සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
66.
ඒ අතරේ අපි දෙන්නා බීම දෙකක් අරගෙන
පැත්තකට වුනා.
“මම ටික දවසක ඉඳලා ඔයත් එක්ක කතා කරන්න
හිටියේ අයියේ. එකක්
දිනිගේ ඉල්ලීමක්... අනික
රැන්ඩි කියපු දෙයක්.”
රැන්ඩි කියන්නේ සමාධි බඳින්න ඉන්න කෙනා. ඌ මාවත් හොඳට දන්නවා. දිනිගේ කසින් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ දුරින් මටත් නෑයෝ වෙනවා.
“ඇයි... ඌ මොනවද කියන්නේ? මේ පාර ඇවිත් ගියා ගියාමයි තාම මට කතාවත්
කළේ නෑ.”
“මේ දවස් වල එයාට විභාගේ. මටවත් කතා කරන්න වෙලාවක් නෑ. ඒක නෙවෙයි දිනි මට කිව්වා ඔයාගේ රිසල්ට්
ආව ගමන් ඔයාට රැන්ඩිට කතා කරන්න කියලා. රැන්ඩි කියනවා ඔයාටත් මෙහේ වාත වෙවී ඉන්නෙ
නැතුව අම්මලාට කියලා සල්ලි ටිකක් ලෑස්ති කරගෙන යූඑස්ඒ වල කැම්පස් එකකට ඇප්ලයි
කරන්න කියලා.”
“ඒ මොකටද?”
“අයියේ.. මේ සැරේ විභාගේ කරලා මමත් යනවා. අක්කිත් ඉන්නේ එහේ. රැන්ඩිගේ මාමා යුනි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. එයාට පුළුවන් ඔයාට ස්කොල් එකක් සෙට් කරලා
දෙන්න. ගෙවන්න
වෙන්නේ බොහොම අඩු ගාණක්.”
“එතකොට.”
“මම යනකොට ඔයාවත් ගෙන්න ගන්න තමයි රැන්ඩිගේ
අදහස. දිනිත්
කිව්වේ මේකමයි.”
“ඔයාට පිස්සුද සමාධි. ඇමරිකාවට එහෙම ලේසියෙන් වීස ගන්න පුළුවන්ද? අනික අපේ අම්මටයි තාත්තටයි මාව ඇමරිකාවේ
යවලා උගන්වන්න තරම් සල්ලි නෑ.
“ඒකට තමයි ළමයෝ ස්කොල් එකක් ගන්නේ. අනිත් එක වීස ප්‍රශ්ණයක් නෑ ස්කොල් එකත්
එක්ක යුනි එකෙන් ඔෆර් ලෙටර් එක ආවම. අනික රැන්ඩිගේ මාම කැමතියි ස්පොන්සර්
ලෙටර් එකකුත් දෙන්න. අනිත් එක
රැන්ඩි ඔයාට පුදුම විදිහට ආදරෙයි. අපි දෙන්නා නිසා ඔයා ලංකාවෙදි ඇති කරගත්ත
ප්‍රශ්ණ අපිට අමතක නෑ. මට මතකයි
ඔයා දවසක් රණ්ඩුවකදී රැන්ඩිව බේරන්න ගිහිල්ලා මුළු රැයක් පොලිස් කූඩුවෙත් හිටියා. අපි වෙනුවෙන් එහෙම කරපු ඔයාව අතාරින්න අපි
ලෑස්ති නෑ.”
“ඒවා තාම මතකද?”
“අපි දෙන්නට කවදාවත් ඒවා අමතක වෙන්නෑ අයියේ.”
“දැන් මොකක්ද මාව අතාරින්න ලෑස්ති නෑ කියපු
කතාව?”
