Recent Post

Friday, April 21, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 1



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි



කතාව
Kool Tempo




ප්‍රකාශකගේ ලිඛිත අවසරයකින් තොරව මෙම ප්‍රකාශනයේ කිසිදු කොටසක් කුමන ආකාරයකින් හෝ කුමන ක්‍රමයකින් ඉලෙක්ට්‍රොනිකව, යාන්ත්‍රිකව, ඡායා පිටපත් මගින් සම්ප්‍රේෂණය සහ භාවිතය පිණිස කිසියම් පද්ධතියක සටහන් කිරීම හා ගබඩා කර තැබීම සපුරා තහනම්ය.



1.
“මචං කාවා, උඹ යන්නෙ නැද්ද ප්‍රැක්ටිස් වලට”

“යමං යමං, මීට් එකට තව දවස් තුනයි, එක පාරක් වත් මීටර් පනහක් වත් දුවල ටයිමින් බලන්න බැරිවුනා, මේ සැරේනම් කනවා කෑමක් කෙල්ලෙක්ගෙවත් මූණ බලන්න බැරිවෙන්න”

“ඒක තමයි යකෝ, මේ දවස් ටිකේම පිස්සු කෙලියා මිසක් මොනවත් කරේ නෑනේ බං”

“සචියා මම කියන්නද? අපි පනහේ කෑලි දෙකක් දුවල බලමු, මචං මට ෂුවර් ස්පීඩ් අප් වෙලා නෑ, ෆෝ එක දුවන්නනම් ෂුවර්ම නෑ, සති ගාණකින් එන්ඩියුරන්ස් ට්‍රේනින්ග් කලේ නැහැ. ෆුල් අනාතයි"

…….. මම කාවින්ද. මම තමයි කොලෙජ් එකේ මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා. හරියටම තව දවස් තුනකින් දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරඟ ආරම්භ වෙනවා. මට සෑහෙන වැඩ කොටසක් ඊට කලින් කරන්න තියෙනවා‍‍. එකක් කාරණයක් මගේ ඉසව් දෙක. මීටර් හාරසියය සහ උස පැනීම. මේ දෙකටම මම එකවගේ දක්ෂයි. මීටර් හාරසියයෙන් සහ උස පැනීමෙන් මට නැෂනල් කලර්ස් තියෙනවා. මම දැන් මේ තරඟාවලියේදී මේ දෙකට ලෑස්ති වෙන්න ඕනේ. ඊට අමතරව මගේ කණ්ඩායමේ අනිත් අය ඒ අයගේ මට්ටමෙන් සූදානම් ද කියලා බලන්න වෙනවා.

මගේ හොඳම යාළුවා තමයි සචිත්‍ර‍ අපි කියන්නේ සචියා කියලා. ‍සචියා තමයි මගේ ‍හැම වැඩකදීම උදව්වට ඉන්නේ.

මම සචියට කතා කළා.

“මචං සචියා, පොඩ්ඩක් බහිමුද වැඩේට. පොඩි උන් ලෑස්තිද කියල බලමු.”

“මොකද බං උඹ කරන්නේ මේ දවස් වල සිහියෙන් නෙවෙයි ඉන්නේ. කෙල්ලෙක්වත් සෙට් වෙලාද?”

“සචිය මෙ උඹ දන්නවනේ මම එහෙම නෑ කියලා. මේ ස්පොර්ට්ස් එක්කයි, ස්ටඩිස් එක්කයි කොහෙද බං තව කෙල්ලොත් එක්ක සෙට් වෙන්න වෙලාවක්?”

“ඒකනම් ඇත්ත බං, උඹට කෙල්ලෝ ඇලජික් කියල මම දන්නවා.”

“එහෙම මගුලක් නෙවෙයි බං, මට ඇත්තටම ඔය සබ්ජෙක්ට් එක වාත කියල හිතෙනවා”

“උඹට ලස්සන කෙල්ලෙක් දැක්කම ලව් කරන්න හිතෙන්නෙම නැද්ද බං?”

“හිතෙනවා බං, ඒත් වෙලාවක් නැහැ”

“තොටනම් පිස්සු, අපි මේ කෙල්ලෙක් සෙට් කරගන්න දහදුක් විඳිනවා, උඹට ගෙඩි පිටින් කෙල්ලෝ පැනි හලනවා”‍

“පිස්සුද බං, කව්ද?

“මේ වෙනකොට කෙල්ලෝ කී දෙනෙක් උඹ ගැන අහල තියෙනවද බං?”

“ඒ ලව් කරන්නද බං, මගේ නම අහල ඇති, නැත්නම් වෙන විස්තරයක් අහල ඇති”‍

“අනේ ගොනෝ, කෙල්ලෝ එහෙම අහන්නේ මොකද ඒක ලියලා පස්සේ ගන්න තියන්නද? නෑනේ බං”

“මමනම් දන්නේ නැහැ, මම දැනුවත්ව නම් එක කෙල්ලෙක්වත් මට ලව් කියලා කියල නැහැ”

“කොහෙද ගොනාට මොලේ දෙන්න බෑනේ. කාවා උඹටනම් සිරාවටම පිස්සු”

මොන විදිහෙන් හරි අපිට පුළුවන් වුනා අවශ්‍ය දවස වෙනකොට ලෑස්ති වෙන්න.

මීට් එකට කලින් විදුහල්පති පියතුමා අපිට කතා කළා.

“කාවින්ද දැන් කොහොමද තත්වය? මම සර් එක්කත් කතා කළා, මේ සැරේ ටිකක් කට්ටිය මදි වගේ කිව්වා. මොකද ඒ?”

“ටිකක් ප්‍රැක්ටිස් කරන්න කල් මදිවුනා ෆාදර්”

“ඇයි ඒ?, කමක් නැහැ හැම කෙනෙක්ම මොකක් හරි ජයග්‍ර‍හණයක් ගේන බව මම දන්නවා. මට මගේ ළමයි විශ්වාසයි"

ඇත්තටම අපිට බැරි වුනත් අපේ විදුහල්පති පියතුමා කතා කරන්නේ එහෙමයි. අන්තිම අඩියක හිටියත් අපේ මොරාල් එක වැඩි කරන්න හැදුවා මිසක් කවදාවත් බැරි කතා කියල නැහැ.

ඒක අපිටත් හිතට ලොකු හයියක් වුනා. අන්තිමට එක ප්ලේස් එකක්වත් නැතුව ආවත් විහිළුවක් කරලා, ඊළග පාර මට ෂුවර් කියනවා. ඒක අහුපුවාම ඒ සැරේ කොල්ලෝ ටික පණ දාගෙන ප්‍රැක්ටිස් කරනවා. එහෙමයි ඇඟට ඒ ගතිය ආවහම. විදුහල්පති පියතුමත් කොල්ලන්ගේ මේ ගතිය දැනගෙන හිටියා. ඒ නිසා හැමදාම ඒ විදිහට අපිව දිරිමත් කළා.

 “යමං කෝ මීට් එකට, අද තමා පුතේ උඹ චූ කොල්ලන්ටත් පරදින්නේ. බලමුකෝ කාවා ගේ වැඩ.”

සචියා පටන් ගත්තා. ඌ එහෙම කියන්නේ තරහට නෙවෙයි, මට තියෙන ආදරේට. ඌ දන්නවා මොනවාහරි කියල මාව ඇවිස්සුවම මම කොහොමහරි මීට් එකේ ප්ලේස් කරනවා කියලා

“සචියා, හයි ජම්ප් එක නම් මේ සැරේ බැරිවෙයි. කකුල දිගාරින්නවත් ෂුවර් නැහැ. ෆෝ එකනම් මම ගහනවා”

“අපරාදේ බං, ෂුවර් ඉවෙන්ට් එකක්. අර සෙන්ට්‍ර‍ල් එකේ ඉන්න එකා එක්ක ටිකක් අමාරුයි නේද? උගේ කකුල් කඩන්න පුළුවන් නම් පට්ට”

“පව් කතා කියන්න එපා යකෝ, අපි මේ හැම සැපක්ම අරගෙන ලොකු ඉස්කෝල වලට ගිහිල්ලා, මස් මාළු සොසේජස් කාලා, ෆුල් අවුට්ෆිට් ගහලා, .තියෙන හොඳම ස්පයික්ස් දාලා, කරන ඉවෙන්ට් උන් ඔය එක මගුලක්වත් නැතුව කරනවා. අපිට මීට් එකට යන්න වෙනම කිට් එකයි, වොම්අප් කරන්න වෙනම කිට් එකයි, ඉවෙන්ට් එකට වෙනම කිට් එකයි, උන් ඇඳගෙන එන එකම කිට් එකෙන් ඔක්කොම කරනවා. ඇත්තටම උන් අපිට වඩා ටැලෙන්ටඩ් බං”

සචියා පුදුම වෙලා බලාගෙන ඉන්නවා.

“උඹ දැන් සමාජවාදියෙක් වෙලාද?”

“දන්නැති කුණුහරප කතා නොකර හිටපං බං, සමාජවාදියා මොකාද මට වැඩක් නැහැ, ඒත් මුන් දුප්පත් කොල්ලෝ, ඉගෙනගන්න ස්පොර්ට්ස් කරන්න උන් දුක් විදිනවා. අපි පිස්සු කෙලිනවා”

“කාවා මොකද උඹට වෙලා තියෙන්නේ.?”

“මට මොනවත් වෙලා නැහැ බං. මමත් ඉස්සර උඹ කියන තරම් සල්ලි තියෙන කොල්ලෙක් නෙවෙයි, ඒ නිසා මම දන්නවා දුක කියන්නේ මොකක්ද කියලා. අපේ දෙමව්පියෝ කට්ට කාලා කීයක් හරි ඉතුරු කරලා අපිට සැප විදින්න දුන්න නිසා අපි හොඳින් ඉන්නවා. අපි දැන් පොඩි උන් නෙවෙයි සචියා, අපිත් දැන් ටිකක් පිලිවෙලකට හිතන්න වෙනවා. මේ ලොකේ අපි හිතන තරම් මාවලස් නැහැ. දැනට අම්ම තාත්තගේ යට ඉන්න නිසා අපිට මිනිස්සු සලකනවා. බලපංකෝ අපි තනියම එලියට බැහැපු දවසට?”
“මම හිතලා කිව්ව නෙවෙයි කාවා. මම දන්නවා උඹට ඔය අසාධාරන දේවල් පේන්න බැහැ කියලා, අපි ටිකක් වගකීමෙන් වැඩ කරන්න ඔනේ තමයි දැන්”

මේ මොනවා කිව්වත් තව ටික කාලෙකින් මේ හැම දේම වෙනස් වෙයි කියලා මම හිතුවේ නැහැ.

0 comments:

Post a Comment