සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
107.
ඒ සිද්ධියෙන් පස්සේ පහුවෙනිදා මම දිනිගෙන් සමාව ගත්තා. දිලිනි බල කරපු නිසා මම එහෙම කළත් මගේ නම් කැමැත්තක් තිබුණේ නෑ දිනිට ආයෙත් මූණ දෙන්න. ඉන් පස්සේ දිනි මාව බලන්න කීප සැරයක්ම ආවත් මම එයාව මග ඇරලා සිංගප්පූරුවට පිටත් වුනා. මට දිලිනිව හම්බවෙන්න ලොකු ඕනේ කමක් තිබුනා.
සමාධිටයි රැන්ඩිටයි මම කිව්වේ සිංගප්පූරුවේ හොස්පිට්ල් එකට යනවා කියලා. ඒක අවිශ්වාස කරන්න තරම් දෙයක් නොවන නිසා ප්රශ්ණයක් වුනේ නෑ.
සිංගප්පූරුවේ චැංගි එයාපෝර්ට් එකෙන් එළියට එනකොට මට අළුත් බලාපොරොත්තු තිබුණා.
මොන්ටානා වල ජීවිතේ අවුරුද්දක් ඉවරයි... නිකං නෙවෙයි ඒක අන්තිම සාර්ථක විදිහට සිද්ධ වුනා. දැන් මට ඕනේ වුනේ දිලිනිව මගේ ළඟට ගන්න. ඩිග්රි එක හරියට කරගෙන මෙහේ හොඳ රස්සාවක් හොයා ගත්තොත් අම්මවයි තාත්තවයි ෂේප් කරගන්නේ කොහොමද කියලා මම දන්නවා.
විසිතුන්වෙනිදා මම සිංගප්පූරුවට ගිහින් පොඩි හොටෙල් එකක් හොයා ගත්තා. දිලිනි එන්නේ දවසක් පරක්කු වෙලා. ඒ වෙනකං මට කරන්න වැඩ කීපයක් තිබුණා.
මුලින්ම මම දිලිනි කියපු විදිහට චෑන් ව හොයා ගෙන එයත් එක්ක ගිහින් කාර් එකක් කුලියට ගත්තා. දෙවෙනියට දිලිනිට ඉන්න හොඳ හොටෙල් එකක් බුක් කළා. ඊට පස්සේ මගේ කැමතිව ටී ෂර්ට් වර්ගය හොයන්න හැම ෂොපින් මෝල් එකකම ඇවිද්දා.
විසි හතර වෙනිදා උදේ එකොළහට මම දිලිනිව එයාර් පෝර්ට් එකෙන් ගත්තා.
අවුරුද්දක් තිස්සේ නොදැකපු දිලිනි වෙනදටත් වඩා ලස්සන වෙලා.
“කාවින්ද...” දිලිනි පොඩි කෙල්ලෙක් වගේ දුවගෙන ඇවිත් මගේ ඇඟේ එල්ලුනා.
“කොහොමද සුදූ.....?”
“හරිම හොඳින් ඉන්නවා. ඔයා දකිනකං ඉවසීමක් තිබුණේ නෑ... ඔයාගේ කකුල කොහොමද දැන්?”
“පර්ෆෙක්ට්... කිසි අවුලක් නෑ...”
“එහෙනම් හොඳයි... කෝකටත් ඔයා යන්න කළින් ඩොක්ටර් යුවා හම්බවෙන්න ඕනේ.”
“ඔව්.... අපි යමුද?”
“ඔයා කොහෙද ඉන්නේ?”
“මම නම් චයින ටවුන් වල පොඩි තැනක ඊයේ හිටියේ... ඔයාට ඕචර්ඩ් වල සෙන්ට්රල් හොටෙල් එක බුක් කළා.”
“ඔයා ඇයි එතෙන්ට කෙලින්ම ගියේ නැත්තේ...?”
“එතන ගණන් වැඩී සුදූ... අනික මට ඔය ෆයිව් ස්ටාර් දිරවන්නේ නෑනේ...”
“අපෝ ... මෙයා ගොඩයෙක් වෙන්න හදනවා.... කව්ද අනේ චයින ටවුන වල ඉන්නේ...... ඒක අපායක්නේ...”
“ඒ වුනාට මට සෙට් වෙන්නේ ඒ වගේ තැනක් තමා. රෑට අඩියක් ගහලා, දුමක් ඇදලා.... පොඩි රවුමක් දාලා එන්න..”
