Monday, May 14, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 129

.



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



129

මාලිකාව ඇරලවලා මම නුවර ටවුන් එකට ආවා. වෙලාව දහයයි කාලයි!

ඒත් මට ගෙදර යන හිතක් තිබුණේ නැහැ. මට දැන් දිලිනි දුන්න ඒ ගෙදරත් තනියම ඉඳලා ඇති වෙලා තිබුණේ...

වැව රවුමේ බයික් එක නවත්තගෙන මම සචියට කෝල් එකක් ගත්තා.

“කාවා... කොහෙද ඉන්නේ?”

“නුවර, වැව රවුමේ..... අවන්හල ළඟ...”

“මොකක්ද යකෝ මේ මහ රෑ පාරේ කරන්නේ...? එක පාරක් පාඩමක් ඉගෙන ගත්තා උඹට මතක නැද්ද?”

“මොන මගුලක්ද බං... දැන් ගිහානයා රටෙත් නෑ... අනිත් එක උන්ට බයවෙලා ඉන්න පොරක් නෙවෙයි මම...”

“හරි හරි..... දැන් උඹ ගෙදර ගිහින් නිදාගන්නේ නැතුව ඇයි මට කතා කළේ?”

“කම්මැලියි බං... වරෙන් අද මෙහේ නිදා ගමු.”

“දැන් එන්න බෑ බං.. උඹ කෝල් කරනකොට තමා දවසේ වැඩ ඉවර වෙලා යන්තං රූම් එකට ආවේ. දැන් මාර මහන්සියි බං. උඹ හොඳ එකා වගේ ගෙදර ගිහින් නිදා ගනින්.. එක්කෝ වරෙන් හොටෙල් එකට...”

“එහෙනම් හිටපං... නිදාගන්නේ නැතුව... මම එනවා.”

මම දෙපාරක් නොහිතා හොටෙල් එකට ආවා.

“මොකද කාවා උඹ නිශාචරයෙක් වගේ රෑ තිස්සේ ඇවිදින්නේ...?”

“මට නින්ද යන්නේ නෑ බං...”

“ඇයි බං දැන් උඹ මාලිකා එක්ක රවුමක් ගහලා නේද ආවේ... මොකක්ද ප්‍රශ්ණේ..?”

“මට තේරෙන්නේ නෑ බං... මාලිකා මට අම්බානකට ආදරෙයි... ඒ නිසාමයි මම කැමති වුනේත් මැරේජ් එකට... ඒ වුනාට.... මට ලොකුවට ෆීල් වෙන්නේ නෑ බං වෙලාවකට... මොකක්දෝ අඩුවක් දැනෙනවා.”

“මොකක්ද?”

“මට තේරෙන්නේ නෑ බං... කෙල්ල හොඳයි... කිසිම දේක වරදක් නෑ කියන්න.... ඒත්.... මට තේරෙන්නේ නැති අවුලක් මගේ හිතේ තියෙනවා.... ඒක නිකං හරියට මම එයාගේ නෙවෙයි කියනවා වගේ..”

“ඔන්න උඹ ආයෙත් පරණ ට්‍රැක් එකට වැටෙන්න යන්නේ... යකෝ... මම කලිනුත් කිව්වනේ... ගිය දේ ගියා... ඒක ඉවරයි.... අඩු ගානේ මොනවද වුනේ? කොහේ ඉන්නවද? කියලවත් උඹ දන්නේ නෑනේ....”

“මට පිස්සු වගේ බං....

“කාවා.... ඇත්තට මූණ දෙන්න බලපං.... උඹලා දෙන්නා අම්බානකට ආදරේ කරා තමයි.... ඒත් දැන් ඒක ඉවරයි... අනිත් එක උඹ අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා දැන් මාලිකාට කැමැත්ත දුන්නා... ඒ තීරණේ උඹමයි ගත්තේ... කිසි කෙනෙක් බල කරේ නෑ.... ඒ නිසා උඹ දැන් ආයෙත් පරණ කතා කියන්න එපා.”

“ඒ වුනාට මට හිතෙනවා මම දිලිනිව හොයන්න හරිහමං උත්සහයක් ගත්තේ නැහැ කියලා. මට මීට වඩා ටිකක් වැඩේට බහින්න තිබුණා. අඩු ගාණේ මට දෙතුන් පාරක් සිංගප්පූරුවට හරි මැලේෂියාවට හරි ගිහින් බලන්න තිබුණා. මම ඒ මොනවත් නොකර ඇමරිකාවට වෙලා හිටියා.... මම මෝඩ වැඩක් බං කළේ...”

“උඹත් එක්ක බැරි ඕකනේ බං. පහුගිය දේවල් ගැන දැන් දුක්වෙලා වැඩක් නෑ... අනිත් එක අපි උත්සහ කළේ නෑ කියන්නේ ඇයි? අපි යකෝ මේ අවුරුදු හතරම මොන කට්ටක් කෑවද කෙල්ලව හොයන්න!”

“බලමුකෝ සචියා.... මම තාම එන්ගේජ් වුනා විතරනේ.....!”

“ඒ පාර උම මොන මගුලක්ද නටන්න යන්නේ? මචං මේ... අපි දැන් පොඩි උන් නෙවෙයි.... ඒක හොඳට මතක තියා ගනින්.”

“ඒක නෙවෙයි සචියා... අයියගේ වෙඩින් එකේ වැඩ කොහොමද?”

“අවුලක් නෑ... උඹ නිසා පොර දැන් රිලැක්ස් වෙලා.... හැබැයි මචං තව මාසයකින් සීසන් එක... උඹට තමා ෆුල් ටයිම් බහින්න වෙන්නේ... අයියා කාරයා ට දැන් ගෑණි වෙඩින් එකේ වැඩ ඇර වෙන කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ.”

“අවුලක් නෑ.... අපි තුන් දෙනා එකතු වෙලා වැඩේ ගොඩ දාලා දෙමු.” මම කිව්වා.

“එහෙනම් මම නිදාගන්න යනවා බං... අම්බානක මහන්සියි...” සචියා යන්න ගියා.

*******************************

පහුවෙනි දවස පටන් ගත්තෙම වැරදි විදිහට...

උදේම හොටෙල් එකේ රූම් සරිවිස් එකෙන් මට තේ අරන් ආවා. මම කවදාවත් උදේට තේ බොන්නේ නැති බව දැන දැනත් ඒක වුනා.

ඊට පස්සේ නාගන්න යනකොට නාන කාමරේ හීටර් එක වැඩ කරන්නේ නෑ. මොනව කරන්නද ගල් පැලෙන සීතලේ, සීතල වතුර නෑවා.

උදේ කෑමට මම කැමති කිසිම දෙයක් තිබුණේ නෑ.  මේ වගේ හොටෙල් එකක ඒක වෙන්න පුළුවන්ද? ඇරත් මම මැනේජ් කරන හොටෙල් එක.

ඒ ගමන්ම මම වැඩ කරන කාමරේට ගිහින් මුලින්ම කළේ අමිලටයි කිචන් එකේ උදේ කෑම ලෑස්ති කරන සම්පත්ටයි එන්න කියන එක.

“සම්පත්... අද බ්‍රෙක්ෆස්ට් මොනවද තිබ්බේ...?”

“සර්.. අද ශ්‍රී ලංකන්..”

“හරි.. මම අහන්නේ මොනවද?”

“ලුණු මිරිස් හෝ පොල් පැණි එක්ක කිරිබත්, ඉඳිආප්ප, කිරි හොදි, අල කරි, ආප්ප තිබුණා කැමති අයට.... කෙසෙල් ගෙඩි.”

“එච්චරද?”

“ඔව්....”

මම අමිල දිහා බැලුවා.


“අමිලයා උඹ මේක බැලුවද, කලින් ප්ලෑන් කළාද?”

“ඊයේ රෑ අපි කතා වුනා.”

“උඹලා දෙන්න බීලද හිටියේ...?”

අමිල හොල්මන් වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. එතකොටම සචියත් කාමරේට ආවා.

“මොකක්ද කාවා.. අවුලක්ද?”

“නෑ... උඹත් ඔහොම හිටපංකෝ....”

තාමත් අමිල මගේ දිහා බලාගෙන ඉන්නවා.

“උඹල ඇයි මෙනු එක වෙනස් කළේ?”

“ලොකු දෙයක් නෑ කාවින්ද මහත්තයා.... අපි කොහොමත් සැරෙන් සැරේ මෙනු එක වෙනස් කරන නිසා මෙහෙම කළා.”

“උඹල දෙන්නට තිබුණනේ ඕකටම පිට්ටු, මනි පිට්ටු, පොල් රොටී, මයියොක්කා, බතල, කිරි හොදි, කුරහං තලප, වගේ දේවල් ඇඩ් කරන්න.”

මම කිව්වා... සචියා කටින් අත වහගෙන හිනාව තද කරගෙන ඉන්නවා.

“උඹලා ‍මේ කෑම දෙන්නේ කාටද කියලා කියපංකෝ ඉස්සෙල්ලම. සම්පත් කියනවකෝ බලන්න...”

“සර්..... ගෙස්ට්ලට,”


“ඔව්.. කොහේ උන්ද?”


“පිටරට...”

“මොන රටවල්ද? ඊයේ ඉන් හවුස් ලිස්ට් එක බැලුවද?”

“ඔව් සර්.. ඇමරිකාවේ, ප්‍රන්සයේ, රුසියාවේ, ජර්මනියේ.”

“උඹලා දෙන්නම බූරුවෝ නේ බං.... යකෝ.. උන් දන්නවද ඉඳිආප්ප කන්න කිරි හොදිත් එක්ක, කිරිබත් කන්නේ කොහොමද කියලා උන් දන්නවද...? උන් වැඩි හරියකට අතින් කන්න බෑ. උඹලා දෙන්නට ටේබල් වලට ගිහින් කන විදිහත් පෙන්නලා දෙන්න තිබ්බේ... අපරාදේ.. එහෙනම් සිරාවටම ශ්‍රී ලංකන් එක්ස්පීරියන්ස් එකක් දෙන්න තිබ්බා.”

අමිලයි සම්පතුයි මූනෙන් මූණ බලාගත්තා.

“උඹලා දෙන්නා ගෑණියි මිනිහයි වගේ මූණ බලාගෙන හිටියට වැඩක් නෑ. ඇයි බං මේ වගේ ගොන් වැඩ කරන්නේ....?”

“කාවා.. අපි හිතුවා........”

“අමිල මේ... මම උඹට කලිනුත් කියලා තියෙනවා....  හොටෙල් එකේ වෙනසක් කරනකොට දුර, දිග පලල විතරක් නෙවෙයි බලන්න පුළුවන් හැමදේම බලලා කරන්න කියලා. මචං මේක සෙල්ලමක් නෙවෙයි... බලපං අද ගෙස්ට් ලා කී දෙනෙක් බාගෙට කෑවද කියලා... ලංකාවේ කෑම අනිවා තියන්න ඕනේ.. හැබැයි ඒ අනිත් ඒවත් එක්ක මික්ස් එකට. අනිවාර්යයෙන් ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එකක් තියෙන්නම ඕනේ... ‍‍ නැත්තං ගොඩක් උන්ට අවුල්... ඒත් එක්ක මික්ස් එකට කිරිබත්, ඉඳිආප්ප, තොසේ, ආප්ප, නාන් වගේ ඒවා තියපං...”

“අවුලක් වුනාද කාවා?”

“මගුකත් කතා කරනවා... දැන් තාම කෑම ඉවර නෑ... ගිහින් පුළුවන් තරම් ඉක්මනට සැන්ඩ්විචස් ටිකක් හදලා දාපං... තව බේක් පොටේටෝ තියෙනවා නම් ඒවත් දාපං... මම ගෙස්ට්ලට කතා කරන්නම්. එග් ටිකක් බොයිලා කරලා දාපං... ආප්ප දාන එකාටම කියපං බුල්ස් අයි දාන්න ලෑස්ති කරන්න කියලා. මට විනාඩි විස්සෙන් බඩු ඕනේ...”

මම කිව්වා.

“හරි සර්... දැන්ම යනවා.”

“සචියා, උඹ වරනේ මාත් එක්ක. අපි ගෙස්ට්ලට ටිකක් කතා කරමු. රූම් සරවිස් එකේ කී දෙනෙකුට කෑම යැව්වද?”

“තාම නෑ.. යවන්න තමයි හැදුවේ..  මෙනු එක දැකලා තමයි මමත් උඹව හොයා‍ගෙන ආවේ.”

ඌටත් හිනා.

“සම්පතා මේකට හරියන්නෑ සචියා. ඌට මෙලෝ රහක් නෑ.. කිසිම සිලෙක්ෂන් එකක් නෑ... මේ බූරුවා අමිලත් ඌටම සෙට් වෙනවනේ...”

අපි දෙන්නා කෑම කන තැනට ගිහින් හැම දෙනාටම කිව්වා තව කෑම එන නිසා ටිකක් ඉන්න කියලා. බලනකොට උන් කිරිබත් අතින් කන්න පට්ට ගේමක් දෙනවා. ලුණු මිරිස් වල සැරට උන් මෙරූන් පාට වෙලා...

අපි දෙන්නා කිචන් එකට ආවා.

සම්පත් බරටම වැඩ... අනිත් උනුත් මෙලෝ සිහියක් නෑ... අමිලයා බලාගෙන ඉන්නවා.

“අමිල වරෙන්...”

මම කිව්වා.

“ඇයි බං?”

අපි එළියට ආවා.

“මේ උඹ ඇත්තටම කියපං මොන මගුලක්ද බං උඹ කරන්නේ.? උඹ ගංජා ගහලද ඊයේ මෙනු එක හැදුවේ...?”

“සමාවෙයං කාවා.... සිරාවටම අපි දුර හිතුවේ නෑ....”

“අමිල මේ කරුණාකරලා මීට පස්සේ උඹ ඩිසිෂන් එකක් ගන්න කොට මට කියලා හිටපං... මීට පස්සේ උඹට තනියම වැඩ කරන්න බෑ. සචියා අවුලක් නෑ... ඌ ගාණට වැඩේ දෙනවා... උඹ ටික කාලයක් යනකං මම කියපු විදිහට කරපං..”

මම කිව්වා.

උදේ වරුවේ ඒ සිද්ධිය....

ඊට පස්සේ දවල්.... උසාවිය ඉවර වෙලා මාලිකාව ගන්න යන්න මට අමතක වුනා. හොටෙල් එකේ උදේ වුන සිද්ධිය නිසා මම මුළු දවසම කළේ සම්පූර්ණ හොටෙල් එකම ආයෙත් මුල ඉඳලා චෙක් කරන එක... වැඩවල අඩුපාඩු තියෙන තැන් හොයලා ඒවට විසඳුමක් දෙන එක.. ඒ වැඩ නිසා මට මාලිකාව අමතක වුනා. කෙල්ල පැයක් විතර බලාගෙන ඉඳලා ටැක්සි එකක් අරන් ගෙදර ගිහින්... තුනට විතර මට කෝල් කරලා ඇයි ආවේ නැත්තේ කියලා අහනකම්ම මට මතක් වුනේ නෑ.

“අනේ සොරි බබා... හොටෙල් එක තනිකරම පිස්සන් කොටුවක් වෙලා... උදේ ඉඳලා මම ඒවා හොයලා බලනවා... ඒකයි අමතක වුනේ... සොරි.... මම රෑට ඔයාව බලන්න එනවා.”

මම කිව්වා.

ඔය අතරේ හවස පහට විතර ගොඩක් කාලෙකට පස්සේ දිනි කතා කළා.

“අයියේ.... මම දිනි....”

“දන්නවා.... ඉතින් කොහොමද?”

“වරදක් නෑ.... වෙනද වගේ ඔයා නැති එක ඇරුණම වෙන අඩුවක් නෑ අයියේ...” දිනි කිව්වා.

“ඔයා ලංකාවට ලඟදි එනවද?” මම ඇහුවා.

“දෙසැම්බර් එන්න ඉන්නේ අයියේ.... ඒක නෙවෙයි ඔයා තාම ලංකාවේ කියලා දැනගත්තහම මම පුදුම වුනා.. .ඒකයි මම ගත්තේ...”

“ආ.... ඒකද...? අවුලක් නෑ.... මෙහේ මම පොඩි වැඩක් කරනවා. යාළුවෙකුගේ හොටෙල් එකක මැනේජ්මන්ට් එක කරනවා... ඒක නිසා ආපහු යන එක ටිකක් කල් දැම්මා.”

“ආ ඒක මිසක්....”

“ඔව් නංගා.... ඉතින්....”

“විශේෂයක් නෑ අයියේ.... මට ආරංචියි ඔයා බඳින්න යනවා කියලා...”

මේ කෙල්ලට කොහොමද මේක ආරංචි වුනේ... මට හිතාගන්න බැරිවුනා.

“කොහොමද මම දැනගත්තේ කියලා කල්පනා කරනවා නේද?”

“ඇත්තටම ඔව්...” මම අවංකවම කිව්වා.

“මම කොහොම හරි දන්නවනේ... ඒ කියන්නෙ අයියේ ඔයා දිලිනි ව අමතක කළාද?”

“නෑ.... මට තාම ඒක කරන්න බැරි වුනා..මට තාම එයාව මතක් නොවෙන දවසක් නෑ.... ඒත් අම්මලා නිසා මට වෙන චොයිස් එකක් නෑ...”

“මම දැනගෙන හිටපු කාවින්ද අයියා නම් ඔහොම නෑ... එයා දෙයක් අතාරින්නේ නෑ ඔය වගේ ලේසියෙන්...”

“මම අතෑරියේ නෑ නංගා... එයයි ගියේ...”

“ඔයා හෙව්වද?”

“ඔව්...”

“කොහොමද? කොහේද?”

“පුළුවන් තරම් දන්න තැන් වල බැලුවා... ගෙදර බැලුවා... යන්න පුළුවන් හැම තැනකම බැලුවා..”

“නෑ අයියේ... මම හිතන්නේ ඔයා නිකං බලාගෙන හිටියා... මොකද අයියේ ඔයාට වුනේ... ඔයාට ඇත්තටම දිලිනි ව ඕනේ නම් ඔයිට වඩා හොයන්න පුළුවන් කම තිබුණා.”

“මොනවද දිනි ඔයා කියන්නේ.... මුලින්ම ඔයාට නේද ඕනේ වුනේ මාවයි දිලිනිවයි ඈත් කරන්න... දැන් ඇයි මම එයාව හෙව්වේ නැති කතා කියන්නේ..?”

“මම වැරදි වැඩ කළා අයියේ... ඒ හැමදේම කළේ ඔයාට තියෙන ආදරේ නිසා... ඒත් ඔය දෙන්නා කොච්චර තදින් ආදරේ කළාද කියන එක මම දැක්කා... තේරුම් ගත්තා... මම හිතුවේ නෑ කවදාවත් ඔය දෙන්නා වෙන් වෙයි කියලා... ඒත් දැන් ඔයා ව දැක්කහම දුක හිතෙනවා.... ඔයාගේ ආදරේ තියෙන්නේ මගේ ළඟ නෙවෙයි, වෙන කාවවත් ලඟම නෙවෙයි... කොටින්ම දැන් ඔයා බඳන්න හදන කෙල්ල ලඟවත් නෙවෙයි... ඔයාගේ ජීවිතේ, ආදරේ තියෙන්නේ දිලිනි ලඟ අයියේ... හොයා ගන්න එයාව....”

මම නොහිතපු කතාවක් දිලිනි කියලා දැම්මා.

“මම කොහෙන් හොයන්නද එයාව..”

“එයාව හොයන්න ලේසිම දේ ගිහාන් ගෙන් අහන්න... එයා දැන් ඉන්නේ ලංකාවේ...”

“අවුරුදු ගාණක් ලංකාවේ නොහිටපු කෙල්ල මේ හැම දෙයක්ම දන්නේ කොහොමද?” මට කියවුනා.

“ගිහාන්?”

“ඔව්... එයා දන්නවා... රණ්ඩුවට නොයා ෂේප් එකේ අහල බලන්න...”

දිනි මට කිව්වා...

මමත් ඕකම කරන්න හිටියා... කොහෙද අර බූරු වහන්සේලා දෙන්න බෑම කිව්වනේ. දිනි කිව්වා වගේ මේ සැරේනම් මම තනියම හරි ගේමට බහිනවා. දිනි කියන දේ ඇත්තනම් පහුගිය කාලේ ඕස්ට්‍රෙලියා ගිය ගිහාන් ආයෙත් ඇවිත්... ඒත් දැන් මම තීරණයක් අරන් ඉවරයි... මාලිකා.... ඉස්සරහට තියපු අඩිය ආයෙත් පස්සට ගන්නේ කොහොමද?”

“මොනවද අයියේ කල්පනා කරන්නේ?”

මගේ සිතුවිලි බිඳුනේ දිලිනි ආයෙත් කතා කරපු නිසා.

“නෑ නංගා... දැන් පරක්කු වැඩිද මන්දා... මම මාලිකාටයි, එයාගේ, මගේ දෙපැත්තෙම දෙමව්පියන්ටයි පොරොන්දු වුනා... මම දැන් ආයෙත් දිලිනි ගැන හොයන්න ගත්තොත්, මගේ හිත වෙනස් වුනොත්, මම මාලිකා ට කරන්නේ අසාධාරණයක් වෙනවා.”

“අයියේ... ඔයා ඕක කළොත් ඔයා ඔයාටම අසාධාරණයක් කර ගන්නවා. අනිත් එක ඔයා ඔය මාලිකා කියන ගර්ල්ට බදිනවා කිව්ව්ට, එන්ගේජ් වෙලාවත් නෑ නේ තාම.”

“ඔයා නම් මහ පුදුම කෙල්ලෙක් දිනි නංගා.... එක වෙලාවකට ඔයා මං ගැන නොදන්න දෙයක් නෑ... මගේ සතුට වෙනුවෙන් නොකරන දෙයක් නෑ... ඒත් අර එක කාලයක් මාවත් අවුල් කරවලා, දිලිනි එක්කත් රණ්ඩු වෙලා, අපේ අම්මටත් මං ගැන කේලම් කියලා.... මට ඔයාව තේරෙන්නේ නෑ දිනි...”

“ඒ හැමදේම වුනේ මම ඔයාට ආදරේ කරපු නිසා.... මම දැන් එහෙම නෑ අයියේ... ඔයාගේ සතුට මගේ ළඟ නෑ කියලා මම දන්නවා දැන්... ඒක නෙවෙයි අයියේ... මම දැන් තියන්නම්... අමතක නොකර ඔයාගේ ආදරේ හොයා ගන්න.... මම හෙටත් කෝල් කරන්නම්..”

“බායි නංගා...”

“බායි අයියේ...”

ෆෝන් එක තිබ්බට පස්සේ මම සෑහෙන වෙලාවක් කල්පනා කළා මොකද ඒ වුනේ කියලා. දිනි මේ සැරෙත් හොඳ මූණ පෙන්නගෙන එන්නේ මොකක් හරි ගේමකටද? නෑ.... කෙල්ලගේ ටෝන් එකෙන් එහෙම දෙයක් දැනුනේ නෑ... කෙල්ල ඇත්තටම පාඩමක් ඉගෙනගෙන, හැදිලා වගේ...

8 comments:

  1. මගෙත් ඔළුව මඤාන්

    ReplyDelete
  2. එක හිත නැති උඹේ හිතත්..
    දහ අට වංගුව වාගේ.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...... කාවින්ග ගේ මොන හොඳ ගති තිබුණත් හිත එක තැනක තියෙන්නේ නැති අවුල නම් තියෙනවා

      Delete
  3. අයියෝ කාපන් ආයෙත් ගුටි

    ReplyDelete
  4. ගුටි කෑමෙත් සීමාවත් නෑ..

    ReplyDelete
  5. Machan.......mata ubata katha karanna oni.plz

    ReplyDelete