Tuesday, February 13, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 112




සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි











112.

ඔපරේෂන් එකෙන් පස්සේ රෑ මට සිහිය ආවා. ඒත් ළඟ හිටියේ කවුද කියලා මට තේරුමක් නැති වුනා. අමාරුවට වෙන්න ඇති විනාඩි කීපයකදි මට ආයෙත් නින්ද ගියා.
පහුවෙනිදා උදේ මට ඇහැරෙනකොට ඇඳ ළඟ අම්මා හිටියා. මට අම්මට මූණ දෙන්න බැරි බවක් දැනුනා. අපි දෙන්නගේ සම්බන්ධය නවත්තනවා කියලා අම්මට කියලා තියෙද්දි අපි එකට හිටියා කියලා අම්මා දැන් දන්නවා ඇති.
ෂිහ්.... මට මෙහෙමම ආයෙත් සිහිය නැත් වෙනවානම්මට හිතුනා.
මම අමාරුවෙන් ඇස් ඇරලා බලනකොට අම්මා මගේ දිහාම බලාගෙන ඉන්නවා. ඒත් කතාවක් නැහැ!
හොඳ වෙලාවට ඒත් එක්කම නර්ස් කෙනෙක් ආවා මගේ ඇඳ ළඟට.
ආ මේ ලෙඩා ඇහැරිලා තියෙන්නේ.... කොහොමද දැන්...?”
කකුල රිදෙනවා මිස්....”
රිදෙනවා තමයි... ඔය වගේ තුවාලයක් ඔයින් බේරුනා ඇති.”
නර්ස් මාත් එක්ක කතා කරන අතරේ අම්මා එළියට ගියා. අම්මා හොඳටම තරහ වෙලා වගේ.... දැන් මොකද කරන්නේ...? මොනව වුනත් තාත්තා ආවානම් අවුලක් නෑ.. අඩුගානේ බණියි... මම කල්පනා කර කර ඉන්න අතරේ සචියා ආවා. ලොකු දෙයක්.
මචං... උඹට අවුලක් නෑ නේද...? ෂිහ් බං මේ පාරත් අපි නෝන්ඩි වුනා. කව්ද බං හිතුවේ අරූ මෙහෙම දෙයක් කරයි කියලා....”
සචියා එහෙම කියද්දි ඊයේ රෑ වුන දේ මගේ ඔළුවට ආවා.
දිලිනි... එයාට මොකද වුනේ....’ මම කල්පනා කළා.
මොකද කාවා.... උඹට වුනේ...?”
මං දන්නෑ බං... උඹ දැනගත්තේ කොහොමද?”
උඹේ තාත්තා කිව්වා... අපි ඊයේ රෑම ආවා. උඹට සිහිය නැති නිසා ගිහින් මේ දැන් ආවේ.”
මචං උඹට ඩැනී අංකල් හම්බවුනාද?”
ඔව් ඇයි...?”
කෙල්ලට මොකද වුනේ?”
උඹනේ බං දන්නේ...?”
මම ඩැනී අංකල්ට කිව්වා උන් කෙල්ලව අරන් ගියා කියලා. අංකල් කිව්වා බලනවා කියලා.”
කලබල වෙන්න  දෙයක් නෑ බං... කෙල්ලව අරන් ගියේ ගිහාන් නේ... අවුලක් නැතිව ඇති.”
උඹට පිස්සුද යකෝ.... මාත් එක්ක  හිටපු කෙල්ලව මම හොයාගන්න ඕනේ...”
උඹට පිස්සුද බං.... උඹට තව ටික දවසක් යනකං ඇඳෙන් බහින්න බෑ... මොන කෙල්ලව හොයන්නද?”
දැන් මම මොකද කරන්නේ...? කාටද කියන්නේ..? මට නැගිටගන්න බෑ....කෙල්ලව හොයන්න වෙන්නේ මුන් දෙන්නටම තමයි... ඒත් උන්වත් දැන දැන අර මකර කටට යවන්නේ කොහොමද...? ගිහාන් අපි හිතාගෙන හිටියට වඩා සතෙක් කියලා දැන් තේරෙනවා. අනිත් එක ඌ මාව මරලා හිරේ යන්න වුනත් බය නෑ කියලා ඊයේ පෙන්නුවා. ඒ කියන්නේ අපිට පරෙස්සම් වෙන්න වෙනවා. ඒ කොහාම වුනත් දිලිනිව හොයාගන්න ඕනේ.
මම සචියට කතා කළා.
ප්ලීස් බං... පොඩ්ඩක් හොයලා බලපං.. කෙල්ල ගැන. මට කියන්න වෙන එකෙක් නෑ...”
