සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
82.
මාව
අසිගිරිය පිට්ටනිය ලඟින් දාලා දිලිනි වාහනේ හරවගත්තා.
මම
පිට්ටනියට ඇතුල් වෙන්න හදනකොටම පිටිපස්සෙන් ආව වාහනයක් හෝන් කළා.
මම
හැරිල බලනකොට දැක්ක දෙයින් මගේ ඇස් අදහගන්න බැරි වුනා.
සමාධිගේ
වාහනේ. අනිත් පැත්තේ සීට් එකේ හිටියේ දිනි.
දෙන්නම
බැහැලා ආවා.
“දිනි...
ඔයා කවදද ආවේ?“
“අයියේ........
මට සමාවෙන්න කළීන් කිව්වේ නැතුවට. මම අද ඔයාට කෝල් කරන්න තමයි හිටියේ... ඒත් ඔයාව
මෙතනදි දැක්ක නිසා නැවැත්තුවා.“
“දෙන්න
කොහෙද යන්න ගියේ?“
“අපි
ගෙදර යන ගමන් අයියේ..... ඔයාව දැක්ක එක ලොකු දෙයක්.... ඔයා උස ගිහින් ලස්සන වෙලා. හැබැයි
ටිකක් කළු වෙලා.“
“අනේ
මේ බටර් නොගා ඉන්නවා. ඒක නෙවෙයි දැන් හදිස්සිද යන්න?“
“හදිස්සියක්
නම් නෑ අයියේ.... ඒත් ඔයා දැන් කොහෙද යන්නේ. ආයෙත් ප්‍රැක්ටිස් පටන් ගත්තද?
තුවාල හොඳද?“
“පොඩ්ඩක්
ඉන්න... ඔයා කොහොමද දන්නේ මට තුවාල වුනා කියලා.... ආ... යාළුවා කේලම කියල නේද?“
“අනේ
අයියේ මේ... මම නම් ඕවට නෑ... දිනි වෙන කෙනෙක්ගෙන් දැනගෙන තියෙන්නේ...“ සමාධි
කිව්වා.
“ඒකෙන්
වැඩක් නෑ අයියේ... ඔයාව හම්බවෙන්න ඕනේ... ටිකක් කතා කරන්න...“
“මටත්....
ඉතින් අපි කොහේ හරි යමු.“
“අනේ
අනේ... තාම හැදිල නෑ නේද..... ඔයා ප්‍රැක්ටිස් කට් කරන්නද යන්නේ.....?“
“ආ ඒක අවුලක් නෑ.... අද කොහොමත් පැය බාගෙකට වඩා ප්‍රැක්ටිස්
කරන්න නෑ. ස්කෙඩුල් එක තියෙන්නේ එච්චරයි.“
“අයියේ
ඔයා ඉවර වෙලා සමාධිට කෝල් එකක් දෙන්න... එතකං අපි නුවර ටවුන් එකේ ඉන්නම්. ඉවර
වුනාම කියන්න අපි එන්නම්.“
දිලිනි
සමාධිත් එක්ක ගියා.
මම
පිට්ටනියට ගියත් හිත එකතු කරගෙන ප්‍රැක්ටිස් කරන්න බැරි වුනා.
මේ
කෙල්ල මොකද මේ හදිසියේ කඩා පාත් වුනේ....
අනිත්
එක අද දිලිනි මාව මෙතනින් දානවා දැක්කද දන්නේ නෑ.
මේ
කෙල්ලත් එන්නෙම ඔළුන අවුල් වෙන වෙලාවකමනේ.
පැය
බාගයකදී මම වට දෙකක් දුවලා කළින් යන්න ඕනේ කියලා සර්ටත් කියලා, ඇඳුමත් මාරු කරගෙන එළියට ආවා.
සර්
මට යන්න කලින් කතා කළා.
“කාවින්ද...
