Wednesday, August 16, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 75



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි


75.

හවස හයට විතර දිලිනි අපි හිටපු හොටෙල් එකට ආවා.

“ඔයා මොකේද ආවේ?”

“අපි මෙහේ ආවහම හැමදාම යන ටැක්සි එකක් තියෙනවා. මම එයාට කතා කරලා තියාගත්තා. ඔයාට වුනත් ඕන වෙලාවක එයාට කතා කරන්න. සල්ලි ප්‍රශ්ණයක් නෑ. එයාට අපි ඔක්කොම එකතු කරලා පිටත්වෙන දවසේ ගෙවන්නේ.”

“ඔයාට මෙහේ සෑහෙන්න පුරුදු වෙලා.”

 “පුතා... ඔයා යන්න... මම ටිකක් මේ ළඟපාත ඇවිදලා, මොනව හරි කාලා නිදාගන්නම්. ඔයා ගිහින් එන්න.”

බාප්පට මොකක් හරි ඉව වැටිලද දන්නේ නෑ, අපිත් එක්ක යන්න කතා කළාම බෑ කිව්වා.

“අපරාදේනේ ටිකක් අවිදින්න තිබුණා.”

“නෑ බං.... අප පස්සේ ඇවිදිමු. උඹ පලයං.”

බාප්පා කිව්වා.

ඊට පස්සේ දිලිනියි මායි හොටෙල් එකෙන් එළියට ආවා.

එතන නවත්තලා තිබුණ සෙරීනා එකක් වගේ වාහනයකින් බැහැලා ආපු ඩ්‍රයිවර් කතා කළා.

“සර්... ලෙට් මී කැරී ද බෑග්ස්...”

චයිනීස් පෙනුමක් තියෙන ඩ්‍රයිවර් ලස්සනට ඉංග්ලිෂ් කතා කරනවා.

“නෝ නෝ... ඉට් ඉස් ජස්ට් එ ස්මෝල් බෑග්. අයි කැන් හැන්ඩ්ල් ඉට්.”

“බයි ද වේ.. චෑන්... දිස් ඉස් කාවින්ද? මයි ෆියොන්සේ. කාවින්ද, දිස් ඉස් වන් ඔෆ් මයි ඕල්ඩ් ෆ්‍රෙන්ඩ් චෑන්.... හී හෙල්ප්ඩ් මී එ ලොට් වෙන් අයි වොස් ඉන් හියර් ෆිව් ඉයර්ස් බැක්.”

“යස් යස් මැඩම්... නයිස් ටූ මීට් යූ සර්... යු ආර් වෙරි ගුඩ් මැචින්... අයි ඇම් එවේලබල් ටුවෙන්ටි ෆෝ සෙවන් ෆෝ යුවර් සර්විස් සර්. කෝල් මී එනි ටයිම්.”

චෑන් කැඩුණු චයිනීස් ඉංග්ලිෂ් වලින් කතා කරනවා.

චෑන් වාහනේ දොරවල් වහලා, සීට් එකේ ඉඳගෙන පිටිපස්ස හැරිලා කතා කළා.

“වෙයාර් ටූ මෑම්....”

“කාවින්ද, කොහේද යන්න ඕනේ?”

“මම දන්නෑ...”

“හරි, ඔයාට මොනවද කරන්න ඕනේ?”

“මම මේ රට ගැන මෙලෝ දෙයක් දන්නෑ... ඔයා කැමති තැනකට යං.”

“අපි ෂොපින් කරමු. මට ගොඩක් කාලෙක ඉඳන් ආසාවක් තිබුණා ඔයත් එක්ක ලංකා‍වේ කොහේ හරි ෂොපින් යන්න. ඒත් බැරිවුනා. දැන් හරි අපි ඒක කරමු.”

“ඕකේ.”

“චෑන්... හව් එබවුට් ‘ප්ලාසා සිංගප්පුරා’. විල් ඉට් බී ඕපන් දිස් ටයිම්.”

“යර්ස් මෑම්. ෂැල් අයි ටේක් යූ දෙයා.”

“යස්.....”

අපි කිලෝටීමර් දෙකක් විතර දුරක් ආවට පස්සේ අමුතු හැඩයක් තියෙන සෑහෙන ලොකු බිල්ඩින් එකක් ළඟ වාහනේ නැවැත්තුවා.

