සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
111.
දවස් කීපයක් කිසිම වෙනසක් නැතුව ගෙවුනා. ඒ අතරේ මම
ආපහු යන දවසත් ලං වුනා.
මම යන්න දවස් පහක් තියෙද්දි මම දිලිනිත් එක්ක ගිහින්
ටිකට් එක ගත්තා. ඊට පස්සේ මම දිලිනිව ඇරළලා තනියම බයික් එකේ ගෙදර යන්න පිටත් වුනා.
නුවර ටවුන් එකේදි කොල්ලෝ ටික හම්බවුන නිසා ටිකක් රෑ වෙනකම්ම අපි හිටියා.
හැන්දෑවේ හයට විතර දිලිනි ආයෙත් මට කතා කළා.
“කාවින්ද.. ඉන්න බෑ පාළුයි අප්පා... බැරිද එන්න..”
“එන්නම්... ඒත් දැන් කොහේ යන්නද?”
“අද ගෙදර ඉන්නේ මම විතරයි.. ඔයා එන්න..”
“බෑ... ගෙදර නම් එන්න බෑ....”
“එහෙනම් මම එන්නම්....”
“හරි... කීයටද ඔයා එන්නේ...?”
“මම දැන් වොෂ් එක ගන්න යන ගමන්... ඔයාට පුළුවන්ද
හරියටම අටට මාව ගන්න.”
“බැරි කමක් නම් නෑ තරූ.... ඒත් කොහෙද අපි යන්නේ...?”
“කොහේ හරි... ඔයා එක්ක ටිකක් නිස්කලංකව ඉන්න පුළුවන්
තැනකට... මිල්ටන් ගේ ෂෝ එක බලපු දවසේ ඔයා මාව එක්ක ගිය තැන වගේ තැනකට... මට ඔයා
එක්ක එළිවෙනකං ඉන්න පුළුවන් තැනකට.” දිලිනි කියවගෙන ගියා.
“හෝව් හෝව් මැඩම්.... එහෙම තැනක් මම දන්නේ නෑ නේ....”
“ඔයා එන්නකෝ.... තැනක් නැතිම වුනොත් අපි බයික් එකේ
නුවර වටේ රවුම් ගහමු ඇති වෙනකං.”
මේ කෙල්ලට පිස්සුද මන්දා... ඒ කාලේ වගේම විකාර
කියවනවා.
කොහොම වුනත් මම රෑ හත හමාරට විතර සචියා හොයාගෙන
ගියා.
“කොහේ යන්නද බං.... අනික් මේ රෑ... පරිස්සම්
වෙයං..... මට පොඩි සාදුත් කිව්වා උඹට පරිස්සම් වෙන්න කියන්න කියලා. තව මාසයක් යනකං
තනියම ගමන් බිමන් එපා කිව්වා.”
“පොර උඹටත් කිව්වද....? මට ඇති තනියක් නෑ බං.... රෑ
වුනා කියලා මොනව වෙන්නද...?”
“මම දන්නෑ... ඒත් මට හිතෙනවා උඹ රෑ ගමන් අඩු කළා නම්
හොඳයි කියලා.. ගිහානයා වුනත් එදා සීන් එකෙන් පස්සේ නයා වගේ ඇති.”
“මම ඌට බය නෑ බං... අනික ඌ තාම හොස්පිට්ල් එකේ...”
“එක පාරකුත් එහෙම කියලා වුනා දේ මදෑ.“ සචියා කිව්වා.
මම හරියටම අට වෙනකොට දිලිනිගේ ගේ ළඟට ගියා.
මම බයික් එක හරවගන්නවත් එක්කම දිලිනි දුවගෙන ආවා.
ලස්සන පොඩි කෙල්ලෙක් වගේ... ඩෙනිම් කලිසමක් ඇඳලා... ලස්සන කලු පාට ටොප් එකක්
ඇඳලා... අද නම් වෙනදටත් වඩා ලස්සනයි...
“කාවින්ද එන්න ගේ ඇතුළට... අපි ටිකක් ඉඳලා යමු.”
මම අදිමදි කළා.
“අනේ කාවින්ද... ටිකකට එන්න...”
දිලිනිගේ පෙරැත්තය නිසාම මම ඇතුළට ගියා.
“යමු මගේ කාමරේට...”
මේ කෙල්ල මොනව කරන්න හදවනද මන්දා.. වැඩට ඉන්න
මිනිස්සුත් බලාගෙන ඉන්න අතරේ මාව එයාගේ කාමරේට ඉන්වයිට් කරන්නේ.
“අනේ එන්න...”
දිලිනි මගේ අතින් ඇදගෙන එයාගේ කාමරේට ගියා.