මම තමුසෙගේ සර් නිසා කියනවා නෙවෙයි... යාළුවෙක් කියලා හිතනවා.”
“ඔව්
සර් ඇයි...?”
“බලනවා
කාවින්ද... තමුසෙගේ ඔක්කොම හොඳයි. ඒත් මේ දැන් යන විදිහ නම් එච්චර හොඳ නෑ. කෙල්ලෝ
නෙවෙයි අයිසේ ජීවිතේ. බලනවා දැන් ආවේ එක කෙල්ලෙක් එක්ක... බාගෙට ප්‍රැක්ටිස් කරලා
දැන් තව කෙල්ලෙක් එක්ක යනවා. එක කෙල්ලෙක් තෝරගනිං බං...... අනාථ වෙන්න එපා.”
“එහෙම
එකක් නෑ සර්...”
“අනේ
පලයං බං යන්න...... උඹට කියනවට වඩා හොඳයි ගලකට කියනවා. මොනවා වුනත් ප්‍රැක්ටිස්
හරියට කරනවා.”
“හොඳයි
සර්...”
මම
අමාරුවෙන් ගැලවිලා එලියට ඇවිත් සමාධිට කෝල් කරපු ගමන් එයා ආවා.
“කාවින්ද....
ඔයා වාහනේ අරගන්න..... මම ටුක් ටුක් එකක් අරගෙන ගෙදර යන්නම්. ඔයා දෙන්නා කතා කරලා
ඉවරවෙලා එන්න.“
“සමාධි...
ඔයාට තනියම යන්න බෑනේ. ඉන්න අපි ඔයාව දාන්නම්.“
මම
කිව්වා.
“නෑ අයියේ...
දැන් තාත්තා නුවර ඉන්නේ... මම එයාට කොල් කරලා එයා ඉන්න තැනට යන්නම්. ඔයා දෙන්න යන
තැනක ගිහින් එන්න. කාවින්ද මතක් කරලා දිනිව අපේ ගෙදරින් දාන්න. එයා ඉන්නේ අපේ
ගෙදර.“
“හරි...
එහෙනම් තෑන්ක්ස්.....“
සමාධි
ගියාට පස්සේ දිනි කතා කළා.
“අයියේ.....
අපි කොහෙද යන්නේ...?“
“එක
තැනයි තියෙන්නේ... එරංග අයියගේ පොට් එකට යමු.“
“ෂී
අප්පා... මොකක්ද ඕගොල්ලන් පොට් එක පොට් එක කියන්නේ. එතන හොඳ තැනක් නේද? ඔහොම
කිව්වහම මිනිස්සු හිතයි හොර පොට් එකක් කියලා. අර කපල් වලට රූම්ස් දෙන ජාතියේ කියල
හිතයි.“
“හරි
හරි.... අපි යමුද එහෙට.“
දිනි
කියන්නත් කළින් මම වාහනේ ඒ පාරට හරවගත්තා.
අපි
යනකොට එරංග අයියා හිටියේ නෑ. ඒත් අපි මට සුපුරුදු තැන ඉඳගත්තා.
“ඉතින්
අයියේ.... කොහොමද විස්තර?“
“නරක
නෑ... දැන් කකුල හොඳයි. පුරුදු විදිහට ප්‍රැක්ටිස් කරනවා... සාෆ් සිලෙක්ෂන් ටාගට්
කරලා තමයි කරන්නේ.“
“මම
අහන්නේ ඒවා නෙවෙයි. මම ලංකාවේ නොහිටියට ඔයා ගැන හොයල බලන එක නැවැත්තුවේ නෑ. ඉස්සර
වගේම තමා.“
“ඒව
තමයි මගේ ගැන විස්තර.“
“නෑ අයියේ...
