සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය!
මේ ආදරයයි!
137
පහුවෙනිදා
උදේ මම ඇහැරුනේ ඔළුවේ කැක්කුමක් එක්ක...
උදේ
නවය වෙනකොටත් මම ඇදෙන් නැගිට්ටේ නැති නිසා අම්මා කතා කළා.
“මොකද
දරුවෝ වෙලා තියෙන්නේ... දැන් නවයයි... නැගිටින්නේ නැද්ද...?”
“මගේ
ඔළුව රිදෙනවා අම්මා...”
“නැතුව
තියෙයිද රෑ දෙගොඩ හරියේ කනමදයා වගේ බීගෙන එනකොට.”
ඒ
කියන්නේ අම්මා සේරම දැනගෙන.. නැතුව තියෙයිද, කවදාවත් නැතුව මම කාර් එක හරියටම ගේ
ඉස්සරහ නවත්තලා, රෑ ඇඳගෙන හිටපු ඇදුමෙන්ම උදේටත් ඉන්නකොට.
කතා
කරලා තවත් ඒවා අහගන්න බැරි නිසා මම සද්ද නැතුව හිටියා.
අමාරුවෙන්
නැගිටලා උණුවතුරෙන් පැයක් විතර නාලා, ඇඳගෙන මම හොටෙල් එකට ගියා.
“මොකද
කාවා උඹ නිකං බීල වගේ... ඩෝප් පාටයි බං උඹ.”
සචියා
දැක්ක ගමන් කට කැඩිච්චි කතාවක් කිව්වා.
“උඹට
වැඩක් තියෙන දෙයක් හොයපං... කෝ අද ස්කෙජුල් එක...” මම මගේ පුටුවේ ඉඳ ගන්න ගමන්
ඇහුවා.
“දවස්
ගාණකට පස්සේ උඹ එන බව මම දන්නෙ නෑනේ... ඒ නිසා මම ඒක උඹේ ටේබල් එකේ තිබ්බේ නෑ..
පොඩ්ඩක් හිටපං අරන් එන්නම්.”
එදා
දවසම මම හොටෙල් එකේ ගත කළා.
හවස
හතර විතර වෙනකොට මට වැඩ කළා ඇති කියලා හිතුනා. කොහේ හරි යන්න කියල හිතාගෙන යතුර
අරන් කාර් එක ළඟට යනකොට මාලිකා කතා කළා.
“කාවින්ද,
ආයෙත් මාව අමතක වුනාද...ඝ ඊයේ මාව ඇරලුවාට පස්සේ දැන් මම කෝල් කරනකම්ම කතා කළේ නෑ
නේ...”
“වැඩ
තිබුණා මාලිකා... දවස් ගාණකින් හොටෙල් එකට ආපු නැති නිසා වැඩ ගොඩගැහිලා තිබුණා.”
“තාමත්
වැඩද?”
“දැන්
නම් ඉවරයි.”
“මාව
බලන්න එන්න බැරිද?”
“එන්නම්...
හයට ඔයාලා ගෙදර... ලෑස්ති වෙලා ඉන්න.”
හිත
කිසිම අරමුණක් නැතිව දුවනවා. මම මාලිකා ව රවට්ටනවද? දැන් දවස් කීපයකට කලින්
දිලිනිව හොයන්න මැලේෂියා යන්න හදපු මම අද දැන් මාලිකා එක්ක ආදරේ කරනවා. මට මාලිකා
දිලිනි තරම් දැනෙන්නේ නැති බව හොඳටම දැනගෙනත් මම එයාට බලාපොරොත්තු දෙනවා. ඇයි මම
මෙහෙම කරන්නේ...? මාලිකා කියන්නේ හරිම හොඳ කෙල්ලෙක්.
පහට
විතර මාලිකාව ගත්තට පස්සේ අපි දෙන්නා පාක් එකට ගිහින් ටිකක් කතා කර කර හිටියා. ඒත්
මගේ හිත කීකරු නෑ... මාලිකා කියන කිසිම දෙයක් මගේ හිතට ගියේ නෑ. බැරිම තැන මම යන්න
නැගිට්ටා.
