Monday, July 17, 2017

සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය ~ මේ ආදරයයි ~ 55



සදානුස්මරණිය ප්‍රථම ප්‍රේමය


මේ ආදරයයි



55.

කෑම ගේන අතරේ මම කල්පනාවට වැටුනා.

මොකක්ද මේ වෙන්නේ...?

කව්ද මේ දිලිනිගේ මාමා......?

එතකොට දිලිනිගේ නැන්දා එක්ක මෙයාට තියෙන සම්භන්ධය මොකක්ද?

මාව මේ තරම් ෂේප් එකේ තියාගන්න හදන්නේ ඇයි?

මේ එක ප්‍රශ්ණෙකටවත් මට උත්තර තිබ්බේ නෑ. අනික දිලිනි මෙයා ගැන වචනයක්වත් මට කියලා තිබුණේ නෑ.

පුතා මොනවද කල්පනා කරන්නේ...?”

නෑ අංකල්... මම ඔයාව දන්නෙ නෑ. අනික දිලිනි කිසිම දවසක එයාගේ නැන්දා ගැන කියලා තිබුනට මාමා ගැන කියලා නෑ.”

මාව අවිශ්වාස කරන එකට මම ඔයාට දොස් කියන්නේ නෑ... ඒත් අඩු ගානේ මම කියන දේ ටිකක් අහගෙන ඉන්න... ඊට පස්සේ ඔයාම තීරණය කරන්න.”

මොකක්ද අංකල්ට කියන්න තියෙන්නේ.”

කාවින්ද දිලිනි මං ගැන ඔයාට නොකියන්න හේතුවක් තියෙනවා. ඊට කලින් මම මුලින්ම මම කව්ද කියලා පැහැදිලි කරලා දෙන්නම්.”

ඒක හොඳයි.”

දිලිනිගේ අම්මයි තාත්තයි ඒ අයගේ ප්‍රශ්ණ නිසා ‍දිලිනි අවුරුදු තුන හතරක් වෙන කාලෙම වගේ රට දාල යන්න ගියා. ඒ දෙන්නා ඒ කාලේ සෙපරේට් වෙලා හිටියේ. ඩිවෝස් වුනේ නෑ, නමුත් වෙන් වුනා. දෙන්නා රටවල් දෙකකට ගියා. දිලිනිගේ තාත්තා කැමති වුනේ නෑ දිලිනිව අරන් යන්න, අම්මට අරන් යන්න හැකියාවත් තිබ්බේ නෑ. එතන ලොකු ප්‍රශ්ණ තිබුණා.”

මම මේ දේවල් දන්නේ නෑ...”

ඔයා විතරක් නෙවෙයි කාවින්ද... දිලිනිවත් හරියට මේව දන්නේ නෑ. ඒ දරුවට අම්මයි තාත්තයි පොඩි කාලෙම එයාව දාලා ගියා කියන්න අපි කැමති වුනේ නෑ. එයා තාමත් හිතාගන ඉන්නේ දෙමව්පියෝ බිස්නස් නිසා ගියා කියලා. මම ඔයාව විශ්වාස කරලා කියන්නේ මේක දිලිනිට නොකියයි කියලා හිතලා. මාව හම්බවුනා කිව්වට කමක් නෑ, ඒත් මේ විස්තර කියන්න එපා.”

ඒ ගැන බය වෙන්න එපා අංකල්.”

හොඳයි... ඒ දෙන්නා යන නිසා මමයි දිලිනිගේ නැන්දයි දරුවව බාර ගත්තා.”

මම පුදුමෙන් බැලුවා.

ඔව් කාවින්ද... දිලිනිගේ නැන්දයි මමයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්.”

කොහොමද එහෙම වෙන්නේ.... ආන්ටි මට කිව්වේ එයා කවදාවත් මැරි කළේ නෑ කියලනේ?”

ඔව්.... එයා එහෙම කියන්න ඇති. අපි දෙන්නා දැන් වෙන් වෙලා.”

එතකොට?”

කාවින්ද.... දිලිනිව අපි ගන්න කොට එයාට වයස අවුරුදු තුනයි... හය හතර නොතේරෙන කෙල්ල. පුදුම ලස්සනයි... බාබි ඩෝල් කෙනෙක් වගේ..... අනිත් එක අපිට ළමයි හිටියේ නෑ.”

හ්ම්....”

ඉතින් අපි දිලිනිව ලොකු මහත් කළා. අපිට අදටත් දරුවෝ නෑ... ඒත් දිලිනි කියන්නේ මගේම දුව... මට එයා නැතුව එක දවසක්වත් ඉන්න බැරි කාලයක් තිබ්බා. දිලිනටත් තාත්තා වුනේ මම. වෙන එකක් තියා දිලිනි අවුරුදු දාහතක් විතර වෙනකම්ම මට කිව්වේ තාත්තා කියලා. ඒ හුරුබුහුටි කෙල්ලට එහෙම කියන්න එපා කියන්න මට හිත දුන්නේ නෑ.”

ඉතින්...”

දිලිනි අවුරුදු විස්සක් වෙනකම් හිටියේ අපිත් එක්ක. එයාගේ දෙමව්පියෝ අන්තිමට මීට අවුරුදු දහයකට කලින් ආයෙත් එකතු වෙලා..”

මම කතා නැතුව හිටියා.

දිලිනිගේ අම්මා උඩරට රදල පෙළපතක, තාත්තා එහෙම නෑ. ඉතින් දෙන්නගේ නොගැලපීම් තිබුණා. අන්තිමට කොහොමහරි වෙන්වෙලා ආයෙත් අවුරුදු දහයකට පස්සේ ඒ දෙන්නා එකතු වෙලා ලංකාවට ආවා. පරණ ප්‍රශ්න අමතක කරලා ලංකාවට ඇවිල්ලා දිලිනිත් එක්කගෙන ආපහු රට යන්න හිතුවා.”

ඇයි එහෙම වුනේ නැත්තේ?”

එතකොට දිලිනිට වයස අවුරුදු දහතුනයි... එයා ඒ දෙන්නා එක්ක ඉන්න කැමති වුනේ නෑ. එයාට ඕනේ වුනේ නැන්දයි මාමයි. මොන විදිහෙන් තේරුම් කරලා දෙන්න හැදුවත් එයා ඇහුවේ නෑ. අපිව දාලා ලංකාවෙන් යන්න කැමති වුනේම නෑ.”

ඉතින්.”

ඒ දෙන්නා මාස ගාණක් ට්‍රයි කළා... ඒත් දිලිනිව කැමති කරවා ගන්න බැරිවුනා. පස්සේ දිලිනි පොරොන්දු වුනා අම්මයි තාත්තයි ලංකාවේ ඉන්නවනම් ඒ දෙන්නා එක්ක ඉන්නම් කියලා.”

ඇයි එහෙම වුනේ නැත්තේ?”

ඔව්... දිලිනිගේ තාත්තගේ බිස්නස් තිබුණේ ලංකාවෙ නෙවෙයි. ඒ නිසා එයාට යන්නම වුනා. ඒත් එයා ඒ ගිහිල්ලා දිලිනි වෙනුවෙන් එයාගේ බිස්නස් වලින් කීපයක් ලංකාවේ එස්ටැබ්ලිෂ් කළා. අම්මටත් මෙ‍හේ තනියම ඉන්න බැරි නිසා තාත්තත් එක්කම ගියා. ඒ දෙන්නා බිස්නස් ලංකාවේ පටන් අරන් දිලිනිට අවුරුදු විස්ස වෙද්දි ලංකාවේ සෙට්ල් වුනා.”

හ්ම්

එතකොට දිලිනි ඒ අයත් එක්ක පදිංචි වුනා. මටයි නැන්දටයි දරුවෝ හිටියේ නෑ... ඒ වගේම අපි අතරත් ප්‍රශ්ණ තිබුණා. දිලිනි නැති වීමත් එක්ක මටත් ගෙදර ඉන්න හිත දුන්නේ නෑ. දිලිනිගේ නැන්දා ආගමික පැත්තට හිත නැඹුරු වෙනකොට මට තවත් ඒක එපා වුනා. අන්තිමට මම වෙනම පදිංචි වුනා.”

මේක විශ්වාස කරන්නත් බැරි කතාවක් අංකල්. ඒත් ඇයි මේ දේවල් මට කියන්නේ?”

හේතු කීපයක් නිසා. එකක් දිලිනිට නරකක් වෙන්න මම දෙන්නේ නෑ. දිලිනි‍ මගෙත් දුව. අනිත් එක මේ ප්‍රශ්ණය හොඳින් විසඳන්න මට ඕනේ. දිලිනිගේ තාත්තයි මායි ලංකාවෙදි එකට බිස්නස් කලේ... ඒ නිසා මම එයා එක්ක හොඳයි.”

අංකල්, ගිහාන් කොහොමද දිලිනිව පොඩි කාලේ ඉඳලා දන්නේ?”

ගිහාන් කියන්නේ මගේ ඥාති සහෝදරයෙකුගේ පුතා. ගිහානුත් පොඩි කාලේ ඉඳලම වැඩිපුරම හිටියේ අපේ ගෙදර. ඒත් ඌ කවදාවත් දිලිනි වගේ ගුණ යහපත් වුනේ නෑ..... තිනකරම මදාවියෙක් වුනා. ඒත් ඌ පොඩි කාලේ ඉඳලම දිලිනිට ලව් කරන්න ඇති.”

තාමත් මට තේරෙන්නේ නෑ අංකල් මගෙන් බලාපොරොත්තු වෙන දේ.”

මම ඔයා ගැන දැනගත්තේ අහම්බෙන්.... දිලිනි මට ඔයා ගැන ලොකු විස්තරයක් කියලා නෑ. අනිත් එක දිලිනි මාත් එක්ක තියෙන සම්භන්ධය ටිකෙන් ටික අඩු කළා මම නැන්දගෙන් වෙන් වුන නිසා. එයා ඒ නිසා මාත් එක්ක තරහ වුනා කිව්වොත් හරි. මට ඕනේ මෙච්චරයි පුතා. දිලිනි ඉන්න තැන දන්නේ ඔයා කියලා මම දන්නවා. දිලිනි ආපහු නොඑන කාරණාවත් මම දන්නවා. මට ඕනේ දිලිනි හොඳින් ඉන්න සහ මොන දේ වුනත් එයාගේ නම කැත නොවෙන්න. ඒ නිසා ඔයා දිලිනිගේ පරෙස්සම ගැන බලාගන්න. මම ගිහාන් ගැන බලන්නම්. ඌ ඉන්නේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් තත්වෙක නෙවෙයි... ඒත් මම බලන්නම් මොනව හරි කරන්න.”

ඇයි අංකල් හිතන්නේ මම දිලිනි ඉන්න තැන දන්නවා කියලා?”

මම මේ ලෝකේ හැම කෙනෙකුටම වඩා හොඳට දිලිනිව දන්නවා, ඒකයිදිලිනි නෑ කියලා කියනකොටම මම දැනගත්තා ගිහාන් ඔයාව සැක කරන බවත් ඌ මේ වගේ මෝඩ වැඩක් කරන බවත්. ඒ නිසා මම දිලිනි හොයන්න කලින් හිටියේ ගිහාන්ගේ පස්සේ. ඒ නිසයි මම දැනගත්තේ ඔයාව ගිහාන් බය කරලා ගෙනාවා‍ කියලා. ඒ ගමන්ම මම ඇවිල්ලා ඔයාව ගත්තේ ප්‍රශ්ණ ඇති නොවෙන්නයි.”

අංකල් මොකක්ද මට කරන්න කියන්නේ?”