“මෑම්... දෙයාර් ආ එයිට් ෂොපින් මෝල්ස් එරවුන්ඩ් හියර්, ඕල් යූ කැන් වෝක්.. වනස් යූ ෆිනිෂ්, කෝල් මී ටු පික් යූ. බායි සර්.”

එහෙම කියලා චෑන් ගියා.

“කාවින්ද, අපිට අද එයාව ඕනෙ වෙන එකක් නෑ. මේ අවට ෂොපින් මෝල් හත අටක් තියෙනවා, අපිට ඒ ටික ඇවිදිනකොට වෙලාව හරි.”

“ඒත් ඔයා ආපහු යන්නේ කොහොමද?”

“අයියෝ... මම ඉන්න හොටෙල් එක තමා අර තියෙන්නේ.”

එහෙම කියලා දිලිනි අපි හිටපු තැන ඉඳලා පොඩි දුරකින් තිබුණ මහා විශාල හොටෙල් එකක් පෙන්නුවා.

අපි මුලින්ම ගියේ දිලිනි ‘ප්ලාසා සිංගප්පුරා’ කියල කියපු තැනට.

ලංකාවේ ඇඳුම් කඩ දැකලා එපා වෙලා තිබුණ මට මේක දැක්කහම පිස්සු නොහැදුනා විතරයි. මගෙ අම්මේ... මේ තරම් ඇඳුම් ගොඩක්... කඩවල් ගණන් කරන්න බැරි තරම්. පුදුම ලස්සනක්. හැම තැනම පිරිසිදුවට දිලිසෙනවා, කුණු පොදක් වත් හොයාගන්න නෑ.

“ඇයි කාවින්ද?”

“නෑ... නුවර තියෙන ඇඳුම් කඩ දැකලා මේව දැක්කහම දුක හිතෙනවා.”

“දුක හිතෙයි මේවගේ ගණන් දැක්කහම?”

“ඇයි අප්පා... එච්චර ගණන්ද?”

“මෙහේ ගොඩක් දේවල් බ්‍රෑන්ඩඩ්... ඒ නිසා ගණන් වැඩී. හැබැයි කොලිටි. අඩු ගාණට ගන්න නම් මුස්ටාෆා සෙන්ටර් යන්න ඕනේ. අපේ පිටකොටුව වගේ.”

“ඉතින් අපි එහේ යන්න තිබුණනේ?”

“අයියෝ... ඒකෙ බඩු වැඩක් නෑ... සල්ලි ගැන බය වෙන්න එපා කාවින්ද. යමු ඇතුලට. ඔන්න අද මමයි සම්පූර්ණ වියදම. ඔයා කැමති ඕනෙම දෙයක් ගන්න. එකක් නෙවෙයි ඕනෙ තරම්. ගණන් බලන්න එපා, ප්ලීස්.”

“එතකොට මට ඇඳුම් ගන්නද මේ ආවේ?”

“අපි දෙන්නටම කාවින්ද... මට ලස්සනයි කියලා හිතෙන දෙයක් තිබුණොත් ඔයා ඒකත් ගන්න.”

දිලිනි මගේ අතේ එල්ලිලා.. කවදාවත් අපිට නොතිබුණු මේ නිදහස ආසාවෙන් විඳිනවා.

“කාවින්ද... මේ වගේ ඔයාගේ අතේ එල්ලිලා යන්න මම කොච්චර හීන මැව්වද?”

“ඉතින් දැන් ප්‍රශ්ණයක් නෑනේ?”

දිලිනි ලස්සනට හිනා වුනා. එයා මගේ මූණටම එබිලා බලාගෙන හිටියා.

දැකපු මුල්ම දවසේ මාව බැඳලා තියාගත්ත තරුකැට වගේ දිලිසෙන ඇස් ආයෙත් මාව අතරමං කළා.

“මොකද හලෝ වෙලා තියෙන්නේ.... ඔහොම බලන්න එපා...”

“ඇයි?”

“ඔයාගේ ඇස්...”

“මගේ ඇස්... ඇයි මොකද?”

“නෑ මොකුත් නෑ... ලස්සනයි...”

“ඇස් විතරද?” එහෙම කියලා දිලිනි මට තවත් ලංවුනා. දැන් එයා‍ගේ හුස්ම මගේ මූණට දැනෙනවා.

“කියන්න... ඇස් විතරද ලස්සන?”

“නෑ... හැමදේම ලස්සනයි.....”

“තව ළං වෙන්නද?”

දිලිනි මගේ අත්  දෙකෙන්ම අල්ලගෙන මාව බලාගත්තා. ඒත් එක්කම මම නොහිතපු විදිහට එයා ‍මගේ තොල් සිප ගත්තා.

ලොකු ෂොපින් මෝල් එකක් මැද, දෙනෝදාහක් යන එන තැන කිසිම ගාණක් නැතුව එයා කරපු දේ නිසා මම නම් ගැස්සිලා ගියා.

“මේ.... ඔයාට පිස්සුද?”

“ඇයි...?”

“ඇයි කියන්නේ අසංවර ලෙස හැසිරුණා කියලා අපි දෙන්නව පොලිස් කූඩුවේ දායි.”

දිලිනි හයියෙන් හිනා වෙලා ආයෙත් මාව සිප ගත්තා.

“අයියෝ... මේ ලංකාව නෙවෙයි... මෙහේ එහෙම කළාට ප්‍රශ්ණයක් නෑ.”

“මොකක්...”

“ඔව්.... ආදරේ කරන දෙන්නෙක් කිස් කළා කියලා මෙහේ මිනිස්සු හිරේ දාන්නේ නෑ.”

“ඒ වුනාට මට ෂුවර් නෑ...”

“එහෙනම් ඔයා මාව හොඳට බදාගෙන කිස් එකක් දෙන්න... බලන්නකෝ කවුරුවත් අපි දිහා බලයිද කියලවත්.”

දිලිනි එහෙම කියල මට ලංවුනා.

“මේ පිස්සු එපා...”

මම ‍එහෙම කියලා දිලිනිව තුරුලු කරගෙන ලස්සන ගවුම් තිබුණ තැනකට ගියා.

“මේව ලස්සනයි ඔයාට...”

“ඔයා කැමතිද මම මේව අඳිනවට කාවින්ද?”

“ඇයි....?”

“මේව හොඳටම කොටයිනේ ළමයෝ. මෙහේ නම් මම අඳින්නම්, ඒත් ලංකාවේ ඇන්දොත් නම් ඉවරයි තමයි.”

මම එකක අතට අරගෙන බැලුවා. ඇත්ත නේන්නම්. මෙයා ඒක ඇන්දොත් ඉනේ අඳලා අඟල් හයක් විතර විතරක් වැහෙයි. විහිලුවටවත් නැමුනොත් පිටිපස්ස සම්පූර්ණයෙන් එළියේ.

“මම ආසයි මේක අඳින්නනම්. ඔයා අකමැති නැත්තං මම අරගන්නද? අරගෙන හෙට අඳින්නම්, ඔයා එක්ක යනකොට. ඔයා අකමැති නැත්නම් විතරක්.“

“ගන්න... ඇයි මම අකමැති.“

“ඔයා හරි හොඳයි කාවින්ද....“

අපි දෙන්නා ප්‍රශ්ණ හැම එකක්ම අමතක කරලා එදා ඇති තරම් ඇවිද්දා. දන්නෙම නැතුව රෑ දහය වෙලා. ඒත් තාම කිසිම ෂොප් එකක් වහලා නෑ. පාරේ යන එන මිනිස්සු අඩුවෙලත් නෑ.

“සුදූ.... දැන්නම් මහන්සියි.... කකුලත් රිදෙනවා ඇවිදලා.”

“අනේ සොරි කාවින්ද? අපි එහෙනම් කොහෙට හරි ගිහින් ඉඳගෙන ඉමු.”

“කොහෙටද?”

“මොනව හරි බොන්න යමු.”

“බොන්න... දැන්නම් බොන්න බෑ. ඇයි දෙයියනේ හතේ ඉඳලා දහය වෙනකොට අයිස් ක්‍රීම් දෙකයි, ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එකයි, වැනිලා මිල්ක් ෂේක් එකයි, අලි පත කේක කෑලි දෙකයි, තව මොනවද චොක්ලට් ගොඩයි, කෝපි දෙකයි, මැක්ඩොනල්ඩ් බන් දෙකයි... තව කන්න බෑ...”

අපි දෙන්නා හිල්ටන් හොටෙල් එක ඉස්සරහ තියෙන බංකුවක ඉඳ ගත්තා. අපිට පිටිපස්සේ 7/11 බර්ගර් ෂොප් එක.

“කාවින්ද... අපි 7/11 එකෙන් හොට් ඩෝග් එකක් කමු. ඒකේ ඒවා හරිම රසයි.”

“අයියෝ ඔයාගේ බඩේ ඉඩ තියෙනවද? අනික ගෑණු ළමයෙක් ඔහොම කෑවම මහත් වෙන්නේ නැද්ද? මට නම් එපා බඩ තඩි කෙල්ලෙක්.”

“ඒක තමයි මට හම්බවෙලා තියෙන හොඳම ගිෆ්ට් එක කාවින්ද? කොච්චර කෑවත් මම මහත්වෙන්නේ නෑ.”
“එහෙනම් ඉන්නකෝ අරන් එන්න.”

මම ගිහින් හොට් ඩෝග් එකක් ගත්තා. ඒක හිතපු නැති තරම් සයිස් එකක්.

“සුදූ ඔයා මේ එකම කනවද?”

“ඇයි...?”

“නෑ,  ලංකාවේ අපි කාල තියෙන හොට් ඩෝග් එක්ක බලපුවාම මේක නිකං ඩෝග් නෙවෙයි, ඩයිනෝසෝර් වගේ.”

“ඔයානම් පිස්සෙක් කාවින්ද? අපි දෙන්නම කමු.”

අපි දෙන්නා ඒකත් කළා නැගිට්ටා.

මම හිතන්නේ දිලිනි ඩොලර් දාහකවත් බඩු ගන්න ඇති. ඩොලර් දාහක් කියන්නේ රුපියල් පනස් දාහක් විතර වගේ. මගෙ අම්මේ... ඒකෙනුත් වැඩිම ගත්තේ මට, ටී ෂර්ට්, සපත්තු, ඩෙනිම් විතරක් නෙවෙයි මට අත් ඔරලෝසුවකුත් අරන් දුන්නා.

“සුදූ, ඔයා වියදම් කළා වැඩී.... අපරාදෙනේ මට මෙච්චර දේවල්...”

“ඒ වුනාට මම සතුටින්නේ කාවින්ද?”

“එහෙනම් ඔයා දැන් යන්න. මාව ටැක්සි එකකට දාන්න. කකුල ටිකක් අමාරුයි.”

“අනේ ඇයි. අපි දැන්ම හොස්පිට්ල් එකකට යමුද...? ඔයාට රෑට අමාරු වෙයිද?”

“නෑ... නෑ... බය වෙන්න එපා. මම ගිය ගමන් කකුල ටිකක් උණුවතුරෙන් තවා ගන්නම්. එතකොට හරි යනවා.”

“ඔයා කොහොමද තනියම ඒක කරගන්නේ. අපි යමු මගේ රූම් එකට. මම ඔයාගේ කකුල තවන්නම්.”

“රෑ වුනොත් මම යන්නේ කොහොමද?”

“අයියෝ කාවින්ද, තාම දහය හමාරයිනේ... මෙහේ මිනිස්සු ගෙවල් වලට යන්නේ රෑ දොළහ පහුවෙලා. අපි යං ම‍ගේ රූම් එකට. ටිකක් මහන්සි ඇරලා මම ඔයාව යවන්නම්.”

අපි දෙන්නා බඩු මලු ඔක්කොම උස්සගෙන හොටෙල් එකට ඇතුල් වුනා.

ඒ වගේ හොටෙල් එකක් මම දැක්කමයි. ලිෆ්ට් එකේ යන්න ඕනේ තට්ටුවට අයිති බොත්තම ඔබන්න නම් කාමරේ දොරේ යතුර වෙනුවට තියෙන කාඩ් එක ලිෆ්ට් එකට දාන්න ඕනේ. පිස්සු හැදෙනවා.

අපි කාමරේට ආවා. ලස්සන කාමරයක්.

“ඉඳගන්න කාවින්ද.. ඉන්න මම උණුවතුර අරන් එන්නම්.”

