Recent Post

Wednesday, June 28, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 44




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි





44.

අපි දෙන්නා ගේ ඇතුලට යන්න දොර අරිනකොටත් අම්මා සා‍ලේ ටීවී බලනවා.

මම සචියවත් ඇදගෙන උඩ තට්ටුවට යන්න හදනකොට අම්මා කතා කළා.

“හොඳයි දෙන්නා එන වෙලාව.”

මම සද්ද නැතුන හිටියා. සචිත්‍රත් අහිංසක හිනාවක් දැම්මා.

“මොකද කළේ මෙච්චර වෙලා.”

“ගරාජ් එකේ අම්මා.”

“මේච්චර රෑ වෙනකං වැඩ කරන්නේ නෑනේ. බොරු නේද කියන්නේ?”

බොරු කිව්වොත් වැඩේ අප්සෙට් වෙන බව දන්න නිසා මම ඇත්ත කිව්වා.

“නෑ අම්මා. මම එදා කිව්වේ, අර ජීප් එක. අපි දෙන්නා ඒක හැදුවා. අද වැඩේ ඉවර වුන නිසා අපි දෙන්නා ට්‍රයල් එකක් ගියා. ආසාවට සෑහෙන දුරක් ගියා. පස්සේ බඩගිනි නිසා කෑම දෙකක් ගෙනල්ලා එතනම ඉඳලා කාලා, දැන් තමයි ගෙදර ආවේ.”

“එච්චරමද වුනේ? කාවින්ද මට බොරු කියන්න එපා.”

“නෑ අම්මා. වෙන දෙයක් වුනේ නෑ. අපි කෑම ගන්න යනකොට යාළුවෙක් නම් හම්බවුනා.”

“නුවර ගියේ නැද්ද?”

මොකෙක් හරි අම්මට ඔත්තුවක් දීල වගේ.

සචියා මගේ කකුල පෑගුවා.

“ගියා. ට්‍රයල් ගිහිල්ලා එන ගමන් කොත්තු ගන්න නුවර ගියා. ලේවැල්ල පැත්තේ හොඳ කෑම නෑනේ.”

“හරි, කොහොම වුනත් මින් පස්සේ මෙච්චර රෑ වෙන්න බෑ. ඕගොල්ලන් තාම ඉස්කෝලෙන් අවුට් වුනා විතරයි. පොඩි ළමයි. තමන්ගේ පරිස්සම ගැන මීට වඩා හිතන්න.”

“හරි අම්මා. අපි නරක දෙයක් කළේ නෑනේ.”

“එකෙන් වැඩක් නෑ... මොනව වුනත් මීට පස්සේ රෑ වෙනවනම් අඩුගාණේ කෝල් එකක්වත් දෙන්න.”

“හරි අම්මා.”

“‍කාලනේ ආවේ... සචිත්‍ර පුතාට තේකක් හදන්නද? මෙයානම් බොන්නේ නෑ නේ.”

“අනේ නියමයි ආන්ටි.”

අම්මා කුස්සියට ගියා.

අපි දෙන්නා අඩියට දෙකට මගේ කාමරේට පැන ගත්තා.

“කාවා, මාර බේරිල්ලක් බේරුණේ අම්මගෙන්. මම හිතන්න දිලිනි මිස් එක්ක ගිය එක මේ ටිකට මොකෙක් හරි කනේ තියලා. හන්දියේ වලිය නෝන්ඩි නෑ වගේ.”

කෝකටත් කියලා මම වීරරත්න අංකල්ට කතා කළා.

මොකද නිකං හරි අර වෑන් එකේ අයිතිකාරයා පොලිසි ගිහින් තිබුනොත් අපි ඉවරයි.

වීරරත්න අංකල් කියන්නේ පොලිස් ඩී අයි ජී කෙනෙක්. අපේ තාත්තගේ ඉස්කෝලේ එක පන්තියේ ඉගෙන ගත්ත කෙනෙක්. එයාගේ වයිෆ්, අපේ අම්මගේ විශ්ව විද්‍යාලයේ එකට හිටපු කෙනෙක්. ඒ නිසා අපේ පවුල් දෙකේ ලොකු සම්බන්ධකම් තිබුණා. මොන ප්‍රශ්නේ වුනත් මම ගොඩක් වෙලාවට තාත්තටත් නොකියා අංකල්ට කතා කරනවා.

“අංකල් මම කාවින්ද.”

“‍ආ පුතා... මොකද මේ මහ රෑ.”

“අංකල් මමයි යාලුවෙකුයි පොඩි ගමනක් ගිහිල්ලා එනකොට මේ අපේ ගේ ළඟ හන්දියේ වෑන් එකක ආපු සෙට් එකක් එක්ක පොඩි කේස් එකක් ගියා.”

“මොකද වුනේ?”

“නෑ අපි බයික් එකේ එනකොට උන් වාහනේ නවත්තගෙන හිටියා. පස්සේ පොඩි කතාවක් ගියා. දන්නැද්ද අංකල්. පස්සේ ගහපු ගල් පාරකට උන්ගේ වෑන් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකත් කඩලා ගියා.”

“මොකක්. මොකද වෙන්නේ උන් ඇන්ට්‍රියක් දැම්මොත්? මොනවද කරන්න ගියේ මේ රෑ?”

“නොහිතා වුන දෙයක් අංකල්.”

“එහෙනම් උන් ඇන්ට්‍රියක් දාන්න කලින් පුතා ඒක කරන්න.”

“ඒත් අංකල් මේ රෑ. මට තනියම එන්න බෑ. අනිත් එක ප්ලීස් අංකල් තාත්තට කියන්නත් එපා.”

“ඇයි එපා කියන්නේ?”

“එපා අංකල්. මේ දවස් වල තාත්තා හොඳ මූඩ් එකේ නෙවෙයි ඉන්නේ. මේක දැනගත්තොත් මය ගෙදරින් එලියටවත් බහින්න බැරිවෙයි.”

“හරි, ඔයා එන්න එපා. මම පොලිසියට කතා කරලා මොනව හරි කරන්නම්. හෙ උදේ මම කියනකම් කොහෙවත් යන්න බෑ.”

“හරි අංකල්.”

“ඒක නෙවෙයි පුතා. කොහෙද මේ මහ රෑ ගමන් බිමන්. දන්නවනේ කාලේ හැටි.”

“නෑ අංකල්, පොඩි වැඩකට ගියා.”

“හරි හරි. මම තාත්තට කියන්නේ නෑ. හැබැයි නිකං හරි ආරංචි වෙලා මගෙන් ඇහුවොත්නම් මට බොරු කියන්න බෑ.”

“කමක් නෑ අංකල්.”

‘මේ කාලේ මොකෙක් හරි කතාවට ආවොත් හෙමීය මගහැරලා ගෙදර යනඑක තමයි හොඳ. මම දන්නවනේ තමුසෙගේ වැඩ. පොඩ්ඩ බැරි වෙන්න බෑ ගුටි කෙල ගන්න යනවනේ.”

“නෑ අංකල්. මම කරපු දෙයක් නෙවෙයි.”

“හරි හරි. දැන් නිදාගන්න. උදේට මම කෝල් කරනකං ඉන්න.”

“ගුඩ් නයිට් අංකල්. ශාමිලා ආන්ටිටත් කියන්න එපා.”

“එයා කියන්න දෙයක් නෑ, මේ මගේ ළඟට වෙලා අහගෙන ඉන්නේ.”

“මළා. අනේ ආන්ටිටත් කියන්න අම්මට ‍එහෙම කියන්න එපා කියලා. තාත්තට කිව්ව්ත් කමක් නෑ අම්මටනම් කියන්න එපා.”

“හරි පුතා, දැන් නිදාගන්න. ගුඩු නයිට්.”

මම ෆෝන් එක තිබ්බා.

“මොනව වුනත් උඹ අංකල්ට ඒක කියපු එක හොඳයි.”

අපි දෙන්නා නාලා, හොඳ ළමයි වගේ නිදාගන්න ගියා.

මොනව හරි වෙන දෙයක් උදේට වෙලා තියෙයි කියලා හිතලා අපි දෙන්නා හොඳට නිදා ගත්තා.

‍මේ විදිහට තව දවස් කීපයක් ගතවෙලා ගියා. අපි දෙන්නා මේ දවස් කීපයේම කළේ මට හම්බවුන වාහනේ අඩුපාඩු ටික හදන එක.

ගරාජ් එකේ ධනුෂ්ක අයියා සෑහෙන උදව්වක් කළා. සමහර දේවල් ගන්න ගොඩක් වියදම් යන වෙලාවල මිනිහා එයා ළඟ තිබුණ දේවල් වුනත් අපිට දුන්නා. සමහර පාට්ස් එයා අඳුරන අයගෙන් ගොඩක් අඩුවට අරන් දුන්නා. මමත් අතේ සල්ලි නැති නිසා මේ මාසේ පඩියෙන් අඩුකරගන්න කියලා ඒ දෙවල් ගත්තා.

“කාවා, දැන්නම් වැඩේ සෑහෙන්න ගොඩ. තව පේන්ට් එක ගහන්න විතරයි තියෙන්නේ.”

“ඔව් බං ඒක නම් මේ මාසේ කරගන්න බැරි වෙයි”

“ඇයි බං ඒ. මෙච්චර කට්ට කාපු එකේ ඒ ටිකත් දැන්ම කරගත්ත නම් කිරි ටොයියා වගේ ලබන සතියේ ඉඳලා වාහනේ ගමනාගමනය කරන්න තිබුනා.”

“යකෝ දැනටත් මේ දේවල් වලට වියදම් කරේ මට මේ මාසෙ ලැබෙන්න තියෙන පඩියෙන්. මම හිතන්නේ දැන් ඒක ඉවරෙටම ඉවරයි. වෙන ඉතින් සල්ලි හොයන්න වෙන්නේ අම්මගෙන් ඉල්ලලා තමයි.”

“කීයක් විකර යයිද බං වැඩේට.”

“මොකටද පේන්ට් එකටද?”

“ඔව් බං.”

“හතක් විතර. ඇත්තටම නම් ඊට වඩා යයි. ඒත් අපි දෙන්නා පොටි අදින එකයි කපන එකයි කරලා ඒ ගාණට ෂේප් කරගන්න බැරි වෙන එකක් නෑ.”

“දැන් උඹට ඒ සල්ලි නැද්ද?”

“නෑ යකෝ. මේ මාසෙත් පඩියෙන් සතයක්වත් හම්බෙන එකක් නෑ. මේකට වියදම් වුනානේ.”

“කාවා. මගේ ළඟ දහදාහක් විතර තියෙනවා. උඹ ඒක ගනින්.”

“මට උඹේ සල්ලි ගන්න බෑ බං.”

“ඔන්න ඔන්න .... උඹත් පිස්සු කෙලිනවා. යකෝ උඹ මොකද මම මොකද, අපි දෙන්නා මොන්ටිසෝරි යන කාලේ ඉඳලා යාළුවෝ.”

“ඒ වුනාට බං, උඹේ සල්ලි නෙවෙයිනේ. අම්ම තාත්තගේ සල්ලිනේ.”

“එක තමයි බං මම බය නැතුව දෙන්නේ. අපේ අම්මා ඒ සල්ලි උඹට දුන්නා කියල දැන ගත්තොත් අම්ම මොනවත් කියන්නෑ. ඒක ෂුවර්. මොකද අපේ අම්මා මට වඩා උඹට ආදරෙයි.”

“හරි සල්ලි ගන්නම්. එක කොන්දේසියක් උඩ.”

“මොකක්ද?”

“මම මාස දෙකකින් ඒ සල්ලි ආපහු දෙනවා, උඹ ගන්න ඕනේ.”

“හරි... ඩීල්.”

2 comments: