Monday, August 14, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 73




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි

73.

අමිලගේ පාටියට යන්න තාත්තගෙන් අවසර ගන්න හිතුව තරම් අමාරු වුනේ නෑ. කොහොමත් තාත්තා මට අනවශ්‍ය තහනම් කවදාවත් දාපු කෙනෙක් නෙවෙයි.
එරංග අයියා කිසිම ප්‍රශ්ණයක් නැතුව රෙස්ටොරන්ට් එකේ පාටි එක ලෑස්ති කරලා දුන්නා.
අපි හැමෝම හවස හතර වෙනකොට වැඩේ ලෑස්ති කරන්න පටන් ගත්තා. මට තාම ඇවිදින්න බැරි නිසා මම කළේ පුටුවට වෙලා බලාගෙන ඉන්න එක. අත්වාරුවකින් ඇවිදින්න පුළුවන් වුනත් කකුලට බර දෙන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ නිසා ඇවිදින එක සම්පූර්ණයෙන්ම වගේ නවත්තලා තිබුණේ.
කොල්ලෝ ටික එක මේසෙක බීම ටික ලෑස්ති කරලා. පෝය දවසක් නිසා බියර් විතරක් කළින් අරන් තියා ගත්තා. මගේ කීමට වෙන කිසිම සැර බීමක් ගෙනාවේ නෑ. මුන් ඕක බීල මෙතන පිස්සු කෙලින්න ගත්තොත් දිලිනි ඉස්සරහ මගේ කාඩ් කුඩු.
හරියටම හවස හයට කිරි සුදු පාට අළුත්ම අළුත් දොර දෙකේ BMW ස්පෝර්ට්ස් කාර් එකක් ආවා.
“කාවා බලපං බං... මේ වගේ සල්ලි කාරයෝ නුවරත් ඉන්නවා. උඹේ කබල් ජීප් එක වගේද.... කව්ද දන්නෑ අයිතිකාරයා...“ සචියා කිව්වා.
කලු කරපු වීදුරුව නිසා ඇතුළ පෙනුනේ නැහැ.
ඒත් එක්කම දොර ඇරිලා බැස්ස කෙනා දැක්කහම අපි හැමෝගෙම කටවල් බාගෙට ඇරුණා.
“දිලිනි....“ මට කියවුනා.
දිලිනි අද වෙනදටත් වඩා ලස්සනයි... මම කවදාවත් දැකලා තිබුණේ නැහැ දිලිනි ස්පෝර්ට්ස් කිට් එකක් ඇඳලා ඉන්නවා. එයා සුදු පාට ටයිට් බොටම් එකට කළුපාට ස්කිනි එකක් ඇඳලා... ලස්සන සුදු පාට ඩෙක් ෂූස් දෙකක් දාලා... දඟකාර ඉස්කෝලේ යන කෙල්ලෙකුගේ පෙනුමක් තිබුණේ.
එයා අපි ඉන්න තැනට ආවා.
“අනේ කාවින්ද සොරි මම මේ ඇඳුමින් ආවට... වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.... අද අම්මා ආවා මාව බලන්න. වෙන ඇදුමක් ඇද ගත්ත නම් ප්‍රශ්ණ වැලක් අහනවා. මම ජිම් එකට යනවා කියලා ආවා.“
ඒකට උත්තර දුන්නේ අමිල.
“මිස්... ඔයා ඔය තරම් ලස්සනයි කියලා අපි දැනගත්තේ අද.. ඔය ඇඳුම ඕනවටත් වඩා ලස්සනයි. අනිත් එක අපි නිකං ටී ෂර්ට් දාලා අපතයෝ වගේ ... මිස් ලස්සන පාටි ඩ්‍රෙස් එකක් ඇඳලා ආවනම් කිසිම ගැලපීමක් නෑ.“
අමිල හිතේ තිබුණ දේ කෙලින්ම කියලා දැම්මා.
“හරි හරි.... දැන් ඒව වැඩක් නෑ.. යමල්ලා කේක් එක කපලා දෙයියනේ කියලා මොනව හරි බොන්න. මට යමර බියර් තිබහක් තියෙන්නේ.“
දිලිප් කිව්වා.
