Wednesday, July 19, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 57



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



57.

සීතල ‍මොනතරම් වුනත් උදේ හය වෙනකොට මට ඇහැරුණා.

ගෙදර හැමෝම නිදි.. පුරුදු තැනක් නොවන නිසා තේකක්වත් හදාගන්න විදිහක් නෑ. මම එළියට ඇවිල්ලා ගේ ඉස්සරහ මිදුලේ තිබුණ ලී වලින් හදපු බංකුවේ ඉඳ ගත්තා.

වට පිටාවේ තියෙන ලස්සන බලන ගමන් මම කල්පනා කළේ අද මොකද කරන්නේ කියලා. දිලිනි එක්ක ටිකක් ඇවිදින්න යන්න ආසයි... ඒත් සචියා එක්ක ඇවිල්ලා ඌව දාලා යන්න බෑ. අනිත් එක දිලිනිගේ තාත්තගේ හොටෙල් දෙක තුනක් මේ පැත්තේ තියෙන නිසා කව්රුහරි දැක්කොත්...

මම මේ සිතුවිල්ලේ ඉන්නකොට පිටිපස්සෙන් ආපු දිලිනි මගේ කම්මුලට හාදුවක් දුන්නා.

මෙන්න තේක බොන්න....”

දිලිනි සීතල නිසා ජැකට් එකක් දාලා.

මම තේක ගන්න ගමන් ඇහුවා... “මොකද සීතලද?”

නැතුව... ඔයාටනම් ගානක්වත් නෑ වගේ කාවින්ද? ස්කිනි එකක් විතරක් ඇඳගෙන මෙතන ඉන්නේ කොහොමද?”

මට සීතල පුරුදුයි. රස්නේ තමයි මට ඉන්න බැරි....”

දිලිනි ඉඳගෙන මට හේත්තු වුනා.

මොනවද කාවින්ද කල්පනා කරන්නේ?”

නෑ මම මේ කල්පනා කළේ අපි දෙන්නා අළුත බැඳපු කපල් එකක් වගේ... මේ සීතල පැත්තට ඇවිල්ලා... උදේම නැගිටලා... ඔයා මට තේ හදාගෙන එනවා... ඇත්තටම කපල් එකක් වෙන්න එක දෙයක් විතරයි අඩු.”
ඒ මොකක්ද?”

දිලිනි මගේ දිහා අවිශ්වාසෙන් වගේ බලලා ඇහුවා..

නෑ මම කිව්වේ... කපල් එකක් කාමරේට වෙලා කරන දේ විතරයි අඩු... අනිත් හැම දේම හරි.”

මම හිතුවා ඔය වගේ වල් කතාවක් කියයි කියලා... අපෝ මෙයා දැන් ටික දවසක ඉඳලා නරක් වෙලා.... කිව්වොත් කියන්නේ ඔය වගේ කතාවක්...”

කාවින්ද සීතලයි අනේ... අපි යමුකෝ මගේ කාමරේට.”

ඇයි අරක කරන්නද?”

අයියෝ..... මෙයා නම්..... මාව බයිට් එකට ගන්න එපා අනේ... මම කිව්වේ ටිකක් ලංවෙලා ඉන්න... මෙතන මහ සීතලයිනේ... ගල් ගැහෙනවා.”

දැන් සීතල අඩුයි. අපි යමුද නුවරඑළියේ.”

මේ තරම් උදේ....?”

ඔව්.... සචියා නැගිට්ටොත් ඌව දාලා යන්න බෑනේ..... මාත් එක්ක ඇවිල්ලා.. ඒ නිසා අපි දැන් ගිහිල්ලා ඉක්මනට එමු.”

මොනවද ගිහිල්ල කරන්නේ?”

හිතලා නෑ.. අපි මුලින් යමු... සයිවර් කඩයක් අල්ලලා මොනව හරි කාලා, ගෙදර අයටත් පාර්සලයක් අරන්, තව කොහේ හරි රවුමක් දාලා එමු. දැන් හතයිනේ... අපි යනකොට අට වෙයි. එතකොට කඩවල් ඇරලා තියෙයි.”

ඒකනම් හොදයි කාවින්ද... ඉන්න මම වොෂ් එකක් දාගෙන ඇඳුමකුත් දාගෙන එන්නම්.. මම ඉන්නේ නයිට් ඩ්‍රෙස් එක පිටින්.”

දිලිනි ඇතුලට දිව්වා.

මමත් කාමරේට ගිහිල්ලා මූණ හෝද ගත්තා. දවල් වෙලා මේ ගමන ගියොත් අවදානම් නිසා දැන් යන එක හොඳයි.

මම එළියට එනකොට හෂිනි අක්කත් නැගිටලා...

මල්ලි කොහේද යන්න හදන්නේ?”

අක්කේ.. මම දිලිනිත් එක්ක නුවරඑළියේ ගිහින් එන්නම්.”

දැන් යන්න පිස්සුද මල්ලි... අපි අද දවල්ට කොහේ හරි යමු.... මම හිතාන ඉන්නේ හෝර්ටන් ප්ලෙන්ස් යන්න.... මම මෙහෙට ආවට තාම එහේ ගිහිල්ලා නැහැ. ඔය තුන්දෙනත් ඉන්න එකේ අපි දවල් වෙලා යමු. ඔයාලට නුවර එළියේ යන්න ඕනෙනම් එන ගමන් යමු.”

එතකොටම දිලිනි ආවා.... ලස්සනම ලස්සනයි... උදේ පිපිච්ච මලක් වගේ.... හෂිනි අක්කත් ඇස් ලොකු කරලා එයා දිහා බැලුවා.

උඹ මේ කෙල්ලට වහ වැටුනේ නැත්තං තමයි පුදුමේ...” අක්කා මගේ කනට කරලා කිව්වා.

ඇයි...?”

ඇයි කියන්නේ... කෙල්ල පුදුම ලස්සනයි නේ.....”

විකාර කියවන්න එපා අක්කේ....”

කාවින්ද අපි යමුද?”

අක්ක කියනවා දැන් යන්න එපාලු. දවල් වෙලා හෝර්ටන් ප්ලෙන්ස් යමුලු. එන ගමන් නුවරඑළියේ.”

දිලිනිගේ මූණ අප්සෙට් වුනා...

මූණ අප්සෙට් කරගන්න ඕනේ නෑ නංගෝ... දෙන්නට තනියම ඉන්න ඕනේ නම් මේ වත්ත දිගේ උඩට යන්න... ඒ පැත්ත ලස්සනයි.... උඩටම ගියාම ලොකු වතුර ටැංකියක් තියෙනවා... එතනින් උඩට නැංගහම වටේම පේනවා... ලස්සනයි.”

යං.”  දිලිනි මගේ අතින් අල්ල ගත්තා.

ඒක දැකපු හෂිනි අක්කට හිනා ගියා.

මොකද මෝඩයෙක් වගේ හිනා වෙන්නේ?” මම ඇහුවා.

නෑ.... උඹ හැමවෙලාවෙම කියන අර මේ මගේ යාළුවෙක් විතරයි කියන එක මතක් වුනා.”

සොරි.” දිලිනි එහෙම කියලා ම‍ගේ අත අතහැරියා.

මේ.. ඔය දෙන්නම මට බොරු කරන එක නවත්තගන්න.... මමත් ලව් කරපු ‍කෙල්ලෙක්.... උඹලා දෙන්නා ගෙවල් වල අයට බොරු කිව්වට මටත් ඒ බොරුවම දාන්න එපා....”

අපි පාර දිගේ යන අතරේ දිලිනි කතා කළා.

කාවින්ද... ගෙවල් පැත්තේ තත්වේ කොහොමද?”

මට වුන දේ එයාට කියන්න හිතුනත් මම කිව්වේ නැහැ.

ඇයි කාවින්ද? ප්‍රශ්ණයක්ද?”

නෑ ලොකු දෙයක් නෑ... ඒත් දිලිනි අපි දැන් මොකද කරන්නේ? ඔයාට දිගටම මෙහේ ඉන්න බෑ. ඔයා ගෙදරට කෝල් කරපු නිසා ඒ අය සද්ද නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ගොඩක් කල් ඔයා මෙහෙම හිටියොත් ඒ අය ආයෙත් ඔයාව හොයන්න ගන්නවා. මේ පොඩි රටේ වැඩි කල් මේ වගේ ඉන්න බෑ. කවුරු හරි දකී.”

ඔව් කාවින්ද? මම ඒක දන්නවා. මට වෙන ප්ලෑන් එකක් තියෙනවා.”

මොකක්ද?”

මගේ හොඳම යාළුවා ඉන්නේ ස්වීඩන් වල. අපි දෙන්නා පොඩි කාලේ ඉඳලම හොඳම යාළුවෝ. මම එයාට කතා කළා. එයා මැරි කරලා ඉන්නේ ස්වීඩන් සිටිසන් තියෙන ලංකාවේ කෙනෙක්, මමත් දන්න හොඳ කෙනෙක්...”

ඉතින්... ඔයා යන්නද?”

ඔව්.... ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ මගේ පාස්පෝට් එක. කොහොමද ඒක ගන්නේ.”

ඒක ගත්තා කියමුකෝ.. ඊට පස්සේ... යන්න සල්ලි..”

ඒක ප්‍රශ්ණයක් නෑ... මගේ බැංකුවේ තියෙනවා.”

ඒත් ගන්න බෑනේ... ඔයාගේ බැංකු පොත?”

ආ ඒක ප්‍රශ්ණයක් නෑ.. බැංකු දෙකේම මැනේජර්ලා මම හොඳට දන්නවා. ඒ අයට කතා කරලා සල්ලි නම් ගන්න පුළුවන්.”

ඔයා පාස්පෝට් එක ගන්න බලන්නේ කොහොමද?”

ඒක නම් බැරි වෙයි.... ඒක නැතිවුනා කියලා අළුත් එකක් හදන්න බලමුද?”

මොනවද දිලිනි මම කරන්න ඕනේ?”

මෙහෙමයි, නැතිවුනා කියලා ඇන්ට්‍රියක් දාන්න වෙනවා. ඒක නම් ප්‍රශ්ණයක් නෑ.. ඒත් මගේ බර්ත් සෙ‍ටිෆිකේට් එකයි, අයිඩෙන්ටිටි කාට් එකයි, මොනවත් නෑනේ මගේ ළඟ...”

ඒකනේ කියන්නේ... පිස්සුවෙන් වගේ ගෙදර ඇඳගෙන හිටපු එක පිටින් ආවනේ.”

ඒ කියන්නේ කාවින්ද මට ගෙදර යන්න වෙනවා.”

මොකක්.. ඊට පස්සේ රට යන්න නෙවෙයි ගෙයින් එලියට බහින්නවත් දෙන එකක් නෑ ඔයාට.”

එතකොට මම මොනවද අනේ කරන්නේ? ලංකාවේ වැඩි කල් ඉන්න බෑ.. මාව අහු වෙනවා...”

දැන් ඔයා යන්නම හිතලද තියෙන්නේ....?”

ඇයි දුකද?”

නෑ... ඔයා නැතුව මට පාළු තියෙයි.”

කාවින්ද මම අර්ලි චයිල්යුට් කෝස් එකක් කරලා තියෙන නිසා එහේ ලේසියෙන්ම ජොබ් එකක් හොයා ගන්න පුළුවන්. හිමාලි මගේ යාළුවා ඊයේ ඉඳලම ජොබ් එකක් හොයන්න බලනවා කිව්වා. ඊට පස්සේ ඔයා කැමතිනම් මට පුළුවන් ඔයාව ගෙන්න ගන්න.”

ඊට කලින් ඔයාට යන්න වීසා ලැබෙයිද?”

සිම්පල්.... ඒ පැත්තෙන් මට ස්පොන්සර් ලෙටර් එකක් එනවා...”

ඒ කියන්නේ ඔයා යනවා...”

මම කිව්වනේ... මාස හයකින් ඔයත් එන්න..”

ඊට පස්සේ?”

අපි දෙන්නා එහේ ඉමු.”

ඊටත් පස්සේ?”

මන් දන්නෑ කාවින්ද... ඊටත් පස්සේ වෙන දෙයක් වෙයිනේ...”

මේ හැම දෙයක්ම අතෑරලා මට පිටරට යන්න බෑ.”

ඇයි ඒ...?”

මම දන්න හැම දෙයක්ම තියෙන්නේ මෙහේනේ දිලිනි. අම්මා තාත්තා, යාළුවෝ... නෑදෑයෝ...”

ඒකත් ඇත්ත... ඒ වුනාට මටනම් වෙන විකල්පයක් නෑ කාවින්ද.. ලංකාවේ මම කොහේ ඉන්නද?”

හරි ඔයාගේ පාස්පෝට් එක ගන්න මට කරන්න පුළුවන් දෙයක් තියෙනවද?”

එක ක්‍රමයක් තියෙනවා.. නැන්දට කියල ට්‍රයි එකක් දෙන්න පුළුවන්... ඒත් නැන්දා ‍මට කොච්චර ආදරේ වුනත් මම ලංකාවෙන් යනවා කිව්වහම මොනව කියයිද දන්නෑ.”

අපි නැන්දට කියල බලමු. ඔයා ඉන්නේ කොහෙද කියන්නේ නැතුව කෝල් එකක් දීල බලන්න.”

එයාට ෆෝන් නැහැනේ කාවින්ද... ඔයා නුවර ගියාම එයා හම්බවෙන්න යන්න.. ඊට පස්සේ මට කෝල් එකක් අරන් එයාට දෙන්න... මම කියන්නම්. හැබැයි කාවින්ද මම ඉන්නේ කොහෙද කියලා ඔයාවත් දන්නේ නැති බව කියන්න.”

හරි.. මම හෙටම කරන්නම් වැඩේ.”

ඒත් එක්කම ඔයා මගේ මාමව වැඩිය විශ්වාස කරන්න එපා කාවින්ද? එයා නරක කෙනෙක් නෙවෙයි... ඒත් මේ වෙලාවේ අපිට විශ්වාස කරන්න පුළුවන් නැන්දව විතරයි.”

හ්ම්... ඒකනම් එහෙම තමයි.”

අපි ඇවිදලා පල්ලෙහාට එනකොට සචියා මගට එනවා. ඌට තාම දිලිනිගේ මූණ කෙලින් බලන්න බෑ. අහක බලාගෙන තමා කතා කරන්නේ.

උඹ නැගිට්ටද?”

ඔව් කාවා. ගුඩ් මෝනින් මිස්...” ඌ ආයෙත් අහක බලාගෙන කිව්වා.

අනේ සචිත්‍ර... ඔන්න දැන් ඔයත් මට මිස් කියන එක නවත්තලා නම කියලා කතා කරන්න. මම තවදුරටත් ඔයාලගේ මිස් නෙවෙයි...”

ඒ වුනාට....” ඌ ඇඹරෙනවා.

ඔච්චර ලැජ්ජ වෙන්න එපා සචිත්‍ර... මමත් ඔයාල වගේම කෙනෙක්.. මට නම කියන්න... කාවින්ද මට නම කියද්දි එයාගේ හොඳම යාළුවා මට මිස් කියනවා. අනිත් එක කාවින්දගේ හොඳම යාළුවා මගෙත් හොඳම යාළුවා විදිහටයි මම සලකන්නේ.”

හොඳයි... මම උත්සහ කරන්නම්... ඒත් දිව නැමෙන්නෙම මිස් කියන්න.”

ඔය අතරේ දිලිනිගේ ප්ලෑන් එක මම සචියට කිව්වා.

පාස්පෝට් එකද... අයියෝ සිම්පල්නේ... මිස් කියන්නේ ඒක ගෙදර තියෙන්නේ කොහෙද කියලා.”

ඇයි?”

කියන්නකෝ...”

මගේ කාමරේ රතුපාට පොඩි කබඩ් එකක් තියෙනවා.. ඒකේ ලාච්චුවේ, දෙවෙනි තට්ටුවේ.”

ලොක් කරලද?”

මම එනකොට නම් ලොක් කරලා ආවේ නෑ. නැතත් යතුර තියෙන්නේ මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ ලාච්චුවේ.”

ඒක ලොක් කරලද?”

මූට මේ උදේ පාන්දර මොකද යකෝ වෙලා තියෙන්නේ...? ෂර්ලොක් හෝම්ස් වගේ ප්‍රශ්ණ අහන්නේ...

නෑ සචිත්‍ර.”

එහෙනම් වැඩේ ලේසියි.”

මොකක්ද යකෝ ලේසි?”

අපේ සෙට් එකට වැඩේ බාර දෙමු. උන් රෑ වෙලාවක වැඩේට බහී... හොරෙන් කාමරේට ඇතුල් වුනා, ගත්තා පාස්පෝට් එක... ආවා..”

උඹ හිතන්නේ ගේකට හොරෙන් ඇතුල් වෙන එක ඒ තරම් ලේසි කියලද? උඹල අහුවුනොත්?”

පිස්සද කාවා. අනිත් එක අනිත් මිනිස්සුන්ට නොදැනෙන්න දිලිනිගේ කාමරේට යන්න විදිහක් මිස් දන්නවා ඇතිනේ.”

පිස්සුද යකෝ... අපි ඔක්කොම උසාවි යන වැඩක් උඹ කියන්නේ.”

බයක් තියෙනවනම් අපි වීරරත්න අංකල්ව දැනුවත් කරලා ඉමු.”

මොකක්.. පොලිසීයේ ඩී අයි ජී ට කියන්නද අපි ගෙයක් ‍කඩන්න යනවා කියලා. යකෝ ඒ වෙලාවෙම අපිව කුදලලා ඇතුලට දායි.”

ඒ වුනාට කාවා යහපත් අරමුණකින්නේ.”

මගුලක් කියවන්න එපා.. මේ උඹට ඇත්තටම පිස්සුද?”

කාවා.... ඒ මොකුත් ඹ්නේ නෑ.. උඹ වැඩේ බාර දීපංකෝ...”

නෑ එපා... මම ඒක බලාගන්නම්.” මම කිව්වා.

කාවා... තව අයිඩියාස් එකක් ආවා.”

ඒ පාර මොකක්ද?”

දැන් අපි ගිහින් අහු වුනොත් නේ අවුල. ගෙදර අයිතිකාරයා ගියොත් අවුලක් නෑනේ.”

ඒ කියන්නේ....?”

අපි රෑ වෙලා යමු... අප එළියේ ඉන්න අතරේ දිලිනි මිස්ට කියමු හොරෙන් ගිහින් බඩු ගන්න කියලා... ඊට පස්සේ හෙමීට මාරු වෙමු.”

මූට නම් පිස්සුද මන්දා. දිලිනි අතින් කට වහගෙන හිනා වෙනවා. අම්මපා මේ වගේ පිස්සෙක් දැක්කමයි.

හරකෝ... යකෝ.... ගෙදර බඩු නැති වුනාම ඒ මිනිස්සු හිතයිද දිලිනි ආවා කියලා. උන් හිතන්නේ හොරෙක් ආවා කියලා.. ඊට පස්සේ පොලිසි යයි.. ඊට පස්සේ පොලිසිය හොරු හොයයි. අනිතිමට අපි මාට්ටු වෙයි.”

උඹ නෙගටිව් පැත්තමනේ බලන්නේ කාවා. මීට කලින් අපි මේ වගේ ගේම් දීල නැද්ද බං... උඹලා ගෙදරටම කී පාරක් හොරෙන් ඇතුල් වෙලා, පිට වෙලා තියෙනවද අම්මලට නොදැනෙන්න. අර දිනිගේ....” ඒ වෙනකොට මම ඌට රැව්වා. ඌ කට වහගත්තා.

තව ටිකක් කතා කලොත් මූ අපි දෙන්නගෙම රෙදි ගලවනවා.

ඇයි සචිත්‍ර කතාව නැවතුනේ මගින්. දිනිගේ ගෙදර‍ට කොච්චර ‍දවසක් හොරෙන් ගිහින්තියෙනවද?”

නෑ දිලිනි මේ මූ කිව්වේ අපි එක පාරක් දිලිනිව වෙන නෑදෑ ගෙදරක තියාගෙන ඉද්දි අපි බලන්න ගිය එක.”

මට තේරෙනවා.. කමක් නෑ.. අපි බලමු මගේ වැඩේ. කාවින්ද හිතන්නේ මොකක්ද සචිත්‍රගේ අදහස. අපේ ගෙදර ලොකු සිකුරිටි එකක් නෑ.. අම්මයි තාත්තයි ඉන්නේ ගොඩක් වෙලාවට පිට. වැඩට ඉන්න දෙන්නෙක් ගේ ඇතුලේ. අනිත් එක්කෙනා වත්තේ. ඒ වුනාට ඒ මිනිහා සාමාන්‍යයෙන් කරන මුර වැඩක් නෑ.”

මට පේන්නේ දිලිනිගෙත් ඔළුව අවුල් වෙලාද කොහේදෝ.

අන්න දැක්කද කාවා.. දිලිනි මිස් වුනත් කැමතියි වැඩේට... අපි සල්ලි හරි වටිනා දෙයක් හොරකම් කරන්නේ නෑනේ.. ඒ නිසා නෝට් වෙන්නේ නෑ.”

හරි දෙන්නම් කියනවනම් ට්‍රයි කරමු.”

හැබැයි කාවින්ද මමත් එදාට එනවා. ඔයාලට මොනව හරි කරදරයක් වුනොත් මම ඉන්න නිසා බේරෙන්න පුළුවන්. මගේ ගෙදරනේ.”

බෑ බෑ... ඔයා අහුවුනොත්...”

නෑ එහෙම වෙන්නේ නෑ... මම එන්නම ඕනේ... ඔයගොල්ල අහුවුනොත් මට ඉදිරිපත් වෙලා මොනව හරි කරන්න පුළුවන්.”

මේක වෙන කරන්නම් දෙයක් නැත්නම් කරන්න ඕනේ වැඩක්. අපි වෙන ලේසි විදිහක් බලලා ඉමු. අපි නැන්දට කතා කරලා ඉමු.”

නෑ කාවා.. මේක තමා ලේසිම විදිහ.... අපි මේක ට්‍රයි කරමු.”

4 comments: