මේ ආදරයයි
ගිහාන් ට තාත්තා කියන තරම් අමාරුවක්
නැතුව ඇති. උගේ නහයේ ඇටේ කැඩුන එක නම් ෂුවර්. ඒත් ඉන් එහාට ලොකු ඩැමේජ් එකක් වෙන්න
බෑ.
ඒක නිසා ඌ ගැන හිතන එක
අතෑරලා ඊළඟ ප්ලෑන් එකට වැඩ කරන්න ඕනේ. ගිහාන් කියපු විදහට දිලිනි ගිහින් තියෙන්නේ
මැලේසියාවට. මමත් දැනගෙන තිබුණ විදිහට එයාගේ තාත්තගේ සමහර බිස්නස් එහේ තිබුණා. ඒ
නිසා දිලිනි තාමත් එහේ ඉන්නවා වෙන්න පුළුවන්.
අනිත් එක සෑහෙන කාලයක් ඉඳලා
මගේ හිතේ තිබුණ ප්‍රශ්ණෙකට උත්තර මට ලැබුණා. අමිලත් මට ඔය ගැන එක වතාවක් කිව්වා.
කෙල්ල පේන්න එන්නේ නැත්තේ ගිහාන්ගෙන් ඩිවෝස් එක ගන්න බැරි නිසා.
ඒ කියන්නේ දිලිනි ඒ ගැන මට
බොරු කියලා තියෙනවා. මට දිලිනි හම්බ වුන මුල්ම කාලේදි ගිහාන් එක්ක එයා මැරේජ් එක
රෙජිස්ටර් කරලා. එහෙනම් ඒකයි එදා ඉඳලම ගිහාන් කිව්වේ ඒකි අයිති ඌට කියලා.
ඒත් ඇයි දිලිනි ඒ වගක් මට
නොකිව්වේ? ඒක බල කිරීමට වුන මැරේජ් එකක් නිසා කවදාවත් මම ඒ ගැන අප්සෙට් වෙන්නේ නෑ
කියලා එයා නොදන්නවා වෙන්න බෑ.
සමහර විට කෙල්ල ට්‍රයි කරන්න
ඇති හොඳින් හෝ නරකින් ගිහාන් ගෙන් ඩිවෝස් එක ගන්න. ඒත් බැරිවෙලා. එතකොට මාව
බඳින්නත් බෑ. ඒ නිසා කෙල්ල හැංගෙන්න ඇති?
ඔයා හැම ප්‍රශ්ණෙකටම උත්තර
තියෙන්නේ දිලිනි ලඟ. ඒ නිසා එයාව හොයාගන්න එක තමා පලවෙනි වැඩේ.
ඒකට මට මැලේසියාවට යන්න
වෙනවා. කල් දාන්න බැරි වැඩක් නිසා ඒ වෙලාවෙම මම ටිකටන් කරන මගේ යාළුවෙකුට කෝල්
එකක් ගත්තා.
“දර්ශන මචං.. මට හෙට හරි
අනිද්ද හරි යන්න ටිකට් තියෙනවද මැලේෂියා යන්න.”
“මැලේෂියා ඇ යි බං...
පිට්ස්බර්ග් නෙවෙයිද... උඹ හිටියේ එහේනේ.”
“නෑ බං මට මැලේෂියා යන්න
ඕනේ.”
“වීසා.”
“වීසා ගන්න අමාරුද?”
“ඩිරෙක්ට් ගන්න ටිකක් කල්
යනවා. උඹ සිංගප්පූ හිටපු නිසා මුලින් එහේ පලයං.. ඊට පස්සේ ඩුවල් ගහගනින් මැලේෂියා
වලට. උඹට සිංගප්පූ ඉඳලා බස් එකේ යන්න
පුළුවන්.”
“එහෙනම් එහෙම දාපං.”
“හිටපං... අනිද්දා ඒ කියන්නේ සිකුරාදා රෑ
එකොළහයි දහයට තියෙනවා. සෙනසුරාදා උදේ හයයි විස්සට තියෙනවා.”
“සිකුරාදා රෑ හොඳයි... දාපං
එකක්.” මම කිව්වා.
