සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
119.
දවස්
කීපයක් ගතවුනා.
මාලිකාගේ
අශ්‍රය නිසා මම ටිකෙන් ටික පරණ තත්වෙට ආවා. අම්මගේ පෙරැත්තය නිසා මම තව මාසයක්
ලංකාවේ ඉන්න තීරණය කළා.
එරංග
අයියගේ හෙටෙල් එක පටන් අරන් අවුරුදු දෙකක් ගතවුන දවස තිබුණේ විසි තුන් වෙනිදා. අද
විසි එක. ඒ වෙනුවෙන් හොටෙල් එකේ ලොකු පාටි එකක් ලෑස්ති කරලා තිබුණා. මේ ෆීල්ඩ් එකේ
නුවර ඉන්න ලොකු ලොකු චරිත හැම එකකටම ආරාධනා කරලා තිබුණා.
එදා
එරංග අයියා මාව හම්බවෙන්න ආවේ මටත් ආරාධනා කරන්න.
“අයියා
ඕකට එන්න ඕනෙ නෑනේ.. කෝල් එකක් දීල කිව්ව නම් මම එනවනේ.“
“එහෙම
බෑ මල්ලි,... මේකේ ඔයා තමා මේන් රෝල් එක. මට මේ වැඩේට කවුරුවත් නොදුන්න සපෝට් එකක්
දීලා මාව ගොඩ දැම්ම කෙනා තමා උඹ.“
“හරි
මම එනවා.“
“නිකම්ම
එපා හරිද... ෆුල් සූට් දාලා වරෙන්... බ්ලේසර් එකත් ඇතුලත්ව... මම අර කෙල්ලටත් එක්ක
ඉන්විටේෂන් එක ගෙනාවේ.... පුළුවන් නම් එක්කගෙන වරෙන්... මොනව වුනත් උඹේ වයිෆ්
වෙන්න ඉන්න කෙල්ලනේ...“
“මොකක්...
කවුද අයියට කිව්වේ...?“
“සචියා...“
“ඌට
පිස්සු.“
“ඒක
නෙවෙයි මල්ලි...හොඳට ඇඳලා එන්න... උඹත් ආරාධිත අමුත්තෙක්... මම උඹගේ අම්මටයි
තාත්තටයි දෙන්නටත් කිව්වා. මල්ලි දැන්ම ලංකාවට එන්නේ නැද්ද?“
“අපේ
මල්ලිද? නෑ අයියේ... මිනිහා ජපානේ වැඩනේ... ලංකාවේ අවුරුද්දක් ඉඳලා ඒ කම්පැණී
එකෙන්ම යැව්වා. මම හිතන්නේ අගෝස්තු වල අම්මලා එහෙට ගෙන්න ගනී ටික කාලෙකට.“
“ඒක
හොඳයි... එනිවේ... වරද්දන් නැතුව වරෙන් එහෙනම්.“
“හරි
අයියේ...“
“ඒක
නෙවෙයි බං... අර කෙල්ලගේ කාර් එක ගන්නේ
නැද්ද උඹ. ගිය සැරේ උඹ ලංකාවට ආවහමත් මම කිව්වා.. යකෝ ඒක සවුත්තු වෙනවා. එක්කෝ
අරන් පාවිච්චි කරපං... නැත්නම් විකුණලා දාපං... අපරාදේ.“
“මට
ඕක එපා අයියේ...“
“විකාර
කියවන්න එපා බං... එකම තැන අවුරුදු ගාණක් තියන්න බැරි නිසා උඹ කියපු විදිහට මම ටික
ටික එළියට ගත්තා... හරියට කාලෙට සර්විස් කළා.... ඒ වුනාට එකම තැන තියෙනකොට දිරනවා.
ඒක ඒ කෙල්ල උඹට දීපු එක.... උඹ ගනින්..“
“කෙල්ල
නැතුව මට ඕවා වැඩක් නෑ අයියේ...“
“මල්ලි...
කෙල්ල මටත් ලියුමක් එවලා තිබුණා... උඹට ඒ කාර් එක ලියලා තියෙන්නේ... අනික ඒ කෙල්ල
කියලා තියෙනවා... ඒක උඹට පාවිච්චි කරන්නම කියලා. කෙල්ල ආවත් නැතත් ඒකිගේ ආසාව උඹ
ඒක පාවිච්චි කරන එක කියලා....“
“බලමු...
මම හෙට එන්නම්කෝ ඒ පැත්තේ අයියේ... කොහොම වුනත් සර්විස් එකක් දාලා බලමු..“
එරංග
අයියා ගියාට පස්සේ මම කල්පනා කළේ දිලිනි කරපු දේවල් ගැන. ඇයි මේ කෙල්ල මෙච්චර වටින
කාර් එකක් මට දීලා ගියේ... මොනවද දිලිනි හිතාගෙන හිටියේ.... ඇයි දැන් එයා හැංගිලාම
ඉන්නේ?“
පහුවෙනිදා
උදේම මම කාර් එක ගන්න ගියා. ඒ වෙලාවේ එරංග අයියත් හොටෙල් එකේ ඉඳලා රෙස්ටොරන්ට් එකට
ඇවිල්ලා හිටියා. මම ගියේ සචියත් එක්ක.
අවුරුදු
තුනක් විතර ගතවෙලා තිබුණත් කාර් එක හොඳටම තිබුණා. එක ඉරක් නෑ... එරංග අයියා ගාණට
සර්විස් කරලා බලා කියාගෙන වගේ.
“කොහොමද
මල්ලි... මම සුපිරියටම තියා ගත්තා. ආ යතුර...“
මම
කාර් එක ඇරියා.
මල්ලි
කාර් එකේ පොත තියෙන තැනම තව ලොකු එන්විලොප් එකක් ඇති. අඹේ නමට. මම ගිය පාරත්
කිව්වා... උඹ බැලුවේ නැහැ.“
මම
ලියුම් කවරේ අරගත්තා. “මොකක්ද අයියේ මේ?“
“බලපං.“
“අයියේ
මොකක්ද මේ... ඔප්පුවක් නේද?“
“මම
එහෙම කියද්දි සචියයි, එරංග අයියයි දෙන්නම බැලුවා.“
“හ්ම්...
ඔප්පුවක් තමා... බලපං...“
මම
ඒක එලියට ගන්නකොට ඇතුලේ තිබිලා ලියුමක් වැටුනා.
“අඩෝ
ලියුමක්.. බලපං උඹ අවුරුදු තුනක් නොබලා හිටපු ලියුමක්... මොනවා තියෙනවද දන්නෑ..“
සචියා කිව්වා.
“මොනවා
තිබුණත් දැන් ටූ ලේට් ඇති මල්ලි.“ මම ලියුම දිගහරිනකොට එරංග අයියා කිව්වා.
මම
කියවන්න පටන් ගත්තා.
“ආදරණිය කාවින්ද..
මම හිතනවා මට තාමත් ඔයාට ආදරණිය
කාවින්ද කියලා කියන්න අයිතියක් ඇති කියලා. මම කාර් එක එව්වේ අද.. සමහර විට ඔයා මේ
ලියුම කියවනකොට මාසයක් විතර පරක්කු වෙලා ඇති. කමක් නැහැ.
මට ඔයාට කියන්න විශේෂ දෙයක් නැහැ.
ඒත් මම මේ කාර් එක ඔයාට දෙන්නේ, මම නැතිවුනත් ඔයා ලස්සනට ඉන්න ඕනේ නිසා. කාර් එක
විතරක් නෙවෙයි, මගේ දොඩන්වල තියෙන ගෙයත් මම ඔයාගේ නමට ලිව්වා. ඔප්පුව තියෙන්නෙත්
මේ කවරේමයි. ඒකත් ඔයා තියාගන්න... මම මේ දේවල් දෙන්නේ මොනවත් බලාපොරොත්තුවෙන්
නෙවෙයි. මම දන්නවා ඔයා මේ කිසි දෙයක් බාර ගන්න කැමති වෙන එකක් නෑ... ඒත් ඔයා
පොඩ්ඩක් හරි මට ආදරයක් තියෙනවා නම් මේවා පාවිච්චි කරන්න.
