Recent Post

Friday, April 21, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 2

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



කතාව
Kool Tempo





ප්‍රකාශකගේ ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රකාශනයේ කිසිදු කොටසක් කුමන ආකාරයකින් හෝ කුමන ක්‍රමයකින් ඉලෙක්ට්‍රොනිකව, යාන්ත්‍රිකව, ඡායා පිටපත් මගින් සම්ප්‍රේෂණය සහ භාවිතය පිණිස කිසියම් පද්ධතියක සටහන් කිරීම හා ගබඩා කර තැබීම සපුරා තහනම්ය.







2.

එදා උදේම මම නැගිට්ටේ මීට් එකට යන්න බලාගෙන. නැගිටින කොටම කොල් එකක් ආවා. අම්මා කුස්සියේ... වෙන කව්රුවත් නැහැ ෆෝන් එක ගන්න.

මේ කෙහෙල්මල උදේම පටන් ගත්තනේ. මම හිතින් බැන බැන ගියා.

“හලෝ”

“සුභ උදෑසනක් අයියේ...., මීට් එක හොඳින් කරන්න මගේ සුභ පැතුම්”

මේ හැමදාම වෙන දෙයක් තමයි. වැදගත් දේකට මම යනවානම් දිනි ඒ හැම දවසකම උදේම කතා කරලා මට සුභ පතනවා. පුදුම කෙල්ලෙක්. හැම දෙයක්ම මතකයි. මට හිතුනා.

“තෑන්ක්ස් නංගා, ඔයා කොහොමද මතක තියාගෙන හිටියේ. ලියාගෙනවත් ඉන්නවද ඕවා?”

මම උදේ පාන්දරම ගොන් ප්‍රශ්නයක් ඇහුවා

“ඔයාගේ දෙවල් මට ලියලා තියන්න ඕනේ නැහැ අයියේ... ඒ හැමදේම මෙතන තියෙනවා. මට එයාව නොපෙනුනත් එයා පපුවට අත තියලා ඒ ටික කිව්ව බව මම දන්නවා

“මෙතන කිව්වට මට පේන්නෑනේ නංගා”‍‍

“මෝඩයෙක් මදිවට බොරුත් කියනවා. ඔයාට මාව පේනවා. නොපෙනුනත් දන්නවා මම කිව්ව දේ”

ඒක ඇත්ත තමයි. මම දන්නවා එයා කියන දේ

දිනී මගේ ඥාති සහෝදරියක්. ඒ වගේම මගේ හොදම මිතුරිය. මගේ හැම දෙයක්ම මගේම අම්මටත් වඩා දන්නේ දිනි. අම්මා මාව මොනතරම් දන්නවා වුනත් මම කරන හොරවැඩ දන්නෑ. ඒත් දිනි එහෙම නැහැ. එයාට බොරුවක් කරන්න නම් බැහැ. කොහෙන් හරි එයාට මාව දැනෙනවා.

“වන්ස් එගේන්, තෑන්ක්ස් නංගා.....”

“වෙල්කම් අයියේ, මේ නංගි හැමදාම අයියා වෙනුවෙන් ඉන්නවා”‍

“ඉතින් නංගා ඔයා එන්නෙ නැද්ද බලන්න?”‍‍

“බැරිවෙයි අයියේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක වැඩ වගයක් තියෙනවා කට් කරන්න අමාරුයි. අනිත් එක මගේ අයියා කවදද මාව බලන්න ආවේ?”

ඒකත් ඇත්ත. දිනිට මාව සම්භන්ධ හැම දේම මතක තිබ්බත්, මට හැමදාමත් දිනිගේ දේවල් අමතක වෙනවා. උපන් දිනේ මතක තියා ගන්නෙත් පුදුම ගේමක් දීලා. ගොඩක් වෙලාවට මට ඒක මතක් කරන්නේ සචියා, නැත්නම් අම්මා.

“සොරි නංගා. මේ සැරෙනම් මේ මල උලව් මීට් එක ඉවර වුන ගමන් එනවා.”

“හරි හරි අයියේ මේ උදේම අප්සෙට් වෙන්න එපා මම විහිළුවට කිව්වේ. දැන් යන්න. මං වෙනුවෙන් දිනලා එන්න”

“ෂුවර්”

“ඒක නෙවෙයි අයියේ, එදා ඔයා කිව්වා නේද සර් ඔයාට රග්බි වලට කතා කරනවා කියලා?”

“ඕව්.”‍

“යන්න එපා අයියේ.... මම කැමති නැහැ ඔයා ඒ වගේ දරුණු දේවල් වලට යනවට”

“බලමුකෝ නංගා. මගේ පොඩි ආසාවක් තියෙනවා. බලමුකෝ”

“හොඳයි, එහෙනම් යන්න”

මම වෙලාවටත් කලින් පිට්ටනියට ගියා. මොකද අපේ එවුන් මොනවා කරනවද කියල බලල ලෑස්ති කරන්න ඕනේ. ඉවෙන්ට් එක තියෙන වෙලාවල් වලට උන්ව යවන්න ඕනේ. නැත්නම් මුන් එකෙක්වත් ගණන් ගන්නේ නැහැ. ට්‍රිප් එකක් ආවා වගේ ආතල් එකේ කකුල් උඩ දාගෙන නිදාගෙන ඉන්නවා.

මම උදේ තියෙන වැඩ ටික ඉවර කරලා කෑම කන්න පැත්තකට ආවා සචියත් එක්ක.

“කාවා”                      
      
“මොකද බං උඹ කෙල්ලෙක් වගේ වටේ කැරකෙන්නේ?”

“මචං අර කෙල්ල අද උඔ ගැන මගෙන් ඇහුවනේ”

“මොන කෙල්ලද බං?”

“අර ගර්ල්ස් එකේ කෙල්ල බං. ටූ හන්ඩ්‍රඩ් මීටර්ස් කරන්නේ”

මූ මොන කෙල්ලෙක් ගැන කියනවද කියලා මට මතක නැහැ.

“හරි ඉතින් කියපංකෝ”

“අනේ යකෝ, ඉතිං කියන්නේ නැතුව ටිකක් ඒකිගෙ මූණ බලල හිනා වෙයං, ෂුවර් බඩු, උඹට දාගන්න පුළුවන්.”

“මේ විකාර නැතුව හිටපං, මං දන්නේ නැද්ද හැටි, ඕව වාත කේස් බං”

“මචං, කෙල්ල මගෙන් උඹ ගැන ඇහුවා මමත් කියල දැම්මා.”

“මොන මගුලක්ද බං.  උඹ ජාතකේ ඔක්කොම කියල දැම්මද?, අනේ ගොනෝ තොට වෙන වැඩක් ඇත්තෙම නැද්ද?”

“මචං තරහ වෙන්න එපා, කෙල්ල පවු බං, උඹ ගැන මැරෙන්න හදනවා, ඒකයි මං කිව්වේ උඹට දැනට කවුරුවත් නැහැ කියලා”

යාළුවා නිසා මූට මොනවා කරන්නද, තරහ වෙලත් බැහැ මුගෙන් වෙන වැඩ තියෙනවා කරගන්න.

මුගෙන් බේරෙන්නම බැරි තැන මම මීට් එක ඉවර වෙන්න කිට්ටු වෙලා ගියා ඌ ළගට

“හරි හරි, පෙන්නපන්කෝ කෙල්ලව”

සචිත්‍ර මාව පිට්ටනියේ එක පැත්තකට එක්කගෙන ගියා.

එයා ඇත්තටම මාව බලාපොරොත්තුවෙන් එතන හිටියා.

මම කිසිම වෙලාවක බලාපොරොත්තු වුනේ නැහැ මේ විදිහේ දෙයක්.

ඔන්න දැන්නම් මාත් ටිකක් අපහසුවට පත්වුනා වගේ.

මම ඇසිපිය නොහෙලා එයා දිහා බලා සිටියා.

සචිත්‍ර මට පිටිපස්සේ ඉදලා ඇගිල්ලෙන් අනිනවා

මම හෙමිහිට පිටිපස්සට හැරුණා. 

“මොකක්ද යකෝ කරන්නේ.?”

“ගොනෝ, ලගට ගිහින් කතා කරපං”

“මොනවද?”

“ඕනෙ මගුලක් අහපං”

“දැන්මම මගුලක් ගැන අහන්න බැහැ බං.”

“පලයං යකෝ”

“හ්ම්”

මේච්චර මේ ඉවෙන්ට්ස් වලින් දිනලා, අනිත් එවුන් පරද්දලා ඉන්න මට මේව වැඩද, මමත් ගියා ඉස්සරහට

“හලෝ, හව් යූ ඩුයින්?”

මමත් කඩ්ඩෙන්ම ඇරලා දැම්මා. මොකද මේ ඉස්කෝලෙ අය කතා කරන්නෙම කඩ්ඩෙන් කියලා මම අහල තිබුනා.

සචිත්‍රයා කට වහගෙන හිනා වෙනවා. ඌ දන්නවා කතාව දුරදිග ගියොත් මම හිරවෙනවා කියලා.

කරුමේ කියන්නේ එයා කතා නැහැ.

මට මාර අප්සෙට් එක.

“සෝ ආ යූ ලීවින් ෆෝ ටුඩේ?”

මම දන්න තව වචන ටිකක් ඇදබෑවා.

“යස්, ජස්ට් වේටඩ් ෆො මයි ෆ්රෙන්ඩ්ස් හියර්. ඩූ අයි නෝ යූ?"

කාල වරෙං, මූ මට කියලා තියෙන්නේ බොරුනේ මේ කෙල්ල මං එනකං බලාගෙන හිටියා කියලා.

“ඕකේ බායි දෙන්”

මම ෂේප් වුනා.

පිටිපස්ස බලනකොට සචිත්‍ර ඌ නෙවෙයි වගේ අහක බලාගෙන

“හිටපං තොට මං කරන වැඩේ බලන්න, ඇයි බූරුවෝ බොරු කිව්වේ. බලපං නෝන්ඩි වුන තරම.”

“අඩේ සොරි මචං, මේ කෙල්ල මටත් කියලා තියෙන්නේ බොරුනේ උඹව හම්බවෙන්න ඕනේ කියලා.”

“දැන් ඉතිං මොනව කරන්නද, යමං කඩේ පැත්තේ ෆැග් එකක් ගහල ගෙදර යමං”

මමත්, මගේ මිත්‍ර‍යත් අපහසුවට පත් වෙන්න එයා අපිව දන්නේ නැති විදිහට කතා කළාට පස්සේ අපි දෙන්නා හෙමිහිට ෂේප් වෙලා ගියා ටවුමට.

මම පහුවෙනිදා උදේම ක්‍රීඩාංගනයට යන්න පිටත් වුනේ දෙවන දවසේ මම සහභාගි වන තරගයක් තියෙන නිසාත් ටිකක් සැහැල්ලුවෙන් ඉදලා ඉදිරිපත් වෙන්න ඕන නිසාත්.

මම ඇතුලට යනකොට ඇවිත් හිටියේ කීප දෙනයි. ඒ අතර මම දකින්න බලාපොරොත්තු නොවුනම කෙනෙකුත් හිටියා. ඒ තමයි ඊයෙ සවස මම කතා කළ ගැහැණු ළමයා.

එයා මාව දැකලා හිනා වුනා. ඊයෙ වුන කරදරේ මතක් වෙලා මම ගණන් ගන්නෙ නැතුවම හිටියා. එයා දිහා බලලා හිනාවෙලා පස්සෙ කියයි එයා හිනා වුනේ මට නෙවෙයි කියලා. ඉතින් මම පසු පාදයේ ආරක්ෂාකාරී පහරකට යන්න තීරණය කළා. යන්තම් එයා දිහා බලලා හිනා වෙලා අහක බලා ගත්තා.

මෙන්න කෙල්ල එකපාරටම මගේ පැත්තට එනවා. මට හීන් දාඩිය දාන්න පටන් ගත්තේ සචිත්‍රවත් ආරක්ෂාවට ළග නැති බව මතක් වෙලයි.

කෙල්ල මගේ ළගටම ආවා. මම දැක්කේ නැහැ වගේ සපත්තු වල නේල්ස් හදන්න පටන් ගත්තා. 

“ඔයා කාවින්ද නේද?”

මම කතා නැතිවම එයා දිහා බැලුවා

“අයියේ, මම ඊයේ කතා කරපු විදිහට තරහා වුනාද?

තරහ වෙන්න අපි යාළු වෙලා හිටියද?

මම ඒ ටික කිව්වේ නැහැ!

“අනේ සෝරි කාවින්ද, මට ඔයාට කතා කරන්න අකමැත්තක් තිබුනේ නැහැ, ඒත් යාළුවෝ ගොඩ දෙනෙක් හිටපු නිසා මම කැමති වුනේ නැහැ ඒ වෙලාවේ කතා කරන්න, අයි ඇම් ටෙරිබ්ලි සොරි!”

මල කෙළියයි, මෙන්න මේ විකාරෙ දැන් සමාවත් ඉල්ලනවා.

මම තාම වචනයක්වත් කිව්වේ නැහැ කියලා තේරුනේ එතකොටයි.

“අහ් නැහැ! මමත් හිටියේ ගෙදර යන්න හදිස්සියේ නිසා මට ඒක ඒ තරම් ගානක් ගියේ නැහැ. අනිත් එක මම ඔයාව දන්නෙත් නැහැනේ.”

"එහෙනම් කමක් නැහැ!" එයා එහෙම කිව්වා නෙමෙයි, යන්තම් කොදුරනවා ඇහුනා

“එහෙනම් අයියේ මම යන්නම්, අද දෙවෙනි ඉවෙන්ට් එක මගේ”

“ආ හරි, ඒත් මම ඔයාගේ නම දන්නේ නැහැනේ.”

“මම ලයාංගි”

“ඕකේ ලයාන්ගි, බෙස්ට් ඔෆ් ලක්”

“තෑන්ක්ස් අයියේ”

එයා මාව කොරවෙලා යන විදිහේ ලස්සන හිනාවක් දාලා, ගියා.

අප්පා ඇති යන්තම් ගැලවුනා.

මම අනිත් පැත්ත හැරිලා ඇදුම් මාරු කරන්න හැදුවා.

“අනේ යකෝ දැන් අපි නැතුවම වැඩේ කරගෙන වගේ නේද, ඇයි කෙල්ල ගියේ මම එනවා දැකලද?”

“වෙන්න ඇති, මොකද උදේ පාන්දර උඹ වගේ මූසලයෙක් දැක්කොත් ඉවෙන්ට් එකවත් කරගන්න බැරි වෙයි කියල හිතල වෙන්න ඇති.”

“අඩෝ කැත කතා කියන්න එපා, නරක් වෙලා තියෙයි උදේම මාව දැක්කොත්”

“නෑ ප්‍ර‍ශ්නයක් නෑ, මට වගේ තියෙයි කිසිම වගතුවක් නැතුව හැමදාම. මොන කරුමෙකටද බං උඹ හැමදාම උදේ පාන්දර මාවම හොයාගෙන එන්නේ.”

“යකෝ බලු කතා කියන්න එපා.”

“හරි හරි මචං සචි, දැන් බලපං කවුද තාම ඇවිත් නැත්තේ කියලා”

දවස ගෙවිල ගියා. ඒත් ලයාංගි ට නම් කතා කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.

මේ විදිහට තරගාවලියත් ඉවර වුනා. අපි දෙන්නා ආයෙත් හමුවෙමු කියලා වත් කියන්න වෙලාවක් ලැබුනේ නැහැ. මොකද මේ තරගවලදි මම කණ්ඩායම් නායකයා නිසා තියෙන වැඩ වැඩියි. අන්තිම දවසෙත් තරග ඉවර වෙලා එයා මම ඉන්න පැත්තට ආවෙ මට කතා කරන්න වුනත් ඒ වෙනකොටත් මම අපේ කණ්ඩායමේ අය වට කරගෙන දවසේ ප්‍රගතිය ගැන කතා කරනවා. ඉතින් ලයාංගි යන්න ගියා. මටත් කරන්න වෙන දෙයක් තිබුනේ නැහැ. අපේ එවුන් ඉස්සරහ කතා කළානම් එහෙම පහුවෙනිදා රූපවාහිනී නිවුස් හෙඩ් ලයින් දැම්මට වඩා ප්‍රසිද්ධියක් ලැබෙන්න තිබුනා.

සති දෙකක් විතර පාසැල් ජීවිතය බොහොම ඒකාකාරී විදිහට ගතවුනා. සචිත්‍රත් මේ ගැන වැඩිය කතා කළේ නැහැ මොකද පාසැලේ දී මම තහනම් වචනය විදිහට දාලා තිබුනේ මේ සිද්ධිය. මමත් මේ ගැන තවත් එක පිස්සු වැඩක් කියලා හිතල අමතක කරන්න උත්සහ කළා. ඒත් මොන පුදුමෙකටද මන්දා මට වැඩක් නැතුව ඉන්න හැම වෙලාවකම මතක් වුනේ ලයාංගි කියන නම. ඒ නම මට හරිම සමීප ගතියක් දැනුනා.

මට කීප දවසක්ම හිතුනා සචියාට කියලා කෙල්ලව හම්බවෙන්න පොඩි උත්සාහයක් ගන්න, ඒත් ඌ මාව කන්න හදයි බයිට් එකට කියලා හිතුන නිසා වැඩේ අතෑරලා දැම්මා.

සෙනසුරාදා දවසක උදේම අපි දෙන්නා පාසැලට යන්න පිටත් වුනේ එදා අපේ මලල ක්‍රීඩා පුහුණු කදවුරක් පටන් ගන්න නියමිත ව තිබුන නිසා.

“මචං කාවා අද නම් උඹට දවස හොද වෙයි”

සචිත්‍ර සුපුරුදු විදිහට වහෙන් ඔරෝ කතාව පටන් ගත්තා.

“මචං මේ විකාර කියවන්නේ නැතුව හිටපං”

මම එහෙම කිව්වට හිතේ පොඩි බලාපොරොත්තුවක් තිබුනා ලයාංගි අද එයි කියලා.

ඇත්තටම මටම පුදුම හිතුනා මට මොකද මේ වෙන්නෙ කියලා. මේක ආදරයද, ඒත් "ලව් ඇට් ෆර්ස්ට් සයිට්" කියන එක මම නම් විශ්වාස කළේ නැහැ.

ඔන්න දැන් වැඩේ පටන් ගත්තා. මම ඉස්කෝලෙ මලල ක්‍රීඩා නායකයා නිසා අදත් වැඩ වැඩී.

උදේම අපේ මලල ක්‍රීඩා භාර සර් කතා කරලා සෑහෙන වැඩ ගොඩක් පැවරුවා. සචිත්‍ර හැමදාම මගේ අතිජාත මිත්‍රයා වගේ මගේ වැඩ වලින් බාගයක් විතර කරට ගත්තා.

“මචං කාවා, කෙල්ල ආවොත් උඹ ඒ පැත්තට පලයං. මේ වැඩ ටික මම බලාගන්නම්. හැබැයි පරිස්සමින් කතා කරපං, අපේ උන්ට සැක හිතුනොත් අදම උඹලව බන්දලත් දායි.”

මූ නං ඇත්තටම යාළුවෙක් තමයි. නැත්නම් මේ වගේ කටු කාගෙන මට උදව් කරයිද?

ටිකකින් ලයාංගිගේ ඉස්කෝලෙ ළමයි ආවා. ඒත් එයානම් පේන්න හිටියේ නැහැ. මමත් පිට්ටනියේ දුර ලකුණු කරන ඉනි අරගෙන එන්න වගේ ක්‍රීඩාගාරයේ ඒ අය ඉන්න පැත්තට ඇදුනා.

ඒත් මම දකින්න බලාපොරොත්තු වුන ලයාංගි නම් හිටියේ නැහැ.

මගේ බලාපොරොත්තු නැතිම වෙලා යන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මගේ පිටිපස්සෙන් කෙනෙක් කතා කළා!

මම හැරිලා බලනකොට මේ ඉන්නේ 'දිනී'!

'හලෝ දිනී, මගෙ අම්මේ දැක්ක කල්'

“ඔන්න අයියේ, ඔයා පොරොන්දුව තිබ්බා. මාව බලන්න ආවනේ”

මට එතකොටයි මතක් වුනේ මීට් එක දවසේ උදේ මම එයාට පොරොන්දු වුනා එයාව බලන්න එනවා කියල.

“මොකද අයියේ කල්පනා කරන්නේ දැන් නේද මතක් වුනේ?”

“නෑ නංගි අමතක වුනේ නැහැ..... මට ඔයාව අමතක වෙන්න නම් මට අනිත් හැමෝම අමතක වෙලා ඉන්න ඕනේ නංගි”

“අනේ මේ විකාර කියවන්නේ නැතුව ඉන්න අයියේ, දැන් අපිව මතක තියෙන්නේ කොහෙද අලුත් යාළුවෝ ඉන්නකොට”

“මොන අලුත් යාළුවොද දිනී?”

“ඇයි අපේ කොලෙජ් එකේ ලයාංගි කියලා කෙනෙක් එක්ක මොකක්ද එකක් තියෙනවා කියලා ආරංචි වුනා මට”

මට නිකමටවත් මතක් වෙලා තිබුනේ නැහැ දිනී සහ ලයාංගි දෙන්නම එකම ඉස්කෝලෙ එකම පන්තිවල කියලා. දැන්නම් වැඩේ ටිකක් නරක අතට යනවා වගේ. මොකද දිනී ලයාංගිව අදුරන්නේ නැති වුනාට ඒ කව්ද කියලා හොයා ගන්න එක පැයකින් කරන්න පුලුවන්. මට වෙන්නේ බ්ලැක්මේල් වෙන්න.

“මොකක්, කවුද ඒ පිස්සු කතාව කිව්වේ? තනිකරම බොරුවක් හලෝ”

“ඇත්තද, අනේ පවු. ඒකද දන්නේ නැහැ අපිවත් අමතක වෙලා තියෙන්නේ?”

“අනේ දිනී, මම මේ ඇත්තටමයි කියන්නේ කව්ද ඔය බොරුව කිව්වේ. මම එහෙම කෙනෙක් හම්බවෙලා කතා නම් කළා තමයි. ඒත් ඔය කියන විදිහේ පිස්සුවක් නම් නැහැ.”

“කිව්වේ කව්ද වැඩක් නැහැනේ, කතාව ඇත්තනේ?”

“ඔයාට ඕනෙ දෙයක් හිතා ගන්නවා, මගේ එහෙම පිස්සු අදහසක් නැහැ.”

“හරි හරි අපි බලමුකෝ අයියේ”

මේ කෙල්ලට කව්ද මේ කතාව කිව්වේ. යකෝ දැනටම මේක මුළු පලාතම දන්නව වගේ. මට හිතුනා.

බලනකොට මේ ගැන දැනගෙන හිටියේ මමයි, ලයාංගියි, සචිත්‍රයි විතරයි නේ.......

ආ ඔය තියෙන්නේ.............

ආයෙත් මගේ අතීසාර මිත්‍රයා හොද වැඩක් කරලා වගේ

මම හිමිහිට සචිත්‍ර හොයාගෙන ගියා. මිනිහා බරටම තවත් ගැහැණු ළමයෙකුත් එක්ක කතාව.

"බූරුවෝ, පොඩ්ඩක් මෙහෙට වරෙන්."

සචිත්‍ර ගැස්සිලා හැරුනා

“ඇයි බං?”

“මෙහෙ වරෙන්”

සචිත්‍ර පැත්තකට ආවා

“මේ උඹ කවද ඉදලද නිවුස් චැනල් එකක් පටන් ගත්තේ?”

“මොකක්?

“යකෝ, උඹ කතා කරනකොට කටට බ්රේක් නැත්තං කතා නොකරම හිටපං”

“විකාර නැතුව කියපං මොකක්ද සීන් එක කියලා?”

“ලයාංගි ගැන සීන් එක දිනීට කිව්වේ ඇයි බූරුවෝ?”

“ආ ඒකද? මම බැලුවා පොඩි සපෝට් එකක් ගන්න පුලුවන්ද කියලා බලන්න. උන් දෙන්නම එකම ඉස්කොලෙ නිසා.”

“මොකක්? උඹ මොනවද දිනීට කිව්වේ?”

“වැඩිය දෙයක් නැහැ, උඹ ලයාංගි කියලා කෙල්ලෙක් ගැන මැරෙන්න හදනවා කිව්වා, එකම කොලෙජ් එකේ නිසා පොඩ්ඩක් විස්තර හොයලා දෙන්න කිව්වා”

“ඇයි මම දැන් කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, හොදටම කෙට්ටු වෙනකං කල්පනා කරනවා කියල කිව්වේ නැද්ද?”
“නෑ බං සිරාවට ඒක කියන්න අමතක වුනා”

“හිටපංකෝ මට උඹේත් මොකක් හරි අහුවෙනකං, මම නම් කෙලින්ම උඹේ අම්මට තමයි නිවුස් එක දෙන්නේ, උඹ වගේ තැනින් තැන නොකියා.”

එදා ලයාංගි ඒ පුහුණු කදවුරට ආවේ නැහැ. ඒත් මගේ හිතේ තිබුන බලාපොරොත්තුව හිතාගන්නවත් බැරි විදිහට වැඩි වුනා. ඉක්මනටම එයාව දකින්න ඕනෙ කියන සිතුවිල්ල මගේ හිතට ආවා.

සචියා කොයි වෙලාවෙත් මගේ වටේ කැරකෙනවා.

“මොකද බං උඹට වෙලා තියෙන්නේ, පිස්සුද නැත්නම් හැටිද? හැම වෙලාවෙම මගේ වටේ කැරකෙනවා.”

“නෑ බං, මට දුක උඹ ගැන. කොහොම හිටපු කොල්ලෙක්ද? දැන් කෙල්ල දැක්කේ නැතිවුනාම අස්සයා මැරිච්ච කව් බෝයි වගේ බං උඹේ මූන”

“මේ මගේ යකා අවුස්ස ගන්න එපා. මේ මලදානයක් කරේ ගැහුවේ මමද, උඹද?”

“හරි මම කියමු. ඒත් උඹට එපානම් අමතක කරල දාලා හිටපං”
“මම අමතක කරල තමයි ඉන්නේ බං”

0 comments:

Post a Comment