ඉටිපන්දම් පත්තු කරලා කේක් කපලා... අමිලට විෂ් කරලා ඉවර වෙලා කොල්ලෝ ටික බියර් වලට සෙට් වුනා.
ඒ අතරේ මම දිලිනිත් එක්ක ගඟ අයිනේ තියෙන සමර් හට් එකට ආවා. මීට කාලෙකට කළින් මම දිනිත් එක්ක ක්ලාස් කට් කරලා අවෙත් මේ සමර් හට් එකටමයි.
දිලිනි මාව වත්තන් කරගෙන ආවා. එයා ළඟින් එන පර්ෆියුම් සුවඳ මාව මත් කරවනවා.
“අම්මේ කාවින්ද ඔයාගේ බර.... ඇත්තටම ඔයා කොච්චර බරද?“
“ගිය සතියේ ප්‍රැක්ටිස් පටන් ගන්න කළින් බලනකොට නම් කිලෝ අනූ හයක් හිටියා. හරියටම නම් උසේ හැටියට තව කිලෝ තුනක් අඩු වෙන්න ඕනේ. හොස්පිට්ල් එකේ හිටපු ටිකේ මම හිතන්නේ ගාණට අඩුවෙලා ඇති.“
“ඔයාගේ උස කීයද?“
“හරියටම හයයි.“
“ඔයා දන්නවද කාවින්ද අපේ අම්මි පහයි හතක් උසයි කියලා. මම දැන් පහයි නවයයි. මම පොඩි කාලේ උස ගිය තරමට අපි බයවුනා මම අඩි හයත් පන්නයි කියලා.“
“එහෙම වුනා නම් මලා.“
“ඇයි කාවින්ද?“
“ඇයි කියන්නේ කොල්ලෙක් හොයාගන්න බැරි වෙනවා. අඩි හයට වඩා උස කොල්ලෝ හොයන එක ලේසි නෑ දැන් කාලේ.“
“මොකටද බය වෙන්නේ.. මට මේ ඉන්නේ ලස්සන උස සුදු කොල්ලෙක්... වෙන අය මොකටද?“
එහෙම කියලා දිලිනි මට ලංවුනා.
 “ඔයා හරි හොඳයි කාවින්ද.....“
“ඒක නෙවෙයි දිලිනි... ඔයා මේ විදිහට ඇඳළා ඉන්නවා මම දැක්කේ අදමයි. ලස්සනයි..... දඟකාරයි...“
“ඇත්තද.. මම මෙහෙම ලස්සනද?“
“හ්ම්...... ලස්සනයි“
“අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා කාවින්ද.“
“ඉතින් දැන් කතා කරමු. අපේ උන් කොහොමත් තව පැය තුන හතරකට යන්නෑ.“
“ඒ වුනාට ඔයා ඒ අය මග අරින්න එපා.“
“නෑ.. අපි ටිකක් කතා කරලා එතෙන්ටත් ගිහිල්ලා එමු.“
“කාවින්ද... පහුගිය දවස් වල වුන දේවල් තාම මට හීනයක් වගේ. මම හිතුවේ නැහැ කවදාවත් ඔයා මට ලැබෙයි කියලා.“
මම එයා දිහා බලාගෙන හිටියා.
“කාවින්ද ඔයාට ප්‍රශ්ණයක් නේද මම තලවකැලේ ඉඳල ආපු දවසේ ඉඳලා ඔයාව බලන්න හොස්පිට්ල් ආපු දවස වෙනකම් වුනේ මොකක්ද කියලා.“
“ඔව්...“
“මම කියන්නම් හැම දෙයක්ම. මාව වරදවා තේරුම් ගන්න එපා.“
“නෑ... කියන්න.“
“එදා මම එම්බසි එකට ආවට පස්සේ මම නොදැනුවත්ව තාත්තා කෙනෙක් ව දාලා ඉඳලා. මම කැබ් ආපහු යන්න කැබ් එකක් ගන්න කල්පනා කරලත් තනියම නිසා බස් එකේම යන්න හිතුවා.“
“ඉතින්.“
“මම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ටුක් ටුක් එකෙන් බහිනකොටම තාත්තා ඇවිල්ලා මට යන්න කතා කළා. මට කැමැත්ත නැතුව කිසිම දෙයක් නොකරන පොරොන්දුව පිට එයා යන්න කතා කළා. ඒ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඔයා දැනුවත්ව මම ඉන්නේ කියන එක තාත්තා දැගනන්වට මම කැමති වුනේ නෑ. ඒ නිසා මම තාත්තා එක්ක ගියා.