“මට මේක දකිද්දි මතක් වෙන්නේ එදා...” කෙල්ල කිව්වා.
“කවදද...?”
“මුලින්ම මම ඔයා ගේ ළඟින් හිටපු දවස... හොරෙන් මගේ
කාමරේට ආපු දවස.”
මම හිනා වුනා.
“ලස්සනයි නේද කාවින්ද ඒ දවස්...”
“හම්...” මම නැගිටලා කාමරේ ඇතුළේ ඇවිද්දා.
දිලිනි
නාලා පාවිච්චි කරපු ටවල් එක පැත්තක තිබුණා. මම ඒක අතට ගත්තා.
“ඔයාව බලන්න මට ආසයි...” මම කිව්වා.
“ඉතින් බලන්න.. මේ ඉන්නේ...”
“එහෙම නෙවෙයි..”
“එහෙනම් කොහොමද?”
මම කෙල්ල දිහා බැලුවා.
“කොහොමද කාවින්ද.. කියන්න...” දිලිනි මට ලං වුනා.
“එදා වගේ... මේ ටවල් එක විතරක් ඇඳගෙන....”
දිලිනි ලැජ්ජාවෙන් රතුවුනා.
“අනේ.... ඒක මතක් කරන්න එපා... මම මහා වල් කෙල්ලෙක්
වුනා එදා... මතක් කරන්න එපා ලැජ්ජයි.”
“ඒ වුනාට ඔයා එහෙම ඉන්නකොට පුදුම ලස්සනයි...
සෙක්සි....”
“මෝඩයා... කොයි කෙල්ල වුනත් ටවල් එකක් විතරක් ඇඳගෙන
ඉන්නකොට ඕනේ කොල්ලෙකුට ලස්සනට තමයි පේන්නේ...” දිලිනි කිව්වා.
“ඉතින් එහෙනම් පෙන්නන්නකෝ.... මම දිලිනිගේ කන මගේ
දත් වලින් අල්ලලා කිව්වා.”
“බෑ බෑ... අපෝ මෙයාව කාමරේට අරන් මම කරගත්ත දෙයක්...
ටිකක් ඉවසගෙන ඉන්නකෝ අපි මැරි කරනකං...”
දිලිනි මගෙන් ඈතට පනින ගමන් කිව්වා....
“අනේ මාව අවුස්සන්න එපා කාවින්ද...... මට මාවම කන්ට්‍රෝල්
නැතුව යන වැඩක් ඔයා කරන්න හදන්නේ... හරි නරකයි.. මතක නේද පොරොන්දුව...”
“මොකක්ද...?”
“මැරි කරනකං කිසිම නෝටි වැඩක් බෑ....”
මම දිලිනිව අල්ලගන්න හදද්දි එයා ටවල් එකෙන් මගේ මූණට
ගහලා එළියට දිව්වා.
අපි දෙන්නා ටික වෙලාවකින් බයික් එකට නැග්ගා.
“කාවින්ද... අපි යමු පොඩි ගමනක්..”
“කොහෙද?”
“කොහේ හරි... අර ඉස්සර වගේ ඔළුව හැරුණු අතේ...”
“හම්..... ඒක නම් ගුඩ් අයිඩියා... කාලෙකින් ඔළුව
හැරුණ අත යන්නත් බැරි වුනා.” මම කිව්වා.
ඇත්තටම මට අදහසක් තිබුනේ නෑ අපි කොහේ යන්නද කියලා.
වෙලාව නවයත් වෙලා. අපි දෙන්නා බයික් එකේ මුළු නුවර වටේම රවුම් ගැහුවා....
“කාවින්ද... යමුද අපි පොල්ගොල්ලේ...?”
“මේ රෑ.....”
“ඔව් අනේ.....”
“මේ රෑ ගඟ පළාතක යන්න බෑ.. කරුවලයි.. ලයිට් එකක්වත්
නෑ...”
“ඒක තමයි හොඳ... අපි කරුවලට වෙලා ඉමු.”
“මුලින් අපි මොනව හරි කාලා ඉමු.”
“කොහෙන්ද...”
“අද අපි අර ෂෝ එක බලපු දවසේ කරපු දේවල්ම කරපු නිසා,
කෑමත් එදා වගේම නයිට් කඩේකින් කමු.. හ්ම්.. දැන් වෙලාව දහයයි... යං... මම දන්න
තැනක් තියෙනවා.... නියම කොත්තු... ඔරිජිනල් බඩු... මාසයක් විතර පදම් කරපු සුපිරි
රොටී...”
“ඊයා... මාසයක් පරණ එවා...” දිලිනි කිව්වා
“ඔව් තරූ.... ඔයාට ඒවට පුරුදු වෙන්න වෙනවා... මාත්
එක්ක ඉන්නවනම් පුරුදු වෙන්න වෙනවා.” මම කිව්වා.
අපි ලේවැල්ල පැත්තට යන්න පිටත් වුනා. මට මතක විදිහට
ඒ හරියේ නයිට් කඩ දෙකක්ම තිබුණා. අපි පොල්ගොල්ලේ නයිට් කඩේට ගිහින් කෑම කෑවා. රෑ
එකොළහට විතර අපි එතනින් පිටත් වුනා.
“සුදූ.. අද නම් පැය කීයක් අපි පිස්සු නැටුවද...
කව්රු හරි දැකලා තිබ්බා නම් අපි ඉවරයි.”
“දැකපු දෙන් කාවින්ද... මම දැන් ඔයාට අයිති වෙලා
ඉවරයි... තවත් හංගන්න දෙයක් නෑ මට. ඒක නෙවෙය අදට ඇති නේද.. මාව ගෙදරින් දාන්න...”
දිලිනි කිව්වා.
මම දිලිනිවත් දාගෙන පොල්ගොල්ලෙන් වටපුළුව පාරට බයක්
එක දැම්මා. හන්දිය පහුවෙලා කිලෝමීටර් බාගයක් විතර ගියාට පස්සේ පැත්තම පාළුයි... පාරේ
ලයිට් එකක් වත් නෑ... අපේ ගෙවල් වලට ළඟ නිසා මට පාර පුරුදුයි.
“කාවින්ද මේ හරියේ මාර පාළුයි නේද.. මටනම් බයෙත්
බෑ...” දිලිනි කිව්වා.
මේ වෙලාවේ පාරේ එක වාහනයක් වත් නෑ.... ඒත් අපි ඒ
හරිය පහුකරනකොටම නවත්තලා තිබුණ වෑන් එකක් ස්ටාට් කරලා ලයිට් දැම්මා. හෙඩ් ලයිට් එක
සැරටම මගේ මූණට වැදුන නිසා මම බයික් එකේ වේගේ අඩු කළා.
තත්පරයක්වත් ගතවෙන්න කළින් ලොකු සද්දයක් එක්ක බයික්
එකේ ටයර් එක පුපුරලා ගියා. වේගේ හොඳටම අඩු නිසා මම ඉක්මනට දිලිනිව බස්සලා මාත්
බැස්සා. ඒත් එක්කම වෑන් එක ළඟ හිටපු කීප දෙනෙක් මගේ දිහාවට ආවා. ලයිට් එකේ සැරට මට
කිසිම දෙයක් පෙනුනේ නෑ... ඒත් එක්කම එකෙක් පැනලා දිලිනිව ඇදලා ගත්තා. මම ඌට ගහන්න
යනකොටම වෑන් එකේ ලයිට් එක නිවුනා. කට්ට කරුවලේ මට කිසිම දෙයක් පෙනුනේ නෑ... දිලිනි
කොහෙද කියලා දැක්කෙත් නෑ...
කරුවලේම වෑන් එක ස්ටාට් කරනවා මට ඇහුනා. එකකොටම
කවුරු හරි මාව තල්ලු කළා. මම වැටෙනකොටම අයෙත් ලොකු සද්දයක් ආවා. මගේ කකුලේ කලව
ළඟින් ලොකු වේදනාවක් ආවේ එතකොටම... අත තියලා බලනකොට මොනවා හරි කකුල දිගේ ගලනවා.
ලේ..... ඒත් එක්කම තවත් වෙඩි සද්දයක් ඇහුනා. ඒක මට වැදුනේ නෑ... කරන්න දෙයක් නැති
තැන මම කරුවලේම ගඟ පැත්තට බඩගාලා පල්ලමට පැන්නා. ඒත් එක්කම මගේ පැත්තට තවත් වෙඩි
දෙකක් තිබ්බ උන් හෙඩ් ලයිට් නොදාම වෑන් එක අරගෙන යන්න ගියා.
මම හිතන්නේ විනාඩි ගණනකට මට සිහිය නැති වෙන්න ඇති.
සිහිය එනකොට මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා. මම
හිටියේ ගඟ අයිනේ පල්ලමේ පඳුරු ගොන්නක් ඇතුලේ. අමාරුවෙන් එතනින් එළියට ආවත් පාරට
නැගගන්න මට බැරි වුනා. කකුළට වෙඩි වැදුන තැනින් ලේ ගලනවා නොනැවතී.. උන් අන්තිමට
තිබ්බ වෙඩිල්ලකුත් මගේ අතකට වැදිලා... හොඳ වෙලාවට ඒක ගෑවිලා ගිහින් විතරයි.. ඒත්
එතනිනුත් ලේ ගලනවා.
