සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
21.
ඉස්කොලේ යන්න තව තියෙන්නේ එක මාසයක් විතරයි. ඒ ලෙවල් අත
ළඟටම ඇවිල්ලා. හැබැයි මට තාම ඒකේ බරපතල කම තේරුණේ නැහැ. සමහර එවුන් නම් දවසට පැය
ගණන් පාඩම් කරනවා. ඒත් මම.....
එදා ඉරිදා දවසක්. මම සුපුරුදු විදිහට ක්ලාස් ගියා.
ක්ලාස් ඉවර වෙලා ආපහු මම ටවුන් එකට එද්දි දිලිනි මිස් බස් හෝල්ට් එකේ ඉන්නවා.
“කාවින්ද... මම දැනගත්තා ඔයා එයි කියලා..... ක්ලාස්
ඉවරයි නේද?”
“ඔව් මිස්... ගෙදර යන්න හැදුවේ.”
“මම ආසයි ඔයත් එක්ක ටිකක් ඉන්න... ඒත් ඊට වඩා හොඳයි ඔයා
ගෙදර ගිහින් පාඩම් කරන එක...”
“ඔව් මිස් ටිකක් පාඩම් කරන්න ඕනේ තමයි. නැත්නම් අනාථ
වෙනවා. ඒක නෙවෙයි මිස් පුළුවන්ද අපිට ෆිසික්ස් ලෙසන් ටිකක් දෙන්න?”
“මොකද බැරි කාවින්ද... මම ඉස්කෝලෙට ආවෙත් ඒක උගන්වන්න
තමයි... ඒත් ඔයා වගේ කොල්ලෝ මට පන්තියේ උගන්වන් දුන්නේ නැහැනේ... ඒ නිසයි මම ලයිබ්‍රි
එකට ගියේ...”
“ඇත්තටම මිස්... මමයි, අමිලයි, සචිත්‍රයි එන්නද?”
“අපෝ ඕනේ වෙලාවක එන්න.... හැබැයි ඔය තුන්දෙනා විතරයි.
නැත්නම් මට ලැජ්ජයි වගේ.”
“අපි මෙහෙම කරමු මිස්. අපි ගෙදර එන්නේ නැතුව ටියුට්
ටිකයි පාස්ට් පේපර් ටිකකුයි කරලා මිස්ට දෙන්නම්... කරෙක්ට් කරලා දෙන්න... සැරෙන්
සැරේ අපි එහෙම කරමු.”
“ඒකත් හොඳයි කාවින්ද... නැත්නම් ඔයාව ගෙදරට ගෙන්න ගත්තහම
මට ඔයා එක්ක කතා කරන්න හිතෙනවා පාඩම් පැත්තක තියලා. අනිත් එක කාවින්ද මේ දවස් ටිකේ
පාස්ට් පේපර්ස්ම කරන්න.. ආයෙත් පාඩම් කරන්න දැන් වෙලා මදි.”
“ඔව් මිස්... දැන්නම් ආයෙ පාඩම් කරන්න වෙල නෑ. අපි සෙට්
වුනේ කුප්පි ටිකක් දාලා පාස්ට් පේපර්ස් ඩිස්කස් කරලා ගොඩ යන්න බලන්න.”
“ඔයාට බැරි නෑ කාවින්ද... මට ඇහිලා තියෙනවා බොට්නි ටීචර්
අනිත් අය එක්ක කතා වෙනවා ස්පෝර්ට්ස් අතෑරලා මේ අවුරුදු දෙක ස්ටඩීස්ම කළා නම් ඔයා
කිසිම අමාරුවක් නැතුව මෙඩිසින් යනවා කියලා.”
“ඒවනම් ඕනෙ නෑ... නිකං පාස් වුනොත් ඇති..”
“කොහොමහරි මේ දවස් ටිකේ මොනව හරි කරන්න. මමත් උදව්
කරන්නම්.”
“එහෙනම් මිස් මම යන්නද? ඔයාව ගෙදරින් දාගෙන යන්න
පුළුවන්.”
දිලිනි මිස් කිසිම කතාවක් නැතුව බයික් එකට නැග්ගා.
“කාවින්ද යං.”
මම ගෙදර එනකොට සචියා, අමිල, චතුර අපේ ගෙදර ඇවිල්ලා.
උන් ඉන්න හින්දා ටිකක් විතර ෆිට්. මේ මොන දේ කළත් දිනිව
දකින්න නොලැබුණ එක මගේ හිතට තදින්ම දැනුනා. වෙනදා නම් මේ වගේ වෙලාවට මට උපදෙස්
දෙන්නේ, උදව් කරන්නේ, ටොකු ඇණ ඇණ හරි පාඩම් කරන්න කියලා බල කරන්නේ දිනි. ඒත් දැන්
ඒක නැහැ.
මමවත් නොහිතපු විදිහට දිනි මට පනිවිඩයක් එවලා තිබුණා.
පැණියගේ කෙල්ල තමයි පණිවිඩේ ගෙනාවේ.
කෙල්ල පැණියට විස්තරේ කියලා ඌ ලව් කරන එකත් පැත්තක දාලා
මාව හොයගෙන ආවා. හිත හොඳ එකා උන් දෙන්නට ඉන්න තියෙන වෙලාවත් කැපකරලා මං වෙනුවෙන්
ආවා.
“කාවා... දිනූෂි උඹට පණිවිඩයක් කිව්වා.”
“කව්ද බං දිනූෂී?”
“යකෝ මගේ කෙල්ල...”
“ඒ කෙල්ල ඇයි බං මට මැසේජ් දෙන්නේ?”
“යකෝ, දිනිගේ පණිවිඩයක්. උන් දෙන්නා එක ඉස්කෝලේ, එක
පන්තියේ, එකට හොස්ටල් එකේ ඉන්නේ. එදා උඹ අපිව වලියෙන් බේරුවට පස්සේ දිනූෂී එක්
ගිහිල්ලා දිනිට කියලා. කෙල්ල කිව්වලු උඹට එග්සෑම් එකට විෂ් කරන්න ඕනේ කියලා. ඒ පාර
දිනූෂී කිව්වා උඹට එයාව හම්බවෙන්න කියලා දිනිගේ පණිවිඩේ දෙන්න.”
“ඉතින් බං උඹට අහගෙන එන්න තිබුණනේ?”
“පිස්සුද බං... ඒකි මගේ කෙල්ල වුනාම මටවත් කියන්නෑ. උඹටම
යන්න වෙනවා.”
බලාගෙන ගියාම කෙල්ලන්ගේ රහස් තමයි රහස්... තමන්ගේ
කොල්ලටවත් කියන්නෑ.
“දැන් කෙල්ල කෝ...?”
“මචං අපි දෙන්නා ෆිල්ම් එකක් බලන්න යන්න සෙට් වුනේ.
දිනූෂි කතාව කිව්වහම මම ඒකවත් නොබලා උඹව හොයාගෙන ආවා. මම දන්නවනේ දිනි නැතුව උඹ
කොච්චර අවුලෙන්ද ඉන්නේ කියලා.”
එහෙනම් යමු.
මම ඉස්සර වුනා. දිනිව බලන්න මගේ හිතෙත් ලොකු උවමනාවක්
තිබුණා. අපි දෙන්නා නුවරට ඇවිල්ලා වැව රවුමේ දිනූෂි එනකම් බලාගෙන හිටියා.
දිනූෂි ආවේ දිනිත් එක්කමයි. ඒ මම වෙනද දකින දිනි
නෙවෙයි. එයා සෑහෙන්න වෙනස් වෙලා. සෑහෙන කාලයක් අසනීප වෙලා හිටපු කෙනෙක් වගේ පෙණුම.
දිනිව දැක්ක ගමන් මට ඉවසන්න බැරිවුනා.
මම දුවලා ගිහිල්ලා එයාව බදා ගත්තා.
“දිනි.....”
“අයියේ...”
“ඔයාට මොකද වුනේ?”
“මට මොකුත් වුනේ නෑ අයියේ. ඒත් මට වැඩිකල් මෙහේ ඉන්න
බැරිවෙයි.”
“මෙහේ කියන්නේ?”
“ලංකාවේ. අම්මයි තාත්තයි ආයෙත් ස්විඩන් ගියා. අපිට හතර
දෙනාටම ආයෙත් එහේ සෙට්ල් වෙන්න වෙයි.”
“ඔයාට පිස්සුද දිනි. එක පාරක් අම්මලා ඒ හැමදේම විකුණලා
දාලා ලංකාවට ආවා. දැන් ආයෙත් යන්න හදන්නේ පිස්සුද?”
“නෑ අයියේ. මං නිසා.”
“මොකක්, ඔයා නිසා?”
“ඔව් අයියේ.”
“මට තේරුණේ නැහැ. අනිත් එක ඔයා නිදා ලංකාව දාල යන්න
වෙන්නේ ඇයි?”
“ඒක දිග කතාවක් අයියේ.”
“දිග කොට මට වැඩක් නෑ නංගා. ඔයා ඒක මට කියන්නම ඕනේ.”
“අයියේ.... අපිට බෑ ඔයාගේ තාත්තා එක්ක ප්‍රශ්ණ ඇති කර
ගන්න. ඒ අය දන්නවා මම ඔයාට ආදරේ කරනවා කියලා. ඔයා පහුගිය දවසක රෑ මාව හම්බවෙන්න
ආපු එකත් ඒ අය දන්නවා.”
මළා.... ඒ කියන්නේ කාවා ගේ කාඩ් කුඩු ද?