“මාලිකා,
අපි යමුද? මට පොඩි ගමනක් යන්න තියෙනවා.”
“අනේ...
ඔයා කිව්වේ අද හවස වැඩක් නෑ කියලනේ...?”
“එහෙම
තමයි බබෝ හොටෙල් එකේ වැඩ... නොහිතපු විදිහට සප්ලයර් කෙනෙක් අම්බ වෙන්න වෙලා.”
“කමක්
නෑ, එහෙනම් අපි යමු.”
මාලිකාව
ගෙදරන් දිලා ආයෙත් මම නුවරට එනකොට හත හමාරට විතර ඇති.
කම්මැලි
කම යන්නත් එක්ක මොනව හරි කරන්න හිතාගෙන සචියට කෝල් කළා.
“සචියා
උඹ තාම හොටෙල් එකේද?”
“ඔව්
යකෝ... කියන්නෙවත් නැතුව උඹ කොහෙද ගියේ...?”
“මාලිකාව
හම්බ වෙන්න... ඒක නෙවෙයි වරෙන් දොඩංවල ගෙදරට... මොනව හරි කරමු.”
“අද
බෑ බං.... පට්ට මහන්සියි... මම හිතාගෙන හිටියේ හත වෙනකොට කාලා නිදාගන්න. හෙට
ෆන්ක්ෂන් එකක් තියෙනවානේ බං... ඒකට පාන්දර හතරට විතර නැගිටින්න වෙනවා.”
“හරි
හරි... ගොඩක් රෑ වෙන්නැතුව ඉවර කරමු...”
“ප්ලීස්
බං... අපි හෙට සෙට් වෙමු.”
“අවුලක්
නෑ බං... එහෙනම්...” මම ෆෝන් එක තිබ්බා.
ඊට
පස්සේ වාහනේ හරවගෙන දොඩංවල ගෙදරට ගියා. හැමදාම වගේ කාර් එක ඇතුලට දානකොට මගේ ඇස්
දිලිනිව හෙව්වා. ඉස්සර වගේ එයා දොර ගාව හිටගෙන ඉන්නවා දකින්න මගේ ඇස් ආසාවෙන්
හිටියා. ඒත් වෙනද වගේම ඒ ගෙදර හිස්.
ගේ
ඇතුලට ඇවිත් ටී.වී. එක දාගත්තත් වස කම්මැලියි. ඒ නිසා ආයෙත් ඇඳගෙන ටවුන් එකට ගියා.
සචියත් නැති එකේ, මම කෙලින්ම වාහනේ අජාගේ පොට් එකට හැරෙව්වා. වාහනේ දකිනකොටම අජාගේ
ගෝලයෙක් දුවගෙන ආවා.
“කාවින්ද
අයියා... මොකද මේ පැත්තේ...?”
“උඹට
අදාල නැති දේවල් හොයන්නේ නැතිව හිටපං... කෝ අජා...”
“ඉන්නවා...
ඇතුලේ...” එහෙම කියලා පොර මගේ දිහා බලාගෙන හිටියා.
“මොනවද
යකෝ කන්න වගේ මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ... ගිහින් කියපං මම ඇවිත් ඉන්නවා කියලා.”
මම
ටිකක් සද්දෙන් කිව්වා. ඒ සද්දෙටද කොහෙදෝ අජා එළියට බැස්සා.
“ආ...
කාවින්ද බොසා..... සද්දෙ ඇහිලා මම එළියට බැස්සේ මගේ තැනටම ඇවිල්ලා සද්දේ දාන එකා
කව්ද බලන්න... බැලින්නම් මේ ලොක්කනේ. ඒක
නෙවෙයි ඇයි මේ මාව හොයාගෙන මෙහේ ආවේ..?”
“විශේෂයක්
නෑ... එදා උඹ මට දුන්න ට්‍රීට් එකට අද මම එකක් අරන් ආවා. ස්කොච් එකක් තියෙනවා.
මොකද කරන්නේ...?”
“අම්මා...
එහෙම කියනකොට බෑ කියලා කොහොමද? බොසා ඒක අරගෙනම ආවද?”
“නැත්තං
යකෝ... ගෝලයෙක් යවලා රෝස් කුකුලෙක් ගෙන්න ගනින්...”