“ඔයා මට කෝල් එකක්වත් දුන්නේ නෑ.“
“කාවින්ද තේරුම් ගන්න. මම ඔයාට කෝල් කළා නම් ඔයා කොහොමහරි මාව හම්බවෙන්න එනවා. එහෙම වුනාම මටත් ඔයාව නවත්තන්න බැරි වෙනවා. ඊට පස්සේ තාත්තා හැම දෙයක්ම සැක කළොත් අපි දෙන්නම අහු වෙනවා.“
“ඉතින් ඔයා මොකද කළේ?“
“තාත්තා පොරොන්දු වුන විදිහට මට කිසිම දේකට බල කළේ නැහැ. ඒත් මගෙන් ඇහුවා මම කාටහරි ආදරේ කරනවද කියලා. මට ඔයා ගැන කියන්න බෑ කාවින්ද. ඒ නිසා මම සද්ද නැතුව හිටියා. පස්සේ තාත්තා මාව බන්දන්න කියලා ප්‍රපෝසල් ගේන්න පටන් ගත්තා.“
“එතකොට ගිහාන්?“
“ගිහාන් කීප දවසක් ආවා. ඒත් තාත්තා එයාට කිව්වා මම කැමති නෑ කියලා. දවසක් ගිහාන් තාත්තා එක්ක රණ්ඩු කරන්න ඇවිල්ලා තාත්තා බැණලා එයාව එළවගත්තා. එදා ගිහාන් මට කියලා ගියා කාවින්ද නිසා තමයි එයාට මාව නැතිවුනේ ඒ නිසා ඔයාව මරණවා කියලා.“
“ඉතින් මොකද වුනේ...?“
“මම ඒක එච්චර හිතුවේ නැහැ. මොකද ගිහාන් කිව්වට ඔහොම කරන කෙනෙක් නෙවෙයි. ඒත් තාත්ති මාසයක් ඇතුළත මට ප්‍රෙපෝසල් පහක් ගෙනාවා කාවින්ද. තාත්ති දැනගෙක හිටියා මම ඔයාට ආදරේ කරනවා කියලා. එයාට ඕනේ වුනේ කොහොම හරි මාව ඔයාට නොදෙන්න. මට එක අතකට පුදුමයි ඇයි ඒ කියලා. ඒ නිසා තාත්ති බැලුවේ ඒ එක ප්‍රපෝසල් එකක් හරි කන්ෆර්ම් කරලා තියන්න.“
“ඔයා කාටවත් කැමති වුනේ නැද්ද?“
“පිස්සුද අනේ.... ඒ ආපු අයට සල්ලි තියෙනවා, හොඳ පවුල්, ඒ මොනව තිබුණත් ඒ කවුරුත් ඔයා නෙවෙයි කාවින්ද.“
“ඔයා ඇයි ගෙදරන් ආයෙත් ගියේ?“
“තාත්තිගේ බලපෑම් ආයෙත් වැඩිවුනා. මම බැරිම තැන තාත්තිට එයාගේ පොරොන්දුව ආයෙත් මතක් කරලා ගෙදරින් ඇවිත් හොටෙල් එකක දවස් කීපයක් හිටියා.“
“හරියටම සතියකින් මම ආයෙත් ගෙදර ගියා. ඒත් තාත්තා මාත් එක්ක හොඳින් නෙවෙයි හිටියේ. පස්සේ මම එපාර්ට්මන්ට් එකක් අරගෙන ආවා. අම්මි හැම සති අන්තෙම ඇවිල්ලා මාව බලලා යනවා.“