කකුල හොඳයි කියලා හිතාගෙන හිටියට පැය දෙක තුනක් ඇවිද්දහම තමයි මට ඒකේ අමාරුව තේරුණේ. 
දණහිස ළඟ ඉඳලා පහළටයි, ඉහළටයි දෙපැත්තටම එන වේදනාව නිකං ලේ නහරයක් දිගේ ඉදිකට්ටක් යනවා වගේ.
මගේ මූණ දැකලා දිලිනි බය වුනා.
“ඔයාට හොඳටම අමාරුයි වගේ කාවින්ද.... ඔයාගේ තියෙන්නේ නර්ව් ස්ට්‍රෙස් එකක්. කකුලේ ඩැමේජ් එක හොඳවෙනකොට එතන තියෙන ස්නායු තද වෙලා....“
“ඔව් සුදූ... මාර රිදිල්ලක් එන්නේ...“
“ඉන්න.... ස්ටීම් වලින් තවලා ගත්තහම හරියයි.“
දිලිනි බාත් රූම් එකෙන් අරන් ආපු උණුවතුර එකෙන්, පොඩි ටවල් එකක් පොඟවලා කකුල තවලා මසාජ් කළා. ඊට පස්සේ මට ඩොක්ටර් දීල තිබුණ ක්‍රීම් එක ගෑවා. ඒකෙන් කකුලේ තිබුණ ‍වේදනාව ගොඩක් අඩු වුනා.
ඒ අතරේ දිලිනි බාප්පා හිටපු හොටෙල් එකට කතා කරලා රූම් නම්බර් එක කියලා එයාව ෆෝන් එකට අරගෙන මට දුන්නා. අපි ටිකක් ඇවිදින්න ගිය නිසා තව පරක්කු වෙලා එන බව කිව්වා.
“කාවින්ද මට දුකයි අනේ... මමත් මෝඩයෙක් වගේ ඔයාව ඇවිද්දුවා...”
“අයියෝ ගණන් ගන්න එපා. ඒක  නෙවෙයි මම පොඩි වොෂ් එකක් දාගන්නම් සුදූ, දාඩිය දාලා.”
මම වොෂ් එකක් දාගෙන එනකොට දිලිනිත් ගියා ඇතුළට.
“මේ හලෝ... එදා වගේ ඇඳුම් අමතක කරලා යන්න එපා. මෙදා සැරේ නම් ටවල් එක විතරක් ඇඳගෙන ආවොත් ඇස් වහගෙන ඉන්නේ නෑ.”
මම කියපු දේ මතක් වෙලා දිලිනි හිනා වුනා.
“දැන් ඔයා මාව බැලුවට කමක් නෑ කාවින්ද...”
“එහෙනම් එහෙම එන්න...”
“ආ.... ආස ඇති... වල් කොල්ලා....”
“ආසයි තමයි... එදා මට බලාගන්න තිබුණ චාන්ස් එක මතක් වෙනකොට තාම දුකයි.”
“බලාගෙන මොකද කරන්නේ...?”
“ම්.... මොකුත් නෑ...”
දිලිනි මට කිස් එකක් දීලා ඇතුලට ගියා.
මම ටී ෂර්ට් එක ගලවලා ඇ‍ඳේ හාන්සි වුනා. මහන්සියට මට නින්ද යන්න ඇති. මට ඇහැරුණේ සීතල වතුර බින්දුවක් මගේ මූණට වැටුන නිසා.
දිලිනි ලස්සන සුරංගනාවියක් වගේ මගේ මූණට එබිලා. තෙත කොන්ඩේ වතුර මගේ මූණට වැටෙනවා.
එයා හිටියේ ඇ‍ඳේ ඉඳගෙන, සුදුපාට පොඩි ටවල් එකක් විතරක් ඇඳගෙන එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. කෙල්ලගේ හැ‍ඩ පේන්නේ දැන් තමයි. ඒ තරම් ලස්සන දෙයක් මම ජීවිතේටම දැකලා නෑ.
එදා අහක බලාගෙන හිටියට අද නම් මගේ හිත කීකරු නෑ වගේ. හිත හැම තැනම දුවනවා. මම හෙමිහිට එයාව මගේ ළඟට ගත්තා. දිලිනිත් පූස් පැටියෙක් වගේ මට තුරුල් වුනා.
“සීතලයි...”
“ඉතින් ඔහොම ඇඳුම් නැතුව හිටියම සීතලයි තමා.”
“මාව තුරුල් කරගන්න බබා.” දිලිනි රහසින් වගේ කිව්වා.
