Thursday, May 24, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 134



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය!
මේ ආදරයයි!


There's only you in my life
The only thing that's right
My first love
You're every breath I take
You're every step I make

I want to share
All my love with you
No one else will do
And your eyes
They tell me how much you care
You'll always be
My endless love
Two hearts that beat as one
Our lives have just begun
And forever
I'll hold you close in my arms
I can't resist your charms
You mean the world to me
I know

-----------------------------------------------------------------------------------------------------------------------




134
පහුවදා උදේ මම මාලිකාත් එක්ක පොලිසියට ගියා. එයා තවත් ලෝයර් කෙනෙක් ගෙන්න ගෙන තිබුණා. පිරිමි ‍කෙනෙක්.

“කාවින්ද මේ සුගන්ධිකා ගේ අයියා. විශ්ව...”

“හලෝ...” මම කිව්වා.

“තෑන්ක්ස් ආවට....” මම ආයෙත් කිව්වා.

“ආ... ඒක ලොකු දෙයක් නෙවෙයි....”

අපි ඉක්මනටම පොලිසියට ආවා. එන අතරේ මාලිකායි, විශ්වයි එකතු වෙලා මම පොලිසියේදි කට උත්තරය දෙන්න ඕනේ කොහොමද කියලා මට කිව්වා.

“කාවින්ද.... ඔයා මම කිව්වට අමතර කිසිම දෙයක් කියන්න එපා. පොලිසියෙන් ටිකක් පටලවන්න ප්‍රශ්ණ අහයි. ඔයා ඒ කිසි දේකට උත්තර දෙන්න එපා. ඉතුරු ටික මම බලා ගන්නම්.”

විශ්ව කිව්වා.

ඒ කිව්වා වගේම පොලිසියේදී නොයෙක් විදිහට ප්‍රශ්ණ ඇහුවා. කට උත්තරේ හරියටම විශ්ව කියපු විදිහටම මම දුන්නා. අනිත් අහපු කිසිම ප්‍රශ්ණයකට මම උත්තර දුන්නේ නෑ. එක සැරයක් පොලිස් රාළහාමි මට ටිකක් සැරෙන් කතා කළා...

“තමුන් මේ ප්‍රශ්ණ වලට උත්තර නොදුන්නොත් වැරදි කාරයා වෙයි. ඒ නිසා හොඳ හිතින් උත්තර දෙනවා.”
ඒත් එක්කම විශ්ව නැගිට්ටා...

“ඔෆිසර්.... ඒක කට උත්තරයට අදාල දෙයක් නෙවෙයි... ඔය ප්‍රශ්ණ උසාවියේදි අහන්න ඕනෙ කරන ප්‍රශ්ණ... දැන් මගේ ක්ලයන්ට්ගේ කට උත්තරේ විතරක් ගන්න....”

විශ්ව එහෙම කිව්ව ගමන් කිසිම ප්‍රශ්ණයක් නොවී වැඩේ ඉවර වුනා.

“අපි යමු කාවින්ද? ඔයා බය නැතුව ඔයාගේ වැඩ කටයුතු කරගන්න. අද රෑ පිටරට යනවා නේද?” විශ්ව ඇහුවා.
“ඔව්... මම සති තුනකට මැලේෂියා යනවා. මම බයේ හිටියේ නිකමට හරි මාව ඇරෙස්ට් කළා නම් කියලා.”

“පොලිසියට බෑ එහෙම කරන්න සාක්ෂි නැතුව නිකං සැකයට විතරක්.... කොහොමත් මාලිකා මට ඕක කියනකොටම මම එයාට කිව්වා බය නැතුව යන්න කියලා... ඒත් මෙයා බය වෙලා තමා මට එන්න කිව්වේ.”

“මම නිසා විශ්වගේ කාලයත් නාස්ති වුනා නේද?” මම ඇහුවා.

“මොන පිස්සුද කාවින්ද..? ඔයා ට උදව්වක් කරන එක මට කරදරයක් නෙවෙයි. මම මාලිකාව දන්නේ පොඩි කාලේ ඉඳලා... ඉතින් ඒ ගැන වැඩිය හිතන්න එපා.” විශ්ව හිනාවෙලා කිව්වා.

