සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
123
බැල්කනි එකට හොඳටම සීතලයි. හන්තානේ සීතල හුළඟ ඇගට
කෙලින්ම වදිනවා. මේ වගේ සීතලක් සෑහෙන කාලෙකින් හන්තානට තිබුණේ නෑ කියලා කීප
දෙනෙක්ම කිව්වා. වාතය හොඳම පිරිසිදුයි.
ඇත්තටම
මේ හොටෙල් එකට එන වාහනයක ඇහුනා මිසක් වෙන කිසිම වාහනයක සද්දයක්වත් ඇහෙන්නේ
නෑ. හොටෙල් එකට ආපු හැම ගෙස්ට් කෙනෙක්ම වගේ ආසා කළේ මේ සීතලටයි ඒ නිස්කලංක බවටයි.
එරංග අයියා කියන විදිහට වම් පැත්තේ තියෙන හිස් කොටසේ තව කාමර පේලියක් දැම්මනම්
නියම ලස්සනට තියෙයි.
මගේ යාළුවා ශංකර්ට කියලා තව වැඩිපුර ගෙස්ට්ලා ගෙන්න ගන්න
පුළුවන්. මොනව වුනත් එරංග අයියා නම් අත තියලා තියෙන්නේ නියම බිස්නස් එකකට.
මම කල්පනාවෙන් ඉන්න අතරේ ෆෝන් එකට කෝල එකක් ආවා.
“කාවින්ද... දවස් ගාණකින් ඔයා කතා කළේ නෑනේ...”
“මාලිකා... සොරි.... පොඩි වැඩ වගයක හිර වුනා...”
“අප්පා... මම හිතුවා මටත් නොකියා ඇමරිකාවටවත් ගියාද
කියලා.”
“බය වෙන්න එපා... යනවනම් ඔයාව එක්කගෙන තමා යන්නේ. අඩුම
ගාණේ කියලා හරි යනවා.”
“අනේ... පලවෙනි එක කරනවා නම් ආසයි.”
“විකාර නැතුව කියන්න බබා... මොකද මේ රෑ මාව මතක් වුනේ?”
“ඔයාට මාව මතක් නොවුනට මාට ඔයාව මතක් වෙනවා... ඒකයි
ගත්තේ.”
“තෑන්ක්ස්...”
“ඒක නෙවෙයි කාවින්ද... දැන් ඔයා කොහෙද ඉන්නේ?”
“මම ඉන්නේ එරංග අයියගේ හොටෙල් එකේ තියෙන හොඳම රූම්
එකේ...”
“වෙන කව්ද ඔයා එක්ක ඉන්නේ?”
මාලිකා ඒක නම් ඇහුවේ ටිකක් සැකෙන් වගේ.
“මම විතරයි... අපිට කොහෙද තනියට ලංවෙලා ඉන්න කෙල්ලෙක්..”
“ඇයි මම ඉන්නේ........... එන්නද?”
“පුළුවන්ද?”
“ඔයා ඇවිත් මොකක් හරි ගල් පැලෙන බොරුවක් කියලා මාව එක්ක
යන්න.. අම්මා එපා කියන එකක් නෑ.”
“අපෝ බෑ... මට බොරු කියන්න බෑ...”
“ඔයා කියන්න ඕන්නෑ... ඒක මම කියන්නම්... ඔයාට පුළුවනිද
එන්න...”
“මේ රෑ.... දැන් බෑ මාලිකා. අනික ඔයාව ආපහු ගිහින්
දාන්නේ කොහොමද... මට කම්මැලියි.”
“අන්න අන්න... නරක කතාවක් කිව්වා. මාත් එක්ක ඉන්නකොට
කම්මැලිද?”
“නෑ නෑ...... නිකං කිව්වේ... ඔයාව මේ රෑ ගන්න ඇවිල්ලා
අම්මා එපා කිව්වොත් වස නෝන්ඩිය.. ආයෙත් නම් මට ඔයාලා ගෙදර එන්න බැරි වෙනවා. ඒ නිසා
අදට අපි මෙහෙම දෙපැත්තේ ඉමු.”
