සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
පහුවෙනිදා
උදේ මම නැගිටිනකොටම කෝල් එක මාලිකාගෙන්.
“කාවින්ද,
ගුඩ් මොනින්..“
“වෙරි
ගුඩ් මෝනින් මැඩම්.. මොකද මේ පාන්දරම, නිදාගන්න වත් දෙන්නේ නෑ.“
“අනේ
සොරි... ඔයා නිදාගෙනද හිටියේ..?“
“ඔව්
හලෝ..... මොකද මොකක් හරි වැදගත් දෙයක්ද...?“
“නෑ
නිකං... ඔයාට හායි කියන්න හිතුනා.“
“ඒ
මොකද?“
“දන්නෑ
කාවින්ද.... මට දැන් හැම වෙලාවෙම් මතක් වෙන්නේ ඔයාව.“
මළ
කෙළියයි..... මට හිතුනා. මෙයත් එන්නේ අමුතු ලයින් එකකින්.
“ඇයි
මාව මතක් වෙන්නේ?“
“මට
හිතාගන්න බෑ කාවින්ද... ඔයා අනිත් පිරිමි ළමයි වගේ නෙවෙයි... හරි වෙනස්. ඒ වෙනසට
මට ආසා හිතෙනවා.“
“මොකක්ද
වෙනස...“
“ඒකත්
කියන්න තේරෙන්නේ නෑ...“
“තේරෙන්නේ
නැති දේවල් තව කෙනෙකුට කියන්න එපා... ඔයා අමාරුවේ වැටෙනවා. ඒක නෙවෙයි මාලිකා ඔයා අද දවස මොකද කරන්නේ....
වැඩද?“
“වැඩ
නම් තමා.... ඒත් ඔයා කිව්වොත් නිවාඩුවක් දාන්න පුළුවන්.“
“ඒ
මොකටද?“
“කියන්න
දන්නෑ... සමහර විට ඔයාට මාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ වුනොත් එහෙම.... මට ප්‍රශ්ණයක්
නෑ නිවාඩුවක් දාන එක.“
මෙයත්
කපටි නෑ වැඩිය. මට හිතුනා.
“නිවාඩුවක්
ගන්න ඕනෙම නම් ඉතින් ගන්න... මම එන්නම්කෝ එක්කන් යන්න..“
“කොහේද?“
“ම්.....
කැමති තැනක් කියන්න....“
“ඔයා
කියන ඕනෙ තැනකට මම එන්නම් කාවින්ද... ඔයා කියන්නකෝ හොඳ තැනක්.“
“බය
නැද්ද මම කියන ඕනේ තැනකට එන්න?“
“නෑ
කාවින්ද... ඔයා එක්ක කොහේ ගියත් මට බයක් දැනෙන්නේ නැහැ. මට කරදරයක් කරන්න බැරි
තරම් ඔයා හොඳයි.“
මාලිකා
එහෙම කියනකොටම මාව ගැස්සිලා ගියා. මේ කතාවම මීට කාලෙකට කළින් තවත් කෙනෙක් කිව්වා.
අන්තිමට එයා මගේ ජීවිතේට ඇවිත්, ආදරේ කරලා, මගේ මුළු ජීවිතේටම අමතක නොවන මතකයක්
තියලා ගියා. දැන් මාලිකාත් ඒ කතාව ඒ විදිහටම කියනවා.
“කාවින්ද
ඇයි කතා නැත්තේ?“
මාලිකා
එහෙම කියනකොට මම කල්පනාවෙන් මිදුනා.
“ආ
නෑ.... ඔයා කොහොමද ඒ තරම් විශ්වාස කරන්නේ?
මාව දැනගෙන කී දවසද, අනිත් එක ඔයා මං ගැන දන්නේ බොහොම ටිකයි.“
“කාවින්ද,
කෙල්ලෙකුට කොල්ලෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න අවුරුදු ගාණක් ආශ්‍රය කරන්න ඕනේ නෑ.
දවස් දෙක තුනක් ළඟින් ආශ්‍රය කළා නම් ඇති. හැබැයි ඒ බොරුවට නෙවෙයි.“
“හරි
හරි අපි පස්සේ කතා කරමු ඒ ගැන. මම තියනවා.“
“ඉන්න
කාවින්ද.. මම අද නිවාඩු දාන්න එපාද?“
“අද
එපා... මට වැඩ කීපයක් තියෙනවා.“
“එහෙනම්
බායි.“
මම
ෆෝන් එක තියනකොට අම්මා පිටිපස්සේ.
“අර
දරුවා නේද කතා කළේ?“
“මොන
දරුවද?“
“මාලිකා
දුව.“
“අම්මාට
දැන් එයා දුව වෙලාද?“
“නැත්තං...
ඒ වගේ දරුවෙක් තමා මගේ දුව නෙවෙයි ලේලි වෙන්න ඕනේ. කොච්චර හොඳ කෙනෙක්ද?“
“අනේ
අම්මා මේ...“
“විහිළු
නෙවෙයි. මොනවද කිව්වේ?“
“එයා
නිවාඩුවක් දාලා එන්නද අහනවා මාත් එක්ක ටිකක් කතා කර කර ඉන්න.“
“ඉතින්
ඔයා මොකද කිව්වේ?“
“අම්මට
පිස්සුද.. මම කිව්වා බෑ කියලා.“
“ඒ
මොකද...? හරි නරකයි පුතා ඔයා. දැන්ම අරන් කියන්න ඒ දරුවට ඔයා එනවා කියලා. දෙන්නත්
එක්ක ටිකක් හම්බවෙලා කතා කරන්න. ඔය දෙන්නා දැන අඳුරගෙන ඉන්න එකෙන් නරකක් වෙන්නේ
නෑනේ.“
“දැන්?“
“ඔව්...
කියන්න ඔයා එනවා කියලා.“
“බෑ
අම්මා.. මට බෑ.“
“මේ
විකාර කියන්න එපා. ඔයාට බැරිනම් මම කතා කරනවා.“
“එහෙනම්
අම්මම යන්න.“
“ඒ
වගේ කෙනෙක් කතා කළොත් තමා බැරි නේද?.... ඉස්සර ගෙදර ඉන්න වෙලාවක් නෑ කෙල්ලෝ එක්ක
රස්තියාදු ගහනවා. හරි හමන් එකියක් එක්ක නම් කමක් නෑ.“
අම්මා
එන පොට හොඳ නෑ කියලා තේරුන නිසා මම කතාව වෙනස් කළා.
“අම්මා...
මම වෙන දවසක එයාව හම්බවෙන්නම් කෝ...“
“නෑ
නෑ.... ඔයා අදම යන්න.“
අම්මගේ
පෙරැත්තෙන් බේරෙන්න බැරිම තැන මම මාලිකාට ආයෙත් කතා කළා.
“මාලිකා...“
“කියන්න
කාවින්ද.“
“නිවාඩුවක්
දාන්න තාම පුළුවන්ද?“
“බැරි
නෑ. ඇයි ඔයාගේ වැඩ ඉවරද?“
“ඉවරයි...
මට දහයේ ඉඳන් වැඩක් නෑ... මම එකොළහට එන්නම් ඔයාව ගන්න. ලෑස්ති වෙලා ඉන්න.“
“හරි.“
“ඔයා
අහන්නේ නැද්ද කොහෙද යන්නේ කියලා.“
“නෑ....
මම කළිනුත් කිව්වනේ... ඔයා එක්ක යනකොට එහෙම අහන්න උවමනා නෑ.“
“ඒ
වුනාට මම කියන්නම්. අපි ලන්ච් එක ගමු. අම්මට කියන්න ඔයා කෑමට එන්නේ නෑ කියලා.“
“ෂුවර්.“
මම
ෆෝන් එක තිබ්බා.
දිලිනි
හැංගුනාට පස්සේ, ඇමරිකාවෙදිවත් කෙල්ලෙක් දිහා බලන්න එපා වුන මට මේ මොකද වෙලා
තියෙන්නේ? මගේ හිතේ දිලිනිට වෙන් වෙලා තියෙන ඉඩ මෙයා ටිකෙන් ටික ආක්‍රමණය කරනවා
වගේ.
