සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
102.
මම පිටත් වෙන්න නියමිත වෙලා තිබ්බේ අගෝස්තු දහවෙනිදා
පාන්දර එකයි දහයට පිටත් වෙන ගුවන් යානයේ.
හවස තුන වෙනකොට සමාධි අපේ ගෙදර ආවා එයාගේ අම්මයි
තාත්තයි එක්ක. සමාධිත් මාත් එක්ක යන නිසා එයාලගේ වෑන් එකේම යන්න කතා කරගෙන තිබුණා.
සමාධිගේ තාත්තා රන්ජිත් අංකල් මට කතා කළා.
“සන්, පහුගිය කාලේ වෙච්චි අවුල් මට අහන්න ලැබුණා.
ඩෝන්ට් වොරි, දැන් ඒව අමතක කරලා අළුත් ජීවිතයක් ගැන හිතන්න. සමාධි මට ඔය ගැන
කියනකොට මමත් කිව්වේ මේක තමා ඔයාට තියෙන හොඳම සොලියුෂන් එක කියලා. මටත් ඔය වගේ
කාලයක් තිබුණා. මම අවුරුදු පහකට ලංකාවෙන් ගියා.
එතනින් තමා මමත් මගේ ජීවිතේ ගොඩ ගත්තේ.”
මම හිනා වුනා.
“හිනා වෙන්න දෙයක් නෑ කාවින්ද. ඔයා ගොඩක් ස්කිල්ස්
තියෙන ළමයෙක්. කොලෙජ් එකේ ඉන්න කාළේ ඔයා මොනවයින්ද ලීඩ් කළේ නැත්තේ. ඒත් ඔයා
කොලෙජ් එකෙන් අවුට් වුනාට පස්සේ ලයිෆ් එක ඔහේ යන්න දීලා වරද්ද ගත්තා. ඔයාගේ
ස්කිල්ස් අපරාදේ අපතේ ගියා. තාම ඔයා පරක්කු වැඩි නෑ. මේ ගමනෙන් වත් ඔයා ඒව පොලිෂ්
කරල ගන්න බලන්න.එහෙම වුනොත් ඔයාට යන්න බැරි දුරක් නෑ. ඒක මේ කෙල්ලෙක් නිසා නාස්ති
කරගන්න ඕන දෙයක් නෙවෙයි.”
“ඕකේ අංකල්.”
“දෙමව්පියන්ගේ සල්ලි, මහන්සිය දෙකම නාස්ති නොකර ඔයා
වගේ පුතෙක් හැදුවට ඒ අයට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් කරන්න අඩුම ගාණේ අද ඉඳලා. අපේ
දුවලා දෙන්නම ඔයාට උදව් කරයි. ඒ දෙන්නා පුදුම විදිහට ඔයාට ආදරෙයි.”
“මම දන්නවා අංකල්. සමාධි මේ මං වෙනුවෙන් කරන දේවල්
මට කවදාවත් අමතක වෙන්නෑ.”
“අපිටයි ඔයා කරපු උදව්ව අමතක වෙන්නේ නැත්තේ. ඒක
සමාධිගේ ජීවිතේ බේරගැනීමක්. ඒක මේ කිසි දේකට හිලව් කරන්න බෑ පුතා. ඒ නිසා මේ හැම
දෙයක්ම කිසිම වටිනාකමක් නැති දේවල් ඔයා කරපු දේ එක්ක බලපුවහම.”
අංකල් මට ගොඩක් කාලෙකට කළින් වුන දෙයක් මතක් කළා.
“නෑ අංකල්.... ඒක ලොකු දෙයක් නෙවෙයි... මම ඒ වෙලාවේ
කරන්න ඕනේ දේ කළා. සමාධි වෙනුවෙන් ඒක මට කරන්න බැරිනම් මම යාළුවෙක් නෙවෙයි.”
“හැම කොල්ලම ඔහොම හිතන්නෑ පුතා. අන්න ඒ නිසා තමයි මම
කිව්වේ ඔයාගේ වැලියු එක අන්ඩඑස්ටිමේට් කරන්න එපා කියලා.”
“තේරුණා අංකල්. අපි එයා පෝට් එකට යන්න ඕනේ කීයටද?”
මම ඇහුවා.
“පුතා, ෆලයිට් එක පාන්දර එකයි දහයට.අපි රෑ දහය හමාරට
නැත්නම් එකොළහට විතර එතන හිටියනම් ඇති.”
“ඉතින් අපි මෙච්චර කළින් යන්නේ ඇයි අංකල්?”
“මේක ලොකු ගමනක්. පැය ගාණක් යනවා. ඒ නිසා ඔය දෙන්නා නුවර
ඉඳලා කොළඹට ගිහිල්ලා එක දිගටම ෆලයි කරන්න ගියොත් ටයර්ඩ් වෙනවා. ඒ නිසා මම ටැමරින්
ට්‍රීස් හොටෙල් එක බුක් කළා. අපි දැන් ගිහිල්ලා එතන රෙස්ට් කරලා රෑ එතනින් පිටත්
වුනාම ටයර්ඩ් නෑ.”
අපි හවස තුන හමාරට නුවරින් පිටත් වුනා. හරියටම හය
හමාර වෙනකොට හොටෙල් එකට ආවා. අංකල් කාමර දෙකක් වෙනුවට සම්පූර්ණ එපාර්ට්මන්ට්
දෙකක්ම වෙන් කරලා. ඒ එකක කාමරයට අමතරව සාලෙකුයි, පොඩි පෑන්ට්‍රි එකකුයි, වැරැන්ඩ
එකකුයි තියෙනවා.
මම අම්මයි තාත්තයි එක්ක ඇතුලට ආවා. ඒ දෙන්නට පොඩ්ඩක්
ඇදේ ඇලවෙන්න ඇරලා මම එළියට ආවා. මට මහන්සියක් තිබ්බේ නෑ.
එතකොටම සචියා කෝල් කළා.
“කාවා... උඹ කොහෙද බං ඉන්නේ. කොහෙද හොටෙල් එක
තියෙන්නේ?”
“ඇයි බං....?”
“කියපංකෝ... අපි මේ හොටෙල් එක හොයාගන්න බැරුව
ඉන්නේ.”
“මොකක්... උඹලා මෙහේ කොහෙද?”
“අපි උඹව ඇරලවන්න ආවා.”
මුන්ටනම් පිස්සු එකේ හොඳම එක.
මම පාර කිව්වා. විනාඩි දහයක් යනකොට වෑන් එකක් ආවා.
එරංග අයියගේ වෑන් එක. සචියා වාහනේ ඩ්‍රයිව් කරනවා.
සචියා විතරක් නෙවෙයි, අමිල, දිලිප්, චතුර, පැණියා,
සෙට් එකම ඇවිත්.
“උඹල මොකද බං කරන්නේ?”
“යකෝ... අපිත් එක්ක අවුරුදු ගාණක් එකට ඉඳලා, එක
ප්ලේන්ටියයි සිගරට් එකයි බෙදාගෙන බීල හිටපු උඹට එහෙම ලේසියෙන් යන්න දෙයි කියල
හිතුවද අපි.”
චතුර කිව්වා.
“කොහොමද බං ආවේ?” මම සචිත්‍ර ගෙන් ඇහුවා.
“ඇයි..? සිම්පල් නේ... අයියගෙන් වෑන් එක ඉල්ලගත්තා
උඹට එන්න වාහනයක් නෑ කියලා. ඌ හොඳ එකා ෆුල් ටෑන්ක් ගහලම දුන්නා. පව් බං. තව මොනවද,
අපි නුවරින් සෙට් වුනා. උඹ පිටත් වෙන වෙලාවටම පස්සෙන් ආවා.”
“යකෝ... උඹල ඒ ටිකටත් මාව විකුණලා වාහනේ ඉල්ලගත්තද?
අනිත් එක පස්සෙන් ආවනම් තැන හොයාගන්න බැරි වුනේ?”
“කොහෙද බං... මේ අමිලයාට දියවැඩියාවනේ බං. මග දිගට
ලඳු කැලෑ හොය හොයා දුවනවා. ඒකෙන් උඹලව මිස් වුනා. අනිත් එක අංකල්ගේ වාහනේ එක්ක මේ
කබල් වෑන් එකට රේස් යන්න බෑ බං.”
මුන් ටික නම් පිස්සෝ සෙට් එකක්.
අම්මයි තාත්තයි කාමරේ නිදි අතරේ අපි වැරැන්ඩා එකට
පුටු දාගත්තා.
“උඹල ගෙවල් වලට බොරු කියලා ඇවිල්ලා මොනවද බං
කරන්නේ?”
“අවුලක් නෑ කාවා. අවුරුදු ගාණකට ආයෙ උඹව දකින්නේ
නැති එකේ අන්තිම මොහොතේ පොඩි ෆන් එකක් දාන්න හිතුනා.”
අපි කතා කර කර ඉන්නකොට නොදැනීම වෙලාව ගතවුනා. රෑ කෑම
මොනවද ගන්නේ කියලා අහන්න සමාධිත් එක්ක තාත්තා අපි ඉන්න පැත්තට ආවා.
“ආ.... මේ කට්ටියම ඇවිල්ලා ඉන්නේ... එනවා කියලා අපිට
කළින් කිව්වනම් අපිත් එක්කම එන්න තිබුණනේ.”
සමාධිගේ තාත්තා කිව්වා.
“නෑ අංකල්... එකපාරටම තමා හිතුනේ.. ඉතින් අයියගේ
වාහනේ ඉල්ලගෙන අපි ආවා.”
“පුතාලා රෑ කෑමට මොනවද ගන්නේ?”
“ආ ඒ ගැන ප්‍රශ්ණයක් නෑ අංකල්... අපි යන ගමන් මොනව
හරි කන්නම්.”
“දැන් වෙලාව අටත් වෙලා... මොන යන ගමන්ද? ඉන්න මම
ඕඩර් කරන්නම්. හැමෝටම ෆ්‍රයිඩ් රයිස් හොඳද නැත්නම් නූඩ්ල්ස් වගේ දෙයක්ද?”
“කාවා.. කරදරයක් නැති විදිහට උඹ බලලා ඕඩර් කරපං.”
සචියා මගේ කනට කරලා කිව්වා. මුන් ලොකු කතා කිව්වට මම
දන්නවා යන ගමන්වත් කන්න මුන් ළඟ සල්ලි නෑ කියලා. ඒ නිසා මම කෑම ඕඩර් කළා.
“කාවා.... මොනව වුනත් සමාධිගේ තාත්තා සිරා බොක්කක්
බං උඹට තියෙන්නේ. බලපං මේ හැම දේම කරලා අපි ආවහම අපිටත් එක්ක කෑම බීම.”
“එහෙම තමයි බං අංකල් කවදත්. මතකද සචියා එක දවසක් අපි
දිනි, එරන්දිකා, සමාධි තුන් දෙනා එක්ක පික්නික් එකක් ගිහිල්ලා... කාපු කෑමට දවසක්
විතර නැගිටගන්න බැරි වුනා.” මම කිව්වා.
“ඒකනම් ඇත්ත බං...”
අපි කෑම කන අතරේ කතා කළා.
හැම කෙනෙක්ම කිව්වේ මම නැතුව උන්ට පාළුයි කියලා.
කාටවත් ඕනකමක් තිබුණේ නැහැ මම යනවා කියල හිතන්න.
අපි හොටෙල් එකෙන් රෑ දහය හමාරට පිටත් වුනා. ළඟ නිසා
විනාඩි පහළවක් යනකොට අපි ගුවන් තොටුපලට ආවා.
අපිත් එක්ක ආපු හැමෝම අමුත්තන්ගේ ලොබි එකට ආවා.
අම්මගේ සුපුරුදු අවවාද වලට කන් දීලා තාත්තට කතා
කරලා, මමයි සමාධියි ඇතුලට යන්න මොහොතක් තියෙද්දි සචියා කතා කළා. උගේ ඇස් වල කඳුලු.
දුකේදි සැපේදි දෙකේදිම මාත් එක්කම හිටපු ඌට මම යනවා කියන එක දරා ගන්න අමාරු ඇති.
“මම උඹට කෝල් කරන්නම් සචියා.”
“උඹට කවදාවක් වරදින්නේ නෑ. යන තැනක හොඳට හිටපං.”
“හරි මචං.... අපි අවුරුදු පහළවක් විතර එකට හිටියා,
මට උඹ නැතුව පාළු තියෙයි බං. මුලින් දිනි ගියා, දැන් උඹ.”
“අපි ආයෙත් අවුරුදු තුනකින් අනිවා හම්බවෙනවා. ගණන්
ගන්න එපා බං.”
මම සචියා බදාගත්තා. මොනවා වුනත් ඌ තමයි මගේ ම
සහෝදරයෙක් වගේ මගේ දුකට සැපට හිටපු එකම එකා.
මම හැමෝටම අත වනලා සමාධිගේ අත අල්ලගෙන ඇතුළට ගියා.
එදා මම පාන්දර එකයි
දහයට ලංකාවෙන් පිටත් වුනේ තවත් අවුරුදු තුනකට ලංකාවට නොඑන බලාපොරොත්තුවෙන්
elaaaaaa
ReplyDeleteකෝ ඉතුරු ටික......එක්මනට ලියන්ඩෝ
ReplyDeleteඔන්න දෙකක්ම දැම්මා..... බලලා මොනව හරි ලියන්නෝ......
DeleteThis is sooooooo disappointing buddy. We want the episodes regularly. Seriously I love this story.
ReplyDeleteඔන්න දෙකක්ම දැම්මා..... බලලා මොනව හරි ලියන්නෝ......
Deleteඔන්න දැම්මා තව එකක්.... ඔය කියන ස්පීඩ් එකට ලියන්න බෑ අප්පා.... තව වැඩ තියෙනවනේ.....
ReplyDeleteඔන්න දෙකක්ම දැම්මා..... බලලා මොනව හරි ලියන්නෝ......
ReplyDelete