බය වෙන්න එපා... මේ කිසි දෙයක්
තාත්තගේ සල්ලි නෙවෙයි. මේවා මම හම්බ කරපු සල්ලි. කිසිම කෙනෙකුට බෑ මේවට
අයිතිවාසිකම් කියන්න. අනිත් එක තාත්තා දන්නවා මම මේවා ඔයාට දුන්නා කියන්න. එයා
හිතාගෙන ඉන්නේ වෙනම විදිහකට... ඒ නිසා එයා කවදාවත් ඔයාට මේ දේවල් නිසා කරදර කරන්නේ
නෑ. ප්ලීස් කාවින්ද... මේ දේවල් ඔයාගේ
කියලා පාවිච්චි කරන්න.
මගේ ගැන කියනවනම්, මම කලිනුත් කිව්වා
වගේ, මට ඉවර කරන්න වැඩක් තියෙනවා. ඒක කරලා මම ඔයා ළඟට එන්නම්. බැරි වෙලා හරි මට
හරි කාලෙට එන්න බැරි වුනොත් ඔයාගේ ජීවිතේ සුදුසුයි කියලා හිතෙන තීරණයක් ගන්න. මං
වෙනුවෙන් බලා ඉන්න කියලා මට බෑ බල කරන්න. මොකද මට එන්න බැරිවෙන්නත් පුළුවන්. ඒ
නිසා හොඳ බබා වගේ ලස්සනට ඉන්න. පහල තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒ මගේ
ලෝයර්. එයා ඔයාට ගෙදර යතුරුයි, අනිත් ඩොකියුමන්ට්සුයි දෙයි.
මගේ හීනය වුනේ ඔයා කවදාහරි මගේ වගේම
හොඳ කම්පැණි එකක ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා බලන්න. ඔයාට ඒක කරන්න පුළුවන්. මම හිටියත්
නැතත් ඔයා ඒක මම වෙනුවෙන් කරන්න. ඔන්න පලවෙනි වතාවට මොන කම්පැණි එකක හරි කමක් නෑ
ඩිරෙක්ටර් කෙනෙක් වෙලා යනකොට යන්න ඕනේ මගේ කාර් එකේ. ප්ලීස්...
දැන් මම නවතින්නම් කාවින්ද.. පුළුවන්
වුනොත් මම දවස් දෙක තුනකින් ඔයාට කෝල් එකක් දෙන්නම්.“
“බලපං
යකෝ.. උඹ මේක කියවන්න අවුරුදු තුනක් ගියානේ. එදාම කියෙව්ව නම් හරි.“ මුලින්ම කට
ඇරියේ සචියා.
“ඔව්
මල්ලි... අර ගේ අවුරුදු තුනක් මොකෙක්වත් නැතුව මොනවා වෙලා ඇද්ද? අනිත් එක අර ලෝයර්
දැන් කොයි ලෝකේ ඉන්නවද දන්නෑ?“
“එහෙමනම්
නෑ.. ලෝයර් කෙනෙක් නම් තාම ඇති. අනිත ඔෆිස් නම්බර් එකත් තියෙනවනේ. බලමු කෝල්
කරලා.“ මම කිව්වා.
“ඔව්
කාවා. ගනින් දැන්මම.“
මම
ටිකක් කල්පනා කළා.