මේ පාළු තැන මිනිස් පුළුටක් නෑ... ගෙයක් පේන මානෙක
නෑ.... වෙඩි සද්දෙවත් ඇහෙන්න කිසිම කෙනෙක් මේ පලාතේ හිටියා වෙන්න බෑ.
මම අමාරුවෙන් නැගිටලා පාරට නගින්න පටන් ගත්තා. ඒත්
කකුලේ වේදනාව නිසා අඩියක්වත් තියාගන්න මට බැරිවුනා. මෙහෙම ගියොත් මේ කැලේ මට
මැරෙන්නයි වෙන්නේ.. ලේ යන එක නැවැත්තුවේ නැත්නම් ඒක ෂුවර්... මට හිතුනා. ඒත් මොනව
කරන්නද... කලබලේ අතේ තිබුණ ෆෝන් එකත් කොහේ හරි වැටිලා... ඒක හොයාගන්නවත් එළියක්
නෑ...
මම අමාරුවෙන් පාරට ආවා. ඒත් ෆෝන් එක හොයාගන්න තියා
අඩියක් තියන්නවත් කිසිම දෙයක් පේන්නේ නෑ....
මම ඒ විදිහටම පැයක් විතර හිටියා. මේ රෑ දොළහට විතර
කවුරුවත් මේ පාරේ එන එකකුත් නෑ.
ඒත් මගේ වෙලාවට වගේ පාරේ බයික් එක වැටිලා තිබුණ තැන
කිට්ටුව මම එළියක් දැක්කා. මගේ ෆෝන් එක... ඒකට කෝල් එකක් එනවා.. ඒ නිසා ලයිට් එක
ඔන් වෙලා..
මම දඩබඩ ගාලා ගිහින් ෆෝන් එක ගත්තා. කෝල් එක
ඩැනී අංකල්ගෙන්.
“කාවින්ද පුතා... කොහෙද ඉන්නේ...?”
“ඩැනී අංකල්... මට වෙඩි වැදුනා.... මට අමාරුයි...”
“මොකක්... කොහෙද ඉන්නේ.. කොහෙද ඉන්නේ...?”
“මම පොල්ගොල්ලේ... ඩෑම් එක් ඉඳලා ලේවැල්ල පාරේ....”
“පුතා ඔහොමම ලයින් එකේ ඉන්න... මම දැන් එනවා.”
“අංකල් ඉක්මනට එන්න... මට අමාරුයි..”
“හරි... අපි පිටත් වුනා...... ෆෝන් එකේම ඉන්න.. කට්
කරන්න එපා... අපි ඔයාව හොයාගන්න කං කට් කරන්න එපා.”
ඒත් එක්කම ආයෙත් මට සිහිය නැති වුනා. ඒ පාර සිහිට
එද්දි මම හිටියේ ඩැනී අංකල්ගේ අත් දෙකේ...
මම අමාරුවෙන් කතා කළා.
“අංකල් දිලිනි..”
“කතා කරන්න එපා.. ඔයාගෙන් ගොඩක් ලේ යනවා.... අපි මේ
හොස්පිට්ල් යන ගමන්.”
“අංකල්.... මගෙත් එක්ක දිලිනි හිටියා..... උන් එයාව
අරන් ගියා....”
“මුලින් ඔයාව හොස්පිට්ල් දාලා ඉන්න වෙනවා. ඊට පස්සේ
මම බලන්නම් කෙල්ලට මොකද වුනේ කියලා... උන් කව්ද කියලා දැක්කද...?”
“නෑ.... අංකල් දිලිනිව හොයාගන්න ඕනේ.... ප්ලීස්.....”
“හරි මම පොරොන්දු වෙන්නම්... දැන් සද්ද නැතුව
ඉන්න... ඔයාගෙන් හොඳටම ලේ යනවා... මම කිව්වා තනියම යන්න එපා කියලා.. ඇහුවේ නෑනේ...
හොඳ වෙලාවට මම කෝල් එකක් දීලා බැලුවේ... නැත්තං එළි වෙනකං එතන හිටියනම් ලේ ගිහින්
ඔයා මැරෙනවා.”
විනාඩි ගණනකදි වාහනේ නුවර රෝහලේ නැවැත්තුවා.
මාව ට්‍රොලියකට ගන්නව මතක තිබුණට පස්සේ මට කිසිම
දෙයක් නොපෙනි ගියා. දිලිනි මගේ හිතේ හොල්මක් කරද්දි මට ඔපරේෂන් තියටර් එකේදි මාව
නිර්වින්දනය කළා.