“රිටර්න් එක කොහෙටද කවදද?”
“රිටන් එක ලංකාවට, සති
තුනකින් දාපං. ටෙන්ටේටිව් දාපං මට ඕනේ වුනොත් වෙනස් කරගන්න.”
“හරි..... දැම්මා. මම බුකින්
කන්ෆර්මේෂන් එක එවන්නම් හෙට උදේට... සල්ලි ගෙවලා රිසිට් එක එවපං.”
“එල කිරි මචං...
තෑක්ක්ස්...”
“වෙල්කම් මචෝ...”
මට වෙන කරන්න දෙයක් තිබුණේ
නෑ. ගිහාන්ගෙන් ලැබුන තොරතුරු අනුව කෙල්ල අනිවාර්යයෙන් මැලේෂියාවේ ඉන්න ඕනේ... ඒත්
හිතාගන්න බෑ කොහේ හොයන්නද කියලා... ඒ නිසා මම තීරණය කළා මුලින් සිංගප්පූරුවට
ගිහින් අපේ අඳුරන ටැක්සි ඩ්‍රයිවර් චෑන් ට කතා කරලා බලන්න.. දර්ශන කියපු විදිහට
සිංගප්පූරුවෙන්ම පුලුවනි මැලේෂියාවට වීසා ගන්න.
ඒ වැඩ ටික ඉවර කරලා මම
හොටෙල් එකට පිටත් වුනා. තව දවස් පහකින් මම පිටත් වෙනවා. ඒ නිසා හොටෙල් එකේ වැඩ ටික
පොඩ්ඩක් සෙට්ල් කරලා දාලා, සචියට වැඩ ටික පවරලා යන්න වෙනවා. එරංග අයියා මොනව
කියයිද දන්නෑ මම යනවා කිව්වහම.
ඒ නිසා හොටෙල් එකට යන්න
කලින් මම එරංග අයියා හොයාගෙන රෙස්ටොරන්ට් එකට ගියා.
“ඇයි මල්ලි උඹ හදිස්සියේම
යන්නේ? අනික මැලේසියාවට?”
“හදිස්සි වැඩක් සෙට් වුනා
අයියේ.... මම මාසයක් ඇතුලත එනවා. බය වෙන්න එපා, මම මේක දාලා යන්නේ නෑ.”
“කමක් නෑ. අපේ මල්ලිට උඹ වැඩ
ටික කියලා දීලා යනවනේ... ඒක නෙවෙයි උඹට සල්ලි ඕනේ නේද?”
“සල්ලි?” මම ඇහුවා.
“ඇයි බං... උඹ මැලේසියාවේ
යන්නේ ජොබ් එකක් කරන්න නෙවෙයිනේ. එතකොට මාසයකට වියදම්? උඹට කීයක්ද ඕනේ කියපං, මම
දෙන්නම්. උඹ හොටල් එකේ වැඩ කරපු මාස ගාණටමත් සතයක්වත් ගත්තේ නැහැනේ.”
“මට සල්ලි තියෙනවා අයියේ.....”
“විකාර කියවන්න එපා. ඒ සල්ලි
උඹට අයිති.... වැඩ කරපු මාස තුනක පඩිය මම උඹට දෙන්නම්, තව ඕනේ නම් ඉස්සරහට මාස
තුනක සල්ලිත් මම දෙන්නම්.”
“එපා අයියේ... ඒ සල්ලි එකතු
වෙන්න දෙන්න.... මට ලොකු සල්ලි හදිස්සියක් වුන වෙලාවක ගන්න.”
“ඔව් ඒකත් හොඳයි... නැත්නම්
උඹලා තුන්දෙනා ඒවත් කාලා බීලා නාස්ති කරයි.”
“එහෙනම් අයියේ මම යන්නම්. බය
වෙන්න එපා... මම ආපහු එනවා.”
ඉන් පස්සේ මම කෙලින්ම හොටෙල්
එකට ගියා. සචියත් එක්ක කතා කරලා ගොඩක් දේවල් ඌට කියලා දුන්නා.
රෑ ගෙදර යන්න කම්මැලි නිසා
හොටෙල් එකේම නැවතුනා.
කලින්ම නිදා ගන්න ලෑස්ති
වෙලා ෆිල්ම් එකක් බලන අතරේ මම මාලිකාට කෝල් කළා.
මම මේ කරන වැඩේ ගැන කෙල්ලට
මොනවද කියන්නේ...?
“කාවින්ද.... දැන් ඔයා වැඩිය
කතා කරන්නේ නෑ... මාව එපා වුනාද?”
“නෑ මාලිකා... එහෙම දෙයක්
නෑ... වැඩ ටිකක් වැඩි වුනා... යන්න කළින් සෙට්ල් කරන්න ඕනේ දේවල් ගොඩක් තිබුණා.”
“යන්න... කොහේ යන්නද?”
“ආ.... මට කියන්න අමතක වුනා.
පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න... ඒකට මට මාසයකට විතර මැලේෂියා යන්න වෙනවා.”
“අයියෝ... කවදද?”
“මම සිකුරාදා යනවා.”
“අනේ කාවින්ද...... ඔයා මට
කලින් කිව්වෙත් නෑ... ඔයා ගියාම මට පාළුනේ..”
“අද තමයි වැඩේ කන්ෆර්ම්
වුනේ.... ඒ ගමන්ම තමයි ඔයාට කිව්වේ.... මට යන්නම වෙනවා. මාසයකින් මම ආපහු එනවා.”
“අනේ....... මට පාළුයි
අප්පා.. යන්නම ඕනෙද?”
“ඔව් ඔව්..... බය වෙන්න එපා
මම එනවා.”
“එහෙනම් හෙට මාව හම්බ වෙන්න
එන්න....”
“අනිවා... මම හෙට එදා වගේ
උසාවියෙන් ඔයාව ගන්නවා තුන හමාරට. ඊට පස්සේ ඕනේ තරම් වෙලා ඉමු.”
“හරි.... මම බලාගෙන ඉන්නවා.”
*********************************
ඉතුරු දවස් කීපයම හොටෙල් එකේ
වැඩ වලට ගත වෙලා ගියා. අම්මත් අකමැත්තක් පෙන්නුවේ නෑ. බ්‍රහස්පතින්දා දවස හරියටම
තුන හමාරට මම උසාවිය ලඟට ගියා මාලිකාව ගන්න.
“අද නම් ඔයා වෙලාවට ආවා. කොහෙද
අපි යන්නේ?” මාලිකා ඇහුවා.
“කොහේ කියල යන්නද මාලිකා. මේ
නුවරම තමා අපිට කැරකෙන්න වෙන්නේ.”
“ඒකනේ.... මට ඔයත් එක්ක
ටිකක් නිසංකලංකව ඉන්න පුළුවන් තැනක් නෑනේ. අපේ ගෙදර යන්නත් බෑ... අම්මා සැරෙන්
සැරේ එබෙනවා... අපේ අම්මට ඒ පුරුද්ද නම් අතෑරගන්නම බෑ අනේ... මම පොඩි කාලේ ගෙදර
ටියුෂන් එකක් කළා. එතකොටත් එයා පැය කාලෙන් කාලට ඇවිත් එබෙනවා. මොන වැඩේ කළත්
එහෙමයි.”
“අම්මලා එහෙම තමයි මාලිකා.
මම කියන්නම්... අපි අපේ හොටෙල් එකටම යමු. එතන ෂේප් එකේ ඉන්න පුළුවන්.”
“ඔයා වැඩ කරන තැන... කමක්
නැද්ද?”
“අවුලක් නෑ.”
මම මාලිකාත් එක්ක හොටෙල් එකට ඇවිත් එයාව මගේ කාමරේට එක්කගෙන ගියා.
“ඔයාට වොෂ් එකක් දාගන්න නම්
පුළුවන්. අළුත් ටවල් තියෙනවා බාත් රූම් එකේ. ඒත් ඊට පස්සේ ඇඳ ගන්න දෙයක් තමයි
නැත්තේ. ආයෙත් ඔය සාරිය තමා ඇඳගන්න වෙන්නේ.... එහෙම නැත්නම් බාත් රෝබ් එක ඇඳගෙන
ඉන්න වෙනවා කාමරේ ඇතුලේ.”
