සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
133
සචිත්‍ර ටිකක් බයෙන් වගේ කතා කළා.
“මේකයි කාවා සීන් එක,
පොලිසියෙන් උඹේ ගෙදර ගිහින් තියෙනවා උඹව හොයන්න....”
“මොකක්....?”
“ඔව්.... ගිහාන් පැමිණිල්ලක්
දාලා උඹ ඌට ගැහුවා කියලා.”
“යකෝ..... මේක මාර
වැඩක්නේ.... කවදද මම ඌට ගැහුවේ.....?”
“කාවා... ඇත්ත කියපං එදා උඹ
නේද ඌට ගැහුවේ?”
මම කතා නැතුව හිටියා.....
“උඹ අපිටත් බොරු කියනවා....”
“ඌ මොකෙක්ද බං හැමදාම පොඩි
එකෙක් වගේ පොලිසි යන්නේ...?” මම කිව්වා.
“ඌ වැරදි නෑ බං... උඹ නේ
අපිටත් හොරෙන් ගිහින් ඌට ගහලා තියෙන්නේ...”
“ඌ දිලිනි ට වේස ගෑණියෙක්
කිව්වා... මට මල පැන්නා.....”
“ඒ කියන්නේ උඹ ඌට ගැහුවා...
තෝ අපිවත් රවට්ටලා කරපු දේ.... උඹ නම් යාළුවෙක් නෙවෙයි බං... යාළුවෙක් නම් අපිට
ඔහොම බොරු කරන්නෑ....
“මේකයි සචියා වුනේ.......” මම
සම්පූර්ණ කතාව කෙටියෙන් සචියට කිව්වා.
“ඒත් උඹ ඇයි ඌ උඹට ඇත්ත
කියලත්, ඌට නෙළුවේ...?”
“මම කිව්වේ... ඌ කෙල්ලට ජරා
විදිහට කතා හැදුවා. මට ඒකට මල පැන්නා.”
“නෑ.... ඊට වඩා දෙයක්
තියෙනවා කාවා... උඹ මටත් කියන්නේ නැති දෙයක් තියෙනවා.”
සචියා මේ අහන්නේ දිලිනි
ගිහාන් ව බැඳලා හිටපු එක ද? මම කල්පනා කළා.
“ඒකෙන් වැඩක් නෑ කාවා... උඹ
ඒක කියන්න කැමති නැත්නම් එපා... හැබැයි උඹ හෙට යනකං ටිකක් හැංගිලා ඉඳපං. වැරදිලා
හරි උඹව ඇතුලට දැම්මොත් උඹට ගමන මිස් වෙනවා. ආයෙත් යන්න පුළුවන් කමකුත් නැති වෙයි.
ඒ නිසා ටිකක් හැංගිලා හිටපං.”
සචියා කිව්වා.
“දැන් තාත්තා මොකද
කියන්නේ...?”
“ඇත්තම කිව්වොත් උඹලගේ
තාත්තා දෙවෙනි පාරත් මට කතා කරලා කිව්වා උඹව එක්කගෙන ගෙදර එන්න කියලා... ගෙදර
ආවොත් කිසිම පොලිසියකට උඹව ඇතුලට ගන්න ඉඩ දෙන්නෑ කිව්වා. අනික මමත් හිතන්නේ ඒක හරි
කියලා කාවා. උඹ ගිහින් තාත්තට කතා කරලා සෙට් වෙයං.”
“බෑ මචං... මේක මම දාගත්ත
අවුලක්... ඒක මම තනියම විසඳගන්නම්. අනික මම එදා තාත්තට කියලා ආවේ මේව මම
විසඳගන්නම් කියලා.”
“මම දන්නෑ කාවා.... උඹත්
දාගන්න ලෙඩ ඉවරයක් නෑ..... මොකටද බං ඌට ගහන්න ගියේ...?”
“දැන් පොලිසිය ඇවිත්
තියෙන්නේ මගෙන් කට උත්තරයක් ගන්නනේ.... එහෙනම් මම ගිහින් කට උත්තරයක් දෙන්නම්...”
“උඹට පිස්සුද යකෝ.... නිකං
හරි උං අද උඹව ඇතුලට දැම්මොත්... උඹ යන්නේ කොහොමද?”
“ඒකත් ඇත්ත.... එහෙනම් මම
කොහේ හරි ඉන්නම් අද දවසයි හෙට දවසයි... රෑට යනවනේ.”
“පරිස්සමින්... උඹට
විශ්වාසවන්ත තැනක් තියෙනවද?”
“විශ්වාසවන්ත තැන් නම්
තියෙනවා... ඒත් පොලිසියත් දැනගනී මම ඒ තැනක ඇති කියලා... මම මෙහෙම කරන්නම්.... අද
මම පැක් කරගෙන ගම්පහ පැත්තට ගිහින් මොකක් හරි ට්‍රාන්සිට් හොටෙල් එකක ඉන්නම්.
අවුලක් නෑනේ... මම රට යන කතාව දන්නේ අපේ ගෙදර අයයි, උඹයි, අමිලයි, එරංග අයියයි,
මාලිකායි විතරයි.”
“ඒක හොඳයි... උඹ පැක් කරගෙන
කියපං.... මාත් එනවා උඹත් එක්ක යන්න... මම මගේ නමින් හොටෙල් රූම් එක අරන් දෙන්නම්.
එතකොට හැම දෙයක්ම ෂේප් නේ.”
සචියා ගියා.
මම කාමරේට එනකොට මාලිකා
ටිකක් පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. මම පිටරට යන බව මාලිකාගේ ගෙදර අයත්
දන්නවා. ඒ නිසා මේ වෙලා තියෙන දේ අනිවාර්යයෙන්ම මාලිකාට කියන්න වෙනවා. නැත්නම් වෙන
විදිහකට ආරංචි වුනොත් හැම දේම හාරා අවුස්සන්න හදයි. ඒත් කෙල්ලට මේක කොහොමද
කියන්නේ....?
“ඇයි කාවින්ද... මොකක් හරි
ප්‍රශ්ණයක්ද?”
“ඉඳගන්නකෝ බබා...”
“ඇයි කාවින්ද... කියන්න
මොකද?”
“පොඩි ප්‍රශ්ණයක් වෙලා...”
මාලිකා ලොකු ගැටලුවකට මැදි
වෙලා වගේ මගේ දිහාම බලාගෙන හිටියා.
“ගිය සතියේ දවසක මම කෙනෙක්
එක්ක පොඩි රණ්ඩුවකට පැටලුනා.... මම ගහපු පාරකට මිනිහට තුවාල වෙලා දවස් කීපයක්
හොස්පිට්ල් හිටියා. දැන් ඌ මට විරුද්ධව පැමිණිල්ලක් දාලා.... පොලිසියෙන් අද ගෙදර
ඇවිත් මගෙන් කට උත්තර ගන්න එන්න කියන්න.”
“කාත් එක්කද ගහ ගත්තේ....
මොකක්ද හේතුව...?”
“හේතුව මොකක්ද කියලා දැන්
කියන්න බෑ.. කොහොම හරි ඒක තමා වුනේ... දැන් මම මොකක්ද කරන්න ඕනේ මාලිකා... මාව
ඇරෙස්ට් කරයිද?”
“සාමාන්‍යයෙන් නම් එහෙම බෑ
කාවින්ද... කට උත්තරයක් ගන්න එක්ක ගිහින් ඇරෙස්ට් කරන්න බෑ... ඒත් ඉතින් මේ ලංකාවේ
පොලිසියනේ..... ඒ නිසා එහෙම කරන්න බැරි කමකුත් නෑ....”
“මට තියෙන බය එහෙම වුනොත් මට
හෙට රට යන්න බැරි වෙනවා. කට උත්තරයක් දෙන්න නම් මම බය නෑ.”
“ඒ වුනාට කාවින්ද... ඔයා
මොනව කියලද කට උත්තර දෙන්නේ....? ඔයා ගැහුවා කියලා පිලිගන්නවද? ඩොක්ටර් ගේ රිපෝට්
එක ටිකක් සීරියස් වුනොත් එතකොට ඔයා අමාරුවේ වැටෙනවා.”
“දැන් මම මොකද එහෙනම් කරන්න
ඕනේ?”
“මට පුළුවන් ඔයාට උදව්
කරන්න... ඒත් මට ඇත්ත දැනගන්න ඕනේ....”
මාර වැඩේ... මම කොහොමද
මාලිකාට ඇත්ත කියන්නේ.... එහෙම වුනොත් දිලිනි ගැනයි, පරණ කතා ගොඩකුයි කියන්න
වෙනවා.
“ඇයි කාවින්ද.. මට කියන්න
බැරි තරම් දෙයක්ද? එහෙම නම් වෙන ලෝයර් කෙනෙක් එක්ක යන්න.”
“නෑ බබා... ඔයාට කියන්න බැරි
දෙයක් නෑ... ඔයා මාව වරදවා වටහා ගන්නේ නෑ කියලා මට විශ්වාසයි.”
මාලිකා මගේ ළඟට ඇවිත් අත
අල්ල ගත්තා.
“මාලිකා... මේක ගොඩක් දිග
කතාවක්... ඔයාට මම කියලා තියෙනවා මම කළින් යාළු වෙලා හිටපු ගෑණු ළමයා ගැන...”
“ඔව්... දිලිනි ගැන.”
“එයා තමා. මම එයත් එක්ක යාළු
වෙලා ඉන්න කාලෙම එයාට හිටියා එයාව බඳින්න බලාපොරොත්තුවෙන් ආපු කෙනෙක්. එයා දිලිනි
ගේ තාත්තගේ බිස්නස් පාට්නර් කෙනෙක්. නම ගිහාන්. කොහොම හරි මිනිහා තාත්තව රවට්ටලා දිලිනිගේ
අකමැත්තෙන් එයාව මැරි කරලා. රෙජිස්ටර් කරලා විතරයි. ඒත් දිලිනි කවමදාකවත් එයාට
කැමති වෙලා නෑ. ඔය අතරේ තමා අපි දෙන්නා අඳුරගත්තේ. ආදරේ කරන්න පටන් ගත්තේ...”
“පුදුම කතාවක් නේ කාවින්ද...
එයා මැරි කරලා ඉන්නකොට ද ඔයාට ආදරේ කළේ.”
“ඔව්... ඒක වැරදි නෑ.. ඒ
කසාදේ එයාගේ කැමැත්තෙන් වුන දෙයක් නෙවෙයි.”
“හරි.. එතකොට..?”
“මේකයි මාලිකා.. ඒ කාලේ ඉඳලම
ඒ කොල්ලයි මායි නිතරම හැප්පුනා. මට සිංගප්පූරුවට ගිහින් බෙහෙත් ගන්න වැඩ සිද්ධ
කළෙත් ඌ තමයි... ඉතින් ගිය සතියේ දවසක ‘ල කැන්ඩියන්’ එකේදි මට ඌව හම්බවුනා. ඌ
එතනදි මටයි දිලිනිටයි කැත කතා කියලා බැන්නා. එතනදි තමයි ප්‍රශ්ණේ වුනේ.”
“කාවින්ද... මම අතුරු ප්‍රශ්ණයක්
අහන්නම්... දැන් දිලිනි කෝ... එයා ඔය ගිහාන් එක්ක ද දැන් ඉන්නේ...?”
“නෑ... දිලිනි ඉන්නේ කොහෙද
කියලා කව්රුවත් දන්නෑ... ගිහාන් මට වෙඩි තිබ්බට පස්සේ දිලිනි ගිහාන් එක්ක කතා කරලා
තිබුණා. එයා ඩිවෝස් එක ඉල්ලලා. ඒත් ගිහාන් කැමති වෙලා නෑ කොහොමටවත්... ඒකෙන්
කෙල්ල අප්සෙට් වුනා... ඒ නිසා එයා මගෙන් හැංගුනා. ගිහාන් ඩිවෝස් එක දෙන්නේ නැති
නිසා මාව බඳින්නත් බෑ... එහෙම කියලා මගේ ජීවිතේ එයා වෙනුවෙන් බලාගෙන ඉඳලා නාස්ති
කර ගනී කියලා හිතලා එයා මගෙන් වෙන් වුනා.”
“පුදුම කතාවක් කාවින්ද...
ෆිල්ම් එකක් වගේ...”
“ඒ කතාව නම් ෆිල්ම් එකක් වගේ
තමා... ඒත් දැන් මම මොකද කරන්නේ පෙරකදෝරු නෝනා.” මම මාලිකාගේ නිකටෙන් අල්ලලා
ඇහුවා.
“අප්පෝ... මමත් බඳින්න
හදන්නේ රණුඩු කෙක්කක් නේ... මටත් කවුරු හරි ඔහොම කිව්වොත් ඔයා එයත් එක්කත් ගහ ගන්න
යනවද?”
“ඔයාට මොකුත් කිව්වොත් ඔය
වගේ මම උගේ අත පය ගැට ගහනවා.... හොම්බ කට නැති වෙන්නම දෙනවා.”
“අපෝ.... එපා..... ඒක නෙවෙයි
කාවින්ද... ඔයා යන්න කළින් අනිවාර්යයෙන් කට උත්තරයක් දීලා යන්න.. මම ඔයාව පොලිසියට
එක්ක යන්නම්.... සුගන්ධිකාගේ අයියා ඉන්නවනේ... එයාවත් එක්ක යමු.. පිරිමි කෙනෙක්
ඕනේ නිසා... එයත් ලොයර් කෙනෙක්...”
“මම නම් හිතා ගත්තේ හෙට
වෙනකං ෂේප් එකේ ඉඳලා කෙලින්ම මැලේෂියා යන්න.”
“ඒක කරන්න එපා කාවින්ද...
එහෙම වුනොත් ඔයා නිකම්ම වැරදි කාරයෙක් වෙනවා.”
“මාව ඇරෙස්ට් කළොත්.... තාත්තා
ගෙදර එන්න කියද්දි මම ලොකුවට කිව්වා මම මේක තනියම බේරගන්නම් කියලා...”
“අපෝ බය වෙන්න එපා
චන්ඩියා.... මම ඔයාව ඇරෙස්ට් කරන්න දෙන්නේ නෑ...”
“ෂිහ්... මූ හැම දේටම පොඩි
එකෙක් වගේ පොලිසියට යනවනේ...” මට කියවුනා.
“එහෙම තමයි කාවින්ද...
මනුස්සයෙකුට කව්රු හරි ගැහුවොත් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න ඕනේ...”
“ඒ වුනාට ඌ මට හතර පස් පාරක්
ඇටෑක් කරලා තියෙනවා.... එක පාරක් වත් මම පොලිසියට ගිහින් නෑ... කට උත්තර ගන්න ආවත්
මම කිව්වේ දන්නේ නෑ කියලා.”
“ඒක තමයි වැරැද්ද කාවින්ද...
ඔයා නීතිය ඔයාගේ අතට ගන්න හදනවා. නිකං හරි ඔයා පැමිණිල්ලක් දැම්ම නම් ඔය ගිහාන්
ආයෙ වතාවක් ඔයාට ඇටෑක් කරන්නේ නෑ.”
“මට ඔයා බයිලා වැඩක් නැ...
එහෙනම් හෙට මම අටට ඔයාව ගන්න එන්නම්... අපි යමු පොලිසියට...”
“හරි කාවින්ද....”
“ඒක නෙවෙයි බබෝ.... ඔයා
අම්මට හරි වෙන කිසිම කෙනෙකුට හරි මේ ගැන කියන්න එපා...”
“නෑ... බයවෙන්න එපා.... මම
කාටවත් කියන්නෑ... හැබැයි මීට පස්සෙවත් පරෙස්සම් වෙන්න.. ඒක නෙවෙයි කාවින්ද... ඇයි
දිලිනිට ඔයාගේ අම්මා තාත්තා අකමැති වුනේ...?”
“දන්නෑ...”
“මොකක් හරි ලොකු හේතුවක්
ඇති. ඔය කියන විදිහට ඔයා හොඳට ඉගෙන ගත්ත, බුද්ධිමත් කෙල්ලෙක්.. අනිත් එක හොඳට
සල්ලි තියෙන කෙනෙක්...”
“හේතු කීපයක් තියෙනවා...
එකක් එයාලගේ ෆැමිලි එක... එයාගේ අම්මගෙයි තාත්තගෙයි මැරේජ් ලයිෆ් එක ටිකක්
කම්ප්ලිකේටඩ්... කාලයක් වෙන් වෙල, වෙන මැරේජ් කරගෙන, ඒවා ඩිවෝස් කරලා ආයෙත් එකතු
වෙලා.... ඒ වගේ කතන්දර ගොඩක්.... අනිත් එක කෙල්ලගෙයි ගිහාන්ගෙයි සම්බන්ධය, තව එකක්
වයස..”
“ඇයි වයස...?”
“එයා මට වඩා අවුරුදු තුනක්
වයසින් වැඩී..”
“අම්මා කෙනෙකුට ඒකම හොඳ
හේතුවක් කාවින්ද අකමැති වෙන්න...”
“දැන් ඕවා කතා කරලා වැඩක් නෑ
මාලිකා....”
“හ්ම්..... කාවින්ද..... දිලිනි
ආයෙත් ආවොත්....”
මාලිකා හරිම ප්‍රශ්නේ මගෙන්
ඇහුවා.
“මම ඔයාව මැරි කරලා හිටියොත්
වැඩක් වෙන්නෑ... එයා එකපාරටම මාව දාලා ගිහිල්ලා, ආයෙත් එකපාරටම ආවොත් මම මොනව
කරන්නද? මට බෑනේ තව කෙනෙකුට දුන්න පොරොන්දුවක් වෙනස් කරන්න.” මම ටිකක් වැනෙන
උත්තරයක් දුන්නා.
“එයා ඇවිත් එයා එකපාරටම ගිය
එකට හොඳ හේතුවක් දුන්නොත්....?”
“අපි ඔය කතාව නවත්තමු
මාලිකා... අවුරුදු හතරකින් ආපු නැති කෙල්ල ආයෙත් එයිද?”
මට ඕනේ වුනේ ඒ මාතෘකාවෙන්
අයින් වෙන්න... මොකද මම වුනත් තාම හිතලා නෑ දිලිනි ආයෙත් ආවොත් මම මොනවද කරන්නේ
කියලා.
0 comments:
Post a Comment