“ඇයි
බං?“
“මට
මේවා වැඩක් නෑ බං.“
“විකාර
කියවන්න එපා යකෝ... කෙල්ල හොඳ හිතින් දුන්න දේවල්. අනික උඹම කියන විදිහට ඒකි
කවදාහරි එනවනම්, උඹ මේව බලාගන්න ඕනේ.“
මම
ෆෝන් එක ගත්තා.
“හෙලෝ...
මිස්ටර් වීරවර්ධන.“
“පොඩ්ඩක්
ඉන්න.“
තත්පර
කීපයකින් පිරිමි කෙනෙක් කතා කළා.
“හෙලෝ...
වීරවරධන ස්පීකින්. කව්ද මේ?“
“මිස්ටර්
වීරවර්ධන, මගේ නම කාවින්ද සූරියබණ්ඩාර. තාරුකා විජේසුන්දරගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්.“
“හෝ
හෝ... අයි රිමෙම්බර්... මට මතකයි... ඉතින් කාවින්ද ඔයා ලංකාවෙද ඉන්නේ?“
“ඔව්...
මට තාරුකාගේ ලියුම හම්බවුනේ අද. ඒක මම අවුරුදු තුනකට කළින් දකින්න තිබුණ එකක්. මේ
කෝල් එකත් මම අවුරුදු තුනකට කළින් ගන්න තිබුණ එකක්.“
“ප්‍රශ්ණයක්
නෑ කාවින්ද. තාරුකා මට කියලා තිබුණේ අවුරුදු දහයකට පස්සේ ඔයා කතා කළත් අවශ්‍ය
දේවල් කරලා දෙන්න කියලා.“
“මොකක්ද
මම කරන්න ඕනේ මිස්ටර් වීරවර්ධන?“
“මොකුත්
නෑ.. ඔයා දැන් ඉන්න තැන කියන්න... මම පැයකින් එන්නම්. මගේ ළඟ තියෙන ඩොකියුමන්ට්ස්
ඔයාට දෙන්න ඕනේ.“
පැයකින්
මිස්ටර් වීරවර්ධන ආවා. අවුරුදු පනහක් විතර වයස කෙනෙක්.
“හෙලෝ
කාවින්ද. ප්ලෙෂර් ටු මීට් යූ.“
“හෙලෝ.“
“කාගෙද
හොටෙල් එක. කාවින්දගේද?“
“නෑ....
යාළුවෙකුගේ...“
“ගුඩ්...“
“එන්න
අපි ඉඳගමු. මොනවද බොන්නේ... ටී, කොෆී.“
ඒත්
එක්කම දිලිනි මට තියල ගිය ලියුම මම දුන්නා.
“කොෆී
ඉස් ගුඩ්. කාවින්ද කියන්න කොහොමද මේ ලියුම හම්බවුනේ?“
“දිලිනි
එයාගේ කාර් එකත් මට තියලා ගිහින්. ඒක තිබුණේ මගේ මේ යාළුවගේ හොටෙල් එකේ. ඒ දවස් වල
මට ඕනකමක් තිබුණේ නෑ මේ කිසි දේකට. මේ වතාවේ ලංකාවට ආවහම කාර් එක නිකං තියලා දිරන
නිසා පොඩ්ඩක් බැලුව්. එතකොටයි මේක හම්බ වුනේ.“
“තාරුකා
කියන්නේ පුදුම හොඳ කෙල්ලෙක් කාවින්ද?‘
“මිස්ටර්
වීරවර්ධව තාරුකාව පර්සනලි දන්නවද?“
“ඇයි
නැත්තේ... තාරුකාගේ හොඳම යාළුවෙකුගේ තාත්තා තමා මම.“
“ඕ...
මම ඒක දැනගෙන හිටියේ නෑ. එතකොට මිස්ටර් දන්නවද දැන් තාරුකා කොහෙද කියලා.“
මම
ඒක ඇහුවම මිස්ටර් වීරවර්ධන ටිකක් කල්පනා කළා.
“නෑ
පුතා... මම දන්නේ නෑ.... මේ වැඩෙන් පස්සේ එයා මට කතා කළේ නැහැ.“
“ඒකත්
එහෙමද? කමක් නෑ... එතකොට මිස්ටර් වීරවර්ධන, මම දැන් මොනවද කරන්න ඕනේ?“
“මොනවත්
නෑ.. මෙන්න ගේ යතුර. මෙන්න ඔරිජිනල් ඩීඩ් එක. මේක තියන්නේ ඔයාගේ නමට. කාර් එකත්
ඔයාගේ නමට. ඒ දේවල් වලට ඔයා කැමති දෙයක් කරන්න. තාරුකාගේ කැමැ.ත්ත වුනෙත් ඒක.“
“අවුරුදු
තුනකට පස්සේ ගේ තියෙනවද දන්නෙත් නෑ...“ මට කියවුනා.
“ඒ
ගැන බය වෙන්න එපා. තාරුකා දුව ඒ වගකීමත් මට පවරලා ගියේ. කවදාහරි ඔයා එනකං ඒවා
බලාගන්න කියලා මට වැඩියෙනුත් එක්ක ගෙවීම් කළා. මම ඒවා හරියටම මේන්ටේන් කරලා ඇති.
ගෙදර ඇතුලේ බඩුමුට්ටුත් එක්ක අළුත් විදිහටම තාම තියෙනවා. පහුගිය මාසෙත් මම කට්ටිය
දම්මලා ක්ලීන් කරලා තියෙන්නේ. ඔයාට තියෙන්නේ පදිංචි වෙන්න විතරයි.“
“මට
ඒක අයිති කරගන්න වත් පදිංචි වෙන්නවත් අදහසක් නෑ.“
“ඒක
ඔයාගේ කැමැත්තක් පුතා. හැබැයි මගේ ඇඩ්වයිස් එක තමා, ඔයාට ලැබිලා තියෙන දේවල්
ආරක්ෂා කරගන්න. කවදාහරි ඔයාට ඒවා ඕනේ වෙයි.“
එහෙම
කියලා ලෝයර් යන්න නැගිට්ටා.
“පුතා..
මොනවහරි අවශ්‍යතාවක් වුනොත් මට කතා කරන්න. මෙන්න මගේ මොබයිල් නම්බර් එක. ඔයාට ඕනෙම
වෙලාවක ලීගල් ඇඩ්වයිස් දෙන්න මම බැඳිලා
ඉන්නවා. තාරුකා මට අවුරුදු පහලොවකට විතර ගෙවීම කරලා තියෙනවා. අනිත් එක එයාගේ
යාළුවෙකුගේ තාත්තා විදහට මම ඔයාට ඒ මොනවත් නැ.තුව වුනත් උදව් කරනවා.“
“තෑන්ක්ස්..“
මම කිව්වා.
වෙච්ච
දේවල් ගැන අපි තුන්දෙනා කතා කර කර හිටියා. නොදැනීම රෑ වෙලා.
මුලින්ම
කතා කළේ එරංග අයියා.
“කාවින්ද...
දැන් උඹ මොකද කරන්නේ...? මම නම් හිතන්නේ ලෝයර් කියපු විදිහට උඹ ඒ දේවල් බලන්න
ගියොත් හොඳයි.“
“මට
එහෙම දේකට හිත එකඟ කරගන්න බෑ අයියේ. මට කෙල්ලව නැතුව මේ මොනවත් වැඩක් නෑ.“
“හරි.....
මොනව වුනත් උඹ හිත අවුල් කරගන්න එපා. උඹ හෙට ලෑස්ති වෙලා, අර මාලිකාත් එක්ක වරෙන්.
ආ.. අමතක නොකර අද මේ කාර් එක අරන් ගිහින් හෙට එනකොට ඒකේ වරෙන්. අර කබල් ජීප් එකේ
නම් එන්න එපා.“
අයියා
ගියා. මමයි සචියයි බියර් දෙකක් අරගෙන පැත්තකට ගියා.
