Thursday, October 12, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 96

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



96.

සිංගප්පූරුවේදී ඩොක්ටර් යුවා මාත් එක්ක පැය ගාණක් කතා කළා.
මම ලංකාවට ගිය දවසේ ඉඳලා මගේ ඇඟට දැනුන වෙනස්කම් එකින් එක ඇහුවා. ඒ හැම දෙයක්ම සටහන් කර ගත්තා.
ඊට පස්සේ එක එක මැෂින් වලට දාලා මගේ මුළු ඇඟම ස්කෑන් කළා. ලේ ගත්තා, මොලේ ස්කෑන් කරන එකනම් මම හිතන්නේ හතර පස් පාරක් කළා.
ඒ අතරේ ප්‍රතිකාර කීපයක් පටන් ගත්තා.
“මිස්ටර් කාවින්ද... සෝ සොරි අබවුට් යුවර් රේස්.. යූ හැඩ් ලොස්ට් ද චාන්ස ටු රෙප්රෙසන්ට් යුවර් කන්ට්‍රි බිකෝස් ඔෆ් මී.“
“නෝ... වයි බිකෝස් ඔෆ් යූ?“
“බිකොස්, ලාස් ටයිම් අයි ඩිඩ්න්ට් කන්සිඩර් යුවර් කන්ඩිෂන් වෙල් ඇන්ඩ් ලෙට් යූ ගෝ බිෆෝ යූ රිකවර්ඩ් හන්ඩ්‍රඩ් පරසෙන්ට්. අයි තෝට් යූ විල් රිකවර් වෙල්... බට් අයි වස් රෝන්ග්..“
“නෝ වොරීස් ඩොක්ටර්.... ඉට් වස් මයි මිස්ටේක් ඉන් ද ෆර්ස්ට් ප්ලේස් බිකෝස් අයි ගොට් ඉන් ටූ දිස් ක්ලෑෂ්.“
ඩොක්ටර් කියපු විදිහට රණ්ඩුවේදී මගේ බෙල්ලේ කනට පිටිපස්සේ තියෙන එක නහරයකට පාරක් වැදිලා තියෙනවා. ඒ නහරය අන්තිම සංවේදී එකක්. ඒ පාර නිසා ඒ නහරේ තද වෙලා හිර වෙලා... ඒක නිසා මොලේට පීඩනය වැඩි වෙලා, මොලේ නහරයක් පිපිරිලා මොලේට ලේ ගලලා. නමුත් ඒ වෙලාවේ එක බොහොම පොඩිවට වෙලා. ඒත් දෙවෙනි පාර ඒක වෙනකොට හානිය වැඩිවෙලා. තුන්වෙනි පාර දවස් දහයක්ම සිහිය තිබුණේ නෑ. ඩොක්ටර්ට තියෙන බය තවත් පාරක්  ඒක හැදුනොත් කලින් තුන් වතාවටම වඩා දරුණු වෙයි කියලා.
ඩොක්ටර් කියන විදිහට ඒ නහරයට පීඩනය නොඑන විදිහට ඉන්න වෙනවා. මහන්සි වෙන්න හොඳ නෑ... එක දිගට මහන්සි වෙන වැඩ හොඳම නෑ. අනිත් එක බෙල්ල හරවන කොට බොහොම පරිස්සමින් කරන්න ඕනේ.
කකුල් වලට බලපාලා තියෙන්නෙත් ඒකමයි. ඒත් ඒකනම් බොහොම තාවකාලිකයි කියලා ඩොක්ටර් කිව්වා.
ඩොක්ටර් යුවා පොරොන්දු වුනා මේ වතාවේ නම් මාව සම්පූර්ණයෙන්ම හොඳ කරලා මිසක් යන්න දෙන්නේ නෑ කියලා. ඒ වගේම කළීන් හිටපු නිරෝගී තත්වෙටම මාව ගේනවා කියලා එයා පොරොන්දු වුනා.
එකම ප්‍රශ්ණයකට තියෙන්නේ මට ජීවිත කාලයම අවදානයෙන් ඉන්න වෙනවා. පොඩි හරි වෙනස්වීමක්, නොනවතින ඉසරදයක් වගේ තියෙනවනම් ඒක අනිවාර්යයෙන් බලන්න ඕනේ.
මම සතියක් එක දිගට ප්‍රතිකාර ගත්තා. ඒ සතියේ අන්තිම දවසේ, ඉරිදා දිලිනි සිංගප්පූරුවට ආවා.
එයා ඇවිත් දවස් තුනක් මාත් එක්ක හිටියා. ඒත් අපේ අනාගතේ වෙන්නේ කොහොමද කියන එක කතා කරන්න මම උත්සහ කරපු හැම වෙලාවකම එයා ඒක පස්සට දැම්මා.
ඔය විදිහට සති දෙකක් ගතවුනා. එක දිගට බෙහෙත් කළා. ඊට පස්සේ දවස් කීපයක විවේකයක්... ආයෙත් සති දෙකක් එක දිගට ප්‍රතිකාර.
සිංගප්පූරුවට ඇවිල්ලා මාසෙකට පස්සේත් මට ඇවිදින්න පුළුවන් වුනේ නෑ. යන්තම් ක්ලචර්ස් අල්ලගෙන අඩියක් දෙකක් යන්න පුළුවන්. ඒත් සම්පූර්ණයෙන්ම කකුල් වල දැනීම ඇවිල්ලා තිබුණා.
එක දිගට කකුල් වලට සති තුනක් ව්‍යායාම කරලා ඉවර වෙනකොට මට වාරුවක් නැතුව යන්තම් ඇවිදින්න පුළුවන් වුනා. ඒත් බොහොම පොඩි දුරක්.
මම තනියම නැගිටපු පලවෙනි දවසේ ඩොක්ටර් යුවා මාව ලොකු කණ්නාඩියක් තියෙන කාමරේකට එක්කගෙන ගිහිල්ලා පෙන්නුවා. එදා දිලිනිත් මාව බලන්න ඇවිත් තිබුණා.
“සී.... යුවර් ප්‍රෝග්‍රස්...“
ඩොක්ටර්ට ඒක සතුටක් වුනත් මට නම් ඇස් අදහා ගන්න බැරි වුනා. මීට මාස කීපයකට කළින් යකඩ වගේ තිබුණ මගේ අතපය, දැන් නිකං පඬරැල් වගේ.... කකුල් දෙක අතක් තරම් මහත විතරයි. මූණ අතපය හැම දෙයකම මස් ක්ෂය වෙලා ගිහිල්ලා ඇට විතරක් ඉතුරු වෙලා වගේ.
මම කල්පනා කරනවා දැකපු දිලිනි සෑහෙන වෙලාවක් මාව බදාගෙන ඇඬුවා.
“මම ඔයාගේ ජීවිතේට ආයෙත් හදන්න බැරි හානියක් කරලා ඉවරයි කාවින්ද.. අනේ මම ඔයාගෙන් සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ.. ඔයාව මෙහෙම දැක්කහම මට මැරෙන තරමටම දුකයි.... කියන්න මම ඔයා වෙනුවෙන් තව මොනවද කරන්න ඕනේ?“
“මේක ඔයාගේ වැරැද්ද නෙවෙයි සුදූ.... අනික ඔයා මේ කරන දේ හොඳටම ඇති. මගේ අම්මටයි තාත්තටයි මාව මෙහෙම ගෙනත් බෙහෙත් කරන්න වත්කමක් නෑ... ඔයා ඒ හැමදේම කරනවා. තව මොනවා කරන්නද...?“
“ඒ වුනාට මගේ හිතේ දුක නැතිවෙන්නෑ කාවින්ද... මම නිසා තමයි මේ දේ වුනේ. මම ඔයාව සම්බන්ධ නොකරගෙන හිටියනම් මගේ ප්‍රශ්න වලට ඔයා අදත් හොඳින් ඉන්නවා. බලන්න කාවින්ද ඔයාට වෙලා තියෙන දේ... ඔයාව දැක්කහම පුදුමයි... වෙනස් වෙලා තියෙන තරම...“
“කමක් නෑ සුදූ... මට දැන් හොඳ වෙනවනේ..... ටික කාලයක් යනකොට හිටියා වගේම සයිස් එකට එයි.“
මම එහෙම කිව්වහම දිලිනි යන්තම් හිනා වුනා.
“ඔව් ඔව්... ඔයා සනීප වෙලා එන්නකෝ... මම ඔයාට තියෙන හොඳම කෑම ජාති ඔක්කොම කවනවා, මහත් වෙලා ලස්සන වෙලා එන්න.“
එදා දවසම ගත කරලා දිලිනි ආයෙත් ලංකාවට ගියා. ඒ යනකොට දිලිනි මට ෆෝන් එකක් දීලා ගියා. ඉන්ටර්නැෂනල් කෝල්ස් ගන්න පුළුවන් එකක්.
මම මුලින්ම කළේ අම්මට කතා කරපු එක.
මට දැන් යන්තමට හරි ඇවිදින්න පුළුවන් කියලා අහපු අම්මා පුදුම සතුටු වුනා. බාප්පා මගේ ළඟ ඉන්න නිසා අම්මා එයාටත් කතා කළා.
ඊට පස්සේ මම සචියට ගත්තා.
“අම්මේ කාවා... දිලිනි කිව්වා උඹට හොඳයි කියලා....“
“ඔව් බං... දැන් මම ඇවිල්ලා මාසයකුත් සති දෙකක් වෙනවා. අද වෙනකම් කිසිම දවසක අර වගේ ආයෙත් වුනේ නෑ.“
“එල එල... ඉක්මනට ඇවිදපං... ආයෙත් පුරුදු බජාර් එකට සෙට් වෙන්න. උඹ නැ.තුව පාළුයි බං... වලියක් වත් දාගන්න හිතෙන්නේ නෑ... අපේ කොල්ලොත් සී සී කඩ විසිවෙලා... අපේ ලේක් ෆ්‍රන්ට් එකේ පොට් එක දැන් රන් කරන්නේ මේ ඊයේ පෙරේදා ආපු චූ කොල්ලෝ...“
“නෑ..... ඇයි බං... කෝ අමිලයා.. ඌවත් නැද්ද ඕව බලා කියා ගන්න.“
“මේ ඉන්නේ.... ඌ මොන බජාර්ද... උඹට වුන වැඩෙන් පස්සේ අපේ අම්මලා තාත්තලා අපිට යකෝ තනියම කඩේකටවත් යන්න දෙන්නෑ... බොරුනම් අහපං... අමිලයා ඉන්නවා.“
සචියා අමිලට ෆෝන් එක දුන්නා.
“ඔව් කාවා. මට විතරක් නෙවෙයි අපේ එකෙකුටවත් ගෙවල් වලින් එළියට බහින්න දෙන්නෑ ගාඩ් එක නැතුව, හරියට කෙල්ලෙකුට වගේ පස්සෙන් අම්මා එනවා... විලි ලැජ්ජාවේ පණ යනවා ඩෝ... ඒ නිසා අපි දැන් එළියට බහින්නෙම නෑ...“
“උඹල ළඟදි සෙට් වුනේ නැද්ද බියර් එකකටවත්?“
“මොන....? පිස්සුද යකෝ... ටොයිලට් එකේ වැඩි වෙලාවක් හිටියත් අම්මා දොරට ගහලා අහනවා මොකද කියලා... මෙහෙම විලි ලැජ්ජාවක් නම් සම්මජ්ජාතියකට හතුරෙකුටවත් වෙන්න එපා යකෝ...“
අමිල කියන දේවල් වලට හිටගෙන හිනා යනවා. ඒ කියන්නේ මගේ සීන් එක කට්ටියටම ආරංචි වෙලා...
“ඒක නෙවෙයි සචියා අපේ ගෙදර තත්වේ කොහොමද?“
“උඹ ලංකාවෙන් ගිය මුල් දවස් වලනම් ඩැනී අංකල් නිතර නිතර උඹලගේ ගෙදර ආවා ගියා. මම කිව්වේ ඌ ගිහාන්ටත් ගේමක් දීලා කියලා. උගේ කකුල තුන් පොළකින් කැඩිලා... තාම ක්ලචර්ස් නැතුව ඇවිදින්න බෑ.“
“උන් පොලිසි ගිහින් නැද්ද?“
“හොස්පිට්ල් එකෙන් පොලිසිය එනවනේ... කට උත්තර අරන් උන්ගෙන්.... ඒත් ගැහුවේ කව්ද කියලා හොයන්න බෑ... උඹ දන්නවනේ ඩැනී අංකල් වැඩක් දුන්නොත්.“
“එතකොට සීන් එක දැන් ෂේප්...“
“නෑ..... ගිහාන්ගේ යාළුවෝ වගයක් දවසක් උඹලගේ තාත්තව වට කරලා පොඩි පාට් එකක් දාන්න.... ඒත් අවුලක් වෙලා නෑ... තාත්තා ෂේප් වෙලා ඇවිල්ලා. ඒත් දවස් කීපයකට පස්සේ උන් ඉන්න තැනටම ගිහින් කව්දෝ එකෙක් වෙඩි තියලා ඇවිත්...“
“මොකා.... කාටද වෙඩි තියලා තියෙන්නේ...?“
“කාටවත් ඒම් කරලා නෑ බං... අහකට වෙඩි තියලා තියෙන්නේ... මම හිතන්නේ බය කරන්න.. ඩැනී අංකල්ගේ වැඩක්.“
“දැන් ඕක කොතනින්ද බං නවතින්නේ...? අපේ තාත්තත් වැඩ වවාගන්නවනේ... ඌ මට ගැහුවා... දැන් ඌටත් ගහලා... තවත් මොනවද?“
“මම දන්නෑ කාවා.. හැබැයි ගිහානයා දැන්වත් කට වහගෙන නොඉඳ ආයෙත් උඹලගේ තාත්තට හරි ඩැනි අංකල්ට හරි ගේම ඉල්ලන්න ආවොත් ඌ මැරුම් කනවා. ඒක ෂුවර්.“
“දැන් ඌ දිලිනිට කරදර කරන්නේ නැද්ද?“
“මම හිතන්නේ දිලිනිගේ තාත්තා තාවකාලිකව ඌ එන එක නවත්තලා තියෙන්නේ.“
“ඇයි බං ගිහානයා ගොනා වගේ අපේ තාත්තයි, ඩැනී අංකලුයි එක්ක හැප්පෙන්න යන්නේ...?
“ඌත් උඹ වගේ තව එකෙක්, කියන දෙයක් අහන්නැති එකෙක්.. ඒකයි... මොනවා නැති වුනත් උඹලා දෙන්නම සිරාවට ඒකෙන් නම් ගැලපෙනවා. උඹටත් යමක් කිව්වට මළාට අහන්නෙ නෑනේ. ගිහානයත් ඒ වගේම තමා...“
 “යකෝ... ගිහාන්ට ගැහුවා කියලා ප්‍රශ්ණ විසඳෙන්නෑ... අපේ තාත්තා ඒක දන්නැද්ද?“
“උඹලා තාත්තා ඒක හොඳට දන්නවා... ඒ නිසා තමයි ගිහානයා තාම යහතින් ඉන්නේ...“
මම සෑහෙන වෙලාවක් කතා කරලා ෆෝන් එක තිබ්බා. සති හයක් මේක ඇතුළටම වෙලා ඉඳලා දැන් මට ඇති වෙලා.
ඒ නිසා මම ඩොක්ටර් යුවාගෙන් ඇහුවා.. “වෙන් කැන් අයි ගෝ අවුට්?“ කියලා.
“නොට් ඉමීඩියට්ලි... ඇට් ලීස්ට් එනද වන් මන්ත්.. යූ හැව්ටු ස්ටේ ඉන්.“
මළා... ඒ කියන්නේ තව මාසයක් මම මේක ඇතුලේ ඉන්න ඕනේද? දැන් නම් මට පිස්සු හැදෙන්න ළඟයි. ඒත් මොනව කරන්නද, ඩොක්ටර් කියන දේ නාහා වුන දේ නිසා දැන්නම් අහන්නම වෙනවා.
මාස දෙක හමාරකට පස්සේ තමයි මට ගෙදර යන්න පුළුවන් වුනේ. ඒකත් දවස් දෙකකට වතාවක් ඩොක්ටර් ළඟට එන්න ඕනේ ප්‍රතිකාර වලට.
ඒ නිසා තවත් මාසයක් ම මට සිංගප්පූරුවේ ඉන්න වෙනවා
සචියා කියපු විදිහට මේ වෙනකොට මගේ වැඩ වලට ලක්ෂ විසිපහක් විතර ගිහින් තියෙනවා. ඒ හැම සතයක්ම දිලිනි වියදම් කරපුවා. තව මාසයක් ඉන්නවා කියන්නේ තවත් ලක්ෂ විස්සක් විතර යයි. වෙලාවකට බයත් හිතෙනවා...
කොහොම වුනත් දිලිනි මට ඒ ගැන වචනයක්වත් කතා කරන්න දුන්නේ නෑ. ඒ නිසා තවත් මාස දෙකක් මම බෙහෙත් ගත්තා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මාස තුන හමාරක් මම සිංගප්පූරුවේ ගත කරලා.
තාමත් මට හොඳටම ඇවිදින්න බෑ. ඇස් වල පෙනීමයි, කන්වල ඇසීමයි නම් හොඳටම සනීප වුනා. කකුලේ හිරි වැටීම, ඔළුවේ කැක්කුම, ඒ කිසි දෙයක් අන්තිම මාස දෙක හමාර පුරාවටම ආවේ නෑ.
අන්තිමට මට ලංකාවට යන්න අවසර දුන්නේ ආයෙත් මාසයකින් ඩොක්ටර්ට පෙන්වනවා කියන පොරොන්දුව උඩ.

3 comments:

  1. ජීවිතේ සිද්ධවෙන එක පුංචි සිදුවීමක් මුලු ජීවිතයක් වෙනස් කරන හැටි. ඔය වලියට නොගියා නම් අද කාවාට කිසි අවුලක් නෑනෙ.
    දැන් දිනීගෙ තත්වෙ මොකද?
    ඇයි එයාට වචනයක්වත් නොකිව්වෙ එච්චර වැරැද්දක් කරලත්?

    ReplyDelete
  2. දිනි නිසා නෙවෙයි කාවින්ද ගුටි කෑවේ. දිනි කරපු වැරැද්ද කාවින්දගෙයි දිලිනිගෙයි සම්බන්දේ එළියට දාපු එක. ඒක කොච්චර ලොකු වැරැද්දක්ද කියලා දිනි තේරුම් අරන් වෙන්න ඇති සද්ද නැතුන ඉන්නේ.

    ReplyDelete