“යකෝ...
මේ දැන්ම සෙට් වෙන්නද යන්නේ...?”
“නැතුව
බල බල ඉන්න ඕනෙද?”
මම
එහෙම කියලා බෝතලේ එළියට ගත්තා.
“කාවින්ද
බොසා... මොකක් හරි ප්‍රශ්ණයක්ද?”
“ඇයි
උඹ අහන්නේ...?”
“නෑ
නිකං බොසා ව දැක්කම මට හිතුනා. අවුලක් නම් කියන්න... අපි ඕනේ ගේමකට උඹ වෙනුවෙන්
ඉන්නවා.”
“පිස්සු
නැතුව හිටපං බං.... කන්න මොනව හරි ගෙන්න ගනින්... මට අම්බානක බඩගිනියි...”
“කාවින්ද,
මම උඹට එකක් කියන්නම්... මේ එදා හිටපු කාවින්ද නම් නෙවෙයි.”
“ඇයි, වෙනදටත්
මම උඹලා එක්ක සෙට් වුනේ නැද්ද?”
“උනා
උනා... හැබැයි මේ වගේ හිටපු ගමන්, අවේලාවේ බොන්න උඹ කවදාවත් සෙට් වෙලා නෑ. මට ඇත්ත
කියපං, උඹ විහින් විනාස වෙන්න හදන්නේ ඇයි... සචියා මට කිව්වා උඹට කෙල්ලෙකුත්
සෙට් වෙලා කියලා බඳින්න... මොකක්ද තියෙන ප්‍රශ්නෙ?’
“මොකුත්
නෑ බං..”
“අර
ගිහාන් එක්ක පටලවගත්ත සීන් එකට මොකද වුනේ?”
“ඌ
මට කැත කතාවක් කිව්වා... මට මල පැන්නා. ඌට දෙකක් ඇනගෙන ඇනගෙන ගියා... කොහෙද මේ
යකාට කොල්ලෙක් එක්ක ගහගෙන වත් පුරුද්දක් නෑ බං. ගහන එකක් වත් කවර් කර ගන්නවත්
දන්නෑ... ඉතින් ඌට අම්බානක වැදුනා. අන්තිමට මේ යකා පොලිසි ගිහින්, මාව ඇරෙස්ට්
කළා.
“නෑ...
අම්මට හුඩු... එච්චර සීන් එකක් මම දන්නේ නෑනේ...?”
“උඹ
කොහේ දැනගන්නද බං. මාව ගත්තේ කටුනායක පොලිසියෙන්. කොහොම හරි පහුවෙනිදා වෙනකොට මම
එළියට ආවා.”
“නෑ....
මාර පොරක්නේ බං උඹ. උඹ ඉස්කෝලෙ යන කාලෙ කොහොම හිටපු එකෙක්ද බං... උඹලගෙ සෙට් එකේ ඉන්ටෙලිජන්ට් ම පොර උඹ. උඹලගෙ
උන් අපේ උන් එක්ක වලි දාගෙන, මමත් ඒවට එන්ටර් වුනාට පස්සෙත්, උඹ ඇවිල්ලා මටත් ඇඩ්‍රස්
නැති වෙන ටෝකක් දාලා උඹේ සෙට් එක අරන් යනවා. කවදාවත් උඹ වලියටකට නිකරුනේ සෙට් වෙලා
නෑ. උඹලගේ එවුනුයි අපේ එවුනුයි නුවරදි අවුරුදු ගාණකින් වලියකට සෙට් වෙලා නැත්තේ උඹ
නිසා. ඒත් දැන් උඹ අපි ඔක්කොටම වඩා වලියට යනවනේ. උඹට එකපාරටම අවුරුදු තුන හතරක්
ඇතුළත මොකද වුනේ බං....?”
“මේ....
ඔය විකාර පැත්තකින් තියලා වෙන දෙයක් කතා කරපං. මිනිස්සු වෙනස් වෙනවා... එච්චරයි.”
“මං
දන්නෑ කාවා... හැබැයි මම එකක් දන්නවා... උඹ මෙහෙම නාස්ති වෙන්න ඕනෙ එකෙක් නම්
නෙවෙයි.”