“අනේ.... මෙයා නරක් වෙලා තියෙන තරම.....”
“හරි සුදූ... දැන් යමුද...? ඔයාට මහන්සි ඇති.”
අපි දෙන්නා හොටෙල් එකට ආවා.
“කාවින්ද... ඔයා දිගටම චයින ටවුන් වලද නවතින්න යන්නේ....?”
“ඔව් ඇයි....?”
“එතකොට මම?”
“ඔයා මෙතන ඉන්න..”
දිලිනි මගේ දිහා අමුතු විදිහට බැලුවා.
“මොකද?”
“ඔයා මාව තනිකරලා යන්නද හදන්නේ...?”
“අපෝ මේ.... එකට ඉන්න නම් බෑ... එතකොට මට කන්ට්රෝල් එකක් නැතුවම යනවා....” මම කිව්වා.
“ඒක නම ඇත්ත.... මටත් බයයි ඔයත් එක්ක ඉන්න.” දිලිනි හිනා වෙලා කිව්වා.
“හ්ම්..”
“හ්ම් නෙවෙයි කාවින්ද... ඔයා වෙනමම ඉන්න... නැත්නම් අපි හැම වෙලාවෙම වැරදි වැඩම කරයි... අපි බැඳලත් නෑනේ...”
“හ්ම්...”
“මොකද අනේ හම් හ්ම් ගාන්නේ...”
“එක්කෝ මම බෑග් එකත් අරගෙන එන්නද? අපරාදෙනේ තැන් දෙකකට ගෙවන්නේ.”
“ඔයා නම හරිම කපටියෙක්... කොහොමත් මම අදනම් ඔයාට යන්න දෙන්නේ නෑ.” දිලිනි කිව්වා.
“සුදූ... මම දෙයක් අහන්නද?”
“හා....”
“අපි දැන් මෙහෙම හිටියා ඇති නේද.... අපි මැරි කරමු...” මම කිව්වා.
“මේ හදිස්සියේ ඇයි කාවින්ද?”
“හදිස්සියක් නෑ... අපි රෙජිස්ටර් කරමු. අපි මේ විදිහට දෙපැත්තට වෙලා ඉන්න එකත් ඉක්මනටම අපේ ගෙවල් වල අය දැන ගනී. එහෙම වුනොත් ප්රශ්ණ තිබුණටත් වඩා වැඩි වෙනවා.”
“අපිට කොහොමත් එහෙමනේ කාවින්ද...”
“ඒ වුනාට.....”
“මම හිතන්නේ ඒක හොඳ නෑ... ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් කාවින්ද... මම කිසිම දවසක ඔයාව ඇර වෙන කෙනෙක්ව බඳින්නේ නෑ. මොන ප්රශ්ණ ආවත් මම වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා අපි දැන්ම මැරි නොකර ඉමු. මට ඕනේ අපි හොඳට ඉඳලා, තැනක් හදාගෙන අම්මලගෙන් අවසර ඉල්ලන්න. එයාලට එපා කියන්න බැරි වෙන තැනට ඇවිත් අපි එහෙම කරමු. ඒ අයගේ ආශිර්වාදය එක්ක තමා අපි මැරි කරන්න ඕනේ. නැතුව හොරෙන් නෙවෙයි.”
“ඔයා කියන එකත් ඇත්ත.”
“ඇත්ත තමා මම කියන්නේ. ලෝකෙන් හැංගිලා මැරි කරන්න අපි වරදක් කරලා නෑ. ඉතින් ඇයි අපි හොරෙන් මැරි කරන්නේ...? අපි තව ටිකක් ඉවසමු කාවින්ද.... මට ඕනේ හැමෝම ඉස්සරහ ඔයාගේ මනමාලි වෙන්න..”
“අප්පා මේ කෙල්ලෝ හිතන දුර.... ඔයා හිතන්නේ අපිට වෙඩින් එකක් ගන්න පුළුවන් වෙයි කියලද?”
“ලොකුවට නෙවෙයි කාවින්ද... මට කවදාවත් ඕනේ වුනේ නෑ ලොකුවට වෙඩින් එකක් ගන්න... මට ඕනේ අපේ කිට්ටුම අයට එන්න කියලා පොඩි උත්සවයක් ගන්න. ළඟම අය විතරක්... සමහර විට විස්සක් තිහක් වෙයි... ඊට වැඩි නෑ..”
“ඒක නම් හොඳයි... ඔය වෙඩින් නම් මට පේන්න බෑ.... නිකං සල්ලි වියදම් කරගෙන, ජීවිත කාලෙම අපිට කපන්න බලන උන්ට කන්න දෙනවා. අනිත් එක අන්තිමට උන්ට කෑම දීලා උන්ගෙන් එකතු කරලා බිල් ගෙවනවා. මට ඇත්තටම ලැජ්ජයි.”
“අපි නම් කවදාහරි වෙඩින් එකක් ගන්නකොට එන අයට කියමු සල්ලි දෙන්න එපා කියලා. එතකොට කාටවත් කරදරයක් නෑ...”
දිලිනි සෑහෙන්න අනාගතය ගැන හිතලා කියලා මට පෙනුනේ එයා කියන දේවල් වලින්. ඇත්තටම කෙල්ලෝ ආදරේ කරන්න ගියාම කොච්චර දුරට හිතනවද? අපි නම් එදා දවස ෂේප් කරගන්න විතරයි කල්පනා කරන්නේ.
“මොකද බබෝ කල්පනා කරන්නේ..?”
“අනේ සුදූ, ඔයා මට බබා කියන්න එපා. දීප නැන්දත් ඔය මගුල තමා කියන්නේ. පොඩි කාලේ කිව්වට දැන් කිව්වහම වස නෝන්ඩිය.”
“අනේ... මම ආදරේටනේ කියන්නේ... එහෙනම් මම මොකක්ද කියන්නේ... සචිත්රලා වගේ කාවා කියන්නද? කාවින්ද කියන එක දිග වැඩී.”
“එහෙනම් වෙන මොකක් හරි කියන්න.... බබා කියලා නම් කියන්න එපා. ඔයාට මම කොච්චර නම් මාරු කළාද. ඉස්සර මිස් කිව්වා... පස්සේ දිලිනි කිව්වා... ඊට පස්සේ තාරුකා කිව්වා..”
“ඉතින් ඔයා මට සුදූ කියන්නේ...?”
“ආ ඒක අවුලක් නෑ නේ... ඔයා සුදුයිනේ... ඉතින් ගැලපෙනවා... එහෙමද මම, මට බබා කිව්වහම මාර අවුල්නේ...”
“ම්..... මොකක්ද මම කියන්නේ......? ආ... හරි...... බබෝ කියන්නම්.....”
“අප්පා..... පිස්සු හැදීගෙන එනවද..?”
“අනේ කාවින්ද... මම ඔයාට ආදරේට බබා කියන්නම්කෝ..... අනේ.... එතකොට තමයි ආදරේ දැනෙන්නේ...”
“ඕනේ කෙහෙල්මලක් කියාගන්න....”
මම බොරුවට තරහ ගියා වගේ පෙන්නුවා.
“ඒක නෙවෙයි කාවින්ද....” එහෙම කියලා දිලිනි හිනා වුනා.
“මොකද පිස්සියෙක් වගේ හිනා වෙන්නේ?”
“නෑ... නිකං..... අපි කතා කර කර හිටියේ වෙඩින් එක ගැනනේ....”
“ඔව්.... ඉතින් ඔයාම කියන්නකෝ අපි කවදද ඔය වෙඩින් එක ගන්නේ කියලා.”
“දන්නේ නෑ.... ඒ වුනාට මම හැමදාම නිදාගන්න ගියාම ඒ වගේ හීන ලෝකෙට වෙලා කල්පනා කරනවා.”
“වෙන මොනවද සුදූ ඔයා කල්පනා කරන්නේ?”
“අපි බැඳලා කොහේද පදිංචි වෙන්නේ... ඊට පස්සේ ළමයි කී දෙනෙක් හදනවද? ඒ ලමයි මොන ඉස්කෝලෙටද දාන්නේ....”
“මලා....... බයත් හිතෙනවා. අපි මේ අම්මලාගෙන් අවසර ගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්නවා.... මගේ අම්මේ ඔයා හිතන දුර...”
“එහෙම තමයි අනේ ගෑණු ළමයි...... ඒක නෙවෙයි කාවින්ද.. මට නම් බැඳලා පදිංචි වෙන්න ඕනේ නුවරඑළියේ....”
“ඒ මොකද?”
“එහේ හරි ලස්සනයි, මීදුම, සීතල, ලස්සන මල්, මම හරි ආසයි එහෙම තැනක ඔයත් එක්ක ඉන්න..... අපි ලස්සන තේ වත්තක් එක්ක තියෙන බංග්ලෝ එකක් ගමු.....”
“එතකොට ඔයා කියන්නේ අපිට තේ කඩන්න කියලද?”
“නෑ මෝඩයෝ....... කම්පැණි එක නිසා අපිට වීක් ඩේස් වලට නුවර හරි කොළඹ ඉන්න වෙනවා, වීක් එන්ඩ් එකට නම් අනිවාර්යයෙන්ම නුවරඑළියේ.”
“පුළුවන් නම් ලස්සනයි තමා සුදූ... ඒ වුනාට ඔයා ඒ තරම් දුර හිතන්න එපා.... අපිට ඔය දේවල් බැරි වුනොත්, කව්රුවත් කැමැත්ත දුන්නේ නැත්නම්. සමහර විට අපිට සිංගප්පූරුවේ හරි ඇමරිකාවේ හරි ස්ථිරවම ඉන්න වෙයි.”
මම ඒක කිවවහම දිලිනි මට තුරුල් වුනා.
“කමක් නෑ කාවින්ද, එහෙම වුනත් මට ඔයා ඉන්නවනේ... මට ඒ ඇති.”
“තව තියෙනවද සුදූ...”
“ම්..... ආ... ඔව් තවත් දෙයක්..... මට නම් බබාලා තුන් දෙනෙක් ඕනේ.... කෙල්ලෝ දෙන්නයි, කොල්ලයි.....”
“මොකක්......”
“ඔව්.... ඔන්න කොල්ල දාන්නේ ඔයාගේ ඉස්කෝලෙට, කෙල්ලෝ දෙන්නා මගේ ඉස්කෝලෙට....”
“පිස්සුද මන්දා....” මම කිව්වා.
“ඇයි මට පිස්සු කියන්නේ....?”
“නෑ... නිකං...... සුදූ, ඔයාට ඇත්තට වෙන වැඩක් තිබුණෙම නැද්ද ඔයා වගේ ඒවා කල්පනා කරනවා ඇරෙන්න..?”
“ඔයාම කියන්න කාවින්ද... ඔයා ඇමරිකාවේ... මම ඔෆිස් එකේ දාහක් ප්රශ්ණ විසඳලා හවස ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන පොතකුත් අරගෙන ඇඳට ගියාට පස්සේ මොනවද කරන්නේ..... ඔයාට කෝල් එකක් දෙනවා... ඊට පස්සේ මට කරන්න දෙයක් ඇත්තෙම නෑ... ඉතින් මම අපි දෙන්නා ගැන කල්පනා කරලා තනියම හිනා වෙනවා... ඇයි ඔයා කල්පනා කරන්නේ නැද්ද?”
“මොනව කියනවද...? උදේම කෑම හදාගෙන කාලා කැම්පස් යනවා.. ඊට පස්සේ පාට් ටයිම් වැඩ. රෑ එකොළහ වෙනකං, එතනින්ම කෑම එකත් කාලා ගෙදර ඇවිත් නෑවට පස්සේ රෑ දොළහ හමාරයි. ඊට පස්සේ පොඩි දෙයක් බඩට දාගෙන එක වෙනකොට දොයි... ආයෙත් පහුවෙනිදා උදේ කැම්පස්.”
“එතකොට වීක් එන්ඩ්ස් වල?”
“ඒ දවස් දෙකේ පාට් ටයිම්, ෆුල් ටයිම් වෙනවා. යන්තම් නවය වෙනකං නිදාගෙන උදේ කෑම හදාගෙන කාලා දහයට වැඩ. ඉවර වෙන්නේ රෑහතට. ඊට පස්සේ යාළුවෙක් හම්බවෙලා පොඩි ෂොට් එකක් දාලා, ගෙදරට ඕනේ කරන බඩුත් අරන් ඇවිත් මොනවා හරි උයනවා. ඊට පස්සේ නාලා. තව බියර් එකක් ගහන ගමන් කනවා. කාලා දහයට විතර ඇඳට යනවා... ඔයා එතකොට පැයක් විතර කෝල් කරනවා. රිලැක්ස් වෙන එකම වෙලාව ඒක... ඊට පස්සේ එකොළහ වෙනකොට ඩවුන්.”