ඒත් එක්කම මම එයාව සිප ගත්තා. දිලිනි මාව කිටි කිටියේ බදාගෙන නැවතීමක් නැතුවම මාව සිප ගන්න පටන් ගත්තා. අපි දෙන්නම මත් වෙලා වගේ හිටියේ. දිලිනි අවසිහියෙන් වගේ මට තව තවත් තුරුල් වුනා.  අපි දෙන්නම නොහිතපු වෙලාවක, ආගන්තුක රටක හෝටලේක කාමරයක් ඇතුලේ අපි දෙන්නා එක්කෙනෙක් වුනා.
ටික වෙලාවකට පස්සේ, ඇ‍ඳේ මට තුරුල් වෙලා ලොකු පොරවන කුෂන් එකක් යටට වෙලා දිලිනි ලැජ්ජාවෙන් මූණ වහ ගත්තා.
“ඇයි...?“
“ඇයි අහන්නේ ..... මට ලැජ්ජයි කාවින්ද?“
“ලැජ්ජයි.. මොකටද...?“
“ඔයා මට මොකද කළේ. ඇ‍ඟේ නූල් පොටක් වත් නෑ. ඔයා මාව මෙහෙම දැක්ක එකට මට ලැජ්ජයි. අයියෝ ඔයා හරි නරකයි, මට ඉන්න දුන්නේම නෑනේ....“
“මට සමාවෙන්න සුදූ...” මම කිව්වා.
දිලිනි, මූණ එළියට අරගෙන හිනා වුනා.
“මේවා මෙහෙම කරන්න මට ඕනේ වුනේ නෑ. ඒත් ඔයා මගේ ළඟට ආවහම මට මොනව වුනාද දන්නෑ සුදූ.”
“ඔයාගේ වැරැද්දක් නෑ කාවින්ද... මාත් වැරදියි එහෙමනම්.”
“මට දුකයි සුදූ... ඔයාට ප්‍රශ්ණයක් වෙයිද?”
“නෑ.... බබා. ඔයා මට දුන්නේ ජීවිතේ, ඒක කවදාහරි මම ඔයාගෙන් විතරක්ම ගන්න බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. ඒ නිසා මට ඒ ගැන දුකක් නෑ.”
“ඔයාට ඒ තරම් මාව විශ්වාසද? මම ඔයාව මඟ ඇරලා ගියොත්?”
“නෑ බබා... එහෙම කරන්න බැරි තරම් ඔයා හොඳ වැඩී. අනිත් එක එහෙම වුනත් මම දුක් වෙන්නෑ. මගේ ජීවිතේ ඇත්තටම ම ආදරේ කළේ ඔයාට විතරයි... ඉස්සරටත් මගේ ජිවිතේ ආදරේ කියන්නේ ඔයා විතරමයි කාවින්ද. ඒ නිසා ඔයා නිසා මට මොන කරදරයක් වුනත් මම ඒක සතුටින් බාරගන්නවා.”
“පිස්සු කතා කියන්න එපා.. මම කවදාවත් ඔයාව නැති කරගන්නේ නෑ දිලිනි. මට ආයෙත් කිසිම දවසක ඔයා නැතුව ඉන්න බැ‍රි වෙයි.”
 “මම දන්නවා කාවින්ද... ඔයා කවදාවත් මාව තනිකරන්නේ නෑ කියලා.”
එදා මුළු රෑම අපි දෙන්නට ඒ විදිහටය ඉන්න තමයි හිතුනේ. ඒත් මොනව කරන්නද, මම යන්නම ඕනේ.
රෑ දොළහට විතර මම යන්න ලෑස්ති වුනා.
“අනේ බබා... තව ටිකක් ඉන්නකෝ... මට අද ඉඳලා නම් දවසක්වත් ඔයා නැතුව ඉන්න බැරි වෙයි.”
“මම ගියේ නැත්නම් මාව හොයයි... මටත් ඔයාව දාලා යන්න හිත නෑ සුදූ... ඒත් යන්නම වෙනවා.”
දිලිනි මාව ඇරලවන්න ලොබි එකටම ආවා. අපි දෙන්නා ලිෆ්ට් එකේ එන අතරෙත් දිලිනි මට තුරුල් වෙලා.... මම චෑන්ගේ ටැක්සි එකට නගිනකම්ම දිලිනි මගේ අත අතහැරියේ නැහැ.
“පරිස්සමින් යන්න කාවින්ද? අද ඉඳලා මං වෙනුවෙන් පරිස්සම් වෙන්න.”
“ඩෝන්ට් වොරි මැඩම්. අයි විල් ටේක් කෙයාර් ඔෆ් හිම්.”
මම වෙනුවට උත්තර දුන්නේ චෑන්.
අපි දෙන්නා ආයෙත් වතාවත් කිස් කළාට පස්සේ තමයි දිලිනි මට යන්න දුන්නේ.
“මම යන්නම් සුදූ.....“
දිලිනි ඇස් දෙකේ කඳුලු පුරවගෙන මට අත වැනුවා.

4 comments: