Monday, February 26, 2018

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 117

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි







117.


අවුරුද්දක් ගත වෙලා.... මම එම් එස් සී එක ඉවර කළා. ඒ මුළු අවුරුද්දම නතාලියා හිටියේ මාත් එක්ක එකම ගෙදර, එකම කාමරේ. ඒත්, නතාලියා මොන තරම් මට ලංවෙන්න උත්සහ කළත් මගේ හිත වෙනස් වුනේ නැහැ. අවුරුදු තුනක් ගතවෙලත් දිලිනි මගේ හිතෙන් අයින් වුනේ නෑ.

ඒ අවුරුද්ද අවසානයේ මම ලංකාවට ගියේ ටික දවසක් ඉඳලා අම්මලාව බලලා එන්න.
ඒත් මම නොහිතපු විදිහට අම්මා මට ප්‍රපෝසල් කීපයක්ම ගෙනත් තිබුණා. දෙන්නෙකුට කතා කරලා කියලා තිබුණා මම ලංකාවට එන දවස් වල ඒ අයගේ ගෙවල් වල එන බව.
මේ මොනවත් නොදැන මම ලංකාවට ගියා.

දවස් කීපයකට පස්සේ අම්මා මට කතා කළා ඒ එක ප්‍රපෝසල් එකක් බලන්න යන්න.

“පුතා... දැන් ඔය හිටියා ඇති. ඔයා රටවල් වල ඇවිද්දා, ඉගෙනගත්තා... දැන් එහේ රස්සාවකුත් තියෙනවා....“

“ඉතින්.“

“ඉතින් කියන්නේ ළමයෝ ඔයා දැන් ලංකාවේ පදිංචි වෙන්නත් අකමැති එකේ මෙහෙන් හොඳ කෙනෙක් හොයලා මැරි කරලා දෙන්නත් එක්කම ඉන්න තැනකට යන්න.“

අම්මා මේ මොනවා කියනවද? මම මෙහෙන් කෙල්ලෙක් බැඳලා ඇමරිකාවට යන්න... පිස්සු. මම කල්පනා කළා.

“මොකද ළමයෝ සද්ද නැත්තේ..... දැන් පිළිවෙලක් වෙන්න කාලේ හරි.“

“අම්මා මේ.... ඔයා මට පාඩුවේ ඉන්න දෙන්න.... මට කෙල්ලෝ ඕනේ නැහැ.“

“පුතා.... ඔයා මම කියනවට යන්න ලෑස්ති වෙන්න. ඒ ළමයා හොඳ පවුලක ළමයෙක්... ලස්සනයි, ඉගෙනගෙන තියෙන්නේ ලෝ... දැන් ලොයර් කෙනෙක් වෙන්න ප්‍රැක්ටිස් කරනවා.“

“එහෙනම් මොන එකකටද මාව බැඳලා ඒ ඔක්කොම දාලා යන්නේ....?“ මම ඇහුවා.

“ඔයා මං කියනවට යන්න එන්න... ඒ ළමයා මගේ හොඳ යාළුවෙකුගේ දුවක්. එයාලා සෑහෙන කාලය ඉඳලා ඔයා ගැන බලාගෙන හිටියා.“

අම්මා ඇවිටිලි කරන නිසාම මම කැමති වුනා.

පහුවෙනිදා මම අම්මත් එක්ක ඒ ගෙදර ගියා... කෙල්ල නරක නෑ.. ලස්සනයි... හොඳ ස්මාර්ට් පෙනුමක් තියෙනවා... ඒත් දිලිනි වගේ නෑ... දිලිනිගේ තියෙන ලස්සන නෑ. තරුකැට වගේ ඇස් නෑ. දැක්කහම හදවත කඩාගෙන යන ගතියක් නෑ. කොටින්ම කිව්වොත් දිලිනිව දැකපු මුල් දවස වගේ මෙයාව දැකපු මුල් දවසේ හිතට වැදුනේ නෑ.

සාම්ප්‍රදායික විදිහට වැස්ස ගැන කතා කරලා, දේශපාලනේ ටිකක් කතා කරලා, අන්තිමට අපි දෙන්නව තනි කරලා අනිත් අය එහෙට මෙහෙට වුනා.

නිකං ඉන්න බැරිකමට මම කෙල්ලට කතා කළා. කෙල්ලනම් ඔළුව උස්සන්නේ නැතුව ඉන්නවා.

“ඔයාගේ නම?“ මම ඇහුවා.

“මාලිකා....“

“මොකක් තාරුකා!“ මට ඇහුනේ එහෙම. මම උඩ ගියා.

“නෑ නෑ... මාලිකා...“

“ඇති යන්තං...“ මට කියවුනා.

“ඇයි ඒ....“

“නෑ... මට තාරුකා කියලා ඉස්කෝලෙ කාලේ ඉඳලා ඉන්න යාළුවෙක් ඉන්නවා. පුදුම වදකාරියක්.... ඒකයි.“

“ඔයා මොනවද කරන්නේ මාලිකා.“

“ඒ කියන්නේ...?“

“මම ඇහුවේ ජොබ් එක...“

“මම ලෝ ප්‍රැක්ටිස් කරනවා.“

“මොන ෆර්ම් එකේද?“

“අපේ මාමගේ ෆර්ම් එකක....“

“ඒකේ නම මාමගේ ෆර්ම් එකද...? එහෙම නමක් තියෙන එකක් මම අහලා නෑනේ..“

මම එහෙම කිව්වම කෙල්ලට බකස් ගාලා හිනා ගියා. අම්මේ හිනාවේ තියෙන ලස්සන... හිනාවේ පොඩි පුරුදු ගතියන් දැනුනා.

“නෑ අනේ... ඒක පොඩි තැනක්. විජේසිංහ තමයි නම.“

“ඉතින්... හොඳද?“

“මොනවද?“

“ජොබ් එක?“

“ඔව්... මං ආසයි එ්කට...“

“ඔයා දිගටම ඔය ජොබ් එකද කරන්නේ..?“

“නෑ... මම උසාවි යන්න, නඩු කතා කරන්න විතරක් නෙවෙයි හිතාගෙන ඉන්නේ... එග්සෑම් ටිකක් තියෙනවා තව... ඒවා කරලා මේ ෆීල්ඩ් එකේ උඩට යන්න ආසයි..“

“ඒ කියන්නේ ජජ් වගේ...“

“හ්ම්.... ටිකක් මහන්සි වුනොත් බැරි නෑ.“

“එහෙනම් අපි දෙන්නා බැන්දොත් ඔයාට ජොබ් එක ගහලා යනවා.“

“ඇයි ඒ...?“

“නෑ ඉතින් මම දාගන්න වලි වලට අනුව ඔයාට වයිෆ් විදිහට මාව බේරන්න වෙනවනේ. එතකොට ඉතින් මම ලෙඩ දාගන්න තරමට ඔයා ෆේවරේෂන් කරලා ජොබ් එකට කෙල වෙනවා.“

“ඔයා ඒ තරමට රණ්ඩු වලට යනවද? අම්ම නම් කලින් කියලා තිබුණා ටිකක් රණ්ඩු වලට බරයි කියලා... ඒ්ත් ඔය කියන තරම්ම ඔයා ප්‍රශ්ණ දාගන්නවද?“

“හ්ම්...“

“මොකක් නිසාද?“

“එකක් කියලා නෑ. යාළුවෙක් වෙනුවෙන්, හරි වෙන මොකක් නිසා හරි මගේ වැඩේ නිතරම කාත් එක්ක හරි පැටලෙන එක තමයි... අර මගේ යාළුවා... ඌත් ඒවට කියාපු පොර.... කොහේ හරි ගියොත් ඉතින් ලෙඩක් තමා.“

මම කෙල්ලව පොඩ්ඩක් බය කරන්න හිතලා කිව්වා.

“මම හරි කැමතියි ඔයා වගේ කතා කරන කෙනෙකුට.... බොරු දේවල් නෑ... ඇත්තම කියනවා.“

මළා... යකෝ... මාව එපා කරවන්න හිතලා කියපු දේවල් වලට මේකි කැමතියි වගේ..

“ඔයාගේ නම කාවින්ද නේද?“

“ඔව්... හැබැයි ගොඩක් උන් කාවින්ද කිව්වට දන්නෑ... කාවා කිව්වොත් නම් දන්නවා.“

“ඒකද ඔයාගේ රෙජිස්ටර් නම?“

“හ්ම්.... නුවර ඕනෙම පොට් එකක කාවා කිව්වොත් දන්නවා. හිසේ කෙස් ගාණට වලි දාගෙන ඇති... ඒ වගේම ගුටිත් කාලා ඇති.“

“අම්මනම් කිව්වේ පොඩ්ඩක් රණ්ඩුවට ගියාට ඔයා නරක නෑ කියලා.“

“නෑ... අම්මා බොරු කියලා... මම පට්ට නරකයි...“

“බොරු... ඔයා මේ කතා කරන ටිකෙන් පේනවා ඔයා කියන තරම් නරක නෑ කියලා.“

යකෝ මේකිත් එන්නෙම ඇඟේ එල්ලෙන්නනේ. අම්මගේ යාළුවෙකුගේ දුවක් නිසා මම ලංකාවේ නැති අතරේ ෆුල් බටර් පාර ගාන්න ඇති කෙල්ල මාව නොදැකම මට ලව් කරන්න.

“ඒක නෙවෙයි කාවින්ද... ඔයා ඇමරිකාවේ මොකද කරන්නේ?“

“පහුගිය දවස් වලනම් ඉගෙන ගත්තා, ඒ ගමන් කැම්පස් එකේ ඩිමෝ කළා. දැන් එම් එස් සී එක ඉවර නිසා ඒ ජොබ් එක නෑ.“

“එතකොට දැන් මොකද කරන්නේ?“

“මේ දවස් වල නම් පිඟන් හෝදනවා, ඊට අමතරව වේටර් වැඩේ කරනවා, පබ් එකක.“

“මොකක්... පිඟන් හෝදනවා...“

“ඔව්.... පබ් එකක වේටර් වැඩේ කරනවා කියන්නේ පිගන් කෝප්ප හෝදන්නත් වෙනවා.“

“ඉතින් ඔයා එම් එස් සී එක කම්ප්ලීට් කළාට පස්සෙත් ඔය ජොබ් එකද හම්බ වුනේ.“

“ඔව් ඉතින් මොනව කරන්නද? ජීවත් වෙන්නත් එපැයි. පස්සේ ලැජ්ජාව පැත්තකින් තියලා මේ රස්සාවට බැස්සා.“

“ඔයාගේ අම්ම නම් හිතන්නේ ඔයා තාම කැම්පස් එකේ රස්සාව කියලා.“

ඒ කතාවට නම් කෙල්ල ටිකක් අවුල් වගේ.

“හම්... මං ඉතින් කියන්න ගියේ නෑ...“

“අපරාදේ.. ඔයාට ලංකාවට ආවනම් හොඳ ජොබ් එකක් කරන්න තිබුණා“

“මොකටද? මට මේක හොදයි.... ඒක නෑෂ්විල් වල පබ් එකක්.... ඇතිවෙන්න සල්ලි හම්බවෙනවා... පට්ට මියුසික් තියෙනවා... ඇමරිකාවේ කන්ට්‍රි මියුසික් වල බර්ත් ප්ලේස් එක.... නියම සිංගර්ලා හම්බ වෙනවා. ඉඳලා හිටලා පබ් එකේ සින්දුවක් කියන්නත් හම්බවෙනවා. කෙල්ලෝ වැහි වැහැලා.... ජීවිතේ සුන්දරයි.“ මම කිව්වා. බලමු කෙල්ලගේ රෙස්පොන්ස් එක.

කෙල්ල ටිකක් ඇඹරිලා වගේ....

“ඇත්තටම කාවින්ද ඔයා දැන් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ...? අර පබ් එකේ රස්සාව දිගටම කරන්න නෙවෙයිනේ...?“

“කියන්න බෑ..... ඇත්තටම රිලයබල් ජොබ් එකක් නොවුනට මාර නිදහස් රස්සාව. කරදර නෑ..... ප්‍රශ්ණ නෑ...“

“ඒ වුනාට ඔයාගේ ඉස්සරහට වෙන බලාපොරොත්තු ඇතිනේ.“

“දැනට නම් නෑ... බලමු...“

අපි ටිකක් වෙලා කතා කරලා ආපහු එන්න ආවා.

“කාවා මොකද කියන්නේ...“ අපි ආපහු එන අතරේ සචියා ඇහුවා. ඌත් කොහොමහරි මේ ගමනට සෙට් වුනා.

“මොනව ගැනද බං?“

“යකෝ.. කෙල්ල ගැන.“

“ආ.... කෙල්ල හොඳයි, ලස්සනයි, ස්මාර්ට්... ඉගෙනගන තියෙනවා... බර හොඳයි..“

“ඉතින් එහෙනම් බැදපංකෝ..“

“බලමු....“

“බලමු කියලා හරියන්නේ නෑ බං... උඹ පරණ ඒවා අමතක කරපං... ඒවා ආයෙත් එන්නේ නෑ...“ සචියා මගේ කණට කරලා කිව්වා.

“වෙන්න ඇති සචියා... ඒත් දිලිනි එක්ක කම්පෙයාර් කරද්දි මුන් එකෙක්වත් වැඩක් නෑ බං. ටිකක් හරි ලංවෙන්න හිටියේ නතාලියා විතරයි... ඒත් ඒකිත් මගේ හිතට හරියටම ෆිට් වුනේ නෑ.“

“ එහෙනම් ඉතින් දැන් උඹට ලංකාවේ කෙල්ලෝ දිරවන්නේ නැති එකේ නරකද  කෙලින්ම කතා කරලා නතාලියාවම කසාද බැද ගත්තොත්... කෙල්ල සෑහෙන්න සල්ලි තියෙන ෆැමිලි එක්ක කියලා උඹමනේ කිව්වේ...“

“උඹට කසාද බඳින එක ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද කියන්න... මොකක්ද බං.. කෙල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ බඳිනවා කියන එකම නෙවෙයි බං... ටිකක් ආශ්‍රය කරලා ගැලපෙන්නේ නැත්තම් වෙන් වෙනවා.... එතකොට අවුලක් නෑ..“

“යකෝ කාවා ලංකාවේ නොහිටපු අවුරුදු හතරට වෙනස් වෙලා තියෙන තරම...“

“මගුලක් කතා කරනවා.... අපි මේ හැම දේම හංගගෙන හිටියට ලෝකේ එහෙම නෑ බං.... උන් අපිව පහුකරගෙන සෑහෙන්න ඉස්සරහට ගිහින්.“

“මට තේරෙන්නෑ උඹේ බණ කාවා...“

“බලපං.. දිලිනියි මායි ලව් කරා... අපෙ අම්මලා ඒකට අකමැති වුනේ ඇයි? කිසිම වැදගැම්මකට නැති හේතුවකට... එකක් වයස... අනිත් එක කෙල්ල මීට කළින් කොල්ලෙකුට බඳින්න පොරොන්දු වෙලා තිබුණ එකයි, ඌත් එක්ක ආශ්‍රය කරලා තිබුණ එකයි. තනිකර අසාධාරණයිනේ බං. බලපං අම්මා දිනිට කැමති නැත්තේ ඇයි කියලා.... දිනිගේ අම්මයි තාත්තයි බැඳලා, ඩිවෝස් වෙලා ආයෙත් එකතු වුන එක නිසා... තනිකර විකාරයක්නේ... ඒකට දුව මොනව කරන්නද? බලපංකෝ  මායි නතාලියි අවුරුද්දක් විතර එකට හිටියා කියලා දැනගත්තනම් වෙන දේ.... උඹම කල්පනා කරපං... අපි කොහොමද බං ලෝකේ ඉස්සරහට යන්නේ ඔය වගේ බූත අදහස් තියාගෙන?“

“ඒ වුනාට ඒක අපේ රටේ හැටි නේ බං.. අපිට ඒව වෙනස් කරන්න බෑ..“

“ඕක තමයි අපිට ගහලා තියෙන හෙනේ... අපි ඒව වෙනස් කරන්න ඕනේ... කෙල්ලෙකුගේ කිසිම වැඩකට නැති දෙයක් බලලා තමයි කෙල්ල හොඳද නැද්ද කියන්නේ. පිරිමි අපි රට වටේ ගෑණූ එක්ක ඉඳලා, බඳිනකොට විතරක් කොල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නැති කෙල්ලෙක් හොයනවා. බැඳලා හනිමුණ් එක ඉවර වෙලා කෙල්ල හොඳද කියලා බලන්නේ කිසිම වැඩකට නැති දෙයක් දිහා බලලා. බැරිවෙලා හරි පහුවෙනිදා උදේ අර මාක් එක තිබුණේ නැත්තං කෙල්ල මොනතරම් හොඳ වුනත් වැඩක් නෑ කසාදේ ඉවරයි..... මොන විකාරයක්ද බං.... වෙන රටවල උන් සයන්ස් එක්ස්පෙරිමන්ට් කරලා, මිනිස්සුන්ගේ ලේසියට දේවල් හොයාගන්නවා, වෙන ග්‍රහලෝකවලට යන්න ට්‍රයි කරනවා, ඒවයේ මිනිස්සුන්ට ඉන්න පුළුවන් පරසරයක් හදන්න ට්‍රයි කරනවා, අපේ උන් ඒ ග්‍රහ ලෝක වලට අපේ ජීවිතේ තීරණය කරන්න දෙනවා... පිස්සු නැත්තං සිරා...“

“උඹනම් සිරාවටම වෙනස් වෙලා කාවා...“

“නෑ බං... මම ඉස්සරත් මෙහෙමයි, හැබැයි ලෝකේ රටවල් වල ඇවිද්දට පස්සේ ඒ දේවල් තවත් වැඩි වුනා. මම හිතාගෙන හිටිය හරි කියලා මට ෂුවර් වුනා. අපේ උන් පරණ අදහස් වල එල්ලිලා පස්සටමනේ යන්න බලන්නේ... බලපං කී දෙනෙක් විභාගයක් කරන්න කළින් දෙයියෝ වඳිනවද, බෝධි පූජා තියනවද, ලෙඩට බෙහෙත් බොන ගමන් පන්සල් පල්ලි ගාණේ යනවද? කවදද බං අපි මේ පිස්සු දේවල් වලට කාලය නාස්ති නොකර වැඩක් ඇති දේකට ඒ වෙලාව යොදවන්නේ.?“

“ඒක නම් ඇත්ත බං... අපි හැමදාම නෙගටිව් තින්කින් රටක් වෙලා..“

“මම මැලේෂියා ගියා.. සිංගප්පූරු ගියා, ඇමරිකාවේ හිටියා, ස්විඩන් ගියා, ඒ රටවල මිනිස්සු ආගම අදහනවා.. ඒත් ඒකට ජීවිතේ බාරදීලා නෑ.. උන් මහන්සි වෙලා වැඩ කරනවා... පන්සල් පල්ලි වල දවස් ගණන් කාලෙ නාස්ති කර කර ගත කරන්නේ නෑ... පුළුවන් තරම් වැඩ කරනවා... අළුත් දේවල් ට්‍රයි කරනවා, ඉතින් උන් දියුණු වෙනවා.“

“උඹ කියන දේ ඇත්ත තමා බං...  ඒත් අපිට බෑ මේ දේවල් වෙනස් කරන්න.. හොඳම දේ උඹ වගේ අපිට හරියන රටකට වෙලා ඉන්න.“

“මමත් දැන් එහෙම හිතාගෙන තමා ඉන්නේ බං.... කොහොමත් මම දිගටම ලංකාවේ පදිංචි වෙන්න අදහසක් නම් ඇත්තෙම නෑ... මට ලංකාව ගැලපෙන්නේ නෑ බං....“

“උඹ වෙනස් වෙලා කිව්වට, උඹ හිතන විදිහ පට්ට වෙනස් බං.... සිරාවට උඹට දැන් මේ රට ගැලපෙන්නේ නෑ...“

“මම හිතුනොත් ඇත්තටම නතාලියාව බැඳලා ඇමරිකාවට වෙලා ඉන්නවා.“

“උඹ සිරාවටද කියන්නේ?“

“ඔව්... කලින් හිතලා තිබුණෙ නෑ... ඒත් මේ කෙල්ල බලන්න ගියාම තමා මට එහෙම හිතුනේ...“

“උඹ මගුලක් කතා කරනවා. අම්මා දැනගත්ත ගමන් උඹ ඒකිව බඳින්න යනවා කියලා මෙතන තුන්වෙනි ලෝක යුද්දේ පටන් ගන්නවා. දිලිනිගේ අනිත් එක.“

සචියා කිව්වා.

“එතකොට උඹලා හැමෝම කියන්නේ මට මේ කෙල්ලව බඳින්න කියලද?“

“ඔව්...“ සචියා කෙලින්ම කියලා දැම්මා.

“හරි... මම කැමති වෙන්නම්... හැබැයි කවදාහරි අවුලක් වුනොත් උඹලා වගකීමත් බාර ගන්න ඕනේ.“

“යකෝ... මේක හරි මගුලක් වුනානේ... බැන්දට පස්සේ උඹේ ගෑණී උඹ හදාගනින්.“

“ඒක තමයි මම කියන්නේ, උඹලා මට මගුල් හොයන්න එපා.“

එදා කතාව ඒ විදිහට ඉවර වුනා.


3 comments: