Tuesday, May 09, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 14


සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි


14.
දවස් කීපයක් ගතවුනා. ලිපියක් නොලැබුනා වුනත් එරන්දිකා අතේ දිනි පනිවිඩයක් එවලා තිබුනා දැන්ම එන්න කලබල වෙන්න එපා කියලා. මමත් හිතුවා ටික දවසකට නිශ්ශබ්දව ඉන්න.

ඒත් දවස් ගතවෙලා යද්දි මගේ හිතට ලොකු අඩුවක් දැනුනා දිනි ව දකින්න නැතුව. ඇයි මේ? මම මේ කෙල්ලට ආදරේ කරනවද? මට මගේ හිත විශ්වාස නැතිවෙලා වගේ.

කිසිම හැල හැප්පීමක් නැතිව ලස්සනට ගලා ගෙන ගිය ජීවිතේ දැන් නම් මොනවා වෙලාද කියලා හිතා ගන්න බැහැ.

සචියා මේ දවස් ටිකේ මගෙන් ඈත් වෙලා පාඩම් වලට හිත යොදවලා. ඒකෙන් මටයි පාඩු. එක අතකට ඒක හොඳයි කියලත් හිතුනා. ඌ හරි ගොඩ  යනවනේ.

එදා ඉස්කෝලේ අපේ පන්තියේ ඇවිල්ල හිටියේ කීප දෙනයි.

උදේ ඉඳලම වැස්ස, ඒ මදිවට හොඳටම සීතල. ගුරුවරු වැඩි දෙනෙකුත් ඇවිල්ලා නැහැ. උදේ ඉඳලම පන්තියේ වැඩක් කෙරුණේ නැහැ. මම කල්පනා කළා ලයිබ්‍රි එක පැත්තටවත් යන්න.

සචියා, මම ලයිබ්‍රි යනවා එනවද?

කොහෙද, නුවරද?”

පිස්සුද යකෝ?”

එහෙනම්

ගොනෝ මම කිව්වේ අපේ ඉස්කෝලෙ එක

අම්ම ගහයි කිව්වලු, උඹ දැන් කියවන්නත් යනවද?”

අඩෝ මම එදා ඉඳලම හොඳට කියවපු කොල්ලෙක්ඇවිල්ල බලපං අපේ ගෙදර තියෙන පොත් ගොඩ

අනේ මම දන්නේ නැහැනේ, උඹ ඔය පැනි හලන්න යන්නේ අර කෙල්ලට

මොන කෙල්ලටද බං?”

මිස් දිලිනි

මළා, මට සිරාවටම අමතක වුනා

මොකද බං?”

නෑ බං අපි අදහස අමතක කරමු වගේ නේද?”

උඹ මොකද එකපාරටම එයා ගැන මතක් වුනාම පස්ස ගහන්නේ?”

නෑ බං, මුකුත් සීන් එකක් නැහැ.

හ්ම්, ඒකත් එහෙමද?”

සචියා ට නිකං ඉව වැටිලා වගේද?

මට පොඩි බයකුත් දැනුනා. ඒත් ඉතින් අපි දෙන්නා පොඩ්ඩක් කතා කරා කියලා මොකක්ද තියෙන වැරැද්ද.
මම ගියා ඇතුළට.

කෙල්ල හිනා වුනා හිනාවක් මම නිකං කරකවලා අතහැරියා වගේ. සිරාවටම මෙයා නම් ලස්සනයි.

ඉස්කෝලෙ අනිත් කොල්ලෝ මෙයාගේ වටේ කැරකෙනවා වස නෝන්ඩියයි.

මම සචියාවත් ඇදගෙන ගියා ඇතුලට.

බූරුවා, ගල් ගැහිලා වගේ ඉන්නේ නැතුව පොතක් ගනින් කියවන්න

මම සචියට කිව්වා

ඌත් ඉතින් ගිහිල්ලා මිනිහටත් තේරෙන්නේ නැති පට්ට ලොකු බොට්නි පොතක් ගත්තා.

මම ත් මිනිහා ළඟින් ඉඳ ගත්තා.

සචියා මේ අහපං, මේ වගේ වෙලාවට ඔය ග්‍රීක් වගේ මෙලෝ මලදානයක් තේරෙන්නේ නැති පොත් පැත්තකට දාලා, නිකං ලව් සීන් එකක් තියෙන පොතක් ගනින්. දැන් උඹ මෙයාට සීන් කිව්වා නේද?”

