Recent Post

Monday, June 26, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 41




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



41.

ඊළඟ දවසේ මම ගරාජ් එකට ගියා.

අද ඉඳලා හවස පහෙන් පස්සේ මට හම්බවුන ජීප් එක හදන්න පටන් ගන්න ඕනේ.

දවල් දෙක විතර වෙනකොට සචියත් ආවා.

“අම්ම ගහයි බැට් එකෙන්... කාවා මේකද උඹට හම්බවුන භාන්ඩේ...?”

“බලපං එල නේද?”

“එල තමා, යකෝ මේක හදල ඉවර වෙනකොට අපි මැරිල තියෙයි බං. තනිකරම මලකඩ ගොඩක් නේ බං.”

“නෑ නෑ... එලියේ විතරයි. එන්ජින් එක එලටම තියෙනවා. රේඩියේටර් එකේ අවුලක් තියෙනවා. මලකඩ කාලා, සයිලන්සරේ අලුතින් දාන්න ඕනේ. එන්ජින් එකේ පොඩි මිස් එකක් තියෙනවා කියලා අයියා කිව්වා. ඒක බලන්න වෙනවා.”

“යකෝ එන්ජින් එක ඉවර ඇති. ඒකයි මිස් එක.”

“මං බැලුවා බං. එහෙම සීන් එකක් නෑ. ඔයිල් සීල් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔයිල් ඇතුලට වදිනවා ඇති. ඒකයි මිස් එක. අනිත් එක ටයිමින් බෙල්ට් එක ෆිට් නෑ. ඔයා දෙක සෙට් කරලා බැලුවන්ම ‍ගොඩ දාන්න පුළුවන්.”

“බොඩි එක.”

“ඒක පේන්ටින් පාරක් දාන්න වෙනවා. ජිනේ අයියට කිව්වනම් ටචප් කරලා දෙයි. පේන්ටින් එක මට කරන්න පුළුවන්.”

“හරි හරි, කීයටද වැඩ.”

“අපි පහට විතර පටන් ගමු. දැන් මේකේ වැඩ තියෙනවා බං. අද ධනුෂ්ක අයියත් නෑ. මේ 4x4 තියෙන උන් සල්ලි තිබුණට මොලේ නැති උන් බං. උන් හිතන්නේ උන්ගේ වැඩේ විතරයි ලොකු කියලා.”

අපි පහට විතර වැඩ පටන් ගත්තා.

ධනුෂ්ක අයියත් නැවතුනා වැඩේ බලන්න
.
“මල්ලි, ඕක ටිකෙන් ටික අත ගහල වැඩක් නෑ. උඹ එන්ජින් එක ගලවපං.”

“මුළු එන්ජිමක් ගලවලා හයි කරන්න මම දන්නෑ අයියේ.”

“මම ඉන්නම්... උඹ ගලවපංකෝ. දන්නවනේ සිස්ටම් එක. කෑල්ලෙන් කෑල්ල වෙන් කරලා වෙනම තියා ගනින්. අද උඹ ඕක ගලවලා තියපං. හෙට හවස සුද්ද කරලා අනිද්දට හයි කරමු.”

“හරි අයියේ. මායි සචියයි එහෙනම් අද මේක කොහොමහරි ගලවලා තමයි යන්නේ.”

ධනුෂ්ක අයියා ගියා.

“ඈ යකෝ කාවා. මේ එන්ජින් එක ගලවන්න උඹ දන්නවද?”

“දෙපාරක් මම එන්ජින් ගලවලා තියෙනවා.. හැබැයි මේ ජාතියේ නම් නෑ. අනිත් එක අයිය ඉන්නකොට.”

“එහෙනම් පුතෝ වාහනේ ගැන ආසාව අතෑරගනින් මොකද මමත් මෙලෝ දෙයක් දන්නෑ.”

“දන්නැතුව තමයි බං ඉගෙන ගන්නේ. මෙන්න මෙහේ වරෙන් යතුරු ටිකත් අරන්.”

අපි දෙන්නා වැඩ පටන් ගත්තා. හොඳටම පුරුදු නැති නිසා නවය වෙනකොටත් වැඩේ පටන් ගත්ත තැනම වගේ.

“කාවා මේ ක හරියන්නේ නෑ. එක ඇනයක් ගලවගන්නත් යකෝ විනාඩි දහයක් විතර යනවනේ. උඹ පන්ඩිතයා වගේ දන්නවා කිව්වට උඹත් මං වගේම ෆුල් හන්තර් නේබං.”

“කරදර නොකර හිටපං බං. මේ මුලටික කොහොමත් අමාරුයි. ඊට පස්සේ බලපංකෝ මගේ වැඩ.”

“ඒ මගුලක් කරන්න කලින් අපි කොහෙට හරි ගිහින් කාලා ඉමුද?”

“ගුඩ් අයිඩියා. හැබැයි ලාවට ඩිනර්, නැත්නම් ආයෙ වැඩ කරන්න කම්මැලි වෙනවා.”

“උඹ ඕන්නම් නොකා හරි හිටපං. මම නම් කනවා.”

අපි කෑමෙන් පස්සේ වැඩේ අල්ලගත්තා.

එකොලහ වෙනකොට වැඩේ ඉවරයි.

“එලනේ කාවා. උඹ වැඩ්ඩා.”

“එහෙම තමයි ඩෝ. අපි යමක් පටන් ගත්තොත් බෙල්ල ගියත් ඉවර කරල තමයි පස්ස බලන්නේ.”

පහුවෙනිදා හවස මමයි සචියයි, මුළු එන්ජින් එකම සර්විස් කළා. මලකඩ කාපුවයි, ඔයිල් නිසා කලු වෙලා තිබ්බ ඒවයි දිස්නේ දෙන ගාණට සුද්දේ දුන්නා.

ධනුෂ්ක අයියා ගෙදර ගිහිල්ලා එනකොට අපි සෑහෙන වැඩ කොටසක් ඉවර කරලා.

දවස් කීපයක් යනකොට වැඩේ සෑහෙන ප්‍රමාණයක් ඉවර කරගන්න පුළුවන් වුනා.

ඒ සතියේ සිකුරාදා රෑ වෙනකොට එන්ජිම ස්ටාර්ට් කරන්න පුළුවන් තත්වෙට අපි ආවා.

“නියමයි කාවා. එළකිරි වැඩේ. උඹ එහෙනම් දෙයියෝ බුදුන් සිහි කරලා වාහනේ ස්ටාර්ට් කරපං.”

“යකෝ මම හදපු දෙයක් ස්ටාර්ට් කර‍නකොට දෙයියෝ බුදුන් සිහි කරගන්න ඕනේ නැහැ. තිතට වැඩේ ඇති.”

මම වාහනේට නැගලා යතුර දැම්මා.

පලවෙනි පාරම කිසිම අවුලක් නැතුව වාහනේ ස්ටාර්ට් වුනා.

“නියමයි මල්ලි. උඹ නම් සිරාම වැඩකාරයෙක් වෙනවා. ඒක ෂුවර්. දැන් ඉතින් උඹට බොඩි එකේ වැඩ ටික පටන් ගන්න වෙනවා. ජිනේ අයියට කියපං. මෑන් වැඩේ කරලා දෙයි. උඹට පුළුවන් නේ පේන්ට් කරගන්න.”

“ඔව් අයියේ. මේකේ ඔරිජිනල් පාට රතු නේද?”

“ඔව්, මෙටලික් රෙඩ්.”

“එහෙනම් හෙට පේන්ට් එක ගන්න වෙනවා.”

“කලර් හවුස් එකට පලයං. ඒකේ හරිම පාට තියෙනවා.”

එදා සචියයි මායි දෙන්නම අපේ ගෙදර ගියා. ඇත්තටම හිතේ ලොකු සතුටක් තියෙනවා. කොහොම හරි අන්තිමට මටම කියලා වාහනයක් තියෙනවා.

“යමං රවුමක්.”

මම සචියාවත් දාගෙන ලේවැල්ල පැත්තට ආවා.

වාහනේ හොඳටම තියෙනවා. කිසිම ගැස්සීමක්වත් එන්ජින් අවුලක්වත් නෑ. සද්දෙත් හොඳයි. සයිලන්සරේ නියමෙට තියෙනවා.

“කාවා, සුපිරිනේ බං. බබා වගේ යනවා. උඹට නම් මේ ගරාජ් කෙරුවාව ලෙසටම පිහිටලා තියෙනවා බං.”

“මමත් හිතුවේ නෑ මේ තරම් සුපිරියට තියෙයි කියලා. ඔරිජිනල් වාහනේ කොලිටි එක තමයි බං.”

“හ්ම්. දැන් පේන්ට් පාරක් දාලා. සීට් ටික කුෂන් කර ගත්ත නම් ලක්ෂ ගාණකට දෙන්න වුනත් පුළුවන්.”

“මැරුණත් මේක නම් විකුණන්නේ නෑ. ලේසියෙක් පුතෙකුට මේ වගේ වාහනයක් ගන්න පුළුවන්ද බං දැන් කාලේ.”

“දැන් මේ‍කේ අයිතිය තියෙන්නේ කාටද?”

“දැනට ඕපන් පේපර්ස් තියෙන්නේ. පොත ධනුෂ්ක අයියා ළඟ. යාළුවාගේ තාත්තා මේක පොරටම දීල, කැමති දෙයක් කරන්න කියලා.”

“ඌ උඹට දුන්නා.”

“අයිතියටම දුන්නා නෙවෙයි බං. හදලා ගනින් කිව්වා. මම ඉතින් පාවිච්චි කරනවා. ඌ ඉල්ලුව දවසක දෙනවා.”

“ඌට තියෙන වාහන එක්ක මේක ආයෙත් ඉල්ලන එකක් නෑ මං හිතනනේ. එහෙම වුනොත් කාවා උඹ  ගොඩ.”

“මොනව වුනත් අනුන්ගේ දෙයක් ගැන මම එහෙම බලාපොරොත්තු තියාගන්නේ නෑ බං.”

“වාහන ගැන එහෙම වුනාට වෙන දේවල් නම් උඹ අනුන්ගේ ඒවට බැල්ම දානවා නේද? බැල්ම දානවා විතරක් නෙවෙයි මට පේන විදිහට අයිතිත් කරගෙන වගේ.”

“මොකක්ද යකෝ ඒ කැත කතාවේ තේරුම? උඹ මගේ යා‍ළුවා නෙවෙයි නම් තල්ලු කරලා දානවා වාහනෙන්.”

“සොරි සොරි බං. මට නිකම්ම කියවුනා.”

“යකෝ, දෙයක් කියනකොට හිතලා බලලා කියපං. ගොනා වගේ කියවන්නේ නැතුව. දිලිනි කියන්නේ වෙන එකෙකුට අයිති දෙයක් නෙවෙයි. එයාගේ අයිතිය තියෙන්නේ එයාටමයි. එයා කැමති කෙනෙක් එයා ආශ්‍රය කරනවා, ඒකට උඹවත් අර ගිහානයාවත් පලි නෑ.”

“සමාවෙයන් බං. ‍උඹේ හිත රිද්දන්න කිව්වේ නෑ.”

“යකෝ කෙල්ලෙක් ගැන එහෙම හිතන්න එපා. උන්ට උදව්වක් ඕනේ වුනාම උදව් කරන්නත් දෙපාරක් හිතන්න එපා.”

“උඹ අපි වගේ නෙවෙයි කාවා. උඹ හිතන විදිහට හිතන්න අපිට බෑ. උඹේ තියෙන හියුමන් කොලිටි එකට අපිට ලංවෙන්නවත් බෑ. ඒ නිසාම තමයි උඹට කෙල්ලෝ වහ වැටෙන්නේ.”

“මචං මම ලව් කරලා ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒත් පොඩි කාලේ ඉඳලම මගේ යාළුවෝ වැඩි දෙනෙක් කෙල්ලෝ. තනිකරම මගේ ළඟ හිටියේ දිනි. එයාගේ යාළුවෝ ගොඩක් මගේ යාළුවෝ. ඒ නිසා කෙල්ලෝ හිතන්නේ කොහොමද කියල මම හොඳට දන්නවා.”

“නෑ බං. උඹ ඒක දන්නේ නෑ. උඹ කෙල්ලොන්ට සලකන විදිහ දන්නවා. ඒත් උඹ කෙල්ලෝ හිතන විදිහ දන්නේ නෑ. උඹ කෙල්ලොන්ට ලං වෙනවා වැඩී. උඹ ඒක කරන්නේ ලව් කරන්න නෙවෙයි, ඒත් උඹ උන්ට සලකන විදිහෙන් උන් උඹට ලව් කරන්න ගන්නවා. අන්තිමට උඹ නොදැනීම උඹ ලොකු පවක් කරනවා.”

“උඹ හරි සචියා. මටත් වෙලාවකට ඒක හිතෙනවා. ඒත් කරුමේ කියන්නේ මට කෙල්ලෙක් අඬනවා බලං ඉන්න බෑ බං.”

අපි දෙන්නා කතාවෙන් කතාවෙන් ලේවැල්ලටම ආවා.

ලේවැල්ලෙන් වාහනේ කටුගස්‍තොට පැත්තට හරවනකොටම මම දැක්කා දිලිනිගේ කාර් එක එතන සුපර් මාකට් එක ළඟ නවත්තලා තියෙනවා.

“සචියා, අර දිලිනිගේ කාර් එක.”

“කෝ...”

“අර සුපර් මාකට් එකේ නවත්තලා තියෙන්නේ බං.”

“නිල් පාට එකද?”

“ඔව් යකෝ.”

“ඉතින්.”

“ඉතින් කියන්නේ කතා කරමු ගිහිල්ලා, කෙල්ල සුපර් මාකට් එක ඇතුලේ ඇති.”

“උඹට පිස්සුද යකෝ. මේ මජං කිට් ඇඳගෙන අරක ඇතුලට ගිහිල්ලා කෙල්ලෙකුට ලව් ටෝක් දෙන්න.”