මම ඇහුවේ දිලිනි ගැන. එයා ඔයාට මදි නොකියන්න වියදම් කරනවා නේද?“
“ඇයි....?“
“ඔයා
සිංගප්පූරු ගියේ එයාගේ සල්ලිවලින් නේ. මම ඒක දන්නවා. ඔයා පාවිච්චි කරන්නේ එයාගේ
වාහනේ..“
“ආ
ඒ මේ කලාතුරකින් වෙන දෙයක්.“
“එතකොට
ඔයා සිංගප්පූරු ගියාට පස්සේ දිලිනි ත් ආව එක...“
“ඔයා
ඒකත් දන්නවද?“
“ඔව්....
ඒ විතරක් නෙවෙයි අද ඔය දෙන්නා ගියපු තැනත් මම දැක්කා.“
“නංගා
මේ... ඔයා අවුරුද්දකට විතර පස්සේ ඇවිත් ඇයි මේ උසාවියෙන් වගේ ප්‍රශ්ණ අහන්නේ? අපි
වෙන හොඳ දෙයක් කතා කරමු.“
“අපිට
කතා කරන්න දෙයක් තියෙනවද අයියේ? ඔයා මම කියන කිසිම දෙයක් අහන්නේ නැතුව ඔයාට ඕනේ දේ
කරනවා. මම එදත් කිව්වා වගේ.... දිලිනි ඔයාව පාවිච්චි කරනවා. එයා එයාට ඕනෙම දෙයක්
දෙයි... දැනටම ඔය දෙන්නා බැඳලා වගේ නේ ඉන්නේ...“
“ඒ
මොකක්ද?“
“අයියේ
මම තාම පොඩි ළමයෙක් නෙවෙයි, මම දන්නවා ඔය දෙන්නා මොනවද එපාර්ට්මන්ට් එකකට ගිහින්
කරන්නේ කියලා. එයා මොනවද මේ කරන්නේ කියල ඔයා හිතල බැලුවද? එයා ඔයාව යූස් කරනවා.“
“හරි....
එයා මාව යුස් කරනවා.... මොකටද? එයාට මොනවද මගෙන් ගන්න තියෙන්නේ නංගා. එයාට සල්ලි
තියෙනවා. ගෙවල් දොරවල්, වාහන ඇති වෙන්න තියෙනවා. ඉතින් එයා මාව යූස් කරන්නේ මොකටද
කියලා කාට හරි හරියටම පෙන්වන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා.“
“ඒක
මම දන්නෑ අයියේ... මතක තියා ගන්න... ඔය දෙන්නට දිගටම ඔය සෙල්ලම කරන්න මම
දෙන්නේ නෑ. මම විතරක් නෙවෙයි ඔයාට ආදරේ කරන කිසි කෙනෙක් ඉඩ දෙන්නේ නෑ දිලිනිට
ඔයාව නාස්ති කරන්න.“
“නංගා..
මම එදත් කිව්වා... අදත් කියනවා.... නංගි කෙනෙක් නැති මට ඔයා මගේම නංගි. අපි පොඩි
කාලේ ඉඳලා හැදුනේ එහෙමයි. ඒත් මේක මගේ ජීවිතේ... ඒක අයිති මට, වෙන කෙනෙකුට බෑ ඒක
කන්ට්‍රෝල් කරන්න. ඔයාටවත් බෑ.....“
“ඔයා
දැන් හරි වෙනස් අයියේ... ඉස්සර ඔයා මට කොච්චර ආදරේද... දැන් එහෙම නෑ...“
“නෑ
මම වෙනස් වෙලා නෑ. ඔයාල හැමෝම තමා වෙනස් වෙලා තියෙන්නේ. ඔයා දැන් වෙනස් දිනි, ඒ
දවස්වල මගේ ළඟ හිටපු ලස්සන දඟකාර කෙල්ල දැන් නෑ... ඔයයි වෙනස් වුනේ.“
“නෑ නෑ....