“ඔයාට තේරෙනවද අයියේ?”
“නෑ, ඒත් ඒකට තාත්තා මටනේ බනින්න ඕනේ. ඇයි ඔයාගේ ගෙදර අය
කලබල වෙලා.”
“ඔයා දන්නෑ අයියේ. දැන ගන්න අවශ්‍යත් නෑ.”
“නංගා විකාර කියවන්න එපා. ඔයාගෙයි මගෙයි යාළුකම අපේ
අම්මටවත් තාත්තටවත් ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද? අනිත් එක තාත්තා ඕක ඔය තරම් සීරියස්
ගන්නේ නැහැ.”
“ඒ ඔයා හිතන විදිහනේ අයියේ.”
මට කල්පනා කරන්න තැනක් තියලා දිනි කතාව නැවැත්තුවා.
“අයියේ ඒ ගැන කල්පනා කරන්න එපා. වෙලාව ආවහම ඔයා හැම දේම
දැනගනී. මම ගන්නේ අපි හැමෝගෙම ජීවිත වලට හොඳක් වෙන විසඳුමක්.”
“දිනි.. ඒ බයිලා මම දන්නෙ නෑ. හැබැයි මම එකක් කියන්නම්,
මම නිසා අපේ තාත්තා ඔයාලට බල කරනවා නම් රටෙනුත් යන්න කියලා, මම ඒක බලාගන්නම්. මාව
දාලා යන්න එපා. මට ඔයාගේ යාළුකම නැතුව ඉන්න බැරිවෙයි.”
“නෑ පුළුවන් අයියේ. ප්ලීස්, මේ වතාවේ මම කියන දේ අහන්න.
මම ගියාට ආයෙ එනවා. එන්න පුළුවන් හොඳම කාලෙදි මම ඔයා ලඟට එනවා. එතකං ඉවසන්න.”
“බලමු.”
“අයියේ, ඔයා හැම දෙයක්ම හොඳින් කරන්න. ඒ ලෙවල් කොහොම
හරි ගොඩ යන්න ඔයාට පුළුවන්. සමහර විට ඉන් පස්සේ ලංකාවේ නැතත් පිටරටක හරි ඩිග්රි එකක්
කරන්න බලන්න. ජීවිතේ හදාගන්න. කාගෙවත් උදව්වක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තරමට හැම
දෙයක්ම හදාගන්න.”
“ඇයි ඒ?”
“ඔයාට හැමදාම තාත්තගෙන් යැපෙන්න බෑ. ඒක හොඳත් නෑ. අනිත්
එක ඒකෙන් ඔයාගේ නිදහස සීමා වෙයි.”
“ඔව් මට තේරෙනවා. මම කොහොමත් හොඳින් ඉන්න බලන්නම්.”
“ඒක නෙවෙයි අයියේ, කව්ද ඔයාගේ අළුත් කෙල්ල?”
“මොකා?”
“මොකා නෙවෙයි ඔයාගේ අළුත් ආදරේ... ලස්සනම ලස්සන ගර්ල්
කෙනෙක් කියලා ආරංචියි.”
“පිස්සුද දිනි. මට එහෙම කව්රුවත් නෑ.”
“අන්න අන්න මගේ අයියා මට බොරු කරනවා. අයියේ.... කාට බොරු
කරත් ඔයාට මං ඉස්සරහ බොරු කියන්න බැරි බව දන්නේ නැද්ද. මුණෙන් පේනවා කියන බොරුවේ
තරම.”
“පිස්සුද දිනි.... මට එහෙම එකක් නෑ.”
“නැත්නම් හොඳයි.”
එයා ඇහෙන නෑහෙන ගානට කිව්වා.
“මොකක්ද?”
“නෑ.....”
“දිනි ඔයා යන අදහස ෂුවර්මද?”
“ඔව් අයියේ. මම ඉස්සෙල්ලත් කිව්වනේ, මම ගියාට එනවා.”
“හොඳයි.... ඔයා හැමදාම කරපු දේවල් වැරදුනේ නෑනේ. අනිත්
එක ඔයා ප්‍රොමිස් කරන දෙයක් කවදාවත් කඩලා නැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නම්.”
“අන්න මගේ හොඳ අයියා.”
දිනි එදා මගෙන් වෙන් වෙලා ගියේ ආයෙත් සෑහෙන කාලෙකට
දකින්න බැරිවෙයි කියන බය මගේ හිතට දීලා.
ඉවරද? :O
ReplyDeleteඉවරද? :O
ReplyDeleteනෑ තව ගොඩක් තියෙනවා.
ReplyDelete/* දිනූෂි ආවේ දිලිනිත් එක්කමයි. */
ReplyDeleteදිලිනි නෙමෙයි දිනී දිනී
තෑන්ක්යු වේවා.
Delete