සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය
මේ ආදරයයි
53.
වෙලාව හයට ඇති. මම නාලා අළුත් ඇදුමක් දාගෙන ටවුන් එකට යන්න
පිටත් වුනා. බයික් එක
සචියා අරන් ගිහින්, වාහනේ
ගරාජ් එකේ. ඒ නිසා
මම බස්එකේ යන්න පිටත් වුනා.
මේ වෙලාවේ පාරේ බස් එකක් එන එක ෂුවර්
නැති නිසා මම කටුගස්තොට - නුවර පාරටම පයින් යනවා කියලා හිතා ගත්තා.
පාරේ වාහන අඩුයි. පාරත් පාළුයි. ඒත් මගේ හිතේ බයක් තිබ්බේ නෑ. මේක මගේ ගම, මෙහේදි කවුරුත් මට කිසිම දෙයක් කරන්න
එන්නේ නෑ.
මම එහෙම හිතුවා.
ඒත් මම හිතපු දේ විනාඩි දෙක තුනක් ඇතුලත
බොරු වුනා.
පාරේ කවුරුවත්ම නැති හරියකදි මගේ පස්සෙන්
හයියෙන් ආපු කළු පාට වෑන් එකක් මගේ ගෑවී නොගෑවී නැවැත්තුව.
“කව්ද යකෝ ලයිසන් දුන්නේ?”
මම එහෙම කියාගෙන හැරෙනකොටම වෑන් එකේ දොර
ඇරුණා.
ඒත් මට සැකයක් හිතුනේ නෑ. මම හිතුවේ කව්රු හරි බීපු උන් සෙට් එකක්
ගේම ඉල්ලනවා කියලා.
ඒත් එක්කම වෑන් එකෙන් බැහැපු එකෙක් මාව
බදාගත්තා. මම
ගැලවෙන්න දඟලන අතරේ මාව බදාගත්ත එකාගේ යටි බටඩ මගේ දණහිසෙන් හොඳ පාරක් දුන්නා. ඌ බඩ බදාගෙන බුදු අම්මෝ කියලා වැටෙනකොටම
තව දෙන්නෙක් එළියට පැන්නා.
උන් දෙන්නගෙන් එකෙක් පිස්තෝලයක් ඉනෙන්
අරන් මගේ බඩට තිබ්බා.
“දැක්කනේ... සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා... දැන් සද්ද වහලා අපිත් එක්ක වරෙන්.... මේක බොරු පිස්තෝලයක් නෙවෙයි... බැරිම වුනොත් පත්තු කරන්න වෙයි. ඒ නිසා අපි කියන විදිහට කරපං.”
“නැත්තං...” මම ඇහුවා....
“නැත්තං අපි දන්නවා උඹට කරන දේ. කට වහගෙන නැගපං වෑන් එකට. අපි උඹව මරන්න ගෙනියනවා නෙවෙයි. අපේ බොස්ට උඹට ටිකක් කතා කරන්න ඕනේ කිව්වා. අපි ගෙනියපු විදිහටම කරදරයක් නොකර ආයෙත්
උඹව ගෙනත් දාන්නම් අපි කියන විදිහට හිටියොත්.”
මොනව වුනත් කාවා මුන් උඹව මරණ එකක් නෑ..... ඒ නිසා කියන දේ කරපං...
මගේ හිත කිව්වා.
“කව්ද උඹලගේ බොස්?” මම වෑන් එකට නැගලා ඉඳගෙන ඇහුවා.
“ඒක කියන්න බෑ... ගියාම දැනගන්න පුළුවන්.”
හොඳයි ඔය බොස් කියන එකා ආපු දෙන්කෝ.
ඌ ආයෙත් කතා කළා.
“උඹ ලොකු වැඩකාරයෙක් කියල ආරංචියි. බොස් වුනත් උඹව උස්සන වැඩේ බාරදුන්නේ
බයෙන් බයෙන්. ඒත් උඹව
ගේන එක හිතපු තරම් අමාරු වුනේ නෑ.”
“දැන් උඹල දන්නේ නැද්ද මාව ගේන්න කිව්ව
හේතුව.”
