සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
128
“කාවින්ද තාම වෙලාව හතරයි... අපි අපේ ගෙදර ගිහින් එමුද?
මට උදේ ඉඳලා උසාවියේ වැඩ නිසා මහන්සියි... ඊටත් වඩා දාඩිය දාලා එපා වෙලා. ගෙදර
ගියොත් ටක් ගාලා වොෂ් එකක් දාලා වෙන ඇඳුමක් ඇඳගෙන එන්න පුළුවන්.”
“යමු.....”
මම කාර් එක ඒ පැත්තට හැරෙව්වා.
අපි ඉක්මනටම මාලිකාගේ ගෙදරට ආවා. ඒ එනකොට එයාගේ අම්මා
විතරයි හිටියේ.
“අම්මේ... අපි ආවා.” එහෙම කියාගෙන මාලිකා මගේ අතින්
අල්ලගෙනම ගේ ඇතුලට ගියා.
“එන්න පුතා.... මෙයා ඔයාට කරදර කරනවා නේද....? ඔයාගේ වැඩ
දාලා මෙයාව එක්ක එන්න ගියාද?”
“නෑ ආන්ටි... ඒක සුළු දෙයක්...”
“වාඩිවෙන්න පුතා... මම තේ ටිකක් හදාගෙන එන්නම්....”
“ආන්ටි මම බොන්නේ ප්ලේන්ටී හරි ප්ලේන් කොෆී හරි විතරයි.
කිරි දාන්න එපා.”
“ඇයි පුතා කිරි බොන්නේ නැද්ද....? අපේ දුවටනම් උදේටයි
හවසටයි හොඳ කිරි තේ කෝප්පයක් නැතුවම බෑ.”
“මම පොඩි කාලේ ඉඳලම කිරි බොන්නේ නෑ... ගෙදරදි නම් ෆ්‍රෙෂ්
ජූස් විතරයි... හවසට මේ වගේ ප්ලේන් ටී එකක්.”
මම මාලිකාගේ අම්මත් එක්ක කතා කර කර ඉන්න අතරේ මාලිකා
පැත්තකට වෙලා මට රවනවා දැක්කා.
“අම්මේ මම ආවේ වොෂ් එකක් දාගන්න.... අපි උඩට යනවා...”
බැරිම තැන එයා කිව්වා.
“දෙන්නම යන්න උඩට... මම තේ එවන්නම්....” අම්මා කිව්වා.
මාලිකා මගේ අතින් ඇදගෙන උඩ තට්ටුවට ගියා.
“එන්න කාවින්ද... ගෙදර ඉන්නකොට මම ඉන්නේ උඩ තට්ටුවේම
තමා. මගේ කාමරේ.... සාලේ.. ලයිබ්‍රරි එක, ඔක්කොම මට වෙන් කරගෙන මම
ඉන්නේ...”
මම උඩ තට්ටුවේ තිබුණ සෝෆා එකේ ඉඳ ගත්තා.
“කාවින්ද... ඔයා මගේ කාමරේ බලන්න ආස නැද්ද?”
කෙල්ල මට එයාගේ කාමරේට යන්න කතා කරනවා.
“අපෝ කෙල්ලෙක්ගේ කාමරේ ඉතින් මොනව බලන්නද.... බෝනික්කෝ
හරි ටෙඩියෝ හරි ගොඩකුයි... ඇඳුම් ගොඩකුයි, මේකප් බඩු ගොඩකුයි ඇති. වෙන නම් දෙයක්
නෑ.”
“මම එහෙම නැ.... එන්නකෝ...”
මම ටිකක් අදිමදි කළා. එක වතාවක් දිලිනිගේ කාමරේට ගිහින්
වුන දේ අමතක නෑ.”
“ඇයි කාවින්ද... බය....”
“බයක් නෑ... ඒ වුනාට දැන් ඔයාගේ අම්මා තේ අරන් එයි...
අපි දෙන්නා කාමරේ ඇතුලේ ඉන්න එක......”
“ඇයි... අපි වැරදි දෙයක් කරන්නේ නැහැනේ...”
මම කාමරේ ඇතුලට ගිහින් වටපිට බලනකොට දැක්කේ පුදුම
දෙයක්... ඒක ලොකු කාමරයක්... ඇතුල් වෙන හරියේ වෙනම පටු කොටසක් තියෙනවා කොරිඩෝ එකක්
වගේ... එතන තනිකරම වෝල් කබඩ් ගහලා එක එක විදිහේ පොත් වලින් පුරවලා. එතනින් ඇතුල්
වුනාම නිදන කොටස... ලස්සන ලොකු ඇඳක්, පිළිවෙලට තියෙන මේසයක් එක්ක කණ්නාඩි
මේසයක්... වැඩේ කියන්නේ ඒ තැන් වලත් පොත් වලින් පුරවලා...
“මේක බෙඩ් රූම් එකක්ද ලයිබ්‍රි එකක්ද?” මම ඇහුවා.
“මම ආසම දේ පොත් කියවන එක කාවින්ද.... ඒ නිසා මගේ කාමරේ
වැඩියෙන්ම තියෙන්නේ පොත්....”
“මොනවද මේ ලෝ බුක්ස් ද?”
“අපෝ නෑ... මේ ඔක්කොම රීඩින් බුක්ස්.... සිංහල ඉංග්ල්ෂ්
දෙකම... ඔයාගේ කැමතිම ඕතර් කව්ද?”
“මමත් පොත් නම් කියවනවා... ඒත් සිංහල නම් වැඩිය නෑ... මම
කැමතිම මයිකල් ක්‍රිව්ටන්....”
“එහෙනම් ඔයත් පොත් කියවනවා.” මාලිකා ඇහුවා.
“ඔව්...”
එතකොටම මාලිකාගේ අම්මා වැඩට ඉන්න කෙනා අතේ තේ එවලා
තිබුණා කේක් එක්ක.
“තියලා යන්න...” මාලිකා කිව්වා.
“ඒක නෙවෙයි මාලිකා... ඔයා දැන් ආවේ වොෂ් එකක් දාගන්න
නේද....? ඉක්මන් කරන්න..... අපි පරක්කු වෙයි...”
“ඇයි ඔයා මාත් එක්ක මෙහෙම ඉන්න කැමති නැද්ද..?” මාලිකා
කෙලින්ම ඇහුවා.
“එහෙම එකක් නෙවෙයි..... ඔයා තාම ආපු ඇදුමෙන්මනේ...”
“ඔයාටත් ඕනෙනම් වොෂ් එකක් දාගන්න...” මාලිකා එහෙම කියලා
අළුත් ටවල් එකක් මගේ අතේ තිබ්බා.
මීට අවුරුදු හතරකට විතර කලින් දවසක් මහ රෑ දිලිනිගේ
කාමරේ වුන දේම අද මාලිකාගේ ගෙදර, එයාගේ කාමරේ සිද්ධ වෙනවා.... මට එකපාරටම නුහුරු
ගතියක් දැනුනා. දිලිනි එක්ක ඉන්න කොට තිබුණ පහසුව, මට මාලිකා එක්ක මෙහෙම තනි වුනාම
නුහුරුවක් වගේ දැනුනා.
“ඇයි කාවින්ද කල්පනා කරන්නේ...?”
“මට දැන් වොෂ් දාගන්න බෑ අප්පා... ඊට පස්සෙත් ඇඳගෙන ආපු
එකමනේ අඳින්න තියෙන්නේ.. ඔයා ඉක්මනට ගිහින් එන්න... මම එළියෙන් ඉන්නම්.”
මම එහෙම කියලා එලියට යන්න හැරෙනකොටම මාලිකා මගේ අතේ
තිබුණ ටවල් එක අරගෙන මට ලං වුනා...
“ඇයි එළියට යන්නේ.....?”
“ඔයා ඇඳුම් මාරු කරනකං”
“ඔයා හිටියට කමක් නෑ කාවින්ද.... අනේ එළියට යන්න එපා...”
මාලිකා එහෙම කියලා තවත් මට ලංවුනා.
“කාවින්ද..... මම කවදාවත් මේ තරම් ඔයාට ලංවෙලා නෑ....”
“ඉතින්... දැන් මේ ඉන්නේ....” මම කිව්වා.
“ඔයාට ආසා නැද්ද?” මාලිකා ඇහුවා.
“මොනවද?”
“මාව තව ටිකක් ලං කරගන්න... මාව තුරුල් කර ගන්න...”
මාලිකා රහසින් වගේ කිව්වා.
ඊට පස්සේ මගේ ළඟටම ඇවිත් ඔළුව උස්සලා මගේ මූණ දිහා
බැලුවා.
දිලිනි ගෙන් පස්සේ මේ වගේ කෙල්ලෙකුගේ උණූසුම මට දැනුනේ
සෑහෙන කාලෙකට පස්සේ. මම මාලිකාගේ මූණ බැලුවා. ඒ ඇස් බාගෙට වැහිලා... කව්ද
ඉස්සර වෙන්නේ කියලා දෙන්නම තත්පර කීපයක් බලාගෙන හිටියා.
මාලිකාගේ දෙතොල් සිප ගන්න මට කීප සැරයක්ම හිතුනා... ඒත්
මට කලින් එයා ඉස්සර වුනා. කෙල්ල එක පාරටම තදින් මගේ තොල් සිප ගත්තා. අපි දෙන්නගේ
පලවෙනි කිස් එක.
තත්පර කීපයකදී එයා ආපස්සට ගියා.
“සොරි කාවින්ද.. අනේ සොරි..... මට මාව පාලනය කරගන්න බැරි
වුනා.” එහෙම කියලා එයා ලැජ්ජාවෙන් අතේ තිබුණ ටවල් එකෙන් මූණ වහ ගත්තා.
“දැන් ඒක අමතක කරන්න... වැඩිය හිතන්න එපා.” මම කිව්වා.
මම එහෙම කිව්වත් මාලිකා වචනයක්වත් කතා නොකර ටවල් එකත්
අරගෙන බාත් රූම් එකට දිව්වා.
මම පොතක් අරගෙන ඇඳ උඩ ඉඳගෙන පිටු පෙරලන්න ගත්තා.
‘කාවින්ද... දැන් උඹ මේ කෙල්ලව බඳින්න කැමති වුනානේ...
එහෙනම් බූරුවෙක් වගේ හැසිරෙන එක නවත්තලා ඒ කෙල්ල එක්ක ආදරෙන් ඉන්න බලපං. කෙල්ල උඹට
ලංවෙලා ඉන්නකොට ගහක් ගලක් වගේ ඉන්නේ නැතුව ටිකක් ආදරණිය වෙන්න බලපං... උඹ දිලිනිට
පණටත් වඩා ආදරේ කළා තමා... ඒත් දැන් ඒක ඉවරයි... මේ කෙල්ලට අසාධාරණයක් නොකර, ඒකිට
ආදරේ කරලා බැඳපං... නැත්තං දැන්ම වැඩේ අතෑරලා දාලා ඒ කෙල්ලට වෙන අතක් බලා ගන්න ඉඩ
දීපං’ මගේ යටි හිත මට කිව්වා.
මම ඔයා කල්පනාවෙන් ඉන්න අතරේ මාලිකා බාත් රූම් එකෙන්
එලියට ආවා. ලස්සන කළු පාට ඩෙනිම් කලිසමක් එක්ක ලා කොළ පාට ස්කිනි එකක් ඇඳලා, තෙත
කොන්ඩේ ටවල් එකෙන් පිහ දාන ගමන් කෙල්ල මගේ ළඟටම ආවා.
දැන්නේ කෙල්ලගේ ලස්සන පේන්නේ..... කෙල්ල ලඟින් එන සුවඳ
මාව මත් කරවනවා.... මම ඒත් එක්කම කෙල්ලගෙ අතින ඇදලා අරන් මගේ පපුවට තුරුල්
කරගත්තා. මාලිකා මට කොච්චර තද වුනාද කිව්වොත් කෙල්ලට පුළුවන් වුනේ මගේ මූණ දිහා
බලන්න විතරයි...
“ඔයා හරි ලස්සනයි...” මම කිව්වා.
“මොකද හදිස්සියේ ලස්සන පෙනුනේ...?”
“හදිස්සියක් නෑ..... අද තමා ඔයාව හොඳින් ම දැක්කේ...” මම
ඒක කිව්වහම මාලිකා මට තවත් තුරුල් වුනා...
“මාලිකා... ඔයා මට ආදරේද?”
“මගේ පණටත් වඩා... ඔයා දැක්ක මුල්ම දවසේ ඉඳලා මම ඔයාට
ආදරේ කළා... දැන් නම් මට ඔයා නැතුව එක විනාඩියක්වත් ඉන්න බෑ...”
“ඔයා හිතනවද මාව මැරි කරලා මගේ ලයිෆ් ස්ටයිල් එක ඔයාට
හරියයි කියලා... මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා.”
“ඒක මම දන්නෑ කාවින්ද.... මම දන්න එකම දේ දැන් මට ඔයාව
ඕනේ කියන ඒක නිසා ඔයාව මැරි කරන එක ගැන දෙපාරක් හිතන්න මට අවශ්‍ය නෑ.”
එහෙම කියන ගමන් මාලිකා කකුලේ ඇඟිලි වලින් ඉස්සිලා මගේ
මූණට එයාගේ මූණ තවත් ලං කලා. මට කරන්න ඉතුරු වෙලා තිබුණේ එයාගේ මූණ අත් දෙකින්ම
අල්ලගෙන නොනවත්වා සිප ගන්න එක විතරයි.
අපි දෙන්නා තත්පර කීපයක් එහෙමම ඉන්න ඇති. මාලිකාගෙ අම්මා
දොරට තට්ටු කළා.
“අම්මා...” මාලිකා මට රහසින් කිව්වා.
“ඇයි අම්මා...” එයා ඇහුවා...
“ළමයෝ... දැන් ඔයාලා කෙහෙද යනවා කිව්වා නේද... පරක්කු
වෙන්නේ නැද්ද?”
“අයියෝ.................... මේ අම්මත්..... ඕනෙ නැති
දෙයක් නෑ...” මාලිකා රහසින් අම්මට බනිනවා.
“එනවා අම්මා...” ඒ ටික සද්දෙන් කිව්ව මාලිකා මාවත් ඇදගෙන
ඇවිත් මට කේක් කෑල්ලක් දුන්නා.
“ඔයා හදපුවද?” එදා දිලිනිගේ ගෙදර මුලින්ම ගිය දවසේ එයාම
හදපු කේක් මට දුන්න එක මතක් වෙලා මම ඇහුවා.
“නෑ අනේ.. මට කේක් හදන්න, උයන්න වගේ දේවල් නම් බෑ.”
“කොහෙද පුතා... මම කොච්චර කියලා දෙන්න හැදුවත් පොතක්
අරගෙන ඒකට මූණ ඔබාගෙන ඉන්නවා. දැන් නම් මෙයාට ඕවා පුරුදු වෙන්න වෙයි...” මම
මාලිකාට උයන්න බෑ කිව්ව නිසා අප්සෙට් වෙයි කියලා හිතලා මාලිකාගේ අම්මා ඉක්මනට
කිව්වා.
“ඒක ලොකු අවුලකුත් නෑ... මොකද මට හොඳට උයන්න පුළුවන්,
ඇමරිකාවේ අවුරුදු තුනක්ම මම තනියම උයාගෙන කෑවා නේ.”
“අපි දෙන්නා මැරි කළාට පස්සේ ඔයා මට කියලා දෙන්න... මට
ඉක්මණට අල්ල ගන්න පුළුවන්.”
“ඇයි අම්මා ගෙන් ඉගෙන ගත්තේ නැත්තේ?”
“අපෝ.... අපේ අම්මා එක්ක ඉගෙන ගන්න බෑ.... එයා කියලා දෙන
දේවල් මෙලෝ දෙයක් මට මතක හිටින්නේ නෑ....” මාලිකා කිව්වා.
“දැක්කද පුතා... මම අවුරුදු හතලිහක් ඉස්කෝලේ දරුවන්ට
උගන්වලා තියෙනවා... මෙයා කියනවා මම කියලා දෙන දේවල් තේරෙන්නේ නෑ කියලා.”
“එහෙම තමා ආන්ටි...... මටත් අපේ අම්මා එක දවසක් ඉකෝන්
කියලා දෙන්න ගියා.... මෙලෝම දෙයක් තේරුණේ නෑ... මම හිතන්නේ තමන්ගෙම කෙනෙක් කියලා
දෙනකොට ඒ ප්‍රශ්ණෙ තියෙනවා.”
“කොහොම වුනත් දුව ඔයා ඉක්මනටම උයන පිහන වැඩ ටිකක්
ඉගෙනගන්න වෙනවා. නැත්නම් මැරි කරලා ගියාට පස්සේ මට තමයි බැණුම් අහන්න වෙන්නේ...
දුවක් හදලා ඒ දේවල් කියලා දීලා නෑ කියලා. කොහොම වුනත්, මොනව කළත් ගෑණු දරුවෙක් උයන
පිහන වැඩ, ගෙයක් පාලනය කරන එක දන්නේ නැත්නම් මොනවා පුළුවන් වුනත් වැඩක් නෑ.”
මාලිකාගේ අම්මා හොඳ දේශනයක් මාලිකාට දෙනවා.
“අනේ අම්මා.... ඔය දේශනාව පස්සේ කරන්න... අපිට පරක්කු
වෙනවා...”
අපි දෙන්නා කාර් එකට ආවා.
“අපි කොහෙද යන්නේ කාවින්ද?”
“ඔයාට මොන වගේ තැනකටද යන්න ඕනේ?”
“විශේෂයක් නෑ... අපිට ටිකක් කතා කර කර ඉඳලා... ඩිනර් එක
අරගෙන එන්න පුළුවන් තැකනට....”
“ඔයා මොන වගේ ඩිනර් එකකටද කැමති. හොටෙල් ඩිනර් එකක්ද,
රෙස්ටොරන්ට් ඩිනර් එකක්ද, නැත්නම් ස්ට්‍රීට් ෆුඩ් ද?”
“ස්ට්‍රීට් ෆුඩ්... ලංකාවේ කොහෙද අනේ ඒවා.”
“ඒවා තියෙනවා.... ඔයා දන්නේ නැති වුනට.... කැමතිද
වැඩේට?”
“මම ආසයි..”
“එහෙනම් මේකයි කතාව... මේ බීඑම්ඩබ්ලිව් වල ලිහින් ඕවා
කරන්න බෑ... මට පැය බාගයක් දෙන්න.... මම සචියට කතා කරලා වාහනයක් ගෙන්න ගන්නම්....”
“ඒ මොකක්ද....?”
“ඔයා ඉන්නකෝ.... අපි දැනට මේ හරියේ පාක් කරලා කතා කර කර
ඉමු... ඒ අතරේ සචියා එයි.”
මම එහෙම කියලා.... මාලිකාත් එක්ක වැව රවුමේ, බංකුවක
ඉඳගත්තා.
“පෙරකදෝරු නෝනා කොල්ලෙක් එක්ක වැව රවුමේ අවිදිනවා කියලා
හෙට උසාවියේ ප්‍රසිද්ධ වෙයිද දන්නෑ නේද?” මම ඇහුවා.
“ඒ මොකද... මට නිදහසක් නැද්ද ඔයාත් එක්ක ටිකක් මේ වගේ
ඉන්න... ඒක නෙවෙයි කාවින්ද.... ඔයාට මාව බඳින්න අවුරුද්දක්ම ඉන්න ඕනෙද තව..?”
“ඇයි....?”
“මට දැන් ඔයා නැතුව ටික වෙලාවක් වත් ඉන්න බෑ... වැඩ
ඇරිලා ගෙදර ගියාම මම කාමරෙන් එළියට එන්නෙම නෑ... ඔයාවම මතක් කර කර ඉන්නවා....
අම්මා ඇවිත් කතා කළත් මට හරියට තරහා යනවා... මම ගිය සතියෙත් අම්මා එක්ක රණ්ඩු
වුනා.... මට නිදහසේ ඉන්න දෙන්නෑ කියලා... පස්සේ මටම හිනා යනවා...”
“මට පොඩි වැඩ ටිකක් තියෙනවා මාලිකා ඒකයි. අංක එක එරංග
අයියව රිලීස් කරන්න ඕනේ මිනිහගේ වෙඩින් එක ඉවර වෙනකං... ඊට පස්සේ තව ඉවර නොකරපු
වැඩ කීපයක් තියෙනවා.... ඔය ටික ඉවර වෙනකොට මාර්තු වෙලා තියෙයි...”
“මට වෙන කිසිම හදිස්සියක් නෑ... ඔයාව නැතුව ඉන්න
කම්මැලියි... ඒකයි.”
“ටිකක් ඉවසලා ඉමු.... දැන් ඔයාගේ උසාවියේ වැඩ මොකද?”
“මම කිව්වේ කාවින්ද... මමයි යාළුවෙකුයි එකතු වෙලා වෙනම
ෆර්ම් එකක් පටන් ගන්නවා... ඊට පස්සේ අපි නඩු කතා කරනවා. ඇත්තම කිව්වොත් අපි මේ
තැනට ආවට පස්සේ තමා දැක්කේ රටේ කොච්චර, දුප්පත්, අහිංසක මිනිස්සු ඉන්නවද කියලා. ඒ
මිනිස්සු නූගත්, නීතියක් ගැන කිසිම දෙයක් දන්නේ නෑ...”
“ඉතින් ඔයා දෙන්නා මොකක්ද කරන්න යන්නේ...?”
“මගේ යාළුවා විශාකා... එයාගේ තාත්තත් ලෝයර් කෙනෙක්...
දැන් රිටයර් වෙලා.. ඇතිවෙන්න සල්ලි තියෙනවා. එයත් මේ ෆිල්ඩ් එකට ඇවිත් තියෙන්නේ ආසාව
නිසා. අපි දෙන්නා කතා කරගත්තා නඩු කතා කරනවට අමතරව මේ මිනිස්සුන්ට නීතිය ගැන
දැනුවත් කරන්න... ඇත්තටම මම එන්ජීඕ එකක් එක්ක වැඩ කරනවා. අපි දෙන්නටම සල්ලි වලින්
අඩුවක් නැති නිසා, අපි මේ නඩු කතා කරන එක කරන්නේ චැරිටි එකක් වගේ. සල්ලි
තියෙන කෙනෙක් ආවොත් සල්ලි ගන්නවා... නැත්නම් නොමිලේ කරනවා. හැබැයි අපි නොමිලේ කතා
කරනවා කියලා ප්‍රසිද්ධ කරන්නේ නෑ... මොකද එහෙම වුනොත් හැමෝම එයි අපි ලවා වැඩ
කරවගන්න.”
“ඒක ඇත්ත... ඔයාලා එහෙම කරන එක ලොකු දෙයක්... මමත් ෆුල්
සප් එක දෙන්නම්... මටත් එන්ජීඕ දෙක තුනක කන්ටැක්ස් තියෙනවා.. බලමු ඒ අයත්
අල්ලගන්න.... ඔයාලට පුළුවන් නම් දුප්පත් අහිංසක මිනිස්සුන්ට නොමිලේ උදව්වක් වෙන්න,
ඒක නියම වැඩක්.”
අපි දෙන්නා කතා කර කර ඉන්න අතරේ වැව රවුමේ අයිස්ක්‍රීම්
කරත්තයකින් අයිස් ක්‍රීම් කෑවා. බොම්බයි මොටයි කාරයෙක්ගෙන් බොම්බයි මොටයි කෑවා...
“කාවින්ද ඔයා නම් අද ස්ට්‍රීට් ෆුඩ් විතරමද කන්න යන්නේ?”
“ඇයි....?”
“නෑ... ඉතින් පාරේ කරත්ත තල්ලු කරන අයගෙන්ම තමා නේද
කෑම?”
“ඔයා කැමති නැද්ද?”
“එහෙම එකක් නෑ.... ඒ වුනාට ඉස්කෝලෙ කාලෙන් පස්සේ මේ වගේ
කෑවාමයි මේ.”
මෙහෙම ඉන්න අතරේ සචියා ආවා මගේ බයික් එකේ...
“කාවා..... ඇයි එන්න කිව්වේ?”
“මචං... බයික් එක මට දීලා කාර් එක අරං පලයං...”
“ඇයි බං ඒ...?”
“ප්‍රශ්ණ අහන්න එපා යකෝ... අපි දෙන්නා පොඩි ගමනක්
යනවා.... කාර් එකේ යන්න බෑ.”
සචියා කාර් එක අරගෙන ගියා.
“කාවින්ද අපි යන්නේ මොකේද?”
“එන්නකෝ යන්න.”
මම මාලිකාව බයික් එක ලඟට එක්කගෙන ගියා....
“මේ තියෙන්නේ!”
“අප්පෝ..... මේකේ යන්න පුළුවන්ද? මම නම් බයික් එකක
ගිහිල්ලම නෑ...”
“බය වෙන්න එපා... මට කාර් එකට වඩා මේක පුරුදුයි, කාර්
ගන්න කලින් අවුරුදු පහලොවේ විතර ඉඳලා තමා මම බයික් පදින්නේ.”
“මේක ඔයාගෙද?”
‘ඔව්... බාප්පා ජපානේ ඉඳලා එනකොට අරන් ආවේ... ඔරිජිනල්
ඩී.ටී. 200.”
“මාර උසයිනේ කාවින්ද.. ඇත්තටම මට බයයි...”
“ඔයා බය වෙන්න එපා.... එන්නකෝ.... මම නැංගට පස්සේ නැගලා
ඉඳගන්න. කකුල් දෙක මෙතනින් තියා ගන්න. ඔයාට පහසු විදිහට ඉන්න.”
මම කියපු විදිහට මාලිකා හෙල්මට් එකත් දාගෙන බයික් එකට
නැංගා.
“කාවින්ද... මම අල්ලගන්නේ කොහෙන්ද?”
“ම්.... අල්ලගන්නේ නම් මගේ බඩ දෙපැත්තෙන් අත් දෙක
දාලා... මේකේ පිටිපස්ස උස නිසා වෙන බයික් වල වගේ යන්න බෑ...”
මම එහෙම කිව්වහම මාලිකා මගේ බඩ වටේ අත් දෙක දාලා අල්ලා
ගත්තා. කෙල්ලට නුහුරු නිසා කෙලින්ම ඇවිත් මගේ ඇඟේ හේත්තු වුනා.
මම බයික් එක ස්ටාට් කරගෙන හෙමිහිට පාරට ගත්තා. කෙල්ල
සෑහෙන්න බය වෙලා වගේ.. මට හුස්ම ගන්නත් බැරි තරමට වගේ තද කරලා අල්ලගෙන ඉන්නවා.”
“මාලිකා... ටිකක් බුරුල් කරන්න... මට හුස්ම ගන්නත් බෑ.”
“මේක නියමයි කාවින්ද, කාර් එක වගේ නෙවෙයි, ඔයාට හේත්තු
වෙලාම ඉන්න පුළුවන්.”
“ආස ඇති නේද?”
“ආසයිද කියලා අහනවා..... අපි හැමදාම මේකේ යමු අනේ...”
කෙල්ල එහෙම කිව්වට මම වේගේ වැඩි කරනකොට ටිකක් බය වුනා.
“අනේ කාවින්ද... ටිකක් හෙමිහිට යමු.... මට බයයි...”
“බය වෙන්න එපා... මම මේක පුරුදු වෙන්න කරනවා නෙවෙයිනේ..”
දිලිනි නම් බයික් එකේ ඉඳගත්තහම මට තුරුල් වෙලා, මම කොහේ
ගියත් සද්ද නැතුව ඉන්නවා. ඒත් මාලිකා තාම පුරුදු නැහැ.
“කාවින්ද... අපි කොහේද යන්නේ?”
“ඔළුව හැරුණු අතේ යමුද?”
මම සුපුරුදු කතාව කිව්වා.
“යමු අනේ... මටත් ඕනේ ඔයත් එක්ක ඔළුව හැරුණු අතේ ගිහින්
කවුරුවත් නැති තැනක තනිවෙන්න තමා.”
මම නොහිතපු විදිහකට මට පරණ පුරුදු උත්තරයම ලැබුනා.
හැබැයි ඒ පුරුදු කෙනාගෙන් නෙවෙයි. දිලිනියි මාලිකායි කොයි තරම් සමානද?
“මාලිකා... අපි යමු අපර් ලේක්... මම ඔයාට ලස්සන වීව්
එකක් දෙන්නම්.”
“මම කවදාවත් මේ වගේ වෙලාවකට එහෙට ගිහින් නෑ...”
මම බයික් එක අපර් ලේක් වල බැම්ම ලඟ නවත්තනකොට වෙලාව හතට
විතර ඇති. වට පිටාවේ කරුවල වැටිලා. පහලින් නුවර ටවුන් එක ලස්සනට පේනවා.... හැම
තැනකම ලයිට් දාලා.... මාලිගාව පුදුම ලස්සනක්.
“අනේ කාවින්ද.... හරිම ලස්සනයි... අපි ඉන්න නගරෙම මේ වගේ
ලස්සන බලන්න පුළුවන් තැනක් තියෙනවද කියලත් පුදුමයි.”
අපි දෙන්නා බැම්ම උඩින් ඉදගෙන කතාවට වැටුනා.
අපි ඒ විදිහට අට හමාර විතර වෙනකං හිටියා.
“මාලිකා... බඩගිනි නේද...? යමුද?”
“යමු... ඒක නෙවෙයි... කොහෙන්ද කන්නේ...?”
“එන්නකෝ යන්න... ඔයා කොත්තු කන්න ආසද, නැත්නම් මස් හොදි
එක්ක පරෝටා සහ බිත්තර රොටි, එහෙමත් නැත්නම් ලුණු මිරිස් එක්ක පොල් රොටී,
නැත්නම් බීෆ් කරි එක්ක ඉඳිආප්ප...”
“අම්මේ... කියනකොටත් කටට කෙල උනනවා. ඇත්තටම සෑහෙන
කාලෙකින් මම ඒ විදිහට කාලා නෑ.. කොහෙන්ද ඔය ඔක්කොම හොයා ගන්නේ...”
“තියෙනවා... එකම වහලක් යටින්... හැබැයි පාරේ ඉඳගෙන තමා
කන්න වෙන්නේ...”
“පාරේ...”
“එන්න යමු...”
මම වෙන කිසිම දෙයක් නොකියා මාලිකා එක්ක ටොරින්ටන් පාක්
එකේ උඩට ආවා. එතන හැමදාම රෑ හතට අරින නයිට් කඩයක් තියෙනවා. දවාලට එතන කරන්නේ රෙදි
බිස්නස්... ඒ බිස්නස් එක හයට වහලා ගියාට පස්සේ, එතන කෑම කඩයක් දානවා. අපි අවුරුදු
ගාණක් කාලා බීලා එතන ඉන්න හැමෝම වගේ හොඳට අඳුනනවා.
මස් කරි වලා සුවඳ, උණු උණු රොටි සුවඳ නිසා කටට කෙල
උනනවා.
“කොහොමද සුවඳ.... බඩගින්න ඩබල් වෙනවා නේද?”
“හ්ම්.. මම කලින් මේ තැන කීප සැරයක් දැකලා තියෙනවා...
ඒත් මම හිතුවේ නැහැ මේ තරම් ලොකු බිස්නස් තියෙන තැනක් කියලා.”
“එයා දැකලා නෑ... තාම නවයයි, තව රෑ වෙනකොට මෙතන හිටගෙන
ඉන්න ඉඩ නෑ... ඒක නෙවෙයි මොනවද කන්නේ...?”
“ඔයා කැමති දෙයක් ගන්න...”
අපි දෙන්නා බිත්තර රොටි, පරාටා බීෆ් කරි එක්ක ගත්තා.
දෙන්නා බිත්තර රොටි හතරකුයි, පරෝටා අටකුයි, ඊට පස්සේ පොල් රොටි දෙකකුයි, තව සමෝසා
දෙකකුයි කෑවාට පස්සේ නම් බඩ ෆුල් වුනා... ඊට පස්සේ ඉඟුරු දාපු උණු උණු ප්ලේන් ටී
දෙකක්...
“අම්මා.... දැන් නම් හොඳ ගණන්...” මම කිව්වා.
“ඇත්තමයි කාවින්ද... සෑහෙන කාලෙකින් මෙහෙම ආසාවෙන් කෑමක්
කෑවේ නෑ... ගෙදර හදනවා වගේ නෙවෙයි නේ... පුදුම රහක් තියෙන්නේ...”
“ඒක නම් ඇත්ත... මටත් ගෙදර ඒවාට වඩා මේවා තමා ආසා.
සචියයි, මමයි අමිලයි සතියකට දවස් තුනක් වත් රෑට මෙතනින් කනවා.”
අපි දෙන්නා හොඳටම බඩ පුරවගෙන මාලිකාගේ ගෙදර යනකොට වෙලාව
රෑ දහයට කිට්ටුයි.
“පුතා දැන් ගොඩක් පරක්කු වෙලා..... බයික් එකේ ගෙදර යන්න
එපා.... අද ඉඳලා යන්න..”
මම මාලිකාව දාලා යන්න ලෑස්ති වෙනකොට මාලිකාගේ අම්මා
කිව්වා.
ඒක අහපු ගමන් මාලිකාට ලස්සන හිනාවක් ගියා. එයා ඉක්මනට
මගේ ළඟට ඇවිත්.... “අනේ කාවින්ද.... ඒක තමයි.... ඉඳලා යන්න.” කියලා කිව්වා.
“බෑ ආන්ටි... අනිත් එක තාම ගොඩක් රෑ වෙලා නෑනේ... මට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ... අනික ආන්ටිලාටත් කරදර නේ.”
“මොන කරදරයක්ද දරුවෝ... මේ වැඩිපුර කාමර දෙකක්ම
තියෙන්නේ.... එහෙනම්... හොඳ විදිහක් කරන්න... ඔයාගේ අම්ම නම් කැමති නෑ ඔයා රෑ වෙලා තනියම ගමන් යනවට... දුව ඔයා කතා කරලා
හොඳ විදිහක් කරන්න.”
එහෙම කියලා මාලිකාගේ අම්මා කුස්සියට ගියා.
“අනේ කාවින්ද... ඔයා හරි නරකයි...!”
“අනේ මේ ගෑණූ ළමයි නම්... දැන් පැය ගාණක් තිස්සේ මගේ ළඟට
වෙලා ඉඳලා, ඔයා හරි හොඳයි කියලා, එක වචනයක් නිසා මම ඉවරයි.”
“නෑ අනේ... ඒ වුනාට ඉන්නකෝ....”
“බඳින්න කලින් ගෑණු ළමයගේ ගෙදර නවතින්න හොඳ නෑ!” මම
කිව්වා.
“අනේ මෙයා... ඇමරිකාවේ ගිහින් ඇවිත්... කියන්නේ නම අපි
තාම පරණ අදහස් තියාගෙන ඉන්නවා කියලා... ඒ වුනාට වාසියට මෙයාත් ඒකම කියනවා නේද?”
“මම යන්නම් බබෝ..”
“අපෝ යන්න යන්න... මෙයාගේ ලොකු කම....” මාලිකා බොරු
තරහක් මවාගෙන කිව්වා.
“මම ඉන්නම්.... හැබැයි අම්මා කියපු විදිහට වෙනම කාමරේක
නම් බෑ... ඔයාගේ කාමරේ ඔයත් එක්ක ඉන්න දෙනවනම් කැමතියි.”
මාලිකා කල්පන් කරන්න පටන් ගත්තා.
“මොකද කල්පනාව? කැමති නෑ නේද? ඒකනේ මම කිව්වේ .... මම යන්නම්.”
“අනේ ඉන්න... මම කැමති නෑ නෙවෙයි... මම කල්පනා කළේ
අම්මටයි, තාත්තටයි අහු නොවී කොහොමද ඔයාව තියාගන්නේ කියලා...”
“ඒ කියන්නෙ කෙල්ලට හොර වැඩ කරලා පුරුද්දක් තියෙනවා.”
“නෑ අනේ... එහෙම තියෙනවා නම් මම කල්පනා කර කර ඉන්නේ
නෑ... ම්.... ඔයා ඉන්න ඔයාට දෙන කාමරේ... අම්මා නිදාගන්න ගියාම මම එන්නම් ඔයා
ලඟට..”
“අම්මෝ... මේ කෙල්ල කියන කතා...”
“අනේ ඇයි.... වෙන කෙනෙක් එක්ක නෙවෙයිනේ... ඔයා
එක්කනේ...” මාලිකා නෝක්කාඩු කියන්න ගත්තා.
“එක්කෝ මම යන්නම්!” මම කිව්වා.
“මේ අම්මා තමයි වැඩේ කෑවේ... එක්කෝ ඉන්න නොකියා හිටියනම්
එකක්.. එහෙමනම් මම හිත හදාගෙන නේ හිටියේ ඔයා යනවා කියලා... දැන් ඉන්න කිව්වට පස්සේ
යන්න දෙන්න ලෝබයි අප්පා...”
ඒ පාර කෙල්ල අම්මට බණින්න පටන් ගත්තා.
“මම යන්නම් මාලිකා.... හෙට හවසත් මම එනවා ඔයාව බලන්න.”
“ඇත්තමද? පොරොන්දු වෙන්න....”
“ෂුවර්...”
මාලිකා බොහොම අකමැත්තෙන් මට යන්න දුන්නා.
සෝ සෑඩ්
ReplyDeleteකමෙන්ට් නම් බොහොම මදි...... කියවනවා වගේම පොඩි අදහසකුත් දාලාම ගියා නම් තමා ඊළඟ කොටස ඉක්මනට දාන්න ආසාවක් ඇති වෙන්නේ....
ReplyDeletePatta....aasawen kiyawanne....mata oyawa hambenna oni
ReplyDelete