“එනිවේ තෑන්ක්ස්...” මම කිව්වා.

“ඒක නෙවෙයි කාවින්ද... නරකද දැන් මේ චන්ඩි වැඩ නවත්තලා ටිකක් සෙට්ල් වුනොත්... ලඟදි මැරි කරන්නත් යන එකේ ටිකක් ඒ ගැනත් හිතන්න....”

“මම එහෙම නෑ විශ්ව... පොඩි අවුලකට තියෙන්නේ මට අසාධාරණ වැඩ පෙනි පෙනී නිකං ඉන්න බෑ... එහෙම වුනාම නොදැනුවත්වම වගේ ඒවට කට, අත දාන්න යනවා.”

“අපිට මේ ලෝකේ හදන්න බෑ කාවින්ද... විශේෂයෙන් ලංකාව වගේ පසුගාමී සිතුම් පැතුම් තියෙන මිනිස්සු ඉන්න රටක ඒක කොහොමත් කරන්න බෑ... හොඳම වැඩේ අපි අපේ ගමන යන එක...”

“මමත් දැන් කල්පනා කරන්නේ එහෙම ඉන්න තමයි විශ්ව....”

“දැට්ස් ගුඩ්... එහෙනම් කාවින්ද, මාලිකා, මම යනවා...”

විශ්ව යන්න ගියා.

“කාවින්ද අපිත් යමු....” මාලිකා කිව්වා.

“ඔයා ගේ උසාවි වැඩ පාඩු වෙනවා නේද? ඉන්න මම ඔයාව එතනින් දාන්නම්....”

“එපා කාවින්ද... මම අද යන්නේ නෑ...”

“නිවාඩුද?”

“ඒ වගේ තමා. ඔයාට කරදරයක් නැත්නම් යන්න කලින් ටිකක් වෙලා මාත් එක්ක ඉඳලා යන්න.”

“අනිවා... ඔයා මට මේ තරම් උදව්වක් කරලා, කොහොමද බෑ කියන්නේ... අවුල තියෙන්නේ මට බෑග් ටික පැක් කරගන්න තියෙනවා. ඔයාට පුළුවන් නම් මාත් එක්ක ගිහින් ඒ වැඩේ කරමු... ඒ අතරේ කතා කරන්න පුළුවන්...”

“යං...”

අපි දෙන්නා කටුගස්තොට තැනකින් උදේ කෑම කාලා දහය විතර වෙනකොට ගෙදර ආවා.

අම්මා මාලිකා ව පිලිගත්තේ ලොකු ආදරයකින්. මම ඒ දෙන්නට කතා කරන්න දීලා කාමරේට ආවා.

“අනේ දුව... ඔයා එනවා කිව්වෙ නැහැනේ... මේ කාවින්ද ඔහොමම තමයි... කලින් කිව්ව නම් මම මොනව හරි විශේෂ දෙයක් හදලා තියනවා කන්න.”

“ඕනේ නෑ අම්මා... අපි දෙන්නා හදිස්සියේමයි එන්න හිතුවේ. කාවින්දට බෑග් ටික පැක් කරගන්න තියෙනවා කිව්වා.”

“ආ... ඒක මිසක්.... කමක් නෑ යන්න දුව උඩට.... පුතා කාමරේ ඇති... මම තේකක් හදාගෙන එන්නම්...”

“හොඳයි අම්මා....”

මාලිකා එහෙම කියලා උඩට ආවා.

“මේකද ඔයාගේ කාමරේ කාවින්ද...?”

“ඔව්... අවුල් වගේද... මගේ කාමරේ නම් කිසිම පිළිවෙලක් නෑ....”

“කමක් නෑ... ඔයාට තියෙන වැඩ වලට කාමරේ අස් කරගන්න වෙලා නැතුව ඇති නේ?”

“එහෙමමත් නෑ... වැඩේ කියන්නේ අස් කළාට වැඩක් නෑ... මොනව හරි හොයන්න ගියාම ආයෙත් අවුල් වෙනවා.. ඉතින් තේරුමක් නෑනේ සැරින් සැරේ අස් කළාට...”

“අපෝ... මෙයා නම් මාර කම්මැලියෙක්.... මම අස්කරලා දෙන්නද කාමරේ....?” මාලිකා ඇහුවා..

“අම්මෝ එපා... ඔයා ඕක අස්කළොත් මට ඕනෙ කරන කිසි දෙයක් මට හොයා ගන්න බැරි වෙනවා... මේක අවුල් වෙලා වගේ තිබුණට මට නම් හැම දෙයක්ම ෆුල් ක්ලියර්... ඕනේ දෙයක් තියෙන තැන අහන්න මම කියන්නම්... අස් කළොත් තමා වැඩේ අවුල් වෙන්නේ.”

අපි දෙන්නා කතාවෙන් කතාවෙන් බෑග් ටිකත් අහුර ගත්තා.

ෆලයිට් එක තියෙන්නේ එකොළහයි දහයට. මම නුවරින් පිටත් වුනේ හවස පහට. රටේ තිබුණ යුධ වාතාවරණය නිසා ගුවන් තොටුපලේ සෝදිසි කිරීම් උපරිම නිසා අනිවාර්යයෙන් පැය තුනකට කලින් වත් එතන ඉන්න වෙනවා.

මාත් එක්ක යන්න අම්මා එනවා කිව්වත් මම එපා කිව්වා. සති කීපයක ගමනකට අම්මා නුවර ඉඳලා කොළඹ ඇවිත් ආපහු නුවර යන එක බොරු වැඩක් කියලා මම අම්මව නවත්ත ගත්තා.

මාලිකා ත් බොහොම අකමැත්තෙන් මට සමු දුන්නා.

“කාවින්ද, ගිය ගමන් කෝල් කරන්න ප්ලීස්..”

“ෂුවර්.... අනිත් එක කරදර වෙන්න එපා.... මම සති තුනකින් එනවා. පරිස්සමින් ඉන්න..” මම කිව්වා.

සචියයි අමිලයි මගේ කාර් එකේ ඇවිත් මම ඇතුලට යනකං ඉඳලා  ආපහු යන්න පිටත් වුනා.

කස්ටම් එකෙන් ඇතුල් වෙලා පාස්පෝට් එක දුන්න ගමන් තවත් කස්ටම් ඔෆිසර් කෙනෙක් පොලිස් ඔෆිසර් කෙනෙක් එක්ක මගේ ළගට ආවා.

“මිස්ටර් කාවින්ද?”

“ඔව්...”

“මිස්ටර් කාවින්ද කරුණාකරලා අපිත් එක්ක එන්න...”

“ඇයි... මොකක්ද ප්‍රශ්ණේ...?”

“ප්‍රශ්ණයක් නෑ... සාමාන්‍ය සෝදිසි කිරීමකට අපිට නියෝගයක් ලැබිලා තියෙනවා..”

“ඇයි මාවම..?”

“ඒක නම් අපි දන්නේ නෑ.... කරුණාකරලා අපිට සහයෝගය දක්වන්න...”

මෙතන කලබල කරලා වැඩක් නැති නිසා මම ඒ දෙන්නත් එක්ක පිටත් වුනා.

“මට කෝල් එකක් ගන්න පුළුවන්ද?”

“දැනට බෑ... සෝදිසි කිරීම ඉවර වුනාම කැමති විදිහට කෝල් කරන්න පුළුවන්.” පොලිස් නිලධාරියා කිව්වා.
ඇතුලේ කාමරයකට මාව අරන් ගිහින් මට වාඩිවෙන්න පුටුවක් දුන්නා.

“මිස්ටර් කාවින්ද ටිකක් ඉන්න.” එහෙම කියලා ඒ දෙන්නම එළියට ගියා.

ඒ අතරේ මම ෆෝන් එක අරන් මාලිකාට කතා කළා

“මාලිකා... මම හිතන්නේ මට මොකක් හරි ප්‍රශ්ණයක්.”

“ඇයි කාවින්ද?”

“මම චෙකින් වෙනකොට කස්ටම් ඔෆිසර් කෙනෙකුයි පොලිසියේ කෙනෙකුයි ඇවිත් මාව කාමරයකට එක්ක ආවා.”

“ඇයි ඒ...? ඔයා ඇහුවේ නැද්ද?”

“සාමාන්‍ය සෝදිසි කිරීමක් කිව්වා. හැබැයි කිසිම දෙයක් චෙක් කළේ නෑ. මාව වාඩි කරවලා දෙන්නා ගියා.”
“මොන පොලිසියෙන්ද කියලා දන්නවද කාවින්ද?”

“නැහැ.”

“ඔයා බයවෙන්න එපා... මම කටුනායක පොලිසියට කතා කරලා බලන්නම්. ඔයා කලබල කරන්න එපා... බය වෙන්නත් එපා. ඒ අය කියන දේ කරන්න.. හැබැයි කිසිම දෙයක් කියන්න එපා උදේ දුන්න කට උත්තරේට වැඩියෙන්.”

“හරි...”

“බය වෙන්න එපා... මම හැමදේම බලාගන්නම්.”

මාලිකා කිව්වා.

විනාඩි දහයකට විතර පස්සේ පොලිසියේ කීප දෙනෙක් මම ඉන්න කාමරේට ආවා.

“මිස්ටර් කාවින්ද.. අපි කටුනායක පොලිසියෙන්... අපිට කටුගස්තොට පොලිසියෙන් මැසේජ් එකක් ආවා මිස්ටර් කාවින්දව අත්අඩංගුවට ගන්න. මෙන්න උසාවි නියෝගය.”

පොලිස් ඕ.අයි.සී. මට උසාවි නියෝගය පෙන්නුවා.

උසාවි නියෝගයක් තියෙද්දි මට වෙන කරන්න පුළුවන් දෙයක් තිබුණේ නෑ.

“මිස්ටර් කාවින්ද අපිට සහයෝගය දෙනව නම් මාන්චු නොදා අපි අරන් යන්නම්.”

“ඇයි... මම පැනල යයි කියලා හිතුවද?”

මමත් කට තියාගෙන ඉන්න බැරි කමට ඇහුවා.

“පැනලා යන්න නම් අපි දෙන්නේ නෑ.. මෙතන අපේ හය දෙනෙක් ඉන්නවා. ඒත් කලබලයක් කරන්න එපා කියලයි අපි අදහස් කළේ.”

“පැනලා යනව නම් හයක් දෙවෙයි හයසීයක් හිටියත් මට බැරි නෑ.”

මගේ කට ආයෙත් ඉස්සරහට පැන්නා.

“එහෙම නම් මම මාන්චු දාලම ගෙනියන්නද?” ඕ.අයි.සී. ටිකක් තරහින් ඇහුවා.

“නෑ අවශ්‍ය නෑ ඔෆිසර්... මම කලබල නොකර එන්නම්.”

අපි පිටත් වුනා.

අපි පොලිසියට යන්න කලින් මාලිකා කෝල් කරලා මොනව හරි කරලා තිබුනොත් හොඳයි.

යන අතරේ මම කතා කළා.

“මට දැනගන්න පුළුවන්ද මාව ඇරෙස්ට් කරන්න හේතුව.”

“පුද්ගල පහරදීමක්.”

ඒ වචන දෙකෙන් මට සීන් එක තේරුණා. මාලිකා උදේ කොච්චර කිව්වත් ගිහාන් කොහොම හරි මට වැඩේ දීලා. මට පුදුමේ මේ පැය කීපයක් ඇතුලට මූ උසාවි නියෝගයක් ගත්ත එක.

මාලිකා මොනව කරයිද දන්නෑ. මොනව හරි ඉක්මනට ම කරොත් හොඳයි.

පැය බාගයක් විතර යනකොට මාව පොලිසියට අරන් ගියා.

“දැන් මම මොකද කරන්න ඕනේ...”

මම පොලිස් ඕ.අයි.සී. ගෙන් ඇහුවා.

“අපි ඔයාව කටුගස්තොට පොලිසියට බාර දෙනවා. එතන ඉඳලා සඳුදා උදේට උසාවි ඉදිරිපත් කරනවා.”

මම කතාවක් නැතුව හිටියා... දැන් තියෙන තත්වේ උඩ කතා කරන්න යන එක අවාසියි.

“ඇඩ්වකේට් මාලිකා ජය.... මිස්ටර් කාවින්දගේ කව්ද?”

ඕ.අයි.සී. එහෙම අහගෙන මම ඉන්න තැනට ආවා.

“මම මැරි කරන්න ඉන්න කෙනා.”

“එතකොට විශ්ව ජයවර්ධන?”

“ඒ මගේ හිතවතෙක්.”

මම එහෙම කිව්වහම ඕ.අයි.සී. ආපහු ගියා.

ඒ කියන්නේ මාලිකා කතා කරලා. එතකොට අද මොනව වෙයිද? සඳුදා වෙනකං ඉන්නෙ නැතුව මාලිකාට මාව එළියට ගන්න පුළුවන් වෙයිද?

ඒ අතරේ පී.සී. කෙනෙක් මගේ ෆෝන් එක ගෙනත් දුන්නා. “මෙන්න කෝල් එකක්. කියනවා මේ අන්තිම වතාව කියලා. ආයෙත් කෝල් ගන්නවත්, ආන්සර් කරන්නවත් බෑ.”

කතා කළේ මාලිකා.

“කාවින්ද..... අපි හිතපු නැති විදිහට ගිහාන්ගේ අංකල් කොහොම හරි උසාවි නියෝගයක් අරන්... ඒකයි මෙහෙම වුනේ... බය වෙන්න එපා අපි පුළුවන් හැම දේම කරනවා ඔයාව අදම එළියට ගන්න... ඒත් මේ රෑ නිසා තමයි වැඩේ අමාරු. පොලිසියෙන් ඇප දෙන්නේ නෑ. උසාවියෙන් ඇප ගන්න සදුදා වෙනකං ඉන්න වෙනවා.”

“මම  ඒක දන්නවා බබා. ඔයා කරදර වෙන්න එපා. ඔයාට නඩුකාරයෙක් ඇහැරවලා, උසාවිය ඇරලා තමයි ඕඩර් එකක් ගන්න වෙන්නේ මට ඇප දෙන්න. ඒක කරන්න බෑනේ... ඒ නිසා අවුලක් කරගන්න එපා... මම සඳුදා වෙනකං ඇතුලේ ඉන්නම්... අවුලක් නෑ... මට ඕව පුරුදුයි.”

“ඔයාට මම ඇතුලේ ඉන්න දෙන්නේ නෑ කාවින්ද.... මට ඔයාව එළියට ගන්න බැරි නම්, මගෙයි සුගන්ධිකාගෙයි, විශ්ව අයියගෙයි, එයාලගේ තාත්තගෙයි හැමෝගෙම සම්බන්ධ කම් වලින් වැඩක් නෑ. අද නම් බැරි වෙයි... හැබැයි මම හෙට වෙනකොට ඔයාව එළියට ගන්නවා.”

මාලිකා කෙලින්ම කිව්වා.

“මාලිකා, අපේ තාත්තට කියන්න  එපා. මම එයාට කිව්වා ආයෙත් මම මේ වැඩ වලදී එයාගේ උදව් ඉල්ලන්නේ නෑ කියලා. අපි දෙන්නා ඒ ගැන තරහ වෙලා ඉන්නේ. මට ඇතුලේ ඉන්න වුනත් තාත්තට කියන්න එපා.”

“ඔයා කියනව නම් එහෙම කරන්නම්, ඒත් තාත්තා දැනගත්තහම මටත් බැණුම් අහන්න වෙයි.”

“මම කියන විදිහට කරන්න.... විශේෂයෙන් දෙයක් කරන්න එපා. එක උදව්වක් කරන්න, සඳුදට මට ඇප දෙන්න... ඒ ඇති.”

“එහෙනම් මම තියන්නම් කාවින්ද, ඔයා පරිස්සමින් ඉන්න....”

වුන දේ තාත්තට කිව්ව නම් පැය දෙක තුනයි, මම එළියේ... ඒත් මම එදා ගෙදරින් එළියට බැස්සේ මේක මම තනියම බලා ගන්නම් කියලනේ... ඒ නිසා තාත්තට මේක නොකියන්න මම හිතා ගත්තා.
හරි නම් එදා රෑ මම සිංගප්පූරුවේ හොටෙල් එකක සැපට නිදා ගන්න තිබුණ එක, කටුනායක පොලිසියේ කූඩුවක බංකුවක් උඩ නිදි මරන්න මට සිද්ධ වුනා.

******************************

පහුවෙනිදා උදේ එකොළහට විතර මාලිකා කටුනායක පොලිසියට ආවා. සුගන්ධිකාගේ අයියා විශ්වත් ඒත් එක්ක ආවා.

දෙන්නම ඕ.අයි.සී. ගේ කාමරේට ගිහින් විනාඩි පහක් ඇතුලත මිනිහා කූඩුව ළඟට ආවා.

“රත්නායක අරින්න මේක... මිස්ටර් කාවින්ද.. දැන් යන්න පුළුවන්...”

මම ඕ.අයි.සී.  දිහා බැලුවා.

“ඇඩ්වකේට් විශ්ව ඔයාට බේල් අවුට් ඩොකියුමන්ට් ලෑස්ති කරගෙන ඇවිත් තියෙන්නේ... යන්න පුළුවන්.” ඕ.අයි.සී. කිව්වා.

මම එළියට එනකොට මාලිකා දුවගෙන ඇවිල්ලා මගේ අත අල්ල ගත්තා.  ඒත් එක්කම විශ්ව හිනාවේගන ආවා.

“කාවින්ද.... මාර ගේමක් දුන්නා ඔයාව ගන්න....”

“මට තේරෙනවා... මම හින්දා කරදර ඉවරයක් නෑ නේද?”

“අවුලක් නෑ.... නංගි වෙනුවෙන් ඕවා සුළු දේවල්... මොනව වුනත් කාවින්ද පරෙස්සම් වෙන්න. ඔයා ගිහාන් කියන එකත් මැරෙන්න බය එකෙක් නෙවෙයි වගේ....”

“මම ඌට බය නම් නෑ විශ්ව....”

“ඒක වෙන්න ඇති... ඒත් ඔය රණ්ඩුව දෙන්නගෙන් එක්කෙනෙක් ගිව් අප් කරනකං කවදාවත් නවතින්නේ නැති එකක්. ඒ නිසා කාවින්ද ඕක අතෑරලා දාන්න. දැන් ඉස්සර වගේ නෙවෙයි, පිස්තෝලයක් අතේ තිබුණ එකාට හොඳ නරක තේරෙන්නේ නෑ.”

“දැන් මොකද වෙන්නේ විශ්ව....?” මම ඇහුවා.

“සදුදා කොහොමත් මේක උසාවි දානවනේ... ඔයාට යන්නම වෙනවා. අනිවාර්යයෙන් එදාට මේක කල් තියනවා... ඊට පස්සේ අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා?”

“එතකොට මට මැලේෂියා යන්න බැරිවෙයිද?”

“බලමු... පොලිසියෙන් කිව්වොත් පාස් පෝට් එක ගන්න, මොකද ඔයා පිටරට පනින්න ඉඩ තියෙනවා කියලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා.”

“විශ්ව... ඇයි පොලිසිය මේක තද කරන්නේ?”

“පොලිසිය නිකං එහෙම කරන්නේ නෑ... කව්රු හරි ලොකු තැනක බලපෑමක් ඇති. අපි බලමු ඒකත් හැන්ඩ්ල් කරගන්න.. මගේ තාත්තා ට ඒ සම්බන්ධකම් තියෙනවා.”

“අපෝ විශ්ව... මාලිකා ඔයාට කරදර කරනවා මදිවට දැන් මේක ඔයාගේ තාත්තට කියලා එයාටත් කරදර කරන්නද යන්නේ....? එපා එපා... අපිම මේක ගොඩ දාගමු.”

“වැඩේ ටිකක් සීරියස් කාවින්ද... මේ ඩ්‍රාමා එක යන විදිහට තේරෙන්නේ මේක සෙටප් එකක් කියලා. බලන්න අපි ඊයේ උදේම පොලිසියේ කට උත්තර දුන්නා... ඒ වෙලාවෙත් උන්ට ඕනේ වුනේ ඔයාව ඇරෙස්ට් කරන්න... අපි දෙන්නා එක්ක නොගිය නම් අනිවා ඔයාව ඇතුලට දානවා. අපි දෙන්නා හිටපු නිසා පොලිසිය ඔයාට සද්ද නැතුව යන්න දුන්නා.... හැබැයි පැය කීපයක් ඇතුලත උසාවියෙන් ඕඩර් එකක් එනවා ඔයාව ඇරෙස්ට් කරන්න කියලා. හරියටම ඔයා ෆ්ලයිට් එකට නගින්න ඔන්න මෙන්න තියල කටුනායක පොලිසියෙන් එයාර් පෝට් එක ඇතුලෙදිම ඔයාව ඇරෙස්ට් කරනවා. බැරි වෙලා හරි අපි හිටියේ නැත්නම්, ඔයා සඳුදා වෙනකං ඇතුලේ...”

“එහෙම දෙයක් නම් මටත් හිතුනා...”

“ඒක තමයි මම කියන්නේ... අර ගිහාන් කියන එකාටත් සෑහෙන්න ඩැමේජ්... උගේ මූණ තැන් හතර පොලකින්ම බිඳිලා... ඇහැක් ඇතුලට ගිහින්... ඒක පේනවද කියලත් සැකයි... හොස්පිට්ල් රිපෝට් එක අවුල් වුනොත් ඔයාට ප්‍රශ්ණයක් වෙනවා.” විශ්ව කිව්වා.

මාලිකා ඇවිත් තිබුණේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක... විශ්ව ඉස්සරහ සීට් එකට නැංගා. මමයි මාලිකායි පිටිපස්සේ සීට් එකේ.

කාර් එක ගමන පටන් ගත්ත වෙලාවේ ඉඳලා මාලිකා මට තුරුල් වෙලා ඉන්නවා. ටිකකින් එයා මගේ දිහා බලලා හිනා වෙන්න පටන් ගත්තා.

“මොකද හලෝ පිස්සියෙක් වගේ හිනා වෙන්නේ...?” මම ඇහුවා.

“නෑ... මට සතුටුයි.... මට ඔයා වගේ කෙනෙක් ලැබුණ එකට... අම්මලා බලාපොරොත්තු වෙන විදිහේ තැන්පත්, රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක් වෙනුවට ඔයා වගේ රණ්ඩු කෙක්කක් ලැබුන එකට මං ආසයි... ජීවිතේ කවදාවත් මට බෝරිං වෙන එකක් නෑ...” මාලිකා කිව්වා.

“ඔව් ඔව් මාලිකා... ඔයාට ලයිෆ් එක බෝරින් වෙන එකක් නම් නෑ... මෙයා දාගන්න ලෙඩ නිසා, ඔයාට වෙන වැඩක් නැති වෙයි මෙයාව බේරගන්න පොලිසි, උසාවි ගාණේ ගිහින්.”

විශ්ව පිටිපස්ස හැරිලා කිව්වා.

“මම ඉස්සර එහෙම නෑ මාලිකා... ඇත්තටම මේ ටික කාලෙක  ඉඳලා මට මොනව වෙලාද කියලා මාත් දන්නෑ...”

“මටත් ඒක තේරෙනවා. සචිත්‍ර මට කිව්වා ඉස්කෝලෙ යන කාලේ ඔයා ලේසියෙන් රණ්ඩුවකට ගියේ නෑලූ, බැරිම වුනොත් මිසක්... ගොඩක් වෙලාවට ඔයා තමයිලු රණ්ඩු බේරන්නේ... ඔයාට මොකද වුනේ කාවින්ද?”

මම කල්පනාවට වැටුනා... ඇත්තටම මම එහෙම තමයි... ඉස්සර මම හැමදාම කළේ රණ්ඩු බේරන එක... අසාධාරණයක් බලාගෙනම ඉන්න බැරි වෙලාවක තමයි මම බැස්සේ... එත් ළඟදි ඉඳලා... විශේෂයෙන් දිලිනි හම්බවුන දවසේ ඉඳලා මට වෙන්නෙම කාත් එක්ක හරි රණ්ඩු වෙන්න... අන්තිමට ඒක පුරුද්දට ගිහින් වගේ.
අපි නුවරට කිට්ටු වෙනකොට මම මාලිකාට කතා කළා.

“මාලිකා මාව නුවරින් දාන්න.... ගෙදර අයට කියන්න එපා මං ගැන.”

