සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
87.
පහුවෙනිදා උදේම මම දිලිනිට කතා කළා.
හොඳ වෙලාවට එයා ෆෝන් එක ගත්තා.
“සුදූ මොකද කරන්නේ?”
“මම නාලා ඉවර වුනා විතරයි... ඔෆිස් යන්න ඇඳගන්න
හදන්නේ.”
“ලස්සනයි.... ඔයා ඔහොම ඉන්නකොට”
“කව්ද? කොහොම ඉන්නකොටද?”
“ඔයා ටවල් එක විතරක් ඇඳ ගෙන ඉන්නකොට.... එන්නද
බලන්න...?”
“පිස්සු කතා කරන්න එපා... මම දැන් ඔෆිස් යනවා..”
“අපි අද හම්බ වෙන්නේ නැද්ද?”
“හවස් වෙලා බලමු කාවින්ද..... මට අද ගොඩක් වැඩ
තියෙනවා.... රෑ වෙලා හරි ඉවර වුන ගමන් මම ඔයාට කෝල් එකක් දෙන්නම්.”
“ඒ කියන්නේ අද දවසම මට ඔයාව බලන්න නැතුවද ඉන්න
වෙන්නේ..?”
“බලමුකෝ කාවින්ද?”
දිලිනි වෙනසක් නොපෙන්නා කතා කළත් මට අමුත්තක්
දැනුනා. වෙනද මම එනවා කිව්වොත් මොන වැඩේ තිබුණත් එක කෙල්ල අද එන එකත් ෂුවර් නෑ
කිව්වා. ඊයේ වුනේ මොනවද කියලා අහන්න ඕනේ....
හවස පහ වුනා. දිලිනිගෙන් කෝල් එකක් නෑ.
බැරිම තැන මම ගියා දිලිනිගේ ඔෆිස් එකට.
“යමු මම ගිහින් දාන්නම්.” මම කිව්වා.
“කාවින්ද මට අද බයික් එකේ යන්න බෑ..”
“එහෙනම් බයික් එක මෙතන දාලා මම එන්නම් කාර් එකට.”
“ප්ලීස් තේරුම් ගන්නකෝ...... අපි හෙට හම්බවෙමු...
තාත්ති බලාගන ඉන්නවා මම එනකං ඩිනර් එකකට යන්න.”
“ඒකත් එහෙමද? මට ඔයාගේ වෙනසක් පේනවා දිලිනි... මොකද
වුනේ... මම දන්නවා අපේ අම්මලා ඔයාගේ ගෙදර ආවා කියලා. ඒක දිනි, සමාධි එක්ක එකතු
වෙලා අටවපු උගුලක්...”
“ඒක වැඩක් නෑ දැන් කාවින්ද... අපි ඒ ගැන කතා නොකර
ඉමු.”
“හරි.... ඒත් ඇයි සුදූ ඔයා මාව මගහරින්නේ...?”
“මම එහෙම කරන්නේ නෑ බබා.. ඒත් මට ඔයාව මග ඇරෙයි...”
ඒ ටික කියනකොට දිලිනිගේ ඇස් වල කඳුලු...
“මම මහා කාලකන්නි කෙල්ලෙක් කාවින්ද... මම කළිනුත්
ඔයාට කිව්වා... ඔයා ඇහුවේ නෑ... මාව හරි පාරට ගන්නවා කියලා ඔයා කරපු දේ නිසා මම
හිටියටත් වඩා අතරමං වෙලා.”
“මොකක්ද සුදූ ඒ කතාවේ තේරුම...?”
“තේරුම් ගන්න උත්සහ කරන්න...... මම දැන් යනවා. අපි
හෙට හම්බවෙමු.. මම පොරොන්දු වෙනවා.”
“ඔයා ඔහොම අඬද්දි යන්න දෙන්න බෑ....”
“මම අඬන්නේ නෑ...... ඇඬෙනවා.... ප්ලීස් දැන් යන්න
කාවින්ද... මම හෙට එනවා...”
“එහෙනම් හෙට හවස හතරට...”
“හරි බබා.... මම කියන්නම් තැන.”
මම කෙලින්ම සචියා හොයාගෙන ගියා.
කොහොම හරි ඌ ආයෙත් මාත් එක්ක යාළු වුන එක ලොකු
දෙයක්.... පහුගිය ටිකේ ඌ නැති අඩුව හොඳටම දැනුනා.
“සචියා.... දිලිනි දැන් හම්බවුනා..... ඒත් වෙනද වගේ
නෑ.... අමුතුයි... අද මාත් එක්ක යන්නත් බෑ කිව්වා.”
“මොකක් හරි... උඹ පරෙස්සම් වෙයං... ආයෙත් කෙහෙන්
ගිනි පත්තු වෙයිද දන්නෑ...”
“ඒක නෙවෙයි සචියා උඹ මාත් එක්ක තරහ වුනාද..? මම උඹට
ගැහුවා...”
“නෑ... අමතක කරල දාපං..... යාළුවෝ කියන්නේ ඒකනේ
බං...”
“නෑ සචියා.. උඹේ තියෙන ඒ කොලිටි එකට ලං වෙන්නවත් මට
බෑ..... එච්චර දෙයක් වෙලත් මම නැති වෙලාවේ උඹ ගේමට එන්ටර් වුනා මං වෙනුවෙන්...”
“අල්ලලා දාපං බං...... උඹත් මට ඔය වගේ උදව් කරල
තියෙනවනේ...”
“හ්ම්. මේ අර ෆොටෝස් අරන් තියෙන්නේ දිනිද? බං.”
‘දන්නෑ.. හැබැයි ඊට වඩා පුරුදු එකෙක් වගේ... සූම්
ලෙන්ස් එකකින් අරන් තියෙන්නේ.... කව්රු හරි දාලා වැඩේ කෙරෙව්වද දන්නෑ.”
“උඹට ෂුවර්ද සචියා දිනිමයි මේ වැඩේ කරලා තියෙන්නේ
කියලා?”
“ෆොටෝස් ටික දීල තියෙන්නේ නම් කව්ද දන්නේ නෑ.. ඒත් ඒ
වෙලාවෙම සමාධි ගිහින් තියෙනවා උඹලගේ අම්ම හම්බ වෙන්න. ඒ කියන්නේ උන් දෙන්න තමා බං
කරල තියෙන්නේ.”
“මොනවද බං ෆොටෝ වල තියෙන්නේ...?”
“ගොනා වගේ අහන හැටි... යකෝ උඹල දෙන්න කරපු හැම දේම
තියෙනවා...”
“නෑ.... ගේ ඇතුලේ ඒවත්...?”
“නෑ ගොනෝ... ඇඳ උඩ ඒවත් තියෙනවා...”
“බොරු කියන්න එපා යකෝ... ගේ ඇතුලේ ඒවා ගන්න විදිහක්
නෑ.....”
“ඒ කියන්නේ උඹලා දෙන්නා හොඳ ආතල් අරන් තියෙනවා.
අම්ම, තාත්තට පෙන්නන්න බැරි තරම් දේවල්...”
“මේ පිස්සු නැතුව කියපං බං..”
“උඹලා දෙන්නා ෆිල්ම් හෝල් එකේ එන්ට්‍රන්ස් එකේ ඉන්න
එකක්, ඊට පස්සේ දෙන්නා කාර් එකට නගින එකක්. උඹ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න එකක්, ඊට
පස්සේ දෙන්නා එපාර්ට්මන්ට් එකේ දොර ළඟ බදාගෙන ඉන්න එකක්. ඊට පස්සේ ඇතුලට යන
එකක්...”
“නෑ.... ලැජ්ජාව කාලා ඉවරයි.... යකෝ... මම කොහොමද
අම්මට මූණ දෙන්නේ.... අප්පා..... දැන් ඉතින් අවුරුදු ගාණක් තියාගෙන ආව කාඩ්
කුඩු...”
“කාඩ් විතරක් කුඩු වෙලා ඉවර වුනොත් ලොකු දෙයක්... මට
බය තියෙන්නේ මිනී දෙක තුනක් මැරෙයි කියලා... අර මදාවියත් උඹලා තාත්තා එක්ක
බැහැලා.”
“ඒක මම බලාගන්නම්... තාත්තා එක්ක... එයාට එහෙම ඕනේ
ඕනේ විදිහට එක එකා එක්ක හැප්පෙන්න බෑ... යකෝ මටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා.”
“අනේ පලයං බං යන්න. කෙල්ලෙක් එක්ක චාටර් වුනාට පස්සේ
මොන ආත්ම ගරුත්වයන්ද.. උඹ තාත්තා එක්ක ඕව කතා කරන්න ගියොත් දෙයි උඹට රෙදි
ගැලවෙන්න. ආයෙ වසලා හමාරයි.”
“හරි හරි. බලමුකෝ...” මම කිව්වා.
“ඒක නෙවෙයි කාවා.. දිනි කෝල් කළේ නැද්ද?”
“නෑ... එදා සීන් එකෙන් පස්සේ ඉන්නවද මලාද නෑ...”
“කෙල්ල බයවෙලා ඇති... සීන් එකට උඹට මල පැනලා කියලා.
මොනව වුනත් කෙල්ල කරපු දේ මම අනුමත කරන්නේ නෑ කාවා. උඹට ලව් කරන එක වෙනම දෙයක්...
ඒත් ඔය වගේ බාල ගේම් ගහලා උඹව අනාත කරන එක
බලු වැඩක්. ඒකයි මම කෙලින්ම ගේමට බැස්සේ උඹ නැතත්.”
“එළ කිරි.... උඹ තමා බං මිනිහා.”
මම එදා ගෙදර නොයා සචියා එක්ක හිටියා. එදත් අම්මා කෝල්
කරලා මම ඉන්නේ කොහෙද කියලා ඇහුවා.
පහුවෙනිදා මම උදේම ප්‍රැක්ටිස් ගියා. මොනව වුනත්
තවත් වතාවක් ප්‍රැක්ටිස් නවත්තලා දාන්න බෑ. පටන් ගත්ත වැඩේ කොහොමහරි කරන්න ඕනේ.
අනිත් එක එදා දිලිනි කිව්ව වගේ මම මේ දේවල් නොකර රස්තියාදු වෙවී හිටියොත් දිලිනි
නිසා මම විනාශ වෙයි කියලා කියන අනාවැකි ඇත්ත වෙනවා.
ඒ නිසා මම අනිත් ප්‍රශ්ණ ඔක්කොම අමතක කරලා ඒ පැය හතර
ප්‍රැක්ටිස් කළා. සර් කියන විදිහට මම තව ටිකක් උනන්දු වුනා නම් මීට වඩා හොඳට කරන්න
තිබුණා. ඇත්ත කතාව, මම ප්‍රැක්ටිස් වලදි උපරිමය කරන්නේ නැහැ කියලා මටම තේරුණා. ඒත්
හිත එක තැනක තියාගන්න බැරුව මේ තරමින් හරි මේව කරන එක මට ලොකු දෙයක්.
ප්‍රැක්ටිස් ඉවර වෙලා මම දහයට විතර දිලිනිට කෝල්
එකක් ගත්තා.
“සුදූ... ඔයා අද එනව නේද මාව හම්බවෙන්න? දැන්ම
එන්නකෝ...“
“කාවින්ද පොඩි ප්‍රශ්ණයක් තියෙනවා... මම අද තාත්ති
එක්ක නුවරඑළියේ යනවා. ඒ හොටෙල් එකේ පොඩි වැඩ වගයක් තියෙනවා. ඒ නිසා ප්ලීස් අපි වෙන
දවසක හම්බවෙමු. මම දැන් පිටත් වෙලත් ඉවරයි.“
“එහෙනම් ඉතින් මොනව කරන්නද? ඔයා අද එනවද නැත්නම්
හෙටද?“
“මම එන්නේ හෙට.... ඒත් හෙට හවස කෙලින්ම අපි
අනුරාධපුරේ යනවා එහේ හොටෙල් එකට... ඒ වැඩ ඉවර වෙලා දවස් පහකින් තමා මම නුවරට එන්නේ...
ඒ කියන්නේ ඉරිදා. අපි ඉරිදා හම්බවෙමු.“
දිලිනි ඇයි මට කලින් කියන්නේ නැතුව මෙහෙම කරන්නේ...?
වෙනදා දවසක්වත් මාව බලන්නේ නැතුව ඉන්න බැරි කෙල්ල...
“සුදූ ඔයාට ප්‍රශ්ණයක් නෑ නේද?“
“නෑ..... ඇයි...?“
“නෑ... මට වෙනසක් දැනෙනවා වගේ.... මට ඔයාගෙන්
දැනගන්න ගොඩක් දේවල් තියෙනවා...“
“මට ප්‍රශ්ණයක් නෑ කාවින්ද... අපි කතා කරමු ඉරිදා.
ඔන්න ඉරිදා දවසම මම ඔයා එක්ක. බ්‍රෙක්ෆර්ස්ට්, ලන්ච්, ඩිනර් තුනම මාත් එක්ක. ඔන්න
දිනි ගේ වැඩ නම් දාගන්න එපා එදාට.“
“නෑ... නෑ... එදාට අපි දෙන්නා විතරයි... කොහොමත් මට
ආයෙත් දිනි එක්ක ගනුදෙනුවක් නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ...“
“හ්ම්..... කමක් නෑ කාවින්ද.. ඔයාට කැමති දෙයක්. ඒ
වුනත් මම වෙනුවෙන් කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්න එපා... අම්මට තාත්තට අකීකරු
වෙන්නත් එපා. ඒකෙන් වෙන්නේ මම ඔයාව නාස්ති කරනවා කියන එක ඇත්ත වෙන එක.“
“බලමුකෝ සුදූ..... කොහොමහරි ඔන්න ඉරිදා අපි
දෙන්නගේ....“
“හරි කාවින්ද..... මම බලාගෙන ඉන්නවා.“
දිලිනි වෙනසක් නොපෙන්නා කතා කළත් මගේ හිතේ පොඩි
සැකයක් තිබුණා. මට එයාගේ වෙනසක් දැනුනා. අනිත් එක එදා අපේ අම්මලා දිලිනිගේ තාත්තා
හම්බ වෙලා මොනවද කිව්වේ කියන එක ගැන දිලිනි වචනයක්වත් කියන්නේ නෑ. අඩු ගානේ එහෙම
දෙයක් වුනා කියලවත් එයා කියන්නේ නෑ. ඇයි ඒ?
දිලිනි උවමනාවෙන්ම මගෙන් ඈත් වෙන්න හදනවද? ඒත් එයා
එයාගේ අම්මටයි තාත්තටයි අකීකරු වෙලා මාත් එක්ක ආවේ මීට කලින්... දැන් ආයෙත් ඒ
දෙන්න නිසා මාව මගහරිනවා වෙන්න බෑ.
සමහර විට අපේ තාත්තා එයාව බය කළාද මේක නවත්තන්න කියලා...
කියන්න බෑ... ඩැනී අංකලුත් එක්කනේ ගිහින් තියෙන්නේ.... ඒත් ඇයි දිලිනි ඒ ගැනවත්
මොනවත් කියන්නේ නැත්තේ?
මම සචියව හොයාගෙන ගියා.
“මොකද කාවා..... අප්සෙට් මූඩ්.. අද දිලිනි හම්බවුනේ
නැද්ද?“
“නෑ බං... කෙල්ල තාත්තා එක්ක නුවරඑළියේ ගිහින්...
දවස් පහකින්ලු එන්නේ.“
“මේ හදිස්සියේ... උඹ ඊයේ කිව්ව නේද කෙල්ල අද එනවා
කිව්වා කියලා?“
“ඒක තමා බං..
කෙල්ල ඉස්සර ඔහොම නෑ... මොකක් හරි වෙනසක් තියෙනවා.“
“අනිවා... යකෝ එදා සීන් එක නිසා වෙන්න ඇති?“
“ඒත් මට එහෙම දෙයක් කිව්වේ නැහැනේ බං... කෙල්ල
කොහොමද එහෙම තනි තීරණයක් ගන්නේ....?“
“ඒක මම දන්නෑ කාවා. මොනව වුනත් දැන් මට පේන විදිහට
දිනිට වඩා මෙයා හොඳයි.“
“උඹටත් දැන්ද තේරෙන්නේ... ඔක්කොම අවුල් වුනාට
පස්සේ....“
“මුලදි කොහොම හිතන්නද බං... දිනි හිටියේ බෝ පැලේ
වගේනේ... මේ වගේ ඉන්ටර්නැෂනල් ගේම් එකක් දෙයි කියලා කොහොම හිතන්නද? ඒකට හපං
සමාධි... ඒකිට මොකක්ද බං උඹ ගැන තියෙන කැක්කුම...?“
“මුන් ව විශ්වාස කරන්න බෑ බං පොඩ්ඩක්වත්... මොන
වෙලාවේ ගිනිගෙඩියක් දෙයිද දන්නෑ.... කොල්ලෝ වුන අපි අහිංසකයිනේ යකෝ මේ කෙල්ලෝ එක්ක
බලපුවාම.“
“සිරා කතාව කාවා.... කොහොම හරි උඹ ඉරිදා
දිලිනිව හම්බ වෙලා මොකද වුනේ කියලා
දැනගනින්... ඊට පස්සේ තීරණයක් ගනින්.. හැමදාම මෙහෙම උඹට අවුල් වෙලා ඉන්න බෑනේ....
ජීවිතේ තව හදාගන්න දේවල් එහෙම්මම.“
“ඇත්ත බං..... දැන් මේව ඇදගෙන ගියා ඇති.. ඉරිදා මම
මේ හැම දේම ඉවරයක් කරනවා.“
ඇති යන්තම් දාලා.. ඉන්න කියෝලා එන්නම්
ReplyDeleteමොකක් උනත් මට දිලිනි හරියන්නේ නැතෝ.......... දිනි කෙසේ වෙතත්
Delete