නෑ
එහෙම වෙන්න බෑ... දිලිනිට එහෙම ලේසියෙන් මගේ හිතෙන් අයින් වෙන්න බෑ. මුලින්ම මට
ආදරේ ගැන කියලා දුන්නේ එයා. මාව ආදරෙන් පුරවලා, පිස්සු නටපු දඩබ්බර කාවින්දව
අරමුණකට යොමු කළේ එයා. අවුරුදු ගාණක් ඇමරිකාවට වෙලා, තනි වෙලා ඉගෙන ගෙන ඉවර කරන්න
අරමුණක් දුන්නේ දිලිනි.... මොනවත් නැතුව හිටපු මාව ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ මේ
තැනට ගෙනාවේ දිලිනි. දැන් මම තැනකට ආවට පස්සේ, එයාට එහෙම නිකම්ම හැංගිලා යන්න බෑ.
කවදාහරි මට දිලිනි හම්බ වෙයි.
හදිසියේම
ආපු මේ සිතුවිල්ල නිසා මම දිලිනිගේ හොඳම යාළුවා වුන ශලිනිට කොල් එකක් ගත්තා.
“නෑ
කාවින්ද.. අයි ඈම් සොරි... තාරුකා ගැන කිසිම ආරන්චියක් නෑ.“
“ශලිනි
ඔයා කියන්නේ මට බලාපොරොත්තු අතෑරගන්න කියලද?“
“ඔයාට
මොනවත් කියන්න මට බෑ. තාරුකා ලේසියෙන් එහෙම දෙයක් ගිව්අප් කරන කෙනෙක් නෙවෙයි. එයා
හැංගිලා ඉන්න මොකක් නමුත් ලොකු හේතුවක් ඇති.“
“ඉතින්
ඇයි එයාට ඒක මට කියන්න බැරි. මම කව්ද එයාගේ. අපි දෙන්නා ආදරේ කළා. මටත් අයිතියක්
තියෙනවා දැනගන්න.“
“කාම්
ඩවුන් කාවින්ද.. මම පිළිගන්නවා ඒක.... ඒත් තාරුකා කියන්නේ හරිම වෙනස් කෙනෙක්. තද
හිතක් තිබුණ කෙනෙක්. ඉස්කෝලේ යන කාලෙදි වුනත් කිසිම දේකින් එයාගේ ගෝල් එකට යන එක
නවත්තන්න බැරි වුන කෙනෙක්. අනිත් එක එයා කරන දේ කිය කිය කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයා දැනුත් මොනවා කරන්න හිතාගෙන ඉන්නවද
කියලා අපි දන්නෑ.“
“ඔයා
දැනගෙන මට බොරු කියනවා නෙවෙයි නේද?“
“නෑ කාවින්ද...
ඔය දෙන්නා එකතුවෙනවා දකින්න වෙන කාටත් වඩා කැමැත්තෙන් හිටපු කෙනෙක් මම. ඔය දෙන්නා
තරම් ගැලපෙන ලස්සන කපල් එකක් මම දැකලා නෑ කියලා දවසක් මම කිව්වා මතකද....? එ්ක
තාමත් එහෙමයි. මට පුළුවන් දෙයක් නම් මම පණ දීලා හරි කරනවා. තාරුකා ඒ තරම් මට ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක්.“
“එහෙනම්
මම තියනවා ශලිනි. එනිවේ තෑන්ක්ස්...“
“වෙල්කම්...
බායි දෙන්.“
මම
ඔය ටික කියලා ෆෝන් එක තියනකොට සචියා එතන.
“මොකද
යකෝ... උඹ හොල්මනක් වගේ මගේ පස්සෙම. තෝ අද වැඩට ගියේ නැද්ද?“
“නෑ
බං.. අයියට කියලා නිවාඩුවක් ගත්තා උදේ වරුව. ඒක නෙවෙයි කාවා.. උඹ තාම තාරුකා ගැන
හොයන එක නවත්තලා නෑ නේද?“
“ඇයි?“
“ශලිනිට
නේද කතා කළේ..?“
“ඔව්...“
“මොකද
කියන්නේ?“
“ආරංචියක්
නෑ බං.“
“ඒකනේ
කාවා. අපි කියලා මොනව කරන්නද?“
“කරන්න
නම් එක දෙයක් තියෙනවා.“
“කියපං.“
“තාරුකා
ගැන ආරංචියක් දැනගන්න නම් කරන්න තියෙන්නේ තව එක දෙයයි...“
“මොකක්ද?“
“ගිහානයා
මේ දවස් වල ඉන්නේ ලංකාවේ.“
“ඉතින්..“
සචියා බය වෙලා වගේ බලන් ඉන්නවා.