සීන් නම් තමයි බං, ඒත් ඉස්කෝලෙ ටීචර් කෙනෙකුට කොහොමද බං ලව් කරන්නේ. පැත්තකට වෙලා ලස්සන බලා ගෙන් ඉන්නවා ඇරෙන්න.

සචියා ෆුල් සික් එක ගහලා.

මට නම් හිනා යන්නත් ආවා. කවදාවත් කරන්න පුළුවන් වැඩක්ද මූ මේ කරන්නේ. මේ මිස් දිහා බලාගෙන මනෝ පාර ගහනවා. ඒ ගෑනි මූ දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ.

සචියා දෙන්නද මං පොඩි අයිඩියා එකක්?”

මොකටද බං?”

අරයව සෙට් කරගන්න

මොකක්ද කරන්න කියන්නේ?”

වරෙන්කෝ යන්න

මම ඌවත් ඇදගෙන මිස් ළඟට ගියා

මොකද මේ දෙන්නා අද?”

දිලිනි මිස් දෙන්නවම ගැන කියලා කතා කළත් සචියා දිහාවත් නොබලා මගේ ඇස් වලට එබුනා. ඒ ඇස් නිල්කැට වගේ දිලිසෙනවා. මෙයාගේ ඇස්වල ඇත්තම පාටද මේ නැත්නම් ලෙන්සස් වත් දාලද කියල හිතා ගන්න බැරි තරම් නිල් පාටයි. මම නම් මේ වගේ නිල් ඇස් දැකල තියෙන්නේ ලංකාවේ කෙල්ලන්ගේ නෙවෙයි රුසියාව වගේ නැගෙනහිර යුරෝපය පැත්තේ රටවල් වල කෙල්ලන්ගේ. මෙයාගේ ෆිගර් එකත් එක්ක ගත්තම ඒ පැත්තේ මොනව හරි සම්බන්ධයක් තියෙනවද කියලත් හිතෙනවා.

සචියා එක පාරටම මට කකුලෙන් ඇන්නා. එතකොටයි මට තේරුණේ මෙච්චර වෙලා මම වචනයක්වත් කතා කරලා නැති බව.

“මේ .... මේ .... මිස් අපිට නවකතා පොතක් දෙන්න පුළුවන්ද?”

මම එහෙම ඇහුවට කවදාවත් දැකලා තිබුණේ නැහැ ලව් ස්ටෝරි එකක් ලයිබ්‍රි එකේ තියෙනවා.

නවකතා කියවන්නේ ඇයි ඉස්කෝලෙ වෙලාවේ

මේකයි මිස් සීන් එක, සචින්තට පොඩි ගෑණු ළමයෙකුට හිත ගිහිල්ලා මිනිහා අදහස කියා ගන්න බැරිව ඉන්නවා. අපි බැලුවේ පොතකින්වත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියලා.”

සචියා මගේ දිහා බැලුවා බැලිල්ලක්... වෙන තැනකනම් ඕකා රෙදි ගැලවෙන කුණුහරපයක් කියලා.

ආ මේ දෙන්නට ඕන වෙලා තියෙන්නේ මේ ආදර නව කතාවක්.

එහෙම එකක් තමයි මිස්

අනේ සොරි, ඒවනම් මෙහේ නැහැ

මම නිකං දැම්මා බැල්මක් මුළු ලෝකෙම නැති වුනා වගේ.

ඒකත් එහෙමද, දැන් ඉතින් මොනවා කරන්නද?”

මම සචියත් ඇදගෙන එලියට ආවා

මොකක්ද ගොනෝ ඒ කිව්ව කතාවේ තේරුම?”

සචියා මේ උඹ කට වහගෙන හිටපන්කෝ, අද හැන්දෑවට නැත්නම් හෙට දවස ඇතුළත වෙන දේ බලපංකෝ.

උඹ නම් මොන මගුලක් කියවනවද දන්නේ නැහැ. ඒ ගෑනි ඕක ස්ටාෆ් එකේ වෙන කාට හරි කිව්වොත් එහෙම ආයෙ ඉතින් කලිසමක් ඇඳගෙන ඉස්කෝලෙ එනවා බොරු.

උඹ බය වෙන්න එපා. පොතේ හැටියට එහෙම වෙන්නේ නැහැ. මේ කාවා කරපු වැඩක් කවදාවත් නෝන්ඩි වෙලා නැහැ.

බලමුකෝ?”

මොනවා වුනත් මගේ ප්ලෑන් එක වැඩ කරයි කියලා මගේ හිතේ විශ්වාසයක් තිබුණා.

එදා දවස ගතවුනා ප්‍රශ්ණයක් නැතුව

සති අන්තයේ ඉරිදා මම වෙනදා වගේම ක්ලාස් යන්න නුවරට ආවා.

මම පාරට හැරෙනවත් එක්කම පිටිපස්සෙන් ඉඳලා කෙනෙක් කාවින්ද කියලා කතා කළා

මම බලනකොට මිස් දිලිනි

ආ මිස් වෙලාවට ඔයාව හම්බවුනේ

ඒ ඇයි?”

ඊට කළින් මට කියන්න මිස් ඇයි මට කතා කළේ කියලා?”

මම තනියම යනකොට ඔයාව දැක්කා. ඉතින් කතා කළා. එදා වගේ අකමැත්තක් නැත්නම් මාත් එක්ක කතා කර කර යමු

මට හිනා ගියා

මොකද කාවින්ද හිනා වෙන්නේ?”

නෑ මිස්, මම එදා මිස්ට එහෙම කිව්වේ බොරුවට. මම මිස් එක්ක කතා කළා කියලා කොහොමද ප්‍රශ්ණයක් ඇති වෙන්නේ.

ඒ කියන්නේ ඔයා ට කෙල්ලෝ ඇලජික් කිව්වේ බොරුවටද?”

බොරුවටමත් නෙවෙයි මිස්, ඉස්සර මම එහෙම තමා, ඒත් දැන්නම් ඒක ගාණක් නැහැ.

ඒ කියන්නේ කාවින්ද ආදරේ කරන්න පටන් අරගෙනද?”

මම මොනවත් නොකියා හිටියා

එදා පොතක් ඉල්ලුවේ යාළුවට නෙවෙයි ඔයාට නේද?”

මම කතා කළේ නැහැ

පොත් වලින් අයිඩියා අරගෙන ආදරේ කරන්න බැහැ කාවින්ද.

ඇයි මිස්?”

මම මොනවත් නොදන්න පොඩි එකා වගේ ඇහුවා.

අනේ මිස් තියෙනවනම් මට පොතක් දෙන්න.

මම එදා කතාවේ ඉතුරු ටික හෙවත් ඇන්දිල්ල අයෙත් පටන් ගත්තා.

ඇත්තටමද කියන්නේ කාවින්ද?”

ඔව් මිස්.

ආ මෙන්න.

මිස් බෑග් එකට අත දාලා පොතක් අරන් දුන්නා.

බලද්දි ඇත්තටම නවකතාවක්. ලව් ස්ටෝරි එකක්.

ගෑනි මගේ ගැටේට අහුවුනා.

මමත් හිනාව තද කරගෙන පොත ගත්තා.

ඉතින් කාවින්ද කියන්නකෝ ඔයාගේ ආදර කතාව.

මොකක්ද?”

ඔයා මේ පොත් එහෙම බලලා පටන් ගන්න යන ආදරේ.

එහෙම එකක් නැහැ මිස්.

“වෙන්න බැහැ කාවින්ද, මුළු ඉස්කෝලෙම ඔයා ගැන දන්නවා. වෙන එකක් තියා ලේඩීස් කොලෙජ් වලත් ඔයාව දන්නවා. ඉතින් ඔයාට මේ තරම් කල් යනකම්ම කෙල්ලෙකුට හිත ගියේ නෑ කියල හිතන්න බැහැ.”

මේන්න යකෝ මෙයා මේ මොනවද කියවන්නේ. මුළු නුවරම දන්නවලු, කෙල්ලොත් දන්නවලු.... මේ කාවා ඒ තරමටම චාටර් වෙලාද?

“අනේ මිස් මම ඒ තරම් ෆේමස් නම් නැහැ. මිස්ට කව්දෝ බොරුවක් කියලා‍.”

“බොරුවක් නෙවෙයි කාවින්ද? මම දැනගත්ත විදිහටනම් කෙල්ලෝ ඔයා වෙනුවෙන් මැරෙන්න හදනවා.”
“මොකක්?”

“ඔව් ඔයා නොදන්නව වුනාට ඔයාව දැක්කහම කෙල්ලෝ පිස්සු හැදෙනවා ඇති.”

මෙයා මේ විකාර කියවනවා. මෙච්චර දවසක් කතාවක් හදාගන්නැතුව බොහොම ක්ලීන් පිට මේ කාවා හිටියා. දැන් හදපන්කෝ ඒකටත් කතාවක්. මට කලිසමක් ඇඳගෙන නුවර යන්න බැරිවෙන්න.

අනිත් එක මේව අම්මට හරි තාත්තට හරි ආරංචි වුනොත් වස නෝන්ඩිය. ගෙදරට බබා වගේ ඉන්න මම මේ වගේ කතාවක් හදාගත්තොත් ආයෙ ගෙදර ගිහිල්ලත් සිංහයා වගේ ඉන්නවා බොරු.

“මිස් කරුණාකරල ඔය කතාව ඉල්ලා අස් කරගන්න. ඔය වගේ බොරු පතුරුවන්න එපා. මට කෙල්ලෙක් නැහැ. ඒ වගේම ට්‍රයි කරන කෙල්ලෙකුත් නැහැ.”

බය වෙන්න එපා කාවින්ද. මට කියන්න කව්ද ඒ කියල, මම කාටවත් කියන්නේ නැහැ. අනිත් එක ඉස්කෝලෙන් පිටදී මට මිස් කියන එක නවත්තගන්න, ප්ලීස්.

එහෙනම් මම මොකක්ද කියන්නේ?”

දිලිනි.

කාටහරි දන්න කෙනෙකුට ඇහුනොත් මම ඉවරයි මිස්.

ඔය ආයෙත් මිස් කියනවා. ප්ලීස් නවත්තගන්න.

හොඳයි මිස්.

දිලිනි මිස් මට අතින් එකක් ගැහුවා. ඒ චූටි අත ඇඟේ වැදුනා දැනුනේවත් නැහැ වගේ.

ඇයි කාවින්ද හිනා වෙන්නේ?”

නැහැ මිස්, ආ මේ ..... මම කිව්වේ දිලිනි, ඔයා ගහපු එක දැනුනේ වත් නැහැ වගේ.

මම ඒ අත යන්තම් අල්ල ගත්තා. ලස්සන දිග ඇඟිලි. මම කෙල්ලෙකුගේ ඒ වගේ ඇඟිලි දැකලම නැහැ. සුදුම සුදු පාටයි. එක කැලලත්වත් නැහැ.

“මොනවද කාවින්ද මගේ අත දිහා බලාගෙන කරන්නේ. භාවනා කරනවද?”

“අහ්.... සොරි මිස්....”

කතාවෙන් කතාවෙන් අපි දෙන්නා මම නවතින්න ඕන තැනට ආවා.

මිස් දිලිනි, මම එහෙනම් යනවා.

ඇයි හදිස්සි, තව වෙලා තියෙනවනේ. එන්න අපේ ගෙදර ඇවිල්ලා යන්න.

අපෝ පිස්සුද ගෙදර අය මොනවා හිතයිද?”

ඒ අය ඔයා කව්ද කියලා දන්නේ නැහැ ළමයෝ. අනිත් එක අද මේ වෙලාවේ ගෙදර කිසිම කෙනෙක් නැහැ. බය නැතුව එන්න.

බයකටනම් නෙවෙයි මිස්, මට දැන් පරක්කු වෙනවා. අනිත් එක අපේ එකෙක් දැක්කොත් හරි නැත්තේ මට නෙවෙයි ඔයාට.

ආ මං ගැන ඒ තරම් හිතනවාද, කෙල්ලෝ ඇලජික් කිව්වට කෙල්ලෝ ගැන කෙයා කරන්නත් දන්නවා වගේ?”

මම කවදත් කෙල්ලෝ පහත් කරලා කතා කරලා නැහැ දිලිනි මිස්. මම අනිවාර්යයෙන්ම දවසක එනවා.
ෂුවර්ද?”

මේ කාවින්ද කිව්වොත් කිව්වා.

හොඳයි දැන් එහෙනම් යන්න.

මම ගේට්ටුව ළඟට ගිහින් එයා යන දිහා බලාගෙන හිටියා. මොනවා කිව්වත් වෙලාවකට යන්න දෙන්න ලෝබයි. කෙල්ල ඒ තරම් ලස්සනයි. මගේ හිතට පොඩි අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. ලයාංගි නැත්නම් දිනි ළඟදි නොදැනුන මහා අමුතු හැඟීමක් මට දැනෙනවා වගේ කියලා මට හිතුනා.

මට පන්තියට ගියත් හිත එකලස් කරගන වැඩ කරන්න බැරි වුනා. මිස්ට පොඩි බොරුවක් දාලා මඟදී එළියට පැන ගත්තා.

කරන්න දේකුත් නැහැ. යන්න තැනකුත් නැහැ. සචියා ට ඩිස්ටර්බ් කරන එකත් හොඳ නැහැ. අඩු ගාණේ ඌට හරි ඉගෙන ගන්න දෙන්න ඕන.

මම ඔහේ පාර දිගේ ඇවිදගෙන ගියා. මම ගියේ බහිරව කන්ද පැත්තට. ටිකක් දුර යනකොට කෙනෙක් මට කතා කළා.

කාවින්ද කොහේද යන්නේ?”

මම ගැස්සිලා ගියා.

ඒ පැත්ත බැලුවාම ලස්සන නිල් ඇස් දෙකක් දිලිසෙනවා ගෙදරක ගේට්ටුවක් ළඟ.

දිලිනි මිස්.

ඒතකොටයි මට මතක් වුනේ මෙයාගේ ගේ තියෙන්නේ මේ හරියේ කියලා.

මොකද බය වෙලා වගේ ?”

මම ගියා ළඟට.

මේකද ඔයාගේ ගේ?”

ඔව්, එන්න බෑ කිව්වට හොයාගෙනම ආවා නේද?”

අනේ නැහැ. මම මේ සිගරට් එකක් ගන්න කඩයක් හොයනකොට මේ පැත්තට ආවා.

ඒකට කමක් නැහැ. එන්න ගෙට.

එපා. මම කිව්වනේ අද නෙවෙයි වෙන දවසක අනිවා එනවා කියලා.

එහෙනම් මම එන්නම්.

ඔයා එන්නේ කොහේ යන්නද?”

කොහේ හරි යමු. මට ආසයි ඔයත් එක්ක ටිකක් කතා කරන්න.

අද බෑ මිස්. මම ලබන සතියේ එන්නම්.

මම කොහොමහරි ගැලවෙන්න බැලුවා.

හා හොඳයි, අර පොත කියවලා ඉවර වෙලා ගෙනත් දෙන්න. මමත් ආසම කතාවක්.

හොඳයි මිස්.

මම ආපහු ආවා.

ටවුන් එකට එන්නේ නැතුව මම කෙලින්ම ගියේ ගෙදර. කාමරයට ගිහිල්ලා බැල්කනි එකට කල්පනා කළේ අද වුන දේ ගැන.

එක දවසකට වුන දේවල් හිතා ගන්නත් බැහැ. මම කලින් දවසක ඉස්කෝලෙදි ගහපු ගැටේට මිස් අහුවුනා. ඒත් ඇත්තටම කල්පනා කරපුවාම මට හිතුනා එයා මගේ ගැටේට අහුවුනාද නැත්නම් එයා අළුතින් ගැටයක් මට ගැහුවද කියලා.

මොකක්ද මම දැන් කරන්නේ. මම පොරොන්දු වුනා මම ඊළඟ සතියේ එයාගේ ගෙදර එනවා කියලා.

යකෝ මේක විකාරයක් වුනානේ. දැන් අවුරුද්දකට උඩදී මම කිසිම කෙල්ලෙක් දිහා බැලුවේ නැහැ, දිනිගේ යාළුකම විතරයි තිබුණේ. ඒත් දැන් වෙලා තියෙන්නේ මහ පිස්සුවක්. දකින දකින කෙල්ල මට සෙට් වෙනවා. නැත්නම් අඩු ගානේ මේ මිස් දිලිනි වගේ මාව බයිට් කරන්න සෙට් වෙනවා.

ඉස්සර මම කිසිම කෙල්ලෙක් ගණන් ගත්තේ නැහැ. ඒත් මොන කරුමෙකටද දන්නේ නැහැ මම දැන් හැම වෙලාවෙම කෙල්ලෝ පස්සේ යනවා, නැත්නම් උන්ගේ මායම් වලට අහු වෙනවා.

මම හිතා ගත්තා කොහොම හරි පොරොන්දුව කඩන්නේ නැතුව මිස් දිලිනිව හම්බවෙන්න. හැබැයි ඊට පස්සේ කතාව එතනින්ම නවත්තනවා කියලා මම හිතා ගත්තා. මෙයා නිසා අන්තිමට මම ජීවිතේට කාපු නැති නෝන්ඩියක් කනවා.

මාව බයිට් කරලා කරලා ටික දවසකින් කවුරු හරි කොල්ලෙක් එක්ක ඇවිල්ලා කියයි, මේ මගේ බෝයි ෆ්රෙන්ඩ් කියලා. ඒ ටිංකිරි ගාගන්න ඕන නැහැනේ.

සඳුදා මම ඉස්කෝලෙ ගියේ අර පොතත් අරගෙන.

සචියා වරෙන් මෙහෙට

මොකද බං

දැක්කද මේක?”

මොකක්ද?”

බලපං.

අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු, යකෝ උඹ කොහෙන්ද මේක හොයා ගත්තේ

මිස් දිලිනි දුන්නේ

පල යකෝ යන්න, උඹ කාගෙන් හරි ඉල්ලගෙන ඇවිල්ලා මෙතන බොරු කියනවා. එයා මොකටද මේ පොත් උඹට දෙන්නේ?”

ඇයි බං මතක නැද්ද මං ඉල්ලුවා

ඒ වුනාට, මම මෝඩයෙක් නෙවෙයි.

සිරාවට බං, බලපං පොතේ නමයි සිග්නේචර් එකයි ගහල තියෙනවා

උඹ ම නම ලියලා ඇති

හරි ෂුවර් නෑනේ, මම කියන්නම් පොඩි වැඩක්. මම මේ පොත අද දෙනවා එයාට. උඹ හොරෙන් බලාගෙන හිටපං

හරි බලමු

මම ඉස්කෝලෙ ඇරෙන්න කලින් ගියා එයා ළඟට. සචියා පස්සෙන් ඉඳලා බලාගෙන හිටියා.

මිස් මෙන්න පොත, මම කියවලා ඉවරයි.

ආ මොකද අද ම ගෙනාවේ ආයේ හම්බවෙන්න අදහසක් නැද්ද?”

නෑ මිස් ඕක වැඩි කලක් තිබ්බොත් මගේ ළඟ නැතිවෙනවා

කොහොමද දැන් ගෑනු ළමයාට කැමතියි කියලා කියා ගන්න පුළුවන් වුනාද?”

නෑ මිස්.

ඕකේ.

මම එලියට එනකොට සචියා දුවගෙන ආවා

යකෝ උඹ නම් අදහන්න වටින පොරක්නේ. එහෙනම් ඒකිවත් දාගත්තා දැලේ?”

පිස්සු මගුලක් කියවන්න එපා යකෝ. මම පොඩි බයිට් එකක් දුන්නා එච්චරයි. විකාර කියවන්න එපා.

හරි හරි කොහොම හරි

ඒක නෙවෙයි කාවා උඹට කවදද ඔය පොත එයා දුන්නේ?”

ඊයේ

යකෝ ඊයේ ඉරිදනේ, උඹට කොහොමද එයාව හම්බ වුනේ?”

මට එතකොටයි තේරුණේ මම කට ඉස්සර කර ගත්තා කියලා

මොකක්ද මචෝ ඒ සීන් එක උඹ මටත් හංගන. උඹලා දෙන්නා ඉරිදා හම්බවුනාද?“

මොකක්?

ඇයි උඹ කිව්වේ පොත දුන්නේ ඉරිදා කියලා

දැන් මොකද කියන්නේ

කාවා මේ පිස්සු කෙලලා නොන්ඩි වෙලා මටනම් කියන්න එපා හරිද? යකෝ ඉස්කෝලේ ටීචර් කෙනෙක්.
සචියා මේ, ඇත්තම සීන් එක මේකයි..............

මම සචියා ට මුළු සීන් එකම කිව්වා. මොනවා හරි වුනොත් උදව්වක් ගන්න ඉන්නෙත් ඌ විතරනේ

යකෝ උඹනම් මාරම ගේමක් තමයි දීල තියෙන්නේ. ඇයි ඒ කෙල්ලව මඩවන්නේ.

නෑ බං පොඩි ආතල් එකක් ගන්න හිතුවා

දැන් මිස් මොනවා හිතා ඉන්නවද දන්නේ නැහැ

මොනවා හිතන්නද බං, උඹ හිතනවද එයා කවදාවත් මේ අපි වගේ පොඩි කොල්ලන්ට සෙට් වෙයි කියලා.

මම දැක්කනේ ගේ සයිස් එක. සල්ලි ගහක් වගේ. අපි ව නිකං බයිට් කරලා එයා ආතල් එකක් ගන්න සීන් එකක් තියෙන්නේ

ඒකනම් ඇත්ත කාවා නැත්නම් මේ අපිට වඩා අවුරුදු තුන හතරක් වැඩිමල් කෙල්ලෙක් මොනවද අපිත් එක්ක කරන්නේ.

හ්ම්

කොහොම වුනත් සති අන්තය ළඟා වෙනකොට මට හිතුනා ඇත්තටම මෙයා මොනවටද එන්න හදන්නේ කියලා බලන්න නම් මෙයාව හම්බවෙන්නම වෙනවා කියලා. ඒත් ප්‍රශ්ණේ තිබුණේ දැනටම ඉස්කෝලේ කෙල්ලෝ කීප දෙනෙකුට ඉව වැටිලා තියෙන එකේ වැඩේ තවත් එළි වෙයිද කියන එක.

සාමාන්‍යෙයන් ඕනෙම කොල්ලෙක් මේ වාගේ අවස්ථාවක ගන්න තීරනේ මම ගත්තා.

එදා ඉරිදා වෙනද වගේම නුවරට ගියා.

වෙනසකට තිබුණේ මම ගියේ මගේ බයික් එකේ. බයික් එක නැති පාඩුව හොඳටම දැනිලා තිබ්බ නිසා මම කොහොමහරි අම්මට කියලා අඬලා වගේ ඉල්ලලා බයික් එකේ යන්න අවසරත්, පෙට්‍රල් ගහන්න සල්ලිත් ඉල්ලා ගත්තා.

මම බහිරව කන්ද පාරට හරවලා බලාගෙන හිටියා

ඒත් වෙනදා දකින මිස් දිලිනි හිටියේ නැහැ. මම හිතාගත්තා මෙයා හිටියේ නැත්නම් ක්ලාස් කට් කරන්නේ අපරාදේ නිසා ක්ලාස් යන්න ඕන කියලා.

ටිකකින් මම දැක්කා මෙයා වට පිට බල බල පාර දිගේ එනවා. මට එතකොටයි මතක් වුනේ මම ඉන්නේ හෙල්මට් එක දාගෙන කියලා.

මම ඒක ගලවලා ඒ පැත්ත බැලුවා. මාව දැක්ක ගමන් එයා නැවතුනා. මම අතින් එන්න කිව්වා.

ආ අද කොල්ලා කෙල්ලව එක්කන් යන්න බයික් එකේම ඇවිල්ලා වගේ

නෑ මිස්, මම කොහොමත් ගොඩක් වෙලාවට යන්නේ මේකේ තමයි. පහුගිය දවස් වල අම්මා පොඩි කේස් එකක් ෆයිල් කරලා බයික් එක අත්අඩංගුවට අරගෙන තිබ්බා, ඒකයි පයින් ගියේ

ඉතින් කාවින්ද ඔයා පොරොන්දු වුනා නේද අද මාත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න එනවා කියලා

ඔව්

ඉතින් අපි කොහොදම යන්නේ

මේකේ

අම්මෝ මටනම් බයයි. අනිත් එක ඔයාට ලයිසන් නැහැ නේද?”

බයික් පදින්න ලයිසන් ඕනම නැහැනේ. මම දැන් අවුරුදු තුනක් තිස්සේ මේක පදිනවා. කවදාවත් ඇකිසිඩන්ට් වෙලා නැහැ.

ඒත් කාවින්ද ඒක ඒ තරම් හොඳ නැහැ. කවුරුහරි දැක්කොත් අපි දෙන්නගේම  නම කැත වෙනවා.
ඒකත් එහෙමද?”

ඔව් කාවින්ද, ඔයා කොලේජ් එකේ ටීචර් කෙනෙක් එක්ක පාරේ කතා කර කර යන එක එකක්, ඒත් එයාව බයික් එකේ දාගෙන යන එක තවත් එකක්. අපි ගැන වැරදියට හිතයි අඳුනන කෙනෙක් දැක්කොත්

මට හොඳ වැඩේ, ඉස්කෝලෙ ටීචර් ස් ලා බයිට් කරන්න යනවට. ෂං වස ලැජ්ජාව. දැන් මොකද කරන්නේ?
කාවින්ද මොනවද කල්පනා කරන්නේ?”

නැහ්, මිස් ඔයා කියපු දේ හරියටම හරි, මම නෑවිත් ඉන්නයි තිබුණේ.

තරහ වෙන්න එපා කාවින්ද, මම කිව්වේ ඇත්ත.

මම මොකටද තරහ වෙන්නේ, කොහොමත් අපි දෙන්නා යාළු වෙලා හිටියේ නැහැනේ තරහ වෙන්න.

එහෙනම් මම යන්නම් කාවින්ද?”

හොඳයි.

මම ආපහු බයික් එක හරවගෙන ටවුන් එකට ආවා.

බයික් එක වැව අයිනේ නවත්තගෙන කල්පනා කළේ මට වුන ලැජ්ජාව.

කෑවයින් කෑවේ නැහැ මේ වගේ නෝන්ඩියක්.

සචියා දන්නවනම් මම ඉඳලා ඉවරයි.

දැන් ඉතින් අයේ එයාගේ මූනවත් බලන්නේ කොහොමද? කොලේජ් එකට ගියත් ඉන්න වෙන්නේ නොදැක්කා වගේ තමයි. මට හිතන්න තිබුණා දිනි මාත් එක්ක හැම තැනකටම යන්න ආවට වෙන කෙල්ලෝ විශේෂයෙන් මේ ඊයේ පෙරේදා අඳුරගත්ත අය එන්නේ නැති බව.

මම අන්තිමට හිතා ගත්තා මේ වගේ මෝඩ වැඩ නවත්තලා දාලා, තව දුරටත් නෝන්ඩි වෙන එක නවත්තලා දාන්න. හොඳම වැඩේ තමයි හැම දෙයක්ම අමතක කරලා දාන එක.

ඒත් මොන අමතක කිරීමක්ද, මට හැම වෙලාවේම මතක් වුණේ සිද්ධ වුන දේ. මට වුන ලැජ්ජාව. ඉතින් කොහොමද අමතක කරන්නේ.

දවසින් දවස මට ඒක අමතක වෙනවට වඩා වුණේ මතක් වෙන එක. මේ වුන දේට කොහොමහරි රිටන් එක දෙන්න ඕන කියලා හිතුනා.

ඒත් කොහොමද? එයා මට වඩා මේ වගේ දේවල් ගැන දන්නවා වගේ. ආයෙත් නෝන්ඩි වෙන්න වෙයිද කියලා බයකුත් ඇතිවුනා.

මොකද කාවා, අහස පොළව සෙට් කරන්න වගේ කල්පනාව?”

හ්ම්

මොකද යකෝ උලමා වගේ හ්ම් ගාන්නේ? ඇයි ආයෙත් මොනවා හරි නෝන්ඩි කර ගත්තාද?”

පිස්සුද බං

ඒක නෙවෙයි අර මිස් දිලිනි ගේ සීන් එක මොකද වුණේ, මේ සතියේම උඹ ඒකිව දැක්කත් හතර මායිමේ ඉන්නේ නැතුව දුවනවා

පිස්සුද බං?”

ඇයි උඹ ගෑනිට වල් කමක්වත් කරන්න ගිහිල්ලා ගුටි කෑවද?”

මම කතා කළේ නැහැ

එහෙමනම් පුතෝ හිතා ගනින් උඹ ජීවත් වුනා ඇති කියලා, මම ඇත්ත කියපං වහ ටිකක් ගෙනත් දෙන්නම්.
සචියා මේ බයිලා ගහන්න එපා බං.

උඹද මමද බයිලා ගහන්නේ කියලා තේරෙයි පහු වෙනකොට

ඌ මගේ හොඳම යාළුවා. ඌට දෙයක් හංගනවා බොරු. මගේ ඉරියව් පොඩ්ඩක් වෙනස් වුනත් ඌට දැනෙනවා. ඒක තමයි යාළු කම කියන්නේ.


ඒ මොනවා වුනත් මේ වුන දේ නම් කියන්න බැහැ.

3 comments:

  1. එක දිගට කතාව දාපු නිසා වැඩ පාඩු කරගෙන කියවලාම ඉවර කරා. නියමයි

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා. දිගටම කියවන්න. කමෙන්ට් එක ලොකු හයියක්. මේක ඉස්සර කියවපු ගොඩක් දෙනෙක් දැන් නෑ වගේ පේනවා.

      Delete