“එහෙනම් අපි එයා එලියට එනකං ඉමු.”

“කාවා දැන් උඹම නේද කිව්වේ දිලිනිගේ සීන් එකට උඹ එන්ටර් වුනා වැඩී කියලා.”

“ඒ වුනාට කෙල්ලෙ දැක්කහම කතා නොකර යන්න හොඳ නෑනේ බං.”

අපි පාරෙන් අනිත් පැත්තේ වාහනේ නවත්තලා බැස්සා.

මම කොල් එකක් ගත්තා.

“හලෝ.”

“හලෝ කාවින්ද, ඇති යන්තම් මාව මතක් වුනා.”

“වැඩ වැඩී මැඩම්. ඒක නෙවේ, ෂොපින් කරනවද මේ රෑ?”

“ෂොපින්?”

“ඔව්..... ඔයා මොනවද ගන්න ආවේ?”

“මොනවද කාවින්ද කියන්නේ. ඔයා කොහොමද දන්නේ මම ෂොපින් කරනවා කියලා.”

“ඒක මට දැනෙනවා.”

“යනව යන්න මොඩයා බොරු නොකියා. කටට ආවට මොකක් හරි කියලා දැන් මාව කටින් අල්ල ගත්තා නේද?”

“නෑ සුදූ. මම ඇත්තමයි කියන්නේ මට ඔයාව දැනෙනවා.”

මම සුදූ කියලා කිව්ව ගමන් මම දැක්කා සචියගේ මූණ වෙනස් වෙනවා.උඹ එහෙනම් එච්චර දුර ගිහින් කියලා ඌට උවමනාව තදින්ම තියෙනවා.

“මම දන්නවා කාවින්ද.”

“මොකක්ද?”

“ මේ මුළු ලෝකෙන්ම මාව දැනෙනවානම් ඒ ඔයාට විතරයි කියලා.”

“ඒක නෙවෙයි මැඩම්, ඔයා ඕකෙන් එලියට එන්නේ කීයටද?”

“මොක්කද මෝඩයෝ කියන්නේ? කොහේ ඉඳලද මගේ දිහා බලාගෙන ඉන්නේ?”

“ගන්න දේවාලයක් අරගෙන ඉක්මනට එලියට එන්න. මම පාරේ අනිත් පැත්තේ ඉන්නේ.”

“අනේ, කතා කරපු ගමන්ම කියන්න තිබ්බනේ.”

“හරි හරි අපි යන්නද?”


“එපා අනේ. ඉන්න මම එනවා.”

7 comments:

  1. එක්කෙනෙක් හරි මේක කියවනවනම් කියවලා පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ලියන එක එපා නොවුනත් මෙහෙම බ්ලොග් කරන එක කම්මැලි වෙනවා කමෙන්ට් එකක් නැති වුනාම

    ReplyDelete
  2. Mama nam digatama kiyawanwa. Sinhala wada karanne na comment karanna.

    Excellent writing .
    Keep it up

    ReplyDelete
  3. මම ඒ කාලේ ලියලා තිබුන කථාව කියෙව්වා. ඒත් අතරමගදි ලියන එක නැවතිලා තිබුන නිසා මේ පැත්තේ ආවේ නෑ.... ලඟදි තමයි අලුතින් දාල තියනවා දැක්කේ.... පහුගිය දවස් ටිකේ ආයේ මුල ඉඳන්ම කියෙව්වා. සුපිරියි....

    ReplyDelete
  4. මේ වගේ කතාවක් මමත් ලිව්වා.. මෙතරම් දිගට ලිව්වේ නැහැ... මේ කියන්නේ ඇත්ත කතාවක් නම්.... කාවා... මම ඔබව දන්නවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් තමා. සිද්ධිනුත් ඇත්ත ඒවා. ඒත් ගොඩක් දෙබස් වගේ දේවල් සහ පාසලේ මිතුරන්ගේ සමහර චරිත මතකයෙන් ලියපු නිසා ටිකක් ගොඩනගපු දේවල්. ඒ කාලේ දෙබස් දැන් මතක නැති එක හේතුවක්.

      ඔබ මාව දන්නවා වෙන්න පුළුවන්. මේ එන එක චරිතයක් හරි දන්නවා කියලා හිතනවද, කාවින්ද ඇරෙන්න.

      Delete
    2. කව්ද මේ ලිඛිතා... මට මේ කතාවේ එක ගෑනු චරිතයක් මේ වෙනකොට මග හැරිලා. අවුරුදු විස්සකින් විතර මුණ ගැහිලා නෑ... කව්ද මේ ලිඛිතා...

      Delete
    3. I think I know Layangi too... You have changed her name!

      Delete