“නෑ... අපි කරන්නේ අපිට කිව්ව දේ. අපිට ඒව වැඩකුත් නෑ. හැබැයි මම උඹට එකක් කියන්නම්, මේක ගෑණු කේස් එකක් කියලා මම දන්නවා. වැදගත් මිනිස්සු ගෑණු නිසා මරාගන්නේ නෑ. මේක අතෑරලා දාපං. උඹත් කොල්ලෙක් නිසා කියන්නේ.”
“මොකක්ද අතාරින්න කියන්නේ?”
“ඔය ගෑණු කේස් එක. අපේ බොසයි උඹයි දෙන්නම එකම කෙල්ලට වහ
වැටිලා නේද? මෝඩ වැඩ
යකෝ...
නිකං පිරිමි දෙන්නෙක් කෙලගන්නවා ගෑණු නිසා.”
ඒ කියන්නේ මේක ගිහාන්ගේ වැඩක්.
“ඒක ගිහිල්ලා උඹේ බොසාට කියපං. තමන්ට කැමති නැති කෙල්ලෙක්ව බලෙන් ගන්න
හදන්නේ ඌ.”
“අන්න අන්න ඩෝ... රෝන් ටෝක් දෙන්න ලෑස්ති වෙන්න එපා.”
“ඇයි උඹ මට මොනව කරන්නද? තාම මාව උස්සලා කියලා කවුරුත් දන්නේ නෑ... මගේ තාත්තා ඒක දැනගත්ත වෙලාවේ උඹලට බය
වෙන්න වෙයි.”
“උඹේ කට නම් වැඩී. බලමු කට වගේම වැඩත් තියෙනවද කියලා.”
මූට මම දැන් පැනලා දෙකක් දුන්නොත් දොර
ඇරගන්න පුළුවන් වෙයි. ඒත් යන
වෑන් එකෙන් පනින්න ගියොත් මාව අමාරුවේ වැටෙනවා. ඒ නිසා තව ටිකක් ඉවසන්න මම හිතාගත්තා.
පැය බාගයක් විතර වෑන් එක ගලහ පැත්තට
ගිහින් පොඩි පාරක් ළඟ නැවතුනා.
මුන් මේ කිසිම දෙයක් රහසින් කළේ නෑ. අඩුම ගාණේ මගේ ඇස් බැඳලා ගෙනාවේ වත් නෑ. ඒ කියන්නේ ලොකු සීන් එකක් නැති වෙයි.
වාහනේ පොඩි පාරට හරවලා කිලෝමීටර් දෙකක්
විතර ගිහින් පොඩි ගෙයක් ළඟ නැවතුනා.
මාව ගේ ඇතුලට අරන් ගිය ගමන්ම කාමරේකට යන්න
කිව්වා. ඒ කාමරේ
තිබුණේ පුටු දෙකක් විතරයි.
ඒත් එක්කම ගිහාන් කාමරේට ආවා. බය යට කරගෙන මට හිනාවක් ආවා, මූ සල්ලි වෙනුවෙන් ආදරේ හිඟා කන විදිහ
දැකලා.
“උඹව මේ විදිහට ගෙනාවේ මට වෙන කරන්න දෙයක්
නැති නිසා. උඹත්
එක්ක මට ටිකක් කතා කරන්න තියෙනවා. පාරෙදි බෑ... ඒ නිසයි උඹව ගෙනාවේ. බය වෙන්න එපා... මගේ ප්‍රශ්ණ වලට උත්තර ලැබුණ ගමන් මම උඹව
ආයෙත් ගිහින් දානවා.”
“මොනවද උඹටයි මටයි කතා කරන්න තියෙන්නේ?”
“කාවින්ද, මම උඹට එක සැරයක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි සිය පාරක් කිව්වා අපි
දෙන්නගේ මැද්දට එන්න එපා කියලා. උඹ ඇහුවේ නෑ.”
මම කතා නොකර හිටියා.
“උඹ කතා නොකර හිටියා කියලා වැඩක් වෙන්නේ
නැහැ. කතා කරපං.... ඇයි උඹ මම කියන දේ ඇහුවේ නැත්තේ?”