“ඊට පස්සේ වුනත් තාත්තා මට කරදර කරන එක නැවැත්තුවේ නෑ. මට එපා වෙලා හිටියේ. ඔයා මට ආදරේ කරනවද කියලා හිතා ගන්නත් බෑ, අනිත් පැත්තෙන් තාත්තා, ගිහාන්, අම්මි හැමදාම මන්තරයක් වගේ එකම දේ කියනවා. එහෙම තියෙද්ද තමයි මම ඔයාව හම්බවෙන්න ආවේ.  ඒ වෙලාවේ ඔයත් අර විදිහට කතා කළාම මට හොඳටම තරහ ගියා.“
“මම දැක්කමයි ඔයාට එහෙම තරහ ගිහින් ඉන්නවා.“
“අනේ සොරි කාවින්ද... මට ජීවිතේ එපා වෙලා තිබුණේ.“
“ඔයා දැන් මොනවද කරන්නේ. ටීචින් කරන්නේ නෑ නේද?“
“නෑ කාවින්ද... මම ඒ ජොබ් එකෙන් අයින් වුනා. මම දැන් තාත්තිගේ බිස්නස් එකක් බලනවා.“
“ඔයාට දුන්නද?“
“නෑ.... ඇත්තටම ඒ බිස්නස් එක රෙජිස්ටර් කරලා තිබුණේ මගේ නමට. මෙච්චර දවසක් ඒක බැලුවේ තාත්ති... මම නිකං ඉන්න බෑ කියලා ඒක ඉල්ල ගත්තා.“
“මොකක්ද බිස්නස් එක.“
“ස්පයිස් එක්ස්පෝට් කරන එකක්.“
“ඔයා දන්නවද කරන්න.?“
“ඔව් කාවින්ද... තාත්ති කලින් කළේ තැන් තැන් වලින් අරන් පැක් කරලා යවන එක. පස්සෙ කාලෙක මම තාත්තිට කියලා අපිම කල්ටිවේෂන් එකක් කළා. අපි දැන් එක්ස්පෝට් කරන්නේ අපේම ඒවා. ඒක පටන් ගත්තේ මම. ඒ නිසා මම දන්නව ඒක කරන්න. අනිත් එක වෙන බිස්නස් වගේ නෙවෙයි... මම ආසයි මේකට.“
“එතකොට ඔයා ලොකු බිස්නස් එකක චෙයාර්මන් කෙනෙක්... මම තාම ජොබ් එකක් නැති නිකමෙක්.“
“ඇයි ඔයාට ගරාජ් එකේ ජොබ් එකක් තියෙන්නේ... ඒක පහත් රස්සාවක් නෙනවෙයි කාවින්ද. ඕනෙම රස්සාවක් වැදගත්.“
“හ්ම්. කොහොම වුනත් ඔයා තනියම ඉන්න එකනම් හොද නෑ දිලිනි.“
“ඔයා බය වෙන්න එපා. මම දන්නවා පරිස්සම් වෙන්න. ඒක නෙවෙයි කාවින්ද ඔයාට පුළුවන් මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. මම ඔයාව කම්පැනි  එකට ගන්නම්.“
“අනේ අම්මේ මට එපා. දන්නැති දේවල් කරන්න ගිහින් ඔයාගේ බිස්නස් එක කොට උඩ යයි. අනිත් එක අපි දෙන්නා එක තැන වැඩ කළොත් ලංවෙලා තුරුල් වෙලා ඉන්නවා ඇර වෙන දෙයක් නැති වෙයි.“
දිලිනි හිනා වෙවී මට තුරුල් වුනා.
“ඔව් කාවින්ද.. ඔයා ඔය ඉන්න විදිහටම ඉන්න. අපි තව ටික කාලයක් මෙහෙම ඉමු. ඔයා තව ටිකක් ඉගෙන ගන්න. නැත්නම් කවදා හරි ඔයාගේ අම්මලා තාත්තලා මට බණී ඔයා ඉගෙන ගත්තේ නැත්තේ මං නිසා කියලා.“
“මොනවද මම ඉගෙන ගන්නේ?“
“කැමති දෙයක්. බිස්නස් මැනේජ්මන්ට් කරන්න.“
“ඒක හොඳද? “
“හොඳයි... මමත් කළා එන්.අයි.බී.එම්. එකේ. ඔයත් කරන්න. එතකොට මේ බිස්නස් එක වුනත් බලාගන්න ලේසි වෙයි.“
“බලමු.“
“කාවින්ද... හොඳට තේරුම් ගන්න... අපි දෙන්නා ආදරේ කරනවා තමයි. ඒත් අපි කාටවත් යටත් නොවී ඉන්න ඕනේ. මට ඕනේ නෑ ඔයා මගේ සල්ලි වලින් ජීවත් වෙනවා කියලා අහන්න. මට ඕනේ ඔයා කකුල් දෙකෙන් නැගිටලා මාව අරන් ගියා කියන්න. කෙල්ලෙක් විදිහට මම කැමති ඔයා කියන විදිහට ඉන්න. ඔයා මම කියන විදිහට ඉන්න එපා කාවින්ද.“
“අනිත් එක මේ බිස්නස් එක පොඩි එකක් නෙවෙයි. මේ කිසිම දෙයක් ලංකාවේ විකුණන්නේ නෑ. හැම දෙයක්ම පිටරට යවනවා. තාත්තිගේ බිස්නස් වලින් ආදායම් වැඩිම, ලාභ වැඩිම බිස්නස් එකක් මේක. මේකෙන් එන සල්ලි හිතාගන්නවත් බෑ.“
“ඉතින්...“
“ඉතින් කියන්නේ.... ඔයා හොඳට ඉගෙන ගෙන මේ බිස්නස් එක බාරගන්න ඕනේ. මට ඕනේ ගෙදරට වෙලා ඔයා ඔෆිස් ගිහිල්ලා එනකං බලාගෙන ඉඳලා ඔයාට කෑම හදලා දීලා ඔයා ළඟට වෙලා ඉන්න. මට බෑ බිස්නස් කරන්න.“
“ඒ වුනාට ඔෆිස් යන ජොබ් කරන්න මම කැමති නෑ. මට ඕනේ ස්පෝර්ට්ස් කරන්න ඊට පස්සේ කෝච් කෙනෙක් වෙන්න.“
“මොන ස්පෝර්ට්ස්ද? ලංකාවේ ඇත්ලටික්ස් කරලා අනාගතයක් නෑ..“
“මට ආසයි රගර් ප්ලේ කරන්න. මෙහේ නෙවෙයි, නිව් සීලන්ඩ් වල.“
“ඇයි මෙහේ.“
“මෙහේ නම් මට කැන්ඩි වලටත් එන්න කිව්වා. ඒත් මම ආස නැහැ. මෙහේ සෙල්ලම් කරනවා කියන්නේ මරාගන්නවා වගේ වැඩක්. මගේ අඳුරන අයිය කෙනෙක් හිටියා එයා නිව්සීලන්ඩ් ඩොමෙස්ටික් ප්ලේ කරා. එයා සෙට් වුනේ එහේ යුනිවර්සිටි එකකට. ඒකේ ප්ලේ කරලා පස්සේ ක්ලබ් ගැහුවා. හැබැයි ඒ ඩිවිෂන් නෙවෙයි, ඊට පහල. මෑන් දැන් පී ආර් එක අරන් එහේ ස්කූල් එකක කෝච් කරනවා. මමත් ආසයි ඒ වගේ රස්සාවකට.“
“ඔයා කම්පැණි එකක් කරන්න ආසම නැද්ද?“
“නෑ....“
“ඉතින් ඔයා එහෙනම් නිව් සීලන්ඩ්ම යුනිවර්සිටි කොලෙජ් එකකට ඇප්ලයි කරන්න. නිව් සීලන්ඩ් ස්ටඩි වීස ගන්න අමාරු නෑ.“
“එතකොට ඔයා. මං නැතුව අවුරුදු දෙක තුනක් ඉන්න පුළුවන්ද?“
“බෑ.... ඒකට කරන්නේ මමත් එනවා.“
“ඊට පස්සේ.....“
“ඊට පස්සේ අපි දෙන්නා කාගෙන්වත් කරදරයක් නැතුව ඉමු.“
“කසාද බැඳලා....“
“ඔව්.. ඒත් ඔයා මාව බඳින්න කළින් ජීවිතේ ස්ටේබල් වෙන්න බලන්න. ඕන තරම් කාලයක් වුනත් මම බලාගෙන ඉන්නම්.“
අපි දෙන්නා සෑහෙන වෙලාවක් ඉන්න ඇති... සචියා කෑ ගහගෙන අපි ඉන්න පැත්තට ආවා.
“හා හා දැන් ඇති ලව් කරා... වරෙන් බං පොඩ්ඩක් සෙට් වෙන්න.“
සචියගේ කට නිසා අපි දෙන්න ඒ පැත්තට ගියා. 

4 comments: