සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
130
දිනි කියපු දේ දිගටම මගේ ඔළුවේ
වැඩ කළා.
දවස් දෙකක් විතර මම මාලිකාව
හම්බවෙන්න යන එකත් කළේ නෑ. හොටෙල් එකට ගියෙත් නෑ, ගෙදර ගියෙත් නෑ... දොඩංවල ගෙදරට
වෙලා මම හිටියා.
සිකුරාදා හවස සචියා ආවා
අමිලත් එක්ක.
“මොකද කාවා උඹට වුනේ.. දවස්
ගාණකින් උඹව දැක්කේ නෑ.... හොටෙල් එකට ආවෙත්
නෑ... මොකක්ද සීන් එක.”
“එහෙම අවුලක් නෑ... ආ ඒක
නෙවෙයි, උඹට කියන්න බැරි වුනා... මට දිනි
කතා කළා.”
“නෑ.... මොකක්ද සීන් එක... තවත් ගිනි ගෙඩියක්ද?”
“නෑ බං... කෙල්ල හැදිලා...
මට කතා කරලා කරපු මෝඩ වැඩ වලට සමාව ඉල්ලුවා. ඒකි මාර කතාවක් කිව්වනේ!”
“ඒ පාර මොකක්ද?”
“ඒකි දැනගෙන මම මාලිකාව බඳින්න යනවා කියලා...”
“නෑ.... පුතෝ පරිස්සමින්...
ඕකි මාලිකාටත් කුණුහරප දෙකක් කියලා මේ සැරෙත් මොකක් හරි අංචියක් අදී...”
“නෑ බං... ඒකි කියනවා මට
මාලිකාව නෙවෙයි ගැලපෙන්නේ දිලිනි ලු. මම දිනිව හෙව්වේ නැහැලු. මාලිකා බදින්න කලින් දිලිනි ව හොයාගෙන එයා කියන
දේත් අහලා ඉන්නලු. මට හරියන එකම කෙල්ල දිලිනි විතරමයි කිව්වා.”
“හෑ..... මොකක්...... වෙන්න
බෑ.....”
“ඒක තමයි යකෝ මටත් පුදුමේ..”
“හරි ඒක එහෙමයි කියමුකෝ...
දැන් මේ අපේ මැටි මෝල් පුතා, හදන්නේ අරකි කියපු දේ අහලා ආයෙත් දිලිනි හොයන්න පටන්
ගන්නද?”
“ඇයි?”
“යකෝ... උඹ කෙල්ලොන්ගේ ජීවිත
එක්ක සෙල්ලම් කරන්න එපා. එතකොට මාලිකාට උඹ ඔච්චර බලාපොරොත්තු දීලා... ඒකිට මොකද
වෙන්නේ?”
සචියා අහපු ප්‍රශ්ණේ ඇතුලේ
මම මූණ දීල ඉන්න අවුල තිබුණා. මම කොහොමද මේ ගැටේ ලිහා ගන්නේ... එක අතකට මට හිතුනා,
මාලිකා ගැන තීරණයක් ගන්න මම ඉක්මන් වුනා වැඩිද කියලා.
“ඕක ඔච්චර කල්පනා කරන්න
දෙයක් නෙවෙයි කාවා.... උඹ පරණ දේවල් අමතක කරලා දාලා තීරණයක් ගත්තනේ... දැන්
ආයෙත් ඒක රිවස් කරන්න හදන්න එපා. එහෙම වුනොත් කී දෙනෙකුගේ ජීවිත අවුල් වෙයිද?
මාලිකා, ඒ ගෙදර මිනිස්සු, උඹගේ අම්මා, තාත්තා... කී දෙනෙක්ද බං.”
සචියා කොච්චර කිව්වත් දිනි
ගේ කෝල් එකෙන් පස්සේ මම හිටියේ දෙගිඩියාවෙන්.
සචියා හොටෙල් එකට ගියත් මම
ගෙදරටම වෙලා හිටියා.
දවසම කල්පනා කරලා මම තීරණයක්
ගත්තා. සැලැස්මක් හදාගත්තා.
දිලිනි තාමත් ඉන්නවා නම්,
වෙන කෙනෙක්ව කසාද බැඳලා නැත්නම්, මම අනිවාර්යයෙන්ම එයාව හොයා ගන්නවා. දිලිනි නැති
කාලේ මම ඇමරිකාවේ ගියා, ඇති තරම් කෙල්ලෝ ආශ්‍රය කළා, ලංකාවට ඇවිත් මාලිකා ආශ්‍රය
කළා. අන්තිමට බඳින්නත් කතා කරගත්තා. ඒත් මොකක්දෝ අඩුවක් හිතේ තිබුණා. ඒ මොකක්ද
කියලා මට තේරුම් කරලා දුන්නේ එදා දිනි ගේ කෝල් එක.
මොනවා වුනත් දිනි කියන්නෙත්
පුදුම කෙල්ලෙක්. අවුරුදු හතරකට කළින් මාව අවුල් කරන්න. අම්මට කේලම් කියලා, නොකරපු
දෙයක් නෑ.
දැන් එකපාරටම කොහේදෝ ඉදලා මට
කතා කරලා උදව් කරන්න හදනවා. බොහොම අමාරුවෙන් හදාගෙන තිබුණ හිත ආයෙත් අවුල් කරලා
දැම්මා. මේ කෙල්ලෝ කියන්නෙ නම් වසංගතයක් අම්මපා.
කොහොම වුනත් දිනි කරපු වැඩේ
නිසා මම තීරණයක් ගත්තා කොහොම හරි ගිහාන් ව හම්බ වෙලා බලන්න. කළින් වතාවේ අමිලයි
සචියයි අකමැති වුන නිසා මේ සැරේ උන් දෙන්නට නොකියා වැඩේ කරන්න ඕනේ. හැබැයි කිසිම
කෙනෙක් දැන ගන්න හොද නෑ මම ගිහාන් ව හම්බ වෙන බව.
මම හොයාගත්ත තොරතුරු වලට
අනුව අද ගිහාන් අනිවාර්යයෙන් නයිට් ක්ලබ් එකට එනවා. ඒක උගේ ජීවිතේ පුරුද්දක්.....
එදා හවස මම කාමරේට ඇවිත්
වොෂ් එකක් දාගෙන බැල්කනි එකට ආවා. ගේ තියෙන්නේ කදු ගැටයක් උඩ නිසා වට පිටාව හරිම
ලස්සනට පේනවා. දැන් වෙලාව හවස හයට කිට්ටුයි. දැන් මගේ ප්ලෑන් එක දියත් කරන්න හොඳම
වෙලාව.
මම සචියට කෝල් කරන කොට
අමිලත් එක්ක ඌ හොටෙල් එකේ.
“මචං... උඹලට වැඩක් නැත්තං
වරෙන් මෙහෙ.”
“වැඩක් නම් නෑ කාවා.“
“එහෙනම් වරෙන් මෙහාට. එනකොට
බියර් කේස් එකක් අරන් වරෙන්.”
“කේස් එකක්ම... යකෝ බීලා කණ
සාක්කුවේ දාගන්නද යන්නේ?”
“ඒ පණ්ඩිතකම් නැතුව අරන්
වරෙන්..... කම්මැලි කම යන්නත් එක්ක පොඩ්ඩක් සෙට් වෙමු.”
“හරි හරි...”
“ආ එනකොට මතක් කරලා ඇපල්
ගෙඩි හත අටක් අරන් වරෙන්.... කන්න කිසි දෙයක් නෑ.”
“හරි මචං... අපි තව පැයකින්
ඔතන.”
බැල්කනි එකට වෙලා කෝපි
එකකුත් තියාගෙන ඉන්නකොට මට ආයෙත් දිලිනි ගැන සිතුවිලි නතර කරගන්න බැරිවුනා..
කොච්චර ලස්සනට අපි දෙන්නට ජීවත් වෙන්න තිබුණද...
ඔය විදිහට කල්පනාවෙන් ඉන්න
අතරේ අමිලයි, සචියයි ආවා. ඉස්කෝලෙන් අවුට් වෙලත් දැන් අවුරුදු පහකට කිට්ටුයි. මුන්
දෙන්නා තාම එදා වගේමයි. යාළුකම් වෙනස් වෙලා නෑ.
“කාවා උඹනම් පොරක් බං...
බලපං... අපි දැන් කැම්පස් අවුට් වෙලත් අවුරුද්දක් වෙනවා... යන්තං ජොබක් හොයාගත්තා
විතරයි. ඒකත් එරංග අයියට පින් සිද්ධ වෙන්න. තාම අපි ට ගෙයක් දොරක් නෑ. අපිට කියලා
වාහනයක් නෑ.. අඩුම තරමේ කෙල්ලෙක්වත් නෑ... තාම ඉස්කෝලෙ යන කාලෙ වගේම අතේ සතේ නෑ.
මොන ජීවිතද බං අපි ගෙවන්නේ.”
“ඉතිං...”
“ඉතිං කියන්නේ යකෝ.. උඹ
එහෙමද... උඹට වාහන තියෙනවා. එකක් නෙවෙයි දෙකක්ම... ගෙයක් තියෙනවා. ඇති වෙන්න අතේ
සල්ලි තියෙනවා. ඇමරිකාවේ ගිහින් ඉගෙන ගත්තා. රටවල් කීයක උඹ ඇවිදලා තියෙනවද?
ඇමරිකාවේ පී ආර් එක තියෙනවා. කෙල්ලෙක් යාළු කරගත්තා පට්ටම සල්ලි කඳක්... ඒක නැති
වෙලා දැන් තවත් කෙල්ලෙක් ඉන්නවා බඳින්න... උඹට මොනවද බං අඩු... උඹනේ බං පොර...”
“එහෙම තමයි ඩෝ අපි වගේ ලකී
කොල්ලෝ....”
“ඒකනම් ඇත්ත බං. උඹනම් පට්ට
ලකී. අපිට උඹට වුනා වගේ කෙල්ලෙක් සෙට් වෙලා ගෙවල් වල අය අකමැති වෙලා නවත්තන්න
වුනොත් අන්තිමට වන්දිත් ගෙවන්න වෙලා තමා නවතින්නේ.. නැත්නම් කෙල්ලගෙන් ගුටි කාලා.
උඹට එහෙමද, කෙල්ල උඹව දාලා ගියේ ගේකුයි, කාර් එකකුයි දීලා.... මොන කෙල්ලද බං දැන්
කාලේ එහෙම කරන්නේ. අපිට සෙට් වෙන උන් ප්ලේන්ටියත් අපෙන් බොන්න බලාගෙන ඉන්න උන්...”
කතාවෙන් කතාවෙන් ගෙනාපු
බියර් වලින් වැඩි ප්‍රමාණයක් අමිලයි සචියයි ඉවර කළා. රෑ නවය විතර වෙනකොට උන්
දෙන්නට හොඳටම වෙරි. මටත් ඕනේ කරලා තිබුණේ ඒක.
“සචියා.. දැන් උඹලා යන්න
එපා. දෙවෙනි කාමරේ ඇඳන් දෙකක් තියෙනවා. උඹලා දෙන්නා නිදා ගනින්.”
“මචං කාවා... උඹ මගේ
බොක්ක..... දැන්ම නිදාගන්න කියන්න එපා පැටියෝ... අපි තව බොමු....”
සචියා වෙරි මර ගාතේ කියවනවා.
“ඇත්ත සචියා... මේ කාවා
බොරුව දාන්නේ.. ඌ බොන්නෑ.... යකෝ අපිනේ වැඩි හරියක් බීලා තියෙන්නේ....” අමිලත්
වෙරි වෙලා...
“ඇති බං.. හෙටත් දවසක්
තියෙනවානේ... වරෙන් වරෙන් නිදාගමු.”
මම එහෙම කියලා උන් දෙන්නට
කාමරේ පෙන්නුවා.
“එල නේ කාවා... එහෙනම් අපි
නිදා ගත්තා. ගුඩ් නයිට්... සවීට් ඩ්‍රීම්ස් ඩාලිං...”
මම යාළුවෝ දෙන්නව ඇඳට දාලා
ඒසී එකත් දාලා දොරත් වහලා එළියට ආවා. උන් දෙන්නා අයෙත් නැගිටින්නේ හෙට උදේ...
දැන් තමා මගේ ප්ලෑන් එක ක්‍රියාත්මක
කරන්න හොඳට වෙලාව.
මම ඇඳුම් මාරු කරගෙන වාහනේට
ගොඩවුනා. ගේ ඉස්සරහ දොර වහලා ගත්ත යතුර කාර් එකේ තියලා වාහනේ ස්ටාර්ට් කරගත්තා.
විනාඩියක් යනකොට මම වාහනේ මහ
පාරට දාලා ‘ල ගැරේජ් කියන නයිට් ක්ලබ් එක පැත්තට ගියා.
E kotasa kotai wage..
ReplyDeleteබියර් බීල ඔතරම් වෙරි උනා??
ReplyDeleteහා.. හරි හරි... එහෙමයි කියමුකෝ
බියර් බෝතල් හත අටක් බිව්වහම තුන් දෙනෙක් වෙරි වෙනවා තමා..
Delete+++++++++++++
ReplyDelete