“මට දුකයි කාවින්ද ඔයා ගැන... ඔයා දුක් විඳිනවා.”
“නෑ සුදූ.... එක හොඳක් තියෙන්නේ ලංකාවේ වගේ නෙවෙයි.... වැඩ ලේසියි..... අනිත් එක වැඩ කරන්න ආසයි. මහන්සියක් දැනෙන්නේ නෑ...... අනිත් එක ඔයා හැමදාම කෝල් කරන නිසා මට තනියක් නෑ...”
“ඔයා සමාධිලා එක්ක වැඩිය එකතු වුනේ නැද්ද?”
“දැන් මම වැඩිය යන්නේ නෑ සුදූ... මට හිතේ එකක් තියාගෙන තව එකක් දිගටම කරන්න අමාරුයි....... ඔයාට කරපු දේවල් නිසා මට උන් පේන්න බෑ....”
“ඒකත් හොඳයි බබා.... ඒ අයත් එක්ක වැඩිය යන්න එපා.... ඒත් තරහ වෙන්නත් එපා.... ඔයාට තාම එයාලගේ උදව් ඕනේ..... ඒක නෙවෙයි, කොහොමද ඔයා දිනිව මග ඇරියේ?“
“මම ෂේප් වුනා....“
“ඒත් ඔයාගේ හිතට හරි නෑ නේද කාවින්ද?“
“ඔයා කොහොමද දන්නේ....?“
“දිනි ගැන මතක් කරපු වෙලාවට ඔයාගේ මූණ දැක්කහම මට ඒක තේරුණා. ඔයාට ප්රශ්ණයක් නේද?“
“ඔව් සුදූ.... මට දිනිව මග හරින්න බෑ... ඒක හිතට හරි නෑ.... ලංකාවේ ඉන්නකොට මගේ හැම දේටම එයා හිටියා. මම කරපු ගොඩක් පිස්සු වැඩ වලදි දිනි මාව බේරලා තියෙනවා... මට උදව් කරලා තියෙනවා... ඒ නිසා එයාව මග ඇරියාම මගේ හිතට හරි නෑ....... අනිත් එක එයාට මාව ඕනේ වෙන හැම වෙලාවෙම මට එයාව අමතක වුනා... ඒ නිසා දැනුත් මට ඒකම කරන එක හිතට හරි නෑ...... ඒත් එයා එක්ක ඉන්නත් බෑ.... කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ... එදා අපි රණ්ඩු වුනෙත් ඒ නිසා.“
“ඔයාගේ හිත හොඳයි කාවින්ද.... ඒ නිසයි ඔයාට එහෙම හිතෙන්නේ.... මම කියන්නෑ දිනි ව මගහරින්න කියලා.... ඒත් එයා ඔයා ළඟට එනකොට මට මොකක්දෝ බයක් දැනෙනවා... එයා මොනවා හරි කරලා ඔයාව මගෙන් ඈත් කරයි කියලා මට හිතෙනවා..... දිනි එහෙම දෙයක් වුනත් කරන්න බැරි නෑ... එයා හරි ස්ටබන් කෙනෙක්....“
“ඔයා බය වෙන්න එපා සුදූ..... මම දිනිට ඕනේ උදව්වක් කරනවා... ඒත් මම එයාට කාවදාවත් ආදරේ කරන්නේ නෑ..... ඔයා ඉන්නකොට මට කොහොමටවත් බෑ...“
“කාවින්ද.... මම ගොඩක කාලෙක ඉදල අහන්න හිටපු දෙයක්...“
“මොකක්ද?“
“දිනි ඔයාට ආදරේ බව කිව්වේ ඔයාට මාව හම්බවෙන්න කළින් නේද?“
“ඔව්....“
“ඇයි ඔයා එයාට කැමති වුනේ නැත්තේ...?
“මම දන්නෑ..... මම දිනි ට ගොඩක් ආදරේ කළා...... ඒ මගේම නංගිට වගේ.... එයා වෙනුවෙන් පණ වුනත් දෙන්න පුළුවන් තරම් මම එයාට කිට්ටු වෙලා හිටියා... ඒත් ඒක අයියා නංගි ආදරයක්... ඒ නිසා දිනි මට අර විදිහට ආදරේ කරනවා කිව්වට මට ඒක ෆීල් වුනේ නෑ....“
“එතකොට ලයාංගි..... එරන්දිකා?“
‘දෙන්නම මට ආදරේ කළා... මමත් හිතුවා මට ඒ දෙන්නගෙන් කෙනෙක් හරි යයි කියලා... ඒත් හරිගියේ නෑ... මගේ හිත ඒ දෙන්නටම ආදරේ කළේ නෑ....“
“ඊට පස්සේ...?“
“ඊට පස්සේ ඔයා හම්බවුනා..... ඔයා දැකපු පලවෙනි දවසේම මට වෙනස් හැඟීමක් දැනුනා.. ටිකෙන් ටික ඔයා මට ලං වෙද්දි මගේ හිත වෙනස් වුනා..... මම හිතන්නේ අපි දෙන්නා මිල්ටන් ගේ ෂෝ එක බලන්න ගිය දවසේ මම ඔයාට ඇත්තටම ආදරේ කරන්න පටන් ගත්තා...“
“හරි පුදුමයි කාවින්ද..... ඔයා ඒ හැමෝම අතෑරලා, ඔයාට වඩා වයස වැඩි මට ආදරේ කළා.... කොහොමද ඒක වුනේ...?“
“ඒකට හේතුවක් නෑ.... ඒක තමයි ආදරේ කියන්නේ.... සුදූ..... මගේ එකම, අන්තිම ආදරේ ඔයා....”
“ඇත්තටම කාවින්ද, මමත් නොහිතපු විදිහට මම ඔයාට ලංවුනේ.... මගේ හිතේ පොඩි කාලේ ඉඳලම රූපයක් තිබුණා... මම ආදරේ කරන කෙනාගේ ගතිගුණ, හැසිරීම, පෙනුම හැම දේම මම හිතේ මවා ගෙන හිටියා. ඒත් මම කවදාවත් හිතුවේ නෑ ඒවට ගැලපෙන කෙනෙක් මට හම්බවෙයි කියලා.”
“ඉතින් හම්බවුනාද?”
“ඔව්.... ඔයාව මුලින්ම දැක්කහම මට ලොකු හැඟීමක් දැනුනේ නෑ... ඒත් මම කලිනුත් කිව්වා වගේ ඔයා මට කතා කරපු පලවෙනි වතාවෙම මම ඔයාගෙත් අනිත් අයගෙත් අතර ලොකු වෙනසක් දැක්කා. අනිත් හැමෝම කෙල්ලෝ ඉස්සරහ වීරයෝ වෙන්න ගියත් ඔයා එහෙම වුනේ නෑ... ඔයා හරිම පොලයිට්.... මට වුනත් කතා කළේ ගුරුවරයෙකුට දෙන්න ඕනේ ගෞරවය දීලා... ඒක මගේ හිතට තදින්ම වැදුනා.”
“ඊට පස්සේ...?”
“ඔයා ගැන දැනගත්තහම මට ආස හිතුනා කතා කරලා විස්තර දැනගන්න.... ඒත් ඔයා අනිත් අය වගේ පැනලා ඇවිත් මට කතා කළේ නෑ.... ඔයා මාව අහුකරගත්තා.... මම ඔයාව උගුලක අහුකරගන්න හදන අතරේ මටත් නොදැනීම මම ඔයාගේ උගුලේ අහුවුනා... ඔයා මගෙන් පොතක් ඉල්ලලා, මම ඒක ඔයාට දුන්නටත් පස්සේ තමයි මට ඒක තේරුණේ.... ඔයාගේ ඒ වැඩේ මගේ හිතට ඇල්ලුවා... එදා ඉඳලා ආයෙත් මම ට්රයි කළේ ඔයාව අමාරුවේ දාන්න... ඒත් හැම වෙලාවකම වුනේ මම ඔයාට අහුවුන එක. වෙලාවකට මට ඔයා එක්ක තරහ ආවා... ඒත් හිත යටින් මම ඒකට ආසා කළා. මටත් නොදෑනීම මම ඔයාට ලංවුනා. ඔයා ඉස්කෝලේ ඉන්න කාලෙම මගේ හිත ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා.”
“බොරු...”
“නෑ කාවින්ද... ඇත්ත... ඒත් මට එක් කියන්න බැරි හේතු දාහක් තිබුණා. එහෙම වුනා කියලා ඔයාගෙන් ඈත් වෙන්නත් මට ඕනේ වුනේ නෑ... අන්තිමට මගේ උගුලේ මම ම අහුවුනා. ඉතින් මම බොරු ගොඩක් කියලා පුළුවන් හැම වෙලාවකම ඔයාව ගෙන්නා ගත්තා... ඔයා එක්ක හිටපු එක පැයක් මට පුදුම සතුටක් දුන්නා.... ඔයා ළඟ ඉන්නකොට මට මුළු ලෝකෙම අමතක වුනා... අවුරුද්දක් විතර මම දුක් වින්දා මගේම හිතට බොරු කරගෙන.... මම බැලුවා ඔයාව අමතක කරලා දාන්න... ඒත් කවදාවත් මට ඒක කරන්න බැරිවුනා. ඔයාව හම්බවුන හැම දවසකම මට ඕනේ වුනේ දවසම ඔයා එක්ක ගත කරන්න..... ඒත් ඔයා නම් නියම කොල්ලෙක් වගේ මගේ වීක්නස් එකෙන් ප්රයෝජන ගත්තේ නෑ.... ඔයා එක වචනයක් කිව්වනම් ඔයාත් එක්ක කොහේ හරි තනිවෙන්න යන්න එන්න කියලා, මම හිටියේ එන තත්වෙක... ඒත් ඔයා කවදාවත් එහෙම කිව්වේ නෑ... ඒකෙන් වුනේ මගේ ආදරේ තවත් වැඩි වෙන එක.....”
දිලිනි කියවගෙන යනවා.
“ඔයාගෙන් ඈත් වෙලා හිටපු කාලේ තමයි මට හරියටම තේරුණේ, ඔයා හැර වෙන කිසිම කෙනෙකුට මගේ ජීවිතේට ඇතුල් වෙන්න බැරි බව.“
“ඒකම තමයි සුදූ මමත් කියන්නේ...... අපි දෙන්නා වෙනස්... අපි දෙන්නගේ ආදරේ වෙනස්...... අපි දෙන්නා සාමාන්යයෙන් ලංකාවේ කල්චර් එකත් එක්ක බැලුවොත් නොගැලපෙන කපල් එකක්... මම ඔයාට වඩා වයස වැඩී... ඒක නිසා මුළු සමාජයක්ම අපි දිහා බලන්නේ වැරදි ආකල්පයකින් සුදූ.... ඒ නිසා අපි දෙන්නා ස්ට්රොන්ග් වෙන්න ඕනේ... සමහර විට අපි දෙන්නා බැන්දොත් කවුරුත් මොනවත් කියන එකක් නැහැ... ඒත් අපි බැඳලා ආයෙත් වෙනවුනොත්... නැත්නම් ජීවිතේ නාස්ති කර ගත්තොත් ඒ මොනවත් නොකියපු අය හැමෝම කියයි අපි ඕක දැනගෙන හිටියා කියලා....“
“මට තේරෙනවා කාවින්ද.“
“ඒ නිසා තමයි සුදූ අපි කරන හැම දේම හරියටම කරන්න ඕනේ..... අපි ජීවිතේ සාර්ථක වුනොත් විතරයි අපිට ගමනක් තියෙන්නේ... අපිට වැරදුනොත් හැමෝම අපිට හිනා වෙයි... අපි මේ කරන්නේ අර ගඟට උඩ අතට පීනනවා වගේ වැඩක්... හරි ගියොත් හැමෝම මාරයි කියයි.. වැරදුනොත් කවුරුත් උදව් නොකර කියයි අපි ඕක දැනගෙන හිටියා කියලා... ඒ නිසා අපි මුළු සමාජයටම වඩා උඩින් ඉන්න වෙනවා... අපි දිනන්න නම් එහෙම කරන්නම වෙනවා...“
“මට හිතාගන්න බෑ කාවින්ද ඔයා ඔය තරම් දුරට හිතනවද කියලා...“
“ඇත්තම කියන්නම්... ලංකාවේ ඉන්නකොට මම එහෙම නෑ... ඒත් මොන්ටානා ගියාට පස්සේ... එහේ හම්බවුන මනිස්සුත් එක්ක, ඒ අත්දැකීම් එක්ක මට එහෙම හිතන්න පුළුවන් වුනා.“