Recent Post

Saturday, June 24, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 39



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


39.

අපි දෙන්නා නුවර ටවුන් එකට එනකොට හත පහුවෙලා.

දිලිනිට ගෙදර යන්න හිතක් නෑ වගේ.

“අනේ කාවින්ද අපි මොනව හරි බීල යං.”

“කොහෙද නවත්තන්නේ?”

“මට බඩත් ගිනියි. අපි බේක් හවුස් එකේ පබ් එකට යමු.”

“ඔයා කලින් ගිහිල්ලා තියෙනවද?”

“තාත්ති එක්ක. ඇයි?”

“නෑ නිකං..... අවුලක් නෑ යං.”

අපි දෙන්නා පබ් එකට ගියා. කෙල්ලෙකුත් එක්ක පබ් එකේ මොනව කරනවද කියලා මට තේරුමක් තිබ්බේ නෑ.

“කාවින්ද, මොනවද කන්නේ. ඔයා ඕඩර් කරන්‍නකෝ.”

“අපි ක්ලබ් සැන්ඩ්විච් කමු.”

“නියමයි. කාවින්ද, ෆ්‍රෙෂ් ඔරෙන්ජ් ජුස් දෙකකුත් ගේනන කියන්න.”

මම ඕඩර් එක දුන්නා.

පබ් එකේ සෑහෙන සෙනගක් හිටියා. හැමෝම හිටියේ ටිකක් හයි ක්ලාස් සෙට් එක. මම එරංග අයියත් එක්ක මෙතතනට දෙතුන් පාරකට වඩා ඇවිත් නෑ.

අපි දෙන්නා එලියට ගිහිල්ලා බැල්කනි එකේ ඉඳ ගත්තා.

“කාවින්ද, මෙතන බොන්න එන ඔයාගේ යාළුවෝ නෑනේ.”

“අපෝ නෑ. අපි මෙතෙන්ට දෙතුන් පාරක් ඇවිත් තියෙනවා පූල් ටේබල් එකට.”

“ඔයාට පුළුවන්ද, මාත් ආසම ගේම් එකක්. මට ආසයි ඔයත් එක්ක සෙල්ලම් කරන්න.”

“දැන් බෑ දිලිනි. අපි දෙන්නා මෙතන සෙට් වුනොත් විකාරයක් වගේ තියෙයි.”

“හ්ම්.”

“ඒක නෙවෙයි කාවින්ද, මට මොනව වෙයිද?”

“අයියෝ ඔය කතාව ආයෙත් ඇදල ගන්න එපා දිලිනි.”

“ඒ වුනාට මට ඒකම ඔළුවට එනවනේ.”

එතකොට වේටර් ඕඩර් එක අරගෙන ආවා.

“සර්, එනිතින් එල්ස්? මැඩම්..?”

“නෝ.... තෑන්ක්ස්.”

වේටර් යනවත් එක්කම මැනේජර් ආවා.

මූ මොකද අපි ළඟට ආවේ.

“සොරි ටු ඩිස්ටර්බ් යූ මැඩම්. අයි ජස්ට් සෝ යූ කමින් ඇන්ඩ් යූ කේම් ආෆ්ටර් එ ලෝන්ග් ටයිම්.”

“අහ්... ඩෝන්ට් මයින්ඩ්. තෑන්ක්ස් ෆෝ ආස්කින්. යෙස්, අයි හැව්න්ට් බීන් හියර්  ෆොර් ඒ ලෝන්ග් ටයිම් බිකෝස් ඩෑඩ් වෝස් සෝ බිසී.”

“ඕකේ මැඩම්... එනිතින්ග් යූ වෝන්ට්, ජස්ට් ලෙට් මී නෝ... ඇන්ඩ් ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් මේ අයි ආස්ක් යූ හූ ඉස් දිස් ‍ජෙන්ට්ල්මන්...?”

පොර මාව පෙන්නලා ඇහුවා.

“හී ඉස් මයි ‍ෆියොන්සේ... වී විල් බී මැරීඩ් සූන්.”

“කන්ගැජුලේසන්ස්.”

මලා.... මෙයා මේ මොනවද කියවන්නේ.

මැනේජර් ගියා.

මම ප්‍රශ්නේ අහන්න කලින් දිලිනි අතින් මගේ කට වහලා කතා කළා.

“සොරි කාවින්ද, මම එහෙම කිව්වේ හේතුවක් ඇතුව. තාත්ති ආව ගමන් මෑන් ඕක කියනවා. එතකොට ඔයා මම බඳින්න ඉන්න එක්කෙනා කිව්වහම තාත්ති හිතයි ගිහාන් මාව එක්ක ආව කියලා. මම ඔයාගේ නම මැනේජර්ට කිව්වේ නෑනේ. අනිත් එක තාත්ති ඕක ගිහාන්ගෙන් අහන්න යන්නේ නෑ.”

බලාගෙන ගියාම හොර වැඩ කරලා මෙයාටත් මාර ප්‍රැක්ටිස් එකක්නේ තියෙන්නේ.

“දැන් ඊළඟ ප්‍රශ්ණේ.”

“මොකක්ද කාවින්ද?”

“දැන් වෙලාව අට පහුවෙලා. ඔයා ගෙදර යන්නේ කොහොමද?”

“මාව ගේ ළඟට ගිහින් දාන්න ළමයෝ, මම යන්නම්.”

“හොයන එකක් නැද්ද?”

“පිස්සුද, අද ගෙදර කවුරුවත් නෑ. අම්මියි තාත්තියි පොලොන්නරුවේ ගිහිල්ලා. සර්වන්ට්ලා දෙන්නගෙනුත් එක්කෙනයි ඉන්නේ.”

“පොලොන්නරුවේ. ඒ මොකද? ට්‍රිප් එකක්ද?”

“නෑ අයියෝ... ඒ දෙන්නා හොටෙල් එකට ගියේ.”

“ඔයාලට පොලොන්නරුවෙත් හොටෙල් එකක් තියෙනවද?”

“ඔව්.”

“ඔයා දැන් යනවද?”

“කාවින්ද,ඔයාට කීය වෙනකං මාත් එක්ක ඉන්න පුළුවන්ද?”

“මටනම් ප්‍රශ්ණයක් නෑ අද ගෙදර නොගියත්, ඒත් දැනටම අට හමාරයි. මේ රෑ ඔයත් එක්ක කොහේ ඉන්නද?

“ඔයා එක්ක කොහේ හිටියත් මට එකයි කාවින්ද?”

“ඒ වුනාට ළමයෝ, මේ ටවුන් එකේ ඉන්න හොඳ නෑ.”

“මම‍ දෙයක් ඉල්ලන්න, කැමති වෙනවද?”

“මොකක්ද?”

“අපිට ඉන්න තැනක් නැත්නම්, අපි.....”

“ඔව්.....”

“අපේ ගෙදර යමු. ඔන්න තරහ වෙන්න ඔට්ටු නෑ.”

“බෑ දිලිනි. ඔයා එක්ක එහෙම තනිවෙන කොට මගේ හිතට මොකක්දෝ වගේ. වෙන තැනක වගේ නෙවෙයි, ඔයාගෙම ගෙදර ඉන්නකොට මගේ හිතට හරි නෑ.”

“අනේ කාවින්ද, මට ඔයාව විශ්වාසයි. ප්ලීස් යමු. ටිකක් රෑ වෙලා ඔයාට යන්න පුළුවන්.”

“කීයටද?”

“අපි ගෙදර ගිහිල්ලා මොනවා හරි හදාගෙන කාලා, ටිකක් කතා කර කර ඉඳලා රෑ වෙලා ඔයා ඉන්න අකමැතිනම් ගෙදර යන්න. කීයට වුනත් කමක් නෑ.”

“ඔන්න එහෙනම් මට යන්න දෙන්න ඕනේ හරිද?”

“යන්න දෙන්න නම් ලෝබයි, ඒත් කමක් නෑ ඉතින්.”

“අන්න අන්න ගෙදර යන්නත් කලින් පොරොන්දු කඩන්න ලෑස්ති වෙනවා.”

“නෑ නෑ අයියෝ.... ඔයා යන්න ... නැත්නම් දිනිට ආරංචි වුනොත් ඉවරයිනේ?”