“ඉතින්
කියන්නේ උගෙන් අහන්න වෙනවා.“
“උඹට
කියයි ඌ මේං කියලා.“
“නෑ
තමයි. ඒකට කරන්න තියෙන්නේ එක දෙයයි. හොදින් බැරිනම් නරකින් අහන්න වෙනවා.“
“කියපංකෝ
උඹ කොහොමද ඒක කරන්න යන්නේ කියලා.“
“ඌ මට
දුන්න බේතම ඌට අපි දෙමු.“
“මොකක්...?“
“කරන්න
තියෙන්නේ ඌව උස්සන එක.“
“මොකක්....
යකෝ උඹට පිස්සුද..... මේක ඇමරිකාව කියල හිතුවට හිතුව වෙලාවට මිනිස්සු උස්සන්න.“
“කරන්නම
වෙනවා බං... ඌව උස්සලා කරුණාවෙන් අහමු. කිව්වේ නැත්තං ඒ විදිහට අහමු.“
“කාවා...
මම එදත් කිව්වා.. ගිහාන් කියන්නෙත් උඹ වගේම නාහෙට අහන්නේ නැති එකෙක්... උඹ මොනව
කරත් ඌ බය වෙන්නේ නෑ... කියන දෙයක් අහන්නෙත් නෑ.. උඹ ඔය හදන්නේ මේ කූල් වෙලා තියෙන
සිටුවේෂන් එක ආයෙත් පත්තු කරන්න. හැබැයි පුතෝ මේ සැරේ නම් උඹගේ තාත්තා ඉවසන එකක්
නෑ... මම කිව්වා වගේ උඹලා දෙන්නගෙන් එකෙක් සීන් එකෙන් අයින් වෙලා වැනිෂ් වෙනකම්ම
සීන් එක ඇදෙනවා ෂුවර්. ඊට පස්සේ ඉතින් කී දෙනෙක් ඇතුලට යයිද, කී දෙනෙකුට සුදු
කොඩි දාන්න වෙයිද කියලා කියන්න අමාරුයි.“
“අපි
කාටවත් අහු නොවෙන්න හොරෙන් කරමු.“
“කාවා...
උඹ සීරියස් වෙන්න බෑ... යකෝ අපි පාතාලේ නෙවෙයි එහෙම හිතුන හිතුන ගමන් මිනිස්සු
උස්සන්න.“
“උඹට
එන්න කිව්වේ නෑ මම... මම අජා එක්ක වැඩේ කරන්නම්. ඌ ගේමට සෙට් වෙයි.“
“කාවා..
පිස්සු කෙලින්න එපා.... උඹ දැන් අර මාලිකා එක්ක ටිකක් ආශ්‍රය කරලා, ඒක කරගන්න
බලපං... පිස්සෙක් නොවී.“
සචියා
එහෙම කියනකොටයි මට මතක් වුනේ.. එකොළහට මම කෙල්ලව ගන්න යන්න ඕනේ.. දැන් වෙලාව
දහයයි.
“මචං...
මට දැන් යන්න ඕනේ කෙල්ලව ගන්න... මම හවස් වරුවේ හොටෙල් එක පැත්තේ එන්නම්. සිකුරාදා
නිසා ටිකක් සෙට් වෙමු.“
“මොන
කෙල්ලද?“
“මාලිකා...
මම කෙල්ලව ලන්ච් එකකට එක්ක යනවා කියලා පොරොන්දු වුනා.“
“උඹට
සිරාවට පිස්සුද බං.. දැන් විනාඩියකට කළින් තාරුකා ගැන හොයාගන්න එකෙක්ව උස්සන්න කතා
වුනා... දැන් කියනවා මාලිකා එක්ක ලන්ච් යනවලු. මොනවද බං උඹ කියන්නේ?“
සචින්තගේ
ප්‍රශ්ණෙට උත්තරයක් නොදීම මම බාත් රූම් එකට ගියා. පැය බාගයකදි මම නාලා, ඇඳුමක්
දාගෙන මාලිකාගේ ගෙදර යන්න පිටත් වුනා.