සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
80.
දවස් තුනකට
පස්සේ මම නොහිතපු වෙලාවක සමාධි කතා කළා.
“කාවින්ද, ඔයා
දැන් අපිත් එක්ක තරහ වෙල වගේ නේද?”
“නෑ සමාධි...
ඇයි.... මම මෙහේ හිටපු නැති නිසා ක්ලාස් එන්න බැරිවුනා. එච්චරයි.”
“එච්චරමද?”
“ඔව් ඇයි?”
“නෑ.... දිලිනි
කියල නැද්ද අපිත් එක්ක කතා කරන්නවත් එපා කියලා.”
“දිලිනි....?”
“බොරු කරන්න
එපා අයියේ.... ඔයා වගේ හොඳ අය බොරු කරනකොට කැතයි.”
“මොකක්ද
බොරුව?”
“දිලිනි ඔයාට
එහෙම කිව්ව නේද?”
“සමාධි... මොකද
ඔයාට වෙලා තියෙන්නේ? මාත් එක්ක රණ්ඩුවට වගේ කතා කරන්නේ. ඔයාලා මොනවා විශ්වාස කරත්
මට කරන්න දෙයක් නෑ. දිලිනි කවදාවත් මට එහෙම දෙයක් කියලා නෑ. අදත් කියන්නේ එයා නිසා
මගේ පරණ යාළුවෝ අමතක කරන්න එපා කියලා.”
“ඒ කියන්නේ
දෙන්නා දැන් නිතර හම්බවෙනවා?”
“ඔව්...
ඇයි.....?”
“නෑ නිකං....
ඔයා අපි කියන දේවල් අහන්නේ නැහැනේ.... ඒ නිසා කිව්වට වැඩක් නෑ. කවදාහරි ඔයාට
තේරෙයි දිලිනි කරන්නේ බොරුවක් කියලා. එදාට ඔයා පරක්කු වැඩි වෙයි.”
“මම හිතන්නෙ නෑ
සමාධි. දිලිනි බොරුවක් කරලා මගෙන් මොනව ගන්නද? ඔන්න මම එයාට බොරුවක් කරනවා
කිව්වනම් පිළිගන්න තිබුණා. එයාගේ සල්ලි නිසා කියලා.”
“ඔයාට ඒ තරමට
විශ්වාසද?”
“ඔව් සමාධි....
පලවෙනි දේ මට මාව විශ්වාසයි. ඒ නිසා මම කරන දේ විශ්වාසයි. ඒ කියන්නේ මම විශ්වාස
කරන අය මට ඇත්තටම විශ්වාසයි.”
“කොහොමහරි කමක්
නෑ අයියේ... මොනව වුනත් පරිස්සමින්.”
“මම පරිස්සමින්
තමයි නංගි ඉන්නේ.”
“බලාගෙන ඔයාට
ආයෙත් කරදරයක් වෙන්න ඉඩ තියෙනවා.”
“මම හිතන්නෑ.”
මම එහෙම
කිව්වට සමාධිගේ අනාවැකිය ඇත්ත වෙන්න ගියේ පැය කීපයක් විතරයි.
මම ප්‍රැක්ටිස්
ඉවර වෙලා දිලිනිව හම්බවෙන්න නුවරට ආවා. අපි දෙන්නා වැව රවුමේ සෙනග නැති පැත්තක
බංකුවක වාඩි වෙලා කතා කර කර හිටියා.
මේ හරියේ
චිල්රන්ස් පාක් එකට ඇවිත් තිබුණ අයගේ වාහන කීපයක් ඇරුණාම වෙන වාහනයක්වත්
මනුස්සයෙක්වත් හිටියේ නැහැ. නිස්කලංක වෙලාවක්.
ටික වෙලාවකින්
අපි හිටපු තැනට කිට්ටුව වාහනයක් ඇවිත් නැවැත්තුවා.
“කාවින්ද....
ගිහාන්....”
මම ඒ පැත්ත
බලනකොට ගිහාන් වාහනයෙන් බැහැලා තවත් යාළුවෙක් එක්ක අපි ළඟට එනවා.
“අනේ
කාවින්ද.... මම කියන නිසා රණ්ඩුවට යන්න එපා. ඔයාට මොනව කිව්වත් සද්ද නැතුව ඉන්න.
අපිට ප්‍රශ්ණ දාගන්න බැහැ.”
මම දිලිනි දිහා
බැලුවා. එයාගේ මූනේ ඇඳිලා තිබුණේ තරහක්.
“ආ..... කුරුලු
ජෝඩුව ලව් කරනවා වගේ?”
ගිහාන් කිව්වා.
“ගිහාන් මම
ඔයාට කොච්චර කියල තියනවද මට කරදර කරන්න එපා කියලා.... ඇයි අපේ පස්සෙන් එන්නේ.”
දිලිනි කිව්වා.
“මට උඹත් එක්ක
කතාවක් නෑ... මේක මගෙයි කාවින්දගෙයි කතාවක්.” ගිහාන් කෙලින්ම කියලා දැම්මා.
“ඇයි... ගිහාන්
... මොකක්ද උඹට මගෙත් එක්ක තියෙන කතාව.”
“ලැජ්ජ නැද්ද
ඩෝ.... අනුන්ගේ ගෑණුන්ට බැල්ම දාන්නේ. මේ ලෝකේ මෙච්චර කෙල්ලෝ ඉද්දි.”
ඌ ඒක කියනකොටම
දිලිනි කතා කළා.
“ගිහාන්
කරුණාකරලා යන්න.... මම ඔයාට අයිති දෙයක් නෙවෙයි.”
“මේ උඹ
හිටපං... අපි දෙන්නා ඒක බේරගන්නම්.”
“ගිහාන් මේ....
අපිට කරදර කරන්න එපා. දිලිනි උඹට අයිති නෑ... ඒක එයාගේ කටින්ම අහගත්තනේ.. දැන්
පලයං.”
“ඇයි ගියේ
නැත්තං මොනව කරන්නද?”
එහෙම කියනකොට
ගිහාන්ගේ යාළුවා මගේ ටී ෂර්ට් එකෙන් ඇදලා ගත්තා. එතකොටම පටාස් ගාලා ගිහාන් මගේ
කම්මුලට සැර පාරක් ගැහුවා.
තත්පරයක් යන්න
කලින් දිලිනි මැද්දට පැනලා ගිහාන්ව තල්ලු කළා.
“ගිහාන්.....
මාව යකා කරගන්න එපා... දන්නවනේ මගේ හැටි. කාවින්ද මෙච්චර ඉවසුවේ මම කියපු නිසා
නැත්නම් තමුසෙලා දෙන්නගේ කෑලිත් නෑ....”
දිලිනි ඒක
කියපු විදිහට මමත් ගැස්සිලා ගියා.
“ගිහාන් තමුසේ
තව එක විනාඩියක් මෙතන හිටියොත් මම තමුසෙයි යාළුවයි දෙන්නම මරණවා.”
මම එහෙම කියලා
ගිහාන්ගේ යාළුවාගෙ අතින් අල්ලලා ඌව වැව පැත්තට තල්ලු කළා. ගිහාන් ගේ බෙල්ලෙන්
අල්ලලා උගේ මූණ ළඟටම අත ගෙනාවා, ඒත් ගැහුවේ නෑ.
“යන්න දෙන්න
කාවින්ද...” දිලිනි මගේ අතේ එල්ලුනා.
උන් දෙන්නා
ගියාට පස්සේ දිලිනි මගේ අතින් අල්ලගෙන මගේ මූණ කෙලින් බැලුවා.
“ඉවසන්න කිව්වට
ගුටි කන්න කියලා මම කිව්වේ නෑ කාවින්ද.”
තරහ පැත්තකින්
තියලා මට හිනා ගියා.
“එහෙනම් ඔයා
මොනවද කරන්න කිව්වේ?”
“මම දන්නෑ
කාවින්ද... ඒත් ඔයා ගුටි කනවා බලාගෙන ඉන්න මට බෑ. මම නිසා ඔයා ඔය තරම් ඉවසන්න
එපා... මට දුකයි.”
“අයියෝ ප්‍රශ්ණයක් කරගන්න එපා. මම අන්තිම
වතාවට මේ ඉවසුවේ. ආයෙත් සැරයක් ඌ ආවොත් මම බලාගෙන ඉන්නේ නෑ. එක්කෝ ඌ නැත්නම් මම.“
“අනේ ඔයාට තුවාල නෑ නේද“ දිලිනි මගේ මුළු
ඇඟම අතගගා බලනවා. ඒ මදිවට ඇස් වල කඳුළු.
කෙල්ලෙක් මෙහෙම ආදරේ කරනවනම් එක පාරක්
නෙවෙයි දහ පාරක් හරි ගුටිකන්නම්කෝ. මට හිතුනා.
Comments Please!!!!!!!!!
ReplyDeletehmmmmmmmmm ayyo...
ReplyDeleteදැන් එතකොට දිනීද දුෂ්ඨයා? සමාධි මොකාටද එන්න හදන්නෙ.
ReplyDeletecome on Gihan
ReplyDelete