“හ්ම්... එහෙනම් අපි මෙහෙම කතා කරමුකෝ...” දිග හුස්මක්
අරගෙන මාලිකා කිව්වා.
“ඒක නෙවෙයි කාවින්ද... ඔයා ඇයි හොටෙල් එකේ... ගෙදර
නොයා...?”
“මම අනිද්දා ඉඳලා හොටෙල් එකේ වැඩ...”
“ඔයා මොකක්ද කරන්න යන්නේ...?”
“වේටර් වගේ දෙයක් තමා... හැබැයි මම වැඩිය කැමතියි බා
ටෙන්ඩර් කෙනෙක් වෙන්න.”
“ඊයා... ඔයාට වෙන රස්සාවක් ඇත්තෙම නැද්ද?”
“නෑ ඉතින්... එරංග අයියා දුන්නේ ඔය දෙක විතරයි.”
“අනේ..... ඔයා පිස්සු වැඩ කරන්න එපා කාවින්ද... ඇමරිකාවේ
හොටෙල් එකක බා ටෙන්ඩර් කෙනෙක් වෙන එකයි මෙහේ වෙන එකයි වෙනස්. මෙහේ ඒක හරියන්නේ
නැහැ. අනික කීයද හම්බ වෙන්නේ...? ඔයා ඔය තරම දුරට ඉගෙනගත්තේ ඔය වගේ පොඩි ගාණක්
ලැබෙන රස්සාවක් කරන්නද?”
කෙල්ල ඇත්තටම රැවටිලා..
“මේ හලෝ... මෝඩයෙක් වෙන්න එපා.... මම වැඩ කරන්නේ හොටෙල්
එකේ ලොක්කා විදිහට.”
“ඒ කියන්නේ...?”
“මම තමා සඳුදා ඉඳලා හොටෙල් එකේ එම්.ඩී.”
“බොරු.......!!!”
“බොරු නෙවෙයි... ඇත්ත. මම තීරණය කළා තව මාස කීපයක්
ලංකාවේ ඉන්න. නිකං ඉන්න කම්මැලි නිසා අයියා කිව්වා ඇවිත් වැඩ කරන්න කියලා. මිනිහගේ
රෙස්ටොරන්ට් එකේ වැඩ නිසයි, මිනිහගේ වෙඩින් එකේ වැඩ නිසයි මේ දවස් වල මේක බලන්න
විදිහක් නෑ කියලා මට බාර දුන්නා.”
“ෂා.... නියමයිනේ කාවින්ද..... ඔන්න ඔහොමනේ වැඩ කරන්න
ඕනේ. ඔය තරම් වයසකින් එම්.ඩී. කෙනෙක් වෙනවා කියන්නේ කොච්චර හොඳද..”
“හොඳයි නම් තමා... හැබැයි මේකෙන් මගේ නිදහස සීමා වුනොත්
නම් අනිවාර්යයෙන් ටික කාලෙකදි අස්වෙනවා.”
“අයියෝ.... පටන් ගන්නත් කළින් අස්වෙන කතා කියනවා. ඔයා
දන්නවද කාවින්ද... සමහර විට ඔයාටත් වඩා ඉගෙන ගත්ත මිනිස්සු හොඳ ජොබ් එකක්, අඩුගානේ
මැනේජර් කමක් ගන්න විඳන දුකක්. ඔයාට අගයක් නෑ. ඉන්නකෝ... තව කල් යනකොට තේරෙයි
කොච්චර හොඳද කියලා.”
“බලමුකෝ..”
අපි දෙන්නා සෑහෙන වෙලාවක් කතා කරලා නිදා ගත්තා.
සඳුදා මම වැඩ පටන් ගන්න වෙලාවට අම්මටයි, තාත්තටයි,
මාලිකාටයි තුන්දෙනාටම එන්න කියන්න කියලා එරංග අයියා කිව්වා. අළුත් මැනේජ්මන්ට්
එකක් එක්ක යන ගමනක් නිසා එරංග අයියට ඕනේ වුනේ මේක තනිකරම නිල වශයෙන්ම මට බාරදෙන්න.
මෙයත් මාව හිර කරන එක නියමෙට කරනවා. වෙලාවකට හිතෙනවා මුන් මේක අපේ අම්මත් එක්ක
එකතු වෙලා මාව මෙහේ තියාගන්න ගහන ගේම් එකක්ද කියලා. ඇයි අප්පා මට මෙච්චර උදව්
කරන්නේ?
සඳුදා උදේ මම හොටෙල් එකට ආවේ ගෙදර ඉඳලා. ඒ එනකොට මම
නොහිතපු තරම් සෙනගක් ඇවිත් හිටියා. එරංග අයියගේ පවුලේ අයයි, අමිලගේ පවුලේ
අයයි, අපේ පවුලේ අයයි, ඇරුණාම මේ ෆීල්ඩ් එකේ අයියට උදව් කරපු කීප දෙනෙක්, ට්‍රැවල්
ඒජන්ට්ලා, සහ නොදන්න තවත් කීප දෙනෙක්ස ඇවිත් තිබුණා.
මාලිකා ඇවිත් තිබුණේ නැහැ.
මම ඇවිත් විනාඩි කීපයකදී මාලිකා ආවා. එයා ලස්සන කාර් එකක
තනියම ඇවිත් බහිනවා. සචියා දුවලා ගිහින් දොර ඇරියා. යකෝ මුන් සෙට් වෙලා කරන දෙයක්
වගේ.
සචියා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මාලිකාව එක්ක ඇවිත් මගේ
ළඟින් තියලා මට ඇහැකුත් ගහලා ගියා.
මම සචියට හොරෙන් කතා කළා.
“යකෝ මේකි මගේ ගෑණි වගේ මෙතෙන්ට ඇරලුවේ... තොට මඤ්ඤංද?
මෙතන ඉන්න වැඩි දෙනෙක් මම දන්න උන්. උන් හිතයි මේ මගේ බඳින්න ඉන්න කෙල්ල කියලා.”
“ඉතින් හොඳයිනේ යකෝ.... කෙල්ල නරකද?”
මම තව මොනවත් කියන්න කලින් සචියා මාරු වුනා.
පොඩි උත්සවයකින් පස්සේ මම වැඩ බාර ගත්තා. ඇවිත් හිටපු
ගොඩක් දෙනා කිව්වේ මම ඉගෙන ගත්ත දෙයින් මේකට දෙයක් කරන්න පුළුවන් කියලා. හැම
කෙනෙක්ම හොටෙල් එක ගැන මුල ඉඳලම පැහැදීමකින් හිටියට මේ විදිහට අළුත් මැනේජ්මන්ට්
එකකට යන එක ගැන ගොඩක් සතුටු වුනා. වැඩියෙන්ම සතුටු වුනේ එරංග අයියගේ දෙමව්පියෝ
දෙන්නයි, බඳින්න ඉන්න අක්කයි.
“අනේ පුතා... ලොකු දෙයක් ඔයා මේක බාර ගත්ත එක... එරංග
දැන් අවුරුදු පහක් තිස්සේ බඳින්නේ නැතුව ඉන්නේ මේ වැඩ නිසා. ගෙදර ඒමක් ඇත්තෙම නෑ..
අර දරුවා, සවින්දිකා හොඳ නිසා හොඳයි... නැත්නම් කව්ද අවුරුදු පහක් බලාගෙන
ඉන්නේ....” එරංග අයියගේ අම්මා කිව්වා.
“බිස්නස් ම නෙවෙයි ජීවිතේ කියලා මේ අයට තේරෙන්නේ නෑ”
තාත්තා කිව්වා.
“අනේ මල්ලි... මීට පස්සේ එරංගව මේ පැත්තකට වත් ගන්න එපා.
මටත් ගෙදර අය කරදර කරනවා මේ අවුරුද්දෙවත් බඳින්න කියලා... මෙයාගේ වැඩ එක්ක මොනවත්
වෙන්නේ නැහැනේ මල්ලි. ඔන්න මීට පස්සේ නම් එරංග මේක ලාබ වුනත් පාඩු වුනත් ඔයා එහේ
මෙහේ දුවන්න බෑ.”
සවින්දිකා අක්කා එරංග අයියගේ අතින් අල්ලගෙනම කිව්වා.
“බය වෙන්න එපා අක්කේ.... මම මෙයා ආයෙත් මෙහේ ආවොත් ගහලා
එලවනවා. දැන් මේක අයිති මට. මාසේ අන්තිමට ලාබේ ගාණට එකවුන්ට් එකට දාන්නම්... අනිත්
ඒවා බලන්නවත් එපා කියන්න. කොහොමත් මම වැඩ කරනකොට අයිතිකාරයා වුනත් වැඩිය ඇඟිලි
ගහනවානම් මම කැමති නෑ.” මම කිව්වා.
“ඒ වුනාට සවින්දි ඔයා දන්නේ නෑ.. මේ ෆීල්ඩ් එකේ රැයක්
දවාලක් නෑ.” එරංග අයියා නිදහසට කරුණු කිව්වා.
‘නෑ නෑ... මීට පස්සේ ඔයා එහෙම නෑ... අපි දෙන්නගේ වෙඩින්
එකට ලෑස්ති වෙන්න තියෙනවා... කාවින්ද මල්ලි තාම බැඳලා නෑනේ... ඒ නිසා මේ අවුරුද්ද
එයාට රැයක් දවාලක් නැතුව වැඩ කරන්න කියලා ඔයා අපේ වැඩ බලන්න.”
“පව්නේ ඌ... ඇමරිකාවේ ආතල් එකේ සින්දුවක් කියාගෙන ෂොට්
එකක් දාගෙන හිටපු එකා...” එරංග අයියා කිව්වා.
එතකොට මාලිකාත් මගේ ළඟට ආවා. ඇවිත් කතාවක් නැතුව මගේ
අතින් අල්ල ගත්තා. අයියයි අක්කයි දෙන්නම ඒක දැක්කා.
“මම කිව්ව විදිහට මේ අවුරුද්ද කාවින්ද නිදි මරාගෙන මේ
වැඩ කරපු දෙන්... අපි දෙන්නා අපේ වෙඩින් එක ගමු.” අක්කා අයෙත් කිව්වා.
මාලිකා ප්‍රශ්ණාර්තයක් තියාගෙන මගේ මූන බැලුවා.
“මම කිව්වේ නංගි එරංගට දැන් ටිකක් මේකෙන් අයින් වෙලා
කාවින්දට කරන්න දෙන්න කියලා.” අක්කා මාලිකාට කිව්වා.
“ආ... ඔව් අක්කේ .... මෙයා කරයි...”
“ඒක තමයි... ඊට පස්සේ අපි ටිකක් කාවින්දගේ වැඩ අඩු
කරලා... ඊළඟ අවුරුද්දේ කාවින්දගේ වෙඩින් එකට එයාව රිලීස් කරමු. අපි ඔක්කොම එකතු
වෙලා දෙන්නව ලස්සන වෙඩින් එකක් අරන් බන්දලා දෙමු.”
සවින්දිකා අක්කා ආයෙත් කිව්වා.
“මොන දෙන්නද?”
එරංග අයියා හොල්මන් වෙලා.
“ඇයි එරංග මේ දෙන්නා.. වෙන කව්ද?” අක්කා මාවයි මාලිකාවයි
පෙන්නලා කිව්වා.
මාලිකා හිනා වුනා. එරංග අයියා හොල්මන් වෙලා වගේ බලාගෙන
ඉන්නවා. කරන්න දෙයක් නැති කමට මම වහිනවද කියලා බලන්න උඩ බැලුවා.
“තෑන්ක්ස් අක්කේ... ඒ වුනාට කාවින්දටත් එරංග අයියට වගේම
තමයි.. ඒ වගේ දේවල් වලට කිසිම උවමනාවක් නෑ.” මාලිකා ෂේප් එකේ කියලා දැම්මා.
“එහෙම බෑ නංගි.... දැන්ම ඉඳලා කියලා හදාගන්න...
නැත්නම් මට වුන වැඩේ තමයි වෙන්නේ...” අක්කා කිව්වා.
තවත් මොනවත් කියන්න කලින් මාලිකාටයි සවින්දිකා අක්කටයි
කතා කරන්න දීලා මම එරංග අයියවත් ඇදගෙන මාරු වුනා.
“මොකක්ද බං ඒ හරුපේ තේරුම.. උඹලා දෙන්නා දැන් එන්ගේජ්
වෙලාද?”
“නෑ අයියේ.... මුන්ට පිස්සු...”
“ඒක තමයි..... කොහොම වුනත් උඹ දැන් මොකද කරන්න හදන්නේ..
අර කෙල්ල එන එකක් නෑ කියලා හිත හදාගෙන මේ කෙල්ලව බඳිනවද?”
“තාම තීරණයක් නෑ අයියේ...”
“හිතලා හොඳ දෙයක් කරපං... අක්කා කිව්වා වගේ මේ අවුරුද්දේ
ඉතුරු මාස හත නම් ෆුල් මේකට බැහැපං... මට වෙඩින් එකේ වැඩ ටික කරගන්න දීලා. ඔක්කොම
එකතු වෙලා මාව කනවා.”
“බය වෙන්න එපා අයියේ.... මම බලාගන්නම්. ඒත් සචියා අවුල්
යයිද මම ඌට උඩින් අත දානවට.”
“උඹට පිස්සුද බං... මට වඩා ඌ ගැන හොදට දන්නේ උඹනේ... ඌ
උඹට පණ දෙයි.. ඔය කට තියාගෙන ඉන්න බැරුවට ගොන් කතාවක් කිව්වට ඌ මං තරං වත් උඹ මේක
කරනවට බයක් නෑ.”
“මම දන්නවා... ඒ වුනාට සචියත් හිටපු ගමන් වැරදි පාරේ
යනවා..”
“ඌවත් හදාගන්න පුළුවන් උඹට තමා.”
අපි කතා කරන අතරේ ඇවිත් හිටපු ගොඩක් අය ඇවිත් මට සුභ
පැතුවා.
වැඩ පටන් ගත්තට පස්සේ ඇත්තටම හිතුවට වඩා වැඩේ අමාරු
වුනා. ගෙස්ට්ලගෙන් එන ඉල්ලීම් වල ඉවරයක් නෑ. ඉන්න ස්ටාෆ් එකට ඒවා කරන්න වෙලාව
හොඳටම මදි. සචියයි අමිලයි දෙන්නා පුදුම විදිහට මහන්සි වුනා. ඒත් දවස් දෙකක් යනකොට
මට හිතුනා අනිවාර්යයෙන්ම ස්ටාෆ් එකට හතර දෙනෙක් වත් අළුතින් ගන්න ඕනේ කියලා. මම
යාළුවෝ දෙන්නා එක්ක කතා වෙලා අන්තිම තීරණේ එරංග අයියට කිව්වා.
“මල්ලි හෙටම කට්ටිය හොයන්න පටන් ගන්න. පත්තරේ ඇඩ් එකකුත්
දාන්න. මම දන්න කිප දෙනෙක් ඉන්නවා, ඒ අයත් එවන්නම් ඉන්ටවිවී කරලා ගන්න. මගෙන්
අහන්න දෙයක් නෑ.. ඔයාට හොඳයි කියලා හිතෙනවනම් ගන්න.”
වැඩ ඉවර කරලා හත අට වෙනකොට කාමරේට ආවත් එක එක්කෙනා
දුවගෙන එනවා උපදෙස් ගන්න. ඒකෙන් වෙන්නේ ඒ අය හිතලා වැඩක් කරන්නේ නැති එක. අනිත් එක
මට නිස්කලංකව හොටෙල් එකේ ඉදිරි වැඩ ගැන කල්පනා කරන්නවත්, වෙන දෙයක් කරගන්නවත් නෑ.
ඒ නිසා මම කල්පනා කළා හොටෙල් එකේ නවතින්නේ නැතුව එපාර්ට්මන්ට එකේ නවතින්න. මෙතන
ඉඳලා ඒ තරම් දුරක් නැති නිසා මගේ තීරණේට හැමෝම කැමති වුනා.
“ඇත්ත කාවා... උඹ හැමදාම මෙතන හිටියම මුන් ටොයිලට් එකට
යන්නත් උඹෙන් අහනවා. උඹ යන එක හොඳයි.” සචියා කිව්වා.
“මෙහෙමයි මචං... මම සතියට දවස් තුනක් විතර මෙතන ඉන්නවා..
අනිත් දවස් තමා යන්නේ. අනික බං අපි තුන් දෙනාට ෂේප් එකේ මෙතන සෙට් වෙන්නවත්
බෑනේ... ස්ටාෆ් එක ඉස්සරහ එහෙම වුනාම අවුල්.”
“මම ඕක උඹට කියන්නම හිටපු දෙයක්.. උඹ පලයං... අපි දෙන්නා ඉන්නවනේ... අවුලක් වුනොත් පැය බාගෙන්
එන්න පුළුවන්නේ.”
ඒ සතිය ඇතුලත හොටෙල් එකට අළුතින් දෙන්නෙක් වැඩට ගන්න මට
පුළුවන් වුනා. සෙනසුරාදා උදේ සචියයි අමිලයි එක්ක එකතු වෙලා ගෙදර ගිහින් ඇදුම්
වලින් වැඩි හරියක් අහුරගෙන එපාර්ට්මන්ට් එකට ආවා.
“මචං... කාවා.... උඹ කෑම ගැන වද වෙන්න එපා... රෑට උඹ
කලින් එන දවසට මම කෑම එවන්නම්.” අමිල කිව්වා.
“නෑ බං... හැමදාම හොටෙල් කෑම කන්න බෑ. මම පුළුවන් වෙලාවට
ගෙදර යනවා... අනිත් වෙලාවට මෙතන කෑම හදාගන්නවා. දිලිනි කිචන් එකේ හැම දෙයක්ම තියලා
ගිහින් තියෙනවානේ. උයන දේවල් ටික ගේන්න විතරයි ඕනේ. ඇමරිකාවේ අවුරුදු හතරක් තනියම
උයාගෙන කාපු මට ඕක මොකක්ද.... අනික අපිට නිදහස් වෙලාවක සෙට් වෙලා පොඩි බාබකිව්
එකක් දාලා, සැලඩ් එකක් දාලා සෙට් වෙන්නත් පුළුවන්.”
“අන්න අයිඩියා කාවා. මහන්සි වෙලා වැඩ කරනවා වගේම පොඩි
ආතල් එකකුත් තියෙන්න ඕනේ තමා බං. නැත්තං ජීවිතේ බොරිං වෙනවා.”
“එක් නෙවෙයි... වරෙන් යන්න මාකට්... කන බොන දේවල් ඔක්කොම
ගන්න ඕනේ... ෆ්‍රිජ් එක තිබුණට ඒක හිස් බං.... කුස්සියේ කබඩ් ඔක්කොමත් හිස්...
තේකක් හදන්නවත් දෙයක් නෑ.”
“වරෙන් වරෙන්... අපිට නම් ඕවා පුරුදුත් නෑ...”
“මට පුරුදුයි... ඇමරිකාවේ ඉන්න කාලේ ඔය ඔක්කොම තනියම
කළානේ බං.”
අපි ටවුන් එකට ගිහින් ගොඩක් දේවල් ගත්තා. බඩු අරගෙන
තැනින් තැනට ඇවිදලා මහන්සි වෙලා සචියා ඩෙවෝන් එකේ පඩියේ ඉඳ ගත්තා.
“අම්මපා කාවා.. මේවා දැක්කහම නම බඳින්න බය හිතෙනවා බං...
යකෝ ගේකට බඩු ගන්නවා කියන එකත් ලේසි නෑනේ.. යකෝ මගේ කොන්ද රිදෙනවා මේ මලු උස්සගෙන
ගිහින්, කකුල් දෙක ගෙවිලද කොහෙදෝ ඇවිදලා.”
“එහෙම තමයි බං.... මම නම් අම්මා එක්ක ඒ කාලේ කඩේ
ගියානේ..” අමිල කිව්වා.
“වරෙන් යන්න මේ ටික කාර් එකට දාලා මොනව හරි බොමු.”
අපි ඩෙවොන් එකේ උඩ තට්ටුවට ගියා.
“මට නම් ජූස් තුනක්වත් බොන්න වෙනවා කාවා මේ මහන්සියට.”
සචියා එහෙම කියලා පුටුවක ඉඳ ගත්තා. ඒත් එක්කම අනිත් මේසේ
හිටපු කෙනා මගේ දිහාවට හැරුනා.
ලයාංගි.
සචියත් හොල්මන් වෙලා මගේ අත අල්ලගත්තා.
ලයාංගි ඇවිත් තිබුණේ කොල්ලෙක් එක්ක. හැබැයි ඉරියව් වලින්
පෙනුන විදිහට යාළු වෙලා ඉන්න කොල්ලා කියලා හිතන්නත් අමාරුයි... සමහරවිට මල්ලි
කෙනෙක් හරි අයිය කෙනෙක් හරි වෙන්නත් පුළුවන්.
ලයාංගි මට හිනා වුනා.
කතා නොකර බැරි නිසා මම නැගිට්ටා.
“එක්ස්කියුස් මී.... සොරි ටු ඩිස්...”
මම කියලා ඉවර කරන්න කළින් ලයාංගි කතා කළා.
“කාවින්ද.... එන්න ඉඳගන්න... කොච්චර කාලෙකට පස්සෙද? ඔයා
ලඟදිද ලංකාවට ආවේ?”
“නෑ ලයාංගි... දැන් මාස දෙකක් විතර වෙනවා.”
“ආ සොරි කාවින්ද... මට අඳුන්වලා දෙන්නත් බැරි වුනා.. මේ
සජිත්.... අපි මැරි කරන්න ඉන්නේ.... සජිත් මේ කාවින්ද... මගේ පරණ හොඳම යාළුවෙක්...
මම ඔයාට කාවින්ද ගැන කියලත් ඇති.”
“මට මතකයි.. කොහොමද?” අපි දෙන්නා අතට අත දුන්නා.
“ඒක නෙවෙයි කාවින්ද කොහොමද ඇමරිකාවේ ජීවිතේ.”
“හොඳයි.... මම පී.ආර්. එක ගත්තා. මේ ටිකේ නම් ලංකාවට ආවේ
යාළුවෙක් එක්ක පොඩි වැඩක් කරන නිසා. කොහොමත් තව මාස තුනකින් විතර යනවා.”
“ඔයා සෙට්ල් වෙලා ඉන්නේ එහේද?”
මම හිනා වුනා.
“ඇයි කාවින්ද... ඔයා මැරි කරලා නෑ කියලා නම් මම
දන්නවා.. .ඒත් එන්ගේජ් වෙලා කියලා ආරංචි වුනා.”
“කව්ද කිව්වේ.... කාත් එක්කද?”
“සමාධි.... ඇයි අර තාරුකා...”
“ආ... සමාධි එහෙම කිව්වද?” මට වෙන කියන්න දෙයක් තිබුණේ
නෑ.... මම වචන හොයන්න වටපිට බැලුවා.
ඒත් එක්කම සජිත් කතා කළා.
“මම පොඩ්ඩක් පහලට ගිහින් එන්නම්... ඔය දෙන්නා කතා
කරන්න.. ගොඩක් කාලෙකින් නේ හම්බ වුනේ.”
එහෙම කියලා සජිත් නැගිට්ටා. මිනිහට තේරෙන්න ඇති මට
මිනිහා ඉස්සරහ කියන්න බැරි දෙයක් ලයාංගි ඇහුවා කියලා.
“නෑ නෑ.... මම ඉක්මනට යනවා සජිත්....”
“ප්‍රශ්ණයක් නෑ.... දෙන්නා කතා කරන්නකෝ... මම ඉක්මනට
එනවා ලයාංගි”
එහෙම කියලා සජිත් ගියා.
“ඔයා මාර ලස්සන වෙලා ලයාංගි... ඒ කාලේ හිටියට වඩා මාර
ස්මාට් ලුක් එකක් ඇවිත්.”
“අනේ මේ මට බටර් ගාන්න එපා... ඔයා හෙමිහිට කතාව මාරු කළා
නේද...? කපටියා.”
“මොන කතාවද?”
“තාරුකා ගැන.... මොකද වුනේ....?”
“ඒක ප්‍රශ්ණ කීපයක් නිසා නැවතුනා.... මීට අවුරුදු හතරකට
කලින්.”
“එතකොට.... දැන් කවුරුත් නැද්ද? අවුරුදු හතරම ඔයා තනියම
හිටියද?”
“ඔව් ඇයි... මම ඇමරිකාවේ ෆුල් බිසී වෙලා හිටපු නිසා
වෙනසක් තේරුණේ නෑ.”
“ඒ වුනාට කාවින්ද ඔයාට එහෙම වෙන්න ඕනේ කෙනෙක් නෙවෙයි....
ජීවිතේ නාස්ති කරගන්න එපා.”
“නෑ... එහෙම එකක් නෑ... ඒක ඉවර වුනා... එච්චරයි.... මම
හොඳින්...”
“ෂුවර් ද? ඕන කමක් උනොත් මට කතා කරන්න... මෙන්න නම්බර්
එක.” කිසිම පැකිලීමක් නැතුව ලයාංගි මට නම්බර් එක දුන්නා.
“තෑන්ක්ස්... ඕනෙ වුනොත් අනිවාර්යයෙන් කතා කරනවා.”
“ඔයාගේ නම්බර් එක දෙන්න කැමති නැද්ද?”
“ඇයි... ප්‍රශ්ණයක් නෑ. ඉන්න මම ඩයල් කරන්නම්.”
මම ඩයල් කරපු නම්බර් එක සේව් කරගෙන ලයාංගි මට ආයෙත් කතා
කළා.
“ඇත්තටම මම කියන්නේ කාවින්ද... ඔයාට මොනව හරි ප්‍රශ්ණයක්
වුනොත්... කාට හරි කතා කරන්න හිතුනොත් මට කතා කරන්න.”
“එහෙම කරන්න බෑනේ... ඔයා දැන් බඳින්න යනවා කියලා කිව්වා
නේද? එතකොට ඔයාට මම කතා කරලා හරියන්නේ නෑනේ.”
“එහෙම එකක් නෑ.... සජිත් ඒක ප්‍රශ්ණයක් කරගන්නේ නෑ...
මගේ යාළුවෝ ආශ්‍රය කරන්න මට තහනමක් නෑ....”
“ඒක හරියන වැඩක් නෙවෙයි ලයාංගි. මම මගේ ප්‍රශ්ණ
බලාගන්නම්. මම නිසා ඔයා හදාගත්ත ජීවිතේ අවුල් කරගන්න එපා.”
“කොහොම හරි.... ඉඳලා හිටලා මම කෝල් එකක් දුන්නට කමක්
නෑනේ...”
“අපෝ නෑ ලයාංගි... මමත් තනියම ඉන්න එකේ
කම්මැලිකමින් ඉන්නේ.. ඔයාට වෙලාවක් තියෙනකොට ඕනෙම වෙලාවක කතා කරන්න.”
“ඇයි ඔයා තනියම ඉන්නේ...? ගෙදර අය?”
“ආ.... මේ... මම දැන් යාළුවෙකුගේ හොටෙල් එකක මැනේජ්මන්ට්
එක බාර අරගෙන කරනවා. ඉතින් ගෙදර ඉඳලා යන්න එන්න කරදර නිසා හොටෙල් එකේ තමා
නවතින්නේ. අනික මම ඒ ලඟින් ගෙයකුත් ගත්තා. එතනත් මම ඉන්නේ තනියම.”
“ෂෝක්නේ... ඔයා ඉන්න වෙලාවක කියන්න මම එන්නම් ටිකක් කතා
කර කර ඉන්න.”
“ෂුවර්...”
අපි කතා කරන අතරේ... සජිත් ආවා.
“මම එහෙනම් යන්නම් ලයාංගි...” මම කිව්වා. “යන්නම්..”
සචියත් කිව්වා.
0 comments:
Post a Comment