අපේ
කතාව රෑ එකොළහ විතර වෙනකං දැග්ගැස්සුනා. කතාව වගේම අනිත් දේවලුත් වැඩිවුනා.
මම
යන්න කල්පනා කරනකොට නැගිටගන්න බැරි තරමට වෙරි.
“කාවා...
උඹට යන්න බෑනේ... හිටපං මම ගෝලයෙක් එවන්නම්. ඌ උඹව දාලා එයි.”
“බෑ...
බෑ... මම කාර් එක අරන් යන්න ඕනේ අජා... උඹ හිතුවද මට වැඩී කියලා.. පිස්සු කෙලින්න
එපා...”
“නෑ
බොසා... මේ වෙලාවට පාරේ පොලිසියෙන් ඉන්නවා. නිකං ටිංකිරි ගාගන්න ඕනේ නෑනේ...
ගෝලයෙක් එක්ක පලයං. ඌ උඹවයි කාර් එකයි දාලා ත්‍රී වීල් එකක එයි.”
“පිස්සු
කෙලින්න එපා... මට මේ ගාණට බීලා වාහනෙත් අරන් යන්න බැරිනම් වැඩක්ද බං.. උඹ මං ගැන
එහෙම හිතන එකත් ලැජ්ජයි යකෝ... දීපං යතුර...”
“කියන
දේ අහපං....! මේ.... ඩිලන් මල්ලි... මේ කාවින්දව ගෙදර දාලා වරෙන්.. තව එකෙක් බයික්
එකක ගෙන්න ගනින්, උඹට ආපහු එන්න.”
මට
ඇහුනා අජා උගේ ගෝලයෝ දෙන්නෙක් එවනවා.
මම
කාර් එකට නැගලා සිගරට් එකක් පත්තු කරගත්තා...
කොහොම හරි ගෙදරට යන පාර පෙන්න ගත්තා. අන්තිමට මට මතක අජාගෙ ගෝලයෝ දෙන්නා
මාව ඇඳට දානවා විතරයි.
*********************************************************
නොකඩවා
දෙවෙනි දවසටත් මම උදේ නැගිට්ටේ හොඳටම ආමාරුවෙන්. ඔළුව රිදෙනවා පුපුරන්න තරම්. අදත්
හොටෙල් එකට යන්න ඕනෙ වුනත් මේ විදිහට නම් කිසිම දෙයක් කරන්න බෑ. මම ඇඳෙන්
නැගිටින්න වාරු නැතුව ආයෙත් ඇඳටම වැටුනා.
ඇඳ
ලඟ තිබුණ වතුර බොතලෙන් බාගයක්ම බීලා මම ආයෙත් නිදා ගත්තා.
ආයෙත්
මට ඇහැරුනේ සචියා දොරට ගහන සද්දෙන්.
“වරෙන්...
දොර ඇරලා...” මම කිව්වා.
“මොනවද
බං කරන්නේ...? උඹ අද එනවා කියලා බලාගෙන හිටියා එක වෙනකං... බැරිම තැන තමා අපි
හොයන්න ආවේ... උඹේ ෆෝන් එකත් ඕෆ් කරලා.”
සචියා
එහෙම කියාගෙන ඇතුලට ආවා. ඒත් මාව දැක්ක ගමන් ඌ ගල් ගැහිලා වගේ නැවතුනා.
“මොකද
බං... බයවෙලා වගේ...?”
“බය
වෙන්නේ නැද්ද බං උඹ ඉන්න විදිහ දැක්කහම... මූණේ ලේ කඳුලක් නෑ.... කම්මුල්
මිරිකුවොත් බෝතල් බාගයක් විතර පෙරා ගන්න පුළුවන්... උඹ කොහෙද බං රෑ තිස්සේ ගිහින්
බොන්නේ...”
“මේ
උඹ ආවේ මාව හොයන්නනේ.... දැන් හම්බ වුනානේ... අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැතුව
හිටපං.”
“ඇත්ත
කියපං... උඹ ඊයෙ රෑ මට කෝල් කරාට පස්සේ මොකද වුනේ?”