මෙයා කොහොමද දිනි ගැන දැන ගත්තේ?

“දිනි මට නංගි කෙනෙක් දිලිනි. එයා ට ඒක අදාල නෑ.”

“ඒ ඔයාටනේ කාවින්ද, දිනි හිතන්නේ එහෙම නෙවෙයි. එයා හිතන්නේ ඔයා එයාගේ කියලා.”

“ඔයා කොහොමද දිලිනි ඕව දන්නේ?”

“මම දන්නවනේ.”

“ඔයා ඕනෙ දෙයක් හිතා ගන්න. ඒත් මගේ හිතේ එහෙම දෙයක් නෑ.”

“අනේ කාවින්ද, ඔය ඇති. අපි යමු.”

අපි දෙන්නා එතනින් පිටත් වෙලා දිලිනිගේ ගෙදරට ආවා.

“අද කොමාන්ඩෝ කෝස් කරන්න ඕනේ නෑනේ.”

“නෑ නෑ කාවින්ද, මම අද ඔයාව ඉස්සරහ දොරෙන්ම අරන් යනවා.”

“අපි දෙන්නා ඇතුල් වුනා. කිසිම කෙනෙක පේන්න නෑ.”

“කෝ සර්වන්ට්?”

“අනේ මන් දන්නෑ කාවින්ද. ගෑණි නිදිද කොහෙදෝ.”

“එන්න කාවින්ද. අපි උඩට ගිහිල්ලා බැල්කනි එකේ ඉඳ ගමු.”

“අපි දෙන්නා උඩ තට්ටුවට ගියා. එතන ලොකු බැල්කනි එකක්. ගේ තියෙන්නේ පොඩි කඳු ගැටයක් උඩ නිසා බැල්කනි එකට පේන්නේ ගස්වල මුදුන්. හරිම ලස්සනයි.”

“කාවින්ද මොනවද කන්නේ?”

“දැන් නම් මොකුත් බෑ අප්පා. අපි පස්සේ බලමු.”

මම එතන තිබුණ සෝෆා එකේ ඉඳ ගත්තා. දිලිනිත් මගේ ළඟින්ම වාඩිවුනා.

“දිලිනි.”

“ම්...”

“කවුරුහරි ආවොත්?”

“පිස්සුද...කවුරුත් එන්නෑ. අනික අපි නරක දෙයක් කරනවද?”

“මේ.... ඒක නෙවෙයි, ඔයා කිව්වා නේද ඔයාගැන කවුරුවත් නොදන්න දෙයක් තියෙනවා කියලා.”

“ඔව්....”

“දැන් කියන්න බෑ?”

“බෑ.... ඒකට වෙලාව මේක නෙවෙයි කාවින්ද.”

“ඒකත් එහෙමද? එතකොට දැන් මාව එක්ක ආවේ මොකද මේ රෑ?”

“මට පාළු නිසා අනේ.”

“දැන් පාළු නැද්ද?”

“ඔයා ඉන්නකොට මොන පාළුවක්ද? වචනයක්වත්කතා නොකර හිටියත් ම‍ට පාළුවක් නෑ.”

“දිලිනි, දැන් මොකද ගිහාන්ගේ ප්‍රපෝසල් එකේ තත්වේ?”

“දන්නෑ....”

“මෝඩයෙක් වගේ දන්නෑ කියලා හිනා වෙන්නේ.”

“මට ඔය ළඟ ඉන්නකොට ඒක මතකවත් නෑ.”

“ඒක හරි වැඩක්නේ.... ඊට පස්සේ මං නැතිවුනාම ආයතේ මූඩ් ගහනවා, අඬනවා, අනේ කාවින්ද මට කවුරුවත් නෑ මාව අරන් යන්න කියලා අඬනවා.”

“ඒ මට දුක හිතුන වෙලාවටනේ.”

“මේ ඒ පිස්සු නැතුව කියන්න මොකද වෙලා තියෙන්නේ කියලා.”

“වෙනසක් නෑ කාවින්ද. තාත්ති‍ගේ තීරණේ වෙනසක් නෑ. ඒත් දැන් ගිහාන්ගේ ගමන් අඩුවෙලා. පහුගිය කාලේ මම එයා එක්ක වචනයක්වත් කතා කළේ නෑනේ, ඒ නිසා වෙන්න ඇති.”

“එහෙම වුනාට තාම අදහස අතහැරලා නැතුව ඇති.”

“මොන පිස්සුද, ගිහාන් එන්නේ ම‍ගේ ඇඟයි, තාත්ත‍ගේ සල්ලියි පස්සේ. ඌ හිතන්න ඇති අනිත් කෙල්ලෝ වගේ මමත් උගේ පස්සේ එයි කියලා.”

“ඒ වුනාට ඔයා පරිස්සම් වෙන්න දිලිනි.”

“මම ගිහාන්ට බය නෑ කාවින්ද? ඌට බෑ මට අතක්වත් තියන්න.”

“දැන් ඉස්සරහට මොනවා වෙයිද?”

“මම දන්නෑ කාවින්ද? මොනවා වුනත් මම තීරණය කරලා ඉවරයි. ඒ නිසා මම බය නෑ.”

“මගේ උදව් ඕනේ වෙයිද?”

“අනිවාර්යයෙන්ම ඔව්... මට ඔයා ඕනේ වුන දාට මගේ ළගින් ඉන්න කාවින්ද.”

“ෂුවර්. මේ කාවින්ද කෙනෙක් උදව් ඉල්ලද්දි බෙල්ල කඩාගෙන හරි උදව් කරනවා.”

“ඒක දැන් වැඩක් නෑ කාවින්ද. අපි ලස්සන දෙයක් කතා කරමු. මට කියන්න ඔයා ගැන.”

“විශේෂ දෙයක් නෑනේ දිලිනි. ඔයා හැමදේම ව‍ගේ දන්නවා.”

“කාවින්ද අපි යමු ඇතුලට. මගේ කාමරේට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ටිකක් ඉන්න.”

මම ටිකක් අදිමදි කළා.

“ඇයි බයද මගේ කාමරේට යන්න?”

“නෑ බයක් නෙවෙයි. ඒත් සර්වන්ට් කොහේ ඇද්ද. දැක්කොත් එහෙම.”

“එයා මෙහේට එන්නේ නෑ. යමු.”

දිලිනි මගේ අතින් ඇදගෙන එයාගේ කාමරේට ගියා.

“ලස්සනද මගේ කාමරේ. එදා ආවට කරුවලේනේ හිටියේ.”

“ලස්සනයි ලස්සනයි, හැමදාම ඉන්න හිතෙනවා. මේ වගේ කාමරයක් මටත් තියෙනවානම් කියලා හිතෙනවා.”

“මගේ හැමදේම ඔයාගේ තමයි කාවින්ද.”

දිලිනි ඇහෙන නෑහෙන ගානට කිව්වා.

“මට ඇහුනා හොරෙන් කිව්ව දේ...”

එයා ලජ්ජාවෙන් හිනා වුන.

“සොරි.... හිතලා කිව්වේ නෑ.... ඒක නෙවෙයි මම ඔයාට මගේ ඇඳුම් කබඩ් එක පෙන්වන්නද?”

“අපෝ ගෑණු ළමයින්ගේ ඇඳුම් වලට එබෙන්න හොඳ නෑ.”

“අනේ එහෙම දෙයක් නෑ.”

එයා කාමරේ අනිත් කොටසේ තිබුණ කබඩ් එකක් ළඟට මාව එක්කගෙන ගියා.

ඒක මහ විශාල කබඩ් එකක්. දොරවල් හතරක් තියෙනවා. එයා දොරවල් හතරම ඇරියා.

“මගේ අම්මේ....”

මට කියවුනා.

“ඇයි කාවින්ද?”

“නෑ, එක්කෙනෙකුට මේ තරම් ඇඳුම් ගොඩක්. ඇඳුම් විතරක්යෑ, සපත්තු, හෑන්ඩ් බෑග්, හෙයාර් බෑන්ඩ්, ජුවලරි, මගෙ අම්මේ...”

කබඩ් එකේ එක පැත්තක තනිකරම ජීන්ස්, ඩෙනිම් වෙනම අනිත් ඒවා වෙනම, තව තැනක ගවුම්, තව තැනක ටොප්ස්, තව තැනක සාරි. සපත්තු වෙනම... තව තැනක ටවල් වලින් පුරවලා.

“මේ තරම් තිබුණාම අඳින එක තෝරගන්නේ කොහොමද?”

“ඇයි අනේ... මම ඔය හැමදාම ලස්සනට අඳින්නේ නැද්ද?”

“මට නම් මේ වගේ තිබුනොත් අඳින එක තෝරගන්න පැයක්වත් යයි.”

“හරි හරි කොල්ලන්ට කොහොමත් අපිට වගේ ඇඳුම් ඕනේ වෙන්නේ නෑනේ.”

“ඒක නම් ඇත්ත. මටනම් තියෙන්නේ කොහෙට අඳින්නත් ඩෙනිම් හතරයි, තව හොඳ කලිසම් දෙකකුයි ෂර්ට් දෙකකුයි විතරයි. වැඩිපුර තියෙන එකම දේ ටී ෂර්ට්. ඒක නම් මම සිංගප්පූරුවෙන් ගෙන්නන ඒවා කලෙක්ෂන් එකක්ම තියෙනවා.”

“ඔයා ගා‍ව බ්‍රෑන්ඩඩ් තියෙනවද?”

“ඇයි මේ ඇඳන් ඉන්නේ ජියෝඩානෝ. අනිත් එක බොසිනි. ඔය දෙකයි නයිකි ඇන්ඩ් අඩිඩාස්. එච්චරයි. සිම්පල්, ඔයාගේ කබඩ් එකෙන් දහයෙන් එකක් ඇති.”

“හරි හරි පන්ඩිතයා, මට හිනා වෙන්න එපා. මට තාත්ති අරන් දෙනවා, මම ගන්නවා.”

“මටත් නෑනේ කවුරුත් ඔය වගේ ඇඳුම් අරන් දෙන්න”

“මේ මම ඔයාට ඇත්තටම ඇඳුම් අරන් දෙන්නද, වෙන දේකට නෙවෙයි, මට ආසයි ඔයත් එක්ක ෂොපින් කරන්න.”

“විකාර.”

“නෑ කාවින්ද. අපි කොළ යමු. මේ නුවර ඇති ඇඳුමක් නෑ. කොළඹ හොඳ කොලිටි තැන් දෙක තුනක් මම දන්නවා.

“පිස්සුද, මට ඔයාගෙන් ඇඳුම් එපා.”

“අපෝ තියෙන ආඩම්බර කම.”

දිලිනි ම‍ගේ අතට ගැහුවා.

එක තත්පරෙන් මම එයාගේ අත තද කරලා අල්ලගත්තා.

“ඌයියා... රිදුනා...”

ඒත් මම අත අතහැරියේ නැහැ.

“අනේ.... මට රිදෙනවා. ඔයාගේ යකඩ වගේ අතපය වලට මට ඔරොත්තු දෙන්න බෑ.”

මම දිලිනිගේ අත අල්ලගෙනම එයාගේ මූණට එබුනා.ඊට පස්සේ දිලිනිව අතින් ඇදලා මගේ ළඟට ගත්තා. එයා පුලුන් රොදක් වගේ ඇදිලා ආවා. උස විතරයි, බරක් ඇත්තේම නෑ.

ඊට පස්සේ මම එයාගේ නිකටෙන් අල්ලගෙන මගේ පැත්තට හැරෙව්වා.

“ඔයා දන්නවද මම ඔයාට කරන්න යන දේ. අතින් අල්ලලා රිදවලා විතරක් ඉන්නෙ නෑ අද.”

“බලන් ඉන්නවා.”

එහෙම කියලා දිලිනි මගෙන් අහකට පැන්නා.

මම ආයෙත් එයාගේ අත අල්ලගත්තා. මම දැක්කා දිලිනිගේ ඇස් බයෙන් පිරෙනවා.

“කාවින්ද, මොකද මේ?”


මම කතාවක් නැතුව එයාට තවත් ලංවුනා.

0 comments:

Post a Comment