“මම උඹට එදත් කිව්වා ගිහාන්. දිලිනිත් එක්ක තියෙන හිතවත් කම මම
නවත්තන්නේ දිලිනි කිව්වොත් විතරයි. උඹ නෙවෙයි මගේ අම්ම තාත්ත කිව්වත් මම ඒක
නවත්තන්නේ නෑ. දිලිනිට
මාව ඕනෙ නම් මම ළඟ ඉන්නවා.”
“බල්ලා.... තොට ලැජ්ජා නැද්ද අනුන්ගේ ගෑණු ආශ්‍රය
කරන්න?”
“දිලිනි කාගෙවත් නෙවෙයි. එයා නිදහස් කෙනෙක්.”
“යකෝ මම තෝව මරණවා. දිලිනි මගේ යකෝ.... ඒ කෙල්ල පොඩි කාලෙ ඉඳලා දන්නේ මාව. ඒ බැල්ලි පොඩි කාලෙත් ඔහොමයි. පුදුම ආඩම්බරයි... මගේ දිහා බලන්නෙවත් නෑ. දැනුත් වෙනසක් නෑ. ඒ මොනව වුනත් ඒ කෙල්ල මගේ.වෙන කෙනෙකුට අයිති වෙන්න බෑ. එහෙම වුනොත් මම උඹල දෙන්නවම මරණවා.”
එහෙම කියලා ගිහාන් පුටුවෙන් නැගිට්ටා. ගැහුවොත් ගහනවා කියලා හිතාගෙන මමත්
නැගිට්ටා. එතකොටම
පිස්තෝලේ අතේ තියාගෙන හිටපු එකා ඒක මට දික්කරගෙනම ඇතුලට ආවා.
“ඉඳ ගනින්.”
මම ඉඳ ගත්තා.
“දිලිනි කියන්නේ වැඩිහිටියෙක්. එයා බඳින්නේ කාවද කියලා තීරණ ගන්නේ එයා. ඒ නිසා මට පාඩුවේ ඉන්න දීපං. උඹට කැමතිවෙන කෙල්ලෙක් හොයලා බැඳ ගනිං.” මම කිව්වා.
“මම බඳින්නේ මම කැමති කෙල්ල. මට මොනවද නැත්තේ. ඕනෙ කෙල්ලෙක් මට කැමතියි. ඒත් මේ බැල්ලිට ඒවා සත පහකට වැඩක් නෑ. උඹ වගේ කොහෙවත් යන හිඟන්නෙක්ට මැරීගෙන
ඉන්නවා. මම
කොච්චර ට්‍රයි කරන්න ඇතිද ඕකිව ලං කරගන්න. මාව යකෝ තඹ සත පහකට ගණන් ගත්තේ නෑ. මට අතකින් වත් අල්ලන්න දුන්නේ නෑ අද
වෙනකං. එහෙම
තියෙද්දි උඹත් එක්ක එකට ඉන්නවා.මම උඹව මරණවා කාවින්ද. මේ අන්තිම අනතුරු ඇඟවීම.”
මට දිලිනි ගැන පුදුම හිතුනා. කොල්ලෙක් මෙච්චර බල කරද්දි මේ විදිහට බය
නැතුව කෙලින් ඉන්න පුළුවන් කියන්නේ නියම කෙල්ලෙක්.
“මම උඹට එදත් කිව්වා ගිහාන්. හොඳ වැදගත් කෙල්ලෝ කොල්ලෙක්ගේ පෝසක්කම
මනින්නේ පර්ස් එකේ තියෙන කොල ගාණින් නෙවෙයි, හදවතේ තියෙන ගතිගුන වලින්. උඹට හැමදේම තියෙන නිසා හැම කෙල්ලෙක්ම උඹට
කැමති වෙන්න ඕනේ කියල හිතාගෙන ඉන්නවනම් ඒ අදහස අතහැරගනින්.”
“මට ඒව වැඩක් නෑ. මට පිස්සු හැදෙන්න කලින් පොරොන්දු වෙයන්
දිලිනි එක්ක තියෙන සම්බන්දේ නතර කරනවා කියලා. මට තවත් ඉවසන්න බෑ. ඒ කෙල්ල මගේ. පොඩි කාලෙ ඉඳලා මම හිතාගෙන හිටියේ එහෙමයි. දැන් උඹ නිසා ඒක වෙනස් කරන්න බෑ.”
“උඹ වැරදි ගිහාන්. කෙල්ල වෙනස් වුනේ මම නිසා නෙවෙයි. උඹ නිසා. මම අඳුරගන්න කලිනුත් කෙල්ල උඹට කැමති නෑ.”
“ඔව් මම දන්නවා. මම ඕකිට මොන තරම් ආදරේ කරල තියෙනවද? ආසයි කියල හිතපු හැමදේම අරන් දීල තියෙනවා. ඒත් අද වෙනකම් ඒ කිසි දෙයක් අරගෙන නෑ. ලක්ෂ ගණන් වල තෑගි කාණුවට විසිකරලා
තියෙනවා. වෙන
කෙල්ලෙක් නම් ඒව දැක්කොත් මම ඉල්ලන ඕනේ දෙයක් දෙයි, ඒත් මේ ආඩම්බරකාර බැල්ලි මාව බල්ලෙක්
තරමවත් ගණන් ගත්තේ නෑ.”
මූව නම් හදන්න බැරි හරකෙක්. මම ඔය තරම් කියලත් දිලිනි කැමති සල්ලි වලට
නෙවෙයි කියලා, මේ
බූරුවා කතා කරන්නෙම ලක්ෂ ගණන් වලින්. අම්මපා මුන්ගේ මොලේ තියෙන්නෙම සල්ලි විතරද
මන්දා.
තවත් කියලා වැඩක් නැති නිසා මම කතාව
නැවැත්තුවා.
“මොකද කට වහගත්තේ. කියපං ඇයි කියල ඒකි මට කැමති නැත්තේ. හිඟන්නෙක් වගේ ඉන්න උඹගේ තියෙන විශේෂ දේ
මොකක්ද ඒකි උඹ මත්තෙම නැහෙන්න. උඹට ඔය තරම් ලව් කරන්න මගේ ළඟ නැති උඹේ ලඟ
තියෙන දේ මොකක්ද?”
“දැන් උඹ මාව ගෙනාවේ ඔය ටික මගෙන් අහන්නද? එහෙමනම් කරුණාකරලා මාව අතහැරපං, මොකද දිලිනියි මායි ආදරේ කරන්නේ නෑ. ඒක හොඳ යාළුකමක් විතරයි.”
“පලයං යකෝ යන්න. බොරු කියන්න එපා බල්ලෝ.... මම ඒකිගෙන් ඇහුවා. මේ බැල්ලි මගේ කණට ගහන්න වගේ කිව්වා උඹට
ඒකි ආදරේ කරන තරම්
මේ ලෝකේ කිසිම කෙල්ලෙක් කොල්ලෙකුට ආදරේ කරන්නේ නැතිලු. පොඩි කාළේ ඉඳලා ඒකි දිහා බලගෙන හීන මවපු
මට ඒකි ඒක කිව්වේ මාව සතේට දාලා. මාව උඹේ කකුලට පෑගෙන දූවිල්ලක් වත් තරම්
ඒකිට වටින්නේ නැතිලු. උඹට
කරදරයක් කරලා තිබුනොත් මාව මරාගෙන මැරෙනවා කිව්වා. එහෙම තියෙද්දි උඹ කියනවා උඹලා දෙන්න
යාළුවෝ විතරලු. මාව
පිස්සෙක් කරන්න එපා කාවින්ද?”
ගිහාන් පිස්සෙක් වගේ කියවගෙන යනවා. බලාගෙන යද්දි ඌ මාව කිඩ්නැප් කරලා මගේ
ඉස්සරහ අඬනවා. මොනව
වුනත් මූ කෙල්ල පස්සේ යන්නේ සල්ලිම නිසා නෙවෙයි. බොක්කටම වැදිල ලව් එකක් ඇති. ඒත් මොනව කරන්නද කෙල්ල අකමැතිනම්. එක අතකට මූ පව්. ඒත් ගොන් හරකා හිතන්නෙම සල්ලි තියෙනවනම්
කෙල්ල කැමති වෙන්න ඕනේ කියලනේ.
මූ සල්ලි නිසා නම් මේ වැඩේ කරන්නේ එක
පැත්තකින් බයක් නෑ, මොකද
සල්ලි පස්සෙම යන එකෙක් තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන මේ වගේ වැඩ කරන්නෙ නෑ. ඒත් බලනකොට මූත් කෙල්ලට බොක්කෙන්ම ලව් වගේ. එහෙමනම් වැඩේ ටිකක් අමාරු වෙනවා, මොකද මූට කෙල්ල ලැබෙන්නෙම නෑ කියලා
දැනුනොත් සමහරවිට මීට වඩා දරුණු වෙන්න පුළුවන්. අපි දෙන්නගේ ජීවිතේට කරදරයක් වුනත් කරන්න
පුළුවන්.
මට ඕනේ වුනේ මේ වැඩේ කොනක දිලිනිගේ
තාත්තත් ඉන්නවද කියලා දැනගන්න. කොහෙද මූ මාව උස්සලා මගේ ඉස්සරහ අඬනවනේ.
“කාවින්ද කතා කරපං. මගේ යකා අවුස්සන්නේ නැතුව.”
“මොනවද?”
“උඹ කොහේද කෙල්ලව අරන් ගියේ?”
“මොන කෙල්ලද?”
“උඹ එහෙනම් මට කලින් ඉස්සර වුනා. ඒකිගේ ගෑණු කම උඹ ගත්තා. කමක් නෑ..... ඒ මොනවා නැති වුනත් මට බෑ උඹ වගේ
හිඟන්නෙක් ඉස්සරහ පරාද වෙන්න. මොනවා නැති වුනත් මට කෙල්ලව ඕනේ.”
“බලු කතා කියන්න එපා ගිහාන්... ඒ කෙල්ල අදත් පිරිසිදුයි. මම උඹ වගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකෙක්
නෙවෙයි.”
“ඒව මට වැඩක් නෑ දැන්. කෙල්ල ඉන්නේ කොහෙද කියලා කියපං මාව
මිනීමරුවෙක් කරන්නේ නැතුව.”
“මම කෙල්ලව අරන් ගියෙත් නෑ... දැන් ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ. එකක් මතක තියා ගනින් දැනගත්තත් උඹට
කියන්නෙත් නෑ.”
ඒක ඇහුනම ගිහාන් අත මිට මොලවගෙන මට ගහන්න
ආවා.
අරූ පිස්තෝලෙ දික් කරගෙන ඉන්න නිසා මට
අතපය උස්සන්නත් බෑ. දැන් තොල
කට කඩාගෙන යන්න එකක් වදී කියලා හිතාගෙන මම ඇස් වහ ගත්තා.
ඒත් ගිහාන් ගැහුවේ නෑ. ඌ මගේ දිහාම බලාගෙන ඉන්නවා.
“ඇයි උඹ ආවේ ගහන්න නේද? ගහපං.”
මම කිව්වා.
“බෑ යකෝ බෑ..... උඹට ගහන්න මට බෑ. මට උඹ ගැන ඉරිසියයි. මම උඹට ගහන්නෑ, මරණවා. හැබැයි මෙතන නෙවෙයි.”
“එහෙනම් කොහෙද?”
“අරකි ඉස්සරහ... ඒකිට පේන්න.”
“උඹ හිතනවද එතකොට ඒ කෙල්ල උඹට කැමති වෙයි
කියලා?”
“නෑ..... දැන් මොනවා වුනත් ඒකි මට ආදරේ කරන්නෙ නෑ. ඒක මම දන්නවා. ඒත් ඒකි උඹට අයිති වෙන්නත් බෑ.”
“මම දන්නෑ ගිහාන්උඹ මොනවා හිතන් ඉන්නවද
කියලා. ඒත්
කොල්ලෙක් විදිහට එකක් කියන්නම්. අහසින් පොලවට බැහැලා කොල්ලෙක් විදිහට
කල්පනා කරපං. මිනිස්සු
හිතන්නේ පතන්නේ කොහොමද කියලා ඉගෙන ගනිං. නැත්නම් උඹගේ ජීවිතේම නාස්ති වෙයි.”
“මගේ ජීවිතේ තවත් නාස්ති වෙන්න දෙයක් නෑ
යකෝ....
මම වැටිලා ඉන්නේ. සල්ලි වලින් නෙවෙයි, හිතෙන්. අර බැල්ලි මගේ ආදරේ විහිළුවකට අරන් මාව
පාගලා කුඩු කරලා දැම්මා.”
“දැන් උඹ මාව ගෙනාවේ දිලිනි ඉන්න තැන
දැනගන්න නම් වැඩක් වෙන්නෙ නෑ. මොකද ඒ ගැන මම දන්නෙ නෑ. ඒ නිසා මට යන්න දීපං. මම මේක මෙතනින් අමතක කරන්නම්. උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්... කොලුකමට කියලා මම මේක අමතක කරන්නම්. අනිත් එක මගේ යාළුවෝ දැන ගත්ත ගමන් මේක
උන් මාව හොයන්න පටන් ගන්නවා. මොන තූත්තුකුඩියක හිටියත් උන් මාව
හොයාගනියි. අනිත් එක
මගේ තාත්තා දැනගත්තහම මොනවයින් මොනව වෙයිද දන්නෑ.”
“මම මැරෙන්න බය නෑ යකෝ. උඹේ තාත්තට මිනිස්සු ඉන්නවා කියල මම
දන්නවා. වැඩිම
උනොත් උන් මාව මරයි. මට
මැරෙන්න බය නෑ.”
“එහෙනම් බලාගෙන ඉඳපං....”
“දිලිනි ව හම්බ වෙනකම් මම උඹේ පස්සෙන් එනවා... උඹ දන්නවා කෙල්ල ඉන්න තැන. උඹට මගෙන් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඕනේ
නම් කෙල්ලව මට දීපං.”
“මම කිව්වනේ මම දන්නෙ නෑ කියලා. අනික දැනගත්තත් බය ගුල්ලෙක් වගේ කෙල්ලව
උඹට දීල මම බේරෙන්නේ නෑ.”
“උඹ එහෙනම් ඇත්තටම චන්ඩියෙක් ආ....”
“නෑ... මම චන්ඩියෙක් නෙවෙයි... ඒත් යාළුකම වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා. යාළුවෙක් වෙන්වෙන් මැරෙන්න වුනත් ලෑස්තියි.”
“බලමු.... කෙල්ල දැනගත්ත ගමන් උඹ මගේ ළඟ කියලා පැනගෙන
එයි.”
ගිහාන් කිව්වා.
මටත් තිබ්බ බය ඒකයි. මොනවා වුනත් දිලිනි මේක දැනගත්තොත්
කෙලින්ම ගිහාන් ළඟට එයි. එහෙම වුනොත් ආයෙත් ගැලවෙනවා බොරු.
ඒත් එක්කම පිස‍්තෝලයක් අරන් හිටපු එකා කතා
කළා.
“බොස්... මුගේ කට වැඩී... දෙන්නද බොස් දත් දෙක තුනක් එලියට එන්න.”
ඌ තුවක්කු මිට මගේ මූණය ලං කළා.
“නෑ නෑ... එපා... ඒක මම බලාගන්නම්. දැනට මූට අතවත් තියන්න එපා.”
ගිහාන් කිව්වා. එහෙම කියලා ගිහාන් එලිය ගියා.
බලාගෙන යනකොට මොනව වුනත් මූ දිලිනිට බයයි. පුදුම කෙල්ලෙක්.
එදා රෑ මට මෙතනම ගත කරන්න වෙනවා කියලා මට
හිතුනා.
දැන් ඉතින් සචියට හරි අපේ තාත්තට හරි මම
ගැන හොයන්න හිතෙනකම් මට මෙතන ලගින්න වෙනවා. වෙලාවට සචියා මම ආපු නැති නිසා අම්මටවත්
කෝල් එකක් දීල තිබුනොත් ගොඩ.
ඒ අතරේ මට කල්පනා කරන්න ගොඩක් දේවල්
තිබුණා.
දිලිනි, ගිහාන්ට මං ගැන කියලා තිබුණ දේවල්. මට ආදරේ කරන බව. සමහර විට ගිහාන්ව නවත්තන්න හිතාගෙන කිව්වා
වෙන්නත් පුළුවන්.... නැත්නම්................ කෙල්ල ඇත්තද කියල තියෙන්නේ....?
දැන් වෙලාව නවයයි. වෙන කරන්න දෙයක් නෑ අද රෑ නයිට ගහන්න
වෙනවා. එක අතකට
දිලිනිගේ තාත්තත් මේකට සම්බන්ධ වෙලා මෙතෙන්ට ආවනම් මොනව හරි කියලා ෂේප් වෙන්න
තිබ්බා. ගිහාන්ට
යමක් කියලා තේරුම් කරන්න බෑනේ. ඌ මං ගැන ඉරිසියාවේ පැලෙනවා. පිස්සෙක් වගේ කියවනවා. මූට ඇත්තටම පිස්සුද කියලත් හිතෙනවා. පිස්සෙක් එක්ක මේ වගේ තැනක ඉන්නවා කියන්නේ
ජීවිතේ අවධානම්.
දැන් මොකද කරන්නේ? පැනල යන්න විදිහකුත් නෑ. මේ දොර ජනේල අත් දෙකෙන් කඩන්න බෑ. එලියේ තව උන් ඉන්නවා, ඒ නිසා එකෙකුට ගහලා දුවලා වැඩක් නෑ. පිස්තෝලෙ පතුරම් තිබුණොත් මැරුම් කන්න තමා
වෙන්නේ.
මේ බූරු සචියා මෙච්චර මාව හොයන එකේ අදත්
හොයපංකෝ මට මොකද වුනේ කියලා.
මට දැන්නම් මහන්සියි, වතුර තිබහයි, බඩගිනියි.... බයක් නම් තිබුණේ නෑ. මම ගිහිල්ලා පුටුවේ ඇලවුනා.
කොල්ලෙක් එහෙම ලේසියෙන් තවත් කොල්ලෙක් ඉස්සරහ තමන්ගේ තත්වේ බාල්දු වෙන්න කතා කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඌ පට්ටම පට්ට මෝඩ එකෙක් වෙන්න ඕනේ. දිලිනි තමන්ව පහත් කරලා කතා කරත්, ඒක කාවට කියන්න තරම් ඌ මෝඩද?
ReplyDeleteමෝඩයෙක්ම තමයි!!
ගුටිකෑව නම් කියන්න කාවා. අවුලක් නැහැ. ඒකෙන් තත්වේ නැතිවෙන්නේ නැහැ. පිස්තෝලයක් තියෙන එකෙක්නෙ
නෑ ඌ දැනගන්න ඇති දිලිනි කාවින්දට හැම දෙයක්ම කියනවා කියලා. ඒ නිසා ඌට නැතිවෙන්න දෙයක් තියෙන්න නැතුව ඇති. අනිත් එක ඒ වෙලාවේ ඌ හිටියේ මොන තත්වෙකද කියල අපි දන්නේ නෑ. ඌ ඒ වෙලාවේ හැසිරුණේ පට්ටම මොඩයෙක් වගේ. කාවින්දට ගහන්න ඕනේ කම තිබ්බත් බයයි දිලිනි නිසා.
Deleteඌව සංරක්ෂණය කරන්න වටිනවා! එහෙම එකෙක් මම මේ ඇහුවමයි
Deleteගිහාන් දැන් ඉන්නේ කොහෙද කියලත් මම දන්නවා. ඌ අමුතු චරිතයක් තමයි. සිරාවටම ඌට පොඩි මෙන්ටල් ඩිස්ඕඩර් එකක් තිබිල තියෙනවා.
Deleteඅපේ ක්ලාසස් වල උන්නු 'අහවල්' කොලේජ් එකේ එකෙක් මතක් උනා මට. ඒ වගේමද මන්ද!
Deleteනමුත් ඌ ඇඩුවේ නැහැ. පට්ට මෝඩ තාලෙට අතපය විතරක් වනන්න දන්නවා මිසක්, මොලේ බින්දුවයි. ඒ උනාට මුණ සුදුයි!