මම අදත් ඔයාට මගේ පණටත් වඩා ආදරේ කරපු දිනිම තමයි.... මගේ කාවින්ද අයියා මේ ඊයේ
පෙරේදා ආපු කෙනෙකුට අයිති කරගන්න මම දෙන්නේ නෑ....“
“දිනි
ඔයාට පිස්සුද..... හරි මම ඇත්තම කියන්නම්.... මමයි දිලිනියි ආදරේ කරනවා. අපි
දෙන්නා බඳින්න ඉන්නේ ඉක්මනටම. එතකොට ඔය එයා මාව යූස් කරනවා කියන එකත් බොරුවක්
වෙනවනේ.“
“බඳින්න...
ඔයා දිලිනිව බඳින්න. ඒක වෙන්නේ නෑ අයියේ.... ඔයාට වැරදිලා..... කමක් නෑ... මම
කොච්චර කිව්වත් වැඩක් නෑ... ඔයාම කරල බලන්න. වැරදුන දවසට මගේ ලඟට එන්න... මම
බලාගෙන ඉන්නවා. ඔයා කවදාහරි මගේ වෙනවා අයියේ....“
“අනේ
නංගා තේරුම් ගන්න... ඔයා අදටත් මගේ නංගි... ඒත් මම එදා කිව්ව දේම තමයි අදත්
කියන්නේ... නංගි විදිහට මිසක් වෙන විදිහකට ඔයාට ආදරේ කරන්න මට බෑ. ඔයාගේ අඩුවක්
නිසා නෙවෙයි, මට එහෙම දැනෙන්නේ නෑ නංගා.“
මම
හිතේ තියෙන දේ කෙලින්ම කියලා දැම්මා. ඔය ටික කියන්න මම අවුරුදු දෙකක් විතර පරක්කු
වුන නිසා තමයි මේ හැම දේම වුනේ. දිනි එදා අහපු දවසෙම මම ඔය ටික කෙලින්ම කිව්වනම්
සමහර විට කෙල්ල එදාම හිත හදාගන්න තිබුනා. මමයි මෝඩයා වගේ ඒ කෙල්ලට බලාපොරොත්තු
දුන්නේ....
“කාවින්ද
අයියේ .... ඇයි කතා නැත්තේ....?“
“මම
මේ කල්පනා කරන්නේ කොහොම මම මේක ඔයාට තේරුම් කරල දෙන්නද කියලා.“
“ඕනෙ
නෑ අයියේ... මම තේරුම් අරන් ඉන්නේ.... ඔයාට වුන දේ ආරංචි වුන ගමන් මම ලංකාවට ආවේ
ඔයාව බලන්න. ඒත් ඔයා අදත් මගේ හිත රිද්දනවා.“
“තෑන්ක්ස්
නංගා මාව බලන්න ආවට... ඔයා නැති අඩුව මම දිගටම දැනුනා.... අපි සතුටින් හිටපු
ඉස්කෝලෙ ගියපු කාලේ මතක් වුනා.“
ඒ
වතාවේ දිනි කල්පනා කරන්න පටන් ගත්තා. මම දැක්කා එයාගේ ඇස්වල කඳුළු.
“බබා...
මොකෝ අඬන්නේ....?“
“නෑ
නිකං....“
“කියන්න....“
“මට
මේක දරාගන්න බෑ අයියේ....“
“අපි
එදා වගේම යාළුවෝ වගේ ඉමු දිනි.... මගේ කිසිම වෙනසක් නෑ... මට එදා හිටපු
යාළුවා, නංගි මට ආයෙත් ඕනේ...“
මම
අවංකවම කිව්වා.
“දැන්
රෑ වෙන්න ළඟයි අයියේ.. මාව සමාධිගේ ගෙදරින් දාන්න. අපි ආයෙත් හම්බවෙමු.“
“හරි...“
මම
දිනිව සමාධිගේ ගෙදරන් දාලා, කාර් එකත් දීලා ගෙදර ගියා.
ගෙදර
ගිහින් අම්ම හදල දුන්න තේක බොන්න යනකොටම දිලිනි කෝල් කළා.
“කාවින්ද......
බබා....“
“මේ
මට බබා කියන්න එපා සුදූ... දීප නැන්දත් තාම මට බබා කියනවා, ලැජ්ජාවේ බෑ.....“
“එහෙනම්
මොකක්ද කියන්නේ....?“
“වෙන
ඕනේ දෙයක්...‘
“ඒක
නෙවෙයි කාවින්ද.... මට දිනි කතා කළා.“
“දැන්...?“
“ඔව්
මේ දැන්. එයා කිව්වා ඔයාව හම්බවුනා කියලා.“
“ඔව්...
ප්‍රැක්ටිස් ඉවර වෙලා මට හම්බවුනා. එයා ලංකාවට ආව බවක්වත් මම දැනගෙන හිටියේ නෑ...“
“මට
බයයි කාවින්ද?“
“ඔයා
මොකටද දිනිට බය වෙන්නේ?“
“ඔයා
දන්නවද එයා කියපු දේ...“
“නෑ...
මොකක්ද?“
“එයා
ලංකාවට ආවෙ ඔයාව අරන් යන්න කිව්වා. මට හිතන්න එපා කිව්වා ඔයාව අයිති කරගන්න ලැබෙයි
කියලා.“
“එහෙම
කිව්වද?“
“ඔව්...
ඒ විතරක් නෙවෙයි.... මගේ හැම රහසක්ම ඔයාට කියනවලු.“
“ඔයාගේ
රහස් තියෙනවද?“
“ඔයාට
නොකියපු දෙයක් මගේ ළඟ නෑ කාවින්ද... ඒ වුනාට මට බයයි එයා මොන බොරුවක් හදලා කියයිද
කියලා. අනිත් එක මට වගේ නෙවෙයි එයාට මෙහේ ඕනෙ තරම් යාළුවෝ ඉන්නවා. මට පාරක බැහැලා
යන්න බැරි කරයිද දන්නෑ.“
“ඔයා
නිකං බය වෙනවා සුදූ... දිනි එච්චර නපුරු නෑ...“
“ඒ
ඔයා හිතං ඉන්න විදහ.... ඔයා දිනි ගැන දන්නේ නෑ.... ඔයා මට කතා කරපු විදිහ අහගෙන
හිටියනම් ඔයා පුදුම වෙයි. අනිත් එක මට ඔයා නැතිවෙනවා කියන වචනේවත් දැන් අහන්න ඕනේ
නෑ.... ඔයා නැතිවුනොත් මමත් ජීවත් වෙන්නේ නෑ...“
“අයියෝ...
ඕකට ඔච්චර බය වෙන්න එපා. මම හෙට දිනිව හම්බවෙනවා. මම හැම දෙයක්ම විසඳගන්නම්.“
“හොඳයි
කාවින්ද.... ඒත් පරිස්සමින්.. දිනි අපි දෙන්නා ගැන හැම තැනම කියයිද දන්නෑ.“
“බලමුකෝ...“
මේක ලියන එක නවත්තනවා අප්පා. කිසිම සපෝට් එකක් නෑනේ කමෙන්ට් වලින් වත්...
ReplyDeleteදිනි මොකද මේ හදිසියේ ආවේ . හක්ක පන්නන්න එපැයි ඒකිගේ . අරූට ලව් එක කරගෙන ඉන්න දෙන්නේ නැති එකට
ReplyDeleteහයියෝ අකුරු ටිකක් ලොකු කරන්න. කරකැවිල්ල හැදෙනවා කියවන්න ගියාම. එනිවේ කතාව නවත්තන්නෙ එහෙම නෑ හරිද. අපි වගේ පාඨකයො පව්නෙ
ReplyDeleteලිඛිතා Why you are so silent....?
ReplyDeleteaawaaaaaaaaaaaaaaaaaaaaa
Deleteread
DeleteWas super busy during last week. sorry for not replying
Delete