“මං
වෙනුවෙන් කෙල්ල ඇයි බං මේ තරම් දේවල් කරන්නේ? ඒකිට මොකද බං වෙලා තියෙන්නේ. ඇයි
පේන්න එන්නේ නැත්තේ?“
“කෙල්ලට
උඹ ළඟට එන්න බැරි හේතුවක් ඇති. යන්න කලින් කියලා ගිය විදිහට ගිහාන්ගෙන් තාම
ගැලවෙන්න බැරිවෙන්න ඇති.“
“ඉතින්
යකෝ මට කිව්වනම්.... මම මොනව හරි කරනවනේ.“
“ඒකම
තමයි කෙල්ල නොකියන්නේ... උඹට කිව්වනම් උඹ අනක් ගුණක් නැතුව කෙලින්ම ගිහින් කෙල්ලව
ගෙනත් බඳිනවා. අම්මා තාත්තා, නෑදෑයෝ ඔක්කොම තරහ කරගෙන හරි උඹ ඒක කරනවා. කෙල්ලට ඕනේ
නැහැ එහෙම වෙන්න... තාරුකා උඹට පණටත් වඩා ආදරේ කරනවා කියන එක සැකයක් නෑනේ. ඒ නිසාම
කෙල්ල ඈතට වෙලා උඹව අමාරුවේ නොදා ඉන්නවා.“
“උඹ
කොච්චර කිව්වත් මට ඕක විශ්වාස කරන්න බෑ බං. කෙල්ල ඉන්නවා ඇති... මගේ ළඟට එන්න බැරි
හේතුවකුත් ඇති... ඒත් ඔය වගේ ගේම් එකක් ගහන්න පුළුවන් කෙල්ලෙක් නෙවෙයි තාරුකා.
ඒකිට ඔච්චර දෙයක් කරන්න හයියක් නෑ.“
අපි
කතා කර කර ඉන්න අතරේ මාලිකා මට කෝල් කළා.
“කාවින්ද
බලන්නකෝ... අර එරංග අයියා හෙට මටත් ඉන්වයිට් කරලා. කොහොමද කාවින්ද ඔයා යන්නේ?“
“කාර්
එකේ. ඔයාට එන්න විදිහක් නැත්නම් මම ඔයාවත් පික් කරන්නම්.“
“අනේ
තෑන්ක්ස් කාවින්ද? මට යන්න විදිහක් නැතුව තමයි හිටියේ. තාත්ති අනුරාධපුරේ නිසා
ගෙදර වාහනයක් නෑ.“
“නෝ
ප්‍රොබ්ලම්... මම ගන්නම් ඔයාව. ඒක නෙවෙයි ලස්සනට ඇඳලා ඉන්න.... මොකද කාවින්ද වගේ
හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක යනවනම් ඔයත් ඒ විදිහට ඉන්න වෙනවා.“
“අපෝ
වැඩේමයි... මෙයාගේ හැන්ඩ්සම් කම...“
මම
කතා කරලා ඉවර වෙනකොට සචියා හිනා වෙනවා.
“මොකද
යකෝ පිස්සෙක් වගේ තනියම හිනා වෙන්නේ?“
“උඹ
තමයි දවසකටවත් පොර බං... මෙච්චර වෙලා අප්සෙට් එකේ තාරුකා ගැන කතා කර කර ඉඳලා කෝල්
එක ආව විතරයි අරකිට ලව් ටෝක් දෙන්න පටන් ගත්තා. මට ඇත්ත කියපං කාවා..... උඹ
තාරුකාට ආදරේ කළෙත් බොරුවටද?“
“සචියා
මේ මගෙන් කුණුහරප අහගන්න එපා.
මොකෝ මේ කතාව දැන් දාන්නෙ නිකන් හාවා 🌙 දකින්නා වගේනෙ.
ReplyDeleteMachan kathawa sathiyeta 1 parak hari dapan.
ReplyDelete