“අයියේ.... අපි හැමෝම දන්නවා ඔයා අහුවෙලා ඉන්නේ කියලා. දිලිනි කියන්නේ කව්ද කියලා ඔයා නොදන්නවා
වුනාට අපි දන්නවා. එයා ඔයාව
යූස් කරනවා එයාගේ ප්‍රශ්ණ විසඳගන්න. අන්තිමට ඔයාව මතකත් නැති වෙයි. දිලිනි කියන්නේ සල්ලි උඩ ඉපදිලා, සල්ලි වලින් නාපු කෙනෙක්. එයාට සල්ලි කියන්නේ සෙල්ලමක්. අපි පොඩි
වාහනයක් ගන්න හීන බලද්දි එයා බී එම් ඩබ්ලිව් දෙක තුනක් පාවිච්චි කරනවා සෙල්ලමට
වගේ. එයා ෂොපින් කරන්න යන්නේ බැන්කොක් හරි සංගප්පූරුවට නැත්නම් ඩුබායි වලට. ඔයා
දැකල තියෙනවද එයා පාවිච්චි කරන දේවල්, පරෆියුම්, ජ්වලරි, ඇඳුම්, ඔරලෝසු,
සපත්තු, ඒවා හැම එකක්ම දාස් ගණන් වල ඒවා. සාමාන්‍ය අපි වගේ කෙල්ලෙකුට
හිතන්නවත් බෑ ඒ වගේ දේවල් ගන්න.“
“එයා එහෙම කෙනෙක් වෙන්න බෑ සමාධි.“
“ඒ ඔයාට පෙන්නන දේ නේ. එයා ඔයාට ලංවෙන්නේ දෙයක් ගන්න මිසක් දෙන්න
නෙවෙයි. ඔයා
අහුවෙලා අයියේ. ඔයාට
නොපෙනුනාට අපිට ඒක පේනවා. අපි කවදාවත් දෙන්නේ නෑ අපේ කාවින්ද
අයියට ඒ වගේ දෙයක් වෙන්න. ඔයාව ගලවගන්න පුළුවන් හැම දෙයක්ම අපි
කරනවා.”
එහෙනම් මේක තමයි දිනි කෝල් කරලා ලංකාවේ
යුනි යන්නේ නැතුව පිටරට ඇප්ලයි කරන්න කිව්වේ. මුන් සෙට් එකම මේ ප්ලෑන් එක ගහලා මුල ඉඳලම. මොනව වුනත් මට අඩම්බර හිතුනා... මේ වගේ යාළුවෝ මට ඉන්නවනේ කියලා.
“මම කාටවත් අහුවෙලා නෑ සමාධි. මම දන්නවා මම කරන්නේ මොකක්ද කියලා. එනිවේ තෑන්ක්ස් ඔයාගේ ඔෆර් එකට... මම කල්පනා කරලා.. අම්මගෙනුත් අහලා කියන්නම්.”
“ඒ කියන්නේ ඔයා කැමතියි....”
“කැමතිම නෙවෙයි... ඒත් වෙනසකටත් එක්ක... බලමු.”
එක අතකට ඒ යොජනාවත් නරක නෑ. මෙහෙට වෙලා ආතක් පාතක් නැතුව, දිනිත් නැතුව පිස්සු නටන වෙලාවේ, මේ වගේ දෙයක්වත් කරගත්ත නම් හොඳයි. අනිත් එක තාත්තා කිව්ව විදිහට ලංකාවේ
කැම්පස් ගියොත් අවුරුදු තුනේ කෝස් එක කරන්න අවුරුදු පහක් විතර යනවා. ඇයි වැඩි හරියක් ඒවා වහලනේ.
“එහෙනම් පොරොන්දු වෙන්න මේ ගැන හිතලා බලනවා
කියලා.”
“ෂුවර්.”
“තව දෙයක් තියෙනවා කාවින්ද.”
“මොකක්ද?”
“දිනි ගැන.”
“ඇයි...?”
“දිනි ගියේ හිතකින් නෙවෙයි. එයාට නොයා බැරි වුනා. ඒ වුනාට එයා ඔයාව අමතක කරලා නෑ.”
“මටත් ඔය ගැන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. දිනි යන්න කලිනුත් ඔය වගේ කතාවක් කිව්වා. ඒත් මම නොදන්න මොනව හරි දෙයක් එයාගේ හිතේ තිබුණා.”
“ඒ වගේ දේවල් දැන්ම තේරුම් ගන්න උත්සහ
කරන්න එපා කාවින්ද අයියේ. මොනව වුනත් පරිස්සමින් වැඩ කරන්න.”
“හැමෝම කියන්නේ ඕක... කාගෙන්ද සමාධි මම පරෙස්සම් වෙන්න ඕනේ?”
“හැමෝගෙන්ම. තමන් ගැන හිතල වැඩ කරන්න. මොනව වුනත් ඔයා දැන් ඔය කරන වැඩේ ගැන
දෙපාරක් හිතන්න.”
“මොන වැඩේද?”
“ඔයාගේ ඔය ආදරේ...”
“ඇයි?”
“ඇයි අහන්නේ. ඔයා හිතනවද දිලිනි ඔයාට ගැලපෙනවා කියලා. නැත්නම් ඔයා සල්ලි නිසාද එයාට ආදරේ කරන්නේ.”
“මොකක්ද තියෙන නොගැලපීම. අනික මම කවදාවත් සල්ලි දිහා බලලා නෑ. ඔයා ඒක දන්නවා. දිනිත් දන්නවා.”
”ඒකම තමයි කාවින්ද මම කියන්නේ. එයා තමයි මම දැකපු ලස්සනම කෙල්ල. ඒක නෑ කියන්න බෑ. ඒත් හිතන්න... ඇයි එයා ඔයාවම තොරගත්තේ. එයාගේ සල්ලි වලට, ලස්සනට ලංකාවේ ඉන්න ඕනෙම කෙනෙක්ව බඳින්න
පුළුවන් කම තියෙද්දි ඇයි වයසිනුත් බාල ඔයා.
“ඇයි දිලිනි නරක කෙනෙක් කියලා ඔයාලා
කියන්නේ?”
“නෑ නෑ... එයා නරකයි කියලා අපි කිව්වේ නෑ. ඒත් එයාගේ වටපිටාව හැදිලා තියෙන්නේ ඔයාට
හැන්ඩ්ල් කරන්න බැරි විදිහට.”
“මට තේරෙන්නේ නෑ.”
“අයියේ ඔයා දන්නේ බොහොම ටිකයි. දිලිනිගේ තාත්තා කියන්නේ ඉන්ටර්නැෂනල්
බිස්නස්මන් කෙනෙක්. එයාගේ
බිස්නස් මේ ලංකාවේ තියෙන පොඩි හොටෙල් ටිකට වඩා ගොඩක් ලොකුයි. එයා ලංකාවෙදි නම් බොහොම පොඩි කෙනෙක්. එයාට ලංකාවේ කරන්න පුළුවන් දේවලුත්
සීමිතයි. ඒත් අවශ්‍යතාවක්
වුනොත් එයාට කරන්න බැරි දේකුත් නෑ. ඔයාගේ තාත්තත් මේකට පැටලුනොත් මොනව වෙයිද?”
“ඒක මට අදාල නෑ.”
“ඇයි නැත්තේ. දිලිනි කියන්නේ එයාගේ දුව. අනික දිලිනි මුල ඉඳලම තාත්තගේ බිස්නස් වල
හිටියා. ඔය
ඉස්කෝලේ උගන්වන්න ගියෙත් මිනිස්සු මුලා කරන්න. එයා මුල ඉඳලම තාත්තගේ බිස්නස් පාට්නර්
කෙනෙක්. ඒ
ගොල්ලන්ගේ සල්ලි වලින් වැඩි හරියක් තියෙන්නේ දිලිනිගේ නමට එයාගේ එකවුන්ට් වල. ඒක ලක්ෂ ගාණක් නෙවෙයි... කෝටි ගාණක්.”
“ඔයා කොහොමද ඕවා දන්නේ?”
“රැන්ඩිගේ තාත්තත් බිස්නස් නේ කරන්නේ. දිලිනිගේ තාත්තට බිස්නස් ලෝකේ කියන්නේ
ගෝඩ් ෆාදර් ඔෆ් බිස්නස් කියලා. එයාට වගේම එයාගේ දුවටත් තියෙන්නේ ඒ
පිළිගැනීම. එයා ඔයාට
ඔය පෙන්වන අහිංසක මූණ නෙවෙයි එයාගේ ඇත්ත මූණ.”
සමාධි කියන්නේ මෙච්චර කාලයක් මම නොදැන
හිටපු දේවල්. ඒත් ඒව
ඇත්ත වෙන්න පුළුවන්ද. මගෙ අත
අල්ලගෙන මට මැරෙන්න ඕනේ කාවින්ද කියපු කෙල්ල කරන්නේ බොරුවක් වෙන්න පුළුවන්ද?
“මොනවද කල්පනා කරන්නේ? මම කියන්නෑ ඔයා දිලිනිට ආදරේ කරන්න එපා
කියලා. ඒත් ඊට
කළීන් එයා ගැන හොඳට හොයලා බලලා ඉන්න. අඩුගාණේ ඔයා එයාගේ හොඳ යාළුවෙක්වත් දන්නවද.. නෑනේ.”
බලාගෙන ගියාම ඒකත් ඇත්ත. එතකොට දිලිනි මුල ඉඳලම මට බොරුවක්ද කරල
තියෙන්නේ.
“අඩෝ.... උඹල යන්නේ නැද්ද පන්තියට.”
අමිලගේ සද්දෙන් අපි දෙන්නා හැරුණා.
පන්තිය ඉවර වෙලා අපේ සෙට් එක එළියට එනකොටම
සමාධිගේ තාත්තා ඇවිත් හිටියා එයාව එක්ක යන්න.
අංකල් මාව දැකලා කාර් එකේ ඉඳලම කතා කළා.
“ආ කාවින්ද... සෑහෙන කාලෙකින් දැක්කේ. යූ හැව් ග්‍රොව්න් සෝ හෙවි.”
“නෑ අංකල්, මම එච්චර සයිස් වෙලාද?”
“රග්බි සෙල්ලම් කරනවද?”
“නෑ අංකල්. කැන්ඩි ප්‍රැක්ටිස් නම් එන්න කිව්වා. ගියේ නෑ.”
“ඒ මොකද... අපරාදේනේ..... ඔයාගේ යාළුවෝ ඉන්නවනේ. හෙට්ටිආරච්චි එහෙම දැන් ප්ලේ කරනවා.”
“ඕව් අංකල් මට ඌ කිව්වා. ඒ වුනාට දැන් යන්න කම්මැලියි අංකල්. මම හිතුවේ තව අවුරුද්දක් දෙකක් ක්‍රිකට්
ගහන්න ක්ලබ් එකකට. නිකං මේ
පොඩි එකකට.”
මම බොරුවක් කිව්වා. මොකද අංකල් ක්‍රිකට් රගර් පිස්සා.
“දැට්ස් ගුඩ්....”
“එහෙනම් පුතා අපි යනවා. වෙලාවක එන්න ඒ පැත්තේ.”
“හරි අංකල්....”
මම අපේ උන් ඉන්න තැනට ආවා.
ආයෙත් දිලිප් සමාධි ගැන අහනවා. මූට නම් කියන දේ අහන්නෑ.
“කාවා.... කෙල්ල උඹේ සිරා බොක්කක්ද?”
“ඔව් බං.. ඇයි. මම සමාධිව අවුරුදු ගාණක ඉඳලා දන්නවා. එයාගේ අම්මා, තාත්තා, අක්කා හැමෝම දන්නවා.”
“ඇත්තටම කෙල්ලට කොල්ලෙක් ඉන්නවද?”
“ඔව් බං... මම කිව්වේ මම ඌවත් දන්නවා කියලා. අනික කෙල්ල දැන් තව මාස කීපයකින් එහේ යනවා. උඹ නිකං ගොනා වගේ පිස්සු කෙලින්න එපා බං. මෙච්චර තනිකඩ කෙල්ල ඉන්න ලෝකේ උඹ හදන්නෙම
අයිතිකාරයෝ ඉන්න කාර් එලවන්නනේ. මතකනේ එක පාරක් උඹ කෑවා.”
ඌ හෙන අප්සෙට් එකෙන් මා දිහා බලාගෙන
හිටියා.
“කෙල්ලට කොල්ලෙක් හිටියේ නැත්නම් මම අනිවා
උඹට සෙට් කරලා දෙනවා. ඕව ගණන්
ගන්න එපා බං දැන්.”
“කමක් නෑ කාවා. යමං දුකට සිගරට් එකක් වත් ගහමු.
read
ReplyDelete/*එහෙනම් මේක තමයි දිලිනි කෝල් කරලා ලංකාවේ යුනි යන්නේ නැතුව පිටරට ඇප්ලයි කරන්න කිව්වේ. මුන් සෙට් එකම මේ ප්ලෑන් එක ගහලා මුල ඉඳලම. මොනව වුනත් මට අඩම්බර හිතුනා... මේ වගේ යාළුවෝ මට ඉන්නවනේ කියලා.*/
ReplyDeleteමෙතන දිනී වෙන්න ඕනෙ නේද?
ඔව්නේ... ඉන්න හදන්නම්
Delete