“ඒක තමයි. දන්නව නම් මම
ඇඳුමක් දාගෙන එනවා. දැන් මොනව කරන්නද? කොහොමත් මම වොෂ් එකක් නම් දාගන්න ඕනේ.. උදේ
ඉඳලා උසාවියේ වැඩ කරලා දාඩිය දාලා ඉන්නේ.”
මාලිකා එහෙම කියලා බාත් රූම්
එකට ගියා.
කෙල්ලත් එච්චර ලැජ්ජාව තියෙන
කෙනෙක් නම් නෙවෙයි වගේ. සමහර කෙල්ලන්ට නම් මෙහෙම කාමරේකට එක්ක ඇවිල්ලා මේ වගේ
කිව්වොත් ඇඹරෙයි. මට හිතුනා.
මාලිකා වොෂ් එකක් දාගන්න
අතරේ මම කිචන් එකේ සම්පත් ට කතා කරලා සැන්ඩ්විච් ටිකකුයි, රෝල්ස් කීපයකුයි, ටී
පොට් එකකුයි ගෙන්න ගත්තා.
වේටර් කෙනෙක් ඒ ටික තියලා
ගිය ගමන් ම වගේ මාලිකා බාත් රූම් එකෙන් එළියට ආවා.
නාලා හිටපු කෙල්ල බාත් රෝබ්
එක ඇඳගෙන, කොන්ඩේ පිහ දම දමා මගේ ඉස්සරහ හිටගෙන ඉන්නවා. නරක නෑ... ලස්සන ඇඟක්
තියෙනවා මාලිකාට. මම කන්න වගේ එයා දිහා බලාගෙන හිටපු නිසාද කොහෙදෝ කෙල්ල බය වුනා
වගේ.
“ඇයි කාවින්ද ඔහොම බලන්නේ...
සොරි... ඇඳගන්න වෙන දෙයක් නෑ.. ඒකයි ඔයා කියපු විදිහට මේක ඇඳගත්තේ... මම වතුර
වේලුනාට පස්සේ ටිකකින් සාරිය ඇඳ ගන්නම්.”
මම බලපු විදිහ කෙල්ලට තේරිලා
ද කොහෙදෝ.
“නෑ... නෑ... එහෙම දෙයක්
නෑ.... ඔයා ඇඳුම් නැතුව ඉන්නවා නෙවෙයිනේ.
ඒක නෙවෙයි, මම කෑම ගෙනාවා තේ එක්ක... ඔයා කිව්වනේ ටී බොන්න ආසයි කියලා...
ඔන්න බීලා බලන්න.. මේවා ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදලා තියෙන්නේ.”
“එක නම් හොඳයි, මම බඩගින්නේ
හිටියේ... තෑන්ක්ස් කාවින්ද කාමරේටම ගෙනාවට.. මේක ඇඳගෙන එළියට යන්නත් බෑනේ.”
මාලිකා මගේ ළඟට ඇවිත් ඉඳ
ගත්තා.
කෙල්ල ඇත්තටම හිතුවට වඩා
ලස්සනයි. සාරි ඇඳගෙන, පටලවගෙන ඉන්නකොට නොපෙනෙන ලස්සන දැන් තමා පේන්නේ. අනිත් වෙන
ඕනෙම කොල්ලෙක් වගේ මමත් සැරින් සැරේ මාලිකා දිහා බැලුවා.
කෑම කන ගමන් කෙල්ල ඒක
දැක්කා.
“මට ලැජ්ජයි කාවින්ද... ඔහොම
මගේ දිහා බලන්න එපා අනේ.”
“මොනව කරන්නද? ලස්සන
කෙල්ලෙක් ඉස්සරහ ඉන්නකොට බැලෙනවා.”
“මම ගොඩක් ලස්සනද?”
“හ්ම්....”
“මොකද අනේ නිකම්ම හ්ම්
ගාන්නේ..?”
“නෑ ඉතිං ගොඩක් ලස්සනයි තමා.
ඒකනේ හොරෙන් බලන්න හිතෙන්නේ.”
“ඔයා මං දිහා හොරෙන් බලන්න
ඕනේ නෑ කාවින්ද... අප දෙන්නා මැරි කරන්න නේ යන්නේ.... ඉතින් මාව අයිති ඔයාට තමයි.”
එහෙනම් ඉතින් කෙලින්ම
බලන්නම්කෝ... මම එහෙම කියලා මාලිකා වාඩි වෙලා හිටපු තැනට තවත් ලං වුනා. ඊට පස්සේ
එයාගේ අතින් අල්ල ගත්තා. චූටි ලස්සන අතක්....
“කාවින්ද...”
මාලිකා කොඳුරනවා මට ඇහුනා.
“ඇයි?”
“ඔයා මට ගොඩක් ආදරේ ද?”
මාලිකා අහපු ඒ ප්‍රශ්ණේ නිසා
මම පියවි සිහියට ආවා.
මම අද මාලිකාව හම්බ වුනේ මම
මැලේෂියා යන නිසා ඊට කලින් හම්බ වෙන්න තියෙන අන්තිම චාන්ස් එක නිසා.. හරි නම් මම
දැන් හිතන්න ඕනේ මාලිකා ගැන නෙවෙයි, දිලිනි ගැන. ඒත් මට මොනවා වෙලාද?”
ඒ කල්පනාවෙන් මම මාලිකාගෙන්
ඈත් වුනා. කෙල්ලට ඕනෙවට වඩා බලාපොරොත්තු දුන්නොත් ඒක මගේ වැරැද්ද. මම මැලේෂියා
ගිහින් දිලිනි ව හම්බ වුනොත් මාලිකා ට මොකද වෙන්නේ....? මට එහෙම කල්පනා වුනා.
“ඒක නෙවෙයි මාලිකා..... දැන්
ඔයා අම්මටත් කිව්වද මම යනවා කියලා.”
“කිව්වා... අම්ම නම් කියන්නේ
අපි දෙන්නගේ මැරේජ් එක රෙජිස්ටර් කරලා ඔයාට යන දිහාක යන්න කියලා... නැත්නම් ඔයාට
එහේ ගියාම මාව අමතක වෙයි කියලා. ඒත් මම දන්නවා ඔයා එහෙම නෑ කියලා. ඔයා ගිහින්
එනකම් ම මම බලාගෙන ඉන්නම්.”
“අම්මා එහෙම කිව්වද?”
“හ්ම්.... ඔයා ඒ ගැන වැඩිය
හිතන්න එපා. මට ඔයාව විශ්වාසයි කාවින්ද? ඒක නෙවෙයි ඔයා ඇයි යන්නේ කියලා මට කිව්වේ
නෑනේ.”
“ටික කාලෙක ඉඳලා කරගන්න
හිතාගෙන හිටපු වැඩ වගයක් තියෙනවා. එහේ ඉන්න යාළුවෙක් කිව්වා මේ දවස් වල එන්න
කියලා.”
“මට කියන්න බැරි වැඩක්ද?”
“මේ අවස්ථාවේ නම් කියන්න බෑ.
ඒත් මම ගිහින් ඇවිත් කියන්නම්.”
“යන්න කලින් කියන්න බැරි
දෙයක් නම් ගිහින් ආවට පස්සේ කිව්වට වැඩකුත් නෑ කාවින්ද.... කමක් නෑ... ඔයා වැඩේ
කරගෙන එන්න.”
අපි කතා කර කර ඉන්න අතරේ තේ බීලා
ඉවර කළා.
“දැන් නම් බඩගින්න නැති වුනා
කාවින්ද... කෑම නම් නියමයි... පුදුමයක් නෑ ගෙස්ට්ලා නිතර එන එක... ඇත්තටම රසයි.”
“එහෙම තමා මම මේක මැනේජ්
කරන්නේ... කිසිම කෑමක් ටේස්ට් නොකර එළියට යවන්න තහනම්. ඒ නිසා දෙන කෑම හොඳම ටේස්ට්
ඒවා. අනිත් එක හැම දෙයක්ම ෆ්‍රෙෂ්... කිසිම දෙයක් අපි ෆ්‍රීසර් වල තියා ගන්නෙ
නෑ... මස් මාළු විතරයි දවස් කීපයක් තියා ගන්නේ. අනිත් හැම දේම ඩේලි මාකට් ගිහිල්ලා
ගන්න ඒවා.”
“ඒක නම් හොඳම වැඩක්
කාවින්ද.... මමත් ආසයි මේ වගේ හොටෙල් එකක වැඩ කරන්න... වෙලාවකට උසාවි ගිහින් එකම
දේ කතා කරලා එපා වෙනවා.... ආසාවෙන් තෝරගත්තට මොකද වෙලාවකට හරිම ටයර්ඩ්.”
“ඇත්ත. ඒ වගේ ජොබ් එකක් හරිම
ඒකාකාරී නේ... මේ හොටෙල් වල එහෙම නෑ... එකම රූටින් එක කරන කෙනෙකුට වුනත් දවසින්
දවස වෙනස් දේවල්... ආසා හිතෙනවා. ඒත්
ඉතින් ඔයා මේව ඉගෙන ගෙන නෑනේ.. නැත්නම් ජොබ් එකක් දෙන්න තිබුණා.”
මම එහෙම කිව්වහම මාලිකා හිනා
වුනා.
“දෙයක් කියන්නද කාවින්ද?”
“මොකක්ද?”
“ඇත්තටම ඔයාගේ ප්‍රපෝසල් එක
ගේනකොට ඔයාගේ අම්මා ඔය කතා ඔක්කොම අපේ අම්මටයි මටයි කිව්වා. ඒත් ඒ දවස්වල මම
හිතුවේ ඔයාගේ අම්මා පොඩි දේවල් නිකං දෙක කරලා මවලා කියනවා කියලා. නැත්නම් ඔය කියන
විදිහේ කොල්ලෙක් ලේසියෙන් හොයාගන්න පුළුවන්ද? මම හිතුවේ ඔයාගේ අම්මා නයා පාර දානවා
කියලා.... ඒත් දැන් හිතෙනවා එයා කියපු දේවල් සම්පූර්ණ ඇත්ත කියලා... ඔයා මල්ටි
ටැලෙන්ට් තියෙන කෙනෙක් කාවින්ද?”
“ඒකම නෙවෙයි රහස.... මම
සාමාන්‍යයෙන් වැඩක් බාර ගන්නේ මම ඒකට ආසයි නම් විතරයි. එහෙම එකක් බාර ගත්තහම
නොදන්න දෙයක් වුනත් හොයලා බලලා, කියවලා, ඉගන ගෙන තමා කරන්නේ.... ඒ නිසා මම
ලේසියෙන් වරද්ද ගන්නේ නෑ.”
“ඒක නෙවෙයි කාවින්ද..... ඔයා
දැන් ගිහින් ආවට පස්සේ අපි වෙඩින් එකට දින කතා කරගත්තොත් හොඳයි නේද...? අම්මා
දැන්ම ඉඳලා මට කරදර කරනවා... දැන් රවුම් ගැහුවා ඇති කියලා.”
“දින දාගන්න නම් දැන් වුනත්
පුළුවන්... ඒත් ඔයා කැමති විදිහට ඒක කරමු මාලිකා.”
“මේ හදිස්සියේ ඕවා බෑ... ඔයා
ගිහින් එන්න.. ඊට පස්සේ අපි බලමු.”
කතාවෙන් කතාවෙන් ටිකක් රෑ
වුනා. වෙලාව රෑ හතයි.
“මාලිකා... ඔයා දැන්ම යනවද?
නැත්නම් ඩිනර් අරගෙන ම යනවද?”
“ඩිනර් ගන්න නම් බෑ දැන්ම..
දැන් නේ තේ බීලා ඉවර වුනේ. ඔයාට කරදරයක් නැත්නම් මම ටිකක් රෑ වෙනකං ඉන්නම්. ඔයා ව
අදින් පස්සේ හම්බ වෙන්නේ මාසයකින්නේ...”
“අම්මා මොකුත් කියයිද?” මම
ඇහුවා.
“එයා මොනව කියන්නද? මම නරක
දෙයක් කරන්නෑ නේ.”
“ඉන්න... මට අවුලක් නෑ...
ඒත් අවුල තියෙන්නේ ඔයාට එළියට යන්න ඇඳුමක් නැති එක... කාමරේට වෙලාම තමා ඉන්න
වෙන්නේ.”
“කමක් නෑ... මට එතකොට ඔයාගේ
ළඟට වෙලාම ඉන්න පුළුවන්නේ..”
මාලිකා පොඩි කෙල්ලෙක් වගේ
හිනා වුනා.
ඊට පස්සේ එයා මගේ ළඟට ඇවිත්
ඉඳගෙන මට ලංවුනා.
“මොකද?” මම ඇහුවා.
“මාව ටිකක් ලං කරගන්නකෝ.....
හෙට යනවනේ අප්පා...”
මම හිනාවෙලා කෙල්ලගේ කර වටේ
අතක් දාලා ලඟට ගත්තා.
“කාවින්ද.... ඔයා ලඟ හරි
රස්නෙයි...” කෙල්ල මට තුරුල් වෙලා කියනවා.
“ඔයා මට කොච්චර ආදරේද කියලා
කිව්වේ නෑනේ....” මාලිකා ආයෙත් ඇහුවා.
“ඒක කියන්න බෑ.... ආදරේ
කොච්චරද කියලා වචන වලින් කියලා වැඩක් නෑ.... ඒක එහෙම මෙෂර් කරන්න බැරි දෙයක්.”
“මම දන්නවා... ඒකනේ මම ඔයාට
මටත් වඩා ආදරේ..... ඒක මේෂර් කරන්න පුළුවන් එකම විදිහ ඒකයි.” මාලිකා කිව්වා.
අපි දෙන්නගේ කතාව නැවතුනේ
කව්රු හරි දොරට තට්ටු කරන සද්දයෙන්.
“කාවා... මචං මම සචිත්‍ර...
සොරි ටු ඩිස්ටර්බ් යූ ටූ, බට් දිස් ඉස් වෙරි ඉම්පොර්ටන්ට්.”
“පොඩ්ඩක් හිටපං...”
මම එහෙම කියලා දොර ඇරියා.
“මොකද බං...”
“මට ඇතුලට එන්න දීපං...”
“බෑ බෑ....” මාලිකා බාත්
රෝබ් එක විතරක් ඇඳගෙන ඉන්න නිසා මම කිව්වා.
ඒ වුනාට ඌ කොහොම හරි ඔළුව
ඇතුලට දාලා බැලුවා. බාත් රෝබ් එක පිටින් ඉන්න කෙල්ල දැක්කහම උගේ මූණේ මහා වල්
හිනාවක් ඇතිවෙලා නැතිවුනා.
සචියවත් තල්ලු කරගෙන මම
එළියට ආවා.
“උඹ නම් කාවා....”
“මොකක්ද බං උඹ කඩාගෙන ආවේ...
ඒක කියලා හිටපංකෝ... මගේ ජාතකේ හොයන්නේ නැතුව.”
“යකෝ.. උඹ ඒකිවත් ඇඳට
ගත්තද?”
“පිස්සුද යකෝ.. කෙල්ල වොෂ්
එකක් දාගත්තා. ඇඳගෙන ආපු සාරිය විතරයි තියෙන්නේ.. ඉතින් යනකොට ඇඳගන්න කං ඔහොම ඉන්න
කියලා මම කිව්වා.”
“උඹ කිව්වා... එතකොට කෙල්ල
ගේමක් නැතුව හා කිව්වා.... අනේ පලයං යකෝ යන්න.”
“උඹට විශ්වාස නැති වුනාට මට
කරන්න දෙයක් නෑ.. ඒ මගුලක් නෙවෙයි ඇයි උඹ මේ හදිස්සියේ කඩාගෙන පාත් වුනේ?”