“මොකුත්
නෑ... උඹ එන්න බෑ කිව්වනේ... මං ලඟ විස්කි එකක් තිබුණා. තනියම කරන්න බැරි එකේ මම
අජා එක්ක සෙට් වුනා.”
“උඹ
ඌත් එක්ක පෙරේදත් සෙට් වුනා. මොකද බං උඹට වැහිලා තියෙන යකා... අජා උඹට ආදරේට ද
එන්නේ... උඹත් ගොනා වගේ ඌට බොන්න දෙනවා.”
“අජා
නරක එකෙක් වෙන්න ඇති. ගේමක් ගහලා කීයක් හරි හොයා ගන්න එකෙක් තමයි. හැබැයි
ඌ අවංකයි... බොරු කියන්නෑ....”
“අනේ
උඹේ අවංක යාළුවා... උඹට දැන් අපිට වඩා ඌ ලොකු වෙලා... ඔහොම ටික කාලයක් ගියොත්
පුතේ උඹත් වළේ තමා.”
“හරි
හරි... බන කියන එක නවත්තලා උඹ ඇයි ආවෙ කියපං.”
“ආවෙ?
උඹට මොකද වුනේ කියල බලන්න. ටික දවසක ඉඳලා උඹ ආයෙත් වෙනස් වෙලා... එදා දිනි කෝල්
කළාට පස්සෙ තමයි උඹ ආයෙත් පිස්සු නටන්න පටන් ගත්තෙ. ඕකි ආවොත් ලෙඩක්, කෝල් කළත්
ලෙඩක්...!”
මම
සද්ද නැතුව හිටියා.
“මට
ඇත්ත කියපං කාවා, උඹේ හිත ඔය විදිහට සැරෙන් සැරේ වෙනස් වෙනකොට කොහොමද බං උඹ කසිම
දෙයක් එක දිගට කරන්නේ? උඹ මාලිකාට එකක් කියනවා, අම්මට තව එකක් කියනවා, අපිට
තව එකක් කියනවා. අන්තිමට අපි හැමෝටම බොරු කියලා දිලිනි හොයන්න යනවා. මොකක්ද බං
මේකෙ තේරුම... දැන් අපි තාම ඉස්කෝලෙ යන උන් නෙවෙයි බං. අවුට් වෙලත් අවුරුදු පහක්
විතර ගිහින්..”
“ඉතින්
උඹ මට මොකක්ද කරන්න කියන්නේ...?”
“ටිකක්
තදින් හිතලා එක තීරණයක් ගනින්. ඊට පස්සේ ඒකට වැඩ කරපං... නිකං වැනි වැනී ජීවිතේ
නාස්ති කර ගන්නෙ නැතුව. උඹ දිලිනිව හොයන්න ගියා. අන්තිමට ඒ වැඩේ කරගන්න බැරිවුනා.
දැන් එක එකා එක්ක බොනවා හැමදාම රෑට... ඔය වැඩෙන් උඹේ එක ප්‍රශ්ණයක් වත් විසඳෙන්නේ
නෑ බං. අපරාදේ... උඹ ඇමරිකාවෙම ඉන්න තිබුණේ... එහෙම වුනා නම් අඩු ගාණෙ උඹ මෙහෙම
නාස්ති වෙන එක නවතිනවා.”
“සචියා,
බණ කියවන්න එපා බං... මම දවස් දෙකක් සෙට් වුනා තමයි.... ඒක එච්චරයි... ඕක ඔච්චර
සීරියස් ගන්න එපා බං... වරෙන් යන්න දැන් හොටෙල් එකට. මම නාල එනකං ෆ්‍රිජ් එකේ
බියර් එකක් ඇති.”
“මගුලක්
කතා කරනවා. මෙච්චර වෙලා තොට බොන්න එපා කිව්වා. දැන් තෝ මට කියනවා බීපං කියලා.
ඉක්මනට නාල වරෙන් මට පිස්සු හැදෙන්න කළින්.”
සචියා
කිව්වා.
“විනාඩි
දහයක් දීපං මචං...”
මම
බාත් රූම් එකට ගියා. සචියා තරහ කරගන්න බෑ මොනව වුනත්. ඌ හොඳ එකා.
දවසම
හොටෙල් එකේ වැඩ කරලා රෑ අට විතර වෙනකොට මම වැඩ ඉවර කරලා කාමරේට ආවා. එදා දවසේ
හොටෙල් එකේ නවතින්න හිතුවේ ගෙදර ගියොත් ඉන්න බැරි තරම් වස කම්මැලිකමක් තිබුණ නිසා… මොන
කරුමයක්ද මන්දා, දැන් දවස් කීපයකට කළින් දිනි, තාරුකා ගැන මතක් කරපු වෙලාවෙ ඉඳල මට
හැම දෙයක්ම එපා වෙලා. අඩු ගාණේ මාව පොලිසියෙන් එළියට ගන්න අච්චර ලොකු දෙයක් කරපු
මාලිකා ට කතා කරන්න වත් මට හිත නැහැ. එයත් වදයක් වගේ මට දැනෙනවා.
මම
කාමරේට එනකොටම සචියත් පස්සෙන් ආවා.
“මොකද
බං උඹ මෙලෝ රහක් නැතුව...” සචියා ඇහුවා. “මම දවල් ඉඳලා බලාගෙන උඹ වැඩ කළාට ඉන්නේ
මෙහේ නෙවෙයි.”
“මට
තේරෙන්නේ නෑ සචියා... එපා වෙලා යකෝ තියෙන්නෙ ජීවත් වෙන එකත්. ඇමරිකාවටවත් යන්න
හිතුවා. ඒත් අර මගුල් නඩුවක් නිසා ඒකත් කරන්න බෑ.”
“උඹට
ඇත්තටම පිස්සුද බං, ජීවිතේ එපා වෙන්න තරං උඹට මොන ප්‍රශ්ණද බං. මේ ලෝකෙ ප්‍රශ්ණ
තියෙන මිනිස්සු ගත්තහම උඹට මොනවද බං අඩු?”
“මං
දන්නෑ බං... මේ ඉඳිල්ල ඇති වෙලා. ජීවිතේ අරමුණක් නෑ වගේ... අද නිදාගත්තට පස්සෙ හෙට
මොනවද කරන්නෙ කියලා ෂුවර් නෑ...”
“උඹට
නම් සීරියස් අවුලක් තියෙනවා කාවා. ඇයි බං... උඹ මේ හොටෙල් එක බලන්න ඕනෙ... ඊට
පස්සේ මාලිකා ව බදින්න පොරොන්දු වුන එක... උඹ ඒ වෙඩින් එකට ලෑස්ති වෙන්නෙ නැද්ද?”
“පිස්සුද
යකෝ... දැන් මාලිකාගේ අම්මා මට කැමති නෑ... මූණට හම්බ වුනාම බෑ කියන්න බැරි
නිසා පුතා කියලා කතා කළාට මට තේරෙනවා බං... අනිත් එක මාලිකා හොඳ කෙල්ල වුනාට මට
එයාව ෆීල් වෙන්නෙ නෑ බං. මට දිලිනිව ඕනේ...”
“අන්න
ඕක තමා හැම දේටම මුල. මචං... මිනිස්සුන්ගේ ජීවිත වල බලාපොරොත්තු වෙන හැම දෙයක්ම
අයිති කරගන්න බෑ. නැති වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒවා නැතිවුනා කියලා ජීවිතේ නැති
කරගන්න බෑනේ... අළුත් දේවල්, අළුත් අරමුණ අපි ඇති කරගන්න ඕනේ. එහෙමයි යකෝ ජීවිතේ
ගෙවෙන්නේ... හරි නම් උඹයි මේව මට කියන්න ඕනේ... මොකද බං උඹට වුනේ?”
“යකෙක්
ගහල බං...” මම කිව්වා. “ඒක නෙවෙයි බං... උඹ අද මෙහෙ ඉන්නෙ නැද්ද?”
“නැ
කාවා... ගෙදර යන්න ඕනෙ... අම්මා කිව්ව එන්න කියලා.” සචියා කිව්වා “මම සති දෙකකින්
විතර ගෙදර ගියේ නෑ.”
“අවුලක්
නෑ පලයං...”
සචියා
ගියාට පස්සේ මම ආයෙත් තනිවුනා. ටික වෙලාවක් ගතවෙන කොට මාලිකා කතා කලා.
“කාවින්ද,
කෝල් එකක්වත් දෙන්නේ නෑ නේද මට?”
“වැඩ
බබා...” මම කිව්වා. “මේ දවස් වල ටිකක් වැඩ වැඩී. මම ඔයාව බලන්න එන්නම් හෙට.”
“ඉතින්
කොහොමද?” මාලිකා ඇහුවා. “ඔයාට මාව මතක් වුනේ ම නැද්ද?”
“නැත්තෙ
මොකද? ඒත් එන්න විදිහක් තිබුණේ නැහැනේ. අනික ඔයා දන්නව නේ මම ඔය ෆෝන් එකෙන් වැඩිය
කතා කරන්න කැමති නෑ කියලා.”
“හරි
හරි... සමාව දුන්නා. එහෙනම් හෙට එනවද?”
“ෂුවර්...
දැන් ඔයා ඩිනර් අරගෙනද ඉන්නේ මාලිකා?”
“තාම
නෑ... ඔයා කොහෙද ඉන්නේ... හොටෙල් එකේද?”
“ඔව්...”
“එහෙනම්
නිදා ගන්න... බායි...”
මාලිකා
ෆෝන් එක තිබ්බා.
කම්මැලි
කම යන්නත් එක්ක නවයට විතර මම වාහෙනේ අරන් නුවර ටවුන් එකට ගියා. ඉස්සර නම් රෑ දහයට
හරි ටවුමට ආවොත් දන්න කියන කව්රු හරි ඉන්නවා. ඒත් දැන් ඉන්නේ අපි දන්න උන් නෙවෙයි. දන්න එකෙකුට දැන් ඉතුරු
වෙලා ඉන්නේ අජා විතරයි. අජාගේ ගෝල බාලයෝ නම් රැයක් දවාලක් නෑ මුළු මහනුවර දිස්ත්‍රික්කයේම
ඇවිදිනවා.
එදත්
මම ලේක් ෆ්‍රරන්ට් එක ළඟ කාර් එක නවත්තලා ටිකක් වෙලා වැව දිහා බලාගෙන ඉන්නකොට
අජාගේ ගෝලයෙක් ආවා.
“ඒ...
මෙහෙ වරෙන් බං...” මම කතා කළා.
“ආ...
මේ කාවින්ද බොසානේ... මොකද මේ රෑ වෙලා...?”
“ගෙදර
යන ගමන්... ඒක නෙවෙයි... අජා ඉන්නවද පොට් එකේ...”
“මම
හිතන්නෙ ඇති. බලාගෙන එන්නද?”
“නෑ
එපා... මම ගිහින් බලන්නම්.” එහෙම කියලා මම වාහනේ හරවගෙන අජාගේ පොට් එකට ගියා.
“කාවින්ද
මල්ලි... එන්න එන්න...!” සුපුරුදු විදිහට අජා මාව පිළිගත්තා.
“උඹ
අද ගෙදර යන්නෙ නැද්ද බං?” මම ඇහුවා.
“යන්න
ඕනෙ බං... හෙට පොඩි ඩීල් එකක් තියෙනවා. ඉඩම් බ්‍රෝකර් වැඩක්... එකේ සමහර
ඩොකියුමන්ට් අඩුයි වගේ බං... මම මේ ඒව බැලුවා.”
“මේ
අජා.... උඹ ඇත්ත කියපං.... දැන් උඹ ඉස්සර වගේ ජල්තර වැඩ කරන්නෙ නැද්ද? සිරාවටම බ්‍රෝකර්
වැඩ විතරද කරන්නේ?”
“ඔව්
බං... ගේම් අතෑරියා. දැන් කාලේ ඒව හෙන රිස්කි වැඩ බං. අපි වගේ නෙවෙයි පාතාලෙ
උන්... උන් එක්ක හැප්පුනොත් ඔළුව කුඩු වෙන්න එකක් කන්න තමා වෙන්නේ.”
“උඹ
ඒ කියන්නේ බඩු සප්ලයි කරන එකත් නැවැත්තවා?” මම ඇහුවා. “දැන් මොනවත්ම නැද්ද?”
“නෑ
බං... සිරාවට.... බලපංකෝ ඒකනේ බං හත වැදිලා ඉන්නේ... මේ බ්‍රෝකර් වැඩ කරලා ගොඩයන්න
බෑ බං. මගේ කොල්ලෝ ටික රට වටේ ගිහින් ඉඩම්, ගෙවල්, වාහන හොයලා කියනවා. මම ඉතින් සෙලර්ස්ලයි,
බයර්ස්ලයි අතර ගේමක් ගහලා කීයක හරි හොයා ගන්නවා.”
“එතකොට
ණය කාරයෝ අල්ලන සීන්?”
“අම්ම
යකෝ.... ඒව නම් ටිකක් තියෙනවා. අපිත් කීයක් හරි හොයාගන්න එපැයි. මම වාහන සීස් කරන
සීන් එකකුත් අල්ල ගත්තා. ඒත් දැන් වාහන කාරයෝ අපිට වඩා ගේම් කාරයෝ බං... අපි
හැරෙනකොට උන් දන්නවා මොකාටද එන්නේ කියලා.”
“ඒ
කියන්නෙ ජීවිතේ අමාරුයි.”
“කියල
වැඩක් නෑ.. මේ ළඟදි පොඩි කන්ට්‍රැක්ට් වලියකට ඉස්කෝලෙ යන පොඩි එකෙක් බය කරන්න මම
ගෝලයෝ දෙන්නෙක් යැව්වා. යන්තම් එකොළහ වසරේ උන්... යකෝ උන් කොල්ලෝ නෙවෙයි තාත්තලා.”
“ඇයි...
මොකද වුනේ?”
“යකෝ
උන් ටික සෙට් වෙලා මගේ ගෝලයෝ දෙන්නට නෙලලා ඉස්ම පනින්න. දැන් ඉන්න පොඩි එකෙක්වත්
අපිට බය නෑ බං.”
මට
හිනා ගියා අජා කියපු කතාවට.
“ඒක
නම් ඇත්ත බං. ඉස්සර අපි නුවර බැහැපු තැන් වල දැන් පොඩි කොල්ලෝ රංචු පිටින්. උන්
එක්ක හැප්පෙන්න ගියොත් අපිට කන්නම වෙනවා. යකෝ අපි රන් කරපු තැන් වලට දැන් අපිටම
යන්න බෑ.”
“මොනව
කරන්නද කාවින්ද මල්ලි? ජීවිතේ හැටි තමා බං. අපිත් ඉතින් ඉස්කෝලෙ යන කාලේ උඹල වගේ
ඉගෙනගත්තෙ නෑ. ඒකේ පාඩුව දැන් තමා දැනෙන්නේ... හැමදාම ගේම් ගහල ජීවත් වෙන්න බෑ.
අඩු ගාණේ ඒ. ලෙවල් වත් එස් හතරක් දාගෙන පාස් වෙලා තිබුණනම් ඔෆිස් එකක පියන් වැඩක්
හරි හොයාගෙන දෙයියනේ කියලා ඉන්න තිබුණා.”
කතාව
නිසා වෙලාව යනවා මට දැනුනේ නෑ.
“අජා...
මම යනවා... උඹට මොනව හරි උදව්වක් ඕනෙ නම් කියපං. ඒ දවස් වල උඹ මට කරපු උදව් අමතක
නෑ. උඹට සිරාවටම ඕනෙ නම් හොටෙල් එකේ ජොබ් එකක් දෙන්නම්.”
“බලමු
මල්ලි... මට එකපාරටම එහෙම හා කියන්න බෑ... දන්නවනේ අවුරුදු ගාණක් මාත් එක්ක හිටපු
දෙතුන් දෙනාට යන එන මං නැති කරල මම විතරක් ගොඩ ගිහින් බෑනේ. බලමු... උන්ටත් මොනව
හරි සෙට් කරල ඉවර වෙලා මම උඹ ළඟට එන්නම්.”
“අවුලක්
නෑ... අජා.... උඹට ඕනෙ වෙලාවක....” මම කිව්වා. “මම එහෙනම් යනවා.”
“පරෙස්සමෙන්
පලයං...” අජා කිව්වා.