අපි දැනටම හොයනවා බං.. සෙට් එකම බැහැලා ඉන්නේ... ඒත් තාම ආරංචියක් නෑ.”
පොලිසියට කියලද?”
නෑ තාම නෑ... මම හිතන්නේ උඹේ තාත්තා මේක ගොඩින් බේරගනී.. පොලිසි ගියොත් උඹෙත් නම කැත වෙනවා කියලා තාත්තා ඊයේ කිව්වා.”
ඒක හොඳයි... ඌට ගේමක් මම ම දෙන්න ඕනේ.. පොලිසිය ඕනේ නෑ...”
අපි කතා කරන අතරේ තාත්තා ආවා.
මොකද වුනේ...?” තාත්තා කෙලින්ම කතාවට බැස්සා.
දන්නෑ...”
කව්ද තමුසෙට වෙඩි තිබ්බේ...?”
දන්නෑ තාත්තා. කරුවලේ කිසිම දෙයක් පෙනුනේ නෑ...”
හ්ම්... දැන් රෝහල් පොලිසියෙන් එයි කට උත්තර ගන්න... ඔය කියපු දේම කියනවා... මේක ඇදගෙන යන්න ඕනේ නෑ.. අපි හොයාගන්නම් කව්ද කළේ කියලා.”
මම එහෙම කරන්නම් තාත්තා. අනිත් එක දැන් වෙලා ඉවර නිසා කිසි දෙයක්  හොයන්න යන්න එපා.”
තමුසේ කියන්නේ ඌට තවත් දවසක ඇවිත් තමුසෙව මරන්න දෙන්න කියලද? ඊට කළීන් මම කව්ද කියලා ඌට පෙන්වන්නම්.” තාත්තා අන්තිම තීරණේ දුන්නා.
තාත්තා....”
ඇයි..?”
මට වෙඩි තියන්න ඇත්තේ ගිහාන්......”
ඇයි තමුසේ තාම අර කෙල්ල එක්ක තියෙන කතාව නැවැත්තුවේ නැද්ද?”
තාත්තා අමුතු ප්‍රශ්ණයක් ඇහුවා. ඒ කියන්නේ ඩැනී අංකල් මම කෙල්ලත් එක්ක හිටපු කතාව කියලා නැද්ද? කෝකටත් කියලා මම කට වහගත්තා.
හරි ඒකෙන් වැඩක් නෑ....   පොලිසියෙන් කට උත්තර ගත්ත ගමන් තමුසෙව ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගෙනියනවා. මෙතන ඉන්න අමාරුයි.... යාළුවෝ දෙන්නට ඇර කිසිම කෙනෙකුට දැනගන්න තියන්න එපා ඉන්න තැන
එහෙම කියලා තාත්තා එළියට ගියා.
පොලිසියෙන් ගත්ත කට උත්තරේ මම දුන්නේ මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියලා. මට කව්රුහරි වෙඩි තියෙන්න හේතුවක් තියෙනවද කියන එකවත් මම දන්නේ නැති විදිහට හිටියා. අනිත් එක ගිහාන් ගැන කියලා වැඩක් නෑ... මොකද මගෙන් ගුටි කාලා තාම ඌට ඇවිදින්න බෑ. ... එතකොට ප්‍රශ්නේ තවත් ඇදෙනවා.
කාවා උඹ පොලිසියට ගිහාන් ගැන කිව්වද?”
නෑ සචියා.... අපි ඒක වෙනම බලාගමු...”
උඹලා දෙන්නම එකයි බං.. ගිහානයා වගේම උඹත් කිව්වට අහන්නේ නැති ජාතියේ... උඹ ඌට ගහනවා... ඌ කවදාවත් පොලිසි යන්නෑ, උඹට රිටර්න් එක දෙනවා.. දැන් උඹත් ඒකම කරනවා. මේක කොතනින්ද බං නවතින්නේ..?”
අපි දෙන්නගෙන් එකෙක් සීන් එකෙන් අයින් වෙන්න වෙනවා බං.”
ඒක තමයි මටත් තියෙන බය... උඹලා දෙන්නගෙන් එකෙක්වත් එහෙම නොකරයි කියලා... එතකොට දෙන්නගෙන් එකෙක් සදහටම අයින් වෙයි. තව ටිකෙන් ඊයේ රෑ උඹට තමා ඒ අවස්ථාව උදා වෙන්නේ...”
මට හිතාගන්න බැරි ගිහාන් මට වෙඩි තැබ්බුවේ මාව බය කරන්නද නැත්නම් ඇත්තටම මරලාම දාන්නද කියලා. ඇත්තටම ඌට මාව මරලා දාන්න ඕනේ වුනා නම් ඊයේ රෑ හොඳටම ඉඩ තිබුණා. ඒ කියන්නේ තාම ඌ ගේම් එක ප්ලේ කරන්න තමයි කැමැත්ත. හොඳයි ඔහොම යමු... මේ කාවින්දත් ඔය තුවක්කු වලට බය වෙන ජාතියේ එකෙක් නෙවෙයි
ඇත්තටම කාව උඹට බය හිතෙන්නෙ නැද්ද...ඝ කෙල්ලෙක් නිසා මෙච්චර රිස්ක් එකක් ගන්න උඹට පුළුවන්ද?”
මම හිනා වුනා.
උඹලා මේකට ගෑවෙන්න එපා... මගේ වැඩේ මම තනියම කරන්නම්.. උඹලා මම නිසා වෙඩි කන්න ඕනේ නෑ.”
තොට පිස්සුද යකෝ... අපි උඹත් එක්ක මිනී වලට යන්නත් එනවා... උඹ ඒක දන්නවා.”
මම සචියගේ අත අල්ල ගත්තා.
බය වෙන්න එපා කාවා... මමයි අමිලයයි ඉන්නවා ඕනේ දේකට.”
ඩොක්ටර් කියපු විදිහට මගේ අතට වැදුන වෙඩිල්ල ගෑවිලා ගිහින් විතරයි, කකුලට වැදුන එක කලවට වැදිලා. ඔපරේෂන් එකක් කරලා අයින් කරලා තියෙන්නේ ඒ බුලට් එක තමයි. වාසනාවකට වගේ කකුලේ ඇට වලට කිසිම දෙයක් වෙලා නැහැ... මස් ඇතුලට බුලට් එක බැහැලා. ඒ නිසා ඉක්මනටම හොඳ වෙයි කියලා ඩොක්ටර් කිව්වා.
උඹ නම් මාර බේරිල්ලක් බේරිලා තියෙන්නේ කාවා. ඒ වුනත් මට කියපං ඒ මහ රෑ උඹ කෙල්ලත් එක්ක පොල්ගොල්ලේ ගඟ අයිනේ මොන මගුලක්ද යකෝ කළේ?“
නෑ බං කෙල්ල කෝල් කරලා කිව්වා ගෙදර කව්රුවත් නෑ කියලා. ඊට පස්සේ මම ගිහින් කෙල්ලව අරන් නුවර වටේ බයික් එකේ රවුම් ගැහුවා. ඊට පස්සේ රෑට කන්න තැනක් හොයනකොට අර ලේවැල්ලේ පොට් එක මතක් වෙලා එතෙන්ට ගියා. එතනින් කාලා ඩෑම් එක පැත්තෙන් අපේ ගෙවල් පැත්තට එනකොට තමයි අවුල වුනේ.“
උඹල දෙන්නටත් පිස්සු බං.... ගෙදර කවුරුවත් නැත්නම් එහෙට වෙලා දෙයියනේ කියලා ආතල් එකේ ඉන්නේ නැතුව මොන මගුලටද බං රෑ මැද ඇවිදින්න ගියේ... අනික උඹට ප්‍රශ්ණයක් තියෙනවා කියලා දැන දැනම...“
මටත් ඒක කල්පනා වුනේ නෑ බං...“
බම්බුව තමයි... දැක්කනේ දැන් වෙච්ච දේ...?“
ඒක නෙවෙයි සචියා, මම නැගිටගන්න කං කෙල්ල ගැන හොයපං... ප්ලීස්....“
හරි හරි.. මම කිව්වනේ.... වැඩේ කෙරෙනවා.“
මම කීප සැරයක්ම උත්සාහ කළා දිලිනිගේ ෆෝන් එකට... ඒත් ඒක ඕෆ් කරලා.

8 comments:

  1. හැමෝම සමාවෙන්න කතාව ටික කාලයකට නැවතුනාට. මට මාස දෙකකට විතර ටිකක් විතර ලොකු එසයින්මන්ට් එකකට ඩුබායි යන්න වුනා. බිස්නස් වැඩක් නිසා මේවා දාන්න වෙලාවක් තිබුණේ නෑ. අද ඉඳලා දිගටම දානවා. කරුණාකරලා කියවන එක නවත්වන්න එපා.
    බොහොම ස්තුතියි

    ReplyDelete
  2. අම්මෝ කතාව දාලා තියෙන්නෙ.දිගටම දාන්න නවත්තන්න එපා.

    ReplyDelete
    Replies
    1. දානවා... ඔන්න තවත් දෙකක් දැම්මා. ස්තුතියි මෙච්චර කල් රැඳිලා හිටියාට.

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතිය මාස දෙකක් විතර කොටසක් නොදැම්මත් මේ තරම් කල් මාත් එක්කම රැඳිලා සිටියාට.

      Delete
  4. Ane manda bn...hamadama kathawa hoyala athi vela thibunee

    ReplyDelete