සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
72.
මම තව දවස් තුනක් රෝහලේ හිටියා.
ඒ හැම දවසකම ගෙදර අය ඇවිල්ලා ගියාට පස්සේ
දිලිනි රෑ හත හමාරට විතර ඇවිල්ලා දහය විතර වෙනකම් ඉන්නවා.
අපේ අම්මා හරි තාත්තා හරි දකී කියලා එයා
දවල් වරුවේ ආවේ නැහැ. අනිත් එක
මගේ යාළුවෝ ටික වුනත් පොඩ්ඩක් අමුතු විදිහට එයා දිහා බලන නිසාත්, සචිත්‍ර මොන වෙලාවේ කට කැඩිච්ච කතාවක්
කියයිද කියලා දන්නේ නැති නිසාත් මම දිලිනිට දවල් එන්න එපා කිව්වා.
ඒ හැම දවසක්ම ගෙවුණේ හරිම සුන්දර විදිහට. අපි දෙන්නා කතා නොකරපු දෙයක් නෑ. අපි ඉදිරියේදී කොහොමද දෙමව්පියන්ට උත්තර
දෙන්නේ, කොහොමද
ජීවත් වෙන්නේ, ලංකාවේ
නැතුව මොන රටටද යන්නේ කියලා අපි කතා වුනා. ඒවා ඇත්තටම කරන්න පුළුවන් දේවල්ද කියන එක
ප්‍රශ්ණයක් වුනත් ඒ දවස් ලස්සනට ගෙවිලා ගියා.
සෙනසුරාදා දවල් මම ගෙදර ගියා. සචියා, අමිල, චතුර එරංග අයියගේ වෑන් එක අරන් ඇවිත් මාව
ගෙදර එක්ක ගියා.
කකුලේ තුවාලේ නිසා ඇවිදින්න අමාරුයි. අනිත් එක තව දවස් දහයක් විතර යනකං ඇඳෙන්
බහින්න තහනම් කරලයි චූටි අක්කා මාව එව්වේ.
අපි යනකොට අම්මා විතරක් නෙවෙයි, තාත්තත් ගෙදර හිටියා.
“සචියා... තාත්තා ඉන්නවා....”
“ඉතින්....”
“ඒක සුභ ලකුණක් නෙවෙයි බං. සෙනසුරාදාට තාත්තා ගෙදර ඉන්නවා කියන්නේ
මොකක් හරි කොක්කක්.”
“විකාර නැතුව වරෙන් බං... ගොන් වැඩ කරන්න පුළුවන් නම් බැණුම්
අහන්නත් පුරුදු වෙයං.”
අමිලගෙයි සචියගෙයි කරට අත දාගෙන මම ඇතුලට
ආවා.
“බලන්න පුතා ඔයා කරගත්ත දේ.... ඔයාට ඇවිදින්නවත් බෑ දැන්. කොච්චර කාලයක් ඉන්නද ඔහොම.”
“මම කරගත්ත දෙයක් නෑ අම්මා....”
මම එහෙම කිව්වහම තාත්තා කතා කළා.
“ඉඳගන්නවකෝ ඔහොම...”
මුන් තුන්දෙනා මාව ඉන්දවලා මාරුවෙලා යන්න
හැදුවා.
“නෑ නෑ... යාළුවෝ තුන්දෙනත් ඉඳගන්නවා. හැමෝටම තමා මම මේ කතතා කරන්නේ.”
උන් ඉඳගත්තා.
“දැන් තමුසේ හොස්පිට්ල් එකේ ඉන්නකං කිව්වේ
නෑනේ කව්ද තමුසෙට ගැහුවේ... ඇයි ගැහුවේ කියලා. දැන්වත් කියනවද?”
“මම දන්නෑ තාත්තා.”
“අයිසේ බොරු කියන්න එපා. මම දන්නවා හැම දේම. මම මෙච්චර කල් ඉවසගෙන හිටියේ මොලේ තියෙන
කොල්ලෝ නිසා ටික දවසකින් මේව නවත්තයි කියලා හිතලා. අඩුගානේ යාළුවෙක්වත් කියලා දෙයි කියලා මම
හිතුවා. තමුසෙගේ
යාළුවෝ ඊට හපන්...”
“තාත්තා මුන්ට බනින්න එපා. උන් කරන්නේ මම කියන දේ...”
“ඒක තමයි.... හොඳ යාළුවෝ කියන්නේ තමන් කරන හැම ගොන්
වැඩේටම උදව් කරන උන් නෙවෙයි...වැරදි වැඩක් කරනකොට ඒක නවත්තන අය..... සචිත්‍ර, දැන් බලනවා යාළුවාගේ වැරදි වැඩ වලට උදව්
කරන්න ගිහිල්ලා කරගත්ත දේ.”
ඌ
ගොළුවෙලා වගේ උඩබිම බලනවා.
“මීට පස්සේ නිකං හේතුවක් නැතුව නුවර
රස්තියාදු ගහන එක තහනම්. ඔය ගරාජ් වැඩේත් කරන්න බැරිනම් නවත්තලා
දානවා.ඉගෙන
ගන්නවා හරියට.කැම්පස්
එන්ට්‍රන්ස් ආවොත් ඒකට අනිවාර්යයෙන් යන්න ඕනේ. හැබැයි එකම දේ රස්තියාදු ගහන එක තහනම්
වගේම අර කෙල්ල එක්ක තියෙන ඇයි හොඳයි කම් ඔක්කොමත් නවත්තන්න ඕනේ.”
තාත්තා ඒක කිව්ව විතරයි සචියා මගේ මූණ
බැලුවා.
‘මම උඹට ඕක කිව්වා..’ කියලා උගේ මූණේ ලියවිලා.
“තේරුණාද කාවින්ද?”
තාත්තා ආයෙත් ඇහුවා.
“තාත්තා.. එයා යාළුවෙක් විතරයි....”
“නෑ යාළුකම් වුනත් එපා. ඒ කෙල්ල තමුසෙට යාළුවෙක් විදිහට ආශ්‍රය
කරන්නවත් ගැලපෙන්නේ නෑ.”
මම මොනව කිව්වත් වැඩක් වෙන්නෑ.. තාත්තගේ තීරණේ වෙනස් කරන්න බෑ කියලා දන්න
නිසා මම කට වහගත්තා.
“යාළුවොන්ටත් කියන්නේ... තමුසෙලාත් රස්තියාදු ගහන එක නවත්තලා වැඩක්
කරනවා. ඉස්කෝලේ
යන කාලේ ඉඳලම ඕක කරානේ. දැන්වත් ඇතිවෙලා නැද්ද?”
කොල්ලෝ තුන්දෙනා හුස්මක්වත් ගන්නේ නැතුව
ඉන්නවා.
“හ්ම් දැන් යනවා..”
තාත්තා නැගිටලා ගියා. අම්මත් ඒ එක්ක ගියා.
අපි හතර දෙනා එළියට ඇවිල්ලා අලිපේර ගහ යට
බංකුවේ ඉඳගත්තා.
“කාවා... උඹ හින්දා අපිත් බැණුම් අහනවා බං.... උඹට අපි කොච්චර කිව්වද බං... අන්තිමට තාත්තා කියන්නේ අපිත් කිව්වේ නෑ
කියලා. ඒක
අසාධාරණයි බං.”
අමිල කිව්වා.
“ඉතින් තොපිට ඒ වෙලාවේ කියන්න තිබුණනේ... මෙතන මට කුණු කුණු ගාන්නේ.”
“යකෝ... ඒ වෙලාවේ ඕක කියන්න ගියානම් තව පැය
දෙකකින් මෙහා නැගිටිනව බොරු...”
“එහෙනම් දැන් මට බොරුවට කෙඳිරි ගාන්න එපා. මල වදයක් බං උඹලා.”
“කාවා.. මම ඇත්ත කියන්නම්... උඹ මේ සීන් එක නවත්තපං. දිලිනි කියන්නේ කව්ද කියලා අපි කවුරුත්
දන්නේ නෑ. එයාගේ
තාත්තා ලොකු බිස්නස් කාරයෙක්.. හැබැයි කෙල්ල ඉස්කෝලේ ගුරු පුහුණුව. අන්තිමට දැන් ඉස්කෝලෙන් අයින් වෙලා
ගෙදරිනුත් අයින් වෙලා තනියම ඉන්නවා. අවුරුදු විසි ගාණක කෙල්ලෙක් ඔය වගේ වැඩ
කරනවා කියන්නේ, හිතාගන්න
බැරි දෙයක් බං.”
“මට දිලිනිව විශ්වාසයි. ඒ නිසා මම ඒක නවත්තන්නේ නෑ. එයා කවදාවත් මට බොරු කියන්නේ නෑ. උඹල මට එක උදව්වක් කරපං.“
“ඒ පාර මොකක්ද?“
“මට දිලිනිව හම්බවෙන්න ඕනේ.... මාව ගෙදරින් එළියට ගන්න විදිහක් කල්පනා
කරපං.“
“අම්මෝ කාවා.... ඒක නම් හිතන්නවත් එපා. ඇහුනනේ තාත්තා කියපුවා. දිගටම උඹව බලන්න අපි ගෙදර එන්නම්. උඹ නම් විහිළුවටවත් ටවුන් එක පැත්තේ එන්න
එපා.
උඹට මොනව හරි වුනොත් අපිත් ඉඳල ඉවරයි.“
අමිල කිව්වා.
“ප්ලීස් බං.... මොනව හරි ජල්තරයක් දාලා මාව එළියට ගනින්
බං..“
මගේ ඇවිටිල්ල නිසාම උන් කල්පනා කරන්න පටන්
ගත්තා.
“එහෙනම් මෙහෙම කරමු“ ඒ ටික කියලා අමිල කල්පනා කරන්න පටන් ගත්තා.“
“කොහොමද බං..?“
“මගේ බර්ත්ඩේ එක අනිද්දා.“
“හම්මට... යකෝ... පාටියක් ඕනේ...“
“ඇත්තටම මචං අපි පොඩ්ඩක් සෙට් වෙන අයිඩියා
එකක් දාන්න තමයි හිටියේ... ඒත් කාවා ලෙඩ වුන නිසා අයිඩියා එක අතෑරියා....“
මට ඌ ගැන ඇත්තටම ආඩම්බරයක් ඇතිවුනා. මේ වගේ උන් තමයි යාළුවෝ කියන්නේ.
“ඉතින් අමිලයා කියපංකෝ අයිඩියා එක.“
“මම කියන්නම් මගේ බර්ත් ඩේ පාටි එක තියෙනවා
තියලා. උඹව
එවන්න කියලා.“
“ඒත් බං උඹලගේ ගෙදර නොයා අපි මාට්ටු වුනොත්?“
“නෑ නෑ... අපි එරංග අයියගේ පොට් එකේ වැඩේ ඇරෙන්ජ්
කරමු. සල්ලි
නම් නෑ... ලොකුවට... ඒත් බලමු මොනව හරි කරගන්න.“
“සල්ලි අවුලක් නෑ අමිල... මගේ ළඟත් ගරාජ් එකේ වැඩ කරලා ඉතුරු වුන
ගාණක් තියෙනවා.“ මම
කිව්වා.
“එහෙනම් වැඩේ ස්ථිරයි... උඹ දිලිනි මිස්ට එදා එන්න කියපං. පෝය දවසක් නිසා රෙස්ටොරන්ට් එකේ බාර් එක
වහලා. ඒ නිසා
ලොකු සෙනගක් නෑ.... අපි හවස
හයට වැඩේ පටන් ගමු.“
සචියා කිව්වා.
“අමිල උඹ කාවාට ඉන්වයිට් කරපං... දැන් නෙවෙයි හෙට.“
“එල....“
කොහොමහරි දිලිනිව හම්බවෙන්න පුළුවන්
විදිහක් හදාගත්ත නිසා මගේ හිතට හොඳයි. එදා රෑ මට හොඳට නින්ද ගියා.
First comment.......
ReplyDeleteThanks
DeleteDid you read the rest?
Yes.its pretty but very slowly story....
ReplyDeleteStill I can't trust Dilini. She's acting so different
ReplyDeleteIt's bit yes....!!!
DeleteShe is acting little different. But i think she loves Kavinda truly.
කෙනෙක් තවත් කෙනෙක්ට ඇත්තටම ආදරේ නම්, ඩ්‍රාමා එකක් කරනවාමයි. එය කෙල්ලන්ගේ මොටෝ එකක්. අනිත් උන් නම් මන්ද, මම නම් එහෙමයි. ඒ අතින් මමයි දිලිනියි එක වගේමයි.
Deleteමොන හෙනයක්ද මන්ද, මම දිලිනිට කැමතිම නැහැ. ලස්සනයි කියල කිව්වට ලස්සනයි කියල හිතෙන්නෙම නැහැනේ. පච කියන්න බැහැ, ඔන්න මම ඇත්තම කිව්වා
ආදරයක් පපුවට වදින්න දැනෙන්න නම් අණ්ඩක් කැඩෙන්නම ඕනේ... ඒක නම් එක පැත්තකින් ඇත්ත. ස්පෝර්ට්ස් කරන එකෙක්ගේ අණ්ඩක් කැඩුනහම බලන්න එපෑ අපේ පපුව පත්තු වෙන හැටි! හි හි හි... ඔන්න මටත් කතා ලියන්න හිතෙනවා ඉතින්.. හි හි හි...
කාවා හිටියේ සුවසෙවනේද ?
Guessed it right
Deleteඇත්තම කිව්වොත් දිලිනි මාරම ලස්සනයි. ඔය තරුණ කාලෙට ගොඩක් කොල්ලන්ට හිත ගිය කෙල්ල කොච්චර අප්සෙට් වුනත් පේන්නේ ලස්සනටනේ. (ලස්සන නැති කෙල්ලන්ට අපහාසයක් නෙවෙයි.) ඒ අතින් බලපුවාම දිලිනි මාරම ලස්සනයි. සිරා ෆිගර් එකක්, උසයි, අඩි පහයි අඟල් අටක්, නවයක් විතර. ඒ උස කෙල්ලෙකුට මාරම ස්මාර්ට් ගතියක් ගේනවා. දිනි, ලයාංගි, සමාධි වුනත් කැත නෑ. ඒත් දිලිනි එක්ක එකට තියන්න බෑ. සාමාන්‍යයයි.
Deleteමොනව වුනත් අවුරුදු විසි එකක විතර වයසේ හිටපු කාවින්දගේ හිත දිලිනිට යන්න මේ ලස්සනත් එක හේතුවක් වෙන්න ඇති. මොකද ලස්සන කෙල්ලෝ කියලා දිනි, එයාගේ යාළුවෝ දිහා බලපු කාවින්ද, දිලිනි දැක්කහම තේරුම් ගන්න ඇති ලස්සන රූපයක් කියන්නේ මොකක්ද කියලා.
ඒ නිසා දිලිනි ලස්සනයි කියලා පිළිගන්න බය වෙන්න එපා. හැබැයි කාවින්ද රියල් ෆිගර් එක දිලිනි කියන තරම් ලස්සන නෑ. ස්පෝර්ට්ස කරපු නිසා ඇඟ හැදිලා තිබුණට, උපතින් සුදු වුනාට අව්වට කළු වුන, උස කොල්ලෙක් තමයි කාවින්ද කියන්නේ. වෙන අමුතු හැන්ඩ්සම් ගතියක් නෑ. එකම දේ පරම්පරාවෙන් අපු Sharp face cut එකක් තියෙනවා.
ඔය උස කියනදේ මට නම් සමහර වෙලාවට 'එකම සාධකේ' වගේ පේනවානේ. කොටිම්ම ස්පෝර්ට්ස් කරන, උස කොල්ලෙක් කිව්වහම කළු නෙවෙයි දම් පාට උනත් ඒ වෙලාවට වර්ණ අන්ධ වෙනවනේ බොලේ!! හි හි හි
Deleteකෙල්ලොන්ගේ උස නම් අනේ මන්ද.. මම දැකපු , කතාබහ කරපු 'උස කොල්ලෝ' ඔක්කොම 'අඟුටුමිටි' කෙල්ලෝ තමයි අල්ලගන්න වලිකෑවේ. හම්මේ ඒ කාලේ! හි හි හි......
සුවසෙවන ඔය වගේ 'පෙම්කෙලි-මලකෙලි' වලට බොහොම ප්‍රසිද්ධයිනෙ.. හි හි හි... ආයේ ඉතින් කොහේ යන්නද? ලේක් ෆ්රන්ට් එකේවත් නැහැ ඒ වගේ පෙම්කෙලි!!
හුම්ප්! කට වසා ගත්තෙමි. නැතිනම් රට්ටු....
ඒ කියන්නේ සුවසෙවන අත්දැකීම් ඇති. ඒකේ රූම් වලට යන්න එන්න අවුලක් නෑනේ. මේන් ගේට් එකක් කියලා නෑනේ. ඒ නිසා ඕනෙ කෙනෙකුට එන්න යන්න අවුලක් නෑ.
Delete