මෙච්චරයි... ඔයා පරෙස්සම් වෙන්න... අනිත් එක මේ ගිහාන් කරපු දේ වැඩිදුර ගෙනියන්න එපා. අර‍ කෙල්ලගේ නම කැත වෙන වැඩ කරන්න එපා. මොනවා වුනත් ඔයාට ගිහාන්ට වඩා මොලේ තියෙනවා.... ඒ නිසා මොලේ කල්පනා කරලා වැඩ කරන්න.”

අපි දෙන්නා කෑම කන අතරේ කතා කළා. අංකල් මගේ විස්තර ඇහුවා. ඒත් මම අම්මා තාත්තා ගැන පොඩ්ඩක් කිව්වා මිසක් වැඩි විස්තරයක් කියන්න ගියේ නෑ. මේ ප්‍රශ්ණෙදි කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ.

අංකල් මම එකක් කියන්නම්... මම අංකල්ව දැක්කේ අදමයි, ඒත් කතා කරන විදිහෙන් හොඳ කෙනෙක් කියලා පේනවා. ඒත් මට සමාවෙන්න අංකල් මේ තියෙන සිටුවේෂන් එක නිසා නොදන්න කිසිම කෙනෙක් මට විශ්වාස කරන්න බෑ.”

මම ඒකට එකඟයි. ඔයා මොලේ තියෙන කොල්ලෙක් නිසා ඔයාටම තීරණය කරන්න පුළුවන්. ඒත් පරිස්සමින්, ගිහාන් කියන්නේ මෝඩයෙක්... මෝඩයෙකුට මෝඩ තීරණයක් ගන්න වැඩි වෙලා යන්නෑ.”

අංකල්, මම ගිහාන්ට බය නෑ. ගිහාන්ට විතරක් නෙවෙයි, කිසිම කෙනෙකුට නිකරුණේ බය වෙන්නේ නෑ. ඒ නිසා මම හරි දේ කරන්න බය වෙන්නෙත් නෑ. ගිහාන් නෙවෙයි අම්ම තාත්ත කිව්වත් දිලිනි එක්ක මගේ තියෙන හිතවත්කම මම නවත්තන්නේ නෑ. දිලිනි මගේ හොඳම යාළුවෙක්. යාළුවෙක් නොවුන වුනත් මනුස්සයෙකුට උදව්වක් ඕනේ වෙලාවට මම කවදාවත් පස්ස ගහල නෑ.”

මම දන්නවා. කාවින්ද මාව නොදන්නවා වුනාම මම ඔයා ගැන සෑහෙන දේවල් දන්නවා. ඔයා හොඳ දරුවෙක්. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. දිලිනි ඔයාට ආදරේ කරනවද නැද්ද කියලනම් මම හරියට දන්නේ නෑ. ඒත් දිලිනිට යාළුවෙක් ඕනේ වෙලා තිබුණ වෙලාවේ ඔයා කරපු උදව් වටිනවා. අනිත් එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා දිලිනි වගේ දරුවෙකුට ගිහාන් වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ. ඒත් මට මේ දේවල් එළිපිට කියන්න බෑ... මට සීමා තියෙනවා.”

අංකල්... හරි දේ කියන්න, කරන්න මට නම් සීමා නෑ....ඒ නිසා මං ගැන වොරි වෙන්න එපා. ගිහාන් ගැන බලාගන්න. ගිහාන්ට පුළුවන් මිනිස්සු දම්මලා මට ගහන්න, මරන්න වුනත් පුළුවන්.... මාත් බය නෑ.... ගිහාන්ට මිනිස්සු ඉන්නවනම් මටත් ඉන්නවා..... ගිහාන්ගේ සල්ලි වලට මිනිස්සු ඉන්නවා වගේ මගේ යාළුකම් වලට මිනිස්සු ඉන්නවා. ඒ නිසා ගිහාන්ට බෑ මාත් එක්ක හැප්පෙන්න... අඩුම තරමේ ඌට බෑ මාත් එක්ක හැ‍ප්පෙන්න හිතන්නවත්.”

හ්ම්.... මට ඔයාට කියන්න තවත් දේවල් නෑ පුතා.... මතක තියාගන්න ඔයාට ඕනේම උදව්වක් තියෙනවා නම් මට කියන්න.... දිලිනිට කියන්න, පුළුවන් නම් මට කතා කරන්න කියලා. එයාගේ පරණ තාත්තට කතා කරන්න කියන්න... එයා නැතුව මට පාළුයි කියන්න.... එයා මගේ දරුවෙක්...”

අංකල් කියාගෙන ගියා.

මට මේ කිසිම දෙයක් තේරුණේ නෑ. හැම දෙයක්ම සිද්ධ වුනේ නොහිතපු වේගෙන්. දැන් බලාගෙන ගියාම දිලිනියි මායි ඇරෙන්න අනිත් හැම එකෙක්ම දන්නවා අපි දෙන්නා ආදරේ කරනවා කියලා.

අපි දෙන්නා කෑම ඉවර වෙලා එළියට ආවා.

කාවින්දව මම ගෙදරටම ගිහින් දාන්නම්.”

නෑ අංකල් යන්න..... මට හම්බවෙන්න යාළුවෙක් ඉන්නවා.”

හොඳයි පුතා... මම කියපු දේ කල්පනා කරන්න. මේ වතාවේ ඔයාව බේරන්න මම හිටියා.... සමහර විට ඊළඟ වතාවේ කවුරුවත් නැති වෙයි. කල්පනාවෙන් වැඩ කරන්න.”

හොඳයි... තෑන්ක්ස් ෆෝ එව්රිතින්ග්...”

අංකල් යන්න ගියා. රෑ දහයත් පහුවෙලා. දැන් ගෙදර යන්න බෑ. මේ වෙච්ච දේවල් නිදහසේ හිතන්න ඕනේ... ගෙදර ගියොත් අම්මගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න වෙනවා.

මම සචිත්‍රට කෝල් එකක් ගත්තා. “හිටපං කාවා... මම විනාඩි විස්සෙන් එනවා.”

හරියටම විනාඩි විස්සකින් සචිත්‍ර ආවා.

කාවා... මොකද වුනේ....? උඹ එයි කියලා අපි බලාගෙන හිටියා. කොහෙද බං අපිටත් කියන්නැතුව ගියේ?”

ඒක මෙහෙම කියන්න බෑ බං... යමං අපේ ගෙදර... උඹ අද මාත් එක්ක ඉමු.”

මම සචියවත් ඇදගෙන අපේ ගෙදර ආවා... සචියවත් එක්ක ආව නිසා අම්මගේ ප්‍රශ්ණ පත්තරේ ආවේ නෑ...
අපි දෙන්නා දීප නැන්දට කියලා මෙලන් ජූස් දෙකකුත් හදාගෙන උඩ තට්ටුවේ බැල්කනි එකට ආවා. ගඟ පැත්තෙන් එන පිනි පොද නිසා සීතලයි. මොන කෙහෙල්මලකට මේ සීතල මෙලන් ජූස් හැදුවද මන්දා.

සචියා... මට උඹට කියන්න දෙයක් තියෙනවා...”

ඒ මොකක්ද?”

මම හවස ආවේ නැත්තේ ඇයි කියලා උඹ ඇහුවනේ...?”

ඔව්.”

මම ආවා.... ඒත් මගදි ගිහාන්ගේ සෙට් එකක් ඇවිල්ලා මට පිස්තෝලයක් පෙන්නලා වාහනේක දාගෙන අරන් ගියා...”

මොකක්.... යකෝ උඹ බොරු නේද කියන්නේ....? එහෙනම් උඹ මේ ඉන්නේ කොහොමද?”

හිටපං කෝ කියන්න... ඌ මාව අරන් ගලහ පැත්තේ ගෙදරකට අරන් ගියා. ඊට පස්සේ මගෙන් ඇහුවා දිලිනි කෝ කියලා..”

නෑ... උඹට ගැහුවද?”

නෑ... අතක්වත් තිබ්බේ නෑ....”

ඒක හොඳයි නැත්නම් අද මොනවයින් මොනවා වෙයිද දන්නෑ....”

ඔව් බං.... ඒ වුනාට කේස් එක අපි හිතනවාට බරපතලයි...”

මොන කේස් එකද?”

අපි හිතන් හිටියනේ ගිහානයා දිලිනි පස්සේ යන්නේ සල්ලි නිසා කියලා....”

ඔව්.......”

ඒක වැරදියි බං. සල්ලිත් එක හේතුවක් වෙන්න ඇති.. ඒත් ලොකුම හේතුව වෙන එකක්.”

මොකක්ද?”

ගිහානයා සිරාවටම ඒකිට ලව්... උන් දෙන්නා දන්නේ පොඩි කාලෙ ඉඳලලු. ගිහානයා පොඩි කාලෙත් ඒකි දිහා බැලුවට සත පහකට ගණන් ගත්තේ නෑලූ. ඒ වුනාට ඒ පිස්සා දිලිනිට ෆුල් ලව්....”

නෑ..... ඒ කියන්නේ දිලිනි ඌව රිජකේට් කළාම ඌට මලම පනින්න ඇති.”

හොඳම සීන් එක ‍ඒක  නෙවෙයි බං... මාව උස්සලා ඌ මට ගැහුවේ නෑ... ඌ මගේ ඉස්සරහ දිලිනිව හිඟා කනවා. ඌට මං ගැන ඉරිසියයිලු. ඌට නැති මට තියෙන දේ මොකක්ද අහනවා දිලිනි ඔය තරම් මට කැමති වෙන්න...”

ඌ ඇඬුවද...?”

සිරා බං... ඇඬුවා වගේ තමා.... මාව උස්සලා උගේ දුක මට කියනවා. පුදුම කිඩ්නැප් කිරිල්ලක් ඒක.”

උඹ ආවේ කොහොමද එතකොට?”

ගිහාන්ගේ මාමා කියල පොරක් ආවා...” එතන ඉඳන් විස්තරේ මම සම්පූර්ණයෙන්ම සචියට කිව්වා.

කාවා උඹට මෑන් විශ්වාසද?”

නෑ.... දිලිනිගෙන් අහන්න ඕනේ...

18 comments:

  1. අද දවසට ඉවරයි... මොකද හිතන්නේ කට්ටිය.
    තව උදව්වක් ඉල්ලන්නත් තියෙනවා. මේ පේජ් එක අදුරන කට්ටියට ඩිරෙක්ට් කරන්න. තව අයට කියවන්න දෙන්න. කරුණාකරලා.

    ReplyDelete
  2. Replies
    1. මට මාමාව විස්වාස නැහැ.
      දිලිනිගේ හිතුවක්කාරකම ජානමය වෙන්නත් පුළුවන්! හි හි හි

      Delete
  3. මාමා මටත් විශ්වාස නැත.

    ReplyDelete
  4. Mama nam mokada danne.blog eka dawsakata deka thunak demma nam hondai nee?

    ReplyDelete
  5. Adata maasa dekai.bro...
    G
    O
    O
    D
    J
    O
    B

    .
    .
    I
    L
    I
    K
    E
    T
    H
    I
    S
    .
    .
    .

    ReplyDelete
  6. Onna man udauwath kala friends 10kata share kara poddak balamuko.
    Un meka kiyawaida kiyala.

    ReplyDelete
  7. Onna man udauwath kala friends 10kata share kara poddak balamuko.
    Un meka kiyawaida kiyala.

    ReplyDelete
  8. Onna man udauwath kala friends 10kata share kara poddak balamuko.
    Un meka kiyawaida kiyala.

    ReplyDelete