“ඒක කරන්න බෑ කාවින්ද... ඔයා තාත්තට මේක අනිවාර්යයෙන්ම කියන්න... නැත්නම් අපි ඔක්කොම හොඳ බැණුම් ටිකක් අහගන්නවා.”

ඇත්තටම තාත්තට කියන්න ඕන වුනේ නෑ... කලින් දවසේ රෑම තාත්තා හැම දේම දැනගෙන තිබුණා. රෑම ඇවිත් මාව එළියට ගන්න තාත්තට පුළුවන් කම තිබුණත් එයා එහෙම කරන්න නැතුව ඇති මම කිව්ව පන්ඩිත කතාව නිසා.

විශ්ව ගෙදරින් බැස්සට පස්සේ මාලිකා මාව දොඩංවල ගෙදරින් දාලා ගියා.

ඒත් එක්කම තාත්තා මට කෝල් කළා.

“තමුසේ ඔය කරගත්තේ... තනියම බලාගන්න පුළුවන් කිව්ව නේද... අන්තිමට එළිවෙනකං පොලිස් කූඩුවේ... මට රෑම තමුසෙව ගන්න තිබුණා... ඒත් පන්ඩිත කම යන්නත් එක්ක තමයි මම තමුසෙට ඉන්න දුන්නේ...”
“තාත්තා... මම කිව්වනේ මේක මම බලාගන්නම් කියලා...”

“එතකොට සඳුදා තමුසෙට උසාවියේදි කතා කරන්නේ කව්ද?”

“මාලිකා..”

“අයිසේ.. ඒ කෙල්ල තාම අළුත්... තමුසේ ඔය ඇනගන්න තමා යන්නේ.... දැන්වත් මම කියන දේ කරනවා. මම අබේකෝන්ව එවනවා සඳුදා... තමුසේ දැන් ගෙදර නාවට කමක් නෑ... ඉන්න මගුලක ඉඳන් සඳුදා උදේ අට වෙනකොට අබේකෝන් ගේ ඔෆිස් එකට ගිහින් මිහිහව හම්බ වෙනවා. අබේකෝන් කතා කරයි නඩුවට. ඔය කෙල්ල තාම අළුත්....”

එහෙම කියලා තාත්තා ෆෝන් එක තිබ්බා. මගේ තාත්තා හැමදාම එහෙම තමයි... කරන දේ තව කෙනෙකුගෙන් අහ අහ ඉන්නේ නෑ... පුළුවන්ද අහන්නේ නෑ... මෙහෙම කරනවා... මම කියන විදිහට කරනවා... එච්චරයි... ආයෙත් අපිට කතා කරන්න ඉඩක් නෑ.


7 comments:

  1. දැන් ඔය දිලිනි ගැන හිතින් අත ඇරලා දාලා පිලිවෙලක් වෙන්න කාවින්ද

    ReplyDelete
  2. oya wage kathwa eka digeta danna.
    Eka digeta kiyewaddi niyemai.

    ReplyDelete
  3. මකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා

    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන

    ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි
    දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි

    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන //

    සමච්ඡේදනය කරලා දෙන්නට බැහැ පෙම බෙදලා
    අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා

    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන

    ReplyDelete
  4. වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි
    වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

    ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්වෙලා කුමටදෝ //
    වෙනසක් නොවි මගෙ හිස් අතින් පිසළන්නේ කොයි කඳුළුදෝ

    වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

    අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කර යාවිදෝ
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදු වේවිදෝ

    වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි
    වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි?
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි

    ReplyDelete
  5. තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පති ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමෙන් සලනා ...

    ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
    කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
    අළුත් මලින් පිරි වනෝද්‍යානේ
    සැඳෑ ‍බොල් හුළ‍ඟේ
    මට තනියක් දැනුණා ....

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියේද මට සිතුණා ..

    වැලපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියැවෙන දා
    පළමු අරුණු රන් රේඛාවක් සේ
    ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා ..

    පිපි මලින් මලේ රොන් සුනු විසිරී
    හද දිදී සුසුම් රඟනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොයි ගියේද මට සිතුණා ....

    ReplyDelete