල්ලෙක්. ඒකි උඹට ලව්... බොක්කෙන්ම... හින්දි ෆිල්ම් දාස් ගාණක් බලපු
එක්පීරියන්ස් එකෙන් මම කියන්නේ.. දිලිනි තමා උඹේ හදවත කඩා ගෙන ආපු ලව් එක...“
අමිල කිව්වා.
ඒත් එක්කම මම මගේ හිතේ තිබුණ අළුත්ම ප්ලෑන් එකකුත්
උන් දෙන්නව කියලා දෙන්නව පිටත් කළා.
“හරි කාවා... උඹ හොඳට හිතලනේ ඔය තීරණේ ගත්තේ... අපි
වැඩේ කරන්නම්.... අපි හත වෙනකොට උඹ කියපු තැන.“
සචියා කිව්වා.
ඉන් පස්සේ මම දිලිනි කියපු තැනට ආවා.
මම කාමරේට ඇතුල් වෙනකොටම දිලිනි දුවගෙන ඇවිත් මගේ
බෙල්ලේ එල්ලුනා.
“මට දුකයි කාවින්ද,“
“ඇයි“
“ඔයා යනවනේ.... ඔයා නැතුව මට පාළු තියෙයි...“
“එහෙනම් ඉන්නම්...“
“අනේ එපා... යන ගමන යන්න.... අපි දෙන්නා
වෙනුවෙන්නේ... මම ඉවසගෙන ඉන්නම්.“
“මටත් ඔයාව දාලා යන්න බෑ සුදූ... අපි ලංකාවෙම කොහේ
හරි ඈත් පැත්තකට ගිහින් ඉමු..“
“ඔයාට පිස්සු...“
අපි කතා කර කර ඉන්න අතරේ කෙනෙක් දොරට තට්ටු කළා.
දිලිනි බයවෙලා මගේ දිහා බැලුවා.
“කාවින්ද අරින්න එපා... අපි දෙන්න මෙතන කියලා
කව්රුවත් දන්නෑ.“
“පොඩ්ඩක් බය නැතුව ඉන්නකෝ...“
මම දොර ඇරියා. දොර ලඟ හිටගෙන හිටියේ සචිත්‍ර.
“කාවා... වැඩේ හරි..... කෙල්ලට කිව්වද?“
“තාම නෑ.“
ඒත් එක්කම අමිලත් ආවා.
“කාවින්ද... ඇයි මේ...?“ දිලිනි ඇහුවා.
“උඹලා දෙන්නත් ඇතුලට වරෙන්.“
උන් දෙන්නා ඇවිත් ඉඳගත්තා.
“ඇයි කාවින්ද?“ දිලිනි ආයෙත් ඇහුවා.
මම සාක්කුවේ දාගෙන හිටපු ලස්සන මුද්දක් අරන් දිලිනි
ලඟට ආවා.
“තාරුකා.... ඔයා කැමති නම ඒකනේ...“
“ඔව්... ඔයා මොකද කරන්න යන්නේ...?“ මම කරන්න යන දේ
අනුමාන කරලා වගේ දිලිනි පුදුමෙන් ඇහුවා.
“තාරුකා... විල් යූ මැරී මී...?“ මම මුද්ද එයා
දිහාවට දික් කරලා ඇහුවා.
දිලිනි අත් දෙකෙන් මූණ වහ ගත්තා.
“සුදූ.... කියන්න ඔයා මාව බඳිනවද?“ඒත් දිලිනි කතා
නැහැ.
“සුදූ... මොනවහරි කියන්න.“
“කාවින්ද.... ඇයි ඔයා මේ වෙලාවම මේකට තෝරගත්තේ....“
“වෙන වෙලාවක් නෑ සුදූ... අපි අවුරුදු කීපයක් වෙන්
වෙලා ඉන්න යනවා. මට බයයි ඔයාට මොනවා වෙයිද කියලා. මේ මිනිස්සු ඔයාට මොනවා කරලා
තියයිද කියලා. ඒ නිසා මම අහන්නේ ... යන්න කළින් කියන්න... විල් යූ මැරි මී...“
දිලිනි මගේ ලඟට ආවා. “ඔෆ් කෝස් කාවින්ද... අයි විල්
මැරී යූ.. එනිටයිම් යූ සේ...“
මම ඒ ලස්සන ඇඟිල්ලට මුද්ද දැම්මා.
“ඔයාගේ රින්ග් එක නම් ලස්සනයි කාවින්ද... ඔයාගේ සප්‍රයිස්
එක ඊටත් වඩා ලස්සනයි....“ දිලිනි කිව්වා.
“හම්මේ ඇති යන්තම් අඩු ගාණේ උඹලා දෙන්නා එන්ගේජ්
වුනා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.” සචියා කිව්වා.
“ඇයි බං?”
“නෑ ඉතින් උඹලා ලව් කරනවා ඉවරයක් නෑ... අපි කටු කනවා
ඉවරයක් නෑ.... දැන් අඩුගාණේ රෙජිස්ටර් නොකරත්, උඹලා දෙන්නා බඳිනවා කියලා පොරොන්දු
වුනානේ... කටු කන එකේ එහෙමවත් සැටිස්ෆැක්ෂන් එකක් තියෙන්න ඕනෙනේ බං.”
“ඇයි උඹ හිතුවද අපි දෙන්නා නොබැඳ දිගටම මෙහෙම ඉඳි
කියලා.”
“කියන්න බෑනේ බං උඹලා කරන මොන්ගල් වැඩ දිහා බැලුවහම
ඒකත් ෂුවර් නෑ. එහෙම වුනොත් මගේ අම්මේ අපිට සදාකාලිකවම මේ කට්ටනේ...”
“පිස්සු කියවන්න එපා බං...”
මම එහෙම කිව්වහම උන් දෙන්නා හිනාවෙලා යන්න ගියා.
මමයි දිලිනියි ආයෙත් තනි වුනා.
එදා දවසේ අපි හොඳටම රෑ වෙනකම්ම හිටියා. දෙන්නටම යන්න
හිතක් තිබුණේ නෑ.
“මට ඔයාව දාලා යන්න බෑ සුදූ...”
“මටත් එහෙම තමයි, ඒත් ඔයා යන්නම ඕනේ කාවින්ද... අපි දෙන්නා
වෙනුවෙන් මේ වැඩේ අපි කරන්නම ඕනේ. නැත්නම් අපිට මීට වඩා ප්‍රශ්න වලට මූණ දෙන්න
වෙනවා.”
“මට තේරෙනවා සුදූ...”
රෑ දහයට විතර මම පිටත් වුනා.
සචියත් එකතුකරගෙන ආපහු උන්ගේ ගෙදර යනකොට රෑ එකොළහට
විතර ඇති.